cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

🐾 ලෝක සවාරිය ✈️🌏

අරුම පුදුම විශ්මිත දේ සොයා යන්න කම්මැලිකම නැති වෙන්න දැනුම බෙදාගන්න එන්න අපේ ලෝක සවාරියට 🐾🛶🌏

Більше
Рекламні дописи
1 398
Підписники
Немає даних24 години
-57 днів
-1730 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

ළමා ශ්‍රමයට එරෙහි වීමේ දිනය ලෝකය පුරා අද (12) දිනයේ සැමරනු ලබනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය 2024 වසරට අදාළව නිකුත් කළ තේමාව ලෙස, "ළමා ශ්‍රමය අවසන් කිරීමට අපගේ කැපවීම් මත ක්‍රියා කරමු" සඳහන් කර තිබෙනවා. ලොව සෑම දරුවන් දස දෙනෙකුගෙන් එක් දරුවෙක් ළමා ශ්‍රමිකයකුවන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.ඒ අනුව, ආසන්න වශයෙන් ලොවපුරා දරුවන් මිලියන 160ක් පමණ ළමා ශ්‍රමිකයින් බවට පත්ව තිබෙනවා.ළමා ශ්‍රමය ලොව පුරා භාවිත කිරීමට පාදක වන හේතු සොයා, ඒවා නැති කිරීමට කටයුතු කිරීමෙන් ලොව පුරා දරුවන්ට සුන්දර ළමා කාලයක් ලබා දීමට හැකියාව ලැබෙන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
Показати все...
👍 2
මේ බටහිර ඔස්ට්‍රේලියාවේ Gascoyne ප්‍රදේශයෙන් හෙළිදරව් වෙන පුරාණ ලෝකයේ ආශ්චර්යයක්. වසර මිලියන 280ක් පැරණි, ඉතා හොඳින් සංරක්ෂණය වි ඇති මුහුදු ලිලී - Jimbacrinus crinoids ෆොසිල එකතුවක් තමයි මේ තියෙන්නේ. මේ සතුන් මිනිසුන් පෘථිවියේ ඇවිදීමට බොහෝ කලකට පෙර පෘථිවිය ගොඩ නැගී තිබූ ආකාරය ගැන විස්මිත දසුනක් අප ඉදිරියේ මවනවා. Jimbacrinus bostocki කියන්නෙ ක්‍රිනොයිඩ් වර්ගයක්. (ක්‍රිනොයිඩ් කියන්නෙ Echinodermata කාණ්ඩයේ තරු මාළු, භංගුර තරු, මුහුදු ඉකිරි සහ මුහුදු කැකිරි ආදිය ඇතුළත් සාගර සතුන් අයත් කොටසයි.) මේ කුලයේ සතුන් ගැඹුරු මුහුදේ මුහුදු පත්ලේ වාසය කරන අතර Crinoids තම ජීවිත කාලය පුරාම එකම මූලික ශරීර හැඩය පවත්වාගෙන යනවා. ඔවුන්ගේ ශරීරය නාල පාද සහ ඔටුන්න ලෙස ප්‍රධාන කොටස් දෙකකින් හඳුනාගන්න පුලුවන්. මුහුදු පතුලේ ජීවත් වෙන නිසා Jimbacrinus bostocki හට මුහුදු පතුලේ උපස්ථරයට සම්බන්ධ වීමට නාල පාද උදව් කරගන්නා අතර මේ නාල පාද යට මෘදු පටක මගින් සම්බන්ධ කර ඇති නම්‍යශීලී, සිදුරු සහිත තීරු "තැටි" වලින් සමන්විත යි. නාල පාද අභ්‍යන්තර නලයක් මෙන් හිස් වන අතර ස්නායු පද්ධතිය පිහිටා ඇත්තේ මේ නලය ඇතුලේයි. ඒ වගේම සිහින් බිත්ති සහිත නාල පාද හරහා ඔවුන් ඔක්සිජන් අවශෝෂණය කරනවා ඔටුන්න කැලික්සයක් (calyx) සහ බාහු වලින් සමන්විතයි. කැලික්සය කියන්නෙ ක්‍රිනොයිඩ් ශරීරය වන අතර එහි මුඛය සහ ගුදය වැනි අවයව පිහිටා තියෙනවා. මුඛය කැලික්සයේ ඉහළ මතුපිට මත පිහිටා තිබෙන අතර එය වටා පෝෂක බාහු පහක් දකින්න පුළුවන්. මේ බාහු වටා සියුම් පිහාටු සහිත ව්‍යූහයන් (pinnules) පෙළගැසී ඇති අතර එයින් මුහුදු ජලයේ ඇති ප්ලවාංග ආහාර පෙරා ගැනීම සිදු කරනවා. Jimbacrinus bostocki නිදර්ශක තුළ මේ පිහාටු සහිත pinnules ඉතා හොඳින් සංරක්ෂණය වී තිබෙනු දකින්න පුළුවන්. මේ පොසිල හමුවන Cundlego සැකැස්ම, ආසන්න වශයෙන් වසර මිලියන 275 - 280 කට පෙර - මුල් පර්මියන් යුගයේදී ගංවතුරට ලක් වූ අභ්‍යන්තර ඉරිතැලීම් ද්‍රෝණියක නිර්මාණය වූ වැලිගල් තුලයි. මේ ෆොසිල නිධිය අපට පර්මියන් යුගයේ වඳවී යාමේ සිදුවීම් පිළිබඳ කෙටි සටහනක් ලබා දෙනවා. පර්මියන් යුගයේ අවසානය සහ ට්‍රයැසික් යුගයේ ආරම්භය අතර භූ විද්‍යාත්මක මායිම "මහා මියයාම" ලෙස හඳුන්වනු ලබන අතර එය වාර්තාගත භූ විද්‍යාත්මක කාලය තුළ වාර්තා වූ මහා වඳවීමේ සිදුවීම් 5 න් විශාලතම සහ දරුණුතම සිදුවීමයි. මේ කාලයෙන් පසු සියලුම සාගර විශේෂ වලින් 90% කට වඩා ෆොසිල වාර්තා වලින් නැවත හමු වී නෑ. මේ මහා නෂ්ට වීම තුල ගෝලීය උෂ්ණත්වය ඉහළ යද්දී, උණුසුම් ජලය එන්න එන්නම ආම්ලික වූ බවත්, මීතේන් සහ ලෝහ මට්ටම් ද වැඩි වූ බවත්, සාගර සතුන්ට ජීවත් වීමට ප්‍රමාණවත් ඔක්සිජන් රඳවා ගැනීමට ජලයට නොහැකි වූ බවත් කියවෙනවා. මේ වඳවීමෙන් ක්‍රිනොයිඩ් විශේෂ වල කුඩා ප්‍රතිශතයක් දිවි ගලවා ගත් අතර අද වන විට විශේෂ 600 කට වඩා සාගරයේ ජීවත් වෙනවා . #ලෝකසවාරිය
Показати все...
00:29
Відео недоступнеДивитись в Telegram
මේකෙන් දැනෙන දේ මොකක්ද... ? ☺️🥰 https://t.me/traveling6train
Показати все...
2.35 MB
😢 2 1😭 1
පුරාණ ඊජිප්තුව ගැන ,මමී ගැන ,රජවරු ගැන ,පාලනය ගැන දැන ගන්න කැමතිද.. ඉක්මනින් ලිපි පෙලක් ගේන්නම්...😊👍
Показати все...
🔥 7 1
ඊජිප්තු දේශයේ මහා රැජිණ වන නැප්ටෙරා මෙසේ පවසයි. හත්ති දේශයේ මහ රැජිණ වූ පුදුහේපා මගේ සහෝදරියට කතා කරන්නේ මම, ඔබේ සහෝදරියයි. ඔබට සුව. එසේම ඔබේ දේශයටද සුව. මා හට දැනගැනීමට ලැබුනා ඔබ මාගේ නංගී මගේ සෞඛ්‍යය ගැන අසා ලියූ බව. ඔබේ සහෝදරයා, ඊජිප්තුවේ රජු හා ඇති හොඳ මිත්‍රත්වය සහ සහෝදර සබඳතාව නිසා ඔබ මට ලියා ඇත. විශිෂ්ඨවත් වූ කුණාටු දෙවියන් ගේ ආශිර්වාදයෙන් ඊජිප්තු මහා රජු හා ඔහුගේ සහෝදරයා හත්ති මහා රජු අතර සාමය හා සහෝදර සබඳතා සදහටම පවතිනු ඇත. අසන්න මගේ සහෝදරිය ඔබට සුබපැතීම සඳහා මම ඔබට තෑග්ගක් එව්වා. ඔබේ ගෙලට මාලයක් සුපිරිසුදු රන් පටි 12ක් යුක්ත ෂෙකෙල් 88 ක් බර හා පාට ලිනන් මැක්ලාලු වලින් සකස් කල රජු වෙනුවෙන් වූ රාජකීය ඇදුමක්. මුළු ලිනන් ඇදුම් 12 ක්. ...................… ඉහත සදහන් වන්නේ පුරාණ ඊජිප්තුවේ 19වන රාජවංශයේ තුන්වන රජු වූ මහා රැම්සෙස් ගේ අගමෙහෙසිය වූ නෙෆර්ටාරි (Nefertari) රැජිණ විසින් එවකට හිටයිට් දේශය රජකම් කල තුන්වන හට්ටුසිලි (Hattusili) රජුගේ අගමෙහෙසිය වූ පුදුහේපා (Puduhepa) රැජිණ වෙත ක්‍රි.පු 1275ත් ක්‍රි.පු 1250ත් අතර කාලය තුල දී යවන ලද ලිපියකි. මෙය අද දින තුර්කියේ අගනගරය වන අන්කාරා හි ඇති ඇනටෝලියානු ශිෂ්ටාචාර කෞතුකාගාරය තුල ප්‍රදර්ශනයට තබා ඇත. සියවස් ගණනාවක් රටවල් දෙක අතර සටන් සිදු වූ අතර අවසානයේ මහා රැම්සෙස්ගේ නායකත්වය යටතේ සිදු වූ සුප්‍රසිද්ධ කාදේශ් සටනෙන් අවුරුදු 12ත් 15ත් අතර කාලයකට පසුව දෙරට අතර සාම ගිවිසුමක් අත්සන් කරනු ලැබූ අතර එය දැනට පවතින සාක්ශි සහිතව ඔප්පු කල හැකි පැරණිතම සාම ගිවිසුමද වන්නේය. (මා දන්නා පරිදි) එමෙන්ම ගිවිසුම ඇතිවූ රටවල් දෙකෙන්ම අදටත් ගිවිසුම දැකගත හැකි පුරාණතම සාදකයද මේ සාම ගිවිසුමට ලැබේ. මෙය සදාකාලික ගිවිසුම (Eternal Treaty) වශයෙන් අද දින නම්කොට ඇති අතර හට්ටුසිලි රජුගේ පාලන කාලය වඩාත් වැදගත් වන්නේද ඔහුගේ හත්තුසාවේ රජ මාලිගාව පිහිටි භූමියෙන් ලිපි දෙසියයකට අධික ප්‍රමාණයක් සොයා ගැනීම තුලය. ඒ අතර මේ රැජිණියන් දෙන්නාගේ ලිපියද පවතී. #ලෝකසවාරිය
Показати все...
🔥 4
Фото недоступнеДивитись в Telegram
ලෝක පරිසර දිනය අදට (05) යෙදි තිබේ. Today Is World Environment Day 🌳🌸🌿 1972 වසරේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී එළඹුණු එකඟතාවකට අනුව සෑම වසරකම ජුනි මස 05 වනදා "ලෝක පරිසර දිනය " ලෙස ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව, අදාළ තීරණය ගෙන මේ වනවිට වසර 50ක් ගතවීම ද විශේෂත්වයකි. ලෝක පරිසර දින සැමරුම "එකම පෘථිවියක්" යන තේමාව යටතේ ස්වීඩනයේදී පැවැත්වීමට නියමිතය. අධික ජනගහණය, පරිසර දූෂණය, වන විනාශය, ගෝලීය උණුසුම ඉහළ යාම වැනි පාරිසරික ගැටලුවලට සමස්ත ලෝකයම මුහුණ දෙමින් සිටි. මේ වන විට ලෝකය පුරා මතුව ඇති ආහාර සහ බලශක්ති අර්බුදය හමුවේ පරිසරය පිළිබඳ සෑම දෙනෙකුගේම අවධානය යොමුවීම දැඩි අවශ්‍යතාවක්ව පවති. ශ්‍රී ලංකාව ද පාරිසරික ගැටලු රැසකට මුහුණ දෙමින් සිටින අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් එම ගැටලු සමනය කිරීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක වේ. මේ අතර, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත එදිරිසිංහ මහතා සඳහන් කළේ වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ වනාත්නර ප්‍රතිශතය 32%ක් දක්වා ඉහළ නැංවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බවය..
Показати все...
1
කැළඹුණු කාලගුණ තත්වය හමුවේ ගංවතුර ගෑලීම් සහ අනෙකුත් අපදා තත්වයන් පිලිබද නිරතුරු යාවත්කාලීන තොරතුරු දැනගැනීමට අප සමග එක්වන්න... https://t.me/globalnewssrilanka
Показати все...
CHANNEL - GLOBAL NEWS SRI LANKA

globalnewssrilanka - Sri Lanka's Largest Telegram News channel.

Фото недоступнеДивитись в Telegram