uk
Feedback
Learn Bits

Learn Bits

Відкрити в Telegram

Psychology 🧘‍♂ | Relationship 👩‍❤️‍👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo

Показати більше
1 305
Підписники
Немає даних24 години
-97 днів
-4230 днів
Архів дописів
පිළිතුර බලාගන්න තාම උත්තරේ හොයාගන්න බැරි උන අය.

❇බඩජාරියන් සදහා වෙන් වූ එකම නවාතැන "වාඩිය"🌯🍱🍩🍭🍬 🥙කෑම recipe 🍎රසම රස කැමවල photos 🍇කෑම හදන Videos 🍬කෑම වලට අදාල memes
❇බඩජාරියන් සදහා වෙන් වූ එකම නවාතැන "වාඩිය"🌯🍱🍩🍭🍬 🥙කෑම recipe 🍎රසම රස කැමවල photos 🍇කෑම හදන Videos 🍬කෑම වලට අදාල memes 🩺දේශීය බෙහෙත් වර්ග ‍යන මේ හැමදේම Channel එකේ දානවා.... 🍩🍩ඔයත් දැන්ම join වෙලා  බලන්න🍩🍩 #4.5k_subscribers

චාර්ල්ස් ඩාවින් පළමුවෙන්ම විවාහ වෙලා හිටියෙ ඔහුගේම ඥාති සහෝදරියක් එක්ක. මේ දෙන්නට දාව ළමයින් 10 දෙනෙක් උපත ලැබුවා. නමුත් එයින් තිදෙනෙක් වයස අවුරුදු 10ට කලින් මිය ගිහින් තියෙනව. ඒ වගේම බේරුනු ළමුන්ගෙන් තිදෙනෙක්ට දරුවන් බිහිකිරීමෙ හැකියාව අහිමී වී තිබුණා. ඩාවින් කලබල උනා , තමන්ගෙ විවාහය නිසයි මේ විදිහට උනේ කියල. ඉතින් ඒ අනුව ඔහු ශාක යොදාගෙන පරීක්ෂණය කටයුතු කරල නිගමනයකට ඇවිල්ල තියෙනව. චාර්ල්ස් ඩාවින් විසින් උද්භිද විද්‍යා ග්‍රන්ථ තුනක් රචනා කරල තියෙනව වගේම , ඒ ග්‍රන්ථි වලත් ඔහු අර පැමිණි නිගමනය සඳහන් කරල තියෙනව. චාර්ල්ස් ඩාවින් සඳහන් කරන්නෙ , ඕනෑම අභිජනනයකදී , සමීප ඥාතීන් අතර වන අභිජනනයක් , ජනිතයන්ට හානිදායක විය හැකි බවයි. #History ♡ @LearnBits

මෑතකාලීන අධ්‍යන වලින් සොයාගෙන තියෙනවා සිගරට් මගින් ශිෂ්ණය සෘජු වීම කෙරේ සෘජු බලපෑමක් ඇති කරනව කියල. පරීක්ශකයන් විශ්වාස කරන්නේ දුම්පානය කිරීමෙන් රුධිර ප්‍රවාහ සීඝ්‍රතාව අඩු කරන බවටයි. මේ හේතුව නිසා දුම්පානය කරන්නන්ගේ ශිෂ්ණය , උත්තේජ හමුවේ සෘජු වීම අඩාල කරනවා. ඉතින් ඒ අනුව සිගරට් පානය කරන්නන්ගේ ශිෂ්ණය සෘජු වීම , සාමාන්‍ය පුද්ගලයෙකුයේ ශිෂ්ණය සෘජු වීමට සාපේක්ෂව පහත් අගයක් ගන්නවා. #Knowledge ♡ @LearnBits

බලා සිටීමට ඇත්තේ තව පැය කීපයයි...🥳 එකතු වෙන්න අපිත් එක්ක.සජීවි ලකුනු,විශේෂ අවස්තා ඇතුලු සියලුම දේ අපෙන්...
බලා සිටීමට ඇත්තේ තව පැය කීපයයි...🥳 එකතු වෙන්න අපිත් එක්ක.සජීවි ලකුනු,විශේෂ අවස්තා ඇතුලු සියලුම දේ අපෙන්...

ඇයි අපි ජීවත් වෙන්නෙ? ජීවත් වෙන්න හේතු මොනවද? 🏵 ඔයාට සම්පූර්ණ බලතල සහ බලය තියෙනව ඔයාගෙ ජීවිතය කැමති විදිහකට වෙනස් කරගන්න. 🏵 ඔයා ගියොත් ඔයාගෙ ආදරණීයන්ට මොනතරම් දුකක් ඇතිවෙයිද? 🏵 ඔයාට පුලුවන් ඕනෙම අභියෝගයකින් සටන් කරල ජයගන්න. 🏵 ඔයා , ඔයා වෙනුවෙන් ජීවත් වෙන්න. ඔයාට තව ගොඩක් දේවල් ලබාගන්න තියෙනව. 🏵 ඔයා ජීවත් වෙලා ඉන්නකං ඔයාට පුලුවන් දේවල් වෙනස් කරන්න. අතීතයෙන් ඉගෙන ගෙන අනාගතය ජයගන්න. 🏵 හැමදේම හොඳින් අවසන් වෙනවා. 🏵 ඔයාගෙ ජීවිතය , වෙන කාටවත් නෙවෙයි...ඔයාටමයි වටින්නෙ. ඒක ආරක්ශා කරගන්න. #Morning_Thoughts ♡ @LearnBits

පුරාණ ග්‍රීක වැසියෝ , දෙවියන්ට කරන උපහාරයක් විදිහට , නිරුවතින් ව්‍යායාම ශාලාවලට(Gym) ගිහින් තියෙනව. Gymnasium කියන වචනය හැදිල තියෙන්නෙත් , School for naked exercise කියන අදහස තියෙන ග්‍රීක වචනයකින්. #History ♡ @LearnBits

BEST WISHES FROM LEARNBITS #AsiaCup2022 #SLC #T20
BEST WISHES FROM LEARNBITS #AsiaCup2022 #SLC #T20

ප්‍රශ්නයක් විසඳමු...! 7645 , 5764 , 4576 , ..... මීළඟ අංකය විය යුත්තේ...? (පිළිතුර දවල්ට දාන්නං) #Fun ♡ @LearnBits

සාර්ථක මිනිසුන් , ඒ තැන් වලට ළඟා උනේ ඔවුන්ගේ බුද්ධිමත්බව නිසාම නෙවෙයි. ඔවුන්ගේ කැපවීම නිසා.... #Quotes ♡ @LearnBits

මේ රූපයේ ඔයා මුලින්ම දැක්කේ....., #Fun ♡ @LearnBits
මේ රූපයේ ඔයා මුලින්ම දැක්කේ....., #Fun ♡ @LearnBits

ඇයි මදුරුවො කනකොට කසන්නෙ? මදුරුවෙක් දශ්ඨ කරනකොට කැසීම ඇතිවෙන්නෙ , රසායන ද්‍රව්‍යයක් නිසා. මදුරුවා අපේ ලේ උරාබොන්න හදන්න කලින්
ඇයි මදුරුවො කනකොට කසන්නෙ? මදුරුවෙක් දශ්ඨ කරනකොට කැසීම ඇතිවෙන්නෙ , රසායන ද්‍රව්‍යයක් නිසා. මදුරුවා අපේ ලේ උරාබොන්න හදන්න කලින් , ඒ දශ්ඨ කරපු තැනට පොඩි රසායන ද්‍රව්‍යක් දානව. මේක ඇත්තටම ප්‍රතිදේහජනකයක්. මේ රසායන ද්‍රව්‍ය නිසා තමයි , ඒ දශ්ඨ කරපු තැන රුධිරය , ඉක්මනට කැටිගැහෙන එකෙන් වළකින්නෙ. මේක විශක් නෙවෙයි. මේකෙන් වෙන්නෙ ක්ශණික මෘදු ආසාත්මිකතාවක් , ඒ ස්ථානයේ ඇති කරන එක. කැසීමක් ඇති වෙන්නෙ ඒකයි. සමහරුන්ට නං මදුරු දශ්ඨණය ටිකක් බරපතල වෙන්න පුලුවන්. ඒ අය කැසීමකට එහා ගිය ප්‍රතික්‍රියා දක්වනවා. රතු පාට පලු ඇති වීම , ඇතැම් විට ඉදිමීම පවා වෙනවා. #Knowledge ♡ @LearnBits

වයසට යනකොට අපේ පෙනීමේ හැකියාව අඩු උනත්, මිනිසුන්ව හඳුනාගැනීමේ හැකියාව දියුණු වෙනවා. #Quotes ♡ @LearnBits

AUG 26 International Dog Day ! 📸 සැලී කෙල්ල #Notice ♡ @LearnBits
AUG 26 International Dog Day ! 📸 සැලී කෙල්ල #Notice ♡ @LearnBits

ㅤ ㅤㅤ🖤𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝗨𝘀 𝗢𝗻 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗺🖤ㅤㅤ ㅤ
ㅤ ㅤㅤ🖤𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝗨𝘀 𝗢𝗻 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗺🖤ㅤㅤ ㅤ

ඔයා තුළත් ඊර්ෂ්‍යාවක් ඇති බවට ඇඟවෙන කරුණු කීපයක්. ඊර්ෂ්‍යාව හඳුනාගන්න ටිකක් අමාරු දෙයක්. මිනිස්සු කියන්න පුරුදු වෙලා ඉන්නව "මම නං කාටවත් ඊර්ෂ්‍යා කරන්නෑ" කියල. නමුත් ඔවුන් තුළත් යම්තරමකට ඊර්ෂ්‍යාව පවතින්න පුලුවන්. 👁‍🗨 ඔයා යම්කිසි කෙනෙක්ගේ ජයග්‍රහණයන් පිළිබඳ එතරම් තැකීමක් කරන්නෙ හෝ , ඒ පිළිබඳ සතුටු වන්නේ නැත. හිතන්නකො ඔයාගෙ ගෙදරම ඉන්න සහෝදරයෙක් ගැන. එයා වැඩටික හොඳට කරල , ගෙදර වැඩ වලටත් උදව් වෙලා , හැමෝම එයා ගැන හොඳ කියනකොට , ඔයාට ඒ ගැන ප්‍රීතියක් හෝ තැකීමක් නැත්තං එතන පොඩි ඊර්ෂ්‍යාවක් තියෙනව වෙන්න පුලුවන්. සමහරු නං , තමන්ට නැතුව සහෝදරයෙක්ගෙ ගුණ කියනකොට ඇත්තටම ආවේගයට පවා පත් වෙනවා. 👁‍🗨 ඔයා යම් කිසි කෙනෙක් ළඟදි උදාසීන-ආක්‍රමණශීලි ලෙස හැසිරෙනවා. මේක උදාසීනත්වය සහ ආක්‍රමණශීලිත්ව මිශ්‍ර හැඟීමක්. මේකට අපි සාමාන්‍යෙන් ව්‍යවහාරයේ කියනවා "රුස්සන්නෑ" කියල. ඒ කියන්නෙ ඔයා යම් විශේෂ පුද්ගලයෙක් ළඟදි , මදක් කණස්සල්ලෙන් හෝ කෝපයෙන් පසු වීම. හිතන්නකො ඔයා යම් විශේෂ පුද්ගලයෙක් ළඟ ඉන්නකොට මෙහෙම හැසිරිලා , එයා එතනින් ගියාම මදක් සුවපහසුවක් දැනෙනව කියල. අන්න ඒ හැසිරීම , පොඩි ඊර්ෂ්‍යාවක ගතිලක්ශණක්. 👁‍🗨 ඔයා කාවහරි මගහරිනව. ඔයා කාවහරි මගහරිනව නං , ඒ ඔයාගෙ හිතේ ඒ පුද්ගලයා ගැන තියෙන පොඩි ඊර්ෂ්‍යාවක් නිසා වෙන්න පුලුවන්. සමහර විට ඔයා , ඔයාගෙ යාලුවො එක්ක එහෙ මෙහෙ යන එක මගහරිනව වෙන්න පුලුවන්. ඉතින් එහෙම කරන්නෙ , ඔයාට ඒ යාලුවො අතර ඉන්න නිශ්චිත පුද්ගලයෙක් හෝ පුද්ගලයින් කිපදෙනෙක් කෙරේ තියෙන පුංචි ඊර්ෂ්‍යාවක් නිසා වෙන්න පුලුවන්. 👁‍🗨 ඔයා කාවහරි ඕනෙවට වඩා විවේඡනය කරනවා. මේක නං සාමාන්‍යෙන් වෙන දෙයක්නෙ. ඔයා කාවහරි පට්ට පතුරු ගහනව කියන්නෙ , ඔයාගෙ හිතේ ඒ පුද්ගලයා ගැන තියෙන ඊර්ෂ්‍යාවක් නිසා වෙන්න පුලුවන්. පහුගිය කාලෙ මිනිස්සු මැති ඇමතුවරුන්ව පලු යැව්වේ , එයාල රටට අහිතකර තීරණ ගත්ත එකටත් වඩා , මැති ඇමතිවරුන්ගෙ දේපළ වලට ඊර්ෂ්‍යාවෙන් කියල ඔයාලට තේරෙනව ඇතිනෙ. ඉතින් මේ වගේ දේවල් ඇත්තටම සාමාන්‍යයි. මිනිසුන් තුළ ඊර්ෂ්‍යාව ඇති වීම සාමාන්‍ය මිනිස් ස්වභාවය. ඒක වසන් කරන්න හෝ බොරුවට ලේබල් ගැසීමෙන් ඵලක් නෑ. #Psycho_Facts ♡ @LearnBits

ත්‍රිතුණ්ඩ කපාටය මේ තියෙන්නෙ ත්‍රිතුණ්ඩ කපාටයක්. මේ රූපරාමුව අරන් තියෙන්නෙ ත්‍රිතුණ්ඩ කපාටයට මදක් මදක් ඉහළින් සවිකරල තිබ්බ ක්ශුද්‍ර කැමරාවකින්. ඔයාලට පේනව ඇති තැලි තුනකින් හැදිල තියෙනව. මේක පිහිටන්නෙ දකුණු කර්ණිකාව සහ දකුණු කෝශිකාව අතර කපාටයක් විදිහටයි. ඔක්සිජන් ඌන ශිරා රුධිරය , දකුණු කර්ණිකාවට ආවට පස්සෙ , මේ ත්‍රිතුණ්ඩ කපාටය හරහා තමා දකුණු කෝශිකාවට ගලායන්නෙ. කෝශිකාවෙ ඉඳන් කර්ණිකාවට ආපසු රුධිරය ගැලීම වැළැක්වීම තමයි මේ කපාටයේ කෘත්‍ය. #Knowledge ♡ @LearnBits

විවිධ ආදර සම්බන්ධතා කීපයක් 💕 පරිපූර්ණ ආදරය : මෙවැනි ආදරයක් තුළ දෙදෙනාම සමීපව එකිනෙකාව හොඳින් හඳුනාගෙන සිටින අතර එකිනෙකාගේ ආශාවන් වලට ගරු කිරීම සිදු කරනවා. ඒ වගේම එකිනෙකා ගැන ඉතා ගඹුරින් සොයාබලන අතර එකිනෙකා වෙනුවෙන් කැපවෙලා ඉන්නව. ගොඩක් හිඟයි. හැබැයි සුන්දරයි. 💕 රොමෑන්ටික් ආදරය : ලෙන්ගතුකම සහ ආශාව මූලික ආදරයකි. වර්තමානයේ බහුලයි. නමුත් එකිනෙකා ගැන පවතින කැපවීම අඩුය. මම ඔයා වෙනුවෙන් ජීවිතේ උනත් කැපකරන්නං කිව්වට , කරන ලබ්බක් නැත. ලොකු ටෝක්ස් ඇති නමුත් මෙවැනි ආදර සබඳතා ආදරයේ පිට පොත්ත වැනිය. 💕 සැඟවුනු ආදරය : පිටට නොපෙන්වන ආදර කතා මෙම වර්ගයට අයත්ය. දෙදෙනා අතර සමීපත්වය ගොඩක්ම අඩුය. නමුත් එකිනෙකා වෙනුවෙන් කැපවීම ඉහළය. ඔවුන් අනෙකාගේ ආශාවන් හඳුනාගෙන ඒවාට ගරු කරයි. නමුත් දෙදෙනා අතර අවබෝධය මදක් අඩුයි. 💕 පුස් ආදරය : ආශාවන් පමණක් ඇත. බොහෝ විට මෙවැනි ආදරවන්තයන් , සෝශල් මීඩියා වල රඟති. එහෙත් දෙදෙනා අතර සමීපත්වක් හෝ දෙදෙනාව හඳුනාගෙන නැත. මාස දෙකේ තුනේ ආදර කතා මේ වර්ගයට අයත්ය. 💕 මිත්‍ර ආදරය : මෙය ආදරයකට වඩා ලෙන්ගතුකමකි. සමීප නමුත් ආශාවන් නොමැත. බොහෝ විට යාලුවො වගේ ඉමු කී දෙදෙනෙක් අතර මෙය පවතී. හොඳම යාලුකම්ද මේ වර්ගයට අයත් වේ. 💕 අධිෂ්ඨානශීලි ආදරය : එයාව මම කොහොමහරි ලබාගන්නවා / අපි කොහොමහරි අපේම වෙමු ආදී දෑ නිතරම කියන්නං මෙම වර්ගයට අයත්ය. එකිනෙකා අතර අවබෝධය මදක් අඩු වුවත් , එකිනෙකාට සමීපව සහ ආශාවන් වලට ගරු කරමින් සම්බන්ධතාව පවත්වා ගනී. 💕 හිස් ආදරය : කැපවීම පමණක් ඇත. නමුත් අවබෝධය සහ ආශාවන් අඩුය. ලව් කරන්නන් වාලේ ලව් කරන්නෝ මෙම වර්ගයට අයත් වේ. 💕 ක්ශණික ආදරය : ගැඹුරු අවබෝධයක් හෝ සමීපත්වයකින් තොරව හටගන්නා ආදරයකි. කෙටි කාලීන අනියම් ගනුදෙනු වල ප්‍රතිඵලයක් විය හැක. ගොඩක් පිරිමින් තුළ මෙම ආදරය සැඟවී ඇත. පාරෙ දකින හැම කෙල්ලටම හිත යයි. ටිකකින් අමතක වෙයි. ඉතින් මේ කිව්වෙ ආදරයේ වර්ග කීපයක්. මෙතන කියවිලා නැති ආදර වර්ගයක් තියෙනව නං comment කරන් යන්න හැඳින්වීමකුත් එක්ක. #Relationship_Tips ♡ @LearnBits

'ගිහාන්' මැරතන් තරඟයක නිරත වෙමින් ඉන්නවා. ටික වේලාවකට පස්සෙ ඔහු , දෙවන ස්ථානයේ දුවමින් සිටි පුද්ගලයව පහු කරන්න සමත් වෙනවා. දැන් 'ගිහාන්' දුවමින් ඉන්නේ...,
Anonymous voting

දුරස්ථ ආදර සබඳතා , එහෙමත් නැත්තං සාමාන්‍ය ව්‍යවහාරයේ කියවෙන විදිහට , long distance relationship , ගොඩක් දුශ්කර වැඩක්. එහෙම ආදරයක් පවත්වා ගෙන යාම ගොඩක් අමාරු දෙයක්. අමාරු උනත් , දුරින් ඉඳන් හරි එකිනෙකාට ආදරය කරන්න , එකිනෙකාට ගරු කරන්න සහ එකිනෙකාට සහයෝගය දෙන්න පුලුවන් නං ඒක විශිෂ්ඨ දෙයක්. එහෙම දෙන්නෙක් කවදහරි එකතු උනාම , ආපහු ඒ දෙන්නා කවදාවත් වෙන් වෙන එකක් නෑ.... #Night_Thoughts ♡ @LearnBits