uk
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

Відкрити в Telegram

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

Показати більше
3 506
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів
Архів дописів
පුද්ගලික පින් කළ පණිවිඩ. වැදගත් තොරතුරු සහ මතක තබා ගත හැකි අවස්ථා එකින් එක කතාබස් වලදී පුද්ගලයන් දෙදෙනාට හෝ ඔබටම පමණක් ඇලවීමෙන් සලකුණු කරන්න. අතීත අල්මාරිය හරහා පනින්න ඉහළ තීරුව තට්ටු කරන්න, නැතහොත් ඔබේ ප්‍රියතමයන් ඉක්මනින් සොයා ගැනීමට ඒවා සියල්ලම වෙනම ලැයිස්තුවක විවෘත කරන්න.

ඔබේ ජීවිතේට අවශ්‍ය කරන , ජීවිතේ ජයගන්න වගේම ඉස්සරහට යන්නත් ඕනි කරන, 🔴Exam tricks 🔴Life hacks 🔴Motivation 🔴Social knowledg
ඔබේ ජීවිතේට අවශ්‍ය කරන , ජීවිතේ ජයගන්න වගේම ඉස්සරහට යන්නත් ඕනි කරන, 🔴Exam tricks 🔴Life hacks 🔴Motivation 🔴Social knowledge 🔴Positive Thinking 🔴Sexual Education 🔴Education 🔴Story ආදී බොහෝ දෑ එකම තැනකින්❤💞 පල්ලෙහා තියෙන බටන් වලින් අපිත් එක්ක එකතු වෙන්න ඔයාලත් 😊🙈 ඔයාලගෙ දැනුම අපිත් එක්ක ශෙයා කරගන්න😎. (හොදයි නම් යාලුවො අතරෙත් ශෙයා කරන්න එයාලවත් එකතු කරගන්න🙃)

iOS 15 සමඟ Built-In Authenticator එකක් ලබාදීමට Apple සමාගම කටයුතු කරයි Apple සමාගම විසින් මෑතකදී උපාංග කිහිපයක් සඳහා iOS 15 හි පළමු developer beta update එක ලබාදීමට කටයුතු කළ අතර ඒ සමඟ නව විශේෂාංග සහ වෙනස්කම් රාශියක් ලබාදීමට ඔවුන් කටයුතු කර තිබුණා. ඒ අතර, visual upgrades කිහිපයක් මෙන්ම, සැලකිය යුතු මට්ටමේ FaceTime improvements, iMessage සඳහා නව sharing options, redesign කරන ලද notifications ඇතුළුව තවත් බොහෝ දේ ඇතුළත් වූ අතර Apple සමාගම ඔවුන්ගේ WWDC 2021 keynote එක අතරතුර මෙම නව විශේෂාංග බොහොමයක් පිළිබඳව සාකච්ඡා කිරීමටද කටයුතු කරනු ලැබුවා. WWDC 2021 event එක අතරතුර Apple සමාගම විසින් iOS, iPadOS, watchOS සහ macOS වලට එකතු වන අලුත්ම පහසුකම් හඳුන්වාදීමට කටයුතු කරයි Apple සමාගම විසින් ඔවුන්ගේ WWDC 2021 event එක පසුගිය ජුනි 7 වැනි දින පැවැත්වීමටකටයුතු කළ අතර, මේ පිළිබඳව අපි ඔබව මීට පෙර දැනුම්දුන්නා මතක ඇති. Apple WWDC 21 event එක පැවැත්වීමට නියමිත දිනයන් නිළ වශයෙන් නිවේදනය කිරීමට Appleසමාගම කටයුතු කරයිApple සමාගම විසින් ඔවුන්ගේ Worldwide Developers Conference… කෙසේ නමුත්, Apple සමාගම විසින් මෙම අවස්ථාව තුළ ඇතැම් විශේෂාංග පිළිබඳව ඉස්මතු කර නොමැති අතර iOS 15 සමඟ පැමිණෙන සියලුම නව විශේෂාංගයන් ඉස්මතු කරමින් Apple සමාගම විසින් පළ කර ඇති blog සටහනෙහි දැක්වෙන්නේ iOS 15 තුළ built-in authenticator එකක් ඇති බවත්, එමඟින් iPhone පරිශීලකයින්ට Google Authenticator සහ Authy වැනි තෙවන පාර්ශවීය විකල්පයන් ඉවත් කිරීමට ඉඩ ලබා දෙන බවත්‍ ය. මෙම විශේෂාංගය iOS Settings app එකෙහි Passwords section එකෙහි දැකගැනීමට හැකිවන අතර එහි දැක්වෙන set up verification code යන option එකට ගොස් Setup key එක ඇතුළත් කිරීම මගින් හෝ QR code එක scan කිරීම මගින් two-factor authentication set up කරගැනීමට හැකියාව තිබෙනවා. Verification codes set up කරගත් පසුව, ඔබ වෙබ් අඩවියට හෝ app එකට sign in වූ විට ඔබගේ iPhone verification codes autofill කිරීමටද මෙම විශේෂාංගයට හැකියාව තිබෙනවා.

2021 හොඳම Budget Phones සාමාන්යෙන් රු.30,000 ඇතුලත මිලදී ගන්න පුළුවන් හොඳම phones මොනවද ? ඒ ගැන මේ ලිපියෙන් කතා කරමු. මෙහිදී rank කිරීමක් සිදු නොකරන අතර පිළිවෙල සලකා මිලදී ගනීමට අවශ්‍ය නොවේ. VIVO Y20i ආසන්න වශයෙන් රු.29,000 කට මිලදී ගන්න පුළුවන් . අඟල් 6.5 ක display එක වගේම 13MP triple camera setup එකක් එනවා. 3/4GB Ram එක්ක 64GB internal storage එකක් එනවා. ඒ වගේම 5000mAh battery එකකිනුත් සමන්විතයි. VIVO Y11s ආසන්න වශයෙන් රු.28,000 පමණ මිලදී ගන්න පුළුවන්. 6.5inch display එකක් එක්ක 13MP + 2MP dual camera setup එකක් තියනවා. 3GB Ram එකක් එක්ක snapdragon 460 chipset එකක් එනවා. battery එකත් 5,000 mAh ම වගේ එනවා. Samsung Galaxy A12 ආසන්න වශයෙන් රු.30,000 පමණ මිලදී ගන්න පුළුවන්. 6.5 inch display එකක් එක්ක 48MP quad camera setup එකක් ලැබෙනවා. 3/6 GB Ram විදියට ලැබෙනවා. මේ දේවල් වලට අමතරව 5,000mAh battery එකකුත් එනවා. Samsung Galaxy M11 ආසන්න වශයෙන් රු.28,000 පමණ මිලදී ගන්න පුළුවන්. 6.4 inch display එකක් එක්ක 13MP triple camera setup එකක් එනවා. Ra, එක 3/4 GB වශයෙන් ලැබෙනවා. ඒ වගේම 5,000 mAh battery එකක් එක්ක තමයි M11 එක ලැබෙන්නේ. Huawei Y6p ආසන්න වශයෙන් රු.27,000 පමණ මිලදී ගන්න පුළුවන්. 6.3 ක display එක වගේම 13mp triple camera setup එකකින් ලැබෙන Y6p එකේ අපිට 3/4 GB ram බලාගන්න පුළුවන්. 5,000mAh battery එකකින්ද සමන්විතයි. Nokia 3.4 ආසන්න වශයෙන් රු.26,000 පමණ මිලදී ගන්න පුළුවන්. 6.4 ක display එක වගේම 13MP triple camera setup එකක් තියනවා. Snapdragon 460 chipset එකකින් ලැබෙනවා වගේම 3/4 GB Ram එකකින් මිලදී ගන්න පුළුවන්. ඒ එක්කම 4000mAh battery එකක් එනවා. Realme C15 ආසන්න වශයෙන් රු.32,000 පමණ මිලදී ගන්න පුළුවන්. 6.5 inch display එකක් ලැබෙනවා. 6,000mAh battery එකක් ලැබෙනවා. 13MP Quad camera setup එකක් වගේම 3/4 GB Ram වලින් මිලදී ගන්න පුළුවන්. Realme C12 ආසන්න වශයෙන් රු.25,000 පමණ මිලදී ගන්න පුළුවන්. 6.5 inch display එකක් ලැබෙනවා. 6,000mAh battery එකක් ලැබෙනවා. 13MP Triple camera setup එකක් වගේම 3/4 GB Ram වලින් මිලදී ගන්න පුළුවන්. iPhone 6s 2021 තවමත් refurbished මිලදී ගන්න පුලුවන්නම් රු.30,000 කිට්ටුවෙන් ගන්න පුළුවන් හොඳම phone එකක් ව්දියට recommend කරන්න පුළුවන්.

වර්තමානයේ අප බොහෝ දෙනා පරිගණක හා ජංගම දුරකතන භාවිතා කරනවා. ගොඩක් වෙලාවට ගෙදර සිට වැඩ කිරීම online අධ්‍යාපනය සඳහා බොහෝ දෙනා යොමු වෙලා තියෙන දෙයක්. කොහොම වුනත් මේත් එක්ක අපේ ඇස් වලට යම් බලපෑමක් විය හකිය යන්න අපට අමතක වී තිබෙනවා. කොහොම වුනත් මේ තිර මගින් නිකුත් වන නිල පහැති ආලෝකය අපේ ඇස් වලට අයහපත් දෙයක් කියන එක අපි නොදන්නා දෙයක් නෙමේ. නමුත් මේ නිල් ආලෝකය පරිගණක වැනි උපාංගවලින් මෙන් ම සූර්යයාගෙන්ද නිකුත් වනවා. නමුත් පරිගණක හා ජංගම දුරකතන තිරවලින් වැඩි හානියක් සිදු වීමට ප්‍රධාන හේතුව වන්නේ අපේ ඇසට ඉතාමත් ළඟින් තබා භාවිතා කිරීමයි. කෙසේ වෙතත් මෙලෙස අපට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා කළ හැකි වැදගත්ම දේ වන්නේ එක දිගට භාවිතා නොකිරීමය. සාමාන්‍යයෙන් මිනිත්තු 20 කට පමණ වරක්වත් මිනිත්තුවක් පමණ කෙටි විවේකයක් ගැනීම වැදගත් ය. එමෙන් ම හැකි තාක් විද්‍යුත් උපකරණ භාවිතා කරන විට ආලොකවත් පරිසයක් භාවිතා කිරීම සුදුසු වේ. එමෙන් ම අඳුරු ස්ථානය සිට විද්‍යුත් උපකරණ භාවිතා කිරීම හැකිතාක් අවම කළ යුතුය. අලෝකවත් තිරයක් වෙනුවට අඳුරු තිරයක් Dark Mode මගින් හඳුන්වා දී ඇත. මෙය ඇස් ඇස්වලට මෙන් ම විදුලි පරිභෝජනය අවම කිරීම සඳහා ද වැදගත් වේ. එමෙන් ම මේ නිල් ආලෝකය අවම කර ගැනීම සඳහා පරිගණක හා ජංගම දුරකතන ආයතන විසින් නිල් ආලෝකය සහිත තිරය කහ පැහයට හුරු තිරයක හැරවීමේ හැකියාව හඳුන්වා දී ඇත. Windows 10 – Night Light Android – Blue Light Filter, Eye Comfort Mod මෙම පහසුකම ඔබේ උපාංගයේ නැතිනම් පහතින් Download කර ගන්න. f.lux මෘදුකාංගය Windows - https://justgetflux.com/ Andoid - https://justgetflux.com/android/ Ios - https://justgetflux.com/ios.html ඔයාලගේ යලුවන්ටත් දැන ගන්න මේ message එක share කරන්න ඔයාලගෙ අදහස් comment කරන්න 😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

⭕.Only For ආතල් එකේ ඉන්න උන්ට.😏 ⭕.හැමදාම funny vodeos , photos දානවා.💯 ⭕.ආතල් එකේ ඉන්න තියෙන්නෙ.👍💯 ⭕.මලමිනී වගේ ඉන්න බෑ..post වලට comment එහෙම කරන්න ඕනේ ⭕.පුලුවන් පුලුවන් එව්න්ව Add කරාම්😋 ⭕.දැන්ම අපිත් එක්ක එකතු වෙන්න.👇 ⚜.Join Our Channel - https://t.me/FunnyJokepost ⚜.Join our Group - https://t.me/FunyPhotosAndVideos

උඩ ලිපිය තිබේ... ඔයාලා අනිවා කියවන්න Image එක යටින් comment කරන්න...
+4
උඩ ලිපිය තිබේ... ඔයාලා අනිවා කියවන්න Image එක යටින් comment කරන්න...

මේ පහසුකම භාවිතා කිරීම සඳහා ඔබගේ iPad එක MacBook එක අසලින් තැබීම පමණක් ප්‍රමාණවත් වන අතර, Mac පරිගණකය විසින් ස්ව්‍යංක්‍රීයව එක හඳුනාගැනීමට කටයුතු කරනවා. මීට අමතරව iOS වෙත හඳුන්වාදුන් FaceTime SharePlay පහසුකම, Shortcuts පහසුකම මෙන්ම Mac පරිගණකයේ display එකට AirPlay හරහා content stream කිරීමේ හැකියාව ද ලබාදීමට නියමිත වෙනවා. එමෙන්ම Safari browser එකේ UI එක සම්පූර්ණයෙන්ම පාහේ අලුත් කිරීමටත්, තමන්ගේ browser tabs group කළ හැකි tab groups පහසුකම හඳුන්වාදීමටත් Apple සමාගම කටයුතු කර තිබෙනවා. මෙලෙස නිර්මාණය කරන tab groups, ස්ව්‍යංක්‍රීයවම තම iCloud ගිණුම සමඟ සම්බන්ධ කර ඇති devices අතර sync වන බවද Apple සමාගම වැඩිදුරටත් පෙන්වාදෙනු ලැබුවා. macOS Monterey සංස්කරණය පහත සඳහන් වන mac පරිගණක සඳහා ලබාදීමට Apple සමාගම කටයුතු කරනු ඇත. iMac (late 2015 and later) iMac Pro (2017 and later) Mac Pro (late 2013 and later) Mac Mini (late 2014 and later) MacBook Pro (early 2015 and later) MacBook Air (early 2015 and later) MacBook (early 2016 and later) මෙම event එක අතරතුරදී එළිදක්වනු ලැබූ පහසුකම් සියල්ලක්ම පාහේ Android, Windows හෝ අනෙකුත් මෙහෙයුම් පද්ධති භාවිතා කරන්නන් හට අලුත් දෙයක් නොවුවත්, M1 chip එක තමන්ගේ device family එකටම හඳුන්වාදීම හරහා Apple සමාගම තැබූ දැවැන්ත පියවර හමුවේ අනෙකුත් සමාගම් වලට ඒ තත්ත්වයට ළඟා වීමට තවත් වසර ගණනාවක් ගතවිය හැකි බව දැකිය හැකි වෙනවා. තමන්ගේ software වලට ගැලපෙන hardware තමන් විසින්ම නිශ්පාදනය කිරීමට අමතරව, මේ වන විට එකම architecture එකක් මත ක්‍රියාත්මක වන devices family එකක්ම Apple සමාගම සතු වෙනවා. මේ හරහා software updates ලබාදීම, අලුත් පහසුකම් ලබාදීම ඉක්මණින් සහ සාපේක්ෂව අඩු මහන්සියකින් ලබාදිය හැකි වන අතර, Android හෝ Windows වල දැනට ජනප්‍රියව පවතින පහසුකම් iOS, iPadOS මෙන්ම macOS වලට එකතු කිරීම මෙන්ම ඒවා අභිබවා යමින් අලුත්ම පහසුකම් ලබාදීමත් ඉදිරියේදී දැකගැනීමට හැකියාව ලැබෙනු ඇත. Software, Hardware වලට අමතරව සෑම essential කටයුත්තකටම අවශ්‍යය කරන Services ද first-party ලෙසම ලබාදෙමින්, ඒවා seamless ලෙස එකිනෙක සම්බන්ධ කරමින් Apple devices භාවිතා කරන්නන් තම ecosystem එකෙන් පිටතට යෑම හෝ පිටත තවත් දේ ඇති බව දැනගැනීමට හෝ ඉඩ නොතැබීමට Apple සමාගම මේ වන විටත් බොහෝ දුරට සමත් වී ඇති බව දැකගත හැකි වෙනවා.

iPhone 12, iPhone 12 Mini, iPhone 12 Pro, iPhone 12 Pro Max iPhone 11, iPhone 11 Pro, iPhone 11 Pro Max iPhone XS, iPhone XS Max iPhone X, iPhone XR iPhone 8, iPh one 8 Plus iPhone 7, iPhone 7 Plus iPhone 6S, iPhone 6S Plus iPhone SE (first and second generation) iPod Touch (seventh generation) iPadOS 15 iPadOS එක මෙවර වැඩි වශයෙන්ම multi-tasking පිළබඳව වැඩි අවධානයක් යොමු කර ඇති බව දැකගත හැකිවූ අතර, මේ සඳහා අලුත්ම multi-tasking menu එකක් හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා. iPadOS එක සඳහා iOS වල දැනට තිබෙන home screen widgets පහසුකම ලබාදීමටත්, App Library පහසුකම එකතු කිරීමටත් Apple සමාගම කටයුතු කර ඇති අතර, system-wide ලෙස gesture එකකින් access කළ හැකි Quick Notes නම් වූ පහසුකමක් ද හඳුන්වාදීමට කටයුතු කරනු ලැබුවා. එමෙන්ම system-wide text translation පහසුකමක් මෙන්ම පුද්ගලයින් දෙදෙනෙකු කතා කරමින් සිටින විට එම coversation එක real-time ලෙස translate කිරීමේ හැකියාව ද iPadOS එකට එකතු වෙනවා. iPadOS එකට එකතු වන තවත් විශේෂිත අංගයක් වන්නේ Swift Playground පහසුකම වන අතර, ඒ හරහා apps නිර්මාණය කිරීමටත්, ඒවා App Store එකට submit කිරීමේ හැකියාව ලබාදීමටත් Apple සමාගම කටයුතු කර තිබෙනවා. iPadOS 15 සංස්කරණය පහත සඳහන් iPad සඳහා ලබාදීමට Apple සමාගම කටයුතු කරනු ලබනවා. iPad Pro 12.9-inch (first through fifth generation) iPad Pro 11-inch (first through third generation) iPad Pro 10.5-inch iPad Pro 9.7-inch iPad (fifth through eighth generation) iPad Mini (fourth and fifth generation) iPad Air (second through fourth generation) Apple සමාගමේ Mail app එකට සහ Safari Browser එකට අලුත් security පහසුකම් කිහිපයක් එකතු කර ඇති අතර, විශේෂයෙන්ම email එක යවන්නාගේ IP address එක සහ location එක hide කිරීමටත්, marketing mails වලදී ඒවා view කරනු ලැබුවේද නැද්ද යන්න පරීක්ෂා කිරීම සඳහා එවනු ලබන trackers disable කිරීමටත් එයට හැකියාව ලැබෙනවා. මීට අමතරව iCloud Plus නම් වූ subscription එක හරහා දැනට iCloud වල paid plan එකක් භාවිතා කරන පරිශීලකයින් හට ‍අමතර මුදලක් නොගෙවා භාවිතා කළ හැකි VPN පහසුකමක් සහ Hide My Email නම් වූ random email address භාවිතා කිරීමේ හැකියාව ලබාදීමට ද Apple සමාගම කටයුතු කරනු ලබනවා. එමෙන්ම Siri speech recognition පහසුකම මින් අනතුරුව audio recording Apple servers වලට නොයවා අදාල processing කටයුතු device එක තුලදීම කරනු ඇති අතර, මේ හරහා internet connection එකක් නොමැති අවස්ථා වලදී වුවත් Siri පහසුකම භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා. මේ සමඟින්ම Siri සේවාව third-party devices සඳහා අන්තර්ගත කිරීමේ හැකියාව ලබාදෙනු ඇති අතර, ඉදිරියේදී Apple සමාගම විසින් නිශ්පාදනය නොකරන devices වලින් පවා Siri සේවාව access කිරීමේ හැකියාව මේ අනුව ලැබෙනු ඇත. iOS 15 සමඟින් iPhone එකකට walking steadiness එක, එහෙමත් නැතිනම් පියවර තැබීම පිළිබඳව දත්ත analyze කිරීමේ හැකියාව ලැබෙන අතර, health app එක හරහා step count එක, heart rate එක වැනි දෑ monitor කර ඒවායේ trend එක පිළිබඳව තොරතුරු පරිශීලකයාට ලබාදීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම මෙම health data සියල්ල පවුලේ අනෙකුත් අය සමඟ share කරගැනීමේ හැකියාව ලැබෙන අතර මේ හරහා තම දෙමාපියන් සුවෙන් සිටීද වැනි කාරණා ඉතාමත් පහසුවෙන් දැනගැනීමට හැකියාව දරුවන් හට ලැබෙනවා. watchOS 8 Apple සමාගම විසින් ඔවුන්ගේ watchOS එකට ද වැඩිදියුණු කිරීම් කිහිපයක් එකතු කර ඇති අතර, මේ වන විට watchOS එක හරහා respiratory rate එක, එනම් ඔබ මිනිත්තුවකට හුස්ම ගන්නා වාර ගණන track කිරීමේ හැකියාව ලබා දෙනවා. එමෙන්ම watchfaces සඳහා portrait-mode භාවිතා කරමින් layer කිහිපයකින් යුතු අලංකාර watchfaces නිර්මාණය කරගැනීමේ හැකියාව ද watchOS එක වෙත එකතු වෙනවා. මීට අමතරව Scribble handwriting recognition පහසුකම සෑම text view එකකටම හඳුන්වාදෙනු ඇති අතර, මේ හරහා පරිශීලකයා හට ඕනෑම text view එකක් මත cursor එක තබා තමන්ට අවශ්‍යය අකුරු වල හැඩය watch එක මත ඇඳීමෙන් text input කිරීමේ හැකියාව ලැබෙනවා. watchOS 8 සංස්කරණය පහත සඳහන් Apple Watches සඳහා ලබාදීමට Apple සමාගම කටයුතු කරනු ඇත. Apple Watch Series 3 Apple Watch Series 4 Apple Watch Series 5 Apple Watch Series 6 Apple Watch SE macOS Monterey macOS මෙහෙයුම් පද්ධතියේ මීලඟ සංස්කරණය macOS Monterey නමින් හඳුන්වනු ඇති අතර, එය අලුති පහසුකම් රැසකින් සන්නද්ධ කිරීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා. මෙලෙස macOS එකට අලුතින් එකතු කළ පහසුකම් අතරින් ඉතාමත් සිත්ගන්නාසුළු පහසුකමක් වන්නේ Universal control යන නමින් හඳුන්වන, Mac පරිගණකයේ keyboard එක සහ mouse එක හරහා iPads control කිරීමේ හැකියාවයි.

📝Technology Knowledge Store: WWDC 2021 event එක අතරතුර Apple සමාගම විසින් iOS, iPadOS, watchOS සහ macOS වලට එකතු වන අලුත්ම පහසුකම් හඳුන්වාදීමට කටයුතු කරයි Apple සමාගම විසින් ඔවුන්ගේ WWDC 2021 event එක පසුගිය ජුනි 7 වැනි දින පැවැත්වීමට කටයුතු කළ අතර, මේ පිළිබඳව අපි ඔබව මීට පෙර දැනුම්දුන්නා මතක ඇති. Apple WWDC 21 event එක පැවැත්වීමට නියමිත දිනයන් නිළ වශයෙන් නිවේදනය කිරීමට Apple සමාගම කටයුතු කරයි Apple සමාගම විසින් ඔවුන්ගේ Worldwide Developers Conference (WWDC) 2021 event එකonline event එකක් ලෙස පැවැත්වීමට තීරණය කර ඇති අතර, එය පැවැත්වීමට නියමිත දිනයන්නිළ වශයෙන් නිවේදනය කිරීමට කටයුතු කර තිබෙනවා. Apple’s Worldwide Developers Conference is back in its all-online formatAppletoday announced i… මෙවර WWDC event එක අතරතුරදීත් සුපුරුදු පරිදි iOS එකේ අලුත් සංස්කරණය, macOS එක, iPadOS එක මෙන්ම watchOS එකට අලුතින් එකතු වන පහසුකම් පිළිබඳව තොරතුරු අනාවරණය කිරීමට Apple සමාගම කටයුතු කළා. iOS 15 iOS 15 පිළිබඳව විස්තර කිරීමේදී එය staying connected, finding focus, using intelligence සහ exploring the world යනුවෙන් category කිහිපයක් යටතේ පැහැදිලි කිරීමට Craig Federighi කටයුතු කරනු ලැබුවා. Apple devices භාවිතා කරන්නන්ගේ ප්‍රියතම සේවාවක් වන FaceTime වලට මෙවර අලුත් පහසුකම් කිහිපයක් එකතු කර තිබෙන අතර, කතා කරනු ලබන්නාට අදාල video එක screen එකේ තිබෙන location එක අනුව ඔහුගේ/ඇයගේ කටහඬ අදාල පැත්තෙන් ඇසෙන spatial audio නම් පහසුකමක් මෙන්ම, background noise ඉවත් කරන voice isolation පහසුකමක් මෙහිදී හඳුන්වාදෙනු ලැබුවා. එමෙන්ම FaceTime call එකකදී background එක blur කර, අදාල පුද්ගලයාව focus කරනු ලබන portrait mode එකක් ද එකතු කිරීමට කටයුතු කර ඇති අතර, call එකක් අතරතුරදී music සහ videos share කිරීමේ හැකියාව ද ලබාදී තිබෙනවා. අනෙක් විශේෂ කාරණය වූයේ Zoom, Google Meet වැනි සේවාවන් වල මෙන් FaceTime meeting නිර්මාණය කර, ඒවා link එකක් හරහා බෙදාහැරීමටත්, එය Apple ecosystem එකට පමණක් සීමා නොකර Android, Windows හෝ වෙනත් operating system එකක් භාවිතා කරන්නන් හට වුවත් web browser එක හරහා එකතු වීමේ අවස්ථාව ලබාදීමයි. iOS notification වලට අලුත් පෙනුමක් ලබාදීමට කටයුතු කර ඇති අතර, notification batching නම් වූ පහසුකමක් හරහා විවිධ notifications එකට එකතු කර ඒවායේ වැදගත්කම අනුව අනුපිළිවෙලට සකස් කර පරිශීලකයා වෙත ඉදිරිපත් කරන අලුත් පහසුකමක් ද හඳුන්වාදෙනු ලැබුවා. මීට අමතරව Focus නම් පහසුකමක් හරහා විවිධ අවස්ථා වලට ගැලපෙන අයුරින් notifications arrange කරගැනීමේ හැකියාව ලැබෙනවා. මෙහිදී Do not disturb, Work, Sleep වැනි විවිධ pre-defined focus ක්‍රම කිහිපයක් ලබාදෙන අතර on-device machine learning භාවිතා කරමින් අදාල mode වලදී ලැබිය යුතු notifications වැනි දෑ තීරණය කිරීම සඳහා උදව් කිරීමට ද අලුත් iOS එකට හැකියාව තිබෙනවා. එමෙන්ම තමන්ට අවශ්‍යය නම් තමන්ටම අනන්‍යය වූ Focus modes නිර්මාණය කරගැනීමේ හැකියාව ඇති අතර, මෙලෙස සකස් කරනු ලබන සියළුම focus modes ඔබගේ සියළුම Apple devices අතර sync වනු ඇති බවද Apple සමාගම පෙන්වා දෙනවා. මීට අමතරව messages app එකට updates කිහිපයකුත්, තමන් භාවිතා කරන apps විසින් තමන්ගේ location එක, camera එක හෝ microphone එක වැනි privacy වලට අදාල දෑ access කළ ආකාරය පෙන්වන privacy report එකකුත්, හඳුන්වාදීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා. iOS Camera app එකට LiveText නම් වූ අලුත් පහසුකමක් හඳුන්වාදෙමින් text, landmarks, සතුන් වර්ග වැනි දෑ හඳුනාගැනීමේ හැකියාව ලබාදී ඇති අතර, මෙලෙස හඳුනාගනු ලබන text copy කිරීම, translate කිරීම හෝ search කිරීමේ හැකියාව ද පරිශීලකයා හට ලැබෙන බව ඔවුන් පෙන්වා දෙනවා. මෙම පහසුකම ක්‍රියාත්මක වන්නේ on-device intelligence සහ deep neural networks භාවිතා කරමින් වන බවත්, මෙම තොරතුරු cloud එකට නොයවා device එක තුළම process කරනු ලබන බවත්, iPhone, iPads සහ Mac පරිගණක වලදී මෙය භාවිතා කළ හැකි බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. Apple Wallet එක වැඩිදියුණු කරමින් home, office හෝ hotel keys Apple Wallet එක තුළ save කර, ඒවා සඳහා සහාය දක්වන දෙරවල් විවෘත කිරීමේ හැකියාව ලබාගත හැකි බවත්, ඉදිරියේදී රියදුරු බළපත්‍රය වැනි දෑ ද මේ ආකාරයට iPhone එක තුළ save කිරීමේ හැකියාව ලබාදීමට කටයුතු කරනු ලබන බවද Apple සමාගම නිවේදනය කරනු ලැබුවා. මේ පහසුකම් සියල්ලම සමඟින් විස්තර නොකළ තවත් කුඩා පහසුකම් රාශියක් ද ඇතුලත්ව iOS 15 සංස්කරණය පහත devices සඳහා නිළ වශයෙන් ලබාදීමට Apple සමාගම තීරණය කර තිබෙනවා.

OnePlus Nord CE 5G ජංගම දුරකතනයේ renders කිහිපයක් සහ promo video එකක් අන්තර්ජාලයට නිකුත් වෙයි OnePlus සමාගම විසින් ඔවුන්ගේ මීළඟ Nord ජංගම දුරකතනය වන OnePlus Nord Core Edition 5G දුරකතනය ජුනි මස 10 වෙනිදා ඉන්දියානු සහ යුරෝපීය වෙළඳපොල සඳහා එළිදැක්වීමට නියමිතව තිබෙනවා. මේ වනවිට, leaker කෙනෙකු වන Evan Blass විසින් Nord CE 5G දුරකතනයේ renders කිහිපයක් සහ promo video එකක් අන්තර්ජාලයට නිකුත් කර ඇති අතර pricebaba වෙබ් අඩවිය විසින්ද Nord CE දුරකතනයේ renders කිහිපයක් සහ configurations පිළිබඳව තොරතුරු වාර්තා කර තිබෙනවා. ඒ අනුව, OnePlus Nord CE 5G ජංගම දුරකතනය Charcoal Ink සහ Blue Void ලෙස color variants දෙකකින් පැමිණෙනු ඇති නමුත්, Blass විසින් share කරගත් renders වල සුදු පැහැති variant එකක්ද දැකගැනීමට හැකියාව තිබෙනවා. දුරකතනයේ design එක වෙත අවධානය යොමු කිරීමේදී, device එකෙහි punch-hole display එකක් සහ පිටුපස vertical triple camera system එකක් දැකගැනීමට හැකියාව තිබෙනවා. එමෙන්ම, device එකෙහි වම්පස volume rocker එක ඇති අතර device එකෙහි දකුණු පැත්තේ power button එක දැකගැනීමට හැකියාව තිබෙනවා. උපාංගයේ පහළින් 3.5mm audio jack එක, USB-C port එක සහ external speaker එකක් දැගගැනීමට හැකි වන අතර මෙහි in-display fingerprint scanner එකක්ද අන්තර්ගත වන බවට වාර්තා වෙනවා. OnePlus Nord CE 5G දුරකතනය 6 GB RAM + 128 GB storage, 8 GB RAM + 128 GB storage සහ 12 GB RAM + 256 GB storage වැනි variants වලින් පැමිණෙන බවට කටකතා පැතිර තිබෙන අතර Nord CE 5G දුරකතනය ඉන්දියාව තුළ ඉන්දියානු රුපියල් 22,999 මුදලක සිට ආරම්භ විය හැකි යැයි අනුමාන කරනවා. දැනට නිකුත් වී ඇති නිළ නොවන තොරතුරු වලට අනුව, මෙම Nord CE 5G දුරකතනය 90Hz refresh rate එකකින් සමන්විත අඟල් 6.43 ක Full HD+ Fluid AMOLED display එකකින් සමන්විත වන අතර මෙය Snapdragon 750G chipset එකකින් බලගැන්වෙනවා. ඊට අමතරව මෙහි 30T Warp Charge සඳහා සහාය දක්වන 4,500mAh බැටරියකින් සමන්විත වන අතර 16-megapixel front camera එකක් සහ පසුපස 64 MP + 8 MP + 2 MP ලෙස triple camera setup එකක්ද දැකගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අනුමාන කෙරෙනවා. කෙසේ වෙතත්, මෙම තොරතුරු මේ වනවිට නිළ නොවන මූලාශ්‍ර මගින් අනාවරණය වී ඇති තොරතුරු බව නැවතත් මතක් කළයුතු වෙනවා.

උඩ කිහිප සැරයක්ම Community Standards කියන වචන භාවිත වුණ නිසා ඒ ගැන නොලිව්වොත් අඩුවක්. ඉතාම කෙටියෙන් ඒ ගැනත් ලියන්නම්. වැඩි විස්තර https://www.facebook.com/communitystandards ලින්ක් එකෙන් ගන්න ඔයාලට පුළුවන්. ඒවගේම මේ උඩ කියන බොහෝ කරුණු Facebook සමගම සතුව පවතින අනෙක් සමාජ ජාලයන් වලටත් වලංගු බව මතක තියාගන්න. ලෝකයේ ඕනෑම කෙනෙකුට පහසුවෙන් හා ආරක්ෂාකාරීව මේ සමාජ ජාළය භාවිත කරන්න පුළුවන් වෙන අරමුණින් තමයි Community Standards නිර්මාණය කරලා තියෙන්නේ. මේවට පිටින් ගියොත් තමන්ගේ ගිණුම තාවකාලික අකර්මන්‍යවීමක ඉඳලා සදහටම නැතිවීම වෙනකම් ඕනෙම දෙයක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒවගේම මේවට එකඟ නොවෙන ඕනෙම ගිණුමක් හෝ කන්ටෙන්ට් එකක් කිසිම අවසරයකින් තොරව ඉවත් කරන්නත් Facebook සමාගමට හැකියාව තියෙනවා. ඒවගේම මෙහි පලවෙන කිසිඳු දෙයකට හෝ පරිශීලක අවසරයකින් තොරව සිදුවන ඉවත් කිරීමකට එරෙහිව Facebook ජාලයට එරෙහිව නඩු මාර්ගයට පිවිසෙන්න පරිශිලයකන්ට තියෙන ඉඩකඩත් බොහෝ දුරකට අහුරලා අවසන්. Section 230 of the Communications Decency Act - අන්තර්ජාල සේවා සපයන සමාගම් වලට, ඒ ගොල්ලන් හරහා ව්‍යාප්ත වෙන කන්ටෙන්ට් සම්බන්ධ වගකීමට බැඳීම වළක්වා ආරක්ෂාව සලසනවා. අනිත් අතට, නීතිමය වශයෙන් වගවීමට ලක් නොවී ඒ කන්ටෙන්ට් අන්තර්ජාලයෙන්, ඔවුන්ගේ ප්ලැට්ෆෝම් වලින් ඉවත් කිරීමට සහ එඩිට් කිරීමට අවශ්‍ය ඉඩකඩ ලබා දෙනවා. පල වෙන දේවල් වල කන්ටෙන්ට් එක සම්බන්ධව ඒ සේවා සපයන සමාගම් සහ අන්තර්ජාලයේ අන්තර්ක්‍රියා සහිත වෙබ් අඩවි ( උදා: සෝෂල් මීඩියා - යූ ටියුබ්, ෆේස්බුක් ) තුන් වෙනි පාර්ශවයක් ලෙස හඳුනා ගන්නවා මිස, නීතිමය වශයෙන් ඒවා "පල කරන, පල කරන්නා" ලෙස වගවීමට බඳින්නේ නැහැ. ඒ නිසා, කවුරුන් හෝ ඔවුන් හරහා පල කරන දේවල් වල කන්ටෙන්ට් එකට එරෙහිව නීතිමය පියවරක් ගන්න බැරුවා සේම, ඔවුන් විසින් කවුරුන් හෝ තමන්ගෙ ප්ලැට්ෆෝම් එක හෝ සර්විස් එක යොදාගෙන පල කරන දේවල් ඉවත් කලොත්, හෝ එඩිට් කලොත්, ඒක පල කරපු පාර්ශවයටත් ඒ සමාගම් වලට එරෙහිව තමන් පල කළ දේ ඉවත් කලා කියලා නීතිමය පියවරක් ගන්න බෑ. Community Standards වල තියෙන්නේ පහත තියෙන අංග 6 Violence and Criminal Behavior Safety Objectionable Content Integrity and Authenticity Respecting Intellectual Property Content-Related Requests තව විශේෂ කරුණක් මේක එක්තරා විදිහක මිත්‍යාවක් Verified Account හිමියන්ට මේ Community Standards අදාළ නෑ කියන එක. හැබැයි ඒක නම් වැරදි. මේ Community Standards කඩ කලොත් ඔබට ඉන්න followers ලා ගාන, ඔබේ Post reach එක හෝ ඔබට Verified Facebook Account එකක් තිබෙන එක හෝ විශේෂයක් කරලා සලකන්නේ නැහැ ඔබේ ගිණුම අක්‍රීය වෙන්න. ඒනිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන එක වටිනවා. මේ ලිපියේ අරමුණ වුනේ ඔබට ඔබේ ගිණුම ආරක්ෂා කරගන්න හැටි ගැන යම් අවබෝධයක් ලබාදෙන එක සහ අසත්‍ය ප්‍රචාර වලට, රැලි වලට ඔබව අහුවෙන එක වලක්වන එක. ඕනෑවටත් වඩා මේක දික් වුණ නිසා Community Standards ගැන සහ මේ ලිපියේ ඉතා කෙටියෙන් සඳහන් කරපු කරුණු ඉදිරි ලිපි වලින් ලියන්නම්. අවසානයටත් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. reach වැඩි කරගැනීම වරදක් නොවුණත් ඔබ නොදැනුවත්ව හෝ මුලාවට පත් වී "වැහෙන්න යන්නේ....!", “අහවල් ආගමෙන් මේ profile එක report කරනවා”, “මම අදාළ ලිපිය දාපු නිසා report වෙනවා, මෙච්චර ගාණක් comments දෙන්න” වැනි ප්‍රකාශයන් නිසා අනවශ්‍ය පුද්ගලයින්ට නිකරුනේ reach ලබා දෙන්න එපා. ඔයාලගේ අදහස් comment කරන්න. 😊

කාගේ හෝ ඉල්ලීමකට, යම් කෙනෙකුට, හෝ පේජ් එකකට වැඩි වැඩියෙන් ස්ටිකර් කමෙන්ට්ස් ලබාදෙන විට ඔබ සියලු දෙනාගේ මිතුරු ලැයිස්තුවල සිටින යහළුවන්ට සහ ෆලෝවර්ස්ලට ඒක පේන්න තියෙන ඉඩ සෑහෙන වැඩි වෙනවා. (social dilemma චිත්‍රපටයත් නරඹන්න) එමඟින් අදාළ පුද්ගලයාගේ හෝ page එකේ reach වැඩි වීම පමණක් සිදුවෙනවා. reach වැඩි කරගැනීම වරදක් නොවුණත් ඔබ නොදැනුවත්ව හෝ මුලාවට පත් වී "වැහෙන්න යන්නේ....!", “අහවල් ආගමෙන් මේ profile එක report කරනවා”, “මම අදාළ ලිපිය දාපු නිසා report වෙනවා, මෙච්චර ගාණක් comments දෙන්න” වැනි ප්‍රකාශයන් නිසා අනවශ්‍ය පුද්ගලයින්ට reach ලබා නොදෙන්න කියල මම ඔබෙන් ඉල්ලනවා. Block වෙන්න තව හේතු මෙන්න? ඔබට මතක ඇති පසුගිය 2019 වසරේ ශ්‍රී ලංකා රජය යම් මට්ටමකට සමාජ මාධ්‍යය වාරණයක් පනවන්නට කටයුතු කළා. මෙය පනවන්නට හේතු වුණේ අසත්‍ය ප්‍රචාර, ප්‍රවෘත්ති තව තවත් ප්‍රචාරය වීම සහ සමාජය තුළ අනවශ්‍ය භීතියක් ඇති වීම වළක්වාලීම අරමුණු කරගෙනයි. ඔබ සමාජ මාධ්‍ය වාරණය තිබු සමයේ හෝ වර්තමානයේ Facebook වෙත පැමිණෙද්දී VPN හරහා රට විටින් විට මාරු කිරීම සිදුකළා නම් Facebook එක හරහා එය ඔබේ ගිණුමට වෙනත් රටවල පුද්ගලයින් ඇතුළු වෙනවා (අනවසර ඇතුළුවීමක්) ලෙසින් හඳුනාගැනීමට ලොකු ඉඩක් තිබෙනවා. එවිට ඔබේ ගිණුමේ ආරක්ෂාව තර කිරීමට security checking (අනන්‍යතාව තහවුරු කර ගැනීම) වැනි option එකක් භාවිතා වෙන්නට ලොකු ඉඩක් තිබෙනවා. මෙයත් සම්පුර්ණයෙන්ම පාහේ ස්වයංක්‍රීය ක්‍රියාවලියක්. Translation issues එහෙම නැති නම් පරිවර්තනමය ගැටළු නිසාත් ඔබේ ගිණුම තාවකාලිකව අකර්මන්‍ය වෙන්නට හැකියාව තිබෙනවා. තවමත් Facebook සමාජ ජාළය ප්‍රධාන භාෂාවක් කිහිපයක් මත පමණක් යැපෙන බව ඔබ දන්නවානේ.(ප්‍රධාන වශයෙන් ඉංග්‍රීසි භාෂාව මත තමයි) ඔබ ලියන ලද ලිපිය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනයක් සිදු කර තමයි අදාළ ඇල්ගොරිතම සහ වැඩසටහන් මගින් එහි අන්තර්ගතයන් හඳුනා ගන්නේ. මේ ක්‍රියාවලියේ ගැටළු නිසා (නිවැරදි නොවන පරිවර්තනයන්) ඔබේ ලිපිය ගැටලුකාරී එකක් ලෙස මේ වැඩසටහන හඳුනා ගන්න ඉඩ තිබෙනවා. නමුත් මෙවැනි වරදක් නිසා ඔබේ ගිණුම අකර්මන්‍ය වුනොත් ඉතා ඉක්මනින් එය නිවැරදි කරගන්න ඔබට පුළුවන්. ඒ අදාළ අකර්මන්‍ය වීම පිළිබඳව Second Review එකක් එහෙම නැති නම් නැවත සලකා බැලීමක් කරන ලෙස ඉල්ලීමක් සිදුකිරීම මගින්. කුඩා දරුවන්ගේ ඡායාරූප දැමීම මගිනුත් ගිණුම් අකර්මන්‍ය වීමේ අවදානමක් තිබෙනවා. (ඔබේ ඔබ පළ කරන්නේ ඔබේ දරුවාගේ ෆොටෝවක් වුවත් මෙය සිදුවීමේ යම් සම්භාවිතාවයක් තිබෙන බව මතකයෙහි තබා ගන්න). මෙය Facebook වැඩසටන් වල තිබෙන එක්තරා අඩුපාඩුවක් ලෙස අපිට හඳුවන්න පුළුවන්. මේ ගැටලුව නම් ඉතා ඉක්මනින් නිවැරදි වේවි.(බොහෝ විට දිනෙන් දින ඉහළ යන ළමා අපයෝජනයන් වෙත වැට බැඳීම අරමුණු කරගෙන නිර්මාණය කරන ඇල්ගොරිතමයක ගැටළුවක් වන්නට පුළුවන්) අපහාසාත්මක හෝ තව අයෙකු අපහසුතාවයට පත්වෙන අන්දමේ යම් post එකක්,ඡායාරූපයක් එහෙම නැති නම් වීඩියෝවක් වැනි දෙයක් පළ කලොත් ඔබේ ගිණුම ඉතා ඉක්මනින් අකර්මන්‍ය වීමට හෝ අදාළ ලිපිය ඉවත්කරගන්නා ලෙස සිදු කෙරෙන දැනුම් දීමක් පැමිණෙන්නට විශාල ඉඩක් තිබෙනවා. විශේෂයෙන් අදාළ අපහසුතාවයට හා අගෞරවයට පත් පාර්ශවය විසින් සිදු කෙරෙන Report වීමක් ඉතා දැඩිව සලකා බැලෙනවා. Copyright claims කියන්නෙත් ඉතා ඉක්මනින් ගිණුමක් අහිමිවීමට ප්‍රධාන හේතුවක්. ප්‍රකාශන හිමිකම් නොසලකා හැරීම නීතිමය වශයෙන් ගත්විටත් ඉතා බරපතල වරදක් බව ඔබ දන්නවා. Youtube web අඩවිය භාවිතා කරන කෙනෙක් නම් මේ ක්‍රියාවලිය ඔබට නුපුරුදු කාරණයක් වන්නට හැකියාවක් නැහැ. Facebook ජාළය ඇතුලතත් අද වෙද්දී ඉතා දැඩිව මේ පිළිබඳව සලකා බැලෙනවා. ඔබට අයිතිය හිමි කන්ටෙන්ට් එකක් ( ලියන යමක්, ඔබට හිමි ඡායරූපයක්,වීඩියෝවක්,ඕඩියෝවක් වැනි දෙයක් ) Facebook සමාජ ජාලයේ ඔබේ අවසරයකින් තොරව වෙනත් කෙනෙකු විසින් පළ කරනවානම් එය ඉවත් කරවන්නට ඔබට හැකියාව තිබෙනවා. ඒ නිවැරදි ආකාරයෙන් Copyright claim එකක් සිදු කිරීම මගින්. ඔබේ අතින් නොදැනුවත්ව හෝ එවැනි යමක් සිදු වුනොත් පළමු වර ඒ අදාළ content එක ඉවත් කිරීම සිදු වෙනවා. නමුත් දිගින් දිගටම එවැනි දේ සිදුවුනොත් ඔබේ ගිණුමේ අවසානය එය වන්නටත් ඉඩ තිබෙනවා. යම් news එකක් හෝ කරුණු සහිත ලිපියක් Facebook පළකරන්න හෝ share කරන්න කලින් යම් සොයා බැලීමක් කරන එක වටිනවා. අද වෙද්දී නම් Fact checking බොහෝ දුරකට සිද්ද වෙනවා එත් මේකත් ඔබේ ගිණුම අහිමි වෙන්න ප්‍රධාන හේතුවක්. (මේ ගැන වෙනම ලියන්නම්) මේ වෙද්දී යම් යම් දේශපාලනිකව ක්‍රියාකාරී ස්වාමීන්වහන්සේලාගේ සහ දේශපාලනික ක්‍රියාකාරීන්ගේ ඡායරූපත් මේ සමාජ ජාළය වෙත එක කරද්දී ඉතාම සැලකිලිමත් වෙනන ඕනේ. ඊට මතරව පරුෂ වචන අද වෙද්දී Facebook හඳුනාගෙන අවසන්. එවැනි වචන Facebook තුල භාවිතා කිරීමත් එතරම් ඔබේ ගිණුමේ ආයුකාලයට හොඳ දෙයක් නම් නෙමෙයි. මොනවද මේ Community Standards

Facebook Profile එකක්, Page එකක් Report වෙන්නේ කොහොමද කියන එක ගැන පැහැදිලිව දැනගනිමු සාමාන්‍යයෙන් අපි Facebook post එකක් දැම්මහම ඉබේම යම් මුලික අදියරේ පරික්ෂා කිරීමකට ලක්වෙනවා. එය සිදුවෙන්නේ Facebook botsලා / ඇල්ගොරිතම මඟින්. මේ බෝට්ස්ලා එහෙම නැති නම් මේ ස්වයංක්‍රිය වැඩසටහන් මඟින් අපි පළ කරන ලිපි, ඡායාරූප scan කිරීමක් සිදුවෙනවා. එහි අඩංගු වචන හෝ සංකේත Facebook Community Standards වලට එරෙහිව නොයන්නේ නම් එය පළ කරන්න අවස්තාව ලැබෙනවා. එය යම් අකාරයකින් Community Standards වලට එරෙහිව යන්නක් නම්,උදාහරණ විදිහට අතිශයින් සංවේදී ඡායාරූපයක් හෝ එවැනි යමක් Thumbnail (වීඩියෝ පෙර දසුනක්) ලෙස හෝ පළ කර තිබේ නම්, Copyrights පිලිබඳ ගැටළු සහිත කන්ටෙන්ට් වැනිදෑ, තිබේ නම් එය ඉවත් කරගන්නා ලෙස දැනුම්දීමක් සිදු කරනවා. ඊට අමතරව Copyrights ගැටළු ඇති සංගීතමය කොටස් ඇති නම් ඒවා mute වීම සිදු වෙන අතර අසභ්‍ය දෑ අඩංගු නම් මේ පළමු scan එකේදීම එය ඉවත් වෙන්නට හෝ ඔබේ ගිණුමට පළ කිරීමේ ඉඩ අහුරනවා. මේ හේතු නිසා ඔබේ ගිණුම අක්‍රීය වුනොත් ඔවුන් ගන්නා තීරණය පිළිබඳව දෙවන වර review එකක් සඳහා ඉල්ලීමක් කරන්න අවස්තාව ලැබෙනවා. හැබැයි ඉතින් මේ දෙවැනි review එක ඉල්ලන එකේ ඔබට ඵලක් හිමිවෙන්නේ Community Standards වලට එරෙහිව ඔබ කටයුතු කරලා නෑ කියලා තීරණය වුනොත් විතරයි. කොහොම නමුත් මේ post එක පරිශීලකයා පළ නොකරන ලද එකක් නම් (ගිණුම් හැක් වීමක් වැනි දෙයක් හෝ වෙන අයෙකු විසින් පරිශීලක අනුදැනුම නොමැතිව පළ කරන ලද්දක් නම්) එය ඉවත් කර, ගිණුමේ ආරක්ෂාව වැඩි කර ගැනීමට ඇල්ගොරිතම ක්‍රියාත්මක වෙනවා. පරිශීලක අනන්‍යතාව තහවුරු කර ගැනීමට විවිධ options ලබා දෙනවා. එතෙක් එය draft එකක් ලෙසින් ඔවුන් එය රඳවා ගන්නවා. දෙවන වර review කිරීමේ දී එය Facebook Community Standards සඳහා නොගැලපෙන්නේ නම් එය ඉවත් කළ බවත් ඔබට දැනුම් දෙනවා. මේ සඳහා සාමාන්‍යයෙන් දිනක් හෝ දෙකක් පමණ කාලයක් ගත වෙන්නට ඉඩ තියෙනවා. ( කොරෝනා තත්වයන් නිසා ඊට මදක් වැඩි කාලයක් ගතවන්නටත් ඉඩ තිබෙනවා). Post එකක්, පෞද්ගලික ගිණුමක් හෝ page එකක් වුණත් report වීමේ දී මුලික ක්‍රියාවලිය සිදුවන්නේ ඉහත සඳහන් කළ ආකාරයටම තමයි. උදාහරණයක් විදිහට ලංකාව තුළ සිදු වූ ත්‍රස්ත ක්‍රියාවන් සම්බන්ධව ලිපි සහ ඡායාරූප පළ කළ Facebook පිටු සහ ගිණුම් report වීම සහ disable වීම ගනිමු. මේ ක්‍රියාවලිය දෙයාකාරයකට වෙන්නට පුළුවන්. පළමු ක්‍රමය තමයි ඔවුන් දමන ලද postවල අන්තර්ගතය සමාජයට හානි දායක බව අනෙක් පරිශීලකයන් Facebook සමාගම වෙත report කිරීම නිසායි. අනික නම් මුලික පරීක්ෂාවන්වල දී හසු නොවුණු, Facebook Community Standards සමග නොගැලපෙන යමක් Facebook ඇල්ගොරිතම වෙත පසුව හමු වූ නිසා වෙන්න පුළුවන්.(මෙය ඉබේ සිදුවන ක්‍රියාවලියක්) මේ scan වීම සිදුවන්නේ ඇල්ගොරිතම වෙත ලබා දුන් keywords (ඉලක්ක ගත වචන)වැනි දේවල් භාවිතයෙන්. මේ පරික්ෂාව වෙත ඔහුගේ post එකට ලැබෙන ප්‍රතිචාර (comments) පිළිබඳවත් සලකා බැලෙනවා. ඉන් අනතුරුව තමයි ඒ වෙත අදාළ ක්‍රියාමාර්ගය ගැනෙන්නේ. රිපෝර්ට් කරලා Account ගැලවීම ඒ වගේ ම නිතරම Facebook පිටුවක් හෝ ගිණුමක් පිළිබඳ ව අනෙක් පරිශීලකයන්ගෙන් report වීම් පැමිණෙනවා නම්, ඒ ගිණුම් හෝ පිටුව පිළිබඳ ව, එහි අන්තර්ගතයන් ගැන වගේම ඒවාට පුද්ගලයින් දක්වන ප්‍රතිචාර පිළිබඳවත් සලකා බැලීමක් සිදුකෙරෙනවා. විශේෂයෙන් අදාළ report වීම් පැමිණෙන්නේ කුමන කාණ්ඩයක් යටතේ ද යන්න ගැනත් ඒ අනුව ගත යුතු ක්‍රියාමාර්ග ගැනත් තීරණය කෙරෙනවා. බෝහෝ විට මේ සියලු කටයුතු සඳහා ඒ එක් එක් කාර්යයන්ට විශේෂිත වූ බොට්වරුන්, ඇල්ගොරිතමයන්ක්‍රියාත්මක වෙනවා. ඉස්සර වගේ ගොඩක් account වලින් report කළා කියලා account හෝ අදාළ post ඉවත්වීම සිදු වෙන්නේ නැහැ. අනවශ්‍ය පුද්ගලයින්ට reach ලබා නොදෙන්න Report වීමක් හෝ disable වීමක් සිදු වූ විට comments දැමීම පිළිබඳව මේ, Facebook භාවිතා කරන බොහෝ දෙනෙකු අතර තිබෙන මිත්‍යා විශ්වාසයක්. සාමාන්‍යයෙන් තරමක් වැඩි reach එකක් තිබෙන වැඩි පිරිසක් ගැවසෙන page සහ profile, disable වීම අනෙක් සාමාන්‍ය profileවලට සාපේක්ෂව යම් කාලයක් ගත වෙනවා. නමුත්, මෙවැනි වාතාවරණයන් හි දී ඒ පිළිබඳ ව විශේෂයෙන් සොයාබැලීමක් සිදුවෙනවා. likes හෝ reach වෙන ප්‍රමාණය ඔබේ Facebook පිටුව ආරක්ෂා වෙන්නට විශේෂ හේතුවක් නොවන බව හොඳින් මතක තබාගත යුතු යි. එයට හොඳම උදාහරණය සපයන්නේ Sarcasm Facebook පිටුව යි. මිලියන ගණනක් likes තිබුණු ඒ පිටුවත් කාලයක් තිස්සේ disable වීමකට ලක් වී තිබුණා. Stickers හෝ comments දැමීමෙන් disable වීමෙන් වැළකෙන්න කිසිම හැකියාවක් නම් නැහැ. බොහෝ දෙනෙක් මිත්‍යාවක් ලෙසින් විශ්වාස කරන මේ කරුණ නිසා බොර දියේ මාළුබාන අය අප ඕනෑතරම් දැක තිබෙනවා. මෙය හුදෙක් තමන්ගේ profile එකට හෝ page එකට reach/ likes ලබා ගැනීමට දරන කූට ප්‍රයත්නයක් වීමට ලොකු ඉඩක් තිබෙනවා.