cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

Roar Media සිංහල

අපේ භාෂාවෙන් ලෝකය ඔබ වෙත ළං කරන Roar සිංහල වෙබ් අඩවියේ නිල Telegram ගිණුම Powered by https://roar.media/sinhala

Ko'proq ko'rsatish
Shri-LankaSinxala1 176Toif belgilanmagan
Reklama postlari
691
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-77 kunlar
-1930 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

සියවසක උරුමය: "Bakfiets" පා පැදි පරිසර හිතකාමී ප්‍රවාහන මාධ්‍ය සඳහා නෙදර්ලන්තය විශාල ප්‍රසිද්ධියක් උසුලනවා. "Bakfiets" පා පැදි යනු ඉන් එකක් පමණ යි. "Bakfiets" යනු නෙදර්ලන්තයේ ප්‍රචලිත බයිසිකල් වර්ගයක්. එහි ඉංග්‍රීසි අර්ථය "Cargo bike" හෝ "Box bikes" යනුවෙන් හැඳින්විය හැකි යි. සාම්ප්‍රදායික පාපැදියකට වඩා බොහෝ කාර්යයන් මින් ඉටු වන බව ඔබට පෙනෙනවා ඇති. භාණ්ඩ ප්‍රවාහනයට අමතර ව මිනිසුන් රැගෙන යාමටත් මේවා භාවිත වෙනවා. https://www.youtube.com/watch?v=rc1FD8_oako
Hammasini ko'rsatish...
සියවසක උරුමය: "Bakfiets" පා පැදි

පරිසර හිතකාමී ප්‍රවාහන මාධ්‍ය සඳහා නෙදර්ලන්තය විශාල ප්‍රසිද්ධියක් උසුලනවා. "Bakfiets" පා පැදි යනු ඉන් එකක් පමණ යි. Subscribe To Our Channel: www.youtube.com/@RoarSinhala Follow Us On: Facebook -

https://www.facebook.com/Roar.sinhala/

Instagram -

https://www.instagram.com/roar.sinhala/

Twitter -

https://twitter.com/Roarsinhala

Telegram:

https://t.me/RoarSinhala

Website -

https://www.roar.media/sinhala/

#Roar #Sinhala යනු කාලීන සිදුවීම්, ව්‍යාපාර, ජීවන රටා, තාක්‍ෂණය, කලා සහ සංස්කෘතිය ඇතුළු බොහෝ ක්ෂේත්‍ර පිළිබඳ ආවරණය සහ විශ්ලේෂණයන් සපයන ශ්‍රී ලංකාවෙන් බිහිව, අද වනවිට දකුණු ආසියාතික රටවල් කීපයක පැතිර ඇති නව මාධ්‍ය ජාලයකි. Roar Sinhala - රූ සරණියට සම වැදෙන්න! Roar Sinhala Youtube නාළිකාවට පිවිසෙන්න!

ගෙන්දගම් පොළොවේ බේද නැති නාන ළිං කොළඹ කෙසෙල්වත්තේ නෝබට් ජෙරී සතියේ බොහෝ දිනවල නිදි ගැට හැර අවදි වන්නේ අලුයම හතරේ කණිසමට ය. අවදි වූ සැණින් මූණ කට දොවා පේ වෙන ඔහුගේ පළමු රාජකාරිය වන්නේ කුල දෙවි නැමදීම ය. ඔහුගේ ව්‍යාපාරයේ දොරගුලු පාරිභෝගිකයන්ට විවර වන්නේ ඉන් අනතුරු ව ය. ඒ පාන්දර හතර හමාරත් පහත් අතර ය. ව්‍යාපාරයක් කීව ද එය බුලත් විට කඩයක් සිල්ලර කඩයක් හෝ නොවේ. පිටකොටුවේ හදවතෙහි පිහිටා ඇති කොළඹ පොදු නාන ළිංවලින් දැනට ඉතිරි ව ඇති එකකි. හරියට ම කියතොත් පිටකොටුවේ ගුණසිංහපුර ඩයස් පෙදෙසේ පිහිටි නාන ළිඳකි. ඩයස් පෙදෙසේ පිහිටි නාන ළිඳ ඇතුළු කොළඹ පිහිටි බොහෝ පොදු නාන ළිං 1900 ගණන්වල මුල් භාගයේ දී යටත් විජිත යුගවල ඉදි කළ ඒවා ය. මේ සමහර ළිං වසර 100කටත් එහා ගිය අතීතයකට හිමිකම් කියන ඒවා ය. කොළොම්තොට වංශ කතාවේ තවත් එක් පරිච්ඡේදයක් සනිටුහන් කළ පිටකොටුවේ ගුණසිංහපුර ඩයස් පෙදෙසේ පොදු නාන ළිං සොයා ගිය Roar Media කණ්ඩායම ඉදිරිපත් කරන වාර්තාමය විචිත්‍රාගංයයි මේ. #bathing #Wells #colombo #documentary #RoarSinhala https://youtu.be/YRFznmItc58
Hammasini ko'rsatish...
ගෙන්දගම් පොළොවේ බේද නැති නාන ළිං

ඩයස් පෙදෙසේ පිහිටි නාන ළිඳ ඇතුළු කොළඹ පිහිටි බොහෝ පොදු නාන ළිං 1900 ගණන්වල මුල් භාගයේ දී යටත් විජිත යුගවල ඉදි කළ ඒවා ය. මේ සමහර ළිං වසර 100කටත් එහා ගිය අතීතයකට හිමිකම් කියන ඒවා ය. මේ Roar Media කණ්ඩායම පිටකොටුවේ ගුණසිංහපුර ඩයස් පෙදෙසේ පිහිටි පොදු නාන ළිං සොයා ගිය ගමනේ වාර්තාමය විචිත්‍රාගංය යි. Subscribe To Our Channel: www.youtube.com/@RoarSinhala Follow Us On: Facebook -

https://www.facebook.com/Roar.sinhala/

Instagram -

https://www.instagram.com/roar.sinhala/

Twitter -

https://twitter.com/Roarsinhala

Telegram:

https://t.me/RoarSinhala

Website -

https://www.roar.media/sinhala/

#Roar #Sinhala යනු කාලීන සිදුවීම්, ව්‍යාපාර, ජීවන රටා, තාක්‍ෂණය, කලා සහ සංස්කෘතිය ඇතුළු බොහෝ ක්ෂේත්‍ර පිළිබඳ ආවරණය සහ විශ්ලේෂණයන් සපයන ශ්‍රී ලංකාවෙන් බිහිව, අද වනවිට දකුණු ආසියාතික රටවල් කීපයක පැතිර ඇති නව මාධ්‍ය ජාලයකි. Roar Sinhala - රූ සරණියට සම වැදෙන්න! Roar Sinhala Youtube නාළිකාවට පිවිසෙන්න!

Photo unavailableShow in Telegram
පුරාණ අබිරහස් සඟවාගෙන සිටින නිහඬ තෝතැන්නක් ලෙස අප වෙසෙන මිහිතලය හඳුන්වාදීමට පුළුවන්. නිශ්චිත වටිනාකමකට උරුමකම් කියන පෞරාණික භාණ්ඩ අවේතනික ව බලා කියා ගන්නා ආරක්ෂකයා වන්නේත් මේ මිහිතලය යි. පෞරාණික ලෝහ වස්තූන්ගේ ආරක්ෂාකාරී නිවහන ලෙස සැලකෙන පොළොව අභ්‍යන්තරය මෙවැනි කෞතුකයන්ගෙන් සමන්විත බව හඳුනා ගැනීමට බහුතරයක් වූ ලෝහ අනාවරක විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර භාවිතයට ගන්නවා. අඩු වටිනාකමක් සහිත ලෝහ අනාවරක (Metal Detectors) උපයෝගී කොටගෙන පෞරාණික භාණ්ඩ රැස් කිරීමට ඇබ්බැහි වූ පිරිස් අහඹු ලෙස සොයාගත් කෞතුක සහ නිදන් වස්තු කිහිපයක තොරතුරු මේ ලිපියෙන් දැක්වෙනවා. ඒ ගැන ලිපිය මේ සබැඳියෙන් කියවන්න. https://tinyurl.com/yj3k85d7
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
කොළොම්තොට වංශ කතාවේ තවත් එක් පරිච්ඡේදයක් සනිටුහන් කළ පිටකොටුවේ ගුණසිංහපුර ඩයස් පෙදෙසේ පොදු නාන ළිං සොයා ගිය Roar Media කණ්ඩායම ඉදිරිපත් කරන වාර්තාමය විචිත්‍රාගංය එළැඹෙන ජූනි මස පළමුවැනි දා Roar Media වෙතින් බලාපොරාත්තු වන්න! #bathing #Wells #colombo #documentary https://youtu.be/Jrsx2soaxjA
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
කොළොම්තොට වංශ කතාවේ තවත් එක් පරිච්ඡේදයක් සනිටුහන් කළ පිටකොටුවේ ගුණසිංහපුර ඩයස් පෙදෙසේ පොදු නාන ළිං සොයා ගිය Roar Media කණ්ඩායම ඉදිරිපත් කරන 'ගෙන්දගම් පොළොවේ බේද නැති නාන ළිං' වාර්තාමය විචිත්‍රාගංය එළැඹෙන ජූනි පළමුවැනි දා Roar Media වෙතින් බලාපොරාත්තු වන්න!
Hammasini ko'rsatish...
එදා පිටකොටුවේ සෑම පැත්තට ම විහිදී තිබූ ගුරු පාරවල් පසු ව කළුගල් පුවරු ඇතිරීමෙන් ලස්සන වුණා. ඒ ඉංග්‍රීසි පාලන කාලයේදි යි. සූරිය ඇතුළු ගස්වැල්වලින් මේ වීදි අලංකාර වුණු බව ඉංග්‍රීසි ලේඛකයන්ගේ කෘතිවලින් පැහැදිලි වෙනවා. එවැනි අලංකාර වීදියක් සහිත පිටකොටුවේ පෙදෙසක කොටුවට යාබද ව පිහිටි තැනක් තමයි කාපිරි මුඩුක්කුව කියන්නේ. අප්‍රිකාවෙන් කැඳවාගෙන පැමිණි කාපිරි ජාතිකයන් සිටි නිසා මේ පෙදෙසට කාපිරි මුඩුක්කුව කියන නම 1900 වනවිට ව්‍යවහාර කර තිබෙනවා. ඒ ගැන ලිපිය මේ සබැඳියෙන් කියවන්න. tinyurl.com/2r97jcwx
Hammasini ko'rsatish...
"EctoLife" යනු ලොව පළමු කෘත්‍රිම ගර්භාෂ සපයා දීමේ පහසුකම යි. තවමත් මෙය සංකල්පයක් ලෙස පැවතුණත්, "EctoLife" යනු ඉටුකර ගත හැකි යථාර්ථයක්. සංකල්පයේ ප්‍රායෝගිකත්වය වඩාත් හොඳින් විස්තර වීම ඊට හේතුව යි. මෙමඟින් දරු ප්‍රසූතියේ අනාගත හැඩය පිළිඹිබු කෙරෙන අතර, පුනර්ජනනීය බලශක්තියෙන් මේ සේවාව පවත්වා ගැනීමේ යෝජනාවත් එහිදී ඉස්මතු කර තිබෙනවා. මඳසරු බවින් පෙළෙන මාපියන්, පිළිකා හෝ වෙනත් සංකූලතා හේතුවෙන් ගර්භාෂය ඉවත් කළ කාන්තාවන්, වැනි අභියෝගාත්මක පසුබිම් මත ජීවත් වන මිනිසුන් සඳහා ඉදිරිපත් කළ සංකල්පනීය පහසුකමක් ලෙස EctoLife හැඳින්විය හැකියි. එපමණක් නොවෙයි, ජනගහන වර්ධන වේගය අඩු රටවල් සඳහා ප්‍රායෝගික විසඳුමක් EctoLife හරහා යෝජනා කෙරෙනවා. නොමේරූ උපත්, සිසේරියන් සැත්කම් EctoLife හේතුවෙන් අතීතයට එක් වන වදන් වීමත් වළක්වන්න බැහැ! මේ පද්ධතිය ක්‍රියාත්මක වන අන්දම විද්‍යා ප්‍රබන්ධයක් බඳු යි. https://youtu.be/FS3IZ0rBb_o
Hammasini ko'rsatish...
යථාර්ථයක් වුණු කෘත්‍රිම ගර්භාෂ පහසුකම

"EctoLife" යනු ලොව පළමු කෘත්‍රිම ගර්භාෂ සපයා දීමේ පහසුකම යි. තවමත් මෙය සංකල්පයක් ලෙස පැවතුණත්, "EctoLife" යනු ඉටුකර ගත හැකි යථාර්ථයක්. සංකල්පයේ ප්‍රායෝගිකත්වය වඩාත් හොඳින් විස්තර වීම ඊට හේතුව යි. මෙමඟින් දරු ප්‍රසූතියේ අනාගත හැඩය පිළිඹිබු කෙරෙන අතර, පුනර්ජනනීය බලශක්තියෙන් මේ සේවාව පවත්වා ගැනීමේ යෝජනාවත් එහිදී ඉස්මතු කර තිබෙනවා. මඳසරු බවින් පෙළෙන මාපියන්, පිළිකා හෝ වෙනත් සංකූලතා හේතුවෙන් ගර්භාෂය ඉවත් කළ කාන්තාවන්, වැනි අභියෝගාත්මක පසුබිම් මත ජීවත් වන මිනිසුන් සඳහා ඉදිරිපත් කළ සංකල්පනීය පහසුකමක් ලෙස EctoLife හැඳින්විය හැකියි. එපමණක් නොවෙයි, ජනගහන වර්ධන වේගය අඩු රටවල් සඳහා ප්‍රායෝගික විසඳුමක් EctoLife හරහා යෝජනා කෙරෙනවා. නොමේරූ උපත්, සිසේරියන් සැත්කම් EctoLife හේතුවෙන් අතීතයට එක් වන වදන් වීමත් වළක්වන්න බැහැ! මේ පද්ධතිය ක්‍රියාත්මක වන අන්දම විද්‍යා ප්‍රබන්ධයක් බඳු යි. Subscribe To Our Channel: www.youtube.com/@RoarSinhala Follow Us On: Facebook -

https://www.facebook.com/Roar.sinhala/

Instagram -

https://www.instagram.com/roar.sinhala/

Twitter -

https://twitter.com/Roarsinhala

Telegram:

https://t.me/RoarSinhala

Website -

https://www.roar.media/sinhala/

#Roar #Sinhala යනු කාලීන සිදුවීම්, ව්‍යාපාර, ජීවන රටා, තාක්‍ෂණය, කලා සහ සංස්කෘතිය ඇතුළු බොහෝ ක්ෂේත්‍ර පිළිබඳ ආවරණය සහ විශ්ලේෂණයන් සපයන ශ්‍රී ලංකාවෙන් බිහිව, අද වනවිට දකුණු ආසියාතික රටවල් කීපයක පැතිර ඇති නව මාධ්‍ය ජාලයකි. Roar Sinhala - රූ සරණියට සම වැදෙන්න! Roar Sinhala Youtube නාළිකාවට පිවිසෙන්න!

Photo unavailableShow in Telegram
Photo unavailableShow in Telegram
Photo unavailableShow in Telegram
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.