🧬 BIO Paper HUB ⚕️
- Подписчики
- Просмотры постов
- ER - коэффициент вовлеченности
Загрузка данных...
Загрузка данных...
©️මේ දවස් වල A/L විභාගය වගේම O/L විභාගයටත් ළමයි සූදානම් වෙනවා.. ඉතිං මං මේ මං දාන පෝස්ට් A/L වගේම O/L කරන සහෝදර සහෝදරියො ඉන්නවනම්, එයාලටත් වැදගත් වෙනවා.. ඒ නිසා දන්න අය ඉන්නවනම් කොහොමහරි එයාලටත් පේන්න සලස්වන්න කියල ඉස්සෙල්ලම ඉල්ලනවා... උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග ලග ලගම එන නිසා මේ දවස් වල ගොඩක් අය මහන්සි වෙලා පාඩම් කරනව ඇති.. මං අද කියන්න යන්නේ උදේම නැගිටලා පාඩම් කරන්න පටන් ගන්න කොට ඔයාලා කරන්න ඕන දේවල් කීපයක් ගැන.. 🌸Study morning routine... 1) කල්පනා කර කර ඉන්නේ නැතුව නැගිට්ට පළවෙනි අවස්ථාවෙම ඇදෙන්…
ඔක්කොටම හපන් තමන්ගේ සල්ලි වලින් රට ගිහින් ස්පෙශල් එක කරලා එන දොස්තරලටත් බැනලා පෝස්ට් දාලා ස්පෙශල් කරලා තියෙන්නෙත් එයාලගේ සල්ලි වලින්ලු. මොකටද අප්පා මෙච්චර මහන්සි වෙලා මෙහෙම කතා අහගන්නේ කියලා හිත අන්තිම බිංදුවට වැටෙද්දි මැසේජ් එකක් ආවා මගේ පීඩියැට්‍රික් වෝඩ් එකේ නංගි කෙනෙක්ගෙන්. "අක්කේ කොහොමද ඔයාට? කාලද ඉන්නේ ඔයා?" විනාඩියකට හදවත නතර උනා. "මගේ පුතා හොදට ඉගෙන ගෙන හොද දොස්තර කෙනෙක් වෙන්න ඕනේ" අත අල්ලගෙන එහෙම කිව්ව orthopedic එකේ අම්මව මතක් උනා. "කෙසෙල් වගයක් හම්බුනා ගෙදරින්, කට්ටිය බෙදාගෙන කන්න" අපිටත් කෑම උස්සන් ආපු සොයිසා එකේ අක්කව මතක් උනා. "උදේට මලක් වගේ මගේ දූ.. ඔයා එනකම් බලාගෙන ඉන්නෙ පුතේ උදේට.." ඔලුව අතගාලා එහෙම කිව්ව neurology වෝඩ් එකේ ආච්චීව මතක් උනා. "මිස්ලාව අමතක වෙන්නේ නෑ කවදාවත්. පරිස්සමෙන් ඉන්න ඕනේ" ඩිස්චාර්ජ් වෙද්දි එහෙම කිව්ව සර්ජරි වෝඩ් එකේ අක්කව මතක් උනා. "ඔයාලා කතා කලත් ලෙඩ හොද වෙනවා දරුවෝ" cardiology එකේ හිටිය තාත්තා කෙනෙක්ගේ මූන මතක් උනා. "චූටි, ඔයාලා හම්බකරන්නෙ සල්ලි නෙමේ මිනිස්සු..." එහෙම කිව්ව අම්මව මතක් උනා❤️-තාරු- උපුටාගැනීමකි
Dr. Sahan anjana අයිය විසින් අඩයාලමට ලියන ලද්දකින් උපුටාගන්නා ලදිhttps://telegra.ph/Medi-Scene-04-23 @BiologyEssays
මෙඩි සීන් - කඩල මේකයි. සති දෙකක අනුයුක්ත කිරීමක් තිබ්බා උගුර කන නාසය වාට්ටුවේ. ගියා ඉතින්. යන්නැතුව බෑනේ. විශේෂඥ ශල්‍ය වෛද්‍ය උගුර කන නාසය සර් හරි හොදයි.මනුස්සය හරිම සැහැල්ලුවෙන් ජීවිතේ ගත කරන කෙනෙක් . සුද්ද සිංහලෙන් කිව්වොත් ආතල් එකේ ඉන්න පොරක් ! . ඒ ආතල් එක කොච්චර ද කියනව නම් මනුස්සය ශල්‍යාගාරය ඇතුලේ ශල්‍යකර්ම කරනකොට වැඩිම වෙලාවක් ගත කරන්නෙ ශල්‍යකර්ම වෙලාවෙ දාන සින්දුව මොකද්ද කියල තෝරන්න. ඊට පස්සෙ අන්තිමට හැමදාම එකම සින්දුව. හැටේ දසකෙ කලු සුදු චිත්‍රපටියක සින්දුවක්ලූ. සර් ආසම සින්දුවලු.මනුස්සයගෙ…
(ලංකාවේ අය යන පිටරට medical college අති බහුතරයක් (90%) private නොවන බවත් අති බහුතරය එම රටවල රාජ්‍ය විශ්වවිද්‍යාලය වන බවත් සලකන්න.දන්නෙ නැතිනම් අදවත් දැනගන්න 😏)වලිනුයි ආවට ගියාට degree දෙන්නේ නෑ.සායනික කාලෙ පුරාම ලෙඩ්ඩු 1000 ක් 2000 කටත් වඩා පරීක්ෂා කරන්න ලැබිල, සියගානක් පොත් කියවලා පුළුවන් තරම් එක්සෑම් වලින් ටෙස්ට් වෙලා අන්තිමට මුලු රටටම දෙන එකම එක්සෑම් එකකින් rank වෙලා එළියට එන product එකකයි... සල්ලි බලේට දේශපාලන ඇඟිලි ගැහිලි වලට යට වෙලා,final common exam එකවත් නොලියා උන්ට ඔනේ එක්සෑම් එකක් ලියාගෙන, patient ලා අතේ ඇඟිලි ගානටවත් නැති hospital වලින් සායනික පුහුණුව අරන් එළියට එන බාල product එකකයි වෙනස අහසට පොලොව වගේ මචං. ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ ඕන කෙනෙක්ට💔. colombo medical faculty එකෙත් 1st clz 6,7 ක් වෙනකොට Saitm එකේ 1st clz 100 ක් විතර දාල pass presentage එකත් ලංකාවේ කිසිම gov faculty එකක් නැති තරම් වෙනකොටවත්, ERPM ලියන්න බෑ කියලා නඩු දාද්දි අපේ රටේ ඉහල පුටුවල ඉන්න උන්ට ඇස් ඇරුනේ නෑ saitm එකේ quality එක ගැන.අන්තිමට GMC (uk) වලින් පවා ban උනාට පස්සෙ තමා අපේ ඉහල පුටුවල උන්ගේ ඇස් ඇරුනේ.එහෙව් පාලකයො ඉන්න රටකයි ඉන්නෙ කියල මතකතියාගන්න.💔 දැන් කට්ටිය ඩොකාලගෙ මොනොපොලි එක ගැන කිය කිය උන්ට පාඩමක් උගන්නන්න කියල ඩොකාලට බැන බැන තමන්ට සමහරවිට යන්න තියා හිතනවත් බැරි PMC වලට කඩේ ගියාට අන්තිමට තව අවුරුදු 6,7 කින් තමන්වම,තමන්ගේ අම්ම තාත්තව දාගන්නේ මොන වගේ Situation එකකටද කියල සමහරවිට ගොඩක් උන් දන්නෑ 😏 ( හරියට උනුවෙන වතුර හැලියේ ආතල් එකේ පීන පීන ඉන්න කකුලුවො වගේ 😂) අනික campus එකෙන් out උනාට පස්සේ ඩොකෙක්ව ආය චෙක් වෙන්නෙ නෑ කොහෙන්වත්.එතකොට කැම්පස් එකේ උගන්නන එක quality නැත්තං උන් හොරාට පාස් කරලා එව්වොත් උබලට අපිට තියා සක්කරයටවත් ආය ඒක හොයාගන්න වෙන්නෑ මචං 😏
මෙඩි scene-5 ඇවිදන් ගිය වෙද නලාව යාපනෙ මෙඩිකල් ෆැකල්ටි එකේ ඉගෙන ගත්ත අවුරුදු 6යි මාස 3නක කාලපරිච්චේදය ඇතුලෙ මට වෙලා තියෙන සහ මම කරල තියෙන නාඩගම් විගඩම් වල උච්චතම අවස්ථාවක් ( film වල නම් climax එක කියලා කියන්නෙ ආන් ඒක.) රඟදක්වන්න වෛද්‍ය විද්‍යාව සදහා වූ අවසන් මහා විභාගය වෙනකම්ම ඉදී කියලා මමවත් තුන් හිතෙන් එක හිතකින්වත් හිතල තිබ්බෙ නෑ ඕන්. කවද හරි වෛද්‍ය සිස්සයෙක් ඔය විභාගෙ ලියන්නම එපැයි . මටත් ඒ දවස උදා උනා. ලියන පේපර් වලට පස්සෙ අපිට පටන් ගන්නෙ ප්‍රායෝගික පරීක්ෂණ. මෙතනදි ලෙඩ්ඩු එක්ක කතා කරලා පරික්ශා කරලා රෝග විනිශ්චය කිරීම මහඟු කුසලතාව මුන්ට ඇබිත්තක් හරි තියෙනවා ද කියලා තමා බලන්නෙ. අනේ ඉතින් ඒකටම ලංකාව සතර දිශාවෙන් වෛද්‍ය විශේෂඥවරුයි මහාචාර්යවරුයි එන්නෙ හරි ආසාවෙන්. ඇයි ඉතින් එයාලා දන්නව මෙතන අපි ලෙඩේ හොයනව නෙමෙයි හොයනව වගේ විශිෂ්ඨ රංගනයක් තමා දෙන්නෙ. ලකුණු දෙන්නෙ ඇත්තටම ලෙඩේ හොයනවට වඩා හොයන්න අපි පාවිච්චි කරන ක්‍රම සහ විධි වල තියෙන ක්‍රමානුකූලකමට කියලා තමා ඉතින් එයාලා අපිට උගන්නන්නෙ. ඒනිසා අපිත් පුළුවන් තරම් හොඳට රගපාලා කරන හරිම විදිය පෙන්නනව..ඉතින් කොච්චර කරත් තියෙන කලබලේටයි බයටයි අපි කරන්න හිතන්නෙ එකක්. හැබැයි කරන්නෙ සම්පූර්ණයෙන් වෙනස් එකක්.ඒව බලන එක තමා එයාලගෙ එකම විනෝදෙ. මටත් ඉතින් ඔය සලුපාලිය නටන දවස ආවා. උදේ පාන්දරම වාට්ටුවට ගියා. ටිකකින් මගෙ විභාග අංකෙ කතා කරා. ගියා ඇතුලට. යන ගමන් සිරීපාදෙ වැඩ ඉන්නා සුමන සමන් දෙයිහාන්දුරුවන්ටයි .නල්ලූර් කෝවිලේ වැඩ ඉන්නා මුරුගන්ටයි දෙන්නටම කන්නලව් කර කර ගියේ, " අනේ දෙයියනේ කියන දෙමල දේවල් තේරෙනෙ ලෙඩෙක් මුණ ගැහේවා ගැහේවා ගැහේවා !!! " කියලා. එහෙම කියලා තිරේ විවර කරා.මම ඇස් දෙක ඇරල බැලුවම මම දැක්කෙ මම දිහා බලන් ඉන්න හරිම අහිංසක අවුරුදු 77ක ඇස් දෙකක්.! සීය කෙනෙක් ! අනේ කමක් නෑ හොදයි කියලා මම සීයා දිහා බලලා දත් ඇන්දම පේන්න විලිස්සාගෙන ලගට ගියා. "ඉතින් සීයේ කොහොමද සැපසනීප" ? මම මගේ දන්න සියලුම දමිල භාශා හැකියාව නීරූපනේ කරලා ඇහුවා. කෝක කරන්නත් ලෙඩා එක්ක හොද හිතක් හදා ගන්න එපැයි. හැබැයි හැමදේටම තියෙන්නෙ විනාඩි 40යි. සීයත් මා දිහා බලල හිනා වුනා.එච්චරයි !! ඒක නම් හොද ලකුණක් නෙමෙයි පුතේ ! මම මටම කියා ගත්තා. මම ඉක්මනින් ආයෙත් සැරයක් සුභපැතුවා. අනික් පැත්තෙන් ආව ප්‍රතිචාරය තමා - "හෑ මොකද්ද කිව්වෙ" ආන් ඒ මොහොතෙදී මට තේරුනා මිත්‍රවරුනි සමන් දෙයියන්ටත් මාව ඇහිලා නෑ කියලා. මම සැලෙයි ඕවට. මොකො මගේ කට සද්ද නැතුවයෑ.දෙන්නම් වැඩෙ කියලා මම පටන් ගත්තා සායනික ඉතිහාසය අහන වැඩේ. මම - ඉතින් සීයෙ මොනා වෙලාද ඉස්පිරිතාලෙ ආවෙ.? සීයා - සිනාව මම - හිනා වෙන්න එපා දෙයියෝ මේ මගේ අන්තිම විභාගේ මට උදව් කරන්න සීයේ ! සීයා- මම උදේ ක්ලිනික් එකට ආවා.එතනට ආපු නෝනා කෙනෙක් මාව මෙතන්ට එක්කන් ආවා. මම - මොකක්.!? එතකොට ක්ලින්ක් ආවෙ මොකටද සීයේ. සීයා - අනෙ මංදා දුව තමා මාව එක්කන් ආවේ. ඒ දෙවනි උදාර මොහොතේ දී මම තේරුම් ගත්තා මේ සීයා තමන්ගෙ ලෙඩේ ගැනවත් හාංකව්සියක් දන්නෑ කියලා. එතැන් පටන් ඇරඹුනු අති උත්කර්ෂවත් මිනිත්තු 20 කට පස්සෙ යන්තම් සීයගෙ කටින් එලියට ආවා " ඔව් ඔව් ඒක තද කැස්සක් තමා මහත්තයො.මාස 6ක් විතර තියෙනවා" කියලා ඕක එලියට ගන්න මම එතන යමාමහ පෙලහර විතරයි පෑවෙ නැත්තෙ. ඉතුරු විනාඩි 20න් අනික් හැමදේම අහල ඉවර කරලා ලෙඩාවත් පරීක්ෂා කරලා කෙලින් වෙනකොටම වෙලාව ඉවරයි කියලා බෙල් කරා. ඒත් මම එක මිනිත්තුවක් අරගෙන සීයට ඉස්තූතියි කරා.මොකද එයා තමා මගේ වෛද්‍ය ශිෂ්‍යයෙක් විදියට මට ලැබෙන අන්තිම කායික රෝගී ලෙඩා. මම ඒ විනාඩිය ගත්ත එක පාඩුවක් උනේ නෑ. සීයා මගෙ අතින් අල්ලලා කිව්ව බය වෙන්න එපා මහත්තය පාස් වෙයි කියලා. පහන් හැගිමකින් මාව පිරුණා. මම එලියට දිව්වා.මිස් කෙනෙක් ඇවිත් මාව එක්කන් ගියා කාමරේකට.දොර ගාව ඉන්න බෙල් කරාම ඇතුලට යන්න කිව්වා. ඒක හරියටම මරණ මංචකයේ ඉන්නව වාගේ දැනීමක්. කරපු පව් පින් සේරම මතක් වෙනවා. ආයෙත් සැරයක් මම කන්නලව්ව පටන් ගත්තා. "අනේ දෙයියනේ මට හොද විභාග පරීක්ෂකයො දෙන්නෙක් ලැබේවා ලැබේවා ලැබේවා !!! බෙල් කරා.මම ගියා ඇතුලට. දොර අරිනකොටම මම දැක්කේ යාපනේ ඉස්පිරිතාලෙ කායික රෝගවිද්‍යාවෙ ප්‍රතිමූර්තිය කියලා කියන අපේ ලොකු මැඩම්ව. නමින් ඇය ගෞරී.ලෙඩ්ඩුයි අපියි සේරම ආදරේට කියන්නෙ ගෞරි අම්ම කියලා.මගේ ජීවිතේ කිසිම දවසක වෛද්‍ය ශිෂ්‍යයින්ට උගන්නන්න තමන්ගෙ ජීවිතේම කැපකරපු ඒ වගේ මනුස්සයෙක් නම් මට මුන ගැහෙන එකක් නෑ.විශ්‍රාම යන කඩ ඉම උඩ ඉන්න ඇය හරි කරුණාවන්තයි.කිසිම දවසක පෞද්ගලික ප්‍රතිකාර වල නොයෙදුණ ඇය උදේ 8.30 ඉදන් හවස 5 වෙනකම් අපි එක්කම ඉදන් අපිට උගන්නපු එක විතරයි කරේ.