ru
Feedback
Learn Bits

Learn Bits

Открыть в Telegram

Psychology 🧘‍♂ | Relationship 👩‍❤️‍👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo

Больше
1 305
Подписчики
Нет данных24 часа
-97 дней
-4230 дней
Архив постов
ආදරය කරපු කෙනෙක් එක්ක සම්බන්ධය නැවත්තුවම ඒ අවස්ථාව පාලනය කරගන්නෙ කොහොමද? ❤️‍🩹 ඒ වේදනාව විඳින්න වෙන්වීමකට පස්සෙ , කෘතීම හෝ ව්‍යාජ හැඟීම් ප්‍රකාශ කරල වැඩක් නෑ. ඔයාට අඬන්න ඕනෙ නං අඬන්න. කෑගහන්න ඕනෙ නං කෑගහන්න. ඕනි නං සිංදුවක් කියන්න. කලින් හිටපු ඔයාවම නැවත ගොඩනැගෙනවා. හැබැයි ඒකට කාලය ගත වෙනවා. ඒ ගතවෙන කාලය එකිනකාට වෙනස් වෙනවා. ඔයා ආදරය කරපු තරම අනුවත් වෙනස් වෙනවා ❤️‍🩹 ඔයාටම බැණගන්න එපා. ඇත්තටම ආදරය කරපු දෙන්නෙක් වෙන් වෙන්න තීරණය කරන එක දවසෙන් දෙකෙන් වෙන දෙයක් නෙවෙයි. ඒක සති ගණනක් හෝ මාස ගණනක් හෝ අවුරුදු ගණනක් තිස්සේ , හැංගිලා තිබ්බ දෙයක් වෙන්න පුලුවන්. ඒ නිසා , සම්බන්ධය නැවැත්තුවෙ ඔයාගෙ හෝ අනෙකාගෙ හෝ වැරැද්දක් නිසා කියල හිතන්න එපා. ❤️‍🩹 නැවතත් ඔහුව/ඇයව ලබාගන්න හදන්න එපා. සම්බන්ධයක් නැවැත්තුවම ඔයාට දැනෙයි ඔයාගෙ මුලු ජීවිතයම තිබුනෙ ඔහු/ඇය ගාව කියල. ඒ නිසා ජීවත් වෙන්න නං ඔහුව/ඇයව නැවතත් ලබාගන්න ඕනෙ කියල ඔයාට හිතෙයි. එහෙම දෙයක් නෑ. ඒ සිතුවිල්ල ඔයාට ඇති වෙන්නෙ බය නිසා. ඔයාට කවුරුත් නෑ කියල හිතට එන බය නිසා. ඒ නිසා ඔයාව දාල ගිය අයව ගෙන්නගන්න ඔවුන් ළඟ බැගෑපත් වෙන්න එපා. ඒ අය ආපහු ආවත් , ඒ සම්බන්ධයෙන් කාටවත් හොඳක් වෙන්නෑ. ❤️‍🩹 කාර්‍යබහුල වෙන්න. ඔයාගෙ සම්බන්ධය තිබ්බ කාලෙ , ඔයා නොකරපු යමක් ආපහු කරන්න පටන් ගන්න. පරණ ජීවිතේට අවතීර්ණ වෙන්න තියෙන හොඳම විදිහක් ඒක. ❤️‍🩹 වටපිටාව වෙනස් කරගන්න. ඔයාගෙ අවට වටපිටාව ඔහුව/ඇයව සිහිකරනව නං , පොඩ්ඩක් වටපිටාව වෙනස් කරගන්න බලන්න. ඒකෙන් ඔයාට නැවත නැවත ඔහුව/ඇයව සිහියට එන එකෙන් වළකාවි. #Relationship_Tips ♡ @LearnBits

DAY 05 - Relationship Tips අද දිනය තුළ #Relationship_Tips කාණ්ඩයට අයත් Post පමණක් පල වනු ඇත. Time ; 4.00am - 11.00pm Featurin
DAY 05 - Relationship Tips අද දිනය තුළ #Relationship_Tips කාණ්ඩයට අයත් Post පමණක් පල වනු ඇත. Time ; 4.00am - 11.00pm Featuring : Obito Uchiha #Sharingan2022 #Relationship_Tips

බැක්ටීරියාවන් ගුණනය වීම , අන්වීක්ෂීය කාචයකින්.. #Knowledge ♡ @LearnBits

හොඳින්ම සුවඳ දැනීමේ හැකියාව ඇති සත්වයා කවුද? පිළිතුර වන්නේ අලියායි. අලියාගෙ හොඬවැල දිග විතරක්ම නෙවෙයි , මිනිසාට වඩා පස් ගුණයක ආඝ්‍රාණ ප්‍රතිග්‍රාහක වලින් සමන්විතයි. ඒ නිසා ක්ෂීරපායින් අතර ප්‍රබලම ආඝ්‍රාණ හැකියාවක් තියෙන්නෙ අප්‍රිකානු අලියන්ට. #Knowledge ♡ @LearnBits

ගෝනුසු විෂහි අඩංගු වන්නේ , ඇමයිනෝ අම්ල 36කින් සෑදුණු ක්ලෝරොටොක්සින් නම් කුඩා ප්‍රෝටීන දාම සහිත අම්ලයක්. මේ ප්‍රෝටීනය කුඩා උනාට බලපෑම ලොකුයි. මේ ප්‍රෝටිනයෙන් කරන්නේ , ශරීරයේ ක්ලෝරීන් නාලිකා අවහිර කිරීම සහ , මාංශ පේශි සෛල වලට , ක්ලෝරයිඩ් අයන ඇතුල් වීම වළක්වන එකයි. #Knowledge ♡ @LearnBits

ඩොල්ෆින් මත්ස්‍යන් නිදාගන්නේ එක ඇසක් පමණක් වසාගෙනයි. ඒකට හේතුව තමයි ඔවුන් ආරක්ශක උපක්‍රමයක් විදිහට එක ඇසක් , නිතරම ඇරගෙන සිටීම. ඩොල්ෆිනුන් නිදාගන්නකොට ඔවුන්ගේ මොළයේ එක අර්ධයක් ක්‍රියාකාරීව පවතිනවා. ඒ නිසා ඔවුන්ට නිදාගන්න කොටත් තමන්ගේ ආරක්ශාව ගැන නිරන්තර සිහියකින් පසුවෙන්න පුලුවන්. #Knowledge ♡ @LearnBits

ඇස්තමේන්තු කර ඇති ආකාරයට ලෝකයේ ආගම් 4200ක් විතර තියෙනවා. ඇදහිල්ල හෝ විශ්වාසය යන සංකල්ප වෙනස් උනත් පොදුවේ ආගම් එතරම් සංඛ්‍යාවක් තියෙනවා. #Knowledge ♡ @LearnBits

ඇයි අපි ඇහිපිය හෙලන්නේ? මේක ආරක්ශක උපක්‍රමයක් විදිහටත් හඳුන්වන්න පුලුවන්. අපි ඇහිපිය හෙලන සෑම අවස්ථාවකම , ඇහිබැම විසින් ඇස මතුපිට ශ්ලේෂ්මල ස්‍රාවයක් තැන්පත් කරනවා. ඇස නිරන්තරයෙන්ම සේදීමකට ලක් කරන්නත් මේ ස්‍රාවය වැදගත් වෙනවා. ඇසිපිය හෙලීම මගින් දීප්තිමත් ආලෝකයන්ගෙන් සහ දූවිලි වැනි ආගන්තුක අංශු වලින් ඇස ආරක්ශා කරගන්නත් පුලුවන් වෙනවා. #Knowledge ♡ @LearnBits

රාත්‍රී අහසේ සිකුරු එතරම් දීප්තිමත්ව පෙනෙන්නෙ ඇයි? හිරු බැස යෑමෙන් පසු හෝ හිරු උදාවට පැය කීපෙකට පෙර අපිට සිකුරු ග්‍රහයාව අහසේ දකින්න පුලුවන්. ඒ වගේම ගොඩක් දීප්තිමත්ව. මේකට හේතුව තමයි , සිකුරු ග්‍රහයා මතුපිට තියෙන ඝන වලාකුලු , එය වෙතට ළඟා වෙන සූර්යාලෝකයෙන් 70%ක් පමණම පරාවර්තනය කරල නැවත මුදාහැරීම. ඒ වගේම සිකුරු , පෘථිවියට ආසන්න නිසාත් , පෘථිවියට ගොඩක් දීප්තිමත්ව දිස්වෙනවා. #Knowledge ♡ @LearnBits

රෑට පිපෙන මල් බහුතරය සුදුපාට ඇයි? රාත්‍රියේ පිපෙන ගොඩක් මල් සුදුපාටයි. ඒකට හේතු කීපයක් තියෙනවා. සුදු පාට කියන්නෙ , රෑට ගොඩක්ම කැපිලා පෙනෙන පාටක්. ඉතින් කෘමීන්ට මල හොයාගන්න ලේසි වෙනව. ඒ වගේම රාත්‍රියේදී අනිත් වර්ණයන් එච්චර කැපිල පේන්නෙ නැති නිසා , ශාකය වර්ණවත් වර්ණක නිපදවන්න සම්පත් හානි කරගන්නෙ නෑ. ගොඩක් වෙලාවට මේ රාත්‍රියේ පිපෙන මල් ගොඩක් සුවඳයි , අනිත් මල් වලට සාපේක්ෂව. ඒක රාත්‍රී කාලයේදී කෘමීන්ව ආකර්ශණය කරගන්න , ඒ මල් වල තියෙන අනුවර්තනයක්. #Knowledge ♡ @LearnBits

ලොව විශාලතම මොළයක් සහිත සත්වයා කවුද? මිනිස් මොළය සාමාන්‍යයෙන් රාත්තල් 3ක් පමණ වෙනවා. ඩොල්ෆින් මත්ස්‍යන්ටත් ඒ හා සමාන මොළයක් තියෙනවා. ඒ වගේම ඩොල්ෆිනුන් ගොඩක් බුද්ධිමත් සත්ව කොට්ඨාසයක්. කොහොම උනත් ඩොල්ෆිනුන් තරම් බුද්ධිමත් නොවුනත් , ඩොල්ෆින් මොළයට වඩා විශාල මොළයක් "Sperm Whale" (තල්මසුන් වර්ගයක්) සතුවෙනවා. ඔවුන්ගේ මොළය සාමාන්‍යෙන් රාත්තල් 17 ක් පමණ වෙනවා. #Knowledge ♡ @LearnBits

මිනිසුන්ගේ අස්ථි 300ක සිට 206ක් දක්වා අඩු වෙන්නෙ කොහොමද? උපතේදී මිනිසුන්ට අස්ථි 300ක් පිහිටනවා. මේ අස්ථි අඩු වෙන්නෙ නෑ ඇත්තටම. වැඩිහිටි විය වෙනකොට , මේ අස්ථි සමහරක් එකිනෙකට ඒකාබද්ධ වෙනවා. එහෙම අස්ථි ඒකාබද්ධ උනාට පස්සෙ අවසානයේ සම්පූර්ණ අස්ථි ගණන හැටියට දිස්වෙන්නේ 206යි. #Knowledge ♡ @LearnBits

කුරුල්ලන්ට පෘථිවි චුම්භක ක්ශේත්‍රය දැනෙනවාද? මිනිසුන් උතුර සොයාගන්න මාලිමා යන්ත්‍රය භාවිත කලත් කුරුල්ලන්ට එහෙම උපකරණ නෑ. ඒ උනත් කුරුල්ලන්ට හැකියාවක් තියෙනවා දිශාවන් සොයාගන්න. විද්‍යාඥයන් විශ්වාස කරන විදිහට , කුරුල්ලන්ගේ ඇස් වල , පෘථිවි චුම්භක ක්ශේත්‍රය සොයාගැනීමට හැකි ආකාරයේ අණු පවතිනවා. මෑතකදී ජර්මානු පර්යේෂකයන් සොයාගෙන තියෙනවා , මේ අණු , කුරුල්ලන්ගේ මොලයේ දෘශ්‍ය තොරතුරු සැකසෙන ප්‍රදේශයට සම්බන්ධයි කියලත්. #Knowledge ♡ @LearnBits

උණුසුම් අයිස් වලින් වැසුනු එක්තරා ග්‍රහලෝකයක් තියෙනවා.. මේ ග්‍රහලෝකය වැහිල තියෙන්නෙ උණුසුම් අයිස් වලින්. වියළි අයිස් නම් නෙවෙ
උණුසුම් අයිස් වලින් වැසුනු එක්තරා ග්‍රහලෝකයක් තියෙනවා.. මේ ග්‍රහලෝකය වැහිල තියෙන්නෙ උණුසුම් අයිස් වලින්. වියළි අයිස් නම් නෙවෙයි. සැබෑ අයිස්. නමුත් අධික උෂ්ණත්වයක. මේ ග්‍රහෝකය හඳුන්වන්නේ "ග්ලයිස් 430 b" කියලා. මේ ග්‍රහලෝකයේ පෘෂ්ඨය ෆැරන්හයිට් අංශක 800ක පමණ උෂ්ණත්වයක තියෙන්නෙ. ඒත් මේ ග්‍රහලෝකයේ තියෙන අධික ගුරුත්වය නිසා , ජල අංශු පීඩනයකට ලක් වෙලා අයිස් බවට පත් වෙලා තියෙනවා. #Knowledge ♡ @LearnBits

සහරා කාන්තාරය වසර 6000කට පමණ පෙර , වැසි වනාන්තරයක්ව තිබෙන්නට ඇතැයි විද්‍යාඥයන් මත පළ කරති. #Knowledge ♡ @LearnBits

ඇයි අපි ගොඩක් වෙලා කැරකිලා නැවතුනම ක්ලාන්ත ගතියක් එන්නේ? අපි ගොඩක් වෙලා කැරකෙන කොට , අපේ අභ්‍යන්තර කණේ තියෙන තරලයක් චලනය වෙන්
ඇයි අපි ගොඩක් වෙලා කැරකිලා නැවතුනම ක්ලාන්ත ගතියක් එන්නේ? අපි ගොඩක් වෙලා කැරකෙන කොට , අපේ අභ්‍යන්තර කණේ තියෙන තරලයක් චලනය වෙන්න ගන්නවා. මේ තරලය තමයි අපිට සමබරතාව පවත්වන්න උපකාරි වෙන්නේ. ඉතින් අපි ගොඩක් වෙලා කැරකිලා නැවතුනාට පස්සෙත් , මේ තරලය දිගටම චලනය වෙනව ටික වෙලාවක්. අන්න ඒ නිසා අපේ මොළයෙන් සංඥාවක් දෙනවා , අපි තාමත් කැරකෙනව කියල. බැලේ නටන අය සහ , මේ විදිහට නිතරම චලනය වන අය නං , ඔවුන්ගේ ඇස් එක ලක්ශ්‍යකට එල්ල කරගෙන කැරකෙන්නේ. ඒ නිසා අර විදිහට මොළයෙන් සංඥාවක් එවන එක නවතිනවා. මොකද මොළයට දැනෙන්නෙ , කැරකුනේ නෑ කියල. #Knowledge ♡ @LearnBits

ඇයි ගුවන්යානයක් තුළ ඉලෙක්ට්‍රොනික උපාංග ක්‍රියාවිරහිත කරන්න කියන්නෙ? ඉලෙක්ට්‍රොනික උපාංග මගින් ගුවන්විදුලි තරංග නිපදවනවා. මේ
ඇයි ගුවන්යානයක් තුළ ඉලෙක්ට්‍රොනික උපාංග ක්‍රියාවිරහිත කරන්න කියන්නෙ? ඉලෙක්ට්‍රොනික උපාංග මගින් ගුවන්විදුලි තරංග නිපදවනවා. මේ ගුවන්විදුලි තරංග , ගුවන් යානය තුළ නියමුවන්ගේ සන්නිවේදනයට බාධාවක් වෙන්න පුලුවන්. අන්න ඒ නිසයි , ගුවන් යානයක් ඉහළ නංවනකොට සහ පොළවට පතිත කරනකොට , සියලුම මගීන්ට තමන්ගෙ ජංගම දුරකථන ආදී ඉලෙක්ට්‍රොනික උපාංග ක්‍රියාවිරහිත කරගන්න කරන්නෙ. ඒ ගුවන් යානයට නිසි ආකාරව සන්නිවේදනය කල හැකි බවට සහතික කිරීමට සහ විභව උපද්‍රව වලින් ආරක්ශා වීමට. #Knowledge ♡ @LearnBits

ඇයි කරන්ට් කම්බි වල ඉන්න කුරුල්ලන්ට විදුලි සැර වැදෙන්නැත්තෙ? ඒකට හේතුව තමයි , කුරුල්ලන් ඒ වෙලාවෙ විදුලිය ගමන් කිරීමට අවශ්‍ය ප
ඇයි කරන්ට් කම්බි වල ඉන්න කුරුල්ලන්ට විදුලි සැර වැදෙන්නැත්තෙ? ඒකට හේතුව තමයි , කුරුල්ලන් ඒ වෙලාවෙ විදුලිය ගමන් කිරීමට අවශ්‍ය පරිපථය සම්පූර්ණ නොකිරීම. කුරුල්ලා එක පාදයක් කම්බියේ තියාගෙන , අනිත් පාදයෙන් බිම හෝ වෙනත් කම්බියක් ස්පර්ශ කලොත් නං , කුරුල්ලා හරහා ධාරාවක් යනවා. වවුලන්ට මේ විදිහට විදුලි සැර වදින්නේ , වවුලන් යටි අතට එල්ලිලා ඉඳලා , ඉගිලෙන්න , උඩට පියාඹන්න හැදුවම , කම්බි දෙක එකිනෙක ගෑවෙනවා. එතකොට වවුලා හරහා විදුලි ධාරාවක් ගමන් කරනවා. #Knowledge ♡ @LearnBits

ඇයි මේ බිස්කට් වල පොඩි පොඩි හිල් තියෙන්නෙ? ගොඩක් අය හිතන්නෙ බිස්කට් වල තියෙන මේ සිදුරු , බිස්කට් වල පෙනුමට තියෙන දෙයක් කියලා.
ඇයි මේ බිස්කට් වල පොඩි පොඩි හිල් තියෙන්නෙ? ගොඩක් අය හිතන්නෙ බිස්කට් වල තියෙන මේ සිදුරු , බිස්කට් වල පෙනුමට තියෙන දෙයක් කියලා. ඒත් එහෙම නෑ. මේ සිදුරු වලට විද්‍යාත්මක අර්ථයක් තියෙනවා. බිස්කට් වල තියෙන මේ පොඩි සිදුරු හඳුන්වන්නේ Dockers කියල. (ඩොකර්). බිස්කට් නිශ්පාදනයේදී , මේ සිදුරු හරහා වාතය ගමන් කරලා , බිස්කට් එක තවත් පිම්බීමකට ලක් වෙනවා. බිස්කට් එක තවත් පුම්බන එක තමයි මේ සිදුරු වලින් කරන්නෙ. #Knowledge ♡ @LearnBits

ඇයි කුරුල්ලන් නිදාගන්නකොට ඔවුන්ව ගස් වලින් වැටෙන්නෙ නැත්තෙ? සාමාන්‍යෙන් ගොඩක් සත්තු නිදාගන්නකොට , ඔවුන්ගේ මාංශපේශීන් ලිහිල් ක
ඇයි කුරුල්ලන් නිදාගන්නකොට ඔවුන්ව ගස් වලින් වැටෙන්නෙ නැත්තෙ? සාමාන්‍යෙන් ගොඩක් සත්තු නිදාගන්නකොට , ඔවුන්ගේ මාංශපේශීන් ලිහිල් කරනවා. මිනිසා පවා. ඒත් කුරුල්ලො එහෙම නෑ. කුරුල්ලන් ඔවුන්ගේ මාංශපේෂි දැඩි කරගන්න තරමට , ඔවුන්ගේ නින්ද සුවදායක සහ නිරෝගිමත් වෙනවා. නිදාගන්න ගියාම , කුරුල්ලන්ගේ කකුල් , කෙලින් කරන්න බැරි වෙන්න අගුල් වැටෙනවා. ඔවුන්ගේ නිය වලින් ගහේ අත්ත තදින් ග්‍රහණය කරල , මෙහෙම අගුල් වැටුනට පස්සෙ ආපහු කිසිම හෙල්ලීමක් වෙන්නෑ. ඔවුන් නැගිටිනකම්ම අගුල ඇරෙන්නෑ. #Knowledge ♡ @LearnBits