uz
Feedback
Learn Bits

Learn Bits

Kanalga Telegram’da o‘tish

Psychology 🧘‍♂ | Relationship 👩‍❤️‍👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo

Ko'proq ko'rsatish
1 305
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-97 kun
-4230 kun
Postlar arxiv
"වෙනත් කාගෙ හෝ සතුටක් , ඔබේද සතුටක් වේ නම් , එය ආදරයයි.." - Lana Del Rey #Saying ♡ @LearnBits

ඔයා සතුටින් ඉන්න තරමට , එදිනෙදා ජීවිතය පවත්වාගන්න ඔයාට නිදාගන්න වෙන වෙලාව අඩු වෙනවා. දුක දොම්නස සහ පීඩාකාරී අවස්ථාවලදී , වැඩිපුර නිදාගන්න , අපේ ශරීරයෙන්ම අපිට බලකරනවා. #Knowledge ♡ @LearnBits

ලෝකයේ මිනිසුන් 80%ක්ම පමණ තමන්ගේ හැඟීම් , දුක හිරකරන් ඉන්නවා. ඒ අනිත් අයට තමන්ගේ දුක සහ හැඟීම් තේරුම්ගන්න බැරිවෙයි කියන සැකය නිසා. #Psycho_Facts ♡ @LearnBits

කාමරයේ මුල්ලක විසි කොට තිබූ කොළ කැබැල්ලක මෙසේ සඳහන් විය. මට අවශ්‍යයි , මගෙ වගේම බිඳුණු හදවතක් තියෙන කෙනෙක්ව. එතකොට මට පුලුවන් ඒ කෙනත් එක්ක එකතු වෙලා අපේ හදවත් සම්පූර්ණ කරගන්න. ඒක ගොඩක් ලස්සන දෙයක් වේවි...! #Morning_Thoughts ♡ @LearnBits

මෙහි කොටුවක , රවුමක සහ ත්‍රිකෝණයක අගය සොයන්න. #Fun ♡ @LearnBits
මෙහි කොටුවක , රවුමක සහ ත්‍රිකෝණයක අගය සොයන්න. #Fun ♡ @LearnBits

Event එක ඉවරයි එහෙනං.🌚. හෙට ඉඳන් සුපුරුදු විදිහට චැනල් එක කරන් යමු. වෙනස් අත්දැකීමක් ලැබුවා කියල හිතනවා. තාක්ෂණික දෝශ නිසා ය
Event එක ඉවරයි එහෙනං.🌚. හෙට ඉඳන් සුපුරුදු විදිහට චැනල් එක කරන් යමු. වෙනස් අත්දැකීමක් ලැබුවා කියල හිතනවා. තාක්ෂණික දෝශ නිසා යම් යම් අඩුපාඩු උනා.🥲👏. සමස්ථයක් හැටියට ප්‍රශ්නයක් උනේ නෑ කියල හිතනවා. Photo Template #Sharingan2022 ♡ @LearnBits

පොඩි සෙල්ලමක් කරන්න දෙන්නත් එක්ක එකතු වෙලා. මේ ප්‍රශ්න එකිනෙකාගෙන් අහන්න. - ඔයා මොනාද මගෙන් බලාපොරොත්තු වෙන්නෙ? - ඔයාට මාව විශ්වාසද? - Sex ගැන ඔයා හිතන්නෙ මොකක්ද? - ඔයාට මාව විශ්වාස නං ඔයාගෙ රහසක් මට කියන්න. - ඔයා ආස මොනවටද? - ඔයාට ඕනෙ මම කොහොම කෙනෙක් වෙනව බලන්නද? - ඔයාගේ අනාගත බලාපොරොත්තු මොනවද? - ඇයි ඔයා මට ආදරේ කරන්නෙ? - ඔයා මට කොච්චරක් ආදරෙයිද? මේ වගේ සරල දේවල් වලින් පටන් ගන්න. එයාගෙ උත්තර විග්‍රහ කරන්න. ඔයා හැබෑම දක්ශයෙක් නං ඔයාලගෙ සම්බන්ධතාවයේ තවත් අගුලක් ඇරගන්න පුලුවන් වෙයි මේ වැඩෙන්😉. උදාහරණයක් විදිහට :- - මම ඔයාව තුරුල් කරගන්නවට ඔයා ආසයිද වගේ , වෙනස්ම පැත්තකට මාතෘකාව අරන් යන්නත් පුලුවන් වෙයි හරියට මේ සෙල්ලම මැනේජ් කරගත්තොත්. #Relationship_Tip ♡ @LearnBits

සම්බන්ධයක් විනාශ කරන දේවල් - හැමදේකම නිවැරදි බව සෙවීම. - වචනයෙන් නොපවසා අනෙකා ගැන බලාපොරොත්තු ඇති කරගැනීම. - දුර්වල පාලනය - ආරාධනා නොකර අණ කිරීම - විශ්වාසය කඩ කිරීම #Relationship_Tips ♡ @LearnBits

ස්පර්ශයන් කොච්චර බලවත්ද? ලිංගිකව එකතු වීමකදී , පටන් ගත්ත ගමන් මාතෘකාවට බැහැල යන්ත්‍රයක් වගේ හැසිරෙන එකට වඩා , මුලින් සියුම් ස්පර්ශයන් මගින් එකිනෙකා සමග කායිකව සම්බන්ධ වීම ගොඩක් ප්‍රතිඵලදායකයි. ඒකට හේතුව තමයි මේ සියුම් කායික ස්පර්ශයන් නිසා අපේ මොළයෙන් සෙරටොනින් නිපදවනවා. මේ හෝමෝනය අපිට සැහැල්ලුවක් සහ ප්‍රීතිමත් බවක් ලබාදෙනවා. දෙදෙනාම ආතතියකින් ඉන්න අවස්ථාවකදි සුදුසුම දේ තමයි ගැඹුරු ලිංගික එකවීමට නොයා මෙවැනි සුලු ස්පර්ශයන් ඇති කරගන්න එක. ඒක ගතට වගේම මනසටත් සහනයක් ගෙන දෙනවා. #Relationship_Tips ♡ @LearnBits

දෙදෙනෙක් අතර සම්බන්ධයකදී ගොඩක් වැදගත් වෙන දෙයක් තමයි ලිංගිකත්වය කියන්නෙ. ඉතින් මේ ලිංගික එක්වීමකදි ශරීරයේ සිදු වෙන වෙනස්කම් මොනාද? - රුධිර වාහීනි සක්‍රීය වී ලිංගික අවයවයන් වලට රුධිර සැපයුම වැඩි කරයි. - ඔක්සිටොසින් , එන්ඩොෆින් සහ ප්‍රොලැක්ටීන් යන හෝමෝන වර්ග තුන රුධිරයට එකතු වෙනවා. - සමස්ථයක් ලෙස දේහ උෂ්ණත්ව මදක් වැඩි වෙනවා. - ලිංගික අවයවයන් , උද්දීපනයට ලක් වෙනවා. පුරුශයෙක් නං ශිෂ්ණය ප්‍රාණවත් වෙනවා. කාන්තාවක් නං තනපුඩු දෘඩ වීම සිදුවෙනවා. මේ වගේ කායික වෙනස්කම් කීපයක්ම ලිංගිකත්ව හා සම්බන්ධව , අපේ ශරීරයේ සිදු වෙනවා. #Relationship_Tips ♡ @LearnBits

ශක්තිමත් සම්බන්ධයකදී , ඔබ කිසිවක් අනෙකාගෙන් ඉල්ලාසිටින්න අවශ්‍ය නැ. ශක්තිමත් සම්බන්ධයකදී, ~ ඔබ අනෙකාගෙන් ආදරය ඉල්ලා සිටින්න ඕන්නෑ. ඔබට සැලකිල්ල දක්වන්න යැයි කන්නලව් කල යුතු නෑ. ශක්තිමත් සම්බන්ධයකදී , දෙදෙනාම එකිනෙකාට අවශ්‍ය කරන දේවල් අදාල වෙලාවට ලබා දෙනවා. ~ ඔබට මැසේජ් එකක් දාන්න , බෙහෙත් ගන්න කියන්න හෝ ඔබේ දවස ගැන විමසන්න කියා හෝ කීමට අවශ්‍ය නෑ. ඔහු/ඇය නිරන්තරයෙන් ඒ ගැන විමසනවා. ඔබ ඉල්ලා සිටියත් නැතත්. ~ ඔහු/ඇය ඔබට ඇත්තටම ආදරය කරනව නං , ඔබේ හැඟීම් ඔහුට/ඇයට තේරුම් ගන්න පුලුවන්. ඔබ විසින් ඒවා පහදා දිය යුතු නෑ. #Relationship_Tips ♡ @LearnBits

එයාට බොරු කිය කිය සම්බන්ධය තවත් දුරදිග අරන් යන්නැතුව , ඔයාට තවදුරටත් සම්බන්ධය පවත්වාගන්න බැරි නං , ඒ බව එයාට කෙලින්ම කියන්න. දුර දිග අරන් යන තරමට , ඔයාටමයි ඒකෙන් හානියක් වෙන්නේ. සම්බන්ධය නවත්තන්න , ඔයාට මොකක් හරි හේතුවක් තියෙනව නං ඒ බවත් එයාට කියන්න. දෙන්නම කතා වෙලා සම්බන්ධය ගැන තීරණයක් ගන්න. නැත්තං ඔයා , එයාටත් කරන්නෙ ලොකු වැරැද්දක්. #Relationship_Tips ♡ @LearnBits

ඇය ඔයාගෙන් බලාපොරොත්තු වෙන සුලු නමුත් , ඇයට අසීමිත සතුටක් ලබා දෙන දේවල්. - good Morning , good Night ආදී මැසේජ්. - ඇයව වැළඳගැනීම (පිටුපසින්). - දිගු සහ ගැඹුරු කතාබස්. - ඔබත් සමග එක්වී පින්තූර ගැනීම. - ඔබ විසින් කරන කුඩා පුදුමකිරීම් - ඇයට ආදරේ කරන්න හේතු පැවසීම. - ඇයව ඔයාගෙ ජීවිතේ මූලික කොට සැලකීම. #Relationship_Tips ♡ @LearnBits

ශක්තිමත් සහ සැබෑ ආදර සබඳතාවක නම් එකිනෙකා, - හොඳම යහලුවන් මෙන් කතාබහ කරති. - ළමයින් මෙන් සෙල්ලම් කරති. - ස්වාමියා සහ බිරිඳ මෙන් තර්ක කරති. - සහෝදර සහෝදරියන් මෙන් එකිනෙකා ආරක්ශා කරගනිති. #Relationship_Tips ♡ @LearnBits

පිරිමියෙකුගේ සාර්ථකත්වයේ රහස කාන්තාවයි. ඒ රහස් මොනවද? 1. දිරිගන්වන කතාබහ ඕනෙම පිරිමියෙක් කැමතී තමන් ආදරය කරන ස්ත්‍රියකගෙන් දිරි ගන්වන සහ තමන්ව උසස් කොට සලකන කතාබහකට. පිරිමියෙක්ට තමන්ගෙ මානසික මට්ටම වැඩිදියුණු කරගන්න ඒ ආකාරයේ කතා බහක් ගොඩක් උපකාර වෙනව. 2. පුරුශයාගේ කාර්යක්ෂමතාව වැඩි කිරීම. පුරුශයෙක්ට විවේක ගැනීමට සහ සන්සුන් වාතාවරණයක් තියෙනව නං ඔහුගේ තර්කන හැකියාව , මතකය සහ මානසික ක්‍රියාකාරීත්වය වැඩි වෙලා කාර්යක්ෂමතාව වැඩි වෙනවා. කාන්තාව විසින් ඒකට ඉඩ සැලසිය යුතුයි. 3. සාධාරණත්වය ගැහැණිය විසින් සෑම විටම පුරුශයාගෙ මතයට එරෙහි වෙන්න ගියොත් ඒක දෙපාර්ශ්වයටම ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. එහෙම නැතුව ගැහැණිය , පුරුශයාගේ අදහස් වලට එකඟ උනොත් , පුරුශයාත් දෙදෙනාටම සාධාරණ අදහස් දරන්න පුරුදු වෙනවා. ඒ පුරුද්ද සමාජය ඉස්සරහට අරන් යන්නත් ඔහු වැඩි කල් ගන්නෙ නෑ. 4.  අවශ්‍යතාවන් පිළිගැනීම. ගැහැණිය විසින් පුරුශයාගේ අවශ්‍යතාවන් විකාරයක් ලෙස සලකල ජීවත් වෙනව නං එතන දරුණු පවුල් ආරවුලක් ඇති වෙන්න පුලුවන්. ඒක පුරුශයාගේ සමාජීය ප්‍රතිරූපයටත් හානියක්. නමුත් ගැහැනිය විසින් , පුරුශයාගේ අවශ්‍යතා වලටත් ගරු කරල ඒවට ඉඩ පහසුකම් සැලසීම තුළින් පුරුශයාට අධ්‍යාත්මිකව සුවයක් ගෙන දෙනවා. 5. ඉවසීම ස්ත්‍රීයක් විසින් පුරුශයාගේ අඩුපාඩු ආදිය ඉවසීමෙන් හසුරවනව නං ඒක ඒ පුරුශයාට ලොකු රුකුලක් වෙනවා ඇයගේ අඩුපාඩුත් ඉවසන්න. #Relationship_Tips ♡ @LearnBits

සම්බන්ධකදී දැනුවත්ව ඉන්න ඕනෙ දෙයක් තමයි පීඩාකාරී අවස්ථාවන් වල ගැහැණියත් පුරුශයාත් හැසිරෙන ආකාරය. පොදු හැසිරීම් වලින් ඔබ්බට එනකොට , අපිට හමුවෙනවා ලිංගික හැසිරීම්. ගැහැණියකගේ සහ පුරුශයෙකුගේ , ආතතියක් සහිත අවස්ථාවක ලිංගික හැසිරීම් මොන වගේද? ආතතියක් යටතේදී පිරිමින් වැඩිපුරම හිතන්නේ ලිංගිකත්වය ගැනයි. සාමාන්‍යෙන් කොහොමත් පිරිමින් , ගැහැණුන්ට වඩා 45% ගුණයක් විතර ලිංගිකත්වය ගැන හිතනවා. කොච්චර පීඩාකාරි අවස්ථාවක උනත් පිරිමින් සිතන්නේ ලිංගිකත්වය ගැනයි. හැබැයි ගැහැණුන්ගේ හැසිරීම ඊට හාත්පසින්ම වෙනස්. ආතති සහගත අවස්ථාවලදී ගැහැණුන් තමන්ගේ මුලු අවධානය යොමු කරන්නෙ ප්‍රශ්නය නිරාකරණය කරන්න විතරයි. වෙන කිසිම දෙයක් නිසා අවධානය බිඳහෙලන්නෙ නෑ. ඉතින් තමන්ගේ සහකරුවා හෝ සහකාරිය සමඟ අවශ්‍ය දේවල් , අවශ්‍ය වෙලාවට කරන්න මේ දැනුම මතකයේ තියාගන්න. ආතතියකින් ඉන්න ගැහැණියකට අවශ්‍ය දේ මොනාද? පිරිමියෙකුට අවශ්‍ය දේ මොකක්ද කියන එක ගැන සැලකිල්ලක් දක්වන්න. #Relationship_Tips ♡ @LearnBits

ඔහු ඔයාට කැමතිදැයි හෝ ඔයා ගැන හොයනවද කියල හඳුනාගන්නා ක්‍රම කීපයක් - ඔහු නිරන්තරයෙන්ම ඔබ දිහා බලනවා. මුහුණට මුහුණ බැලීමට ලැජ්ජාවක් පෙන්නනවා. - ඔහුගේ යහළුවන් ඔබ ගැන විමසිලිමත් වෙනවා. ඔබට විහිළු කරනවා. ඔහුත් සමග ජෝඩු කරනවා. ඔහු ඔයාට කැමතී කියල ඉඟි පළ කරනවා. - ඔහු ඔයා නිසා ඔහුගේ ජීවන රටාව වෙනස් කරනවා. උදාහරණයක් විදිහට , ඔහුත් ඔබ යන පංති වලටම එන්න පටන් ගන්නවා. පිරිමින් සාමාන්‍යෙන් හැඟීම් හංගනවා අඩුයි. ඒ නිසා හොයාගන්න හරි ලේසි. #Relationship_Tips ♡ @LearnBits

ඔබේ පෙම්වතාට ඔබ පිළිබඳව ප්‍රබෝධමත් හැඟීම් ඇති කරවන්න මේ දේවල් කරන්න. - ඔහුට නිතරම උපදෙස් දෙන්න එපා. ඒ වෙනුවට ඔබ ඔහුගෙන් උපදෙස් ලබාගන්න උත්සාහ කරන්න. සෑම විටම නෙවේ. අවශ්‍ය වෙලාවලට පමණක්. - "සියල්ලම මම තනිවම කරමි" යන ආකල්පයෙන් මිදෙන්න. ඔහුගෙන් උදව් ඉල්ලන්න. එමගින් ඔහුව ඔබට අවශ්‍යයි යන හැඟීම ඔහුගේ හිතේ ඇති කරවනවා. - "ස්තූතියි" කියන්න. කෘතවේදීත්වය කියන්නෙ පිරිමින් ගොඩක් අගය කරන දෙයක්. ඒක ඔයා තුළිනුත් දකින්න සලස්වන්න. #Relationship_Tips ♡ @LearnBits

3. ඔහුට අවශ්‍යයි ඔහුගේ "දෙවනි සැලසුම" විදිහට ඔයාව ළඟින් තියාගන්න. හිතන්න. සම්බන්ධය නැවැත්තුවේ ඔයාගෙ උවමනාවට නෙවෙයි. ඔහුගේ උවමනාවට. ඒත් ඔහු දිගටම ඔයා එක්ක කතාබහ කරල ළඟින් ඉන්න හදනවා. ඒ ගොඩනගාගන්න හදන සම්බන්ධය නං ඔයාට අහිතකරයි. මොකද ඔහු හදන්නේ , Back up plan එකක් විදිහට ඔයාව තියාගන්න වෙන්න පුලුවන්. 4. ඔහුට අවශ්‍යයි තවදුරටත් ඔයා , ඔහුගේ ජීවිතේ කොටසක් කරගන්න. සම්බන්ධය නැවැත්තුවෙ ඔය දෙන්නගෙ නොගැලපීම් නිසා උනත් , ඔහු ඔයාට හදවතින්ම ආදරය කලා නං , ඔහුට අවශ්‍ය ඇති තවරදුරටත් ඔයාව එයගේ ජීවිතේ කොටසක් කරගන්න. ඔහුට අවශ්‍ය ඇති ඔයාව තවදුරටත් , ඔහුගේ "කවුරුහරි" කියල හිතන්න. ඉතින් මේ වගේ දේවල් නිසා ඔයාගෙ හැරගිය පෙම්වතා ඔයා එක්ක දිගටම යාලුවො වගේ ඉන්න හදනව ඇති. මේකත් මතක තියාගන්න. විනාශ උන දේ විනාශ වෙලා ඉවරයි. කැඩුනු පාලමකින් කාටවත් එතෙර වෙන්න බෑ. පොඩි පාලම් කෑල්ලක් තිබ්බ කියල මෝඩ වෙලා එතෙර වෙන්න යන්නත් එපා. අවදානමින් තොර තීරණ ගන්න මේ වගේ වෙලාවලට. හැඟීම් වලට වහල් නොවී බුද්ධියෙන් හිතන්න. #Relationship_Tips ♡ @LearnBits 12

ඔබේ හැරගිය පෙම්වතා තාමත් ඔයා එක්ක යාලුවෙක් වගේ ඉන්න හදනවනං , ඒකට හේතුව? (2 parts explanation) 1. ඔහු තාමත් ඔයා ගැන වදවෙනවා. ඇත්තටම ඒක හෙන ආත්මාර්ථකාමී අදහසක් වගේ දැනේවි. දාල ගියාට පස්සෙ මොනා ගැන වදවෙනවද කියල හිතෙයි. ඒත් ඇත්තටම ඔයාල දෙන්නගෙ සම්බන්ධය දෙදෙනාටම විනාශයක් ලං කරනව නං හෝ , දෙදෙනාටම අවාසියක් නම් හෝ , ඒ සම්බන්ධය නිසා නිස්කාරනේ දුක් විඳීමෙන් ඵලක් නැත්තං නං ඔහු වෙන්වුනේ , ඔහුට අයිතියක් තියෙනවා ඔයා ගැන හොයල බලන්න. මොකද ඔහු විශ්වාස කරනවා , ආදර සම්බන්ධයකට තරම් උසස් නොවුනත් හොඳ මිත්‍රත්වයක් ගොඩනගා ගැනීම තුළින් දිගටම ඔයා එක්ක සම්බන්ධතාවක් තියාගන්න පුලුවන් කියල. 2. ඔහුට අවශ්‍යයි ඔයාල දෙන්නගෙ වෙන්වීමේ දුක තුනී කරගන්න. වෙන්වීම කියන්නෙම දුකක්. හැබැයි වෙන් වෙන්නේ සදාකාලිකවම නං ඒ දුක තවත් වැඩී. සම්බන්ධයක් නවත්තනව කියන්නෙ දෙදෙනාටම ආදරය කරන එක නවත්තන එකට නෙවේනෙ. ඉතින් ඔහුට උවමනායි , වෙන්වීමේ දුක තුනී කරගන්න , තවදුරටත් ඔයා එක්ක ඉන්න. තාවකාලිකව වෙන් වීම , සදාකාලික වෙන් වීම තරම් දුකක් ගෙනදෙන්නෙ නෑ. 12