Camelia 🍁
Відкрити в Telegram
Показати більше
Країна не вказанаКатегорія не вказана
331
Підписники
+1924 години
+527 днів
+5430 день
Архів дописів
331
Repost from Hirun De Silva | 26/ 27 A/L | Full Paper Class
‼️ATTENTION‼️
27 Paper Class එකක ලැබෙන සුපිරිම පේපර් එකට දැන් අලුත් වුණ විවරණයක් ඔයාලට ලැබෙනවා. Physics ගණන් හදද්දි වෙලාව ඉතුරු කරගන්න, තප්පර ගාණකින් උත්තරයට යන්න අවශ්‍ය කෙටි ක්‍රම මේ ගණන් 50 ටම විවරණයේ තියෙනවා, සාමාන්‍ය දීර්ඝ ක්‍රමයත් එක්කම. ⚡️
📱 Join now: @HDSPaper26
📱 +94772445393
Rank එකකටම Physics හදාගන්න.
| හිරුන් ද සිල්වා
| මුලු දිවයිනෙන්ම 13 වන ස්ථානය - 2025 A/L
| Nuclear Physics Olympiad Gold Medalist -2026
331
Repost from 𝗕𝗜𝗢 𝗖𝗛𝗔𝗥𝗧 𝗔𝗡𝗗 𝗧𝗔𝗕𝗟Ξ𝗦👩⚕️👨⚕️🩺
අම්මට සිරි මචං පෙනහලු දෙකකුය්, මිනී ඔලු දෙකකුය් , උකුල් ඇටේකුය් අරූගෙ වාහනේනෙ.
හිතාගන්න පුලුවන්නෙ මේ ගැන මෙලෝ හසරක් නොදන්න ඩ්‍රය්වර් උත්තමයට රෑ දොලහට මේ ටික හම්බ උනාම....😂
වෛද්‍ය ශිෂ්‍යයෙකුගේ ගිණුමකින් උපුටා ගන්නා ලදී....
#Copied
331
Repost from 𝗕𝗜𝗢 𝗖𝗛𝗔𝗥𝗧 𝗔𝗡𝗗 𝗧𝗔𝗕𝗟Ξ𝗦👩⚕️👨⚕️🩺
මේක වෙන්නෙ අපි කැම්පස් එකේ සෙකන්ඩ් ඉයර් එකේ ඉන්න කාලේ. හැම අවුරුද්දෙම කැලනිය කැම්පස් එකේ තියෙන කලා උලෙලට මෙඩිකල් ෆැකල්ටි එකටත් ස්ටෝල් එකක් කරන්න ආරාධනවක් ලැබෙනවා. අපි ඉන්නෙ රාගම නිසා බොහොම කැමැත්තෙන් මේක බාර ගන්නව ( මොකද වෙනමම ඉන්න මෙඩිකල් ෆැකල්ටි එකේ අය්යාලට අනිත් ෆැකල්ටි වල නංගිලා ටිකක් බැල්ම දාන බව අපි අත්දැකීමෙන් දැනං හිටියා, අඩුම ගානේ අපි එහෙම හිතං හිටියා)
බොහොම උනන්දුවෙන් මේ ආරාදනාව බාරගත්තත් කලාව ගැන මෙලෝ දානයක් නොදන්න අපි වැටුනේ අලි අමාරුවක.
දැන් ඉතින් මොන මගුලක් දාලද අර ස්ටෝල් එක පුරවන්නෙ. යන්තං අපේ අය්යා කෙනෙක් බල්බ් එකක් ඇතුලෙ හදපු අය්ෆල් කුලුනකුය් ඒ වගේම වෙසක් කූඩුවකුය් ඉල්ල ගත්තා. කවුදෝ එකෙක් ඇදපු චිත්‍ර වගේකුත් තිබ්බා. දැන් ඉතිං ඉතුරු ඉඩ😂
අනේ මචෝ අපි දන්න කලාවක් නෑනෙ. අපි ඔන්නොහෙ මිනියකුය් තව ඔය හාට්, පෙනහලු, වකුගඩු වගේ ඔය මොනවා හරි බඩකඩුත්තු ටිකක් උස්සං ගිහින් ඕක පුරවමු. කවුදෝ එකෙක් මසුරං අදහසක් දැම්මා.
ඔන්න ඉතිං කලා උලෙලට යන දවසත් ආවා කියමුකො. ඩීන්ට කන්කෙදිරි ගාලා ෆැකල්ටි බස් එකත් ඉල්ලගත්තා. වැඩේ පත්තු උනේ බොඩි එක බස් එකේ ගෙනියන්න පය්ලට් අය්යගෙන් අවසර ගන්න ගියාම.
අනේ මේ... පිස්සු නං නටන්න එපා ඔය මල මිනී පටෝලා මම කොහොමද මේ බස් එක එලවන්නෙ... මූ යුද්ද ප්‍රකාශ කරා.
දැං ඉතින් මොන මගුලක් කරන්නද? හර්ස් හයර් කරන්න සල්ලිත් නෑ. මේක ගෙනිච්චෙ නැත්නං අපේ පටි රෝල් (කැලනියෙ නංගිලා ඉස්සරහ වීරයො වෙන්නෙ කොහොමෙය්).
හරි අය්යා , ඕක ගෙනියන්න අපි වාහනයක් හොයා ගන්නං ඒත් අපේ ලෑලි වගයක් තියෙනවා අවුලක් නැද්ද? අපේ එකෙක් අහද්දි අපි ෆුල් හොල්මං. ( මූ මොන මගුලක් කියනවද අපි කොහෙද ලෑලි පටවන්නෙ)
පොලිසියට අහු වුනොත් බේර ගන්නව නං අවුලක් නෑ ඌ කියාපි( යකෝ මූ පොලීසියට වඩා මල මිනියකට බයය්නෙ)
අන්තිමට අර ලෑලි ගැන කියවපු එකා අපට පැත්තකට කතා කරලා පැලෑන ගැහුවා. මුලින්ම මිනිය( මේක ඒ වෙද්දි සෑහෙන දුරකට කපල කොටලය් තිබුනෙ) එතුවා ගෝනි වල හතරැස් වෙනකම්ම. ඊට පස්සෙ මේක වටේ ලෑලි තියලා ලෑලි ගොඩක් විදිහට පෙනෙන්න හදලා පැටෙව්වා බස් එකට. කන පැලෙන්න ෆෝමලින් ගද ආවත් ඒක අපේ අනිත් කෑලිවල ගද කියලා පයිලට් අය්යව ශේප් කර ගත්තා.
ඔන්න දැන් කැලනියේ අපේ කැම්පස් එකට බොහොම උජාරුවෙන් ගිහිල්ල බඩු ටිකත් පටෝගෙන ස්ටෝල් එකට බඩගානව. (අන්න මෙඩිකල් ෆැකල්ටි එකේ අය්යලා කියලා සූකිරි බටිල්ලියො වගේ නන්ගිලගෙ කටහඩවල් එහෙමත් ඕක අස්සෙ ඇහෙනව)
දැන් අපි අපේ මිනී යාලුවත් දෙපැත්තෙන් දාපු ලනු කෑලි දිකකින් එල්ලගෙන යනව. යන පාර දෙපැත්තෙ මල් කඩන උං, පැනි හලන උං, සම්ප්‍රප්පලාප කියන උං ඔක්කොම අපි දිහා බලං ඉන්නව ඒලියන්ලා ටිකක් දිහාවෙ වගේ ( ඇය් යකෝ මුං පෙනහලු, බඩවැල්, හර්දය වස්තු වගේ නහුතයක් බඩකඩුත්තු කරේ තියං යද්දි මොකාද බලන්නෙ නැත්තෙ) ඔන්න බොලේ හිටි හැටියෙම අර ලෑලි පාර්සලේ උස්සගෙන ගිය ලනුව කැඩිල දෝං පතෝං කියල බිමට වැටිච්චි. වැටුන නැං මදෑ අපේ මල මිනී යාලුවගේ ඔලුවත් එලියට පැනපි.
හිතාගත්තෑකි නේද වට පිටාවෙ හිටපු නංගිලාගෙ ලතෝතියය් දිවිල්ලය්.
කොහොමින් කොහොම හරි මේව ඔක්කොම අපේ ස්ටෝල් එකට පටවලා ඒකෙ පල්ලෙහා තට්ටුවෙ කැන්ටිමෙන් බයිටක් හදාගෙන මල මිනී යාලුවය් අනිත් කෑලි බෑලිය් වටේ තියාගෙන අපි හීනියට සප්පායං වෙලා රෑ ඔතනම වැටිලා සැතපුනා ( ඔතන බොන්න තහනං කලාපයක් වගේ ඒවා ගැන අපි හාංකවිසියක් දැනං හිටියෙ නෑ වාසනාවකට)
ඔන්න පහුවදා අපි වැඩේ පටං ගත්තා. හත්වලාමය් කලා උලෙලේ තිබ්බ මෙලෝ කලාවක් නැති අපේ ස්ටෝල් එකේ ඇගිල්ලක් ගහන්න ඉඩ නෑ. මදැය් මේකට බල්ලෙක් වත් එන එකක් නැති නිසා අපි නිදහසේ පොඩි සෙවල පෙරන වැඩකට සෙට් වෙන්න බලං හිටියා. ඉස්පාසුවක් නැතුව වැඩ. මටය් තව දෙන්නෙකුටය් තමය් මල මිනී යාලුවගෙ කෑලි ගැන විස්තර කියන්න තිබුනෙ. ඔහොම ඉද්දි අපේ උං බිස්කට් , තේ එහෙම අල්ලද්දි අපි එතනම ඉදන් ඒව කකා බිබී වැඩේ කරාන යනවා. ගොඩක් උන්ගෙ මූනු අමුතු වෙලා කටවල් අප්පිරියාවෙන් වගේ ඇද වුනේ මොකද අපට තේරුනේ නෑනෙ. කිරි ටොය්යා නංගි පැටියෙක් ඕක අස්සෙ ඔක්කාරෙ කරන්නත් ගත්‍තා.
අඩේ අපි එච්චරටම ගදද නැත්නං මේකි පදුරු අස්සෙ ලැගල බඩ වෙලාද අපේ එකෙක් අහපි. ( අපි ෆෝමලින් ගද ගහන මිනියක් අත ගගා පෙරේතයෝ වගේ බිස්කට් කන එක අනිත් උන්ට අවුල් බව මගේ ඉස්කෝලෙ සගයෙක් වෙච්ච නිලූක කදුරුගමුව කියනකම්ම අපට තේරිලා තිබුනේ නෑනෙ).
කොහොම හරි වැඩේ නැගල ගියා. කීප දෙනෙක් දෙන්නෙක් කොහොම හරි කැලනියෙ කොල්ලන්ගෙ සූකිරි බටිල්ලියො ටිකකුත් ඩැහැගත්තා. අන්තිමේදි නිලූකයා PA systam එකෙන් කියලා තිබුනා අමුතු ලෝකෙකින් ගොඩබසින ලද ජීවීන් කොට්ටාශයක් දකින්නට අවශ්‍ය අය මෙඩිකල් ෆැකල්ටියෙ ස්ටෝල් එකට යන්න කියලත්.😂
331
+9
මේ තියෙන්නෙ ගිය අවුරුද්දෙ අනුරාධ සර්ගෙ final papers and guess papers වල ආපු practicals වල මාතෘකා ටික. සමහර practicals වල past papers ප්‍රශ්න අඩුයි, ඒ නිසා model papers වලින් හොයාගෙන කරන්න වෙනවා. Papers වල දෙන hints වලට අදාළව past papers සහ model papers ප්‍රශ්න ටිකක් කරලා යන්න.
මෙන්න මේ channel එකෙන් ගිය අවුරුද්දෙ FP, GP ටික ගන්න පුලුවන්.
https://t.me/Finalpapers2025APgrp
331
❄️ Chem point No. 05
❄️ උච්ච වායු සාමාන්‍යයෙන් සහසංයුජ බන්ධන හදන්නෙ නෑ, මොකද එයාලා ස්ථායී නිසා.
හැබැයි Xe නම් F හා O එක්ක බන්ධන හදනවා, Kr නම් F එක්ක බන්ධන හදනවා.
Xe හා Kr ගෙ බාහිර ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියට ඈතින් තියෙන නිසා න්‍යෂ්ටියට ලිහිල්ව තමයි බැඳිලා තියෙන්නෙ. එතකොට ඒ ඉලෙක්ට්‍ර්‍රෝන හුවමාරු කරගෙන බන්ධන හදන්න ලේසියි.
He, Ne, Ar වල බාහිර ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියට ළඟින් තියෙන නිසා ඒවා න්‍යෂ්ටියට තදින් බැඳිලා ස්ථායීව තියෙනවා. ඒ නිසා ඒවා හුවමාරු කරගෙන බන්ධන හදන්න බෑ.
❄️ ඒත් එක්කම F හා O ගෙ විද්‍යුත් සෘණතාව වැඩි නිසා Xe හා Kr ගෙ ඉලෙක්ට්‍රෝන එයාලගෙ පැත්තට තදින් අඳිනවා. බරින් වැඩි උච්ච වායුවල බාහිර ඉලෙක්ට්‍රෝන ගැලවිලා යන්න ලේසි නිසා ඉලෙක්ට්‍රෝන හුවමාරු කරගෙන සහසංයුජ බන්ධනයක් හදනවා.
❄️ සාමාන්‍යයෙන් සහසංයුජ අරය හොයද්දි එකම මූලද්‍රව්‍යයේ පරමාණු දෙකක්නෙ ගන්නෙ. හැබැයි Xe හා Kr ගෙ ආසන්න වශයෙන් සහසංයුජ අරය හොයාගන්නෙ මෙහෙම.
Xe-F ගත්තොත් එයාගෙ සහසංයුජ අරයෙන් F ගෙ අරය අඩු කරාම Xe ගෙ අරය හොයාගන්න පුලුවන්.
Xe-F = Xe + F
Xe = Xe-F - F
https://t.me/voicesbycamelia
331
⛄ Chem point No. 04
පරමාණුක අරය ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා සඵල න්‍යෂ්ටික ආකර්ෂණයට.
https://t.me/voicesbycamelia
331
🔥 Chem point No. 03
නිවාරක ආචරණය
1) මේකට බලපාන්නෙ පරමාණුවක අභ්‍යන්තර ශක්ති මට්ටම් වල තියෙන ඉලෙක්ට්‍රෝන ගාන.
එකම ආවර්තයක් තියෙන මූලද්‍රව්‍ය ගත්තම ඒවගෙ සංයුජතා කවච වලට විතරයිනෙ අලුතින් ඉලෙක්ට්‍ර්‍රොන පිරෙන්නෙ. ඒ කියන්නෙ එයාලගෙ අභ්‍යන්තර ඉලෙක්ට්‍රෝන ගාන සමානයි. ඒ නිසා ආවර්තයක වමේ ඉඳන් දකුණට යද්දි නිවාරක ආචරණය ආසන්නව නියතව තියෙනවා.
හැබැයි නිශ්චිතවම නියත නෑ, මොකද සංයුජතා කවචයටත් එකින් එක ඉලෙක්ට්‍රෝන පිරෙනවනෙ, එයාලත් පොඩි නි. ආචරණයක් ඇතිකරනවා.
2) නිවාරක ආචරණය බලපාන්නෙ තනි ඉලෙක්ට්‍රෝනයක් මත. ඉලෙක්ට්‍රෝන දෙකක් තිබ්බා කියලා ඒක බෙදිලා යන්නෙ නෑ.
ඒ කියන්නෙ අපි ගමුකො Li හා Beව. Li ගෙ සංයුජතා කවචයේ එක ඉලෙක්ට්‍රෝනයයි, Be ගෙ දෙන්නයි. දැන් මෙහෙම කිව්වොත් වැරදී.
- Li ගෙ එක්කෙනෙක් නිසා නි. ආ. වැඩියි, Be ගෙ දෙන්නෙක් නිසා දෙන්නටම බෙදිලා ගියාම එක ඉලෙක්ට්‍රෝනයක් මත බලපාන නි. ආ. අඩුයි කිව්වම වැරදී. ❌
Li ගෙ එක ඉලෙක්ට්‍ර්‍රෝනයක් මත ඇතිවන නි. ආචරණයම තමයි එයාගෙ අනිත් ඉලෙක්ට්‍රෝනය මතත් ඇතිවෙන්නෙ.
3) H හැර අනිත් හැම පරමාණුවකටම නි. ආ. තියෙනවා. මොකද H ගෙ අභ්‍යන්තර ඉලෙක්ට්‍රෝන නෑනෙ.
He ගෙත් නෑ තමයි, ඒත් එයාගෙ තියෙන එකම ශක්ති මට්ටමේ ඉන්න ඉලෙක්ට්‍රෝන දෙන්නා එකිනෙකට විරුද්ධව ක්‍රියා කරලා අනිත් කෙනා මත නි. ආ. ඇතිකරවනවා.
https://t.me/voicesbycamelia
331
💧 Chem point No. 02
ප්‍රතික්‍රියාවක් සමතුලිත වන හෝ නොවන ඕනෑම අවස්ථාවකට Qc හා Qp යොදන්න පුලුවන්.
331
Repost from ᴛʜᴇ ᴩ ʀ ᴏ ꜰ ᴇ ꜱ ꜱ ᴏ ʀ 🌔
🗨️ lewis ව්‍යුහයකින්
සෘජුව ලබාගත හැකි දත්ත
1.සංයුජතා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා
1. එකසර ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා
2. පරමාණු මත විධිමත් ආරෝපණ
සෘජුව ලබා ගත නොහැකි දත්ත
1. පරමාණු වටා හැඩය
( VSEPR වාදය ඇසුරින් ලබාගත යුතුයි )
2. බන්ධන කෝණ
3.බන්ධන දිග
3. මුහුම්කරණ
4. ධ්‍රැවීයතා
331
Repost from Chemistry | Ramika Risiwara
තියන ටික කාලෙන් උපරිමයකට යන්න,
අවශ්‍යම ටික සරලව, නිවැරදිව, නිරවුල්ව ඔලුවට දාගන්න...✔️
2026 AL Chemistry
Full Syllabus Paper Class🥇
ආරම්භය:
🌟අප්‍රේල් මස 24 වන සිකුරාදා රාත්‍රී 7.00 ට
වැඩිදුර තොරතුරු සඳහා,
📱WhatsApp: 072 804 4075
📱Telegram: @RamikaRisiwaraChemistry
#Chemistry
#PaperClass
#2026AL
#RamikaRisiwara
331
🔠🔠🔠🔠
පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන. 100%ට වඩා එනවා එකතු කරලා බැලුවම ඒ රචනා ප්‍රශ්න නිසා.
❌ ජීව විද්‍යාව #BIOLOGYහැදින්වීම - 1 % සෛලීය හා රසායනික පදනම - 15 % ජෛව විවිධත්වය හා වර්ගීකරණය - 7 % ශාකය - 20 % සත්වයා - 38 % ප්‍රවේණිය - 12 % අණුක ජීව විද්‍යාව -9 % පරිසරය - 12.5 % ක්ෂුද්‍ර ජීව විද්‍යාව - 12.5% ව්‍යවහාරික ජීව විද්‍යාව - 4 %
❌ රසායන විද්‍යාව #CHEMISTRY1.පරමාණුක ව්‍යුහය - 3 % 2.බන්ධන - 6 % 3.ගණනය - 4 %( මීට අමතරව සෑම පාඩමකටම මේ අත්‍යාවශ්‍ය නිසා මේ පාඩම නැතිව කිසිවක් කළ නොහැකිය .. මෙය නැතුව කිසිම භෞතික රසායනික පාඩමකට ලකුණු ගත නොහැකිය ) 4.වායු - 12.5 % 5.ශක්ති විද්‍යාව - 12.5 % 6.අකාබනික රසායනය - 24 % 7.8.9.10.කාබනික රසායනය - 22.5 % 11.චාලක රසායනය - 5 % 12.සමතුලිතතාවය - 22.5 % 13.විද්‍යුත් රසායනය - 6.75 % 14.කර්මාන්ත හා පරිසරය - 10.5 %
❌ භෞතික විද්‍යාව #PHYSICSමිනුම - 7 % යාන්ත්‍ර විද්‍යාව - 24.5 % දෝලන තරංග - 20 % තාපය - 18.5 % ගුරුත්වජ ක්ෂේත්‍ර - 9 % විද්‍යුත් ක්ෂේත්‍ර - 9 % චුම්භක ක්ෂේත්‍ර - 9 % ධාරා විද්‍යුතය - 20 % ඉලෙක්ට්‍රොනික විද්‍යාව - 13.5% යාන්ත්‍රික ගුණ - 10.5 % විකිරණ - 10.5%
වැඩි Percentage එකක් තියෙන පාඩම් වලට වැඩි අවධානයක් දෙන්න ඕන බව ඕන බබෙක්ට තේරෙනවනේ.😏✈️ ALAPI_PAPERSGROUP .
331
https://youtube.com/playlist?list=PLMiD6h3PM-7nooD5hFxy0Yp4yPp9Z9ipt&si=wwv4rkNJu2ph3d4g
මේ තියෙන්නෙ p6 වල පොදු රටාවට අදාළ videos ටිකක්. හැම toipc එකක්ම පොඩි වෙලාවකින් revise කරගන්න පුලුවන් මේකෙන්.
මේ video එක ගානෙ බලලා ඒ topic එකේන් mcqs අඩුම 10ක් වත් කරන්න try කරන්න. හැම paper එකටම වගේ මේ topics වලින් ප්‍රශ්න අහන නිසා mcq paper එකේ ලකුණු වැඩිකරගන්න හොඳම ක්‍රමයක් මේක.
331
Repost from 2026 Notes by | Nim✨🤍
Electro Chemistry පාඩම cover කරගන්න ඕනෙ හැමදේම ඔන්න දුන්නා.එහෙනම් හොඳට වැඩ ටික කරන් යමු කට්ටියම 💪🔥🔥
click here@notesbyNim | 2026
