cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

☸️බුදු දහමින් ජීවිතයට☸️

🟨කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බැලීම තරම් දුර්ලභ මනුෂ්‍ය භවයක් අපට ලැබී ඇත. ඊටත් වඩා දුර්ලභ බුද්ධෝත්පාද කාලයක් ලැබී ඇත. නමුත් මේ ජීවිතය ඉතා වේගයෙන් ගෙවී යයි. ඔබ ඊළග මොහොතේ වුවත් මරණයට පත්විය හැක. ඉතින් මේ ධර්මයේ හැසිරීමට හොදම කාලයයි.

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganTil belgilanmaganToif belgilanmagan
Reklama postlari
137
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kunlar
Ma'lumot yo'q30 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

🔴ක්‍රෝධයේ ආදීනව🔴 1. කෝධසම්මදසම්මත්තෝ - ආයසක්‍යං නිගච්ඡති, ඤාතිමිත්තා සුහජ්ජා ච - පරිවජ්ජෙන්ති කෝධනං. . 2. අනත්ථජනනෝ කෝධෝ - කෝධෝ චිත්තපකෝපනෝ, භයමන්තරතෝ ජාතං - තං ජනෝ නාවබුජ්ඣති. . 3. කුද්ධෝ අත්ථං න ජානාති - කුද්ධෝ ධම්මං න පස්සති අන්ධන්තමං තදා හෝති - යං කෝධෝ සහතේ නරං. (අංගුත්තර සත්තක නිපාත) 1. ක්‍රෝධ නමැති මදයෙන් මත් වූයේ අයසට පැමිණේ. ක්‍රෝධ කරන්නහු නෑ මිතුරෝ ද හොඳහිත් ඇත්තෝ ද වර්ජනය කෙරෙති. 2. ක්‍රෝධය අනර්ථ ඇති කරන්නකි, ක්‍රෝධය සිත කෝප කරන්නකි, එය තමා තුළින් ම හටගත් භයෙකි. එය ජනයා තේරුම් නො ගනී. 3. කිපුණ පුද්ගල තෙමේ දියුණුව නො දකී, කිපුණු පුද්ගල තෙමේ ධර්මය නො දකී. යම් මිනිසකු ක්‍රෝධය අභිභවනය කෙරේ ද එකල ඔහුට ඝනාන්ධකාරයක් වේ.
Hammasini ko'rsatish...
Hammasini ko'rsatish...
🔴පළමුවන ආඝාතපටිවිනය සූත්‍රය🔴

[සැවැත්නිදාන යි] ▫️මහණෙනි, යම් අරමුණෙක්හි මහණක්හට උපන් ආඝාතය (ද්වේෂය) සර්‍වප්‍රකාරයෙන් දුරුකටයුතු වේ නම්, එබඳු වූ මේ ආඝාතපටිවිනය (උපාය) යෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්: ▫️මහණෙනි, යම් පුද්ගලයකු කෙරෙහි ආඝාතය උපදනේ වේ නම්, එ පුද්ගලයා කෙරෙහි මෛත්‍රිය (ත්‍රික චතුෂ්කධ්‍යාන වශයෙන්) භැවියැ යුතු. මෙසෙයින් එ පුඟුල් කෙරෙහි උපන් ආඝාතය දුරැලිය යුතු යි. ▫️මහණෙනි, යම් පුද්ගලයකු කෙරෙහි ආඝාතය උපදනේ වේ නම්, එ පුඟුල් කෙරෙහි කරුණා භැවියැ යුතු. මෙසෙයින් එ පුඟුල් කෙරෙහි උපන් ආඝාතය දුරැලිය යුතු. ▫️මහණෙනි, යම් පුද්ගලයකු කෙරෙහි…

මෙච්‍චර පින් කරන අපිටම ඇයි වරදින්නේ|Ven Balangoda Radha Thero Ama Dora Viwara viya
Hammasini ko'rsatish...
මෙච්_චර_පින්_කරන_අපිටම_ඇයි_වරදින්නේ_Ven_Balangoda_Radha_02f41O0cpsw.m4a13.94 MB
රට්ඨපාල සූත්‍රය - Ratthapala Suthraya | most ven na uyane ariyadhamma maha thero
Hammasini ko'rsatish...
රට්ඨපාල_සූත්_රය_Ratthapala_Suthraya_most_ven_na_uyane_a_4ygwWNzloc8.m4a10.48 MB
🔴අසුරින්‍දක සූත්‍රය🔴 ▪️එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. අසුරින්‍දකභාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ භාරද්වාජගෝත්‍ර බමුණා ගිහිගෙයින් නික්ම ශ්‍රමණ ගෞතමයන් සමීපයෙහි පැවිද්දට ගියේ ය යි ඇසීය. කිපියේ නො සතුටු සිත් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට අසභ්‍ය පරුෂ වචනයෙන් ආක්‍රෝශ කෙරෙයි. පරිභව කෙරෙයි. එසේ ආක්‍රෝශ පරිභව කළ කල්හි භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වූ සේක. ▪️ඉක්බිති අසුරින්‍දකභාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය. මහණ, දිනුයෙහි ද, මහණ දිනුයෙහි ද. [භගවත්හු:] ▪️අඥාන තෙමේ වචනයෙන් පරුෂ බෙණෙමින් ඒකාන්තයෙන් තමන්ට ජයෙකැයි හඟී. (ඉවසීමෙහි ගුණ) දන්නහුගේ යම් ඉවසීමෙක් වේ ද, ඒ ඔහුට ජයෙක් ම වේ. ▪️යමෙක් කිපියහුට පෙරළා කිපේ ද, එයින් ඔහුට ම පව වේ. කිපියහුට පෙරළා නො කිපෙන්නේ දුකසේ දිනියහැකි ක්‍රෝධ සඞ්ග්‍රාමය දිනයි. ▪️යමෙක් අන්‍යන් කිපියහු දැන සිහි ඇතිව ඉවසා ද, (හෙතෙමේ) තමහට ද අන්‍යන්හට ද (යන) දෙදෙනාහට ම වැඩ සාදයි. ▪️තමාහට ද අන්‍යන්හට ද යන දෙදෙනාහට ම පිළියම් කරනුවහු බාලයහයි ධර්‍මයෙහි අදක්‍ෂ වූ ඒ ජනයෝ හඟිත්. ▪️මෙසේ වදාළ කල්හි අසුන්‍දරිකභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි … දැනගත්තේ ය. ආයුෂ්මත් භාරද්වාජ තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.
Hammasini ko'rsatish...
මේ බලන්න කළගුණ සැලකීම කොතරම් නම් වටිනවාද | Most Ven. Na Uyane Ariyadhamma Maha Thero
Hammasini ko'rsatish...
මේ_බලන්න_කළගුණ_සැලකීම_කොතරම්_නම්_වටිනවාද_Most_Ven_Na_U_eynOHyvg6w.mp34.44 MB
🟥අප්පමාද සූත්‍රය🟥 සැවැත්නුවර - ▪️එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. වහන්ස, යම් දහමෙක් මෙලොව අභිවෘද්ධියත් පරලොව අභිවෘද්ධියත් යන දෙවැදෑරුම් අභිවෘද්ධිය ම අත්පත් කොට ගෙණ සිටී නම් එබඳු එක් දහමෙක් ඇද්ද? ▪️මහරජ, යම් දහමෙක් මෙලොව අභිවෘද්ධියත් පරලොව අභිවෘද්ධියත් යන දෙවැදෑරුම් අභිවෘද්ධිය ම අත්පත් කොට ගෙණ සිටී නම් එබඳු එක් දහමෙක් ඇත. ▪️වහන්ස, යම් දහමෙක් මෙලොව අභිවෘද්ධියත් පරලොව අභිවෘද්ධියත් යන දෙවැදෑරුම් අභිවෘද්ධිය ම අත්පත් කොට ගෙණ සිටී නම් එබඳු එක් දහම කිමෙක් ද? ▪️මහරජ, යම් දහමෙක් මෙලොව අභිවෘද්ධියත් පරලොව අභිවෘද්ධියත් යන දෙවැදෑරුම් අභිවෘද්ධිය ම අත්පත් කොට ගෙණ සිටී නම් එබඳු එක් දහම අප්‍රමාදය යි. මහරජ, ඇවිදින ප්‍රාණින්ගේ යම් කිසි පා සටහන්හු වෙත් නම් ඒ සියල්ලෝ යම්සේ ඇත්පියෙහි ඇතුළත වීමට යෙද්ද, යම් ඒ මහත්ත්‍වයෙන් ඇත්පිය ඔවුන්ට අග්‍ර ය යි කියනු ලැබේද, මහරජ, එසෙයින් ම යම් දහමෙක් මෙලොව අභිවෘද්ධියත් පරලොව අභිවෘද්ධියත් යන දෙවැදෑරුම් අභිවෘද්ධිය ම අත්පත් කොට ගෙණ සිටී නම් අප්‍රමාදය ඒ එක් දහම යි. ▪️ආයුෂ, නීරෝගබව ද, ශරීර වර්‍ණය ද, ස්වර්‍ගය ද, උසස්කුල ඇති බව ද, උදාර වූ අන්‍යෝන්‍ය වූ සිත් අලවන දෑ ද පතන්නහු විසින් පුණ්‍ය ක්‍රියාවන්හි නොපමාවීම නුවණැත්තෝ පසසත්. ▪️මෙලොව යම් අභිවෘද්ධියෙකුත් වේ ද, පරලොව යම් අභිවෘද්ධියෙකුත් වේ ද, පණ්ඩිත තෙමේ නො පමා වූයේ ඒ දෙවැදෑරුම් අභිවෘද්ධිය ම ලබයි. ධෘතිසම්පන්න පුද්ගල තෙමේ අර්‍ත්‍ථප්‍රතිලාභය හේතු කොට ගෙණ පණ්ඩිත ය යි කියනු ලැබේ.
Hammasini ko'rsatish...
මහා මංගල සුත්‍රය § Maha Mangala Sutta - +108 - Nauyane Ariyadhamma Himi-නා උයනේ අරියධම්ම නාහිමි
Hammasini ko'rsatish...
මහා_මංගල_සුත්_රය_Maha_Mangala_Sutta_108_Nauyane_Ariyadh_FiJoLk_vfZg.m4a18.34 MB
ගිහි ජීවිතය තුළ කෙලෙස් යටපත් කිරීමට නම් | Most Ven. Na Uyane Ariyadhamma Maha Thero
Hammasini ko'rsatish...
ගිහි_ජීවිතය_තුළ_කෙලෙස්_යටපත්_කිරීමට_නම්_Most_Ven_Na_Uy_OSS5mZ_8VOE.m4a2.78 MB
💎සුභාසිතවාචා සූත්‍රය💎 [සැවැත්නිදාන යි] ▫️මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත වචනය සුභාෂිතය වෙයි. දුර්‍භාෂිත නො වෙයි, අනවද්‍ය ද වෙයි, නුවණැතියන් විසින් නො ගැරැහිය යුතු ද වෙයි. කවර පසෙකින් යත්: 🔺 කාලභාෂිතද (නිසි කල්හි කියනලදුයේ) වෙයි. 🔺 සත්‍යභාෂිත ද වෙයි. 🔺 ශලක්‍ෂණභාෂිත ද (සිලුටු වචන) වෙයි. 🔺 අර්‍ත්‍ථසංහිත භාෂිත ද වෙයි. 🔺 මෙත් සිතින් (කියන) භාෂිත ද වෙයි. ▫️මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත වචනය සුභාෂිත වෙයි, දුර්‍භාෂිත නො වෙයි, නිරවද්‍ය ද වෙයි. විඥයන් විසින් නො ගැරැහිය යුතු ද වේ යයි.
Hammasini ko'rsatish...
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.