Learn Bits
Открыть в Telegram
Psychology 🧘♂ | Relationship 👩❤️👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo
Больше1 305
Подписчики
Нет данных24 часа
-97 дней
-4230 дней
Архив постов
1 305
මම දවසක් , විනාඩි පහක් හයක් තිස්සෙම මගේ බල්ලා , උගේම නැට්ට අල්ලන් රවුමට රවුමට කැරකෙනව බලන් හිටිය.
කිසිම හේතුවක් නෑ. ඔහේ කැරකෙනව , නැට්ට අල්ලගන්න. ඉතින් මට හිතුනා,
"බල්ලො නං හරිම මෝඩයි. විනාඩි පහක් තිස්සෙ කිසිම වැඩක් නැතුව , බොරුවට නැට්ට අල්ලන්න දඟලනව" කියල.
ඒත් පස්සෙ මට මතක් උනා,
"විනාඩි පහක් තිස්සෙ , තියෙන වැඩ ඔක්කොම පැත්තක දාල , මම අරූ නැට්ට අල්ලන එක බලන් හිටිය නේද" කියල.
කාවවත් විනිශ්චය කරන්න කලින් , තමන් නිවැරදි දේ කරල ඉන්න...
#Free_Mind ♡ @LearnBits
1 305
මේ පුද්ගලයන්ව කවදාවත් අමතක කරන්න එපා
1. ඔයාගෙ අමාරු කාලවලත් ඔයා එක්ක හිටපු අයව.
2. ඔයාගෙ අමාරු කාලවල ඔයාව අතහැරල ගිය අයව.
3. ඔයාව අමාරුවෙ දාපු අයව.
#Morning_Thoughts ♡ @LearnBits
1 305
අදට චැනල් එක පටන් අරන් දවස් 10ක් වෙනවා. මම හිතන් හිටපු categories වලින් තාම දැම්මෙ නැත්තෙ sex education සහ articles විතරයි. මම මුලින්ම මේක කියල ඉන්නම්. චැනල් එකේ පරමාර්ථය වාසි අත්කර ගැනීමට හෝ ප්‍රසිද්ධිය අත්කර ගැනීම නෙවෙයි. හුදෙක්ම , යම්කිසි දැනුමක් සහ වින්දනයක් බෙදාහැරීම පමණයි.
ඉතින් දැන් දවස් 10ක් අපි චැනල් එක කරගෙන ආපු නිසා මම හිතුවා ඊළඟ step එකට යන්න.
Sex education කියන්නෙ ගොඩක් ආන්දෝලනාත්මක මාතෘකාවක්. ඇත්තටම සමහරු අකමැති දෙයක්. මොකද බහුතරයක් අතර තියෙන මතයක් තමයි sex education කියන්නෙ ලිංගික හැසිරීම් සහ විවිධ ඉරියව් ගැන ඉගෙනගන්න එක විතරයි කියන එක.
ඇත්තටම sexuality education කියන්නෙ සෑහෙන පුලුල් පරාසයක විහිදෙන දෙයක්. සහ ලිංගික හැසිරීම් උපක්‍රම , ඉරියව් කියන ඒවත් අන්තර්ගතයි. හැබැයි ඒව විතරක්ම නෙවේ.
වැඩිවියට පැමිණීම , ප්‍රජනන ක්‍රියාවලිය , උපත් පාලනය , ලිංගික සම්බන්ධතා , ලිංගික හිංසන වැළැක්වීම , ලිංගික රෝග , සමාජ මතවාද , ලිංගිකත්වයේ ස්ත්‍රී පුරුශ කාර්‍යභාරය වගේ ගොඩක් දේවලුත් මේකට ඇතුළත්.
ඉතින් මම මුලින්ම චැනල් එක පටන් ගන්නකොට හිතන් හිටියට sex education ගැනත් දානව කියල , පස්සෙ මම ඒක පොඩ්ඩක් පරක්කු කලා. යම් ස්ථාවරයක් මුලින් හදාගන්න ඕනෙ නිසා. මොකද මුලින්ම ඕව දැම්මොත් LearnBits එකට ලේබල් වදින්නෙ sex channel එකක් කියල.
ඉතින් LearnBits කියන්නෙ දැනුම සහ වින්දනය විතරක්ම බෙදාහරින තැනක් කියන එක සමාජගත කරන්න ඕනෙ නිසයි මම sex education කියන මාතෘකාව ඈත් කලේ ටිකකට.
දැන් මම හිතනව ඒ ගැනත් දාන්න කාලය හරි කියල. ඉතින් මගේ තනි කැමැත්තට වඩා චැනල් එකේ සමාජිකයන්ගෙ කැමැත්තත් බලන්න එපැයි. ඒ නිසා මම කැමතී ඔයාලගෙ අදහස දැනගන්න.
sex education posts දානවට ඔයා,
කැමතී 👍
අකමැතී 👎
ඕනෙ එකක්😁
අදහස දක්වන්න. ඒක අපි දෙගොල්ලොන්ටම පහසුවක් වෙයි. ඔයාලගෙ කැමැත්ත අකමැත්ත අනුව මම ඉදිරියේදී තීරණයක් ගන්නම්.
#Notice ♡ @LearnBits
1 305
කවදාවත් කියන්න එපා "මම සිය වතාවක් අසාර්ථක උනා" කියල.
කියන්න,
"අසාර්ථක වෙන්න පුලුවන් ක්‍රම 100 ක් මම හොයාගත්තා" කියල.
Good Night folks ✌️
#Quotes ♡ @LearnBits
1 305
කපල් එකක් අතර හුවමාරු වෙන ලොකුම බොරුව
"මම මොකටද අනේ ඔයාට බොරු කියන්නෙ"
සමහරු මේ උදාර වාක්‍යය නරකකට භාවිත කළත් ගොඩක් වෙලාවට , පිරිමි මේ වාක්‍ය භාවිතා කරන්නෙ තියුණු වාග් ප්‍රහාරයකින් ආරක්ශා වෙන්න.
#Night_Thoughts ♡ @LearnBits
1 305
Repost from 🇱🇰 Secret Society 🇱🇰
තනිකම මකනා
ලෙන්ගතු කමක
හිත නිවනා
අසපුවක
දැහැන් ගතව
ගැළපූ කවියක
වචන අමුණා
කියවන්නට
එන්න මේ
අපූරු නවාතැනට
මේ ඔබටම
වෙන්වුණු
වේදීකාවයි..
❤️:Don't Copy Secret Society:☘️
පහල බටන් එක ක්ලික් කර එකතූ වෙන්න හැමොම.
1 305
වචන වලටයි
සංගිතයටයි පුළුවන්.....🎵
මිනිස්සුන්ගේ හදවත
රිද්දන්නත්
අඩවන්නත්
ඒ වගේ ම සුවපත් කරන්නත්.............
⚜️නව්‍යකරණයේ පුරෝගාමියාගේ නවතම වැඩසටහන් සමඟ එකතු වන්න
Original Video - https://t.me/secretbest/26917
1 305
අත්වැරදීමකිම් මගෙ අතින් අනවශ්‍ය option එකක් සක්‍රීය වෙලා. ගෲප් එකට join නොවී comment කරන්න දීලා නෑනෙ. සමාවෙන්න ඒකට. group එකට join වෙන්න අවශ්‍යතාවක් නෑ.
උත්තරේ දාල තියෙන්නෙ. ඊට වඩා සතුන් ගණනක් පේනව නං මට මැසේජ් එකක් දාන්න.🌚
#Fun ♡ @LearnBits
1 305
මේ ප්‍රතිමාව තියෙන්නෙ 1600 ගණන් වල ඉදිකරපු පල්ලියක. මේක හරියට නූතන ගගනගාමීන් භාවිත කරන ඇඳුමක් වගේ. ඒ වගේම ඇඳුම පුරා විහිදෙන වායු හුවමාරු නල පවා , හරිම පැහැදිලිව මේ ප්‍රතිමාවෙ පෙනෙන්න තියෙනව. විද්‍යාඥයන්වත් තාම මේ ගැන නිසි තොරතුරක් දන්වල නෑ.
#History ♡ @LearnBits
1 305
කාන්තාව : අඩු ගානෙ මාව රෑ කෑමකට හරි එලියට එක්කන් යන්නකො
පුරුෂයා : සමාවෙන්න. මම විවාහක ගැහැණුන් එක්ක එහෙ මෙහෙ ඇවිදින්නෑ.
කාන්තාව : ඒත්...
පුරුෂයා : කරන්න දෙයක් නෑ. ඒක මගෙ ප්‍රතිපත්තියක්.
කාන්තාව : ඉතින් මිනිහො මම ඔහේගෙ වයිෆ් නෙ !
#MidDay_Thoughts ♡ @LearnBits
1 305
ජීවත් වෙන්න විධි දෙකක් තියෙනව. එකක් තමයි , හැමදේම ආශ්චර්යක් ලෙස සලකල ජීවත් වෙනව. අනිත් එක තමයි කිසිම දෙයක් ආශ්චර්යක් නොවන බව සලකල ජීවත් වෙනව.
-Albert Einstein
#Saying ♡ @LearnBits
1 305
🕯 අවුරුදු 30ට කලින් ඔයා සූදානම් උන කාලෙක විවාහ වෙන්න.
🕯 සල්ලි ගොඩ ගහන් මතකයන් ගොඩගහගෙන විශ්‍රාම යන්න.
🕯 පෝසතෙක් වෙන්න සල්ලි ගතිගුණ වලින්.
🕯 ආදරය කරන්න රූපය හදවත ලස්සන කෙනෙකුට.
🕯 ගොඩක් සැබෑ යාලුවො හොයාගන්න.
#Free_Mind ♡ @LearnBits
1 305
කෙනෙකුට සමාව දෙන්න තරම් යහපත් වෙන්න. හැබැයි ආපහු ඔවුන්ව විශ්වාස කරන්න තරන් මෝඩ වෙන්න එපා...!
Good Morning folks💕
#Morning_Thoughts ♡ @LearnBits
1 305
LearnBits ගැන දැනගන්න අපේ webpage එක බලන්න.
https://learnbitstele.github.io
LearnBits ගැන හැමදේම එකම තැනකින් බලාගන්න. යාලුවන්ටත් දැනගන්න , link එක share කරන්න.
Webpage template : Click
ᴺᵒᵗᵉ ᵗʰᵃᵗ ᵗʰⁱˢ ⁱˢ ᵃ ˢⁱᵐᵖˡᵉ ᵍⁱᵗʰᵘᵇ ᵖᵃᵍᵉ. ᴬⁿᵈ ᵗʰⁱˢ ᶜᵒᵈᵉ ⁱˢ ᶠᵒʳ ᵉⁿᵗᵉʳᵗᵃⁱⁿⁱⁿᵍ ᵖᵉʳᵖᵒˢᵉ ᵒⁿˡʸ. ʸᵒᵘ ᶜᵃⁿ'ᵗ ᵘˢᵉ ᵗʰⁱˢ ᶠᵒʳ ᵃⁿʸ ᵒᶠᶠⁱᶜⁱᵃˡ ʷᵒʳᵏˢ. ᴴᵒᵖᵉ ʸᵒᵘ'ˡˡ ᵘⁿᵈᵉʳˢᵗᵃⁿᵈ ᵗʰᵃᵗ. ᶠᵉᵉˡ ᶠʳᵉᵉ ᵗᵒ ᵉᵈⁱᵗ & ᵈᵉᵖˡᵒʸ ʸᵒᵘʳ ᵒʷⁿ ᶠʳᵉᵉ ʷᵉᵇᵖᵃᵍᵉ.
#Notice ♡ @LearnBits
1 305
ආදරය රිදවනවා
යාලුවො වෙන්වෙනවා
මිනිස්සු වෙනස් වෙනවා
සමහර දේවල් වරදිනවා
ඒත් ජීවිතය දිගටම ගලාගෙන යනවා...
Good night folks✌️
#Night_Thoughts ♡ @LearnBits
1 305
Phylophobia කියන්නෙ , තවත් පුද්ගලයෙකුට ආදරය කිරීමට හෝ , ළං වීමට ඇති බියයි.
නිසි මානසික ප්‍රතිකර්ම මගින් මේ තත්වය සුව කරන්න පුලුවන්.
#Knowledge ♡ @LearnBits
1 305
ඔබ දන්නවාද?
ලෝකයේ ගැහැණු සමලිංගිකයන් (lesbians) සංඛ්‍යාව පහුගිය වසර කීපය තුළ සීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතිනවා.
ඒකට හේතුවක් ලෙස සඳහන් වෙන්නේ , ලිංගික ක්‍රියාකාරකම් වලදී , පිරිමින් , ඔවුන්ගේ තෘප්තිය සහ ආසාවන් ගැන පමණක් සිතා වැඩකටයුතු කිරීම බවයි.
#Facts ♡ @LearnBits
