cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

කවි සයුර 💕

කිමිදෙමු කවි සාගරයේ...❤️ Since 10 ᵗʰ Dec 2020 for ads @oshi2004

Больше
Рекламные посты
525
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

රිදෙන රිදවන ලෝකයක සතුට සැනසුම දුරයි පුපුරු ගසනා හදට නැවතුමක් නැති හැඩයි එකෙක් විඳවනා විට තව එකෙක් සතුටු වෙයි තිත්ත නීරස ලොවෙන් සමුගන්ට අවසරයි 😌🙏
Показать все...
😢 2
මට ලොවම පිස්සුවක් සේ දැනේ. ලොවට පිස්සුද නැතිනම් මට පිස්සුදැයි මා නොදනිමි. වැවක රළ මෙන් සියලු දේ වෙනස් වෙමින් පවතී. සියල්ල නරක අතට හැරෙමින් පවතී. සතුටු විය හැකි සියල්ලකම අග ඇත්තේ දුක නම් පරම සත්‍යයි. අප සතුටින් සිටින තාක් ජීවිතය අපට දරාගත නොහැකි දුක් උරුම කරමින් ඉතා තිරිසන් ලෙස සතුටු වේ. අප මෙය තේරුම් ගත්විට තවදුරටත් ජීවිතය විහිලුවක් පමණි. එහෙත් අප විසින් සතුටින් සිටින විට මවාගත් සුරඟන ලොව අපෙන් ඈත් වී ගොස් ය. සත්‍ය නම් අප ඉන්නේ සුරඟන ලොවක නොව අපායක ය. එහෙත් ඒ අපාය හැකි අයුරින් සුරඟන ලොවක් කරගන්නට අපි උත්සාහ කරමු. සිතුවිලි වන්තයා කවි සයුර.
Показать все...
පෙරදාක මා චාරිකාවක් ගොස් එනතුරු උදේ හවස රෑ දිවා මා සොයා කෙටි පණිවිඩ එවූ නුඹ, කොයි වෙලේ හෝ පැමිණෙතැයි බලා සිටියෙමි මම අද. ඒත් නුඹ නැත.
Показать все...
කියන දෙයක් අහන්නෙ නැති අහංකාර වෙළඹක් මෙන් පොඩි දේටත් ගිනි පිඹිනා මකර පැටික්කී... කුලප්පු උනු වෙළඹක් මෙන් ටිකක් විතර ළං වෙන විට කේන්ති ගොස් ගාත් දෙකින් දමා ගසන්නී... ඕනවෙලා පැණි ඩිංගක් ගියපු විටදි ළඟට ටිකක් තුඩ උල් කර අනින්න ඒන මී මැසි පැංචී මගේ මෝඩ කෙලිච්චී... - නිර්ණාමිකයි කවි සයුර
Показать все...
3🔥 1
Фото недоступноПоказать в Telegram
පැතුවෙ සිහ ධේනුවක් නම් පෙර දිනක මුළු හදවත තුළින් වැළඳගන්නා විටදි ඇයගේ තියුණු නියපොතු ගෑවෙමින් සීරිලා වේදනාවක් ගෙන දුන්නම් මුත් පපුකඳ මතින් සිංහ ධේනුවේ වැළඳගත්තේ පෙම නිසා යැයි දනිමි මන් කවද හෝ නුඹ මගෙම වනවා සිතන විට හදවත තුළින් සියලු රිදුමන් අමතක ව ගොස් පිරී යයි හදවත තුටින් කවද හෝ මා වැළඳගන්නා විටදි නුඹගේ සෙනෙහසින් මතක් කරලා හිමින් සැරයේ නුඹේ නියපොතු ගාවපන් © ඕෂධ කෞෂල්‍ය වන්නිආරච්චි © කවි සයුර
Показать все...
5🔥 1
Фото недоступноПоказать в Telegram
හිමිවීම සිහිනකි මසිත තනියෙන් දැරූ ප්‍රේමයත් සගවා එදින, මටම වී කුරිරූ බලා, සුබ පතා අවසාන වතාවට ඔය රූ නික්මුණේ සගවන්න කදුළු මගෙ ඉතිරූ... කාලෙකින් ආව ඇමතුමට වී කීකරූ හදිසියේ ආවෙමි බලන්නට කුමරූ ආලයට එහා ගිය හැගීමක් මුසු කෙරූ නුබේ ලැම බදාගෙන 'ඔහුගේ ලේ' නිදි කිරූ ... - සනූ අභයවර්ධන 27-05-2023
Показать все...
9
Фото недоступноПоказать в Telegram
නිල් පාට ආදරේ එයා එක තැනක මං තව තැනක හදිස්සියෙවත් දුවලා එන්නම බැරි දුරක ඉතින් අපි ආදරේ කෙරුවෙම නිල් පාට ඉරි වලින් සමහර වෙලාවට එයා ඕෆ්ලයින් මං ඔන්ලයින් ඉතින් මං බලන් ඉන්නෙම පාට නැති ඉරි නිල් පාට වෙනකන්ම නිල් පාට ඉරි අතරෙ ටයිපින් දකිනකොට හිත අමුතු සතුටකින් ඉපිළෙන්නෙ නොදැනීම ඉතින් මං පතන්නෙම නිල් පාට ආදරේ ඉක්මනින් හමුවෙන්න............. ©ගිම්හානි ඕෂධී ©කවි සයුර
Показать все...
15😢 2👍 1
Фото недоступноПоказать в Telegram
කලු පාට වලාවක සැතපිලා රන් පාර සද තැටියේ හැංගිලා මං බලන්න ඉන්නෙම, බිම ඉදන් අහස උඩ ඉන්න මට සිංදු කියන ඒ හිවලා දිහා විතරමයි නොයෙක් ගී ඇසුනද.. නොයෙක් තරු ඉගි මැරුවද.. හිත ගියේම නිමක් නැති නුඹේ හූවටයි රාත්‍රියේ කණාමැදිරී එලියටකට විය හැකිද මා මෙන් සද සාවියක්.. ඉතිම් .. ක්‍රීස් හද තලන රැහැයියෙකුට නොහැකිය නවත්වන්න හිවල් පෙම්බර ගයන පෙම් කවියක්... මං ආදරේ කලේම නුඹේ ඔය හූවටයි © කවි සයුර © දෙව්ලි අප්සරා
Показать все...
👍 1 1
sticker.webp0.40 KB
මියැසි අරුමැසි සිහිනෙක සේයා පේන දෑස මානේ හදේ මැවේයා දඟ සුළගේ පාවී නොම යන්නට දේයා දෝතින් දැරුවොත් බිමට වැටේයා හදේ මගේ සිතේ හැමදාම රැදේයා ආසයි මේ සිහිනේ සිරවෙන්න දෙව්ලියෙ ඔබ තුරුලේ හිනැහෙන්න වේ නම් මා දියණියක් ඔබ වේ මා දෙවැනි දෙව් මවුන් වේ නම් මා සිහින කුමරියක් ඔබමය ඒ ලොව එකම සිහින කුමරුන් වේ නම් මා හදවතක් නැහැවූයේ ඔබමයි එය ප්‍රිය රුධිරෙන් වේ නම් මා වියැළුණු ගසක් ළදළු ගෙනා වස්සානය නුඹමයි කැපවෙන්නම් වෙහෙස වෙලා ඔය තුරුලේ වරම් ලබන්න ©Hiruni Nimesha ©කවි සයුර #Hiru
Показать все...
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.