uk
Feedback
Learn Bits

Learn Bits

Відкрити в Telegram

Psychology 🧘‍♂ | Relationship 👩‍❤️‍👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo

Показати більше
1 305
Підписники
Немає даних24 години
-97 днів
-4230 день
Архів дописів
DESTINUS 3 : සුපර්සොනික් වර්ගයේ හයිඩ්‍රජන් බලැති මිනිසුන් රහිත ගුවන් යානය යුරෝපීය ජෙට් සමාගමක්, ඔවුන්ගේ නවතම නිපැයුම වෙන DEST
DESTINUS 3 : සුපර්සොනික් වර්ගයේ හයිඩ්‍රජන් බලැති මිනිසුන් රහිත ගුවන් යානය යුරෝපීය ජෙට් සමාගමක්, ඔවුන්ගේ නවතම නිපැයුම වෙන DESTINUS 3 නම් ගුවන් යානා මූලාකෘතිය එළිදක්වල තියෙනව. මේ ගුවන් යානය Mach 1.3 (1605 KmH) ක් දක්වා වේගයක් අත්කරගැනීමෙ හැකියාවක් තියෙන සහ හයිඩ්‍රජන් බලයෙන් ක්‍රියාත්මක වෙන ලොව පළමු මිනිසුන් රහිත ගුවන් යානය වෙයි කියල අපේක්ෂා කරනව. මේ ගුවන් යානය අධිවේගී ගුවන් ගමන් සඳහා වැදගත් වෙනව වගේම පරිසර හිතකාමී ආදේශකයක් හැටියටත් වැදගත් වෙනව. #Tech | @LearnBits

ඔයාගෙ බුද්ධිමත් බව boost කරගන්නෙ කොහොමද? 1. විවෘත මනසක් ඇති කරගන්න. (හැමතිස්සෙම එකම අදහසේ ඉන්න එපා. තත්වයන් එක්ක උචිත ආකාරයට වෙනස් වෙන්න පුරුදු වෙන්න.) 2. හැකි සෑම විටම අලුත් දෙයක් ඉගෙනගන්න. (වැඩකට ඇති දෙයක්) 3. ඔයාටම අභියෝග කරගන්න. ඔයාට සුවපහසු සීමාවෙන් පොඩ්ඩක් ඈත් වෙන්න. 4. සෑම විටම නිර්මාශීලීව හිතන්න. 5. හැමතිස්සෙම ලේසි දේවල් කරන්න එපා. අමාරු දේවලුත් කරන්න. (එතකොට ඔයාගෙ චින්තන හැකියාව තව පුළුල් වෙනව) 6. අලුත් අදහස් ඇතිකරගන්න උත්සාහ කරන්න. 7. නින්ද, ආහාර, ව්‍යායාම, මානසික අභ්‍යාස ආදිය පාලනය කරගන්න. #Life_Tips | @LearnBits

ලියන්න තියෙන කතා ගැන හිතන්න එපා. ලියමින් ඉන්න කතාව ගැන විතරක් හිතන්න. ඔයා රචකයෙක් නං, මුල් කාලීනව හෝ දැනුත් ඔයා කතා කීපයක් එක
ලියන්න තියෙන කතා ගැන හිතන්න එපා. ලියමින් ඉන්න කතාව ගැන විතරක් හිතන්න. ඔයා රචකයෙක් නං, මුල් කාලීනව හෝ දැනුත් ඔයා කතා කීපයක් එකවර ලියමින් ඉන්නව ඇති. නැත්තං එක කතාවක් ටිකක් දුර ලියල, තව කතාවක් ලියන්න පටන් අරන් ඇති. අපි බහුතරය එක පාරක් හරි මේ වැඩේ කරල තියෙනව. මුලින්ම හොඳ කතාවකට අදහසක් අරගෙන, වචන දහදහක්, පන්දහක් විතර ඒ කතාවට එකතු කරල ඉවර වෙලා, එකපාරටම වෙනත් කතාවක් රචනා කිරීම ගැන හිතන්න ගන්නව. අපි හිතන් හිටියට අපිට එක පාර වැඩ කීපයක යෙදෙන්න පුලුවන් කියල, ඇත්තටම අපි බහුතරයක් දෙනාට ඒ හැකියාව නෑ. ඒ වගේම එකවර වැඩ කිහිපයක් සඳහා මොළය ක්‍රියා කරවීම අපේ මොළයට හානිකර වෙන්න පුලුවන් බවත් විවිධ අධ්‍යනයන් වලින් පෙන්නල තියෙනව. සහ රචකයෙක් හැටියට ඔයා වැඩ ගොඩක් එකපාර කරන්න ගියොත්, ඒ එකකටවත් ඔයාගෙ පූර්ණ ශක්තිය යොදන්න බැරි වෙනව. ඒ නිසා ඔයාගෙ නිර්මාණශීලිත්වය එකවරකට එක ව්‍යාපෘතියකට විතරක් යොදන්න. ඒකෙන් ඔයාගෙ රචනය වැඩිදියුණු වෙනව වගේම ගුණාත්මක බවත් වැඩි වෙනව. #Writer | @LearnBits

පෘථිවියට චන්ද්‍රයන් තුන් දෙනෙක් හිටියද? සමහර ජනප්‍රවාදයන්ට අනුව, මීට වසර 150,000කට විතර කලින් පෘථිවිය වටා Lelja, Fatta සහ Mon
පෘථිවියට චන්ද්‍රයන් තුන් දෙනෙක් හිටියද? සමහර ජනප්‍රවාදයන්ට අනුව, මීට වසර 150,000කට විතර කලින් පෘථිවිය වටා Lelja, Fatta සහ Month කියල හඳුන්වපු චන්ද්‍රයන් තුන්දෙනෙක් කක්ෂ ගත වෙලා තිබිල තියෙනව. මීට වසර 113,000 කට කලින්, Lelja චන්ද්‍රයා විනාශ වෙලා ගිය බවත්, එහි කොටස් පෘථිවිය මතට පතිත උන බවත්, ඉන් මහත් විනාශයක් සිදු උන බවත් අතීත විශ්වාසයන්ගේ සඳහන් වෙනව. දෙවන චන්ද්‍රයා උන "Fatta" මීට වසර 13,000කට පමණ පෙර පෘථිවියට කඩා වැටිලා තියෙනව. සමහර පුරාවෘත්ත වල මේ සිදුවීම විස්තර කරන්නෙ "විශාල ගල් වැස්සක් මහ පොළවට පතිත උනා" කියන අදහස ඇතුව. මේ කඩා වැටීම නිසා සාගර ජලය ඉහළ ගිහිල්ලා ඇට්ලන්ටිස් දූපත ජලයෙන් යට උන බවටත් මතයක් තියෙනව. ඒ වගේම මායාවරු නිර්මාණය කරපු පිරමීඩ තුල තිබිල "පුංචි සඳක් කඩා වැටීම" සම්බන්ධව ශිලා ලිපි හමුවෙලා තියෙනව. අවසන් චන්ද්‍රයා උන month ට සිදු වූ දෙයක් ගැන පැහැදිලි සටහනක් නැති නිසා, ඒ වර්තමානයේ අපි දකින චන්ද්‍රයාම බවට පිළිගන්න පුලුවන්. #History | @LearnBits

🌸ඔයාලත් කැමතිද ලස්සනම ලස්සන wallpapers ගොඩාක් බලන්න යාලුවනේ?👀♥️ 🌸එහෙනම් මෙන්න හරිම තැන.ඔයා කැමති ඕනිම විදිහක wallpapers ඔය
🌸ඔයාලත් කැමතිද ලස්සනම ලස්සන wallpapers ගොඩාක් බලන්න යාලුවනේ?👀♥️ 🌸එහෙනම් මෙන්න හරිම තැන.ඔයා කැමති ඕනිම විදිහක wallpapers ඔයාට ගන්න පුළුවන් අපිත් එක්ක එකතු උනොත්😌♥️ ♥𝘽𝙤𝙮𝙯 𝙬𝙖𝙡𝙡𝙥𝙖𝙥𝙚𝙧𝙨👦 ♥𝙂𝙞𝙧𝙡𝙨 𝙬𝙖𝙡𝙡𝙥𝙖𝙥𝙚𝙧𝙨👩 ♥𝘾𝙖𝙧 𝙖𝙣𝙙 𝙗𝙞𝙠𝙚 𝙬𝙖𝙡𝙡𝙥𝙖𝙥𝙚𝙧𝙨🚗🛵 ♥𝙏𝙧𝙖𝙫𝙚𝙡𝙡𝙞𝙣𝙜 𝙬𝙖𝙡𝙡𝙥𝙖𝙥𝙚𝙧𝙨🏕✨ ♥𝙋𝙝𝙤𝙩𝙤𝙜𝙧𝙖𝙥𝙝𝙮 𝙬𝙖𝙡𝙡𝙥𝙖𝙥𝙚𝙧𝙨🎥🥀 ♥️𝘾𝙖𝙧𝙩𝙤𝙤𝙣 𝙬𝙖𝙡𝙡𝙥𝙖𝙥𝙚𝙧𝙨🎭🧩 ♥️𝘼𝙣𝙞𝙢𝙚 𝙬𝙖𝙡𝙡𝙥𝙖𝙥𝙚𝙧𝙨👻🤍 ♥️𝙁𝙖𝙣𝙩𝙖𝙘𝙮 𝙬𝙖𝙡𝙡𝙥𝙖𝙥𝙚𝙧𝙨🏰💗 ♥️𝙂𝙖𝙢𝙞𝙣𝙜 𝙬𝙖𝙡𝙡𝙥𝙖𝙥𝙚𝙧𝙨🎮🎗 ♥️𝙉𝙖𝙩𝙪𝙧𝙚 𝙬𝙖𝙡𝙡𝙥𝙖𝙥𝙚𝙧𝙨☘🌷 🌸ඉතින් ඔයවගේ ලස්සන wallpapers බලන්න ඔයත් එන්න අපේ චැනල් එකට🌚♥️

Euclid ගෙ තාක්ෂණය Euclid ගෙ පරමාර්ථය සාක්ෂාත් කරගන්න අවශ්‍ය කරන උපකරණ දෙකක් තියෙනව. ඒ VIS සහ NISP. මේ උපකරණ දෙකම ක්‍රියාත්මක
Euclid ගෙ තාක්ෂණය Euclid ගෙ පරමාර්ථය සාක්ෂාත් කරගන්න අවශ්‍ය කරන උපකරණ දෙකක් තියෙනව. ඒ VIS සහ NISP. මේ උපකරණ දෙකම ක්‍රියාත්මක වෙන්නෙ ආලෝකය මතයි ˢᵉᵉ. ඉතින් මේ උපකරණ දෙකට අවශ්‍ය ආලෝක තත්වය ලබා දීම සඳහා Euclid සතුව තියෙනව 1.5m ක විශාලත්වයෙන් යුත් පරාවර්තක දුරේක්ෂයක්. VIS උපකරණයෙන් කරන්නෙ, විශාල කොටසක පැතිරිලා තියෙන මන්දාකිණි වල තියුණු ඡායාරූප ලබාගන්න එක. ඒ වගේම NISP උපකරණයෙන් කරන්නෙ, මන්දාකිණි වලින් විහිදෙන අධෝරක්ත කිරණ විෂ්ලේෂණය සහ එමගින් එම කිරණ වල තරංග ආයාමය නිර්ණය කර, මන්දාකිණි වලට තියෙන දුර තහවුරු කරන එකයි. සමස්ථ යානය සහ එහි සන්නිවේදනය පාලනය වෙන්නෙ ESOC හරහා. ඒ වගේම Euclid විසින් ලබාගන්න අතිවිශාල දත්ත ප්‍රමාණය සාර්ථකව හුවමාරු කරගන්න, Estrack ජාලය සතු ඇන්ටෙනා වැඩිදියුණු කරල තියෙනව. ඊට පස්සෙ මේ ලැබෙන දත්ත, යුරෝපය, ඇමරිකාව, කැනඩාව සහ ජපානය වැනි ලොව පුරා පිහිටල තියෙන ආයතන 300කට වැඩි ගණනක සිටින විද්‍යාඥයන් 2000කට වැඩි පිරිසක් විසින් විශ්ලේෂණය කරනවා. ඒ වගේම මෙහෙයුමේ ප්‍රගතියත් එක්ක, ඔවුන් ලබාගන්න දත්ත වාර්ශිකව ගෝලීය ප්‍රජාවට නිකුත් කරනව. එතකොට ඔයාටත් ඒ දේවල් ගැන හොයල බලන්න පුලුවන්. #Knowledge | @LearnBits

Euclid ගේ L2 ගමන ඔයාල සමහරු දන්නවත් ඇති ඊයෙ යුරෝපා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් Euclid නම් අධෝරක්ත පරාසයන් හඳුනාගැනීමේ අභ්‍යාවකා
Euclid ගේ L2 ගමන ඔයාල සමහරු දන්නවත් ඇති ඊයෙ යුරෝපා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් Euclid නම් අධෝරක්ත පරාසයන් හඳුනාගැනීමේ අභ්‍යාවකාශ දුරේක්ෂය සාර්ථක ලෙස අභ්‍යාවකාශගත කලා. ඉතින් ඉදිරි සති 4 තුළ Euclid දුරේක්ෂය, පෘථිවියේ ඉඳල කිලෝමීටර් මිලියන 1.5ක් පමණ සූර්යයාට විරුද්ධ දිශාවෙන් පිහිටල තියෙන L2 කියන Langrangian ලක්ෂ්‍යට ගමන් කරනවා. මේ Euclid දුරේක්ෂයේ පරමාර්ථය තමයි විශ්වයේ ත්වරණය, අඳුරු පදාර්ථය සහ අඳුරු ශක්තීන් පිළිබඳව වඩාත් හොඳ අවබෝධයක් ලබා ගැනීමට දත්ත එකතු කිරීම. ඉතින් අන්න ඒ නිසයි මේ දුරේක්ෂය Langrangian ලක්ෂ්‍යකට යොමු කරන්නෙ. Langrangian ලක්ෂ්‍ය විශ්වයේ ආරම්භක සාක්ෂි බොහොමයක් දරන බවට පැවසෙනවා. අපි මීට කලින් කතා කරපු Trojan ග්‍රහක පිළිබඳ පෝස්ට් එකෙත් මේ ගැන සඳහන් උනා. Euclid දුරේක්ෂය L2 ලක්ෂ්‍යයට ගියාට පස්සෙ, මාස දෙකක් පුරාවටම ඒ දුරේක්ෂයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන්න සැලසුම් කරල තියෙනව. දුරේක්ෂය අභ්‍යවකාශ ගත කිරීමට සම්බන්ධ රූප රාමු පෙළක් comment වලින් බලාගන්න පුලුවන්. #Astronomy | @LearnBits

ගැළපෙනම යතුර 🗝 අපිට අපේ ජීවිතේ හම්බෙන හොඳම ගුරුවරයා තමයි "පෞද්ගලික අත්දැකීම්" කියන්නෙ. හැබැයි අපේ ජීවිතයට අනිත් අයගෙ අත්දැකී
ගැළපෙනම යතුර 🗝 අපිට අපේ ජීවිතේ හම්බෙන හොඳම ගුරුවරයා තමයි "පෞද්ගලික අත්දැකීම්" කියන්නෙ. හැබැයි අපේ ජීවිතයට අනිත් අයගෙ අත්දැකීම් වටින අවස්ථාවනුත් හම්බෙනව. විශේෂයෙන්ම විවිධ ක්ශේත්‍ර වලින් දියුණු උන මිනිස්සුන්ගෙ ජීවිත අත්දැකීම් වලින් අපිට ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනව. අපිට ප්‍රයෝජනවත් වෙන මෙන්න මේ අත්දැකීම්වලට තමා "යතුරු" කියන්නෙ. හිතන්න ඔයා ලොකු ප්‍රශ්න පිරුණු කාමරේක ඉන්නව කියල. ඒ කාමරේ එක පැත්තක තියෙනව අදාළ ප්‍රශ්නෙට විසඳුම සහිත දොරක්. ඒ දොර ඇරගන්න අවශ්‍ය යතුර ඔයා ගාව නෑ. ඒ කියන්නෙ, ඔයාට ඒ ප්‍රශ්නය විසඳීම සම්බන්ධව අත්දැකීමක් නෑ. මෙන්න මෙතනදි, ඒ ප්‍රශ්නයටම මුහුණ දුන්න වෙනත් කෙනෙක්, ඔයාට ලබා දෙනව ඒ දොරට ගැළපෙනම යතුරක්. අන්න ඒ යතුර තමා ඔවුන්ගෙ පෙර අත්දැකීම් කියන්නෙ. ඒ නිසා අනිත් මිනිසුන්ගෙ අත්දැකීම් වලත් ගත යුත්ත ලබාගන්න. මානසික වගේම භෞතික ජීවිතයටත් ඒ සමහර "යතුරු" අපිට ලොකු උපකාරයක් වෙනව. #Psycho_Facts | @LearnBits

photo content

පොඩි වැඩක් කරමු... ඔයා මේ රූපයෙ මැද තියෙන පුංචි රවුම දිහා තත්පර 30ක් හෝ විනාඩියක කාලයක් බලන් ඉන්න. ඊට පස්සෙ මම මේ පහළින් එකතු කරල තියෙන රූපය දිහා බලන්න.😵‍💫 #Fun | @LearnBits

ඉංග්‍රීසි සංවාදයකදි යම් යම් එකඟවීම් සිදු කරන තැන්වලදි මේව යොදාගන්න. I agree - (මම එකඟ වෙනවා) 1) I concur (මම එකඟයි) 2) I totally agree (මම සම්පූර්ණයෙන්ම එකඟයි) 3) I share your view (මමත් ඔයා විදිහටමයි දකින්නෙ) 4) I’m with you on that (ඒකෙදි මම ඔබ සමගයි) 5) I hold the same view (මමත් දරන්නේ එම මතයමයි) 6) I’m of the same opinion (මමත් ඒ මතයේමයි ඉන්නෙ) 7) I can’t disagree with you (මට ඔයත් එක්ක එකඟ නොවී ඉන්න බැහැ) 8) I’m with you 100% on that (ඒ සම්බන්ධව 100%ක්ම මම ඔබ සමගයි) #English | @LearnBits

බ්‍රසීලියානු Wandering Spider ද්විපද නාමකරණයේදී, Phoneutria nigriventer කියල හඳුන්වන මේ මකුළුවා සාමාන්‍යයෙන් 5cm ක පමණ දේහයක්
බ්‍රසීලියානු Wandering Spider ද්විපද නාමකරණයේදී, Phoneutria nigriventer කියල හඳුන්වන මේ මකුළුවා සාමාන්‍යයෙන් 5cm ක පමණ දේහයක් දරනව. ඒ වගේම මෙයාගෙ එක ගාත්‍රයක් 15cm පමණ වෙනව. සරලවම Wandering Spider කියන්නෙ ලොකු මකුළුවෙක්. මේ මකුළුවා නිපදවන විෂ ශරීරගත උනොත්, මිනිසාගෙ ස්නායු පද්ධතිය සම්බන්ධ අක්‍රමිකතා ගණනාවක් ඇති වෙන්න පුලුවන්. මේ විෂේ අවම වශයෙන් Tx3-1 සිට Tx3-6 දක්වා හඳුන්වන නියුරොටොක්සික පෙප්ඩයිඩ හයක් අන්තර්ගත වෙන බවට හොයාගෙන තියෙනව. ඒක නිසා මාංශ පේශීන් වල පාලනය ගිලිහීම, ස්වසන අපහසුතා, අංශභාග තත්ව, සහ හෘද අක්‍රමිකතාත් ඇති වෙනව. විශේෂයෙන්ම වඳුරා, මිනිසා වැනි ප්‍රයිමේටාවන්ට මේ විෂෙන් වෙන බලපෑම ගොඩක්ම ඉහළයි. කොටින්ම සමහර මූලාශ්‍ර වලින්, මේ මකුළුවා ලොව භයානකම මකුළුවෙක් හැටියටත් හඳුන්වනවා. මේ විෂෙන් වෙන තවත් බලපෑමක් තමයි, පුරුෂයන්ගේ ශිෂ්ණය පැය ගණනාවක් සෘජු වී පැවතීම සහ ඒනිසා බෙලහීනතාවට පත් වීම. ඒකට හේතුව ලෙස සඳහන් වෙන්නෙ උඩදි කියපු Tx3-2 නම් සංයෝගයයි. මේ සංයෝගය මේ වෙනකොට, පුරුෂ ශිෂ්ණය සෘජු වීමේ අක්‍රමිකතා සඳහා යොදාගත හැකි වෛද්‍ය ප්‍රතිකාරකයක් ලෙස භාවිත කරන්න අධ්‍යනය කරමින් පවතිනවා. #Animalia | @LearnBits

𝐌𝐎𝐎𝐃𝐘🍓💌 𝘸𝘢𝘭𝘭𝘱𝘢𝘱𝘦𝘳𝘴,𝘲𝘶𝘰𝘵𝘦𝘴,𝘮𝘦𝘮𝘦𝘴,𝘴𝘵𝘢𝘵𝘶𝘴 𝘷𝘪𝘥𝘦𝘰𝘴... ᴇᴠᴇʀʏᴛʜɪɴɢ ɪꜱ ᴏɴ ᴏᴜʀ ᴄʜᴀɴɴʀʟ👽✨🤎 @M
𝐌𝐎𝐎𝐃𝐘🍓💌 𝘸𝘢𝘭𝘭𝘱𝘢𝘱𝘦𝘳𝘴,𝘲𝘶𝘰𝘵𝘦𝘴,𝘮𝘦𝘮𝘦𝘴,𝘴𝘵𝘢𝘵𝘶𝘴 𝘷𝘪𝘥𝘦𝘰𝘴... ᴇᴠᴇʀʏᴛʜɪɴɢ ɪꜱ ᴏɴ ᴏᴜʀ ᴄʜᴀɴɴʀʟ👽✨🤎 @M_ooDychannEl💗 . . 𝙹𝙾𝙸𝙽 𝙽𝙾𝚆 ♡🍃🕸️

ඔයාට අන්තර්ජාලය තුළ තියෙන නිවැරදි කරුණු හොයාගන්න අවශ්‍ය නම් හෝ පර්යේෂණාත්මක කටයුතු සඳහා විශ්වාස කළ හැකි මූලාශ්‍රයන් අවශ්‍ය නම් ඒකට google chrome වෙබ් බ්‍රව්සරය පාවිච්චි කරන්න එපා. ඒ වෙනුවට scholar.google.com වෙබ් බ්‍රව්සරය පාවිච්චි කරන්න. මේකෙදි ඔයාට පෙන්වන්නෙ පිළිගත හැකි සහ විශ්වාසදායක මූලාශ්‍රවලින් ලබාගන්නා සෙවුම් ප්‍රථිඵල. #Life_Hacks | @LearnBits

අපි ටික කාලෙකට Ghost Mode එක On කරමු Ghost mode එක කියන්නෙ, හොල්මන් සීන් එකකට නෙවෙයි. ඒකෙන් කියන්නෙ, අපි අපේ සෝශල් මීඩියා ජීව
අපි ටික කාලෙකට Ghost Mode එක On කරමු Ghost mode එක කියන්නෙ, හොල්මන් සීන් එකකට නෙවෙයි. ඒකෙන් කියන්නෙ, අපි අපේ සෝශල් මීඩියා ජීවිතෙන් ටික කාලෙකට අයින් වෙලා/වහං වෙලා ඉන්නව කියන එකට. මේ ක්‍රමය ඇත්තටම අපිට අපේ අනන්‍යතාව හොයාගන්න සහ බාහිර ලෝකයෙන් මිදිල, "මානසික නිස්කලංක බව" අත්විදින්න තියෙන හොඳම උපායමාර්ගයක්. කොහොමද Ghost Mode එක ඔන් කරන්නෙ? - පළමුවෙනිම දේ, අනවශ්‍ය සෝශල් මීඩියා ඇප් අයින් කරන්න. - ෆෝන් එක හැකිතරම් ඉවත් කරල තියන්න. ඔයාට වැදගත් වැඩක් නැත්තං ඒක ඕෆ් කරල තියන්න. - ටීවි, රේඩියෝ, ගේම් සෙටප් කිසිම දෙයක් භාවිත කරන්න එපා. - ඔයාගෙ යාලුවන්ට, දෙමාපියන්ට කියන්න ඔයාට පොඩි කාලයක් අවශ්‍යයි කියල. - ඔයාගෙ ඉලක්ක හඳුනගෙන ඒව කොළේක ලියාගන්න. - හොඳ දින චර්‍යාවක් පිළිපදින්න. (ව්‍යායාම වැනි කායික සහ භාවනාවන් වැනි මානසික අභ්‍යාසත් ඇතුළත් කරපු) - හැමදාම පොඩි වෙලාවක් අරන්, ඔයා ඒ විඳින මොහොත ගැන සතුටු වෙන්න. කොහේ හරි වාඩි වෙලා එලිය බලාගෙන මේ වැඩේ කරන්න පුලුවන්. - පොතක් කියවන්න, සුරතල් සතුන් එක්ක සෙල්ලම් කරන්න වගේ වැඩ වලට කාලය වෙන් කරන්න. - නිසි වෙලාවට හොඳ නින්දක් දිනපතා ලබාගන්න. #Free_Mind | @LearnBits

දෙවන ලෝක යුද්ධය මිනිසුන් වෙනුවට පූසන් සටන් කළා නම්, ඒ ඉතිහාසය මේ විදිහටයි අපි අද දකින්නෙ.... (AI තාක්ෂණය මගින් නිර්මාණය කරන ල
+5
දෙවන ලෝක යුද්ධය මිනිසුන් වෙනුවට පූසන් සටන් කළා නම්, ඒ ඉතිහාසය මේ විදිහටයි අපි අද දකින්නෙ.... (AI තාක්ෂණය මගින් නිර්මාණය කරන ලද) #Social_Mid | @LearnBits

අවසන් මට්ටම - පෘථිවිය සූර්ය වායුගෝලයෙන් පිටවුන ෆෝටෝනය, ආසන්නව විනාඩි 8කට විතර පස්සෙ පෘථිවි වායුගෝලයට ඇතුල් වෙනව. මෙන්න මෙතනදි ශක්ති මට්ටම් අනුව ෆෝටෝන වල ගමන් පථ වෙනස් වෙනව. ශක්ති මට්ටම අනුව, පෘථිවි වායුගෝලයට ළඟා උන ෆෝටෝනය, ගැමා කිරණ, X කිරණ හෝ පාරජම්බුල කිරණ පරාසයේ නම්, ඒ ෆෝටෝන පරාවර්තනය වෙනව. ඒව පොළවට පැමිණෙන්නෑ. පෘථිවි වායුගෝලයට ළඟා වෙන ෆෝටෝනය, නිල් හෝ දම් වර්ණයන්ට අදාළ පරාසයන් වල නම්, ඒ ෆෝටෝන පහළ වායුගෝලවලින් විසිරිලා වැඩි කෝණවලින් අපගමනය වෙලා පොළවට ළඟා වෙනව. ඒ වගේම රතු පරාසයේ නම් අවම අපගමනයකින් පොළවට ළඟා වෙනව. අවසානයට පොළවට පැමිණෙන මේ ෆෝටෝන, අපේ ඇසේ දෘෂ්ඨි විතානය මත තියෙන කේතු සෛල වලින් අවශෝෂණය කරගෙන, එතනින් මොළයට විද්‍යුත් සංඥාවක් යවනව. අන්න ඒක තමයි, ගැටුම් මධ්‍යයේ, වසර මිලියන ගණනක් තිස්සෙ, කිලෝමීටර් මිලියන ගණනක් ගෙවාගෙන ආපු ෆෝටෝනයේ අවසානය...! 12345

සිව්වන මට්ටම - සූර්ය වායුගෝලය සූර්ය වායුගෝලයෙත් විවිධ ස්ථර තියෙනව. ඒත් අපිට වැදගත් වෙන්නෙ සූර්‍ය වායුගෝලයේ පිටතම ස්ථරය වෙන කොරෝනා (Corona) ස්ථරයයි. මේ කොරෝනා ස්ථරයේ උෂ්ණත්වය, සූර්යයාගෙ මතුපිට පෘෂ්ඨයට වඩා සියගුණකින් විතර වැඩී. අන්න ඒ නිසා, සූර්ය පෘෂ්ඨයෙන් නිදහස් උන ෆෝටෝනය මේ ස්ථරය හරහා ගමන් කරනකොට, ඒ ෆෝටෝනයේ උෂ්ණත්වය ඉහළ නගිනව. කොරෝනා ස්ථරය තුළ බොහොම සුලු පරමාණුක ඝනත්වයක් තියෙන්නෙ. ඒත් කොරෝනා ස්ථරයේ තියෙන දූවිලි වලා සහ නිදහස් ඉලෙක්ට්‍රෝන වල ගැටීම නිසා, ෆෝටෝන වල ගමන් පථය වෙනස් වෙලා විසිරිලා යන්න පුලුවන්. ඒත් සාමාන්‍යයෙන් ෆෝටෝනයක් කිසිම බාධාවක් නැතුව මේ ස්ථරය හරහා පෘථිවිය දිහාට එනව. 12345

තුන්වන මට්ටම - සංවහන කලාපය සංවහන කලාපය කියන්නෙ සූර්ය අභ්‍යන්තරයේ තියෙන අවසාන කලාපයට. මෙතනදි සංවහනය මගින් තාප හුවමාරුව සිදුවෙනව. ඒ කියන්නෙ සූර්යයාගේ ඇතුළෙ තියෙන අධික උෂ්ණත්වයකින් යුත් පරිසරයෙ ඉඳල, සූර්යයාගෙන් පිටත සිසිල් පරිසරය දක්වා තාපය හුවමාරු වෙනව. ඉතින් මේ කලාපයේ තියෙන සූර්ය ප්ලාස්මාව හරියට, උණුසුම් නටන වතුර පිරුන භාජනයක් වගේ පේන්නෙ. (බුබුළු පිටවෙමින් පවතී) මේ කලාපයේ ඝනත්වය විකිරණ කලාපයේ ඝනත්වයට වඩා ගොඩක් අඩුයි. ඒ නිසා විකිරණ කලාපයෙන් මිදිල ආපු ෆෝටෝනය, මේ කලාපය තුළ අඩු ඝට්ටන සංඛ්‍යාතයකින් ගමන් කරනව. විකිරණ කලාපයේදි උන ශක්ති හානිය නිසා, ඒ ෆෝටෝන දැන් දෘශ්‍ය වර්ණාවලි පරාසයට ඇවිල්ල තියෙන්නෙ. අවසානයට මේ ෆෝටෝන, සූර්යය පෘෂ්ඨයෙන් නිදහස් වෙනව. 12345