cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

අදෘශ්‍යමාන 🇱🇰

පුදුමාකාරයි අද්භූතයි විශ්මිතයි අදෘශ්‍යමානයි 🇱🇰 විශ්වයේ පැතිර ඇති දැනුම ගවේෂණ කරන්න, ඔබගේ දෘශ්‍යමාන වූ දැනුමට අදෘශ්‍යමාන වූ ඔබ නොදන්නා දැනුම එක් කරගන්න රැදී සිටින්න අපත් සමගම.. CHANNEL = @Invisible_knowledge_SL OWNER = @cricket_g

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganTil belgilanmaganToif belgilanmagan
Reklama postlari
206
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kunlar
Ma'lumot yo'q30 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

Photo unavailableShow in Telegram
පෝන් එක නැතුව ඉන්න පුලුවන්ද....😁 සමහරු ඉන්නවා පෝන් එක නැතුව පැයක්වත් ඉන්න බෑ....🤯 මේක දරුණු වෙලා කලින් දවස්වල ගොඩක් අවාසනාවන්ත සිද්ධි වාර්තා වුණා....😶 ඔයාලා දන්නවද ඒක ලෙඩක් (ෆෝබියාවක්) වෙන්න පුළුවන්....🤨 අද තාක්ෂණයේ දියුණුවත් එක්ක ජංගම දුරකථනය කියන්නේ කාගේත් ළඟ සුලබ ව දකින්න ලැබෙන දෙයක්... ඒ වුණාට ජංගම දුරකථනය තමන් ළඟ නැති වෙන එක ෆෝබියාවක් බවට පත් වූ පුද්ගලයන් අද වෙද්දී සුලබ වෙලා තියෙන බව තමයි මනෝවෛද්‍ය මතය...😅 මේ ලෙඩේ තියන බොහෝ දෙනෙක් දවසේ නින්දෙන් ඇහැරුණ වෙලාවේ සිට නාන්න යාමේ දී පවා දුරකථනය නැති ව ම බැරි බවක් තමයි කියන්නේ.... මේ රෝගය එක්කෝ දුරකථනය ළඟ නැති වීම, බැටරි නොමැතිකම, හෝ අන්තර්ජාල සම්බන්ධතා නැති වීම කියන කරණා එක්ක මතුවෙන්න පුළුවන්....😨 තරුණ පරම්පරාව මේ රෝගයට ගොදුරු වෙන්න වැඩි ඉඩක් තියෙනවා...😳 උඹලට මේක තියේද.....😅 @අදෘශ්‍යමාන
Hammasini ko'rsatish...
යුපුන්ගෙන් ලක්මාතාවට ඉතිහාසගත පදක්කමක් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක යුපුන් අබේකෝන් අවසන් තරගයේ දී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම දිනා දෙන්නට සමත් වුනා. අද (04) අලුයම පැවති අවසන් තරගයට සහභාගී වූ යුපුන් එම තරගය තත්පර 10.14ක කාලයකින් අවසන් කළේ තුන්වැන්නා ලෙසයි. ඒ සමඟින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක මීටර් 100 ඉසව්වෙන් පදක්කමක් දිනූ පළමු ආසියානු ක්‍රීඩකයා ලෙස යුපුන් ඉතිහාසගත වුනා. එමෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකාව දිනූ සිව්වැනි පදක්කම මෙය වූ අතර 1998 වසරින් පසු පොදුරාජ්‍ය මණ්ඩලීය මලල ක්‍රීඩා පදක්කමක් දිනූ පළමු ශ්‍රී ලාංකිකයා වීමට යුපුන්ට හැකි වීම ද විශේෂත්වයක්. යුපුන් ඉසව්වේ අවසන් පූර්ව වටය තත්පර 10.20ක කාලයකින් අවසන් කළේ සිව්වැන්නා ලෙසයි. නමුත් ඔහුට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට එම කාලය ප්‍රමාණවත් වූ අතර ඔහු මූලික වටයේ දී තත්පර 10.06ක කැපී පෙනෙන කාලයක් වාර්තා කරමින් පළමුවැන්නා ලෙස අවසන් කරන්නට සමත් වුනා. මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවට ද හිමිකම් කියන යුපුන් මෙම වසරේ දී මීටර් 100 ඉසව්ව තත්පර 9.96ක කාලයකින් අවසන් කරමින් තත්පර 10ට අඩු කාලයකින් ඉසව්ව අවසන් කළ පළමු දකුණු ආසියානුවා ලෙස ද ඉතිහාසගත වුනා. @Invisible_knowledge_SL 🇱🇰__
Hammasini ko'rsatish...
අදෘශ්‍යමාන 🇱🇰 Chat

Photo unavailableShow in Telegram
ඔයාලා දත් මදින ගමන් ෆෝන් එක ඔබනවද....💋📱 උඹල ප්‍රමුඛත්වය දෙන්නෙ දත් මදින්න ද.. ෆෝන් එකටද...😅 හරි හරි ඒක වැඩක් නෑ... දැන් කියන්න යන්නේ හැමෝටම පුදුම හිතෙන කතාවක්.... ඔබ දන්නවා ද...? ලෝක ජනගහනයෙන් බිලියන 4.8ක් කිසියම් හෝ ජංගම උපකරණයක් භාවිතා කරනවා.... ඒ වුණාට බලහං ලෝකෙ මුඛ සෞඛ්ය රැක ගැනීමට දත් බුරුසු භාවිතා කරන්නේ බිලියන 3.5ක් විතරලු...😱 මුන් කෝල් වලට කතා කරන්නෙ කටින් නෙවේද මන්දා....😂 හැබැයි මේ සංඛ්‍යා දත්ත මේ වන විට වෙනස් වෙලා තියෙන්ඩ පුළුවන්... මොකා වුනත් හිතා ගන්න බැරුව වුණත් අපිට පිලිගන්න වෙලා තියෙන්නේ ලෝකෙ බුරුසුවලට වඩා පෝන්ව භාවිත වන බව.....😯 තීරණයක් ගනිං පෝන් එකද? කටද? @අදෘශ්‍යමාන
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
අරක්කු බොනවද.... වල් කතා පොත් බලනවද කියවනවද.....😜 එහෙම නරක දෙයක් නෙවෙයි යකෝ කියන්න හැදුවේ...🌝 ඔබ දන්නවා ද... මාලදිවයිනේ ගුවන් තොටින් ඇතුල්වෙද්දි සෙක්ස් ටෝයිස්, ඇල්කොහොල් බීම වගේම ලිංගිකමය කාරණා ඇතුළත් පත පොත පවා තිබුනොත් ඒක ප්‍රශ්නයක් වෙනවා....😅 මාලදිවයින මුස්ලිම් රටක්... සෑම බෑගයක්ම අවුස්සලා මාලදිවයින් එයාපෝට් එකේදි බලන්නේ නැහැ... ඒත් ඉතින් අනවශ්‍ය කරදර දාගන්න එක තේරුමක් නැති නිසා පෝන් මැගසින් හෝ ඩීවීඩී ටිකයි, මාලේ යනවනම් අරක්කු සහ බියර් වගේ ඒවායි ගෙනියන්න ඉන්නවා නම් ඒව ගෙදර දාලා මාලේ යන එක කෝකටත් හොඳයි... මරු නීති නෙහ්....😜😂 @අදෘශ්‍යමාන
Hammasini ko'rsatish...
දෙවැනි ලෝක යුද්ධයේ අබිරහස් 1. දෙවැනි ලෝක යුද සමයේදී “කාන්තාරයේ නරියා” යන අන්වර්ථයෙන් හැඳින්වුණුු ෆීල්ඩ් මාෂල් අර්වින් රොමෙල් ගේ ප්‍රධානත්වයෙන් යුත් ජර්මානු හමුදාව උතුරු අප්‍රිකාවේදී අමෙරිකානු ඩොලර් මිලියන 30 ක් වටිනා රත්රන් සහ මැණික් කොල්ල කෑවේය. ඉන්පසු ඒවා කෝර්සිකා මුහුදේ ගිල්වනු ලැබීය. අද දක්වා සොයා ගෙන නොමැත. 2. මිත්‍ර හමුදා ගුවන් නියමුවන් හා සතුරු ගුවන් නියමුවන් අතර පැවති සටන්වලදී ඉහළ අහසින් ආ අද්භූත පියාඹන ගෝල තමන් අතරින් යන බව දෙපිරිසම දැක ඇත. මේ සංසිද්ධිය ෆූ ෆයිටර්ස් ලෙස හැඳින්වෙන අතර අදටද පැහැදිලි කිරීමක් නැත. 3. ඉන්දියාවේ ජාතිවාදී නායකයකු හා අධිරාජ්‍ය විරෝධියකු වන සුබාෂ් චන්ද්‍රබෝස් දෙවැනි ලෝක යුද සමයේදී අබිරහස් ගුවන් අනතුරකට ලක්ව අතුරුදන් විය. මළ සිරුර සොයා නොගැනිණි. 4. රුසියාවේ කැතරින් මාලිගයේ තිබූ රන් රුවන් හා දුම්මලවලින් සරසන ලද ඇම්බර් ගබඩාව යුද්ධයේදී අතුරුදන් විය. එය සැබවින්ම ඇති තැන කිසිවෙක් නොදනිති. 5. හිට්ලර්ගේ දෙවැනියා වූ රුඩොල්ෆ් හෙස් සාම ගිවිසුමක් සඳහා එක්සත් රාජධානියට තනිව ගියේ මන්ද යන්න අබිරහසකි. ඇතැමුන් පවසන්නේ එය ඔහුගේ තනි තීරණයක් වූ බවයි. එංගලන්ත රහස් ඔත්තු සේවයේ උගුලක් බව ද පැවසේ. ස්කොට්ලන්තයේදී ඔහුව අත්අඩංගුවට ගැනිණ. ” යුරෝපයේ තිබූ කලාකෘතිවලින් පහෙන් එකක් පමණ හිට්ලර්ගේ හමුදාව විසින් කොල්ලකනු ලැබීය. එහෙත් ඒ අතරින් කලාකෘති ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් අදටද හමු වී නැත. “ 6. අමෙරිකාවේ ප්‍රකට ජෑස් සංගීතඥයකු හා ත්‍රොම්බෝන් වාද්‍ය ශිල්පියකු වූ ග්ලෙන් මිලර්, ප්‍රංශයේ සිටි අමෙරිකානු හමුදාව වෙනුවෙන් සංගීත ප්‍රසංගයක් ඉදිරිපත් කිරීම පිණිස යමින් සිටියදී අතුරුදන් විය. ඔහු රැගත් ගුවන් යානය අවසන් වරට දුටුවේ ඉංග්‍රීසි ඕඩයට ඉහළ අහසේදී ය. 7. යුරෝපයේ තිබූ කලාකෘතිවලින් පහෙන් එකක් පමණ හිට්ලර්ගේ හමුදාව විසින් කොල්ලකනු ලැබීය. එහෙත් ඒ අතරින් කලාකෘති ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් අදටද හමු වී නැත. 8. ලොස්ඇන්ජලීස් අහසට ඉහළින් පියාඹන වස්තුවක් දර්ශනය වීම නිසා අමෙරිකානු හමුදාවට ෂෙල් වෙඩි ප්‍රහාර 1400 ක් එල්ල කිරීමට සිදුවිය. එය පිටසක්වල යානාවක් යැයි සැලකේ. 9. හිට්ලර්ගේ රහස් ඔත්තු සේවය වූ ගෙස්ටෙපෝ හි ප්‍රධානී හෙන්රි මිලර් සෝවියට් හමුදාව බර්ලින් නුවරට ඇතුළුවන විටම අතුරුදන් විය. ඉන්පසු ඔහුට සිදුවූ දෙය රහසකි. 10. කැප් ආර්කෝනා, තීල්බෙක් සහ ඇතීන් නමැති ජර්මානු නෞකා ත්‍රිත්වය, නාසි වධ කඳවුරුවලට සිරකරුවන් රැගෙන යමින් සිටියදී බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවේ ප්‍රහාරයට ලක්විය. මේ සම්බන්ධ ලිපිගොනු වසර 2045 දක්වා මුද්‍රා තබා ඇත. @Invisible_knowledge_SL �🇰__
Hammasini ko'rsatish...
අදෘශ්‍යමාන 🇱🇰 Chat

Photo unavailableShow in Telegram
ඔයාලට විනෝදාංශයක් තියෙනවද.... ගොඩක් අයට එහෙම තියෙන්ට පුළුවන්.... ඒ වුණාට බලන්ඩ මේ කියනවා වගේ විනෝදාංශයක් ඔයාලට තියෙනවද කියල..... මැරුණු සේ රඟපෑම...🤪 මොකක් ද ඒ කිව්වේ.... ඉහත රූපයේ සිටින්නේ Chuck Lamb කියන පුද්ගලයයි... ඔහුගේ විනෝදාංශ තමා මැරුණ විදියට රඟ පාලා, තව එකෙක් ලවා ඒවා පොටෝ ගහල හෝ වීඩියෝ කරලා අන්තර්ජාලයට මුදා හැරීම...😂 ඔබ දන්නවා ද... ඔහුට මෙම දර්ශන මුදා හැරීමට වෙනම වෙබ් අඩවියකුත් පවතින බව....😜 මාර පිස්සුවක් නෙහ්.... මේ වගේ පිස්සු විනෝදාංශ තියෙන අය ඉන්නෝද.....😁 @අදෘශ්‍යමාන
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
අපි හැමෝටම අමතකවීම් වෙනවනෙ (අපේ උන්ට විශේෂයි ඉතිම්)....🤪 අද අපි කියන්න යන්නේ අමතක වීම ඇති වන ලෙඩක් ගැන... ඒ ලෙඩේ නම ඩිමෙන්ෂියාව (Dementia )..... අමතක වීම තමා මේ ලෙඩේ ප‍්‍රධාන රෝග ලක්ෂණය... එය අසාමාන්‍ය තත්ත්වයක්... මහලු අයට මේක බහුලව ඇති වෙන්න පුළුවන්... අංශභාගෙ වගේ රෝග තියෙන අයට මොළයට සිදුවන බලපෑම සහ හානිය හින්දත් මෙම රෝග තත්ත්වය ඇති වෙන්න පුළුවන්... මොළයට දැඩි හානි වුනත් මේ තත්ත්වය ඇති වෙනවලු... Vascular Dementia කියලා කියන්නේ අංශභාගය වැනි රෝග තත්ත්වයන් වල බලපෑම හින්දා ඇති වන අමතක වීමේ Dementia තත්ත්වයයි... @අදෘශ්‍යමාන
Hammasini ko'rsatish...
ඉන්දු නිම්න සිශ්ඨාචාරය අතුරුදහන්වී ගියේ කෙසේද? පෞරාණික ඉතිහාසය අපට නොවිසඳුනු අභිරහස් රැසක් ඉතිරිකොට ගොස් ඇත. ඊජිප්තුවේ පිරමීඩ තැනුවේ කෙසේද? තාක්ශණය ලැබුණේ කාගෙන්ද?, බ්‍රිතාන්‍යයේ ස්ටෝන්හෙන්ජ් ගල්කවය නිර්මාණය කලේ කවුරුන්ද? කෙසේද? ඒ සඳහා ටොන් ගණන් බර මහා ගල් ගෙනගියේ කෙසේද? මෙවැනි ඓතිහාසික අහිරහස් ඉතා ප්‍රසිද්ධ වන අතර පොත්පත් සියගණනක් මේ ගැන ලියවී ඇත. මේවා ගැන රූපවාහිණී වාර්තා චිත්‍රපට විශාල. සංඛ්‍යාවක්ද පවතී. යූ-ටියුබ් විඩියෝ ජාලයට පිවිසෙන අයෙකුට මෙම මාතෘකා පිලිබඳව වාර්තා චිත්‍රපට නරඹා දැනුවත්වීමේ හැකියාව ඇත. මේ ලිපියේ අරමුණ වන්නේ පිරමීඩ, ස්ටෝන්හෙන්ජ්, පූමාපුන්කු, නැස්කා කාන්තාරයේ සිතුවම් මෙන් ලොව දැඩි අවධානය දිනා නොගත්, එහෙත් තවමත් ඉතිහාසඥයින් හට ගැටලුවී ඇති අභිරහසක් වන ඉන්දු නිම්න සිශ්ඨාචාරයේ අවසානය කෙසේ සිදුවුනිද යන්නයි. ඉන්දු නිම්න සිශ්ඨාචාරය අතුරුදහන්වී ගියේ කෙසේද? ඉන්දු නිම්න වැසියනට කුමක් සිදුවුනිද? උච්ඡතම අවස්ථාවේ බටහිර ඉන්දියාවේ සිට ඇෆ්ඝනිස්ථානය දක්වා පැතිර තිබූ, මිලියන 5ක පමණ ජනකායක් ජීවත්වූවායයි සැක කෙරෙන ඉන්දු නිම්න සිශ්ඨාචාරය ඉන්දියානු අර්ධද්වීපයේ පැරණිතම සිශ්ඨාචාරයයි. තාක්ශණයෙන් දියුණු නාගරික සිශ්ඨාචාරයක් (urban civilization) ඔවුහු නිර්මාණය කරගෙන සිටියහ.ලෝකඩ යුගයේ (bronze age) සිශ්ඨාචාරයක් වූ මොවුන් ඉතා දියුණු සැළසුම් වලට නිර්මාණය කල නගර, දියුණු වැසිකිළි හා මළපවාහන පද්ධති වලින් නිර්මාණය කල දක්ශ ඉන්ජිනේරු ශිල්පයන් බිහිකල එකක් බවට සාක්ශි තවමත් ඕනෑ තරමින් ඉතුරු වී තිබේ. ලෝහකර්මය පිලිබඳව ඉතා හොඳ දැනුමක් තිබූ මොවුන් තඹ, ලෝකඩ, ඊයම් හා ටින් ලෝහ භාවිතා කරමින් නිර්මාණය කල විවිධ භාණ්ඩ හමුවී තිබේ. එපමණක් නොව ඉන්දු ගංගාවට මායිම්ව මෙම සිශ්ඨාචාරය නිර්මාණය ඉතා විශාල නෞකා තටාක, ධාන්‍යාගාර හා ගබඩා පවා හමුවී තිබේ. මේ සියල්ලෙන්ම තහවුරු වන්නේ ඉන්දුනිම්න සිශ්ඨාචාරය ඉතා සමෘධිමත් එකක් වූ බවයි. ඔවුන්ගේ නිවාස නූතන අපගේ නිවාස මෙන්ම පුළුස්සන ලද ගඩොල්වලින් නිමවා ඇති අතර සෑම නිවසකම පාහේ ඉතා දියුණු නානකාමර තිබී ඇත. එමෙන්ම ඉන්දු නිම්න සිශ්ඨාචාරය දිග, බර හා කාළය මැනීම සඳහා සම්මත මිනුම් ඒකක (standard units) මුලින්ම නිර්මාණය කරගත් සිශ්ඨාචාරය බවට දැනට තහවුරු වී තිබේ. සෑම දෙයක්ම ඉතා පිලිවෙලට, සැළසුම් සහගතව සිදුකල මොවුන් සමූහාණ්ඩු ක්‍රමයට රාජ්‍ය පාළනය සිදුකල බව විශ්වාස කෙරේ. තවත් විශ්මය දනවන කරුණක් වන්නේ ඉන්දු නිම්න සිශ්ඨාචාරයට අයත් යයි සැළකෙන පැරණි සොහොනකින් සොයාගත් පිරිමි මෘතශරීර දෙකකම දත් වල කුඩා සිදුරු සාදා තිබීමයි. මේවා මොවුන් ජීවතුන් අතර සිටියදීම සිදුකරන ලද විදුම් බව ඒ පිලිබඳව පර්යේශණ සිදුකල විද්‍යාඥයින් තහවුරු කරගෙන ඇති අතර ඒ අනුව ඉහල දන්ත සෞඛ්‍ය තාක්ශණයක් ඔවුන් සතුව තිබී ඇති බව සැළකේ. එහෙත් එවැනි සිශ්ඨාචාරයක් එක්වරම අතුරුදහන් වී ගියේය. වෙනත් සිශ්ඨාචාර විනාශවී යනවිට ඒවා නිරන්තර යුද්ධ, බල අරගල, කාළගුණික විපර්යාසවලට යටත්වී විනාශවී ගිය බවට සාධක ඇතත් ඉන්දු නිම්න වැසියන් හට එවැනි ඉරණමක් අත්වූ බවට තහවුරු කල හැකි සාධකයක් සොයා ගැනීමට නැත. 1922 දී මොහෙන්ජෝදාරෝ හා හරප්පා නගර සොයාගන්නා තෙක්ම්ම ඔවුන් ගැන කිසිදු සටහනක් ලෝක ඉතිහාසයේ ඉතුරු නොවන තරමටම වේගයකින් මෙම විශිෂ්ඨ සිශ්ඨාචාරය මිහිපිටින් තුරන්වීම තවමත් පුරාවිද්‍යාඥයින් හට පැහැදිලි කල නොහැකි ඓතිහාසික අභිරහස් වලින් එකකි. ඉන්දු නිම්න සිශ්ඨාචාරයේ යටපත්වීමට හේතු ලෙස දැනට ඉදිරිපත් කොට ඇති වඩාත් විශ්වාසකල හැකි කල්පිතය නම් කාළගුණ විපර්යාසයක් මගින් ඔවුන්ගේ කෘෂිකර්මානතයට හා වෙළඳාමට දැඩි බලපෑමක් එල්ලවූ බවය. @Invisible_knowledge_SL 🇱🇰
Hammasini ko'rsatish...
අදෘශ්‍යමාන 🇱🇰 Chat

Photo unavailableShow in Telegram
වතුර බිව්වෙ නැතුව වුණාම ඔලුවෙ කැක්කුම එන්න පුළුවන්.. හොදට වතුර බොන්න විජලනය හින්දත් ඔලුවෙ කැක්කුම ඇතිවෙන්න පුලුවන්.. ඒ හින්දා හොදට වතුර බිව්වොත් ඔලුව කැක්කුම ලේසියෙන් අඩු කරගන්න පුලුවන්... හැබැයි ඕනවට වඩා වැඩියෙන් වතුර බිව්වොත් ඇගේ තියන සෝඩියම් මට්ටම අඩු වෙලා, හයිපොනට්‍රේමියා (Hyponatremia) කියන තත්වය ඇතිවෙනවා. ඉගුරු ඉගුරු කියන්නේ ඉස්සර කාලේ ඉදලම පැවතගෙන එන හොදම බෙහෙතක්.. ඒ හින්දා ඔලුවේ කැක්කුම තියන වෙලාවට ඉගුරු දාලා තේ එකක් හරි බොන්න. “යූනියන් වැලී” එක සම්බාහනය කරන්න. @අදෘශ්‍යමාන
Hammasini ko'rsatish...
ලොව වටා නොනවත්වා ගුවනින් යද්දී අතුරුදන් වුණු ඇමලියා ඉයර්හාට් (Amelia Earhart) ලොව වටා ගුවනින් ගොස් ලෝක වාර්තාවක් තබන්නට යමින් සිටියදී අතුරුදන් වුණු ඇමලියා ඉයර්හාට්. ඇමරිකාවේ ඇමලියා ඉයර්හාට් 1937 ජූලි 2 වැනිදා ඇගේ ලොක්හීඞ් ඉලෙක්ට‍්‍රා ගුවන් යානයෙන් පිටත් වූයේ නොනවත්වා ලෝකය වටා ගොස් ලෝක වාර්තාවක් තියන්නයි. ඇය සමග ඇගේ මග පෙන්වන්නා වූ ෆ්‍රෙඞ් නූනන් මේ ගමනට එක්ව සිටියා. ඇය ඊට පෙර අත්ලාන්තික් හරහා තනිවම ගුවන්යානයක් පදවා ගෙන ගිය ප‍්‍රථම කාන්තාව ලෙස වාර්තාවක් තබා තිබුණා. මෙවර ගියේ නොනැවතී ලෝකය වටා ගිය කාන්තාව වෙන්නයි ඇය බලාපොරොත්තු වුණේ. ඇය පියාසර කළ යානය මධ්‍යම පැසිපික් සාගරයේ හවුලන්ඞ් දූපත අසල දී අතුරුදන් වුණා.එදා සිට අද වන තෙක් ඇගේ අතුරුදන් වීම අබිරහසක්ව පවතිනවා. ඒත් ඒ පිළිබඳ අනුමාන නිගමනයන් තවමත් පළ කෙරෙනවා. වැඩි දෙනකු කියන්නේ ඇගේ යානයේ ඉන්ධන අවසන් වීම නිසා මුහුදට කඩා වැටුණු බවයි. ඇය ඒ කාලේ ඇමරිකාවේ ජනාධිපතිව සිටි ෆ්?න්ක් ඞී රූස්වෙලට්ගේ ඔත්තුකාරියක වූ බවත් ජපනුන් විසින් ඇය අල්ලා ගත් බවත් කියන අයත් ඉන්නවා. ඒ වගේම ඇගේ යානය ජපන් දූපතකට කඩා වැටුණු බවත් ඒ අනතුරෙන් මියගිය බවත් තවත් සමහරු කියනවා. ඇගේ සිරුර වැලි කකුළුවන් විසින් කා දමන්නට ඇති බවත් ඔවුන්ගේ මතයයි. තවත් මතයක් නම් ඇය ගමනින් දිවි ගලවා ගත් බවත් දැන් නිව් ජර්සි ප‍්‍රාන්තයේ වෙස්වළා ගෙන ජීවත්වෙන බවයි. ඇය පිළිබඳ තවත් පුදුම මතයක් නම් ඇය සක්වළ ජීවීන් විසින් පැහැර ගෙන ගොස් ඇති බවයි. මේ බව දැක්වෙන්නේ ස්ටාටෙ‍්‍රක් (Star Trek) ටෙලිවිෂන් කතාමාලවේ වොයේජර් කතාංගයේයි. @Invisible_knowledge_SL 🇱🇰
Hammasini ko'rsatish...
අදෘශ්‍යමාන 🇱🇰 Chat

Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.