cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

කතා මන්දිරය_Official_™🖤

✯කතා 🍁 ✯චිත්‍ර🍁 ✯නිසදැස්🍁 ✯කවි,සිංදු 🍁 ඔබේ රස වින්දනයට...☘️☘️☘️ ඔයාලගෙ නිර්මාණ අප වෙත එවන්න🖤❤️ Owner❤️ @A_T_Dew Admin🖤 @Pabasaraaaaa_N Admin🖤 @Oshianz ❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥❥ @kathamandiraya_discussion

Більше
Шрі-Ланка1 890Сингальська1 169Книги10 813
Рекламні дописи
1 621
Підписники
-224 години
-87 днів
-2130 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Фото недоступнеДивитись в Telegram
අනේ ළමයි මේ පොත ඔයාලට PDF එක දෙන්න බයයිනේ 🥲💔 මන් ප්‍රින්ට් කරන්නත් එක්ක මේක ලිව්වේ ඔයාලට PDF එක කවුරු හරි රයිටර් නේම් වෙස් කරලා පොත ප්‍රින්ට් කලාම මගේ මහන්සියට මොකද වෙන්නේ 🙂💔 ඔයාලම කියන්නකො හොඳ ඔ්ප්ෂන් එකක් 🥲💔 pdf එක නම් දෙන්න බෑ පොත ගන්න කැමති අය ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න. ✍️ ᴡʀɪᴛᴛᴇɴ ʙʏ: @thiraa131
Показати все...
Фото недоступнеДивитись в Telegram
හී ළමයි මාව මතකද,,🥺 මන් කරපු අලුත් වැඩක් ඔයාලා වෙනුවෙන් කරපු නිසදැස් පද පොතක්....🥺 ආදරය නිසා විදවන , විදෙව්ව , මතක එක්ක ජීවත් වෙන ඒක පාර්ශ්වික ප්‍රේමකරුවන්ට සහ අනිත් ප්‍රේේමකරුවන්ට මොහොතකට සැනසෙන්න....🙂💗 පොත ඕනි කියවන්න ගන්න අය මට මැසේජ් එකක් දාන්න....🥰 ✍️ ᴡʀɪᴛᴛᴇɴ ʙʏ: @thiraa131
Показати все...
Фото недоступнеДивитись в Telegram
ඇහි පිල්ලම් අස්සෙන් කරකවන ඒ දෙනෙත,, වසඟයට උපන් කියූ ඒ මායා ඇස් කෙලින් බැලු විට හදවතම කීරි ගැහෙන මායාවකාරියෙකි නුඹේ දෑස,, කෙසේ බලන්ද ඔය දෑස බැලුවොත් නුඹේ ඉත්තෙකි මමද,, කම් නැත සොඳුරියේ මා හට ආත්මයම ගිල්නව මම නුඹේ ඉත්තෙක් විලස,, ඉන්නම් හැමදාම සෙබලෙක් විලසින......👀💗🥀 #216 ✍️ ᴡʀɪᴛᴛᴇɴ ʙʏ: @thiraa131 ඔන්න ඔයාලගේ තිරා ආයෙත් ආවා.....😌🙂 ඉස්සර වගේම ආයේත් නිසදැස් වලින් ඔයාලගේ හිත් නිවන්නට......කෝ මගේ ළමයි ටිකට මාව මතකද 😌
Показати все...
3
Фото недоступнеДивитись в Telegram
ඇස් ඇරන් රැය මැදියමත් අලුයමත් තුළ අඳුර ජීවන සහකරුවකු විලසකට,, ලොව කරන් කඳුලින් දිදුලවන්නට කල්යම ගෙවන්නට හැකිය අත් එලෙසටමය මේ මම,, වින්දේ පෙම දහවල වුවත් පණ විදවන්නේ රැය මැදියමේ මම,, පුලුවනිද වරකට හෝ මැදියමකට පැමිණ මගේ හිත බර දරන්ට නුඹට,, සත්තමයි පණ මට තරම්වත් නුඹට බෑ මේ දුක දරන්නට,, මෙයයි හරි අයුරින් බැලුව තැන සත්‍ය ප්‍රේමයේ අවසාන අදියරය..........🙂❤️‍🩹🥀 #215 2024/04/29 3.45 A.M ✍️ ᴡʀɪᴛᴛᴇɴ ʙʏ: @thiraa131
Показати все...
1
Показати все...
වීදි ගණිකාවියයි ඈ....

ආආආ සිතුලි බඩුව පැයට කීයද.... දෙන ගානක් ගන්නවා අයියේ.... අඩෝ තිලිණයෝ මේකි බලපන්කො..හ්හ් දෙන ගානක් ගන්නෝලු....නංගි හොඳට සැප දෙනවද අපිට..... කෝච්චි පාරෙ අයිනකින් ගමන් කර කර සිටි සිතුලිගෙන් වීදි සල්ලාලයො ටිකකගේ පෙරේත බැල්මන් මධ්‍යයේ අසන්නට ලැබුණු වචන හුවමාරුවයි.... පුලුවන් විදියට කරනවා අයියේ.... අම්මට අඩෝ මෙන්න බඩු රියල් බඩු යකෝ මෙව්වා.... මන් ගිහිම් එන්නම් අයියේ.... තවත් රැදුනහොත් සල්ලාල තරුණයන්ගෙන් බේරුමක් නොවන නිසාම සිතුලි ප්‍රථමයෙන්ම ඔවුන් අසලින් නික්ම පැමිණියහ.                         _…

3
Фото недоступнеДивитись в Telegram
+ මට උබව ඕන්නෑ මාව අමතක කරලා දාන්න.... – ඒත් මට ඔයාව අමතක කරන්න බෑ මැණික.... + මට පුලුවන් කිව්වම අහලා මගෙන් ඈතට පලයන් ඕයි මට උබව එපා.... – ම්ම්ම්....🙂💔 කමක් නෑ මන් යන්නම් පරිස්සමින් ඉන්න රත්තරන් ඔයා......මහා ගොඩක් මතක කන්දක් දීලා මාව මෙහෙම අතෑරියට ඔයාට පින්...... ඉතිම් මන් අහන්නේ ළමයෝ මන් වැරදිද,, උබේ ඔය හිත අස්සෙන් උතුරන්න ආදරේ හොයලා හොයලා,, අවසානෙට ආදරේත් එක්ක පණ පිටින් මැරෙන තරමට මතක ගොන්නක් දීලා,, ඔයා නැතිව ජීවත් වෙන්න බැරි තරමට මගේ හිත හොරකම් කරගෙන,, මාව දාලා ගියපු නුඹට මාව දැනුනේ නැතිද මැණික......😔💔🥀 #214 ✍️ ᴡʀɪᴛᴛᴇɴ ʙʏ: @thiraa131
Показати все...
1
Фото недоступнеДивитись в Telegram
දරාගැනීම මට පිහිටලා නැති බව දැන දැනම "කමක් නෑ අමාරුවෙන් හරි මන් දරාගන්නවා හැමදේම වසන්තය එනකම් නේ..එතකොට මේ දුක් මුකුත් නෑ " මන් මාවම රවට්ට ගෙන දරාගතපු තැන් අනන්තයි,, පුංචිම දේටත් හිත රිදෙන තරමට සංවේදී හදවතක් පිහිටද්දි ජීවිතයේ අන්තිම පඩියට වැටුණු මොහොතවලුත් දරාගත්තේ මන් මගෙන්ම පළිගනිමින්,, මට බෑ මන් ශක්තිමත් නෑ කියලා හිතපු තැනුත් මන් අල්ලන් හිටියේ කමක් නෑ මොනදේත් අනාගතේ දවසක මගේ ජීවිතේ සාර්තකත්වයටනේ කියලා,, ජීවිතය අතෑරලා දාන්නෝනි කියලා හිතුනු තැනුත් ධෛර්්‍ය ගෙන මන් අල්ලගත්තට හැමෝටම බැරිව ඇති මට වගේ දරාගන්න.... හැමෝගෙම දරාගැනීම එක වගේ නෑ ඒ නිසා හිත් එක්ක සෙල්ලම් කරද්දි හරි පරිස්සමින් ළමයෝ..........☺️❤️‍🩹🥀 #213 ✍️ ᴡʀɪᴛᴛᴇɴ ʙʏ: @thiraa131
Показати все...
1
Фото недоступнеДивитись в Telegram
කාලයත් එක්ක යාලුවොත් වෙනස් වෙනවලු ආසම කාලේ ජීවිතේ පිස්සු නටලා කෑ ගහලා තැන තැන ජල්ලි පිටින් කරක් ගහලා උබලා එක්ක ගත කරපු ඒ කාලේ තමා බන් ලස්සනම,, ජීවිතේ අමතක නොවෙන ලස්සනම නවාතැනක් සමහර යාලුකම් දුර දිග ගියා ආදරය තෙක්ම සමහර යාලුවො කතාවක් නැති වෙන්නම වෙන්වුනා කාලයත් එක්ක හැමෝම වැඩ වලට බිසී වුනා,, ඉස්සර තිබුණ යාලුකම එකමුතුව කෝ දැන් ගෙවිච්ච අවුරුද්ද දුක සතුට එකතු වෙච්ච මතකයන් ගොඩකින් බිලිගත් අවුරුද්දක්,, ආයේ ඕනි පරණ විදියටම උබලා එක්ක කාලේ ගත කරන්න ඉස්සර වගේ බැරි වුනත් පුලුවන් හැම වෙලාවකම,, උබලව ගොඩක් මතක් වෙනවා බන් පුලුවන් ඉක්මනටම හම්බෙමු ආදරෙයි කට්ටියටම..........🥺💗 #212 #request ✍️ ᴡʀɪᴛᴛᴇɴ ʙʏ: @thiraa131
Показати все...
2
Показати все...
වීදි ගණිකාවියයි ඈ.... (Part 02 )

අවසාන කොටස . . . . . . . Part 01

https://telegra.ph/%E0%B7%80%E0%B6%AF-%E0%B6%9C%E0%B6%AB%E0%B6%9A%E0%B7%80%E0%B6%BA%E0%B6%BA-%E0%B6%88-04-23

පින් එපා ළමයෝ.... ම්ම්ම්....  ගමනාන්තයෙන් මද වේලාවකට පසු රන්දීර් කැබ් රථය නතර කළේ සිතුලිගේ කීමට අනුව කෝච්චි පාර අසළ මුඩුක්කු ගෙවල් ගම්මානය ඉදිරිපිටය.... එන්න අයියේ මෙතනින් යන්න තියෙන්නේ අපේ ගෙදරට.... හ්ම්ම්.... දුප්පත් ජීවිතයක නොදැක තිබූ ඇතුලාන්තය එක් නවාතැනකට රන්දීර් පා තබන්නේ මේ පලමු වතාවයටය.ඉහළ පොලිස් නිළධාරියෙකු වුවත් ඔහු කිසි දිනෙක මෙවන් තැනකට පැමිණ…

2
Фото недоступнеДивитись в Telegram
විහිලුවෙන් ජීවිතේ ගෙවපු මම අද ෆුල් සීරියස් චරිතයක්,, කාලය හරි පුදුමයි මට මාවම පෙන්නුවා,, අනිත් අය නිසා මගේ ඇස් වලින් වැටුණු කඳුලක් ගානේ මගේ ජීවිතේ මම විඳවපු තත්පරයක් ගානේ මට දැනුනෙම මේවද ප්‍රශ්න,, පොඩිදේටත් මෙහෙම නම් මගේ ඉදිරි ජීවිතය මොන වගේ වේවිද,, හරි පුදුමයි මන් දැන් දරාගන්න පුරුදු වෙලා ඒත් එක නැවතුම් තිතක් ළඟ ඇරෙන්න ඔව්ව්,,ඔයා ළඟ ඔයාගේ ආදරය ළඟ ඇරෙන්න මැණික....🙂💔🥀 #206 ✍️ ᴡʀɪᴛᴛᴇɴ ʙʏ: @thiraa131
Показати все...
👍 1
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.