2 610
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів
Архів дописів
2 610
සුරූපී තරුණියක් දින ගණනක සිට අතුරුදහන්! මවගෙන් ආයාචනයක්!
https://www.todaynewslk.com/archives/24152
ජා ඇළ, ඒකල, කොරලේලියවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි සුරූපී තරුණියක් අතුරුදහන් වී තිබෙනවා. මෙලෙස අතුරුදන්වී ඇත්තේ කෝෂිලා රොෂෑන් නමැති තරුණියක්. පසුගිය 08 වනදා පෙරවරු 7.30 ට පමණ පංතියකට සහභාගීවීම සඳහා ඇය නිවසින් පිටව ගිය බවයි, ඇයගේ දෙමව්පියන් පවසන්නේ. මේ වනවිට දින 12ක් පුරා ඇය සම්බන්ධයෙන කිසිදු තොරතුරක් නොමැති බවත් තරුණිය පසුගිය 08වනදා පෙරවරුවේ නිවසින් […]
2 610
ඩයනා ගමගේට පහරදීමක්
https://www.todaynewslk.com/archives/24148
සජබේ මන්ත්‍රී සුජිත් පෙරේරා තමාට පහර දුන් බව රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ සඳහන් කරනවා. පාර්ලිමේන්තු පරිශ්‍රයේ පුස්තකාලය අසළ දී මෙම පහර දීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. මේ සිදුවීම හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10ට අත්හිටුවා තිබෙනවා.
2 610
ධාවනය කරමින් තිබූ බස් රථයක සිටි දෙදරු පියෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)
https://www.todaynewslk.com/archives/24141
මහනුවර ශික්ෂණ රෝහලේ පැවැත්වෙන සායනයකට ගොස් යළි නිවස කරා බස් රථයෙන් ගමන් කරමින් සිටි දෙදරු පියෙකු බස් රථය තුලදීම ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ දික්ඔය බටල්ගල ඉහළ කොටසේ පදිංචි පුද්ගලයෙක්. ජීවිතක්ෂයට පත් පුද්ගලයා ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස කටයුතු කරන අයෙක් වන අතර ඔහු බෝ නොවන රෝගයක් සම්බන්ධයෙන් මාසයකට වරක් මහනුවර ශික්ෂණ රෝහලේ සායන […]
2 610
ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි! 30ක් රෝහලට!
https://www.todaynewslk.com/archives/24139
බදුල්ල මීගහකිවුල යෝධඋල්පත ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබේ. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ලංගම මගී ප්‍රවාහන බස් රථයකි. බදුල්ල මීගහකිවුල යෝධඋල්පත ප්‍රදේශයේ ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරින් කාන්තාවක් මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ 65 හැවිරිදි වියේ පසුවූ කාන්තාවකි. අනතුරින් තුවාල ලැබූ මගීන් 30 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර තිබේ.
2 610
2024 අයවැය ඉදිරිපත් කරන දිනය නිවේදනය කරයි
https://www.todaynewslk.com/archives/24137
2024 අයවැය නොවැම්බර් 13 වන සඳුදා දහවල් 12ට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය නිවේදනය කළේය. අයවැය දෙවැනිවර කියවීමට අදාළ විවාදය නොවැම්බර් 14 වනදා සිට දින 7ක් පැවැත්වෙන අතර ඊට අදාළ ඡන්ද විමසීම 21 වනදා සවස 6ට පැවැත්වීමට නියමිතය. 2024 අයවැය ට අදාළ කමිටු අදියරේ විවාදය 22 වනදා සිට දින 19ක් පැවැත්වෙයි. ඊට අදාළ […]
2 610
අක්ෂි රෝගයට අමතරව තවත් රෝගයක් පාසල් ළමුන් අතර සීඝ්‍රයෙන් පැතිරීම ඇරඹෙයි
https://www.todaynewslk.com/archives/24135
අක්ෂි රෝගයට අමතරව, මේ වනවිට පාසල් සිසුන් අතර, උණ සමග පාචනය රෝගය ද පැතිර යමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. වර්ෂාවත් සමඟ මෙම තත්ත්වය මතුව ඇති බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ. පාසල් ළමයින් අතර පැතිර යන ඇස් රෝගය මේ දිනවල බහුල වීම හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම පාසල්වලට මේ සම්බන්ධයෙන් උපදෙස් […]
2 610
මල් කැකුළකට මරු කැඳ වූ මාරක රිය අනතුර
https://www.todaynewslk.com/archives/24132
නොරොච්චල මහ පල්ලිය ඉදිරිපිට පදික මාරුවේදී යතුරු පැදියක් සහ කැබ්රියක් ගැටීමෙන් ඊයේ (19) රාත්‍රියේ මාරක රිය අනතුරක් සිදුව තිබෙනවා. එහිදී යතුරු පැදියේ ගමන් ගත් පාලකුඩාව ප්‍රදේශයේ පදිංචි පස් හැවිරිදි දරුවෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. අදාළ අනතුරෙන් බරපතළ තුවාල ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. කල්පිටියේ සිට […]
2 610
සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අසමත් සිසුන්ට නව වැඩපිළිවෙළක්
https://www.todaynewslk.com/archives/24130
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වන සිසු සිසුවියන් ලක්ෂ දෙක සහ උසස් පෙළ විභාගයෙන් අසමත් වන සිසු සිසුවියන් ලක්ෂයක ප්‍රමාණයත් ඇතුළුව සිසුන් ලක්ෂ තුනකගේ අනාගතය සාර්ථක කරවිමේ කාර්යභාරය ඉටු කිරීමට විශේෂ වැඩපිළිවෙක් ක්‍රියාත්මක කරන බව ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ සභාපති රුචික අමරසේකර පවසනවා. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ සභාපති රුචික අමරසේකර, “සාමාන්‍ය පෙළ […]
2 610
ප්‍රකට ව්‍යාපාරික ජාලයක් වන DSI සමූහයේ ලොකු පුටු කිහිපයක් යළි අධිකරණයට
https://www.todaynewslk.com/archives/24127
DSI සැම්සන් සමූහයේ අධ්‍යක්ෂවරුන් පිරිසකට සහ එම සමාගමේ ලේකම්වරියට එරෙහිව පනවා තිබූ නඩුවක් කල් තැබීමට කොළඹ වානිජ මහාධිකරණෙය පසුගිය 09 වැනිදා නියෝග කර ඇති බව වාර්තා වනවා. මෙම නඩුව එම සමාගමේ අධ්‍යක්ෂවරයකු වන සජිත් රාජපක්ෂව අධ්‍යක්ෂ මණ්ඩලයේ දැරූ ධූරවලින් ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුවට පටහැනිව අධිකරණයට අපහාසයක් වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් […]
2 610
රයිස්, කොත්තු මිල ඉහළට ?
https://www.todaynewslk.com/archives/24125
විදුලි බිල ඉහළ දැමීම නිසා රයිස්, කොත්තු ඇතුළු අනෙකුත් කෙටි ආහාරවල මිල ඉහළ යෑමේ අවදානමක් මතුව තිබෙනවා. විදුලි බිල ඉහළ දමන ප්‍රතිශතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට පෙර ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කළේ ඉහළ දමන විදුලි බිලට සාපේක්ෂව මිල ගණන් ඉහළ දැමීමට සිදු විය හැකි බවයි.
2 610
පාසල් සිසුන් දෙදෙනෙක් අතුරුදන්
https://www.todaynewslk.com/archives/24123
පාසල් දරුවන් දෙදෙනෙක් අතුරුදහන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරන බව මාරවිල පොලිසිය පවසනවා. අදාළ දරුවන් දෙදෙනා ඊයේ (19) පස්වරුවේ සිට අතුරුදන්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙලෙස අතුරුදන්ව ඇත්තේ නාත්තන්ඩිය, මුට්ටිබැදිවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි කවීෂ මධුසංඛ නැමැති 15 හැවිරිදි දරුවෙක් සහ නාත්තන්ඩිය, සාගරගම පදිංචි ලක්ෂාන් නිමන්ත නැමැති 15 හැවිරිදි දරුවෙක්. මොවුන් දෙදෙනා නාත්තන්ඩිය, පිලාකටුමුල්ල නාලන්දා […]
2 610
විදුලි ගාස්තුව අද සිට ඉහළ දමයි! එක් එක් පරිභෝජන කාණ්ඩයන්හි විදුලි ගාස්තුව වැඩිවන ආකාරය මෙන්න!
https://www.todaynewslk.com/archives/24119
අද (20) සිට විදුලි ගාස්තු වැඩිකිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබෙනවා. ඒ අනුව 0 සිට 30 දක්වා පැවති ඒකකයක් සඳහා රුපියල් 10ක් පැවති ගාස්තුව රුපියල් 12කින් ඉහළ යන අතර, 150ක පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 180 දක්වා ඉහළ දමා තිබෙනවා. එසේම ඒකක 31 සිට 60 දක්වා ඒකකයක් සඳහා රුපියල් 25ක […]
2 610
අද හවස 2න් පස්සේ එළියට යද්දි බලාගෙනයි! 21 වනදායින් පසු කාලගුණයේ වෙනසක්!
https://www.todaynewslk.com/archives/24115
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (20) පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසිද ඇතිවිය හැකි බවය. බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇතිවෙයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය […]
2 610
ඉන්ධන මිල සම්බන්ධයෙන් මුදල් ඇමතිගෙන් ප්‍රකාශයක්
https://www.todaynewslk.com/archives/24113
ඛනිජ තෙල් මිල යළි වැඩි නොවන බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඔහු මෙසේ පැවසුවේ අද (19) පාර්ලිමේන්තුවේදී ආර්ථික කළමනාකරණය සඳහා නිවේදන 11 ක් ඉදිරිපත් කරමින්. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වගකීම භාණ්ඩාගාරය බාරගෙන ඇතැයිද ඔහු සඳහන් කර සිටියා. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ මෙවැනි අදහසක්. “ඛනිජ තෙල් සංස්ථාවේ වගකීම භාණ්ඩාගාරය විසින් බාරගනු […]
2 610
සුදු වෑන් රථයකින් පැමිණ ආපනශාලාවක ආහාරගනිමින් සිටි තරුණියක් පැහැරගනී
https://www.todaynewslk.com/archives/24108
හොරණ ප්‍රදේශයේ ආපනශාලාවක් වෙත කඩාවැදුණු පිරිසක් එහි ආහාරගනිමින් සිටි තරුණියක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් තිබේ. මෙලෙස පැහැරගෙනගොස් ඇත්තේ 34හැවිරිදි වියේ පසුවන බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි තරුණියකි. කෙසේ වෙතත් එම පැහැරගැනීම සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංකය හරහා හෝටල් සේවකයින් විසින් පොලීසිය දැනුවත් කර තිබේ. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ හොරණ පොලීසියේ නිලධාරීන් විසින් පැය 3කට ආසන්න කාලයකදී පැහැරගත් […]
2 610
අවහන්හල් 20කදී ව්‍යාජ හෘදයාබාධයක් බව පෙන්වා බිල නොගෙවූ පුද්ගලයෙක් අත්අඩංගුවට
https://www.todaynewslk.com/archives/24105
ස්පාඤ්ඤයේ බිල් නොගෙවීම සඳහා අවන්හල් 20කදී හෘදයාබාධයක් ව්‍යාජ ලෙස ප්‍රකාශ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ස්පාඤ්ඤයේ Blanca ප්‍රදේශයේ පොලිසිය විසින් දේශීය අවන්හල්වල විසිතුරු රාත්‍රී භෝජන සංග්‍රහයක් අනුභව කිරීම සහ පසුව හෘදයාබාධයක් මවා පෑම හේතුවෙන් රංගනයක නිරත වූ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ. 50 හැවිරිදි පුද්ගලයාගේ ඡායාරූපය මේ […]
2 610
ලබන වසරේ සිට සිසුන් ලක්ෂ 16කට රජයෙන් ලැබෙන දේ
https://www.todaynewslk.com/archives/24103
මිලියන 1.6ක් වූ සියලුම ප්‍රාථමික සිසුන් ආවරණය වන පරිදි 2024 වර්ෂයේදී පාසල් දිවා ආහාර වැඩසටහන ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ලෝක ආහාර වැඩසටහන මගින් සංවිධානය කර, ඔක්තෝබර් 18 සහ 19 දෙදින පුරා පැවැත්වෙන “ලෝක පාසල් ආහාර වැඩසටහනේ” ප්‍රථම ගෝලීය සමුළුව අමතමිනි. 2030 වර්ෂයේදී මිලියන 4.1ක් […]
2 610
පාසල් සිසුවියක් හදිසියේ ඇඳ වැටී මරුට
https://www.todaynewslk.com/archives/24100
අතුරුගිරිය පනාගොඩ පරාක්‍රම විද්‍යාලයේ නව වන වසරේ ඉගෙනුම ලබන දහ හතර හැවිරිදි පාසැල් සිසුවියකට හදිසියේ ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම, මුල්ලේගම, පදිංචි දිනිති තිමාරා නමැති දහ හතර හැවිරිදි පාසැල් සිසුවියකි. ඇය ඊයෙ (18) උදෑසන පාසල් ගොස් යළි නිවසට […]
2 610
ෆේස්බුක්හි පළකරන අදහස් සීමා කිරීමේ තීරණයක්
https://www.todaynewslk.com/archives/24097
ෆේස්බුක් හි හිමිකරු විසින් මෙටා ආයතනය ඊශ්‍රායලය සහ හමාස් අතර ගැටුම පිළිබඳ මත පළ කිරීම් සීමා කිරීමට තාවකාලික පියවරක් හඳුන්වා දී තිබේ. එහිදී අදහස් පළකිරීම සඳහා ලබාදී ඇති පෙර සැකසුම් (Default settings) වල වෙනස් කිරීමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. එම පහසුකම හරහා යමෙකු පළකරන Post එකකට ෆේස්බුක් මිතුරන්ට සහ අනුගමනය (Follow) කරන්නන්ට පමණක් අදහස් […]
2 610
මැතිව්ස් හා චමීර ලෝක කුසලාන සංචිතයට කැඳවයි
https://www.todaynewslk.com/archives/24094
දුෂ්මන්ත චමීර සහ ඇන්ජලෝ මැතිව්ස් අතිරේක ක්‍රීඩකයින් ලෙස ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට එක්වීමට නියමිත බව ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරයි. ඔවුන් අද රාත්‍රියේ ඉන්දියාව බලා පිටත්වීමට නියමිත වාර්තා වේ.
