Learn Bits
Kanalga Telegram’da o‘tish
Psychology 🧘♂ | Relationship 👩❤️👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo
Ko'proq ko'rsatish1 305
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-97 kun
-4230 kun
Postlar arxiv
1 305
ඔයාගෙ පූසා ඔයාගෙ ඇස් දෙක දිහා බලාගෙන , හෙමීට ඇස්පිල්ලම් ගහනවනං , ඒ එයා ඔයාට ගොඩක් ආදරෙයි කියල අඟවන්න හදන නිසා.
හැබැයි ගොඩක් ගෙවල් වල පූසො කාටවත් ආදරේ කරන්නෑ.... එයාල ඉන්නෙ අපෙන් වැඩ ගන්න විතරයි🥲
#Facts ♡ @LearnBits
1 305
Direct Question from subscriber
මම තනියම ඉන්න වෙලාවටත් තමන් කරන වැඩක් දිහා , හොඳින් දන්න කෙනෙක් හෝ පිරිසක් බලන් ඉන්නවා කියල හිතෙන්නෙ ඇයි?
#Article #LearnBitsQ_A
1 305
"ඔයාට මල් ගෙනත් දෙන අයත් එක්ක ජීවිතේ බෙදාගන්න එපා.
ඔයා එක්ක මල් වත්තක් වවන්න එන කෙනත් එක්ක ජීවිතේ බෙදාගන්න."
- Shazz
#Saying ♡ @LearnBits
1 305
🔸 ඔයාට බෑ , මිනිස්සු ඔයාට සලකන විදිහ සහ මිනිස්සු ඔයාට කියන දේවල් වෙනස් කරන්න. ඔයාට පුලුවන් ඒවට ප්‍රතිචාර දක්වන විදිහ වෙනස් කරන්න විතරයි.
🔸 ස්වයං රැකවරණයක් ලබාගන්න හොඳම විදිහක් තමයි පොත්පත් පරිශීලනය , භාවනාව සහ ව්‍යායාම කිරීම.
🔸 ඔයාව වැරදියට තේරුම් අරන් ඔයා එක්ක වාද කරන්න එන මිනිස්සු එක්ක , පෙරලා වාද නොකිරීම බුද්ධිමත් හැසිරීම් රටාවක්.
🔸 ශෝකාන්ත අවස්ථා වලට මුහුණ දීම තුළින් අපිට බුද්ධිමත්ව හිතන්න තියෙන හැකියාව වැඩි වෙනවා. සහ අපි වඩා හොඳින් හිතන්න පුරුදු වෙනවා.
🔸 සමහර මිනිසුන් වයසට ගියාට පසු , ඔවුන්ගේ තරුණ කාලයේ තිබූ අලසකමට වෛර කරනවා.
🔸 ඔයාට කවදාවත් සාර්ථක වෙන්න හම්බෙන්නෑ , ඒ සාර්ථකත්වයට ඔයා සුදුසුයි කියල ඔයාම පිළිගන්නකං.
#Psycho_Facts ♡ @LearnBits
1 305
⛲️ ජීවිතේ සංසුන් වෙච්ච හැම මොහොතකම , කුණාටුවක් පසු කරන් ආපු ගමනක් තියෙනවා.
⛲️ සූර්යාලෝකය පොළවට වැටෙන්න කලින් , අඳුර විසින් පොළව වසාගෙන සිටිනවා.
⛲️ නිශ්ශබ්දතාවකට කලින් , හැමතිස්සෙම ලොකු කැළඹීමක් පවතිනවා.
⛲️ විශිෂ්ඨ ජයග්‍රහණයන් ලබාගන්න , කරපු ලොකු කැපකිරීම් තියෙනවා.
⛲️ පිළිතුරක් ලැබෙන්න කලින් , සෑම විටම ප්‍රශ්නයක් මතුවෙනවා.
⛲️ සතුටකට කලින් , වේදනාවක් විදින්න වෙනවා.
සෑම සාර්ථකත්වයකටම , ඊට අනන්‍ය වූ කටුක දුශ්කර මාර්ගයක් තියෙනවා. විවිධ අයට ලැබෙන්නෙ විවිධ මාර්ගයන්. ඕනෙම කෙනෙකුට මේ මාර්ගයන් වලට අවතීර්ණ වෙන්න පුලුවන්.
ඒත් බලාපොරොත්තු ඇතිව ඉවසිලිවන්තව , ඒ මාර්ගයේ නොනැවතී ගමන් කරන්නා පමණක් සාර්ථකත්වය සොයා ගන්නවා.
#Life_Tips ♡ @LearnBits
1 305
තමන්ගෙ වටිනාකම දන්න මිනිස්සු කවදාවත් වෙන මිනිස්සු පස්සෙ ගිහින් අයැදින්නෑ. වෙනත් අයට තමන්ගෙ ජීවිතය තුළ රැඳෙන්න කියල ඉල්ලා සිටින්නෑ.
එහෙම මිනිස්සු තමන්ගෙ වටිනාකම ලෝකෙට ඔප්පු කරන්න උත්සාහ කරන්නෑ. මිනිසුන් ඔවුන්ව ගනන් ගන්නැති වෙලාවට , ඔවුන් ඒ ගැන සැලකිල්ලක් දක්වන්නෙත් නෑ.
ඔයත් ඔයාගෙ වටිනාකම දැනගෙන ජීවත් වෙන්න...
ඔයාගෙ වටිනාකම දැනගන්නව කියන්නෙ , "ඔයාව වෙන අයට කොච්චර වටිනවද කියන එක දැනගන්නවට" නෙවෙයි.
ඔයාට ලැබෙන්න සුදුසු දේ දැනගන්න එකටයි.
#Life_Tips ♡ @LearnBits
1 305
ZD8 - Charitha Attalage,Kasun Edirisinghe
මෑත කාලීනව පෞද්ගලිකව මම අහපු හිතට තට්ටු කරන සිංදු ලිස්ට් එකේ උඩින්ම තියෙන සිංදුවක්. පුලුවන් නං You Tube , Spotify වගේ platform එකක අහල බලල ගායකයට Support එකක් දෙන්න.
Download කරගන්න අය මේ Original music file එක ඩවුන්ලෝඩ් කරගන්න.
- 320Kbps
- Synced Lyrics
Music File by :- Pirate Music
1 305
විසිඑක් වන සියවසට සාදරයෙන් පිළිගන්නවා...
විසිඑක්වන සියවසේ,
🔹 ලිංගිකත්වය නොමිලේ සැපයෙන අතර ආදරය ඉතාමත් මිළ අධිකයි.
🔹 කන්‍යාභාවය නැති වෙනවට වඩා , තමන්ගේ ෆෝන් එක නැතිවෙන එක වේදනාකාරියි.
🔹 ඔයාගෙ සහකරුවට බොරු කරලා රවට්ටන්නැත්තං ඔයා මෝඩයෙක්. ඔයා cool පොරක් නෙවෙයි.
🔹 Washroom එක පොටෝ ස්ටූඩියෝ එකක් විතරයි.
🔹 ඇපල් ෆෝන් එකක් ගන්න එක , උපාධියක් ගන්න එකට වඩා වටින දෙයක්.
🔹 පුරුෂයන් විවාහයට අකමැතිකමක් සහ බයක් දක්වන නමුත් ලිංගික ඇසුරකට ඉතාමත් ප්‍රිය කරනවා.
🔹 මිනිසුන් යහපත්කම සුරකිනවා වෙනුවට , තමන්ගෙ ධනය බලය නාමය සුරකින්න වෙහෙසෙනවා.
#Morning_Thoughts ♡ @LearnBits
1 305
තනිකම සහ තනිව සිටීම කියන්නෙ සම්පූර්ණෙන්ම වෙනස් දේවල් දෙකක්.
ජීවිතේ සමහර සටන් වලට ඔයාට "තනිවම" මුහුණ දෙන්න වෙනවා. හැබැයි ඒ වෙලාවට "තනිකම" කියල දෙයක් නෑ.
ඔයා ගැන ඇත්තටම වද වෙන , ඔයා ගැන සැලකිල්ලක් දක්වන සහ ඔයාට ආදරය කරන අය , ඒ හැම සටනකටම , ඔයාත් එක්ක ඉන්නවා.
ඒ වගේම ජීවිතේ සමහර සටන් වලට ඔයාට "තනිකම" ත් එක්ක මුහුණ දෙන්න වෙයි.
හැබැයි එදාට ඔයාට තනියමයි ඒ සටන් වලට මුහුණ දෙන්න වෙන්නෙ.
#Life_Tips ♡@LearnBits
1 305
❇බඩජාරියන් සදහා වෙන් වූ එකම නවාතැන "වාඩිය"🌯🍱🍩🍭🍬
🥙කෑම recipe
🍎රසම රස කැමවල photos
🍇කෑම හදන Videos
🍬කෑම වලට අදාල memes
🩺දේශීය බෙහෙත් වර්ග
යන මේ හැමදේම Channel එකේ දානවා....
🍩🍩ඔයත් දැන්ම join වෙලා බලන්න🍩🍩
#6k_Subscribers
1 305
8. කාන්තා සහ පුරුශ සුරාන්තයේ සිදුවීම් පැහැදිලිව දැනගමු.
අපි මේ සිද්ධිය විස්තර කරන්නෙ මාස්ටර් සහ ජොන්සන් , සිව් අදියර ආකෘතියට අනුවයි.
කාන්තාවන්ට,
1. උද්වේගය
මේක සුරාන්තයේ ආරම්භක අදියර. ශාරීරික සහ මානසිකව ස්ත්‍රී උත්තේජන නිසා ලිංගික ඉන්ද්‍රියන් වල රුධිර වාහිණී ප්‍රසාරණය වෙනවා. ඔය කාන්තාවන් ලිංගිකව උත්තේජනය උනාම පියයුරු එහෙම විශාල වෙනව කියන්නෙ. ඒ මේ නිසා. ඒ වගේම යෝනි මාර්ගයේ බිත්ති වලට එන රුධිර සැපයුම වැඩි වෙලා , යෝනි මාර්ගයේ බිත්තිත් මදක් ඝනකම් වෙනවා.
ඒ වගේම මේ අවස්ථාවෙදි , ශරීරයේ රුධිර පීඩනය ඉහළ යනවා. ඒ නිසා බෙල්ල සහ පපුව පොඩ්ඩක් රතුපාටට හැරෙන්න පුලුවන්.
2. සානුව / ආසන්න අවස්ථාව
මේ අවස්ථාවෙදි ක්ලිටෝරිස් / ක්ලිට් එක පොඩ්ඩක් ඇතුළට වෙනවා.
3. සුරාන්තය
ගර්භාෂය සහ යෝනි විවරය ඇතුළුව ලිංගික අවයවයන් වල මාංශ පේශි තත්. 0.8ක පමණ පරතර ඇතුව රිද්මයානුකූල හැකිලීම් අත්විඳිනවා.
ගැහැණුන්ට , පුරුශයන්ට වගේ ප්‍රකෘති වෙන්න / සන්සුන් වෙන්න කාල පරාසයක් නෑ. ඒ නිසා ආපහු ආපහු සුරාන්තයට පත් වෙන්න පුලුවන්.
4. සංසුන් වීම
ශරීරය ආපහු උදාසීන තත්වයට එනවා.
පුරුෂයන්ට
1. උද්වේගය
හැමෝම දන්නවනෙ ඉතින් මේ ගැන. සුරාන්තයේ මුල් අදියරයේ , ශිෂ්ණය සෘජු වීම සිදු වෙනවා. ඒක වෙන්නේ , ශිෂ්ණයට තියෙන රුධිර සැපයුම වැඩි වෙන නිසා. ඒ වගේම වෘෂණ කෝශ ශරීරය දෙසට තද වෙලා ඇදිලා යනවා. (පොඩ්ඩක්)
2. සානුව
මේ අවස්ථාවෙදි කලවා , තට්ටම් , ප්‍රදේශ වල මාංශපේශි වල ආතතිය සහ රුධිර පීඩනය ඉහළ යනවා. හෘද ස්පන්දන වේගය ඉහළ යනවා.
3. සුරාන්තය
මේ අවස්ථාවෙ තමයි ශුක්‍ර තරලය , විසර්ජනය වෙන්නෙ.
4. විභේදනය
පුරුශයා දැන් තාවකාලික තත්වයට පත් වෙනවා. සහ නිදිමතක් , විඩාපත් බවක් , එපාවෙන බවක් දැනෙන්න ගන්නවා. ඒ හෝමොනමය බලපෑම් නිසා. ශිෂ්ණය ආපහු ඇකිලී මුල් පරිමාණයට පත් වෙනවා. දේහය සංසුන් වෙනවා.
1 • 2 • 3 • 4 • 5 • 6 • 7 • 8
If you saw any misinformation , kindly send me a msg with proof.
1 305
6. සුරාන්තයේ විවිධ ආකාර මොනාද?
විවිධ ආකාරයේ සුරාන්තයන් තියෙනවා. අපි එකින් එකට බලාගෙන යමු.
1. ක්ලිටෝරල් සුරාන්තය - නමින් කියවෙනව වගේම , මේ සුරාන්තය ඇති වෙන්නේ කාන්තාවන්ගේ ක්ලිටෝරිස්/ක්ලිට් එක උත්තේජනග වීම නිසා. පර්යේෂකයන් හොයාගෙන තියෙනවා කාන්තා සුරාන්තයෙන් 60%ක්ම් මේ වර්ගයට අයත් වෙනව කියල.
2. යෝනි ආශ්‍රිත සුරාන්තය - මේක වෙන්නේ යෝනිය ආශ්‍රිතව ඇති වෙන උත්තේජනයන් නිසා. ඒ වගේම මේක , ක්ලිටෝරල් සුරාන්තය එක්කත් සම්බන්ධයි.
3. මිශ්‍ර සුරාන්තය - මේක සිදු වෙන්නේ යෝනි සහ ක්ලිටෝරල් සුරාන්තයන් දෙකම එකවර ඇති උනාම.
4. ගුද සංසර්ග සුරාන්තය - සමහර කාන්තාවන් ගුධ සංසර්ගයන් අතරතුරදී සුරාන්තයට පත් වෙනවා.
5. G-spot සුරාන්තය - මේක වෙන්නේ G-spot එක උත්තේජනය වීම නිසා.
6. බහුවිධ සුරාන්තය - මේ කියන්නෙ පුද්ගලයෙක් කෙටි කාලසීමාවක් තුළ සුරාන්ත මාලාවක් අත්විඳින්න වෙන එක ගැන. ගොඩක් වෙලාවට කාන්තාවන්ට මේ වර්ගයේ සුරාන්ත අත්විඳින්න ලැබෙනවා.
7. රූප ප්‍රේරිත - ශාරීරික උත්තේජනවලින් තොරව රූපවලට ප්‍රතිචාරයක් විදිහට සුරාන්තයට පත් වීම තමයි මේ කියන්නෙ. ගොඩක් වෙලාවට ස්වයං ප්‍රේරිත රූප නිසා තමා මේ තත්වය ඇති වෙන්නෙ.
8. තනපුඩු සුරාන්තය - තන පුඩු විතරක් උත්තේජනය වීමෙන් , කෙනෙක්ට සුරාන්තයට පත් වෙන්න පුලුවන්.
මේ ලැයිස්තුව සම්පූර්ණ එකක් නෙවෙයි. තවත් සුරාන්තයට පත් විය හැකි ආකාර තියෙන්නෙ පුලුවන්.
1 • 2 • 3 • 4 • 5 • 6 • 7 • 8
1 305
5. සුරාන්තයෙන් ඇති වෙන සෞඛ්‍ය ප්‍රතිලාභ.
සුරාන්තය මගින් මිනිසුන්ට වඩා හොඳ නින්දක් ලබා ගැනීමට මග පාදනවා. 2019 කරපු පරීක්ෂණයකින් හෙලිවෙලා තියෙනව තමන්ගෙ සහකරු සමග ලිංගිකව එක්වීමකදී සුරාන්තයට පත් වීම , ඔවුන්ට වඩා සුවදායී නින්දක් ලැබීමට හේතු වෙන බව.
සුරාන්තයේදී ශරීරයෙන් විවිධ හෝමෝන ස්‍රාවය කරනව. එහෙම ස්‍රාවය කරන එක හෝමෝනයක් තමයි ඔක්සිටොසින් කියන්නෙ. මේ ඔක්සිටොසින් වලින් , කාංසාව දුරලීම හෘද රෝග අවදානම අඩු කිරීම , ඩිම්බකෝෂ පිළිකා වැනි අවදානම් තත්ව ඇති වීම අඩු කිරීම වගේ ප්‍රතිලාභ ලබාදෙනවා.
ඒ වගේම නිතර නිතර ශුක්‍රාණු පිටකිරීම , පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරනව කියලත් හොයාගෙන තියෙනවා.
1 • 2 • 3 • 4 • 5 • 6 • 7 • 8
1 305
4. සුරාන්තයට කොපමණ කාලයක් ගත වෙනවද?
පුරුශයන්ට නං සාමාන්‍යෙන් සුරාන්තයට පත් වෙලා ශුක්‍ර විසර්ජනය කරන්න යන්නෙ විනාඩි 5-7ත් අතර කාලයක්. හැබැයි පුද්ගලයා අනුව මේක වෙනස් වෙනවා. දාර සත්... ආ නෑ... ඇතැම් පිරිමින්ට මේකට විනාඩි 30ක් වගේ කාලයකුත් සමහර පිරිමින්ට මේකට විනාඩියක් වගේ බොහොම කෙටි කාලයකුත් ගත වෙනවා. සුරාන්තයේ කාලසීමාව තත්. 18 - 22 අතර වෙනවා.
හැබැයි ස්ත්‍රීන්ට නං සාමාන්‍යයෙන් සුරාන්තයේ කාලසීමාව තත්. 20ක සිට විනාඩි 2ක් දක්වා වෙනවා. සුරාන්තයට පත් වෙන්න විනාඩි 20-25 පමණ ගතවෙනවා.
1 • 2 • 3 • 4 • 5 • 6 • 7 • 8
1 305
3. සුරාන්තයකදී මොකද වෙන්නෙ?
කාන්තාවන්ට ;
සුරාන්තයකදී කාන්තාවකගේ යෝනි මාර්ගයේ සහ ගුද මාර්ගයේ මාංශ පේශි සංකෝචනය වෙනවා. ඒ වගේම හෘදස්පන්දන වේගය සහ හුස්ම ගැනීමේ වේගය වැඩි වෙනවා.
සුරාන්තයට පෙර සහ සුරාන්තය අතරතුරේ යෝනි මාර්ගට , යෝනි ස්‍රාවයන්ගෙන් තෙත් වීම සිදු වෙනවා. හෝ වෙන්න පුලුවන්. සමහර වෙලාවට කාන්තාවන් , යෝනි ස්‍රාවයන් විසර්ජනය කිරීම් පවා සිදුකරනවා.
සුරාන්තකට පස්සෙ කාන්තාවගේ යෝනියේ තියෙන , ක්ලිටෝරිස් / ක්ලිට් එක වඩාත් සංවේදී වෙනවා. ඒ වගේම එතන ස්පර්ශය කිරීමට අපහසු වෙනවා.
පුරුශයන්ට;
පුරුශයන්ටත් , ගුද මාර්ගයේ පේශි සංකෝචනය වීම , හෘදස්පන්දනය වේගය සහ හුස්මගැනීමේ වේගය ඉහළ යාම සිදුවෙනවා. ඊට අමතරව ශිෂ්ණය සෘජු වීමත් සිදුවෙනවා.
සාමාන්‍යෙන් සුරාන්තයකදී පුරුශයන්ට ශුක්‍රාණු පිටවෙනවා. හැබැයි පිට නොවෙන්නත් පුලුවන්. සුරාන්තයට පස්සෙ ශිෂ්ණ හිස වඩාත් සංවේදි වෙනවා සහ ස්පර්ශ කරන්න අපහසු වෙනවා.
1 • 2 • 3 • 4 • 5 • 6 • 7 • 8
1 305
2. සුරාන්තයට පත් වෙන පියවරයන් / ආකෘතිය
එක එක්කෙනා සුරාන්තයට පත් වෙන ක්‍රියාවලිය යම් තරමකට වෙනස් වෙන්න පුලුවන්. හැබැයි පොදුවේ , සුරාන්තයට පත් වීම වෙන්නෙ පොදු ආකෘතියකට. දැනට තියෙන ප්‍රසිද්ධම සුරාන්ත ආකෘතිය තමයි මාස්ටර් සහ ජොන්සන් ගේ සිව් අදියර ආකෘතිය.
ඒකට අනුව මේ සුරාන්තය පියවර හතරක චක්‍රයක් ලෙස සිදුවෙන්නෙ.
1. උද්‍යෝගය
2. ආසන්න අවස්ථාව/සානුව
3. සුරාන්තය
4. සන්සුන් වීම/විභේදනය
1 • 2 • 3 • 4 • 5 • 6 • 7 • 8
1 305
Direct Question from subscriber
සුරාන්තයට පත් වෙනව කියන්නෙ මොකක්ද?
(8 Step explanation)
සුරාන්තය ගැන පූර්ණ සවිස්තරාත්මක විස්තරයක් ඔස්සේ යමු අපි. දැනගන්න ඕනෙ අයට මේ පැත්ත ගැන ඔක්කොම දැනගන්න.
1. මොකක්ද මේ සුරාන්තය කියන්නෙ?
නමේම ඒ කෑල්ල තියෙනවනෙ. සුර+අන්තය. සුර සැපක්. අන්තයටම ඇවිල්ලා කියන අදහස. සුරාන්තය කියන්නෙ , මිනිසෙක් තෘප්තියේ උපරිම අගයට පැමිණෙන එකට. ඒ කියන්නෙ ලිංගික ප්‍රචාරණ චක්‍රයකදී , තමගේ ලිංගික පීඩනය සහ ලිංගික ආතතිය ක්ශණිකව මුදාහරින එකට. ඒකෙන් උපරිම වින්දනයකට පත් වෙන එකට. පුරුශයින් නං සාමාන්‍යෙන් සුරාන්තයට පත් වෙනකොට ශුක්‍රාණු විසර්ජනය සිදු කරනවා. කාන්තාවන් සුරාන්තයට පත් වෙනකොට යෝනි බිත්ති හැකිලීම සහ යෝනි ස්‍රාවයන් පිට කිරීම සිදු වෙනවා.
#LearnBits_Q_A ♡ @LearnBits
1 • 2 • 3 • 4 • 5 • 6 • 7 • 8
1 305
යොමු කරපු ප්‍රශ්න ඔක්කොම සඳහන් කරගෙන තියෙන්නෙ. විස්තර හොයන්න කාලයක් යනවා. ඉදිරියේදී ඉක්මනට ඒ දේවල් දාන්නං.🧸
#Notice ♡ @LearnBits
