cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

🌺 |යොවුන් සිතට බුදු සිසිලස ☸️🤍

සබ්බදානං ධම්මදානං ජිනාති... " සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය " 🙏🌸🧡https://t.me/BuduSisilasa/19

Ko'proq ko'rsatish
Reklama postlari
1 493
Obunachilar
-224 soatlar
+27 kunlar
+530 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

Repost from N/a
-ව්‍යාපාදප්පහාණ සූත්‍රය- (නීවරණප්‍රහාණ වර්ගය-> ඒකක නිපාතය -> අංගුත්තර නිකාය) 🌟 ——————————————————————————- " මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද ව්‍යාපාදය නූපදනේ නම්, උපන්නා වූ ද ව්‍යාපාදය ප්‍රහීණ වේ නම්, මහණෙනි, මේ මෛත්‍රීචිත්තවිමුක්තිය යම්සේ වේ ද, එබඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, මෛත්‍රීචිත්තවිමුක්තිය නුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නා වූ ද ව්‍යාපාදය නූපදනේ ය. උපන්නා වූ ද ව්‍යාපාදය ප්‍රහීණ වේ." ——————————————————————————- ——————————————————————————- මෙත්තා චෙතොවිමුත්ති යනු සියලු සතුන්කෙරෙහි හිතවත්බව පැතිරවීම මෙත්තා නමි. යම්හෙයකින් එය යෙදුණු සිත නීවරණාදී විරුද්ධ ධර්‍මයන්ගෙන් මිදෙයිද එහෙයින් ඒ මෙත්තාව චෙතොවිමුත්තියයි කියනුලැබේ. වෙසෙසින් ව්‍යාපාදය මතුවී ඒමෙන් විදුණු හෙයින්ද මෙය චෙතොවිමුත්තියයි දතයුතුයි. එහි මෙත්තා යනු මෙපමණකින් පූර්‍වභාගයෙන්ද වටී. චෙතොවිමුත්තියයි කීබැවින් මෙහි ත්‍රිකචතුෂ්කධ්‍යාන වශයෙන් අර්‍පණාව (ධ්‍යානය)ම අදහස් කරනලදි. ‘යොනිසො මනසිකරොතො’ යනු ඒ චෙතොවිමුත්ති සංඛ්‍යාත මෛත්‍රිය කියනලද ලක්‍ෂණ ඇති උපායමනසිකාරයෙන් මෙනෙහි කරන්නහුටයි. (ව්‍යාපාදප්පහාණ සූත්‍ර අටුවාව) —————————————————————————————
Hammasini ko'rsatish...
Hammasini ko'rsatish...
දිවියට ධම්මපද ගථා🙏 | WhatsApp Channel

දිවියට ධම්මපද ගථා🙏 WhatsApp Channel. *“ධම්මපීති සුඛං සෙති විප්පසන්නෙන චෙතසා. අරියප්පවෙදිතෙ ධම්මෙ, සදා රමති පණ්ඩිතො.🌹🙏”* *“දහම් ප්‍රීතිය සැප ගෙනෙදේ. පණ්ඩිතයින් මනාව පැහැදුන සිතින් ආර්‍යන් වහන්සේලා වදාළ ධර්මයෙහි හැම කල්හිම ඇලෙයි.🌹🙏*

https://whatsapp.com/channel/0029VajI8hw0lwgrHqTnay0f.

0 followers

01:07
Video unavailableShow in Telegram
occFgQHIG10nsC1XAIepAAgzeLxoDNDIePWjbW.mp41.90 MB
භික්ෂුව ගී ගැයීම වගේම ගෙවල්ගානේ ගිහින් භාණ්ඩ බෙදීමත් කුළ දූෂණයක් . හාමුදුරුවෝ සිංදු කියනවා, ගිහියෝ බණ කියනවා. අබුදස්ස කාලෙක වෙන්න ඕන දේ නේ ද මේ වෙන්නෙ...? නිරර්බුද සම්බුදු සසුනේ අර්බුද ඇති කරමින් අසාසනික කටයුතුවල යෙදුනු භික්ෂුන් ද අද පමණක් නොව එදා බුදුරජාණන් වහන්සේ ධරමාන කාලයේද සිටියෝය. එ් නිසාමය විනය සික්ෂාවන් පනවන්නටද බුදුරජාණන් වහන්සේ කටයුතු කරන ලද්දේ. නිරබ්බුද සම්බුද්ධ ශාසනයෙහි අර්බුද ඇති කරවන වීතික්කම දෝෂ සතරක් සදහන් අතර ඒවා ආසවට්ඨානීය ධර්ම නමින් හැදින්වේ. ආසවට්ඨානීය ධර්ම යනු සසුන පිරිහෙන කරුණු ය. දොළොස්වන වස් කාලය වේරඤ්ජාවෙහි වැඩ වසන භාග්‍යවතුන් වහන්සේගෙන් සැරියුත් මහරහතන් වහන්සේ මෙසේ පැනයක් විමසුසේක. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, කිනම් බුදුවරුන්ගේ ශාසනය චිරස්ථායී වීද (බොහොකල් පැවතියේද)? කවර බුදුවරුන්ගේ ශාසනය චිරස්ථායී නො වී ද? සැරියුත් තෙරුන්ගේ ප්‍රශ්නයට භාග්‍යවතුන් වහන්සේ දුන් පිළිතුර වූයේ විපස්සී, සිඛී, වෙස්සභු යන බුදුවරයන් වහන්සේලාගේ ශාසනය බොහෝ කල් නො පැවතුණු බවත්, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන බුදුවරයන් වහන්සේලාගේ ශාසනය බොහෝ කල් පැවතුණු බවත් ය. එසේ වන්නට හේතු කාරණා මොනවාදැ'යි විමසා සිටි සැරියුත් තෙරණුවන් හට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. විපස්සී, සිඛී, වෙස්සභු බුදුවරයන් වහන්සේලාගේ සාසනවල 1.ඕවාද ප්‍රාතිමෝක්ෂය පමණක් දේශනා කිරීම. 2.ශ්‍රාවකයන්ට ශික්ෂාපද නො පැනවීම. 3.ආණාප්‍රාතිමෝක්ෂය නො ම උදෙසීම. 4.ශ්‍රාවකයන්ට විස්තර වශයෙන් ධර්මය දේශනා කරන්නට උත්සාහ රහිත වීම.(සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භුතධම්ම, වේදල්ල යන නවාංග ශාස්තෘ ශාසනය ස්වල්ප වීම.) පෙරසදහන් හේතු කරණ කොටගෙන ඒ බුදුරජාණන් වහන්සේලාත්, උන්වහන්සේලාගේ සම්මුඛව සිටි ශ්‍රාවකයන් වහන්සේලාත් පිරිනිවි කල්හි නා නා නම් ගොත් ජාති කුල ඇති පශ්චිම ශ්‍රාවකයෝ ඒ බුදු සස්න වහා ම අන්තර්ධාන කළෝ ය. කකුසඳ, කෝණාගමන, කාශ්‍යප බුදුවරයන් වහන්සේලාගේ ශාසනවල 1.ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම. 2.ශ්‍රාවකයන්ට ශික්ෂාපද පැනවීම. 3.ආණාප්‍රාතිමෝක්ෂය උදෙසීම. 4.ශ්‍රාවකයන්ට විස්තර වශයෙන් ධර්මය දේශනා කිරීම.(නවාංග ශාස්තෘ ශාසනය බහුල වීම.) මේ හේතු කරණ කොටගෙන ඒ බුදුවරයන් වහන්සේලාත්, උන්වහන්සේලාගේ සම්මුඛ ශ්‍රාවකයන් වහන්සේලාත් පිරිනිවි පෑවත් විවිධ නම් ගොත් ජාති කුල ඇති පශ්චිම ශ්‍රාවකයෝ ඒ බුදු සස්න චිරස්ථායී කළෝ ය. එය ඇසු අග්‍රශ්‍රාවක සාරිපුත්ත තෙරුන් වහන්සේ බුදුරජුන්ගෙන් ඉල්ලා සිටියේ ගෞතම බුදුසසුන බොහො කල් පැවතිම පිණිස සික්ෂා පද පනවන ලෙසයි. භාග්‍යවතුන් වහන්සේ එවිට සැරියුත් තෙරුන් වහන්සේට වදාළේ මේ අවස්ථාව එයට සුදුසු කාලය නො වන බව යි. යම් දිනක මේ ශාසනයෙ භික්ෂු සඞ්ඝයා කෙරෙහි ආසවට්ඨානීය ධර්මයන් පහළ වෙයිද ද, ඒ ආසවට්ඨානීය ධර්මයන් නැසීම පිණිස භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන්ට සිකපද පනවා ආණා ප්‍රාතිමෝක්ෂය උදෙසන බව යි. ආසට්ඨානීය ධර්ම යනු මෙලොව වශයෙන් ගර්හාවට, වධබන්ධනයට හා පසුතැවිල්ලට හේතුවන, පරලොව වශයෙන් අපාය දුක්ඛයට ගොදුරු වන වීතික්කම දෝෂ යි. එනම්, ශාස්තෘන් වහන්සේ ඉක්මවා යන ක්ලේශ ධර්මයන්ගේ පහළ වීම යි. එවන් කෙලෙස් පහළ වීමට හේතු හතරක්ද බුදුරජාණන් වහන්සේ වදාළසේක. 1.රත්තඤ්ඤු මහත්තතා 2.වෙපුල්ල මහත්තතා 3.ලාභග්ග මහත්තතා 4.බාහුසච්ච මහත්තතා මෙහි `මහත්තතා' යනු මහත් හෙවත් බොහෝ යන්න යි. ඒවා එකිනෙක පැහැදිලි කරගැනීම වැදගත්ය. රත්තඤ්ඤු මහත්තතා යනු, චිරරාත්‍රඥ බවින් මහත් බවට පැමිණීම යි. පැවිද්දෙන් බොහෝ කල් ඉක්ම යාම යි. වෙපුල්ල මහත්තතා යනු , ස්ථවිර, මධ්‍යම, නවක වශයෙන් සඞ්ඝයා විපුල හෙවත් බොහො පිරිසක් බවට පත්වීමයි. ලාභග්ග මහත්තතා චීවරාදී සිව්පස ප්‍රත්‍යලාභයන් බොහෝසේ ලැබිමයි. බාහුසච්ච මහත්තතා යනු බහුශ්‍රැතභාවයෙහි මහත් බව යි. බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තවුන්ගේ බහුල බව යි. බහුශ්‍රැත බව බුදු දහමේ අගය කරන්නකි. නමුත්, තමන් කෙතරම් බහුශ්‍රැතයෙකු වුවත් කීටාගිරි සූත්‍රාන්තයෙහි වදාළ පරිදි තථාගතයන් වහන්සේගේ ධර්මස්වාමීත්වය පිළිගෙන තථාගතයන් වහන්සේ ම ශාස්තෘවරයා ය, තමා ශ්‍රාවකයා පමණ යි, තථාගතයන් වහන්සේ පමණක් ම දන්නා සේක. තමා නො දන්නේය යන නිහතමානී ගුණයෙන් කටයුතු කළ යුතු ය. එහෙත් අදවන විට බොහෝ පැවිද්දන් ශාස්තෘවු බුදුරජාණන් වහන්සේ අමතක කොට තමන් සියල්ල දන්නවා යැයි යන ආකල්පයෙන් කටයුතු කරති. ඉහත කරුණු හේතුයෙන් මේ ශාසනය තුළ මෙලොව වශයෙන් ගර්හාවට, වධබන්ධනයට හා පසුතැවිල්ලට හේතුවන, පරලොව වශයෙන් අපාය දුක්ඛයට ගොදුරු වන වීතික්කම දෝෂ හෙවත් ආවට්ඨානීය ධර්ම පහළ වන්නට පටන් ගනී. ගෞතම බුදු සසුනේ මුල් විසි වසර පඨම සම්බෝධි සමය ලෙස හඳුන්වයි. එකල භික්ෂු සඞ්ඝයා අර්බුද රහිත විය. නිදොස් ය. දුසිල් මහණුන්ගෙන් තොර ය. පිරිසිදු සීලයෙහි පිහිටියේය. සෝවාන් ආදි අධිගමලාභයන්ට පැමිණ අපායෙහි නො වැටෙන සුළුව නිවනට නියතව සම්බෝධියම පිහිට කොට සිටියෝය.
Hammasini ko'rsatish...
එහෙත් ශ්‍රද්ධාසීල සම්පන්න වූ සුදින්න තෙරණුවන් මවුපියන්ගේ මෙහෙයැවීමෙන් කුලවංශය පවත්වනු පිණිස ගිහිකල භාර්යාවට පුතෙකු බිහි කරනු පිණිස දරු බීජයක් දීමට මෛථූනසම්භෝගයෙහි යෙදීම හේතු කොට ගෙන මෙතෙක් නිර්මල ව පැවති ගෞතම ශාසනයෙහි මහා අර්බුදයක් හටගත්තේය. දිව්‍ය බ්‍රහ්මාදීන් පවා ඝෝෂා කළෝය. එය හේතුකොට ගෙන මෛථූනවිරතිය සඳහා ප්‍රථම ගරු සිකපදය පනවන ලදි. එතැන් පටන් භික්ෂු සංඝයා තුළ පහලවු ආසවට්ඨානිය දර්මයන් නිසා බුදුරජාණන් වහන්සේ විනය සික්ෂාවන් පනවා වදාළ සේක. බුද්ධත්වයෙන් වසර විස්සක් ගෙවෙද්දි එවන් අර්බුදයන් මේ සසුන තුළ ඇතිවුයේනම් බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 2568 ගෙවී යන වර්ථමානයේ භික්ෂුවක් ගීකීම පුදුම සහගත නැත. මක් නිසාද යත් ඒ තරමටම වර්ථමානයේ කෙලෙස් බහුල සමාජයකය ඔබත් මමත් ජීවත් වන්නේ. මෙහිදි මා ඒ භික්ෂුවගේ ක්‍රියාව සාධාරණියකරනය කරන්නේ නැත. පෙන්වා දෙන්නේ ලෝක ධර්මතාවයයි. වර්ථමානයේ විවිධ මාධ්‍යයන් තුළින්ව ජනප්‍රියවු සමහර භික්ෂූන් ගෙවල් ගානේ ඇවිදිමින් බඩු බෙදීම් ආදිවු කෙතරම්වු කුළ දූෂණයක යෙදෙන්නේද ? එහෙත් ගිහි සමාජව ඒ භික්ෂූන්ට පහත්සේ ප්‍රශංසා කරති. වේදිකාවක් මත ගී ගැයු භික්ෂුව පතුරු ගසති. එහෙත් බුද්ධවිනයට අනුව මේ දෙකම වැරදිය. කර ඇත්තේ කුළ දූෂණයක්මය. ශාස්තෘ ශාසනය පිළිබද මිනිසුන් තුළ තිබිය යුතු සද්ධාව විනාශ කිරීමය. මෙවන් අසාදනික කටයුතු වල යෙදෙන භික්ෂූන් නිවරදි මගට ගැනීමටද ගිහි ඔබට කළ හැකි දෙයක් බුදුරජාණන් වහන්සේ පෙන්වාදී ඇත. එනම් එවනි භික්ෂූන්ට දානයදීමෙන් වැළකී සටීම, ගරුසත්කාර කිරීම්, දුටු විට හුනස්නෙන් නැගීසිටීම් ආදී සාමිචිකර්මයන් නොකර සිටීම ආදියයි. බුදුරජාණන් වහන්සේ පාරිලෙය්‍ය වනයට වැඩම කරන්නට හේතුවු ඝොසිතාරාමයේ හිතුවක්කාරී භික්ෂූන්ද මෙල්ල කරන්නට උපාසක උපාසිකා පිරිස යොදාගත්තේද මේ ක්‍රමයමයි. එක් භික්ෂුවකගේ වැරැද්දක් දැක සමස්ථ භික්ෂු පිරිසටම බැණවැදී බරපතල අකුසල් කර නොගෙන බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට අනුව ඔබත් එවනී භික්ෂුන් කෙරෙන් සාමීචිකර්මයෙනගෙන් බැහැර වන්න. තෙරුවන් සරණින් සැමසිත් සුවපත් වේවා.......! මාවරමණ්ඩිය සමථ ආශ්‍රමාධිපති, පූජ්‍ය හල්දුම්මුල්ලේ පඤ්ඤාධීර හිමි.
Hammasini ko'rsatish...
අනික මූලික වශයෙන් හෝ පංච උපාදානස්කන්ධයන් පැහැදිලි කරලා තියේද? ආයතන 6 න් ගැන කියලා තියේද.. ධාතු 18 ආදී විස්තර කරලා තියේද ..කොටින්ම චිත්ත, චෛතසිකය ,රූප, සතර සති පට්ඨානය ආදී පිලිබද අංශු මාත්‍රයකවත් තියේද??? සර්වඥ වූ බුදුන් පැහැදිලිවම කියලා තියෙනවා මේ බුද්ධ ශාසනයේ විතරයි ආර්‍ය ශ්‍රාවකයින් 4 දෙනා පහල වෙන්නේ කියලා.අඩුම විදර්ශනා ඤානයක්වත් ලැබෙන්නේ නැහැ . ඒ කියන්නේ අඩුම නාම රූප පරිච්ඡේද ඤාණයවත් මේ ශාසනයෙන් පිට ලැබෙන්නේ නැහැමයි. අන්තිම මොහෙතේ පිරිනිවන් පෑමට පෙර බුදුන් දේශනා කරනවා අන්‍ය ශාසනයන් පිලිබද හොයලා මහන්සි වෙන්න එපා .මම ඒ දේ කරලා තියෙන්නේ..අන්‍ය ශාසන ආර්‍යන්ගෙන් ශූන්‍යයි. මේ ශාසන ප්‍රතිපදාවේ නිශ්ඨාවේ කොටසක්වත් අන්‍ය ශාසනයක නම් නැහැ කියලා. බෞද්ධයෝ කොහොමත් තලේබාන්ලා වගේ නෙමෙයි නමුත් ශාසනයට කෙනහිලිකම්,තාඩන පීඩන, ධර්ම විකුර්තින් කරද්දී ඉතිහාසයේ පටන්ම නිකන් හිටියේ නැහැ කියලත් මතක තියන් ඉන්න එක හොදයි.🙂 සටහන - ප්‍රිමාල් රණසිංහ
Hammasini ko'rsatish...
🙏 1
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.