uk
Feedback
Learn Bits

Learn Bits

Відкрити в Telegram

Psychology 🧘‍♂ | Relationship 👩‍❤️‍👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo

Показати більше
1 305
Підписники
Немає даних24 години
-97 днів
-4230 день
Архів дописів
මිත්‍රත්වය 🦋 මිනිසුන්ට මානසික වශයෙන් මිතුරන් 150 දෙනෙකු පමණ හැසිරවීමට හැකියාවක් ඇතත්, මානසික සෞඛ්‍යට හිතකර වන හොඳම මිතුරන් සංඛ්‍යාව 3-5 වේ. 🦋 අධික මිතුරන් ගණනක් සිටීම මානසික අවපීඩනයට සහ ආතතියට හේතුවක් වෙන්න පුලුවන්. 🦋 ඔයාගෙ ළඟම මිතුරෙක් සතුටින් සිටී නම්, ඔයත් සතුටින් සිටීමට ඇති සම්භාවිතාව 15%කින් වැඩි වෙන්න පුලුවන්. #Psycho_Facts

මොකක්ද මේ IPL වල Impact player කතාව? 1) කවුද IPL වල Impact player කෙනෙක් කියන්නෙ? සරලවම ආදේශිත ක්‍රීඩකයෙක් කියන අදහස ලබාගන්න. ෆුට්බෝල් , රග්බි , බාස්කට්බෝල් වල වගේම, IPL තුළදිත් impact player කෙනෙක් කියන්නෙ දැනටමත් පිටියේ සිටින ක්‍රීඩකයෙක් වෙනුවට ආදේශ කරන ක්‍රීඩකයෙක්ටයි. 2) මේ සම්බන්ධ විශේෂ නීති මොනවද? Playing XI එක තුළ විදේශීය ක්‍රීඩකයන් 4ක් ඉන්නව නං , Impact player කෙනෙක් හැටියට යොදාගන්න පුලුවන් ඉන්දියානු ක්‍රීඩකයෙක්ව විතරයි. නමුත් Playing XI එක තුළ විදෙස් ක්‍රීඩකයන් 4කට වඩා අඩු ගණනක් ඉන්නව නං, වෙනත් විදෙස් ක්‍රීඩකයෙක්ව impact player කෙනෙක් හැටියට යොදාගන්න පුලුවන්. 3) ටීම් එකකින් කොහොමද Impact player ව තෝරන්නෙ? ටීම් එකට ඕනෙ ඕනෙ කෙනාව impact player හැටියට පිටියට කැඳවන්න බෑ. අදාළ ටීම් විසින් , ටොස් එක දාන වෙලාවෙ impact player හැටියට ඔවුන් යොදාගන්න බලාපොරොත්තු වෙන ආදේශිත ක්‍රීඩකයන් 4 දෙනෙක්ගෙ නම් ලබාදෙන්න ඕනෙ. අන්න ඒ ක්‍රීඩකයන් හතර දෙනාගෙන් කෙනෙක්ව තමයි තරඟය තුළදී ආදේශිතයක් හැටියට පිටියට කැඳවන්න පුලුවන් වෙන්නෙ. 4) ඕනෙම වෙලාවක මේ කියන Impact player ව පිටියට කැඳවන්න පුලුවන්ද? බැහැ. කණ්ඩායමේ නායකයට impact player කෙනෙක්ව ගෙන්නන්න පුලුවන් වෙන විශේෂ අවස්ථා තියෙනවා. ඉනිමක් ආරම්භ වෙන්න කලින්, ඉනිමක්(පළමු) අවසන් උනාට පස්සෙ, ඕනෑම සම්පූර්ණ ඕවරයකට පස්සෙ, පිතිකරුවෙක් දැවීගියාට පසුව හෝ පිතිකරුවෙක් ආබාධයකට පත් වුනොත් කියන අවස්ථා වලදී impact player ව පිටියට කැඳවන්න පුලුවන්. 5) ආදේශයක් ලෙස Impact player ව ගෙන්නපු නිසා, ඒ වෙනුවට පිටියෙන් ඉවතට යන ක්‍රීඩකයට මොකද වෙන්නෙ? එම ක්‍රීඩකයට ආපහු පිටියට ඇතුල් වෙන්න බෑ. අඩු ගානෙ ආදේශිත පන්දුරකින්නෙක් විදිහටවත් එන්න බෑ. 6) තවත් අමතර කරුණු මොනවද? හදිස්සියෙවත් පන්දු රකින පිළෙන්, මේ වගේ impact player කෙනෙක්ව පිටියට ගෙන්නුවොත්, ඒ ක්‍රීඩකයට පුලුවන් ඕවර් හතරම පන්දු යවන්න. සාමාන්‍ය T20 තරඟයක වගේම. #Knowledge

Slow Motion කියන්නෙත් ලස්සන කලාවක් 🤓 #Social_Mid

දවසේ සිතුවිල්ල.... අනිත් අයට සමාව දෙන්න, ඒ එයාල සමාව ලබන්න සුදුසු නිසා නෙවෙයි, ඔයාගෙ නිදහස ලබාගන්න ඕනෙ නිසා. පුංචි වැළඳගැනීමකට පුලුවන්, ලොකු කඳුලක් නවත්තන්න. කුඩා ඉටිපන්දමකට පුලුවන්, ඕනෙම අඳුරක් ආලෝකමත් කරන්න. සූටි මතකෙකට පුලුවන්, වසර ගණනාවක් සතුට ලබාදෙන්න. සිනහව සහ මෘදු වචනයෙන්, සියල්ලටම සංග්‍රහ කරන්න. පළමුව සංග්‍රහ කරල, ප්‍රතිලාභ පස්සෙ ලබා ගන්න. කෝපය සහ තද වචන, හැකිතරම් වළක්වගන්න. පළමුව භාවිත කරල, පසුව ඵලවිපාක ගෙවන්න. #Morning_Thoughts

Net Zero Energy Building කියන්නෙ මොනාද? (NZEB) NZEB, එහෙමත් නැතිනං ශුද්ධ ශුන්‍ය බලශක්ති ගොඩනැගිල්ලක් කියන්නෙ වෙනත් තැනක හෝ එම
Net Zero Energy Building කියන්නෙ මොනාද? (NZEB) NZEB, එහෙමත් නැතිනං ශුද්ධ ශුන්‍ය බලශක්ති ගොඩනැගිල්ලක් කියන්නෙ වෙනත් තැනක හෝ එම ස්ථානයේම නිපදවන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙ බලයලත් ගොඩනැගිල්ලකටයි. මේ වගේ ගොඩනැගිලි ප්‍රධාන පද්ධතීන්ගෙන් බලශක්තිය ලබාගන්නැති, ශුද්ධ වශයෙන්ම පුනර්ජනනීය බලප්‍රභව මත යැපෙන ගොඩනැගිලි වෙනව. ඒ වගේම මේ ගොඩනැගිලි නිසා වන කාබන් විමෝචනය ශුන්‍යයට ආසන්නයි. හරිත ගොඩනැගිලි කියල හඳුන්වන්නෙත් මේ වර්ගයේම ගොඩනැගිලිම තමයි. Additional - energy.gov #Knowledge

ඔයාට මේ රූපයේ බව්වො කී දෙනෙක්ව පේනවද? 🤔 #Fun
ඔයාට මේ රූපයේ බව්වො කී දෙනෙක්ව පේනවද? 🤔 #Fun

මහා ද්‍රෝණියේ බ්‍රිස්ට්ල්කෝන් පයින් ගස තමයි, ලෝකයේ මේ වෙනකොට පවතින වඩාත්ම පැරණි ශාකය. මේ ශාකය වසර 5000කට වඩා පැරණි බවට ඇස්තමේ
මහා ද්‍රෝණියේ බ්‍රිස්ට්ල්කෝන් පයින් ගස තමයි, ලෝකයේ මේ වෙනකොට පවතින වඩාත්ම පැරණි ශාකය. මේ ශාකය වසර 5000කට වඩා පැරණි බවට ඇස්තමේන්තු කරල තියෙනව. Additional - Nps.gov #Facts

ඔයත් දැනුම් පිපාසිතයෙක් බව හැඟවෙන කරුණු කීපයක් 🪴 ඔයා දිනපතා පොත් කියවනවා. ලිපි කියවනවා. 🪴 ඔයා හැමතිස්සෙම දැනුමින් වර්ධනය වෙන්න අවස්ථාවක් හොයනව. 🪴 ඔයාට විවිධ ආශාවන් තියෙනව. 🪴 ඔයා ප්‍රගතියට කැමති කෙනෙක්. 🪴 ඔයා වෙනස්කම් පවා වැළඳගන්නවා. 🪴 ඔයා එකම තනි අදහසේ රැඳිල ඉන්න කෙනෙක් නෙවෙයි. අවස්ථාව අනුව අදහස වෙනස් කරගන්න සූදානම් කෙනෙක්. 🪴 ඔයාට, තමන් දැනුමින් උසස් කෙනෙක් කියල හිතෙන්නෑ. ඔයා දන්නව ඔයා තවමත් බොහොම පොඩ්ඩයි දන්නෙ කියල. 🪴 ඔයා හිතනව ඔයා තාමත් සිසුවෙක් විතරයි කියල. 🪴 ඔයා විශ්වාස කරනව, අලුත් දෙයක් ඉගෙනගන්න, වයස ප්‍රශ්නයක් නෙවෙයි කියල. #Life_Tips

ජනගහනයෙන්, ඉන්දියාව චීනය අභිබවා යයි? ඉන්දියාවේ ජනගහනය මේ වන විට බිලියන 1.425 දක්වා ළඟා වී ඇති අතර, එය පුද්ගලයන් 200,000 කින්
ජනගහනයෙන්, ඉන්දියාව චීනය අභිබවා යයි? ඉන්දියාවේ ජනගහනය මේ වන විට බිලියන 1.425 දක්වා ළඟා වී ඇති අතර, එය පුද්ගලයන් 200,000 කින් චීනය අභිබවා ඇති බවට worldpopulationreview.com වෙබ් අඩවිය විසින් අද යාවත්කාලීන කිරීමකින් දන්වා සිටියා. ඒ වගේම මෙය 2023 දී සිදුවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කලින් අනාවැකි පළ කර තිබුණු කරුණක්. ඒ අනුව ඉන්දියාව දැන් පෘථිවියේ වඩාත්ම ජනාකීර්ණ රට බවට සලකන්න පුලුවන්. කොහොම උනත් තාම මේ ගැන නිල වශයෙන් දැනුම් දීමක් කරල නෑ. Additional - WorldPopulation #WorldWide

වමත හුරු දරුවන්ට, දකුණතින් ලිවීමට බල කිරීම එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඒ ක්‍රියාව ඇත්තටම දරුවගෙ සංවර්ධනයට අහිතකර විදිහට බලපාන්න ප
වමත හුරු දරුවන්ට, දකුණතින් ලිවීමට බල කිරීම එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඒ ක්‍රියාව ඇත්තටම දරුවගෙ සංවර්ධනයට අහිතකර විදිහට බලපාන්න පුලුවන්. ඒ වගේම එහෙම බල කිරීම් තුලින් දරුවට dyslexia, sluttering සහ අනෙකුත් ඉගෙනීම හෝ කථන සම්බන්ධ ආබාධයන් ඇතිවෙන්න පුලුවන්. #Knowledge

පළමු දෘඩ තැටිය (Hard Disk) ලොව පළමු hard disk එක නිපදවල තියෙන්නෙ 1956 වසරේදියි. මේ hard disk එක තුළ 5mb ක දත්ත ගබඩා කරන්න පුල
පළමු දෘඩ තැටිය (Hard Disk) ලොව පළමු hard disk එක නිපදවල තියෙන්නෙ 1956 වසරේදියි. මේ hard disk එක තුළ 5mb ක දත්ත ගබඩා කරන්න පුලුවන් වෙලා තියෙනව වගේම, ඒ එක මෙගාබයිට් එකක් සඳහා පිරිවැය විදිහට ඩොලර් 10,000ක් වැය වෙලා තියෙනව. Additional - computerhistory.org #History

විවිධ Phobia වර්ග Decidophobia - තීරණ ගැනීමට ඇති බිය Defecaloesiophobia - වේදනාකාරී මලපහ කිරීමකට ඇති බිය Deipnophobia - අන් අය සමග කෑමට ඇති බිය Dementophobia - තමන් උමතු වේ යැයි ඇති බිය Demonophobia - භූතයන්ට, යක්ශයන්ට ඇති බිය Dendrophobia - ගස් වලට ඇති බිය Dentophobia - දන්ත වෛද්‍යවරුන්ට ඇති බිය Dermatophobia - සමේ තුවාල ඇති වීම පිළිබඳව හෝ සමේ රෝග ඇතිවීම පිළිබඳව ඇතිවන බිය Dextrophobia - තම දකුණු පසින් වස්තූන් ඇති බව දැකීමට ඇති බිය Didaskaleinophobia - පාසල් යෑමට ඇති බිය Dikephobia - යුක්තියට ඇති බිය Dinophobia - කරකැවිල්ලට/ක්ලාන්තයට ඇති බිය Diplophobia - ද්විත්ව දර්ශනයන්ට ඇති බිය Dipsophobia - ඇල්කොහොල් පානය කිරීමට ඇති බිය Dishabiliophobia - වෙනත් පුද්ගලයෙකු ඉදිරියේ ඇඳුම් ගැලවීමට ඇති බිය Domatophobia - නිවාස වලට ඇති බිය Doraphobia - සත්ව ලොම් හෝ හම් වලට ඇති බිය Dromophobia - වීදි තරණය කිරීමට ඇති බිය Dysmorphophobia - විරූපණයට ඇති බිය Dystychiphobia - හදිසි අනතුරු වලට ඇති බිය #Phobia #Knowledge

රචනයට රතු කොඩි වනන "Clichés" Clichés, එහෙමත් නැතිනම් නිරන්තරයෙන්ම භාවිත වන වාක්‍ය ඛණ්ඩ, දෙබස්, උපමා ආදිය ඔයාගෙ කතාවට එකතු කිර
රචනයට රතු කොඩි වනන "Clichés" Clichés, එහෙමත් නැතිනම් නිරන්තරයෙන්ම භාවිත වන වාක්‍ය ඛණ්ඩ, දෙබස්, උපමා ආදිය ඔයාගෙ කතාවට එකතු කිරීම තුළින්, ඔයාගෙ කතාව, පාඨකයට නීරස වෙන්න පුලුවන්. "ගින්දර සමග සෙල්ලම් කරන්න එපා" , "මගෙ ජීවිතේටත් වඩා ඇයට ආදරය කළා", වගේ යෙදුම් අපේ එදිනෙදා ජීවිතයේ අපි නොසෑහෙන්න අහල තියෙනව. අන්න ඒවගේ දේවල් වලට තමා Clichés කියන්නෙ. ඒ වගේම අපි කතාවට ඇතුල් කරන මේ වගේ පොදු වාක්‍ය ඛණ්ඩ නිසා, කතාවෙ ඉස්සරහට වෙන්නෙ මොකක්ද කියන එකත් පාඨකයට හිතාගන්න පුලුවන් වෙනව. ඒක ඔයාගෙ රචනයට සෘණාත්මකව බලපාන දෙයක්. පාඨකයා ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නෙ, අලුත් නිර්මාණයක්, අලුත් දෙබසක්, අලුත් වාක්‍ය ඛණ්ඩයක්, අලුත් උපමාවක්. ඔයා පාඨකයගෙ කැමැත්තට අනුව අලුත් දෙයක් එයාලට නොදී, ආයෙ ආයෙ එකම තැටියෙන් රත් කරන්න යනව නං, ඒක හොඳ රචකයෙක්ගෙ ලක්ශණයක් නොවන බව මතක තියාගන්න. #Writer

දේශගුණික විපර්යාස වල අවධානම සහ මානව වර්ගයා මීට වසර 3000කට විතර කලින්, පුරාණ ග්‍රීසියෙ මිනිසුන්, 'වගුරු බිම් ඉවත්කිරීම හෝ වනාන
දේශගුණික විපර්යාස වල අවධානම සහ මානව වර්ගයා මීට වසර 3000කට විතර කලින්, පුරාණ ග්‍රීසියෙ මිනිසුන්, 'වගුරු බිම් ඉවත්කිරීම හෝ වනාන්තර කැපීම නිසා ඒ ඒ භූගෝලිය කලාපයට අඩු වර්ෂාපතනයක් ගෙන ඒම සම්බන්ධව විවාද කරල තියෙනව. ඒ උනාට ඒ විවාදයන්, දේශීය කටවහරට විතරයි සීමා වෙලා තියෙන්නෙ. 1896 වසරේ ස්වීඩන් විද්‍යාඥයෙක් වුන ස්වාන්ටේ ආර්හීනියස් (Svante Arrhenius) විසින් පළවෙනි වතාවට දේශගුණික විපර්යාස මත මනුශ්‍ය වර්ගයාගේ පැවැත්ම තීරණය කරන්න පුලුවන් බව අනුමාන කරල තියෙනව. 1957 වසරේදී ඇමරිකානු පර්යේෂකයෙක් උන රොජර් රෙවීල් (Roger Revelle) විසින් තවත් අධ්‍යයනයක් ප්‍රකාශයට පත් කරල තියෙනව. ඒ අධ්‍යනය මගින් මානව වර්ගයා කාර්මික විමෝචනයෙන් මුදාහරින කාබන්ඩයොක්සයිඩ් සියල්ලම ශාක හෝ සාගර මගින් අවශෝෂණය නොකරන බවත්, මෙම තත්වය දිගටම පැවතුනොත් වායුගෝලීය CO2 මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඉන් දේශගුණික විපර්යාස පවා ඇතිවෙන්න පුලුවන් බව ඔහු පෙන්නල දීල තියෙනව. එතන ඉඳන් ලෝකෙ විවිධ විද්‍යාඥයන්, දේශගුණික විපර්යාස වලින් ජීව විශේෂ වලට සහ පරිසර පද්ධති වලට ඇතිවෙන්න පුලුවන් තර්ජන ගැන සඳහන් කලත් මිනිසුන් ඊට සැබෑ පියවර ගන්න යොමු උනේ 1980 අග භාගයේදියි. #Knowledge

සමහර පුද්ගලයන්ට, තමන්ට අවශ්‍ය නැති හෝ තමන්ව අවධානමය ලක්විය හැකි හැඟීම් සියල්ලම කෝපයක් බවට පත් කරගැනීමේ අවිඥානික පුරුද්දක් තියෙනව. ඒ කියන්නෙ අනවශ්‍ය දුකක්, බයක්, අනපේක්ෂිත පුදුමයක් වගේ හැඟීම් සියල්ලම ඔවුන් කෝපයක් හැටියට පරිවර්තනය කරල, ඒ කෝපය තමා බාහිර ලෝකයට පිටකරන්නෙ. මේ ක්‍රියාව ඔස්සේ ඔවුන්ට ඒ ඒ හැඟීම් සමඟ කටයුතු කිරීමෙන් වැළකී ඉන්න පුලුවන් කමක් ලැබිල තියෙනව. සුදුසු වෛද්‍ය ප්‍රතිකාර ඔස්සේ මේ තත්වය පහ කරගැනීම තමයි වඩාත්ම උචිත දේ. මොකද මේ අයහපත් පුරුද්ද නිසා දුක් විඳින්නේ, ඔවුන්ටත් වඩා ඔවුන්ගෙ සමීපතයින්. Additional - mentalhelp.net #Psycho_Facts

SELF RESPECT Set goals Exercise Love yourself Focus on fitness Relax Eat right Smile Positive attitude Enjoy life Care for others Think about others ස්වයං ගෞරවය කියන්නෙ තනි ක්‍රියාවක ප්‍රථිඵලයක් නෙවෙයි. ඒක ක්‍රියාවන් ගොඩක අවසන් ඵලයක්. - ඉලක්ක ගොඩනගාගැනීම - ව්‍යායාම කිරීම - ඔබටම ආදරය කිරීම - ශරීර යෝග්‍යතාවට අවධානය යොමු කිරීම - සන්සුන් වීම - නිවැරදි ආහාර අනුභවය - සිනාසීම - ධනාත්මක ආකල්ප - ජීවිතය විඳීම - අන් අය ගැන වග වීම - අන් අය ගැනත් සිතීම #Life_Tips

ඉංග්‍රීසි භාෂාව තුළ (ඇමරිකානු) සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිත වන වාක්‍ය කිහිපයක් සහ එහි අර්ථයන් (II) ❗️We're in the driving seat. ▪️තත්වය අපේ පාලනයේයි තියෙන්නෙ ❗️Our new project will soon take off. ▪️එය ඉතා සාර්ථක වනු ඇත ❗️You have to take your medicine. ▪️ඔබේ වැරදි වලට ඔබ විපාක ගෙවිය යුතුයි ❗️You can take the floor. ▪️මේ ඔබේ වාරයයි. කතා කරන්න. ❗️You run with it. ▪️මෙහි සාර්ථකත්වය ඔබ සතුයි  ❗️Take your hat off to no one. ▪️ ඔයත් අනිත් හැමෝම වගේ හොඳ කෙනෙක්/ගැලපෙන කෙනෙක් ❗️We won't take sides. ▪️ අපි මේ සම්බන්ධව මධ්‍යස්ථව සිටිමු ❗️That is a tall story. ▪️ඔබේ පැහැදිලි කිරීම මම විශ්වාස කරන්නෑ ❗️We'll throw the book at them. ▪️ඔවුන් වරදක් කලා නම් , ඔවුන් එයට ප්‍රතිවිපාක ගෙවිය යුතුයි ❗️We will throw in the towel. ▪️අපි අතහරිනව ❗️We'll throw in the sponge. ▪️අපි අතහරිනව ❗️We'll throw a party. ▪️අපි සාදයක් දාමු ❗️She'll throw a fit. ▪️ඇය අතිශයින්ම කලබල වනු ඇත ❗️We'll hold them to the letter. ▪️ඔවුන් සියලුම නීති පිළිපැදිය යුතුය ❗️Remember that time marches on. ▪️ඔයා කාලය නාස්ති කරනවා ❗️I think they will tie the knot. ▪️ඔවුන් විවාහ වේවි ❗️We're tickled to death about it. ▪️අපි ගොඩක් සතුටු උනා #English

වම් පස රූපයෙන් පේන්නෙ , පෘථිවිය මතදී සාමාන්‍ය අයුරින් දැල්වෙන ඉටිපන්දමකින් නිකුත් වෙන දැල්ලක්. දකුණු පස රූපයෙන් පෙනෙන්නෙ , මී
වම් පස රූපයෙන් පේන්නෙ , පෘථිවිය මතදී සාමාන්‍ය අයුරින් දැල්වෙන ඉටිපන්දමකින් නිකුත් වෙන දැල්ලක්. දකුණු පස රූපයෙන් පෙනෙන්නෙ , මීර්(Mir) අභ්‍යවකාශ නැවතුම්පොළ තුළ , ශුන්‍යය ගුරුත්වයක් යටතේ දැල්වෙන ඉටිපන්දම් දැල්ලක්. ගුරුත්වයක බලපෑමක් හෝ ශුන්‍ය ගුරුත්වයක් යටතේ චලනය වන වායු ප්‍රවාහයක් හෝ නොමැතිව දැල්ලක් පවතින්නෙ බොහොම සුලු කාලෙකටයි. ඒකට හේතුව , මුලින් දහනය වූ වායුන් දැල්ල වටේට එක්‍ රැස් වෙලා ඔක්සිජන්වලින් තොර වායු ගෝලයක් නිර්මාණය කිරීමයි. ගුරුත්වය යටතේ සිදුවෙන , උණුසුම් වායු ඉහළට ගමන් කිරීම වගේ සංසිද්ධීන් මෙතනදි සිදු නොවීමෙන් තමයි එහෙම තත්වයක් ඇති වෙන්නෙ. #Knowledge

ගුවන් යානයක් ඉහළ උන්නතාංශයක ගමන් කරන විට , එතුළ ගමන් ගන්නා මිනිසුන්ගේ සුවඳ හා රසය දැනීමේ සංවේදීතාව, 30%කින් පමණ අඩු විය හැක.
ගුවන් යානයක් ඉහළ උන්නතාංශයක ගමන් කරන විට , එතුළ ගමන් ගන්නා මිනිසුන්ගේ සුවඳ හා රසය දැනීමේ සංවේදීතාව, 30%කින් පමණ අඩු විය හැක. Additional - Blog.klm.com @Facts

කොණ්ඩයට දෙහි යුෂ ඉසීම/ස්ප්‍රේ කිරීම මගින්, හිසකෙස් වල දීප්තිමත් බව වැඩි කරගන්න පුලුවන්. (දෙහි යුෂ පමණක් සාන්ද්‍ර ලෙස හිසට එක් කරන්නේ නම් මිනි.10කට - 15කට පසු එය සෝදා හරින්න) #Life_Hacks