uk
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

Відкрити в Telegram

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

Показати більше
3 506
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів
Архів дописів
ලෝක ප්‍රසිද්ධ LOGO පිටුපස සැඟවුණු රස කතා සහ ඔබ නොදන්න අමුතු කතා ගැන දැනගනිමු අපි පාවිච්චි කරන ඇඳුම්වල, අප පාවිච්චි කරන දුරකථනවල සහ අප විසින් මිලදී ගන්නා ආහාර පාන මත, සහ අප වටා ඇති සෑම දෙයකම පාහේ විවිධ වර්ගයේ Logos දක්නට ලැබෙන බව අපි කවුරුත් හොඳින් දන්නවා. සමහර ලාංඡන ඉතාමත් සරලයි. ඒවායේ අකුරක් හෝ රූපමය නියෝජනයක් පමණක් දක්නට ලැබන නමුත් සමහර ඒවා වඩාත් සංකීර්ණයි. ඒ වගේම සරළ logo එකක් පිටුපස විශාල කතාවක් තිබෙන අවස්ථා ද දකින්නට ලැබෙනවා. අපගෙන් බොහෝ දෙනෙක් මෙම ලාංඡන ගැන හොදින් දැන හැදින ගෙන තිබුනත් ඒවායෙන් අදහස් කර ඇති අර්ථයන් සෑම දෙනෙකුටම නොවැටහේ. මේවා අපගේ ප්‍රියතම වෙළඳ නාමයන් වුවත් අප නොදන්නා බොහොමයක් අර්ථයන් මේ ප්‍රසිද්ධ සංකේත පිටුපස සැඟවී ඇත. 😉 යට තියන ලිපි හොදයි නම් comment එකක් දාන්න................😉😉😉

ප්‍රසිද්ධ සමාගම් වල logo වල සැගවුන රහස් මොනවද කියල් බලමුද?
Anonymous voting

යූසර්ට බලෙන් අප්ඩේට් දෙන්නෙත් නෑ, අනික ලිනක්ස්වල අප්ඩේට් ඇප්ලයි වෙන්න රීබූට් කරන්න ඕනෙත් නෑ. කර්නල් මාරු කරන්න උනොත් විතරක් රීබූට් කරන්න ඕන. නැත්තම් ඒ ඕනෙත් නෑ. කොටින්ම කිව්වොත් අප්ඩේට් කරාම රීස්ටාර්ට් කරන්න අත්‍යවශ්‍යම නෑ. Security Security පැත්ත ගැන කතා කරොත් ලින්ක්ස් වල වින්ඩෝස් වලට වඩා Security වැඩියි. ඒ කියන්නේ වයිරස්, මැල්වෙයා වගේ ප්‍රශ්නවලින් තොරයි. තොරයි කිව්වට ඉතිං දැන් දැන් නම් මැල්වෙයා එහෙම සමහර distribution වල repository වල තිබිල අහුවෙලා තියෙනවා. හැබැයි ඒව ලොකු ප්‍රශ්න වෙන ඒවා නම් නෙවෙයි. බිට්කොයින් මයිනින් වෙනුවෙන් නිර්මාණය කරපු ඒවා වාගේ දේවල් තමයි දැනට අහු වෙලා තියෙන්නේ. වයිරස්, මැල්වෙයා ලිනක්ස්වලට නැති (අඩු) වෙන්න හේතුවක් තමා Linux භාවිතා කරන යූසර්ස්ල ප්‍රමාණය අඩු වීම. මොකද ඉතිං වයිරස්, මැල්වෙයා ලියන කෙනෙක් උත්සහ කරන්නෙ තමන් ලියන වයිරස්, මැල්වෙයා එකෙන් වැඩිම ප්‍රයෝජනයක් ගන්නනේ. ඒකට ඉතිං target කරන්න ඕන වැඩිම user base එකක් තියන OS එකක් කියන එක ඕන කෙනෙකුට තේරෙනවා. Linux based OS එකක සාමාන්‍යය වැඩ කටයුතු වලින් 99% වගේ වැඩ කරන්නෙ root permission නැතිව නිසා malicious software එකකින් Linux system එකට හානියක් වෙන්න තියන අවස්ථාව ඉතාමත් අඩුයි. Software Installation (Centralized vs. Non Centralized) ඔයාල දන්නවනේ වින්ඩෝස් වල software එකක් install කරන විදිහ. අදාල සයිට් එකට ගිහිල්ලා, exe file එක අරන්, ඒක open කරල install කරන්න ඕන. හැබැයි ලිනක්ස්වල එහෙම ඕන නෑ. මොකද ලිනක්ස් වල package management system එකකින් තමා software manage කරන්නේ. ඒ කියන්නේ අපිට ලිනක්ස්වල software එකක් install කරන්න ඕන නම් කරන්න තියෙන්නෙ terminal එක open කරල පොඩි command එකක් run කරන්න විතරයි. ඊට පස්සේ software එක තියන තැනකින් හොයලා, ඒක download කරලා, install කරන තැනට එනකම් ඉතුරු වැඩ ඔක්කොම package management system එක බලාගන්නවා. හැබැයි ඉතිං package repository එකේ, එහෙමත් නැතිනම් මේ package manager එකට ඇතුලත් වෙලා නැති app එකක් නම්, ඒකේ source code එක අරන් compile කරගන්න වෙනවා. ගොඩක් වෙලාවට ඒ වගේ source code එක අරගෙන වෙන කෙනෙක් compile කරපු file එකක් අරගෙන Windows වල වගේම install කරගැනීමේ පහසුකමත් සමහර destro වල ලබා දීලා තියනවා. ඊට අමතරව flatpak, appimage, snap වගේ package management system වර්ග ගොඩක් තියනවා. ඕන නම් ඒවා පාවිච්චි කරන්නත් පුලුවන්. Appimage කියන්නේ ලිනක්ස්වල පාවිච්චි කරන්න් පුලුවන් portable software වර්ගයක්. Software install කරන්න විතරක් නෙවෙයි ඒව update කරන්න, remove කරන්න මේ ඔක්කොම package management system එක පාවිච් කරලා ලේසියෙන්ම කරගන්න පුලුවන්. මේ package management system, distro එකෙන් distro එකට වෙනස් වෙනවා. 😒මේ ලිපිය හොද නම් comment එකක් දාන්න........😉😉😉😉😉😉😉

Ubuntu ගත්තොත් ප්‍රධාන වශයෙන් desktop computer යූසර්ස්ල අරමුණු කරගෙන නිර්මාණය කරන distribution එකක්. Ubuntu server edition එකකුත් තියනව. ඒකත් ගොඩක් ජනප්‍රියයි. Kali linux ගත්තොත් පරිගනක ආරක්ෂකය (security) මූලික කරගත්ත distribution එකක්. Linux mint ගත්තොත් වින්ඩෝස් වලින් ලිනක්ස් වලට මාරු වෙන අලුත් ලින්ක්ස් යූසර්ලට ගැලපෙන විදිහට, ගොඩක් user friendly විදිහට තමා නිර්මාණය කරල තියෙන්නේ. ඔය උදාහරණ දෙක තුනක් විතරයි. තව ගොඩාක් අරමුණු වෙනුවෙන් නිර්මානය කරපු ලිනක්ස් distributions ඕන තරම් තියනවා. ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමා මොකද්ද හොඳම distribution එක කියන එක. ඒක ඉතිං තීරණය වෙන්නේ මොකද්ද ඔයාගෙ අවශ්‍යතාව, ඔයාගෙ දැනුම මට්ටම කොහොමද කියන එක මත තමා. ලිනක්ස් Customization ගැන කතා කරොත් අපිට ඇති තරම් Themes, icon pack, windows decoration, pannel, color schemes වගේම desktop environment එක, ඒ කියන්නේ ඔයා Android Phone එකක Launcher එක මාරු කරනවා වගේ Linux Desktop Environment එක සම්පූර්ණයෙන්ම මාරු කරගන්න පුළුවන් වගේ, OS එකේ හැම දෙයක්ම වගේ අපිට් ඕන විදිහට customize කරගන්න පුලුවන්. තව දෙයක් තමා මෙහෙයුම් පද්ධතිය install කරන විට අපිට ඕන විදිහට, අපි කැමති desktop environment, display managers, boot loaders, software එක්ක අපිට ඕන විදිහට install කරගන්නත් අවස්ථාව සමහර distribution වල දීල තියනවා. ඒ නැත්තත් install කරාට පස්සෙ මෙහෙයුම් පද්ධතිය එකත් එක්ක එන software අයින් කරල අපිට ඕන software install කරගන්න සම්පූණ නිදහස දීල තියනවා. වින්ඩෝස් ගැන කතා කරන විට මේ තත්ත්වය ගොඩක් වෙනස්. එයාල කලින්ම configure කරල තියන විදිහට OS එක පාවිච්චි කරන්න විතරයි මෙහිදී ගොඩක් දුරට අවස්ථාව දීල තියෙන්නේ. ඔයා iOS භාවිතා කරනවා නම් ඔයාට කවදාවත් අලුත් Launcher එකක් දාගන්න බෑ වගේ තමයි මේ Windows වල තිබෙන තත්ත්වයත්. මෙහෙයුම් පද්ධතිය එක්ක එන Pre-installed software අයින් අරන්න අවස්ථාව නෑ. ඉස්සරනම් customization අන්තිමයි. හැබැයි දැන් දැන් නම් මූලික දේවල්, ඒ කියන්නේ theme, icon pack වගේ දේවල් වෙනස් කරන්න අවස්ථාව තියෙනවා. හැබැයි ඉතිං ගොඩක් වෙලාවට ඒවා official ක්‍රම නම් නෙවෙයි. Rainmeter වගේ 3rd party මෘදුකාංග හරහා තමයි මේ වෙනස්කම් සිදු කරගන්න වෙන්නේ. ඒ අතින් වින්ඩෝස් customization ටිකක් මදි කියල හිතෙනව. Users ට ඕන විදිහට මෙහෙයුම් පද්ධතිය එක configure කරගන්න හෝ තෝරගන්න අවස්ථාවක් දීල තිබ්බනම් ගොඩක් වටිනව. Updates වින්ඩෝස් වල අප්ඩේට් ගැනනම් හැමෝටම අමුතුවෙන් පැහැදිලි කරන්න තරම් දෙයක් ඉතුරු වෙලා නැහැ. කෙටියෙන්ම කිව්වොත් හෙනම වාතයක්. අප්ඩේට් එනව එනව ඉවරෙකුත් නෑ. අනික අප්ඩේට් ඇප්ලයි වෙනකම් පැය ගණන් බලන් ඉන්නත් ඕන. වැදගත් වැඩක් අතරමැද එහෙම හිටියොත් සොරි තමා.

Windows සහ Linux මෙහෙයුම් පද්ධති වල වෙනස්කම් ගැන සරළව තේරුම් ගනිමු මේ ලිපියන් මම කතා කරන්න යන්නේ අපි හැමෝම දන්න, ඒ වගේම මේ වෙනකොට ලෝකයේ ගොඩක් ජයප්‍රිය මෙහෙයුම් පද්ධති දෙකක් ගැන. ඒ කියන්නේ Windows vs Linux ගැන. මුලින්ම කියන්න ඕන මේක ගොඩක් සංකීර්ණ මාතෘකාවක්. ඒකට හේතුව තමයි මේ එක එක මෙහෙයුම් පද්ධතිය ගත්තොත් එකින් එකට ආවේණික වාසි සහ අවාසි තියනවා. මේ මෙහෙයුම් පද්ධති දෙකටම, ඒවාටම ආවේණික වුණු වාසි සහ අවාසි තියන නිසා, වින්ඩෝස් තමා හොඳ, ලිනක්ස් තමා හොඳ කියල පොදුවේ කියන්න අමාරුයි. යම් විශේෂ හේතුවක්, එහෙමත් නැතිනම් අවශ්‍යයතාවයක් මත පදනම් වෙලා තමයි මේක හොඳයි හෝ මේක වැඩක් නෑ කියන තීරණයට අපිට එන්න වෙන්නේ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට හොඳ නරක තීරණය වෙන්නේ භාවිතා කරන්නාගේ අවශ්‍යතාවන් මත තමයි. මෙන්න මේ ප්‍රධාන කරුණු ටිකක පදනම් කරගෙන අපි කතා කරමු මේ මෙහෙයුම් පද්ධති ගැන. Linux සහ Windows ගැන කතා කරද්දී මුලින්ම මතක් කරන්න ඕන දෙයක් තමයි, Windows කියලා Operating system එකක්, එහෙමත් නැතිනම් මෙහෙයුම් පද්ධතියක් තිබුණත්, Linux කියලා operating system එකක් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ Linux kernel එක පාදක කරගෙන නිර්මාණය කළ මෙහෙයුම් පද්ධති සමූහයක්. Ubuntu, Fedora, RedHat, BodhiLinux, Arch Linux, Debain, CentOS වගේ විවිධ නම් වලින් අපි නිතරම දකින්නේ මේ Linux කියන මෙහෙයුම් පද්ධති පවුලේ එක එක විදිහේ සාමාජිකයන්. බොහෝ වෙලාවට මේ වගේ එක මෙහෙයුම් පද්ධතියක් Linux Distribution කියන නමින් බිඳී ආපු, Linux Distro එකක් යනුවෙන් සාමාන්‍යය ව්‍යවහාරයේදී අපට අහන්නට දකින්නට ලැබෙනවා. Cost & Licensing ලිනක්ස් සහ වින්ඩෝස් අතර ප්‍රධාන වෙනස්කමක් තමා මේ free vs paid කියන දේ. ලිනක්ස් ගැන කතා කරොත් ලිනක්ස් කියන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා ගන්න පුලුවන් OS එකක්. RedHat වගේ මෙහෙයුම් පද්ධති එයාලගෙන් ලැබෙන සේවාවන් වලට හා support එකට මුදලක් අය කරනවා. ඒ හැර ලිනක්ස් OS වලට කිසිම මුදලක් ගෙවන්න ඕන නෑ. මුදල් ගෙවීමක් සිදු කර Licence එකක් අරගන්න අවශ්‍ය වෙන්නෙම නෑ. නමුත් වින්ඩෝස් කියන්නේ සම්පූර්ණයෙන්ම මුදල් ගෙවීමක් යටතේ ලබා ගන්න ඕන OS එකක්. අපිට මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරන්න අවශ්‍ය නම් ඊට අදාළ මුදල එම ආයතනයට ගෙවා ඒ වෙනුවෙන් License එකක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. අපේ රටේ ගොඩක් වෙලාවට PC එකක් ගන්නකොටම ඊට අදාල Shop එකෙන්ම Windows දාලා දුන්නත්, බොහෝ වෙලාවට මේ ලබාදෙන Windows copy එක genuine, එහෙමත් නැතිනම් නීත්‍යානුකූල copy එකක් නෙවෙයි. මේ හරහා දැනට පෙනෙන තරමේ හානියක් නැතත්, මතක තියාගන්න ඕන දේ තමයි, මේක ඉතාමත් වැරදි දෙයක් කියන එක. Licencing ගැන කතා කරොත් ලිනක්ස් එන්නේ GPL (General public license) එක යටතේ. මේක අයිති වෙන්නේ open source license ගණයට. මේකෙදි ප්‍රධාන වශයෙන් source code එක නිදහස් නිසා ඕන කෙනෙකුට අවශ්‍ය පරිදි වෙනස් කරන්න, බෙදාහරින්න අවස්ථාව දීල තියනවා. නමුත් වින්ඩෝස් වලට, EULA (End User License Agreement), එහෙමත් නැතිනම් පරිශීලකයා හට බළපැවැත්වෙන වෙනමම Licensing ක්‍රමයක් තියනවා. මේ license අයිති වෙන්නේ proprietary ගණයට. Open Source vs Closed Source Open source Open source කියන්නේ මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරන්න භාවිතා කරපු source code එක ඕන කෙනෙකුට ලබා ගන්න පුලුවන් විදිහට නොමිලේම නිකුත් කරල තියනවා කියන අදහසයි. මේවගේ තියන වාසිය තමයි, පරිගණක ක්‍රමලේඛණ භාෂා ගැන දැනුමක් තියන ඕන කෙනෙකුට මෙහෙයුම් පද්ධතිය ලියන්න පාවිච්චි කරපු source code එකේ අන්තර්ගත වෙන්නේ මොනවද කියල බලාගන්න පුලුවන්. ගෙදර භාවිතා කරන OS එකෙන් ඔබ්බට ගිහින්, අපි හිතුවොත් යම්කිසි ආයතනයකට විශේෂ අවශ්‍යයතාවයක් නිසා තමන් භාවිතා කරන OS එකට අලුත් පහසුකමක් එකතු කරන්න ඕන වුණා කියලා. අන්න ඒ වගේ වෙලාවට Software development ගැන දන්න කෙනෙක් ලවා මේ OS එක තමන්ට ඕන විදිහට වෙනස් කරගන්න වගේම ඒ විදිහට වෙනස්කම් කරපු OS එක නැවත බෙදාහරින්නත් අවස්ථාව තිබෙනවා. අන්න ඒ විදිහට තමයි ඔය අපි දකින Ubuntu, RedHat, Fedora වගේ එක එක විදිහේ Linux distros අපි අතරට එන්නේ. අදාල ආයතන වලින් තමන්ගේ වෙනස්කම් සිදු කිරීමෙන් අනතුරුව නැවත බෙදාහරින සංස්කරණයන් තමයි මේ අපි භාවිතා කරන්නේ. හැම දේකම වාසි වගේම අවාසිත් තියනවා, Source code එක open නිසා ඒක වැඩ කරන විදිහ ඕන කෙනෙකුට බළන්න පුළුවන්. ඉතින් හරි විදිහේ ආරක්ෂක උපක්‍රම භාවිතා කරලා නැත්තම්, මේක ඉතාමත් භයානක තත්ත්වයකට හැරෙන්නත් ඉඩ තියෙනවා. Closed source (proprietary) Closed source operating systems කියන්නේ අදාල මෙහෙයුම් පද්ධතිය ලියන්න භාවිතා කරපු source code එක මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරන පිරිස, එහෙමත් නැතිනම් end users ලා හට ලබා නොදෙන මෙහෙයුම් පද්ධති වලටයි

💻💻 Tech News 💻💻 ජුනි 24 වැනි දින Windows වල මීළඟ සංස්කරණය එළිදැක්වීමට Microsoft සමාගම සූදානම් වෙයි Microsoft සමාගම විසින් “next generation of Windows” යනුවෙන් සංකේතවත් කරන Windows මෙහෙයුම් පද්ධති මාලාවේ මීළඟ සංස්කරණය යැයි සැළකිය හැකි සංස්කරණයක් පිළිබඳව පසුගියදා පැවති Build event එක අතරතුරදී කෙටියෙන් සඳහන් කරනු ලැබුවා. මේ වන විට මෙම අලුත් Windows සංස්කරණය එළිදැක්වීම සඳහා වන event එක පැවැත්වීමට නියමිත දිනය නිවේදනය කර ඇති අතර, මීළඟ ජුනි 24 වැනි දින ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8:30ට මෙම event එක පැවැත්වීමට Microsoft සමාගම සූදානමින් සිටිනවා. මෙම event එක සඳහා මේ වන විටත් මාධ්‍ය ආයතන වලට invitations යැවීම ආරම්භ කර ඇති අතර, event එක Microsoft සමාගමේ CEO වන Satya Nadella සහ Chief Product Officer වන Panos Panay විසින් ඉදිරිපත් කරනු ඇති බව වාර්තා වෙනවා. මීට පෙර බොහෝ දෙනා විමසිල්ලෙන් සිටි Windows 10X මෙහෙයුම් පද්ධතිය වැඩිදියුණු කිරීම නිළ වශයෙන් නවත්වාදැමීමෙන් පසුව, ඔවුන්ගේ අවධානය සාමාන්‍යය Windows 10 මෙහෙයුම් පද්ධතිය වැඩිදියුණු කිරීම වෙත යොමු කරන බව Microsoft සමාගම ප්‍රකාශ කර සිටියා. මේ අනුව Windows 10 මෙහෙයුම් පද්ධතියේ UI වල විශාල වෙනසක් සිදු වනු ඇති බව අපේක්ෂා කෙරෙන අතර, මෙම වැඩිදියුණු කිරීම් ඇතුලත් වන "Sun Valley" නම් වන codename එකක් මගින් හඳුන්වන Windows සංස්කරණයක් පිළිබඳව ද තොරතුරු වාර්තා වෙනවා. එමෙන්ම පසුගිය Build event එක අතරතුරදී Satya Nadella විසින් ප්‍රකාශ කර සිටියේ Windows platform එක තුළ developer වරුන් හට ආදායම් ලැබිය හැකි තත්ත්වයක් ඇති කිරීම වෙනුවෙන් ද Microsoft සමාගම කටයුතු කරමින් සිටින බවයි. මීට අමතරව Windows logo එක ද තරමක් දුරට වෙනස් කිරීමට Microsoft සමාගම කටයුතු කර ඇති බව දැකගත හැකි වෙනවා. ඔයාලගේ අදහස් comment කරන්න....😊😊

Tech news .... සූර්ය කෝෂ සඳහා කාර්ය්‍යක්ෂමතාවයෙන් වැඩි, විනිවිඳ පෙනෙන නව ඉලෙක්ට්‍රෝඩයක් නිර්මාණය කිරීමට විද්‍යාඥයින් සමත් වෙයි ඉතා තුනී දියුණු කරන ලද නව Metal Electrodes මගින් අර්ධ පාරදෘශ්‍ය Perovskite Solar Cells සාමාන්‍යයෙන් භාවිතා කරන Silicon Cells සමඟ සම්බන්ධ කර එම වර්ග දෙකේම ක්‍රියකාරීත්වය හා කාර්යක්ෂමතාවය ඉහළ දැමිය හැකි ක්‍රමයක් අනාවරණය කරගැනීමට ජාත්‍යන්තර විද්‍යාඥයන් කණ්ඩායමක් සමත් වී තිබෙනවා. මෙම පර්යේෂණය හරහා සම්පූර්ණයෙන් විනිවිද පෙනෙන Solar Cells වැඩි දියුණු කිරීමට මග පාදනු ඇතැයි අපේක්ෂා කරන අතර, “විනිවිද පෙනෙන Solar Cells කවදා හෝ අනාගතයේ දවසක නිවාස සහ කාර්යාල ගොඩනැගිලි ජනේල වල සූර්ය බලයෙන් විදුලිබලය නිපදවනු ඇත. මෙය දිගු පිම්මක් - අපිට අවසාන වශයෙන් කාර්යක්ෂම අර්ධ පාරදෘශ්‍ය Solar Cells නිර්මාණය කිරීමට හැකිවුණා” – යනුවෙන් Penn State විශ්ව විද්‍යාලයේ material science and engineering හි සහකාර මහචාර්‍යවරයා වන Kai Wang ප්‍රකාශ කර සිටිනවා. සාමාන්‍යයෙන් භාවිතා කරන Solar Cells, Silicon වලින් සාදා ඇති අතර ඒ මත Perovskite Cells තැබීමෙන් වඩාත් හොඳ කාර්යක්ෂම විකල්පයක් ලබාදෙන බව ඔවුන් පෙන්වා දෙනවා. “ඉතා තුනී රන් පරමාණුක layers කිහිපයක් භාවිතා කරමින් electrode නිර්මාණය කල හැකි බව අපි පෙන්වා දී තිබෙනවා. මෙලෙස නිර්මාණය කරගන්නා gold layer එක සතුව high electrical conductivity එකක් ඇති බැවින්, අවට ඇති අනෙකුත් cell වල සූර්ය්‍ය ශක්තිය උකහා ගැනීමේ හැකියාව සමඟින් ඒවා intefere වන්නේ නැහැ.” – යනුවෙන්, Penn State විශ්ව විද්‍යාලයේ research and professor of materials science and engineering පිළිබඳ සහකාර උප සභාපති සහ මහචාර්‍යවරයෙකු වන Shashank Priya පවසා සිටිනවා. තවදුරටත් විද්‍යාඥයින් තම සොයාගැනීම් විස්තර කරමින් Science Direct සඟරාවට වර්තා කර ඇත්තේ තම කණ්ඩායම විසින් වැඩිදියුණු කරන ලද Perovskite Cells පමණක් හරහා 19.8% ප්‍රතිශතයක කාර්යක්ෂමතාවක් කරා ලඟා වන අතර, සාමාන්‍යයෙන් භාවිතා කරන Silicon Solar Cells තනිව භාවිත කරන විට ලබාදෙන කාර්යක්ෂමතාව වන 23.3% ප්‍රතිශතයට වඩා, වර්ග ද්විත්වයම සංයුක්ත කිරීම මගින් 28.3% කාර්යක්ෂමතාවක් අත්කර කර දෙන බවයි. “5% ක ප්‍රතිශතයකින් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම යනු දැවැන්ත දියුණුවක්” වන බවත්, “මෙයින් මුලිකවම අදහස් කරන්නේ ඔබ Solar Cells වලින් සෑම වර්ග මීටරයක් සඳහාම, 50W කට පමණ වැඩි හිරු එළියක් විදුලිය බවට පරිවර්තනය කිරීමයි.” යනුවෙන් මහචාර්ය Priya ප්‍රකාශ කර සිටිනවා. මීට පෙර පර්යේෂණවලදී, ඉතා තුනී රත්‍රන් පටල, Perovskite Cells වල පාරදෘශ්‍ය ඉලෙක්ට්‍රෝඩයක් ලෙස නිමිති පෙන්නුම් කල නමුත් ඒකාකාරී ස්ථරයක් සෑදීමේදී මතුවූ ගැටලු හේතුවෙන් ඒවායේ සන්නායකතාවය දුර්වල වූ බව විද්‍යාඥයෝ පවසති. කෙසේ වෙතත් මේ පිලිබඳ පර්යේෂණ බොහෝ කාලයක් තිස්සේ සිදුවුණු අතර මීට ඉහත ඇමරිකාවේ Northern Illinois University හි සිදුකල පර්යේෂණය පිළිබඳව ද පහත link එක හරහා දැනගත හැකියි. මෙම පර්යේෂණයේදී Chromium මූලික ප්‍රභව ස්තරයක් ලෙස භාවිතා කර හොඳ සන්නායක ගුණ සහිත අඛණ්ඩ, ඉතා තුනී රත්‍රන් layer එකක් සෑදීමට මග පෑදෙන බව පර්යේෂණ කණ්ඩායම විසින් සොයා ගනු ලැබිණි. මෙම Perovskite solar cells නිෂ්පාදනය කරනු ලබන්නේ layers 5ක් ඇති ආකාරයට වන අතර, මේවායේ කල් පැවැත්ම සහ කාර්ය්‍යක්ෂමතාවය පිළිබඳව සිදු කළ පරීක්ෂණ හරහා දීර්ඝ කාලයක් තිස්සේ ඉතාමත් හොඳ කාර්ය්‍යක්ෂමතාවයක් පවත්වාගැනීමට මෙයට හැකියාව ඇති බව සණාත වී තිබෙනවා. අවසාන වශයෙන් නුදුරු අනාගතයේදීම අපට ගොඩනැගිලි මත හා ජනේල වල ස්ථාපිත Solar Panels දැක ගැනීමට මෙන්ම Green Energy පුනර්ජනනීය බල ශක්ති සංකල්පය යතාර්ථයක් වේ යැයි බලාපොරොත්තු තබාගත හැක. ඔයාලගේ අදසක් comment කරන්න.. 😊 😊 😊

හදවත් 💖💖 400 ට තව ටිකයි ලින්ක් එක share කරලා උදවුවක් දෙන්නකෝ......😭😭
Anonymous voting

ඔයා ගාව තියන usb එකේ ධාරිතාව කියද? ඔයාලගේ usb එක නිර්මාණය කල සමාගම… යටින් comment කරන්න...........🤨🤨🤨🤨🤨
Anonymous voting