cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

Cooking World🍔🍔🍔

ඔයාලා කන්න කැමති 😋රසවත් ආහාරවල recipes🍔🍳🥮 මේ channel එකෙන් ලබා ගන්න පුලුවන්.දැන්මම join වෙන්න..😉ඒ වගේම මේ link එක යාලුවොත් එක්ක share කරන්න අමතක කරන්න එපා.🤗🤗😉😉 Group link https://t.me/joinchat/ia9bEbxLAB4yNGFl

Більше
Рекламні дописи
1 806
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Фото недоступнеДивитись в Telegram
😌
Показати все...
ෆ්‍රෙශ් ක්‍රීම් අවශ්‍ය ද්‍රව්‍ය 🥛ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1 🥛එළවළු තෙල් කෝප්ප 1 1/2 🥛ලුණු පින්ච් එ​කක් මේ ඔක්කොම එකට දාලා හෑන්ඩ් මික්සර් එකෙන් ගසාගන්න. උකු ගතියට එනකල් බීට් කරගන්න.
Показати все...
කොස් ඇට අග්ගලා අවශ්‍ය ද්‍රව්‍ය ♣️කබලේ බැද පොතු ඉවත් කරගත් කොස් ඇට කප් දෙකක් ♣️සීනි අවශ්‍ය පමණ ♣️ලුණු ♣️ගම්මිරිස් කුඩු ටිකක් සාදාගන්නා ආකාරය කොස් ඇට ටික වංගෙඩියක දමා කොටාගන්න. හොඳින් කෙටුණු පසු එයටම පොල් එකතු කර කොටාගන්න. වංගෙඩියෙන් ඉවත් කර සීනි, ලුණු සහ ගම්මිරිස් රස අනුව එකතු කර තෙත ගතියක් එනතුරු හොඳින් අනාගෙන ගුලි සාදාගන්න.
Показати все...
හකුරු වටලප්පන් අවශ්‍ය ද්‍රව්‍ය 🟩ගා ගත් කිතුල් හකුරු 400g (වෙනම හකුරු 100g කුත් පැත්තකින් තියාගන්න) 🟩උකු මිටිකිරි 320ml 🟩බිත්තර 8 🟩ලුණු චුට්ටක් 🟩කරදමුංගු කරල් 8ක් ගාගත් හකුරු පොල් කිරි වලට දාල හොඳින් අතින් පොඩි කරන ගමන් දියකරගන්න. හොඳට දිය කරගත්තට පස්සෙ පෙනේරයකින් පෙරාගන්න. බිත්තර ටික බ්ලෙන්ඩරයක දමා හෝ බීටරයකින් හෝ ගෑරප්පුවකින් හොඳින් ගසාගන්න. එයට ලුණු ටිකක් එක් කරගන්න. ගසාගත් බිත්තර වලට හකුරු සහ දියකරගත් පොල් කිරි එක් කර හැන්දකින් මිශ්‍ර කරගන්න. වටලප්පම ස්ටීම් කරන භාජනය ගෙන එහි අඩියට වෙනම අරන් තියාගත් හකුරු 100 අතුරාගන්න. එයට උඩින් වටලප්පන් මිශ්‍රණය හිමීට දාගෙන කරදමුංගු කරල් ටික තැනින් තැනට දමාගන්න. කැමති නම් කජුත් එක් කරගන්න පුළුවන්. වටලප්පන් භාජනය ෆොයිල් කොළයකින් හෝ ලන්ච් ශීට් එකකින් හොඳින් ආවරණය කරගෙන ස්ටීමර් එකක තබා විනාඩි 40-50ත් අතර කාලයක් ස්ටීම් කරගන්න. අවන් එකේ බේක් කරනවා නම් වටලප්පන් තැටිය වතුර අඟල් භාගයක් විතර දාගත්ත තවත් තැටියක තියල ෆොයිල් වලින් විතරක් කවර් කරගෙන සෙල්සියස් 200ට විනාඩි 35ක් 45ක් බේක් කරගන්න. (අවන් එකෙන් අවන් එකට උෂ්ණත්වය වෙනස් නිසා බේක් වෙන්න ගත වෙන කාලය අඩු වැඩි වෙන්න පුළුවන්. විනාඩි 40කට පස්සෙ කූරක් වටලප්පමේ මැදට ගහල තෙත ගතියට එනවද නැද්ද බලන්න.)
Показати все...
හොත්තොක් (මේක කොරියන් ඩෙසර්ට් එකක්. ඕනම කෑමක් කෑවට පස්සෙ පැණි රසක් කන එක පුරුද්දක්නෙ. මේ කොරියන් ස්වීට් පෑන් කේක් හදන හැටි.) අවශ්‍ය ද්‍රව්‍ය ඩෝ එක සඳහා 🟫පාන් පිටි කප් 1 1/4 🟫ලුණු තේ හැඳි 1/2 🟫සීනි තේ හැන්දයි 🟫යීස්ට් තේ හැන්දයි 🟫ලා රස්නෙන් කිරි 125ml ෆිලින්ග් එක සඳහා 🟫දුඹුරු සීනි කප් 1/4 🟫කුරුඳු කුඩු කප් 1/4 🟫කපාගත් කජු මේස හැඳි 2 ඩෝ එක සඳහා ඇති සියල්ල භාජනයකට එක් කර හොඳින් අනාගන්න. රෙදි කැබැල්ලකින් වසා එය දෙගුණයක් සයිස් එකට පිපෙනකම් පැයක් පමණ තබාගන්න. හොඳින් පිපී ආ පසු අතින් තද කර හුළං ගතිය ඉවත් කර නැවත විනාඩි 20ක් වසා තබන්න. විනාඩි 20කට පසු අතේ තෙල් ස්වල්පයක් ආලේප කරගෙන ඩෝ එක බෝල 6කට කඩාගන්න. ෆිලින්ග් එකට ඇති සියල්ල එකට මිශ්‍ර කරගන්න. ඩෝ එකෙන් බෝලයක් ගෙන එය පැතලි කරගෙන, ෆිලින්ග් එකෙන් හැන්දක් මැදට තබාගෙන හොඳින් ආවරණය කරගෙන මහත පැතලි රොටියක හැඩයට හදාගන්න. තෙල් ඉසගත් නන්ස්ටික් තැටියක දමා දෙපැත්තම රන්වන් පාට වන තුරු බැදගන්න.
Показати все...
හැලප අවශ්‍ය ද්‍රව්‍ය 🟣සීනි ග්‍රෑම් 100 🟣වතුර මිලිලීටර 100 🟣කුරක්කන් පිටි ග්‍රෑම් 100 🟣හාල් පිටි ග්‍රෑම් 100 🟣ගාගත් පොල් ග්‍රෑම් 100 🟣උණු වතුර ස්වල්පයක් සාදාගන්නා ආකාරය: ප්‍රථමයෙන් ම සීනි සහ ජලය එක් කරන්න. එය මදක් උණු වන විට පොල් දමා හොඳින් කලවම් කරන්න. එලෙස පැණි පොල් මිශ්‍රණය සාදා පසෙකින් තබන්න. එයට කුරක්කන් පිටි සහ හාල් පිටි දමා හොඳින් කලවම් කර ගන්න. උණු වතුර ස්වල්පයක් එක් කොට යළිත් හොඳින් කලවම් කර ගන්න. ඉන්පසු අතින් බෝල සාදා කැන්ද කොළ මැද තබා තුනී කර ගන්න. වණ්ඩුවේ තම්බාගන්න. එක හැලපයක් විනාඩි 15ක්වත් තැම්බිය යුතු ය.
Показати все...
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.