𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
Відкрити в Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
Показати більше3 506
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів
Архів дописів
මෙම බිඳ වැටීම ඊයේ දිනයේදී 12:55 ET (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10:25ට පමණ) වලට පමණ ඇරඹී ඇති අතර දහසකට අධික පරිශීලකයන් ප්‍රමාණයක් මේ පිළිබඳව Downdetector වෙබ් අඩවියට වාර්තා කර තිබුණි. මෙය මුළින්ම වාර්තා වී තිබුණේ Apple App Store හරහා වන අතර එතැන් පටන් Fitness+, Maps සහ iCloud system එක හා සම්බන්ධ සේවාවන් වල බිඳ වැටීම වාර්තා වී ඇත.
මේ හේතුවෙන්,
✨ Maps හරහා navigate කිරීම
iMessage හරහා එකිනෙකා අතර පණිවුඩ හුවමාරු කර ගැනීම
✨ Apple music හරහා online ගීත වලට ශ්‍රවණය කිරීම
✨ App Store හරහා apps download කිරීම, update කිරීම
✨ Podcast upload කිරීම සහ ශ්‍රවණය කිරීම
✨ Apple Store හරහා මිලදී ගැනීම් කිරීම
සහ තවත් සේවාව රැසකට පිවිසීමේ හැකියාව අවහිර වී තිබුණු. විශේෂයෙන්ම Find My Device සේවාවට පවා මේ හරහා බාධා පැමිණි තිබුණි. ඒ ආකරයෙන් බිඳ වැටී තිබුණු සේවාවන් 19 පිළිබඳව Apple System Status Page එක තුල දැක්වුනේ පහතාකාරයට. මෙම සේවාවන් බිඳ වැටීම පිළිබඳව Apple සමාගම විසින් නිල වශයෙන් ප්‍රකාශයක් සිදු කර නැති නමුත් ඔවුන්ගේ System Status Page එක හරහා එම බිඳ වැටීම පිළිබඳව දැනුම් දීම සිදු කර තිබුණි.
AndroidWadakarayo
App Store, Maps සහ තවත් Apple සේවාවන් රැසක් බිඳ වැටෙයි; පැය තුනකට ආසන්න කාලයකට පසුව යථා තත්වයට පත් කිරීමට Apple සමාගම කටයුතු කරයි
ඊයේ දිනයේදී App Store, iCloud, Maps සහ iMessage සේවාවන් ඇතුලුව Apple සේවාවන් රැසක් බිඳ වැටීමට ලක් වුන අතර ලොව පුරා විශාල පිරිසක් මේ පිළිබඳව Twitter හරහා වාර්තා කරන්නට වුනා. මෙම සේවා බිඳ වැටීම පැය තුනකට ආසන්න කාලයක් පුරාවට පැවති අතර
2022 මාර්තු මස මුලදී LAPSUS$ Group ඒක විසින් විවිධ IT සමාගම් වල සේවයේ නියුතු අයට ඔවුන් හා එක්වන ලෙස ඇරයුම් කල අතර අදාල insiders ලාගෙන් බලාපොරොත්තු වූයේ අදාල ආයතන වලට සම්බන්ධ වීමට අවශ්‍ය VPN හෝ CITRIX තොරතුරු පමණක් ලබාදීම සෑහෙන බවයි. මෙම සමාගම් ලයිස්තුවේ මුලින්ම Microsoft ආයතනයද ඇතුලත්ව තිබීම නිසා මෙම සැකය තවදුරටත් තහවුරු වෙනවා.
මේ ගැන ප්‍රකාශයක් නිකුත් කල microsoft සමාගම කියා සිටියේ ඔවුන් මෙම තොරතුරු ගැන දැනුවත් බවත් එය තහවුරු කරගැනීමට මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ වී ඇති බවයි. මේ සමගම Tech Companies hacker ප්‍රහාරවලට ලක්වීම වැඩිවෙන ආකාරයක් සහ ආයතන තුලින්ම අවශ්‍ය කරන තොරතුරු ලබාගැනීමට Hacker Groups ක්‍රියාකරන ආකාරයත් දැකගැනීමට හැකියි.
Lapsus$ Telegram Group ඒකේ පලකල screenshot එක
Lapsus$ Group එක විසින් පවත්වාගෙන යන Telegram Chat Group එකට Microsoft Azure Internal Source Code Repositories for Cortana & Bing පෙන්වන Screenshot එකක් Post කල අතර පසුව මෙය Group Admin කෙනෙක් විසින් ඉවත් කර – “Deleted for now, will post later” වැඩි විස්තර සමග පසුව Post කරන බවට ප්‍රකාශයක් නිකුත් කිරීම සමගම ඔවුන්ගේ මීලග ඉලක්කය Microsoft ආයතනය බවට බොහෝ දෙනා මත පල කරනව.
PCGLK
Microsoft Hack වෙලාද?
Nvidia සහ Samsung ආයතන Hack කල LAPSUS$ Hacker Group ඒක විසින් ඔවුන්ගේ telegram Group එකේ පළ කල Screenshot එකක් නිසා Microsoft ආයතනය ඔවුන්ගේ නවතම ඉලකක්ය බවට පත්ව ඇති බවට සැක පලවෙනවා.
මීට අමතරව Parent Dashboard එකට ඔවුන්ගේ දරුවන්ගේ Instagram accounts link කිරීමෙන්,
ඔවුන්ගේ දරුවා Instagram හි කොපමණ කාලයක් ගත කරනවාදැයි විමසා බැලිය හැකිය.
ඔවුන්ගේ දරුවාට Instagram එක භාවිතා කළ හැකි වේලාවන් සකස් කිරීමට හැකියාව ඇත.
ඔවුන්ගේ දරුවන් follow කරන සහ ඔවුන්ව follow කරන ගිණුම් පිළිබඳ updates ලබා දේ.
කෙසේ වෙතත් දැනට මෙම පහසුකම් ඇමෙරිකා එක්සත් ජනපදයට පමණක් හඳුන්වා දී ඇති අතර ඉදිරි මාසවලදී ගෝලීය වශයෙන් මෙම පහසුකම් දෙමාපියන්ට ඉඩ දෙනු ඇත.
ඒ අනුව මෙමගින් දෙමව්පියන් හට තම දරුවන්,
ප්‍රවේශ වීම වැළැක්විය යුතු apps තිබේ නම් ඒවා VR වෙතින් සෘජුවම lock කිරීමට ඉඩ සලසයි.
Quest Storeහි වයසට නොගැළපෙන apps download කිරීම හෝ මිලදී ගැනීම් block කිරීමට අවස්ථාව ලබා දෙයි.
එමෙන්ම දෙමාපියන්ට Oculus mobile app එකෙහි ඇති Parent Dashboard එක මගින්,
ඔවුන්ගේ දරුවා සතු සියලුම apps නිරීක්ෂණය කිරීමට හැකියාව ලබා දෙයි.
ඔවුන්ගේ දරුවා VR හි මිලදී ගැනීමක් කරන විට දැනුම් දෙනු ලැබේ.
ඔවුන්ගේ දරුවා VR හි කොපමණ කාලයක් ගත කරනවාද යන්න විමසා බැලිය හැකිය.
ඔවුන්ගේ දරුවාගේ Oculus මිතුරන් ලැයිස්තුව පරීක්ෂා කිරීමට ඉඩ ලබා දේ.
WidoxLK
Meta විසින් ඇමෙරිකා එක්සත් රාජධානියේ දෙමාපියන් හට තම දරුවන් VR headset භාවිතා කරන ආකරය නිරීක්ෂණය කිරීමට ඉඩ සලසයි.
එක්සත් රාජධානියේ(UK) රජය අන්තර්ජාලය හරහා ළමුන් ආරක්ෂා කිරීම සඳහා නව නීති සම්පාදනය කිරීමත් සමඟ Meta සමාගම විසින් ඔවුන්ගේ virtual reality(VR) headset භාවිතා කර දරුවන් සිදු කරන අනිසි දෑ වලින් වළක්වා ගැනීමේ අරමුණින් දෙමාපියන්ට Oculus mobile app එක හරහා තම දරුවන් virtual reality(VR) headset භාවිතයෙන් සිදු කරනු ලබන ක්‍රියා නිරීක්ෂණය කිරීමට හා පාලනය කිරීමට හැකි පහසුකම් කිහිපයක් ඇමෙරිකා එක්සත් රාජධානිය වෙත හඳුන්වා දීමට කටයුතු කර ඇත.
මෙම event එකේදී Google සමාගම විසින් ඔවුන්ගේ නවතම තාක්ෂණයන් සහ පවතින තාක්ෂණයන්ට සිදු කරන යාවත්කාලීන කිරීම සහ වැඩි දියුණු කිරීම පිළිබඳව නිවේදනය කරනු ලබනු ඇති අතර නවතම IoT තාක්ෂණය පිළිබඳවද ඔවුන් මෙහිදී හෙලිකරනු ඇත. මීට අමතරව පෙර වර්ෂයන්වලදී සිදු කලාක් මෙන් Android 13 පිළිබඳවද විශේෂයෙන් සඳහන් කරනු ඇත.
මේ වන තෙක් Google සමාගම විසින් Smart Watch එකක් නිකුත් කර නැතත් මෙහිදී ඒ පිළිබඳව ඉඟියක් හෝ තබනු ඇතැයි වාර්තා වනවා. එමෙන්ම Google Assistant, Google Maps, Chrome සහ අනෙකුත් Google සේවාවන් වල සිදුවන තාක්ෂණික වැඩිදියුණු කිරීම මොනවාද යන්න පිළිබඳව අපට මෙවර Google I/O 2022හිදී බලාගත හැකියි.
මෙම event එකේදී Google සමාගම විසින් ඔවුන්ගේ නවතම තාක්ෂණයන් සහ පවතින තාක්ෂණයන්ට සිදු කරන යාවත්කාලීන කිරීම සහ වැඩි දියුණු කිරීම පිළිබඳව නිවේදනය කරනු ලබනු ඇති අතර නවතම IoT තාක්ෂණය පිළිබඳවද ඔවුන් මෙහිදී හෙලිකරනු ඇත. මීට අමතරව පෙර වර්ෂයන්වලදී සිදු කලාක් මෙන් Android 13 පිළිබඳවද විශේෂයෙන් සඳහන් කරනු ඇත.
මේ වන තෙක් Google සමාගම විසින් Smart Watch එකක් නිකුත් කර නැතත් මෙහිදී ඒ පිළිබඳව ඉඟියක් හෝ තබනු ඇතැයි වාර්තා වනවා. එමෙන්ම Google Assistant, Google Maps, Chrome සහ අනෙකුත් Google සේවාවන් වල සිදුවන තාක්ෂණික වැඩිදියුණු කිරීම මොනවාද යන්න පිළිබඳව අපට මෙවර Google I/O 2022හිදී බලාගත හැකියි.
මීට පෙර වර්ෂ වලදී Google I/O දින කිහිපයක් පුරාවට පැවතියත් මෙවර Google I/O event එක දින දෙකකට පමණක් සීමා කිරීමට Google සමාගම කටයුතු කර තිබෙනවා. පසුගිය වසරේදී මෙන්ම මේ වසරේදීද Google I/O වැඩසටහන online ආකාරයට පැවැත්වීමට කටයුතු කර තිබෙන අතර ඕනෑම අයෙකුට ඒ සඳහා නොමිලේ සහභාගිය විය හැකියි. කෙසේ වෙතත් Keynote එක සඳහා පමණක් සීමිත සහභාගීත්වයක් ඇතුව පැවැත්වීමට ඔවුන් කටයුතු සූදානම් කර ඇත.
Google I/O එක පැවැත්වීමට නියමිත දිනය සහ වේලාවට දක්වමින් Google සමාගම විසින් ඔවුන්ගේ Google I/O වෙබ් අඩවියේ countdown එකක්ද ඇතුලත් කර තිබෙනවා. ඊට අමතරව මෙවර Google I/O පිලිබඳව තවත් තොරතුරු සඳහන් කිරීමටද ඔවුන් කටයුතු කර තිබෙනවා. එම වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට Google I/O වෙත සහභාගී වන්නේකු ලෙස ලියාපදිංචි විය හැකි අතර ඔබගේ Google Developer profile එකට I/O 2022 Attendeee නමින් නව badge එකක්ද ඇතුලත් කරගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා.
AndroidWadakarayo
මෙවර Google I/O event එක මැයි 11 සිට 12 වනදා තෙක් පැවැත්වෙන බව නිල වශයෙන් දැනුම් දේ
සෑම වසරකම පාහේ Google සමාගම විසින් වාර්ෂිකව මෘදුකාංග සංවර්ධකයන්ට පවත්වනු ලබන Google I/O event එක මෙම වසරේ මැයි 11 වන දින මැයි 12 වන දින දක්වා පවත්වන බව නිල වශයෙන් දන්වා තිබෙනවා. එය මුලින්ම Google සමාගම විසින් හෙලිකර ඇත්තේ කොටස් හතරකින් යුතු ප්‍රෙහේලිකාවක් ආශ්‍රයෙන් වීමත් විශේෂත්වයක්.
පසුව මෙම ප්‍රෙහේලිකාව Twitter පරිශීලකයන් විසින් විසදීමත් සමඟ Google සමාගමමේ ප්‍රධාන විධායක නිළදාරී වරයා ලෙස කටයුතු කරන සුන්දර් පිචායි මහතා විසින් තම ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් ප්‍රකාශ කර සිටියේ Google I/O 2022, Sheroline Amphitheatreහිදී මැයි මස 11 වන දින සහ 12 වන දිනයන්හිදී පැවැත්වෙන බවයි.
ඉහත සටහනට අනුව පෙනී යන්නේ සියලුම Android Smart Phones සඳහා මේ Flash Light Level එක Control කිරිමේ පහසුකම ලබා දීමට නොහැකි බවත්, ඒ සඳහා ගැළපෙන Hardware ඇති Smart Phones සඳහා පමණක් ලබා දෙන බවයි.
කෙසේ වෙතත් ඔබ samsung පරිශීලකයෙක් නම් ඔවුන්ගේ oneUI සමඟ මේ Flash Light Level එක Control කිරීමේ පහසුකම දැනටමත් ලබා දී තිබෙනවා.
AndroidWadakarayo
iPhones සදහා පමණක් හිමිවී තිබූ Flashlight Brightness Control කිරීමේ පහසුකම Android 13 සමග ලබා දෙන බව වාර්තා වෙයි
ඔබ Android දුරකථනයක් භාවිතා කරන්නේ නම් බොහෝ විට එහි Camera Setup එකෙහි LED Light එකක් ඇතුලත් වෙනවා. මෙය අඩු ආලෝකයේදී ඡායාරූප ගැනීමට සහාය වන අතර, අදුරේදී මෙය පන්දමක් ලෙසද උපකාරී වේ.
දීර්ඝ කාලයක සිට Apple iPhone වල මේ Flash Light එකෙහි දීප්තිය වෙනස් කිරීමට පහසුකම් සලසා තිබූ නමුත් Android Smart Phoneවල තිබුණේ Flash Light එක On සහ Off කිරීමේ පහසුකම් පමණි.
නමුත් ඉදිරියේදී නිකුත් වීමට නියමිත Android 13 OS Update එක සමගින් Apple iPhone වල මෙන්, Flash Light එකෙහි දීප්තිය වෙනස් කිරිමේ හැකියාව ලබා දීමට ඉඩ කඩ ඇති බව Esper වෙබ් අඩවිය වාර්තා කරනවා.
ඒ වගේම OPPO Find X5 Series එකේ Usersලාට Oppo App Market එක ඔස්සේ Hidden Camera Detection App එක Download කර ගැනිම තුලින් මේ පහසුකම භාවිත කළ හැකි වෙනවා. මෙහිදි මේ App එක එක මගින් Device එකේ WiFi ක්‍රියාවිරහිත කර, Hotspot ක්‍රියාත්මක කර ඒ ඔස්සේ සගවා ඇති Camera පිළිබඳව Scan කිරිම සිදු වෙනවා. ඒ වගේම මේ App එක ඔස්සේ Infrared Light භාවිත වෙන Night Vision WiFi Camera හදුනා ගැනිමේ හැකියාවත් ලබා දී තිබෙනවා.
මෙලෙස සගවා ඇති Camera තිබෙන බවට App එක ඔස්සේ හදුනා ගත් විට එම Camera එක තිබෙන ස්ථානය හදුනා ගැනිමටත් මේ App එක ඔස්සේ පහසුකම් ලබා දී තිබෙනවා.
කෙසේ වෙතත් තවමත් Oppo සමාගම විසින් මේ Feature එක චිනය සදහා පමණක් ලබා දී ඇති අතර ඉදිරියේදී අනෙකුත් කලාපවලට මෙන්ම ගෝලීයවද නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.
AndroidWadakarayo
කාමර වල ඇති රහස් කැමරා හදුනා ගැනීමට හැකියාව ඇති නව පහසුකමක් ColorOS වෙත එකතු කිරීමට Oppo සමාගම කටයුතු කරයි
Oppo සමාගම විසින් ඔවුන්ගේ Color OS Custom Skin එක ඔස්සේ තම Userලා සදහා අලුත් Feature එකක් හදුන්වා දී තිබෙනවා. මේ Feature එක මගින් OPPO Smart Phones ඔස්සේ සගවා ඇති Cameras සොයා ගැනිමේ හැකියාව Userට ලැබෙනවා.
මේ වෙන විටත් OPPO සමාගම විසින් තම පාරිභෝගිකයන් සදහා නිකුත් කර ඇති මේ Feature එක තවම භාවිත කළ හැකි වෙන්නේ Oppo Find X5 හා Find X5 Pro Smart Phones ඔස්සේ වෙන අතර ඒ සදහා ඔබ විසින් Color OS 12.1 Version Update එක Install කර තිබිය යුතු වෙනවා.
මෙයට හේතු ලෙස මොවුන් දක්වා තිබෙන්නේ Google සමාගම මගින් එල්ල වෙන නීතිමය බලපෑම් නිසා මෙලෙස Vanced Project එක ඔවුන් විසින් නවතා දමන බවයි. ඒ වගේම ඉදිරියේදි මෙම App එක Download කර ගැනිම සදහා ඔවුන් විසින් නිල වශයෙන් ලබා දී තිබෙන Links ද ඉවත් කරන බවත් ඔවුන් වැඩි දුරටත් දක්වා තිබෙනවා.
කෙසේ වෙතත් මෙලෙස Vanced Project එක නවතා දැමුවද මේ වෙන විටත් Youtube Vanced App එක භාවිත කරන්නන් සදහා කිසිදු ගැටලුවකින් තොරව භාවිත කළ හැකි අතර ඉදිරියේදි මේ App එක සදහා Update ලැබිම සිදු නොවෙනවා. ඒ අනුව යම් කාලසීමාවකට පසුව මේ App එක භාවිතා කිරිමේ හැකියාව නොලැබි යනු ඇත.
කෙසේ වෙතත් ඔවුන් විසින් සටහන් කර ඇති ආකාරයට මෙලෙස Vanced Project එක නවතා දැමුවද ආසන්න වශයෙන් වසර 02ක් පමණ යනතුරු මේ Youtube Vanced App එක දැනටමත් භාවිත කරන පුද්ගලයන් සදහා භාවිත කිරිමේ හැකියාව ලැබෙනු ඇත.
