ru
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

Открыть в Telegram

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

Больше
3 506
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 дней
Архив постов
ලෝකය දිහා දකින්න 🍃🌺 ලෝකය දිහා බලන්න 🌿❤️ අපිත් එක්ක ඔබත් එන්න🏜💚. ᴊᴏɪɴ ɴᴏᴡ ➪ 𝐓𝐫𝐚𝐯𝐞𝐥 𝐢𝐧 𝐒𝐫𝐢 𝐥𝐚𝐧𝐤𝐚 ✅ ජීවිතේ
ලෝකය දිහා දකින්න 🍃🌺 ලෝකය දිහා බලන්න 🌿❤️ අපිත් එක්ක ඔබත් එන්න🏜💚. ᴊᴏɪɴ ɴᴏᴡ ➪ 𝐓𝐫𝐚𝐯𝐞𝐥 𝐢𝐧 𝐒𝐫𝐢 𝐥𝐚𝐧𝐤𝐚 ✅ ජීවිතේ විඳින්න කැමති කෙල්ලො කොල්ලො සෙට් වෙන්න.. පහළ බටන් එක ක්ලික් කර ❤️🍃 𝙏𝙧𝙖𝙫𝙚𝙡 𝙞𝙣 𝙎𝙧𝙞 𝙡𝙖𝙣𝙠𝙖 🍃❤️ සමඟ එකතු වෙන්න හැමෝම

"මෙතෙක් ජංගම දුරකථනයක දැක ඇති වේගවත්ම Ultrasonic 3D Fingerprint Scanner එක iQOO 8 Pro සමඟින් හඳුන්වාදීමට Oppo සමාගම කටයුතු කරයි In-display fingerprints තාක්ෂණය, ජංගම දුරකථන සඳහා වන විශිෂ්ටතම සොයාගැනීමක් වුවත් තාමත් මේ තාක්ෂණය පවතින්නේ එහි උපරිම තත්ත්ව‍යේ නොවේ. මේ නිසාම In-display fingerprints තාක්ෂණය ඇති ජංගම දුරකථන Unlock කිරීම ඇතැම් විට තවමත් පරිශීලකයන්ට සුවපහසු අත්දැකීමක් ගෙන දෙන්නේ නැහැ. කොහොම වුණත් Oppo සමාගම පසුගියදා හඳුන්වා දුන් iQOO 8 Pro ජංගම දුරකථනයක් ඔබ සතු නම්, In-display fingerprints experience එක, තවදුරටත් ඔබව කලකිරීමකට පත් කරවන අත්දැකීමක් නොවනු ඇති. ඊට හේතුව නම් දැනට ජංගම දුරකථනයක් සතු වේගවත්ම ultrasonic fingerprint scanner එක මෙම දුරකථනය සතු වීම වෙන අතර, එය එතරම් වේගවත් ද කියනවා නම් තත්පර 0.2 ක දී ඔබේ ඇඟිලි සලකුණ හඳුනාගෙන දුරකථනය unlock කිරීමට එය සමත් වෙනවා. මෙහි fingerprint sensor එකේ scanner area එක සාමාන්‍යය scanner area එකක් මෙන් 11 ගුණයකින් පමණ විශාල වන අතර, unlocking speed එක 38.7%කින් පමණ වැඩිදියුණු කිරීමට ඔවුන්ට හැකි වී ඇති බව Oppo සමාගම ප්‍රකාශ කරනවා. මෙහි වාසිය නම්, දුරකථනය unlock කරන විට ඔබට මෙම area එකේ ඕනෑම තැනක ඇඟිල්ල තබා Unlock කිරීමට හැකි වීම වෙන අතර, වෙනත් දුරකථන වල මෙන් නිශ්චිත ස්ථානයේම කිහිප වරක් ඇඟිල්ල තැබීම අවශ්‍ය වන්නේ නැහැ. Fingerprint scanner එකක් setup කරන විට, ඔබට එය 100% සම්පූර්ණ වනතුරු අවස්ථා රාශියකදී ඇඟිල්ල Scanner එක මත තැබීම අවශ්‍ය වෙන අතර, මෙම කම්මැලි සහගත process එකට අඩුම ගණනේ විනාඩියක් වත් වැය වෙනවා. නමුත් මෙම ultrasonic fingerprint 3D scanner එක මත එක වරක් පමණක් ඇඟිල්ල තැබීම ප්‍රමාණවත් වෙන අතර, එම පළමු අවස්ථාවෙන්ම සම්පූර්ණ Setup එක 100% ක් සම්පූර්ණ වෙනවා. මීට අමතරව ඇඟිලි දෙකක් එකවර scan කළ හැකි double finger authentication ක්‍රමයක් ලෙස ද මෙය භාවිතා කළ හැකි අතර විශේෂයෙන්ම payments ආදිය approve කිරීමේදී මෙම පහසුකම ඉතාමත් වැදගත් වෙනවා. ඉහත වීඩියෝව මඟින් සාමාන්‍ය දුරකථනයක ඇති in-dispaly fingerprints sacaner එකක් හා iQOO 8 pro හි ඇති ultrasonic fingerprint 3D scanner එකෙහි වේගවත් බව හා setup කිරීමෙ පහසුව කොතරම්ද යන්න දැනගත හැකියි. මෙම සුපිරි fingerprints sacaner එක සම්ඟ එන අඟල් 6.7 ක LTPO Amoled තිරයක් ඇති Oppo iQOO 8 Pro දුරකථනය $650 ක මුදලකට හඳුන්වාදීමට Oppo සමාගම කටයුතු කර තිබෙනවා."

"USB Drive එකක් ගැලවීමට පෙර eject කිරීම පිටුපස ඇති තාක්ෂණික හේතුව ගැන දැනගනිමු Flash drive එකක් එහෙමත් නැතිනම් හැමෝම දන්න විදිහට Pen drive එකක් ගලවන්න කලින් eject කරන්න ඕනද? කියන එක අපි හැමෝටම තියන ගැටළු වලින් එකක්. මේ ප්‍රශ්නය කිහිපදෙනෙකුගෙන් ඇහුවොත්, ගොඩක් වෙලාවට ඕන කෙනෙක් කියන්නේ, "කිසි අවුලක් නෑ, මම කවදාවත් eject කරන්නේ නෑ"🤭 වගේ උත්තරයක්. ඒ වුණත් එහෙනම් ඇයි ඒ වගේ option එකක් operating system වල තියෙන්නේ?😐 මෙන්න මේ ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. අපි පරිගණයකය operating system එකේ දකින Eject (mass storage device) කියන option එක හරහා ඇත්තටම ඒ device එක පරිගණකයෙන් භෞතිකව විසන්ධි වෙන්නේ නැති බව අපි හැමෝම දන්නවා. ඉතින් ඇත්තටම මේ option එක හරහා වෙන්නේ, සරළව අපි operating system එකට කියනවා මේ device එකත් එක්ක තියන සියළුම වැඩ ඉවර කරලා, සම්බන්ධතා නවත්තලා මේක ඇත්තටම, ඒ කියන්නේ භෞතිකව විසන්ධි කරන්න (ගලවන්න) පුළුවන් තත්ත්වයට අරගෙන එන්න කියලා. කොහොම වුණත් මේ ගැන තාක්ෂණික උපදෙස් දෙන කෙනෙකුගෙන් අදහස් විමසුවහොත් කියන්නේ "අපි මොනවාහරි drive එකට copy කරනවා නම්, ඒ දත්ත corrupt වෙන්න පුළුවන්"🤓 කියන කාරණය වුණත් ඒ වෙලාවට අපේ ඔළුවට එන ප්‍රධාන ප්‍රශ්නය වෙන්නේ, "අපි මොනවත් copy කරන්නේ නැත්නම්, මේක ගැලෙව්වට කමක් නැද්ද?"🤔 කියන එක බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. මේක හරියටම තේරුම් ගන්න අපිට operating system එකක් මේ විදිහේ drive එකක් එක්ක කටයුතු කරන ආකාරය පිළිබඳව දළ අදහසක් තියෙන්න ඕන. සාමාන්‍යයෙන් Windows පරිගණක වලදී flash drive එකක performance වැඩි කරගැනීම සඳහා Write Caching කියන technology එකක් භාවිතා වෙනවා. මේකෙදි වෙන්නේ ඔයා program කිහිපයකින් drive එකේ තිබෙන file කිහිපයක් open කරගෙන ඉන්නවා නම්, අදාල files save කිරීම වේගවත් කරන්න මේ file වලට කරන වෙනස්කම් RAM එකේ ගබඩා කරගෙන, අවසානයේ ඒ data ටික transfer කරන්න හොඳ වෙලාවක් ආවම අදාල drive එකට write කරන එකයි. හිතන්න ඔයා PowerPoint presentation එකක් සහ Word document එකක් එක වර open කරගෙන ඉන්නවා කියලා. ඉතින් මේ file දෙකම එකම වෙලාවේ save කලොත් එක වරකට එක file එක බැගින් file දෙක වෙන වෙනම save කරන්න operating system එකට සිද්ධ වෙනවා. Flash drive එකකට වඩා RAM එකක් ගොඩක් speed වැඩි නිසා, මේ file දෙක drive එකෙන් RAM එකට copy කරගෙන තියාගෙන ඉන්නවා නම් මේ save කරන්න ගත වෙන කාලය ගොඩක් improve කරන්න පුළුවන් වෙන බව ඔයාට පැහැදිලි වෙනවා ඇති. Device manager -> Disk drive -> Properties -> Policies ඉතින් මේ Write caching කියන technology එකෙන් අන්න ඒ දේ තමයි වෙන්නේ. කොහොම වුණත් Windows වලදී මේ option එක default setting වලදී disable කරලා තමයි තියෙන්නේ. ඒක නිසා Windows පරිගණකයකදී flash drive එකක් ගලවන්න උත්සාහ කලොත් ටිකක් අඩු විදිහේ data corruption එකකට තමයි සම්භාවීතාවයක් තියෙන්නේ. නමුත් Linux හෝ macOS වගේ එකකදී මේක ටිකක් වෙනස්. මොකද මේ Write Caching කියන technology එක මේ operating system වලදී default විදිහටම enable වෙලා තමයි තියෙන්නේ. සමහර වෙලාවට ඔයා Linux භාවිතා කරනවා නම් අත්දැකීමෙන්ම දන්නවා ඇති file එකක් copy වෙලා ඉවර බව operating system එකෙන් පෙන්නුවත්, අපි ඒ වෙලාවෙම අදාල drive එක ගලවන්න උත්සාහ කලොත් අදාල file එක corrupt වෙලා තියනවා. ඒ වගේම හොඳින් නිරීක්ෂණය කලොත් ඔයාට දකින්න පුළුවන් වේවි file copy dialog එක close වුණාට පසුවත්, flash drive එකේ තියන LED light එක blink වෙනවා. මේ light එක blink වෙනවා කියන්නේ මේ drive එක තවමත් operating system එක විසින් භාවිතා කරනවා කියන අදහසයි. දැන් ‍අපේ මූලික ප්‍රශ්නය වුණු Eject කියන option එක ගැන කතා කලොත්, අපි eject කියන option එක click කළ සැනින්, මම අර කලින් කියපු RAM එකේ තියාගෙන ඉන්න data හැම දෙයක්ම අදාල drive එකට write කරලා, අදාල drive එකත් එක්ක තියන සම්බන්ධතා නවත්වන්න operating system එක කටයුතු කරනවා. ඒ හැම දෙයක්ම ඉවර වුණාට පස්සේ තමයි අපි නිතරම දකින් මේ message එක අපිට පෙන්වන්න operating system එක විසින් කටයුතු කරන්නේ. ඉතින් ඔයා Windows භාවිතා කරන කෙනෙක් වුණත්, Linux හෝ macOS භාවිතා කරන කෙනෙක් වුණත් දැනගෙන ඉන්න ඕන දේ තමයි, ඔයාගේ data ඇත්තටම වටිනවා නම්, අමතර click දෙකක් සහ තත්ත්පර කිහිපයක් වැය කරලා මේ eject option එක භාවිතා කරන එක වැදගත් වෙනවා. ඒ වගේම අදාල drive එකේ තියෙන් LED light එක ගැන අවධානයෙන් ඉන්නවා නම් මේ device එක මේ මොහොතේ system එක විසින් භාවිතා කරනවා ද නැද්ද කියන එක ගැන දළ අදහසක් ගන්නත් පුළුවන්. දැන් ඔයාට මේ eject කියන option එක ගැන වගේම ඒක වැදගත් වෙන්නේ ඇයි කියන එක ගැන සරළ අදහසක් එන්න ඇති කියලා මම විශ්වාස කරනවා."

Kali linux ගැන දුන්න video ටික youtube එකෙන් බැලුවද ? 🥺
Anonymous voting

Microsoft word android 1 B download 6 M review 67 mb
Microsoft word android 1 B download 6 M review 67 mb

"WhatsApp beta පරිශීලකයින් සඳහා Large Link Preview පහසුකම ලබාදීමට WhatsApp ආයතනය කටයුතු කරයි ‌මේ වන විටත් ඔබ WhatsApp Messaging යෙදුම භාවිත කරන අයෙක් නම් එයට අලුතෙන් එකතුවන විශේෂාංග පිළිබඳව ඔබ දැඩි උනන්දුවකින් සිටිනවා වන්නට පුලුවන්. මෙම WhatsApp යෙදුම තුළ ඔබ තවත් අයෙක් හට අන්තර්ජාලයේ වෙබ් පිටුවක හෝ වෙනත් යෙදුමක ඇති URL එකක් එසේත් නොමැති නම් Link එකක් යවන විට මෙම Link එක තුළ අඩංගු මාතෘකාව හා එහි අන්තර්ගතය ඉතා කුඩාවට දිස්වන ආකාරය ඔබ දැක ඇති. නමුත් අනෙක් සමාජ මාධ්‍ය හා Messaging යෙදුම් වල මෙම Link Preview එක ඉතාමත් පැහැදිලිව විශාලව දිස්වන ආකාරය ඔබ දැක ඇති. එයට කදිම උදාහරණය වන්නේ Telegram යෙදුමයි. මෙම විශේෂාංගය කඩිනමින් WhatsApp යෙදුමට එකතු කිරීමට කටයුතු කරන බව WhatsApp ආයතනය පවසා තිබෙනවා. මෙහිදී Link Preview එක ඉතාමත් පැහැදිලිව හා විශාවලව දිස්වන ආකරය පහත පින්තූරය හරහා ඔබට දැක ගත හැකිය. මෙම විශේෂාංගය WhatsApp Beta පරීක්ෂකයන් හට නවතම WhatsApp Beta සංස්කරණය (iOS 2.21.160.17/Android 2.21.17.15) හරහා ලබා ගැනීමට හැකියාව ලැබෙන අතර, ඉතාමත් ඉක්මණින් සාමාන්‍යය WhatsApp පරිශීලකයින් හට ද ලබාදීමට WhatsApp ආයතනය කටයුතු කරනු ඇති"