cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

මතකයන්🥺❤️

මං ලියන්නේ ඔයාලාට✍

Більше
Рекламні дописи
8 012
Підписники
-2724 години
-987 днів
+830 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Фото недоступнеДивитись в Telegram
සුභ උදෑසනක් වේවා යාලුවනේ...🤍✨🍃🌷 @mathakayan❤️
Показати все...
12
මගේ නම use කරලා කවුරු හරි කාට හරි බැනලා තියේ නම් post share කරනවා කියලා මගේ ඒවාත් මගේ නම නැතුව ඒ මම නොවන බවත් fake account බවත් කරුණාවෙන් සලකන්න...😊🙏 ස්තූතී, Mr.King av(official Writer✍️)
Показати все...
4
මුලින්ම පවුලට පුතෙක් නැතුව දියණියක් ලැබුනයි කියා ලේලියට දොස් කියන තම මවට ඇගේම දියණිය මෙන්න මෙහෙම කතාවක් කියනවා.........👇👇👇 කවුරු කිව්වද කොහොම හැදුනද දන්නෙ නෑ මිත්‍යා මතත් ඒත් අම්මේ දවස තිස්සෙම ඇනුම්පද ඇහෙනවා මටත් ලේලියක් වී ආපු දා සිට ඔබ කලා කෙනහිලි ගොඩක් ඇයත් දියණිය මන් වගේමයි ඒ ගෙදර මිණි පහනටත්........................ මුලින් ගෙදරට පුතෙක් ලැබුනම උතුරන්නෙ වාසනාවක් ලූ එහෙම කිය කිය ලේලියට ඔබ කරන අවමන් නෑ නිමක්ලූ අපේ පවුලෙත් වැඩිමල්ම කොල්ලෙක් හොයන්නත් අද කොහෙද නෑලු සුබයි පවුලට පුතෙක් කිව්වත් අම්මා දන්නැති කරුන මේකලූ....................... අපේ පවුලෙත් වැඩිමල්ම අයියා අම්මා ආඩම්බරෙන් කියනවා බැන්ද දා සිට එකම දවසක් ඇමතුමක් නෑ දුන්නෙ දන්නවා පදිංචිය දැන් ඇමරිකාවෙලු අම්මා නැතුවට අපිත් දන්නවා වේල පිරිමහ ගන්න පවුලේ මමයි කැපවුනෙ කියලා දන්නවා................. පාග පාගා යකඩ මැසිමක් පවුලෙ බර මන් කරට ගන්නවා මල්ලිටත් ඉගෙනීම දීගෙන ඔහුව තැනකට අරන් තියනවා අදත් ලඟ හිද සියලු දේවල් මගෙ අතින් විතරක්ම කෙරෙනවා මල්ලිගේ බිරිඳකට කරනා වෙනස් කම් ටික මාත් දකිනවා.................... අම්මෙ පුතෙකුට වඩා දුවමයි දුකට සැපතට ඉන්නෙ බැදිලා පුතෙක් හැදුවත් රජෙක් විලසට කසාදය ලඟ නැමෙයි රජිදා ගෙදර හිටියත් වෙන්ව හිටියත් ඇයයි දියණිය වෙනස් නොවෙනා පුතුන් දහසට වැඩිය අම්මේ එක දුවෙක් ඇති පවුල රකිනා.................... B.M.N.බස්නායක ✍️ (සඳූ ) @mathakayan❤️
Показати все...
18
Фото недоступнеДивитись в Telegram
සුභ උදෑසනක් වේවා යාලුවනේ...🤍✨🍃🌷 @mathakayan❤️
Показати все...
12🎉 1
කුමාරිකාවක් කිස් කරාම කුමාරයෙක් වෙනවලු කවුද මන්දා කියනවා මාත් අහගෙන.. වට පිට බලලා ලස්සනම කෙල්ලෙක් ආවම මං හනික ලඟට පැන්නා.. කෝ ගණන් ගත්තෙ වත් නෑනෙ මේවා බොරු ද කොහෙද කල්පනා කරලා බලන්න ඕන .. එක අතකට බොරුත් නෙමෙයි කිස් කරේ නෑනෙ මාව.. කොහෙද මේ කෙල්ලො හරි ආඩම්බරයි නෙ නැත්නම් ඉතිං උන්ට රාජ කුමාරයෙක් එපා වෙන්න ඇති .. කොහේ හරි මොංගල් කොල්ලෙකට අහුවෙලා ඒක තමයි මාව රාජ කුමාරයෙක් කරන්නෙ නැත්තෙ.. ඇත්තටම ගෙමිබියක් කිස් කරාම රාජ කුමාරයෙක් වෙන් නැද්ද ... නැතුව ඇති ඊයෙත් එහා විලේ ගෙම්බියෙකුයි මෙහා විලේ ගෙම්බියෙකුයි දෙන්නම කිස් කරානෙ.. කෝ මං රාජ කුමාරයෙක් උනේ නැහැනෙ.. කොහෙද ඉතිං මේ කෙල්ලොන්ට පින නෑ මං වගේ රාජ කුමාරයෙක් ලබන්න.. ඔව් ඉතිං ඒක එහෙමයි කියලා මට හිතෙනවා... B.M.N.සඳූ බස්නායක ✍️ @mathakayan❤️
Показати все...
12🤩 2
යතුර පාපිස්ස යට උදේ ගෙදරී යද්දි නළල වෙත හාදුව අමතකව ගියත් මම ඇහුවෙ නෑ හේතුව ලේඩීස් පර්ෆියුම් මුසු කමිස සේදුව දවස්වල වුනත් නැහැ මැරුණෙ පෙම මේරුව උයන මොහොතෙත් ඇවිත් ඉන වටේ අත දෑම මොනවා ඉව්වත් ඉතින් "අද රසයිනේ කෑම" "දුවව නිදි කරන්නේ නැද්ද" රහසින් කීම මගහැරුණ දෙයකි තව මහ රැයේදිත් නෑම දෙයක් තව මෙමට නෑ හිමිට ගෙනැවිත් දෙන්න ප්‍රේමයක් තිබෙන තැන ගිහින් නැවතී ඉන්න දුක් වෙන්න එපා මට හැකියි දුව රැක ගන්න යතුර පාපිස්ස යට මග වැරදුනොත් එන්න කඩාවැටෙන තරුවක් ඉලක්ෂ ජයවර්ධන @mathakayan❤️
Показати все...
❤‍🔥 9
Фото недоступнеДивитись в Telegram
සුභ උදෑසනක් වේවා යාලුවනේ...🤍✨🍃🌷 @mathakayan❤️
Показати все...
🕊 11
අදත් මෙලෝ දෙයක් කරගෙන ඇවිත් නෑ දණ ගහනවා අතනින්... ටීච ඒක කිව්වේ කවදාවත් නැති විදිහට සැරෙන්.. බිම බලනන් ගිහින් දණ ගැහුවට සැනින් කදුළු පේළි පල්ලන් බහිනවා නවත්තන්න බැරි ලෙසින්... කෝ ඔය ඔලුව උස්සනවා ආය කිව්වාම තදින් පිට අල්ලෙන් පිහි දැම්මාට කදුළු නැවතුනෙ නෑ ඇසෙන්... කෝ මෙහෙ එනවා ආය ටීච කතා කරාම හෙමින් ඔලුවත් පාත් කරන් මං ගියේ ආය ගහයි කියලා බයෙන්... ඇයි මේ හැමදාම කිලිටු ඇඳුම් ගේන්නෑ ගේන්න කියන කිසි දෙයක් කරන් එන්නෑ කිසිම වැඩක් මොකද කාරණය මේ හැටි මගෙන් හංගන්න තරම්... අපේ ගෙදර ළමයි තුන් දෙනයි ටීච මං වැඩිමල්ම පුතුන් නංගී මල්ලී එක්ක අම්මා ඉන්නෙම ඇඬූ කදුළින්.. තාත්තා ගෙදර එන්නෙ මාසෙකට සැරයි දෙකයි ඒ ආවත් තලනවා අම්මට බලන් ඉන්න බෑ මට ඇසින්.. ඉන්න තැනක ඉන්නවකො අම්මා හැමදාම කිව්වා සැරෙන් ඒත් ටීච අම්මට තඩි බෑව විතරයි මේවා මගෙ දේපල බැහැලා පලයන් ගෙයින්.. තාත්තා ඕක කියනවා යන්න තැනක් නැති හෙයින් ගුටි කකා තාම ඉන්නවා වාව ගන්න බැරි දුකින්.... තාත්තා ට ඉන්නවා මිස් තවත් ගෑණියෙක් ඒක හැමෝම දන්නවා හොඳින් එදා ඉදලා තමයි අපිටත් කණකොකා හැඬලුවෙ මුලින්... දෙන්නෑ අපි තුන් දෙනාගෙ කිසිම වියදමක් අර ගෑණිට නම් සැප දෙනවා උඩින්.. කුලියක් නැති දවසට නංගියි මල්ලි කෑවත් අම්මයි මායි හාමතින්.... ඉස්කෝලේ ඉවර වෙච්ච ගමන් දුවන්නෙම කුඹුරු යායට වැරෙන් වටේ පොල් ගස් වලින් වැටෙන පොල් එක දෙක අහුලනවා හොරෙන්... වරදක් බව දන්නවා ටීච අම්මා දන්නවා නම් පපුව පැලිලා මැරෙනවා ඉතිං ... පංසිල් පද දෙකක් කඬලා ඇහුලුවා කියලා ගිහින් බඩ ගින්න නිවනවා ගෙදර බුදුන් නැත්නම් දුකින්..... නිල් බෝතලේට පාට පාට පෙට්ටියට වඩා බර හිත දරන් කොහෙද මිස් වැඩ කරන්න සිහියක්. ගෙදර නෙමෙයි ඒක අපායක්.. වට්ටන්න බැරි නිසා ගෙදර බුදුන්ගෙ ඇස් වලින් කදුළක් මන් ඉවසනවා ටීච නැත්නම් මීට කලින් වෙලා මන් අජාසත් පුතෙක්.... තව අවුරුද්දක් ටීච ඕලෙවල් අම්මගෙ කටේ බලේට ලියන් මං ගන්නවා ඔය බර මේ මගේ හිස මතට නිදහස් කර අම්මව දුකින්... අප්පෙක් කියලා නමට මොකටද ටීච දවස දවස මැරි මැරී ඉපදෙනවා අම්මා මේ ජීවිතෙන්.. කුලී ගේකට හරි අරන් ගිහින් දිනනවා ටීච මං අම්මා ඉන්න බව දන්නවා හෙවනැල්ල විලසින්... චුට්ටක් හරි හිනා වෙන්නෙ මේ ඉස්කෝලේ එන වෙලාවෙන් පුළුවන් නම් ටීච වචනෙන් හරි හයියක් වෙන්න ජීවිතේ අල්ලන් ඉන්නෙ බොහොම අමාරුවෙන් .. B.M.N.සඳූ බස්නායක ✍️ @mathakayan❤️
Показати все...
19👌 1💯 1
හඳට කවි හඳට එළියක් වෙන්න හැකිවුනේ රෑයටයි හිරුගේ කිරණක් හඳට වැටුණු විට පමණයි හඳට ලියු කවි තන්ත්‍ර ලෝකයේ එමටයි හිරු ගැනත් ලියවුනේ ඒවගෙන් ටිකකයි @mathakayan❤️
Показати все...
8
Фото недоступнеДивитись в Telegram
සුභ උදෑසනක් වේවා යාලුවනේ...🤍✨🍃🌷 @mathakayan❤️
Показати все...
🙏 14🥰 4
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.