uz
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

Kanalga Telegram’da o‘tish

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

Ko'proq ko'rsatish
3 506
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kun
Ma'lumot yo'q30 kun
Postlar arxiv
🎶මෙම ගෲපය වෙන් වී ඇත්තේ අලුත් පරණ සැගවුනු තේරුමක් තියන ගීත අහන්න කැමති ඔබ සදහාමයි. 🎶එන්න ගීතය රස විදින ගමන් එහි අර්තයද රස ව
🎶මෙම ගෲපය වෙන් වී ඇත්තේ අලුත් පරණ සැගවුනු තේරුමක් තියන ගීත අහන්න කැමති ඔබ සදහාමයි. 🎶එන්න ගීතය රස විදින ගමන් එහි අර්තයද රස විදීමට.🇱🇰❤️🎶

Hackers ලා ගැන තියන ලිපි ආයි දාන්නද? 😊
Anonymous voting

ඔයාලට html code ගොඩක් දෙන්නද? ☺️☺️
Anonymous voting

පුලුවන් තරම් Mod Apps , Software Cracks use කරන්න එපා. crack කරන අය mod කරන අය අපට නොමිලේ දෙන්න මොකක් හරි හේතුවක් ඇතුවනෙ. ඒක
පුලුවන් තරම් Mod Apps , Software Cracks use කරන්න එපා. crack කරන අය mod කරන අය අපට නොමිලේ දෙන්න මොකක් හරි හේතුවක් ඇතුවනෙ. ඒක නිසා පුලුවන් තරම් Original software එක app එක දාගන්න.

ඇයි.බන් මෙහෙම ? ඔයාලා ලින්ක් එක share කරලා උදවුවක් දෙන්න කෝ.....😣😣
ඇයි.බන් මෙහෙම ? ඔයාලා ලින්ක් එක share කරලා උදවුවක් දෙන්න කෝ.....😣😣

🌎දැනට ලොව වාර්තා වී ඇති වැඩිම කප්පම් මුදලක් ඉල්ලා ඇති ransomware ප්‍රහාරය නැවැත්වීම සඳහා හැකර්වරුන් විසින් ඩොළර් මිලියන 70ක කප්පම් මුදලක් ඉල්ලයි🌎 දැනට වාර්තා වී ඇති වැඩිම කප්පම් මුදලක් ඉල්ලා ඇති ransomware attack එක බවට පත් වෙමින් පසුගිය සිකුරාදා දිනයෙහි ලොව පුරා සමාගම් රැසකට එල්ල කළ ransomware ප්‍රහාරය ඉතිහාසයට එකතු වුණා. REvil නමින් හඳුන්වන රුසියානු සම්භවයක් සහිත හැකර්වරුන් පිරිසක් විසින් එල්ල කර ඇති මෙම ransomware ප්‍රහාරය හරහා ඇමෙරිකානු සමාගම් 200කට අධික ප්‍රමාණයකුත්, ලොව පුරා තවත් ආයතන 100කට අධික ප්‍රමාණයකුත් අකර්මන්‍යය කිරීමට සමත් වී ඇති බව වාර්තා වෙනවා. මේ වන විට මෙම ප්‍රහාරය මගින් පරිගණක පද්ධති මිලියනයකට අධික ප්‍රමාණයක් අකර්මන්‍යය වී ඇති අතර, විශේෂයෙන්ම පසුගිය සති අන්තයේදී Kaseya නම් වූ IT firm එක hack වීමෙන් අනතුරුව ස්වීඩන් සුපිරි වෙළඳසැල් සිය ගණනක් අකර්මන්‍යය කිරීමට මෙය සමත් වී තිබෙනවා. මෙම ප්‍රහාරය හරහා encrypt කරනු ලැබූ තොරතුරු නැවත decrypt කළ හැකි tool එකක් ලබාදීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොළර් මිලියන 70ක මුදලක් Bitcoin හරහා ලබාදෙන ලෙස අදාල හැකර්වරුන් නිවේදනය කර තිබෙනවා. පසුගිය ජුනි මාසයේදී ලොව විශාලතම මස් සැපයුම්කරු වන JBS ආයතනයට සයිබර් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ ද මෙම හැකරුවරුන් විසින් ම වන අතර, ඒ හරහා ඇමෙරිකානු ඩොළර් මිලියන 11ක කප්පම් මුදලක් ලබාගනු ලැබුවා. FBI ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ මෙම ප්‍රහාරය හරහා අපහසුතාවයට පත් වූ සෑම ආයතනයකටම තනි තනි වශයෙන් ප්‍රතිචාර දැක්විය නොහැකි බවත්, මේ වන විට Joe Biden ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ ඔවුන්ගේ සියළුම සම්පත් මෙම ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා යොදවමින් සිටින බවත් ය. ඔයාලගේ අදහස් comment කරන්න 🤝

⚜WEB DESIGNING⚜ ඔන්න ඉතින් අපෙ මෙම්බර් කෙනෙක්ගේ ඉල්ලීමකට අනුව ලියන්න හිතුනා වෙබ් අඩවියක් හදාගන්න දන්නේ නැති අයට හෙල්ප් එකටත් එකක්න් පොඩි ලිපියක් “වෙබ් ඩිසයින්“ පිළිබඳව. ඉතින් මම හිතනවා මේ ගැන ඔයාලා කැමති වෙයි කියලා. ඉතින් ඔයාලාගේ අදහසක් එහෙම් දාන්න. ගැටළුවක් උණොත් ඒ ගැනත් අහන්න.. වෙබ් ඩිසයින් කියන එක හිතන තරම් ලේසි නැති වුනත් හිතන තරම් අමාරු නැති බවත් තේරුම් යයි කරගෙන යද්දි... කෝකටත් මූලික කරුණු ටිකක් ගැන අපි අද කථා කරමු.. මුල ඉදන්ම දැන් ගමු ඉතිම්..😉😉 💢 අන්තර්ජාලය යනු... අන්තර්ජාලය යනු එකිනෙකට සම්බන්ධ වූ අතිවිශාල ලෝකව්‍යාප්ත පරිගණක ජාලයක්.. අන්තර්ජාලය පිටුපස තාක්ෂණය විශාල ප්‍රමාණයක් තියනවා. අපිට හිතා ගන්නවත් බැරි තරම්.. මේකේ තියන පරිගණක එකිනෙකට සම්බන්ධ වෙමින් ඒවා අතර දත්ත හුවමාරු කරන්න පුලුවන්. අන්තර්ජාලය සඳහා නිවහනක් හෝ ප්‍රධාන පාලක පරිගණකයක් නෑ. තියෙන්නේ ලොව පුරා, තොරතුරු විශාල ප්‍රමාණයක් සහිත එකට සම්බන්ධ කරන ලද පරිගණක විශාල සංඛ්‍යාවක් පමණි. අන්තර්ජාලයට නිෂ්චිත පාලකයෙකුත් නෑ. නමුන් විවිධ අන්තර්ජාල සෙවාවන් මගින් යම් ආකාරීය පාලනයකට නතුව ඇතත් එය සෘජු පාලනයක් නොවේ. ඔබට අන්තර්ජාල ප්‍රවේශය ඇත්නම්, ඔබට මේ සියලුම තොරතුරු ඔබගේ ම පරිගණකයෙන්ම කියවන්නට, අසන්නට, දැක ගන්නට සහ ඒ සමඟ ක්‍රියා කිරීමට හැකියාවක් තියනවා. 💢 වෙබ් අඩවියක් යනු...... වෙබ් අඩවියක් යනු වෙබ් පිටු කිහිපයක එකතුවකි. මෙම වෙබ් පිටු එකිනෙක සම්බන්ද වී වෙබ් අඩවියක් සෑදෙනවා. අන්තර්ජාලයේ ඇති බහුමාධ්‍යමය අනුරුව වෙබ් අඩවියක් ලෙස සැලකේ. අන්තර්ජාලය භාවිතා කිරීමේදී සිදුවන්නේ අප විසින් වෙබ් අඩවියකට පිවිස එමගින් සේවාවන් ලබාගැනීමයි. වෙබ් අඩවියක් නැරඹීම සදහා විශේෂ මෘදුකාංග (Software’s) අවශ්‍ය වේ. ඒවා වෙබ් බ්‍රවුසර (Web Browser) ලෙස හදුන්වයි. එසේ භාවිතා කිරීමට හේතුව වෙබ් පිටු සැදී ඇත්තේ HTML (Hyper Text Markup Language) හෝ වෙනත් විශේෂ භාෂාවකිනි (ex:- HTML, PHP, JAVA, ASP.NET ). 💢 වෙබ් අඩවි නිර්මාණය..... වෙබ් අඩවියක් නිර්මානය කිරීමේදී සිදුකරනුයේ මෙම විශේෂ මෘදුකාංග(Web Browser) මගින් කියවියහැකි වන අයුරින් HTML භාෂාව හෝ වෙනත් (server language) සර්වර් භාෂාවකින් අපට අවශ්‍ය තොරතුරු ස්ථාන ගත කර පිටු ආකාරයට සැකසීමයි. මේසදහා භාවිතා කරන භාෂාවන් අතුරින් HTML යනු මූලික වෂයෙන් භාවිතා කරන භාෂාවකි. මෙමගින් සිදුකරනුයේ වෙබ් පිටුවේ සදහන් වියයුතු දත්තයන් අපට අවශ්‍ය ආකාරයට කලමණාකරණය කිරීමයි. මෙලෙස වෙබ් පිටුවට ඇතුලත් කරන දත්තයන් “කන්ටෙන්ට් (content)” ලෙස හැදිනවේ. 💢 HTML (Hyper Text Markup Language) HTML (Hyper Text Markup Language) යනු වෙබ් අඩවි නිර්මාණයේදී භාවිතා වන මූලිකම භාෂාවයි. දැනට වැඩි වශයෙන් භාවිතා වනුයේ HTML 4 සංස්කරනයයි. HTML 5 සංස්කරනයද මේවනවිට හදුන්වා දී තිබේ. නමුත් මෙහිදී සාකච්ඡා වනුයේ HTML 4 සංස්කරනය පිළිබදවයි. සත්‍ය වශයෙන්ම HTML යනු ප්‍රෝග්‍රෑම් භාෂාවක් (Programming language) නොවේ HTML යනු දත්ත සකසුරුවම් කිරීමට යොදාගන්නා එක්තරා සරල භාෂාවකි එය Markup Language ලෙස හැදින්වේ. එනම් මෙමගින් යම්කිසි ආකාරයක වැඩසටහනක් ක්‍රියාත්මක වීම සිදු නොවේ. වෙබ් අඩවි නිර්මාණයේදී ඒ සදහා වෙනත් භාෂාවන් (PHP, JAVA, ASP.NET වැනි භාෂා) භාවිතා කරයි. වෙනත් භාෂාවලදී මෙන්ම මෙහිදී අදාල කාර්යයන් ඉටු කර ගැනීමට විශේෂ කේතයන් (Codes) භාවිතාවේ. මේවා HTML සම්බන්දක (HTML Tags) ලෙස හැදින්වේ. මේවා භාවිතයෙන් අපට අවශ්‍ය වෙබ් පිටුව නිර්මාණය කරගතහැක. 💢 වෙබ් ටූල්ස් (Web Tools) වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී ඒසදහා විවිධ උපකරන (වෙබ් ටූල්ස් - Web Tools) භාවිතා කිරීමට සිදුවේ. මෙහිදී වෙබ් ටූල්ස් ලෙස හැදින් වනුයේ වෙබ් අඩවි නිර්මාණයේදි යොදා ගන්නා විවිධ මෘදුකාංගය. මෙහිදී ප්‍රධාන වහයෙන් වැදගත් වන්නේ Text Editor ය. Ex:- · Notepad · Get editor · Gedit · Nano · Ultraedit · TextMate. මීට අමතරව වෙබ් අඩවි නිර්මාණයටම සැකසුනු විශේෂ ‍ මෘදුකාංග නිර්මාණය කර ඇත. Ex:- · Adobe Dreamweaver · Adobe Home Site · Alley code HTML Editor · Microsoft web Expression · Microsoft Visual Web 💢 වෙබ් එක්ස්ටෙන්ෂන් (Extension) වෙබ් පිටුවක් හෝ පරිගණකයක භාවිතාවන කුමන වර්‍ගයේ ගොනුවකට ( File) වුවද එක්ස්ටෙන්ෂන් එකක් පවති. අදාල ගොනුව භාවිතාවන මෘදුකාංගය හදුනා ගැනීමට මෙය ඉතා වැදගත්ය. ගොනුවක් නම් කිරීමේදී පළමුව නමත් දෙවනුව එක්ස්ටෙන්ෂනයත් ලබාදෙයි. උදා:-File name. Extension Index.html වෙබ් පිටුවකටද එක්ස්ටෙන්ෂන් පවතියි. වෙබ් පිටුවක එක්ස්ටෙන්ෂන් තීරනය වන්නේ එම වෙබ් පිටුව නිර්මාණය කරනු ලබන භාෂාව මතය. (.php .html .xml .js .asp)

----------------------☠DARK WEB☠----------------------- ඩාක් වෙබ් යනු සාමාන්‍ය වෙබ් බ්‍රවුසරය හරහා හෝ සම්මත Search Engine මඟින් දර්ශනය නොකර සැඟවුනු සේවාවවන් ලබා දෙන වෙබ් අඩවි කොටසක් ලෙස හැ දින්විය හැකිය. ඩාක් වෙබ් යනු ඩීප් වෙබ් වල සුලු කොටසක් ලෙස හැඳීන්විය හැකිය. සුළු ජාලාකරණ පද්ධති‚ සහ ජනප්‍රිය ජාලයන් වන Tor, Freenet සහ I2P වැනි ජාලා වලින් ඩාක් වෙබ් සමන්විත වන අතර Tor ඩාක් වෙබ් අඩවි කොටස Onionland ලෙසද හදුන්වනු ලැබේ. Onionland එකට ඇතුලත් වන වෙබ් අඩවි නම අගට . onion යන නාමය භාවිතා කරන අතර එම වෙබ් අඩවි විසින් onion routing නැමැති ක්‍රමය භාවිතා කරමින් ඒ හරහා ගලා යන දත්ත නිර්නාමික බවට පත් කරනු ලැබේ. ඩාක් වෙබ් වල ඇති තොරතුරු සහ දත්ත මඟින් අපට ප්‍රයෝජන ලබා ගත හැකි අතර එමෙන්ම ඩාක් වෙබ් වලදී නීති විරෝධී සේවාවවන්ද සිදු වනු ලැබේ. එනම් අවි ආයුධ ජාවාරම් කිරීම‚ මත්ද්‍රව්‍ය වෙළඳාම්‚ ලමා සහ වැඩහිටි අසභ්‍ය විඩියෝ දර්ශන විකීණීම්‚ නීති විරෝධී බඩු භාණ්ඩ අලෙවි කිරීම් යනාදී මෙකී නොකී බොහෝ දේ ඩාක් වෙබ් වල සිදු වේ. onion routing භාවිතා කරමින් නිර්නාමිකව සන්නිවේදනය කරන නිසා එකී ඩාක් වෙබ් වලදී සිදු කරන නිති විරෝධී දෑ මර්දනය කිරීමට ලොව පුරා ආරක්ෂක අංශ වලටද අද වන විට දුෂ්කර වී ඇත. ඩාක් වෙබ් වලදී සිදු වන නීති විරෝධී දෑ අතුරින් සීයට 15 ක්ම මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම් වලට අදාල වන අතර ඩාක් වෙබ් අඩවි අතුරින් සීයට 8 ක්ම මත්ද්‍රව්‍ය සේවා සැපයීම් ගණයට වැටුනු වෙබ් අඩවි වේ. එපමණක්ද නොව නීති විරෝධී සහතික පත්‚පාස්පෝට්‚ ක්‍රෙඩිට් කාඩ් ආදිය මිලට ගැනීම්ද සීයට 7 ක් පමණ පසුගිය වසරේදී ඩාක් වෙබ් අඩවි තුලින් ලබා දී ඇත. එසේම ඩාක් වෙබ් වල ඇති නිර්නාමිකතාවය නිසා මුදල් වංචා කිරීම් ආදී දේද ඇත. එයට අමතරව ඩාක් වෙබ් සතුව විවිධ ආකාරයේ දැනුම් කොටස්ද ඔබට ලබා ගත හැක. Hacking ගැන බොහෝ දේද ඉගෙන ගත හැක. එසේම ත්‍රස්ථවාදී කටයුතු වැනිදෑද ඩාක් වෙබ් හරහා සිදු වේ. ලංකාවේ එවැනි සිදු වීම් වාර්තා වීම අල්ප වුවත් විදෙස් රටවල් වල එවැනි දේ ඇති තරම් වාර්තා වී ඇත. ඩාක් වෙබ් වෙත පිවිසීමට වඩාත් සුදුසුම මෙහෙයුම් පද්ධති මොනවාද පරිගණක පරීශීලකයින්ගෙන් සීයට 90 ක්ම භාවිතා කරන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය. නමුත් ඩාක් වෙබ් අඩවි වලට පිවිසම සඳහා වින්ඩෝස් භාවිතා කිරීම එතරම් නුවණට හුරු නැති ක්‍රියාවකි. මන්දයත් ලොව පුරා බොහෝ පරීශීලකයින් ප්‍රමාණයක් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන නිසා වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වල දුර්වල ස්ථාන ගැන මනා වැටහීමක් Hacker වැන්ට ඇත. එය වෙනත් මෙහෙයුම් පද්ධති වලට සාපේක්ෂව වැඩිය. අනිත් කාරණය නම් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතීන් සතුව බොහෝ ආරක්ෂක දුර්වලතා තිබිමයි. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය Open Source නොවන නිසා එවැනි දෝෂ නිවැරදි වීම සඳහා සැලකිය යුතු කාලයක් ගත වන අතර ඒ කාල පරාසයේදී හැකර්වරුන් විසින් එකී දෝෂ ඩාක් වෙබ් වලදී ඔබට එරෙහිව භාවිතා කරමින් ඔබේ පුද්ගලිකත්වයට හානි පැමිණවීමට ඉඩ ඇත. එබැවින් ඩාක් වෙබ් වෙත පිවිසීම සඳහා වඩාත් සුදුසු වන්නේ Tails OS, Qubes OS වැනි ආරක්ෂාකාරී බව අතින් ඉහල ලින්ක්ස් වර්ගයේ මෙහෙයුම් පද්ධතීන් වේ. Android දුරකථන වලට Orbot සහ Orfox යන ඇන්ඩ්‍රොයිඩ් ඇප් Install කරගෙන ඩාක්වෙබ් වලට පිවිසීමද කල හැකි අතර වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් භාවීතා කර ඩාක් වෙබ් වලට පිවිසෙනවාට වඩා එය ආරක්ෂාකාරීය. ඩාක් වෙබයට පිවිසෙන අකාරය, එහි අඳුරු පැතිකඩ, ඩාක් වෙබ් අපරාද හා ඩාක් වෙබ් LINKs ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න..

----------------------☠DARK WEB☠----------------------- ඩාක් වෙබ් යනු සාමාන්‍ය වෙබ් බ්‍රවුසරය හරහා හෝ සම්මත Search Engine මඟින් දර්ශනය නොකර සැඟවුනු සේවාවවන් ලබා දෙන වෙබ් අඩවි කොටසක් ලෙස හැදින්විය හැකිය. ඩාක් වෙබ් යනු ඩීප් වෙබ් වල සුලු කොටසක් ලෙස හැඳීන්විය හැකිය. සුළු ජාලාකරණ පද්ධති‚ සහ ජනප්‍රිය ජාලයන් වන Tor, Freenet සහ I2P වැනි ජාලා වලින් ඩාක් වෙබ් සමන්විත වන අතර Tor ඩාක් වෙබ් අඩවි කොටස Onionland ලෙසද හදුන්වනු ලැබේ. Onionland එකට ඇතුලත් වන වෙබ් අඩවි නම අගට . onion යන නාමය භාවිතා කරන අතර එම වෙබ් අඩවි විසින් onion routing නැමැති ක්‍රමය භාවිතා කරමින් ඒ හරහා ගලා යන දත්ත නිර්නාමික බවට පත් කරනු ලැබේ. ඩාක් වෙබ් වල ඇති තොරතුරු සහ දත්ත මඟින් අපට ප්‍රයෝජන ලබා ගත හැකි අතර එමෙන්ම ඩාක් වෙබ් වලදී නීති විරෝධී සේවාවවන්ද සිදු වනු ලැබේ. එනම් අවි ආයුධ ජාවාරම් කිරීම‚ මත්ද්‍රව්‍ය වෙළඳාම්‚ ලමා සහ වැඩහිටි අසභ්‍ය විඩියෝ දර්ශන විකීණීම්‚ නීති විරෝධී බඩු භාණ්ඩ අලෙවි කිරීම් යනාදී මෙකී නොකී බොහෝ දේ ඩාක් වෙබ් වල සිදු වේ. onion routing භාවිතා කරමින් නිර්නාමිකව සන්නිවේදනය කරන නිසා එකී ඩාක් වෙබ් වලදී සිදු කරන නිති විරෝධී දෑ මර්දනය කිරීමට ලොව පුරා ආරක්ෂක අංශ වලටද අද වන විට දුෂ්කර වී ඇත. ඩාක් වෙබ් වලදී සිදු වන නීති විරෝධී දෑ අතුරින් සීයට 15 ක්ම මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම් වලට අදාල වන අතර ඩාක් වෙබ් අඩවි අතුරින් සීයට 8 ක්ම මත්ද්‍රව්‍ය සේවා සැපයීම් ගණයට වැටුනු වෙබ් අඩවි වේ. එපමණක්ද නොව නීති විරෝධී සහතික පත්‚පාස්පෝට්‚ ක්‍රෙඩිට් කාඩ් ආදිය මිලට ගැනීම්ද සීයට 7 ක් පමණ පසුගිය වසරේදී ඩාක් වෙබ් අඩවි තුලින් ලබා දී ඇත. එසේම ඩාක් වෙබ් වල ඇති නිර්නාමිකතාවය නිසා මුදල් වංචා කිරීම් ආදී දේද ඇත. එයට අමතරව ඩාක් වෙබ් සතුව විවිධ ආකාරයේ දැනුම් කොටස්ද ඔබට ලබා ගත හැක. Hacking ගැන බොහෝ දේද ඉගෙන ගත හැක. එසේම ත්‍රස්ථවාදී කටයුතු වැනිදෑද ඩාක් වෙබ් හරහා සිදු වේ. ලංකාවේ එවැනි සිදු වීම් වාර්තා වීම අල්ප වුවත් විදෙස් රටවල් වල එවැනි දේ ඇති තරම් වාර්තා වී ඇත. ඩාක් වෙබ් වෙත පිවිසීමට වඩාත් සුදුසුම මෙහෙයුම් පද්ධති මොනවාද පරිගණක පරීශීලකයින්ගෙන් සීයට 90 ක්ම භාවිතා කරන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය. නමුත් ඩාක් වෙබ් අඩවි වලට පිවිසම සඳහා වින්ඩෝස් භාවිතා කිරීම එතරම් නුවණට හුරු නැති ක්‍රියාවකි. මන්දයත් ලොව පුරා බොහෝ පරීශීලකයින් ප්‍රමාණයක් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන නිසා වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වල දුර්වල ස්ථාන ගැන මනා වැටහීමක් Hacker වැන්ට ඇත. එය වෙනත් මෙහෙයුම් පද්ධති වලට සාපේක්ෂව වැඩිය. අනිත් කාරණය නම් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතීන් සතුව බොහෝ ආරක්ෂක දුර්වලතා තිබිමයි. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය Open Source නොවන නිසා එවැනි දෝෂ නිවැරදි වීම සඳහා සැලකිය යුතු කාලයක් ගත වන අතර ඒ කාල පරාසයේදී හැකර්වරුන් විසින් එකී දෝෂ ඩාක් වෙබ් වලදී ඔබට එරෙහිව භාවිතා කරමින් ඔබේ පුද්ගලිකත්වයට හානි පැමිණවීමට ඉඩ ඇත. එබැවින් ඩාක් වෙබ් වෙත පිවිසීම සඳහා වඩාත් සුදුසු වන්නේ Tails OS, Qubes OS වැනි ආරක්ෂාකාරී බව අතින් ඉහල ලින්ක්ස් වර්ගයේ මෙහෙයුම් පද්ධතීන් වේ. Android දුරකථන වලට Orbot සහ Orfox යන ඇන්ඩ්‍රොයිඩ් ඇප් Install කරගෙන ඩාක්වෙබ් වලට පිවිසීමද කල හැකි අතර වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් භාවීතා කර ඩාක් වෙබ් වලට පිවිසෙනවාට වඩා එය ආරක්ෂාකාරීය. ඩාක් වෙබයට පිවිසෙන අකාරය, එහි අඳුරු පැතිකඩ, ඩාක් වෙබ් අපරාද හා ඩාක් වෙබ් LINKs ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න..

මම හෙට ඉදන් දාන post වලට # ටැග් දානවා #tech_news #techinformasion #techvideo

⚜නැවත පණ ගැන්වූ ලොව පලමු වෙබ් බ්‍රවුසරය....⚜ මේ වන විට අපි භාවිතා කරන අන්තර්ජාලය මුලින්ම නිර්මාණය වුණේ CERN එහෙමත් නැතිනම් European Organization for Nuclear Research කියන ආයතනය තුලයි. ඉතින් වසර 30කට පෙර, 1989 වර්ෂයේදී එහි සිටි ඉන්ජිනේරුවන් විසින් ලොව මුල්ම HyperText Browser එක නිෂ්පාදනය කිරීමේ සංවත්සරයට සමගාමීව, දැනට එහි සේවය කරන developers ලා විසින් මේ Browser එක නැවතත් ලොවට දැකගැනීමේ හැකියාව ලබා දීමට කටයුතු කර තිබෙනවා. මේ හරහා ලොව මුල්ම hypertext web browser එක හරහා අන්තර්ජාලය භාවිතා කිරීමේ අවස්ථාව මේ වන විට ලැබී තිබෙන අතර 1990 දශකයේදී අන්තර්ජාලයේ පෙනුම ගැන අවබෝධයක් ලබා ගැනීමට මේ මගින් හැකියාව ලැබෙනවා. මේ සංවත්සරය වෙනුවෙන් ඉහත සඳහන් කළ Web Browser එක, ඒ කාලයේ තිබුණු Coding පිළිබඳව, ඉතිහාසය, වසරින් වසර එය වැඩි දියුණු වූ ආකාරය මෙන්ම භාවිතා කළ fonts ගැන ද විශාල තොරතුරු ප්‍රමාණයක් එකතු කරමින් මේ වෙනුවෙන් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට ද ඔවුන් කටයුතු කර තිබෙනවා. කවුරුහරි කෙනෙක් අපෙන් "ලෝක ව්‍යාප්ත ජාලයේ, එහෙමත් නැතිනම් World Wide Web එකේ පියා කවුද?" කියන ප්‍රශ්නය නැගීමට කටයුතු කළහොත්, Google කරලා "Tim Berners-Lee" කියන නම කියන්නට අපි පුරුදු වෙලා හිටියත්, ඔහුගේ නිර්මාණයන් සැබැවින්ම කොයි ආකාරයේ වූවේද යන්න අපිට මේ වනතුරු දකින්නට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් මේ project එක හරහා එය නැවත වරක් ලෝකයා හට දැකගැනීමේ හැකියාව ලැබෙනවා.. -තොරතුරු අන්තර්ජාලයෙනි-