Learn Bits
Открыть в Telegram
Psychology 🧘♂ | Relationship 👩❤️👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo
Больше1 305
Подписчики
Нет данных24 часа
-97 дней
-4230 день
Архив постов
1 305
The Jewel Wasp
මේ කෘමියට සිංහලෙන් මිණිකැට දෙබරා කියලත් කියනවා. මේ කෘමියා , කැරපොත්තන්ගේ මොළය තුළට රසායන ද්‍රව්‍යයක් නික්ශේපණය කරලා , ඒ කැරපොත්තව සොම්බි කෙනෙක් බවට පත් කරනවා.
ඊට පස්සෙ ඒ කැරපොත්තව ඇදගෙන ගිහිල්ලා , සුදුසු තැනකදි කැරපොත්තව නවත්තනවා. ඊළඟට මේ කෘමියා ඒ කැරපොත්තගෙ සිරුර තුළ බිත්තර දානවා.
නිසි කාලය තුළ බිත්තර පුපුරල එන කීටයන් , කැරපොත්තව ආහාරයට ගන්නවා.
Video :- https://youtu.be/-ySwuQhruBo
#Knowledge 🪰 @LearnBits
1 305
මේ සිතුවම දුටු සැණින් බොහෝ දුරට එය අශිෂ්ට ගණයේ කලා සිතුවමක් යැයි ඔබට හැඟෙනු නොඅනුමානයි. මේ කලා නිර්මාණයට පසුබිම් වූ කතා පුවත නොදන්නා අයට එසේ හැඟීම බොහෝ දුරට සාධාරණීය කල හැකි නමුත්, මේ සිතුවමට පසුබිම් වු, ඒ පිටුපස ඇති කථා පුවත බොහොම සංවේදී , සංවේගය දනවන්නක්.
මේ සිතුවමට පාදක වන කතා පුවත 17 වන හා 18 වන සියවස අතර මැද රෝමයේ සිදු වූ සංවේදී සිදුවීම් මාලාවක්.රෝමානු ඉතිහාසය තුළ රෝමන් චැරිටි(Roman Charity)යනුවෙන් හැඳින්වෙන මේ කතා පුවත ගෙනහැර දක්වන්නේ සිමන් නම් වු (Cimon)ජීවිතාන්තය දක්වා සිපිරිගෙට නියම වූ මහලු මිනිසෙක් හා තම පියා කුසගින්නේ මිය යා නොදී සිය මව්කිරි වලින් පෝෂණය කල අසීමිත ආත්ම පරිත්‍යාගශීලිත්වයෙන් හෙබි වූ ඔහුගේ දියණිය පෙරෝ (Pero) පිළිබඳවයි.
මේ සිමන් නමැති මහලු මිනිසා කුසගින්න නිසාවෙන් පාන් ගෙඩියක් සොරකම් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා සිරගෙට නියම වෙනවා. ඔහුට ලැබෙන දඬුවම නම් මරණාසන්න වන තෙක් කුසගින්නේ තැබීමයි. ඒ කියන්නේ ඔහුට මේ සිරගෙය තුළ කිසිදු ආහාරයක් හෝ බීමට වතුර පොඳක් ලැබෙන්නේ නැ.ඉතින් මේ මහලු මිනිසා දිනෙන් දින කුසගින්නේ මරණාසන්න තත්ත්වයට ලඟා වෙමින් ඉන්නවා. තම පියා සිරගෙය තුළ මරණාසන්නව සිටීම බලා සිටිම නොහැකි වු තැන ඔහුගේ දියණිය, පෙරෝ බොහෝම අමාරුවෙන් සිය පියා බැලීම සඳහා සිරගෙයි නිළධාරින්ගෙන් අවසර ලබා ගන්නවා.
නමුත් ඔවුන් බොහෝම අවධානයෙන් ඉන්නවා, මාස 06 ක් පමණ වයසැති සිය කුඩා දරුවාද කැටුව පියා බැලීමට යන මේ කාන්තාව ගැන.කොහොමහරි දවසට වතාවක් ගානේ සිය පියා බලන්න මේ දියණිය නොවරදවා සිරගෙට පැමිණියා.මේ විදිහට සිව් මසක් අවසානයේ මහලු මිනිසා මරණයට පත් නොවීමත් , ශරීර සෞඛ්‍ය තරමක් දුරට යහපත් අතට හැරීමත් නිසා සිරගෙය භාර නිළධාරින් පුදුමයට පත් වෙනවා.ඔවුන් වැඩිදුර සොයාබලනවා මහලු මිනිසාට පිටතින් ආහාර ලැබෙන විදිහක් තිබෙනවාද යන්න. නමුත් පුදුමයට කරුණ නම් මහලු මිනිසාගේ ශරීරයේ බර වර්ධනයක් පෙන්නුම් නොකිරීමයි.
මේ නිසා නිළධාරින් ඉතා දැඩිව මහලු මිනිසාව නිරික්ෂණය කරන්න පටන් ගන්නවා.ආරක්ෂක නිළධාරින්ට සැක කිරීමට ඇත්තේ මහලු මිනිසාව බැලීමට පැම්ණෙන ඔහුගේ දියණියත් ඇගේ අත දරුවාත් පමණයි. ඉතින් එක් දිනෙක නිළධාරින් දුටු දසුනින් ඔවුන් ගල් ගැසෙනවා...!!! ඒ මහලු මිනිසාගේ දියණිය , සිරගෙයි යකඩ කූරු මතින් සිය පියවුරු වලින් රූරා හැලෙන මව්කිරි වලින් තම පියා පෝෂණය කරන දසුනයි.
දැඩි ලෙස කෝපයට පත් වන ඔවුන් ඇයට විරුද්ධව චෝදනා ගොනු කරනවා. නමුත් අවසානයේදී ජීවිත අවදානමද නොතකා තම පියාගේ ජීවිතය වෙනුවෙන් ක්‍රියා කිරීම නිසා නිළධාරින්ගේ සංවේදී අවධානය දිනා ගන්නවා.ආත්ම පරිත්‍යාගශීලිත්වයෙන් යුතුව මවක දරුවෙකු පෝෂණය කරන්නාක් මෙන් සිය පියා පෝෂණය කිරීම නිසා ඇය, අවසානයේදී සිය පියාගේ නිදහසද දිනාගනු ලබනවා.
පසුකාලීනව , මේ සිදුවීම යුරෝපයේ චිත්‍ර ශීල්පීන් හා කලා කරුවන් තම නිර්මාණ සඳහා පාදක කරගෙන මේ පිවිසුම වැටි තිබෙන්නේ මේ ගොඩනැගිල්ල හරහායි.
මේ කතාවෙන් තහවුරු වෙනවා කාන්තාව යනු ආදරය ,පරිත්‍යාගය පිරුණු සොඳුරු පෞරුෂයක් බව. මවක ,බිරිඳක ,සහෝදරියක වගේම දියණියක ලෙස විවිධ භුමිකා තුළ ඈ, ලොවට ආදරය,සෙනෙහස ,ජීවය දයාද කරන සොඳුරු වස්තුවක් බව.
උපුටා ගැනීමකි.
කතෘ අයිතිය සුරකින්න
( ස්තූතියි මුල් හිමිකරුට )
1 305
clinomania යනු ඇඳ මත වැතිර සිටීමට ඇති අධික ආශාවයි. (රෝගී නිදිමත තත්වයකි)
මේක නැති එකෙක් හොයමු!
#Facts 🛏 @LearnBits
1 305
Psychology Test එකක් කරමු.
ඔයා මේ රූපයේ මුලින්ම දැක්ක දේ අනුව ඔයා ගැන කියවෙන දේ හරිද බලන්න😃.
#Fun ❣ @LearnBits
1 305
අපි ගත කරන හොඳ කාලයන් , දවසක හොඳ මතකයන් බවට පත් වෙනවා.
ඒ වගේම අපි ගත කරන නරක කාලයන් , දවසක හොඳ පාඩම් බවට පත් වෙනවා.
ඔයාගෙ ජීවිතයේ ඉදිරි ගමන තීරණය වෙන්නෙ ඔයා අද කටයුතු කරන ආකාරය අනුව. හෙට ඔයාගෙ මනසේ තියෙන්න ඕනෙ හොඳ මතකයක්ද , හොඳ පාඩමක්ද කියන එක ඔයා තීරණය කරන්න.
ඒ වගේම ඔයා ඉගෙන ගත්ත පාඩම් කවදාවත් අමතක කරන්න එපා. මොකද ආපහු ආපහු ඔයා ඒ වැරැද්දම කළොත් දිගින් දිගටම ඔයා ජීවිතෙන් අසාර්ථක වේවි.
අපි අසාර්ථක වෙන්නෙ අපි අතින් වැරදි වෙන නිසා නෙවෙයි. ඒ වැරැද්දෙන් අපි ඉගෙන ගත්ත පාඩම අමතක කරන නිසා.
හොඳ මතකයන් ඇති කරගන්න. හොඳ පාඩම් ඉගෙනගන්න. ඒ පාඩම සිහියෙ තියාගන්න....
#Life_Tips 🧚 @LearnBits
1 305
සමහර කාන්තාවන්ට ලිංගිකව උත්තේජනය වෙන්න "හොඳ කතාබහක්" උනත් ප්‍රමාණවත්.
සමහර කාන්තාවන් ගොඩක් කැමතී ආදරය ලබාගන්න සහ ආදරය දැනෙනවට. ඉතින් තමන් ආදරය කරන කෙනා සමග කරන යහපත් කතාබහක් උනත් , ඒ කාන්තාවන්ට උපරිම තෘප්තියක් ලබා දෙනවා.
සමාජය අතර වැරදි මතයක් තියෙනවා කාන්තාවන් හැමෝම කැමති තමන්ට රළු විදිහට කතා කරන සහ , ලිංගික එකතු වීම් අතරතුරේ තමන්ට රළු විදිහට සලකන පිරිමින්ට කියල.
ඒත් ඇත්තටම එහෙම නෑ. සමහර කාන්තාවන් කැමතී ආදරය විඳින්න. තමන්ගෙ ආදරවන්තයා සමග නිදහස් කාලයක් සහ සුන්දර කාලයන් ගත කරන්න. එතකොට ඒ කාන්තාවන් නිකංම ලිංගිකව උත්තේජනය වෙනවා.
ඉතින් ඔයත් කවදහරි කාන්තාවකට ආදරය කරනව නං , ඒ ගැන සිහියේ තියාගන්න. ඇය එක්ක නිදහස් කතා බහක යෙදෙන්න. ඇයට ආදරෙයි කියන්න. එතකොට ඇයත් ඔයා වෙනුවෙන් , උද්‍යෝගකර හැසිරීම් පෙන්නුම් කරාවි.😉.
#Boys
#Relationship_Tips 👩 @LearnBits
1 305
Please Note
චැනල් එකේ post වලට වගේම ලිපි වලටත් කතෘ අයිතියක් අවශ්‍ය නෑ. අවශ්‍ය දෙයක් තියෙනව නං අරගන්න. ඒ ඔක්කොම මම type කරපුවා. හැබැයි අඩංගු කරුණු වෙනස් කරනව නං ඒකෙ සම්පූර්ණ වගකීම ඔයාල ගන්න ඕනෙ.
Share කරනව නං කරන්න. උපුටා ගන්නව නං ගන්න. කිසිම විරෝධයක් නැ ඒ ගැන.
#Notice ✌️ @LearnBits
1 305
ඔයාල අහල තියෙනව නේද "දුටු පළමු මොහොතින්ම ආදරෙන් බැඳීම" ගැන. එහෙමත් නැත්තං Love At First Sight කියලත් කියනවා. සමහරු නං හිනා වෙනව මේකට. ඒත් ඇත්තටම එහෙම දෙයක් තියෙනවා.
දැකපු පළමු මොහොතෙන්ම ආදරයෙන් බැඳෙන්න නං අවම තත්පර 8.2 ක කාලයක් ඒ පුද්ගලයා දිහා බලාගෙන ඉන්න ඕනෙ. ඒ කියන්නෙ තත්. 8.2 ක් Eye contact තියාගෙන ඉන්න ඕනෙ.
#Facts 😍 @LearnBits
1 305
කලින් සඳහන් කලා වගේ හෙට ඉඳන් ඉදිරි මාස තුනක කාලය චැනල් එකේ දිනකට වැටෙන post ගණන අඩු වෙනවා.
චැනල් එක වැටෙන්න දෙන්නෑ කොහොමත්. දවසට එක post එකක් හරි වැටෙනවා. දැනට LearnBits තුළින් අහල තියෙන ගැටලු වලටත් පිළිතුරු දාන්නං අතරින් පතර. කාලයක් යයි.
හැමෝටම ජය වේවා !
- Admin -
#Notice 🤖 @LearnBits
1 305
පොකිරිස්සන්ගේ රුධිරය අවර්ණයි. නමුත් වාතයට නිරාවරණය උනාට පස්සෙ , එයාලගෙ රුධිරය නිල් පාටට හැරෙනවා.
#Knowledge 🦞 @LearnBits
1 305
blogger site කරන අය පුලුවන් නං මට අදාළ site එකයි , Telegram channel එකක් කරනවනං ඒකයි මැසේජ් එකක් දානවද?.
@L_R_Drg
1 305
මේ දෙකේ වෙනස මොකක්ද?
1. මම ඔයාට කැමතියි.
2. මම ඔයාට ආදරෙයි.
මෙහෙම හිතන්න. ඔයා මලකට කැමති උනොත් , ඔයා ඒ මල කඩාගෙන අරන් යනවා. හැබැයි ඔයා මලකට ආදරය කරනවනං , ඔයා ඒ මුළු ගහටම දිනපතා වතුර දාල , හොඳින් රැකබලා ගන්නවා. ඒ මලට හානියක් වෙන්න දෙන්නෑ.
මේ සරල දෙයක් තේරුම් ගන්න මිනිසුන් , දවසක ජීවිතය ගැන තේරුම්ගනීවි.
#Quotes 🥀 @LearnBits
1 305
මේ පොටෝ එකේ තියෙන්නෙ මිනිසෙක් විසින් Hard Disk එකක් අල්ලගෙන ඉන්න අවස්ථාවක්.
මේ Hard disk එකේ 10mb ක තොරතුරු රඳවගන්න පුලුවන්.
- 1960
#History 💾 @LearnBits
1 305
ලෝකෙ සමහර මිනිස්සු ඉන්නවා , තමන්ට වියදම් කරගන්න බැරි තරමට මුදල් හම්බකරන අය. හම්බකරන අය , නැතුව හම්බෙන අය නෙවෙයි. සමහරු මිලියන බිලියන ගණනින් හම්බ කරන්නෙ.
මේ වගේ මිනිස්සු වැඩ කරන්නෙ සල්ලි බලාගෙනම නෙවෙයි. මේ සමහර මිනිස්සුන්ටත් කාලයක් තිබ්බා , මාර පිස්සු අදහස්. ලෝකයා ඉදිරියේ කියන්න බැරි තරම් පිස්සු හීන.
එයාල ඒ හීන පස්සෙ එල්ලිලා ගිය නිසයි අද මේ වගේ තැනක ඉන්නෙ.
අපි හැමෝටම එක හීනයක් හරි තියෙනවනෙ. හැබැයි අපි ගොඩක් අයට නැත්තෙ ඒ හීනෙ පසුපස යන්න අවශ්‍ය කරන ශක්තිය. සහ ධෛර්ය්‍යය.
සිඟිති හීන දකින එකේ වැරැද්දක් නෑ. හැබැයි ඒව විතරක්ම දකින්න එපා. ඔයාගෙ ඔලුවටත් දාගන්න මහ විකාර පිස්සු හීනයක්. ඒක ඔයාගෙ ටාගට් එක කරගන්න.
හැම දේම ඔයාත් ඔයාගෙ හීනයත් අතර ඇතිවෙන් බාධක වේවි. හැබැයි පිස්සුව වැඩි වෙන තරමට , ඔයාගෙ ශක්තිය සහ ධෛර්ය්‍යය වැඩි වෙනවා.
වෙන කවුරුත්ම දන්නෑ ඔයාට අවශ්‍ය දේ මොකක්ද කියල. අඩුගානෙ ඔයාගෙ දෙමාපියන් වත් දන්නෑ. ඔයාම විතරයි ඒක දන්නෙ. සහ ඔයාටම විතරයි ඔයාට අවශ්‍ය දේ ලබා ගන්න පුලුවන්.
ඒ නිසා විකාර හීන දකින්න බය වෙන්න එපා. ලෝකෙ වෙනසක් නැත්තං , ලෝකෙට අවශ්‍ය වෙනස ඔයා වෙන්න. හිතට ශක්තිය , ධෛර්ය්‍යය ගන්න.
හීන දකින්න. හීන තුළ ජීවත් වෙන්න. හීන සැබෑ කරගන්න....
#Morning_Thoughts 🫶 @LearnBits
1 305
කලු පාට ඇඳුම් වලට , මිනිසුන්ව මදක් සිහින් වෙලා පේනවා. විශේෂයෙන්ම කාන්තාවන්.
#Facts 🥷 @LearnBits
