ru
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

Открыть в Telegram

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

Больше
3 506
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 дней
Архив постов
විශාල තිරයක් හරහා පරිගණකයක ආකාරයෙන් ජංගම දුරකථනය භාවිතා කළ හැකි Samsung Dex පහසුකම ගැන සරලවම දැනගනිමු Samsung Dex යනු Samsung ජංගම දුරකථන වලට ලැබෙන ප්‍රධානම feature එකක් බව බොහෝ දෙනා දන්නේ නැහැ. විශේෂයෙන්ම මෙම පහසුකම ලැබෙන්නේ Samsung flagship උපාංග වලට පමණක් නිසා Samsung උපාංග භාවිතා කරන බොහෝ දෙනා ඒ පිළිබඳව නිසි දැනුවත්වීමක් ඇති බවක් දැකගන්න ලැබෙන්නේ නැහැ. මෑතකදී නිකුත් වුණ Samsung One UI 2.5 update එකත් එක්ක Samsung Dex feature එක notification panel එකට shortcut එකක් විදිහට ලබා දෙන්නටත් Samsung ආයතනය කටයුතු කර තිබුණා. Samsung Dex එකෙන් මොකක්ද හරියටම වෙන්නෙ කියන ප්‍රශ්නෙට තියෙන සරලම උත්තරය තමයි ඔබේ ජංගම දුරකථනය සම්පුර්ණයෙන්ම පරිගණකයට සම්බන්ධ කරලා පරිගණකය ඔස්සේ පාවිච්චි කරන්න මේ feature එකෙන් ඔබට පුලුවන් කම ලැබීම. මේ හරහා ඔබට කුඩා ජංගම දුරකථන තිරයක් මත සිදුකරන සියලුම දේවල් විශාල තිරයක් මත සිදු කිරීමට ඉඩ ලබාදෙන අතර එය ජායාරූප, වීඩියෝ නැරඹීමේ සිට PowerPoint වැනි app එකක වැඩ කිරීම පවා ඉතා පහසු කරවනවා. දැනට මෙම Dex feature එක අඩංගු වන්නේ Galaxy S9/S10/S20/Note 8/Note 9/Note 10/Note 20 Series වල මෙන්ම Tab S4/S5e/S6/S7 හා Fold යන series වල පමණක් වන අතර ඔබ සතුව Note 20 හෝ Note 20 Ultra හි 5G version එක ඇත්නම් ඔබට Wirelessly එනම් කිසිදු අමතර Cable එකක් නොමැතිව, ඔබේ දුරකථනය රූපවාහිනියකට සම්බන්ධකර භාවිතා කල හැකි වෙනවා. Dex feature එක භාවිතා කිරීමට ඔබේ දුරකථනය පරිගණකයට සම්බන්ධ කලහැකි ක්‍රම කිහිපයක් තිබෙන අතර දැන් අපි ඒවා එකින් එක විමසා බලමු. ඔබට පහසු මෙම කුමන ක්‍රමයකින් හෝ මෙම පහසුකම අත්විඳීමට ඔබට හැකියාව තිබෙනවා. Dex Cable එකක් හෝ HDMI Cable එකක් භාවිතා කිරීම මේ හරහා ඔබට වෙනත් කිසිදු Accessory එකක් නොමැතිව ඔබේ පරිගණකය හා ජංගම දුරකථනය සම්බන්ධ කළ හැකි අතර Standard type-C to HDMI cable එකක් මේ සඳහා භාවිතා කළ හැකියි. මෙහිදී cable එකේ Type-C පැත්ත ජංගම දුරකථනයටත් HDMI පැත්ත පරිගණකයටත් සම්බන්ධ කළ පසු ඔබේ දුරකථන තිරය මතට ලැබෙන message එක continue කර, අනතුරුව start යන්න tap කළ විට device දෙක සම්බන්ධ වීම සිදුවෙනවා. එමෙන්ම ඔබට ඔබේ ජංගම දුරකථනය touch pad එකක් ලෙස භාවිතා කළ හැකි අතර දුරකථනයේ notification panel එක පහලට swipe කළ පසු පෙන්වන "Use your phone as a touchpad" යන්න Press කර පරිගණක තිරයේ පෙන්වන instruction සඳහා OK යන්න click කර මෙම පහසුකම භාවිතා කළ හැකි නමුත් මෙහිදී screen mirroring වීම automatically සිදුවන අතර ඔබට එය DeX mode එකට මාරු කරගැනීම settings හරහා සිදුකර ගත හැකි වෙනවා. Dex Pad එකක් හෝ Dex Station එකක් භාවිතා කිරීම Dex pad එකක් හෝ Dex Station එකක් යනු Docking station device දෙකක් වන අතර මෙම device දෙකම මත ඔබේ දුරකථනය ස්ථාපනය කිරීමට හැකියාව තිබෙනවා. නමුත් ඔබට මෙම device දෙකම තිබීම අවශ්‍ය නැහැ, එකක් පමණක් තිබීම ප්‍රමාණවත්. මෙහිදී ඔබට දුරකථනය සමඟ ලැබෙන Fast charging travel adaptor එක Dex Pad එකට හෝ Dex Station එකට සම්බන්ධ කළ යුතු අතර අනතුරුව HDMI Cable එකක එක පැත්තක් Pad එකට හෝ Station එකටත් අනෙක් පැත්ත පරිගණකයත් සම්බන්ධ කළ යුතු වෙනවා. අනතුරුව දුරකථන තිරය මත පෙර පරිදිම instructions information ලැබෙන අතර ඒ ඔස්සේ ඔබේ දුරකථනය පරිගණකය හා සම්බන්ධ කල හැකියි. කලින් සඳහන් කළ ආකාරයටම මෙහිදීද ඔබේ දුරකථනය Touch Pad එකක් ලෙසද භාවිතා කිරීමට හැකියාව තිබෙනවා. මෙහි තිබෙන ප්‍රධානම වාසිය නම් මෙම Dex pad එකට හෝ Station එකට සෘජුවම keyboard එකක් mouse එකක් වැනි උපාංග ද සම්බන්ධ කල හැකි වීම වෙන අතර අවශ්‍ය නම් ඔබට Bluetooth උපාංග මේ හරහා භාවිතා කිරීමටද හැකියාව තිබෙනවා. Dex PC App එක Computer එකට Install කරගැනීම මඟින් මෙම ක්‍රමය භාවිතා කිරීම සඳහා ඔබ විසින් කළ යුත්තේ Samsung Dex PC app එක ඔබේ පරිගණකයට install කර ගැනීම වන අතර එලෙස install කරගත් පසු ඔබ භාවිතා කරන සාමාන්‍යය USB Type-C charging cable එක හරහා පරිගණකය හා ඔබේ දුරකථනය සම්බන්ධ කළ යුතු වෙනවා. එලෙස සම්බන්ධ කළ වහාම Dex සඳහා access ලබා දෙන්නේද යන්න දුරකථන තිරය මත විමසන අතර එම Access ලබාදීම හරහා ඔබට Dex පහසුකම භාවිතා කළ හැකියි. මෙම Dex PC app එක හරහා ඔබට ඉතාම සරලව පරිගණකයේ ඇති දෙයක් Click and drag කිරීම මඟින් දුරකථනයට ලබා ගැනීමට හැකියාව තිබෙන අතර ඔබට දුරකථනයේ ඇති contacts වලට text messages යැවීමද පරිගණකය හරහා ම සිදු කළ හැකි වෙනවා. එමෙන්ම phone එකේ ඇති text එකක් ඉතාම සරලව copy කර පරිගණකයට paste කිරීම කළ හැකි අතර ඔබට දුරකථනය හා පරිගණකය මත simultaneously, app 5 ක් දක්වා එකවර භාවිතා කිරීමත් කරන්නට පුලුවන්. එමෙන්ම මෙහිදී වෙනත් කිසිදු විශේෂ කේබලයක් නොමැතිව ඔබේ සාමාන්‍ය USB Type-C charging cable එක පමණක් භාවිතා කිරීමට හැකිවීම මෙහි ඇති විශේෂ වාසියක් බවද මෙහිදී සදහන් කළ හැකියි.

" Home Phones Android Android 12 ගැන අළුත්ම තොරතුරු PHONESANDROIDTECH NEWS Android 12 ගැන අළුත්ම තොරතුරු July 8, 2021 82 1 පසුගියදා පැවති Google I/O 2021 developer conference එකෙහිදී Google විසින් Android 12 beta version එක released කළා.මේ වන විට එය pixel 3 සහ ඉන් ඉදිරියට පැමිණි pixel phone සහ වෙනත් සමාගම් වල phone කිහිපයකටද මෙම beta version එක ලබාගැනීමේ පහසුකම් සලසා දී තිබෙනවා. Android 12 stable version එක මෙම වසරේ සැප්තැම්බර් මාසය පමණ  වන විට pixel phone සඳහා ලැබෙනු ඇති බවත් සඳහන් වෙනවා.Android 12 වල වෙනස්කම් ගැන සලකා බැලීමේදී මෙවර UI design එක ප්‍රධාන වශයෙන් වෙනස් වී තිබෙ­නවා. Google විසින් මෙය “Material You” ලෙස නම්කර ඇති අතර එමඟින් Notification panel, Icons, buttons සහ widgets වල colors අපට අවශ්‍ය ආකාරයට customize කර ගැනීමට හැකි වෙනවා වගේම අවශ්‍ය නම් Wallpapers වලට සරිලන ආකාරයට auto customise කිරීමේ හැකියාවක් පවතිනවා. Computer Shops ගැන ඔයාගෙ අත්දැකීම කියන්න shop rating Privacy අළුත් Dashboard එකක්            IOS පරිශීලකයන් බොහෝ විට Android හි දුර්වලතාවයක් ලෙස සලකන Privacy and security වලටද මෙවර Google විසින් ප්‍රමුඛස්ථානයක් ලබාදී තිබෙනවා.එහිදී අලුත් Privacy dashboard එකක් හඳුන්වා දී ඇති අතර එමඟින් Apps වලට ලබාදී ඇති permissions පැහැදිලිව පෙන්නුම් කරනවා.උදාහරණයක් ලෙස Facebook app එකෙන් mic හෝ camera access කරන විට indicator එකක් pop-up වන අතර එමඟින් තාවකාලිකව ලබාදී ඇති permissions ඉවත් කිරීමේ හැකියාව පවතිනවා.එමෙන්ම Android 12 මඟින් අත්‍යවශ්‍යම නොවන අවස්ථාවකදී හරිම location එක ලබානොදී approximate location ලබා දීමේ හැකියාව ලබාදී තියෙනවා.තවද chromebook එක unlock කිරීමට Android 12 වලට හැකි වෙනවා. AVIF සහ Optimization Android 12 සඳහා නව photo format එකක් වන “AVIF” support එක ලබාදී ඇති අතර එය JPEG හා සමාන compression එකක් වන නමුත් එමඟින් JPEG වඩා හොඳ quality එකක් තිබෙනවා.Google පවසන පරිදි Android 12 හි Core system services සඳහා අවශ්‍ය වන cpu time එක 22% කින් පමණ අඩුවන අතර system server සඳහා භාවිත වන big cores 15% කින් අඩු කර තිබෙනවා.එමඟින් පැහැදිලි වන්නේ Android 12 මඟින් දිගු බැටරි ආයු කාලයක් ලබා ගත හැකි වනු බවයි. "

🔅🔅‼️ Your Helper of G.C.E. Advanced Level bio and maths examination 🔅 https://t.me/Alexpert_bot උසස් පෙළ විද්‍යා ගණිත notes,papers,marking schemes ආදී download කරගන්න

Norse mythology හි එන විවිධ දෙවිවරු වන Thor, Loki, Tyr, Freja ඇතුළු දෙවියන් සහ දෙවඟනන්ද, Fenrir වැනි මෘගයන්ද, අඟුටුමිට්ටන් සහ හිම යෝදයන්ද Eivorගේ සිහින හරහා ක්‍රීඩකයාට මුණගැසේ. Norse mythology හි එන Asgardහි අවසානය, එනම් Ragnarök වැළැක්වීමට Odinට හැකිවේවිද? එම පැනයට පිළිතුර සොයාගැනීමද ක්‍රීඩකයා වන ඔබට භාරය. නෝර්වේ, එංගලන්තය හා Vinland නමැති ප්‍රදේශ ගවේෂණය කරමින් ක්‍රීඩාව කරගෙන යාමට ක්‍රීඩකයාට හැකිය.මෙහිදී විශේෂයෙන් එංගලන්තයේ රහස් සොයාගෙන යාමටද ක්‍රීඩකයාට අවස්ථාව ඇති අතර ඒවා ක්‍රීඩකයාට ඇතිකරන්නේ විශාල කුතුහලයකි. එම ප්‍රදේශ තුළ වාසය කරන Legendary animals, hunt කිරීමටද ඔබට හැකිය. මීට අමතරව  fishing ඇතුළු විවිධ mini games රාශියකින්ද මෙය සමන්විතය. එසේම එංගලන්තයේ පිහිටවූ තම නව රාජධානිය වැඩි දියුණු කිරීමටද ඒ සඳහා අවශ්‍ය supplies සොයාගැනීමට castle raids හා river raids වැනි දේද ඇත. සමස්ථයක් ලෙස ගත්කළ මාගේ ප්‍රියතම Assassin’s Creed ක්‍රීඩාව වන මෙය 2020 වසරේ නිකුත් වූ හොඳම pc games අතරින් එකකි."

" දෙමාපියන්ගේ මරණයෙන් පසු ඔහුව Styrbjorn රජු විසින් හදාවඩා ගන්නා අතර එම රජුගේ පුත්‍රයා වන Sigurd ව  Eivor විසින් ඔහුගේ සහෝදරයෙක් ලෙස සලකන ලදී. Computer Shops ගැන ඔයාගෙ අත්දැකීම කියන්න shop rating  කථාව දෙසට හැරෙමු…………… මේ  වනවිට Eivor තරුණ වියේ පසුවෙන්නෙක්. තම දෙමාපියන්ගේ ඝාතනයේ පළිය සතුරු රාජ්‍යයේ Kjotve ගෙන් ගැනීමට උත්සාහ කළ අවස්ථාවක ඔහු ඇතුළු පිරිස  Kjotveගේ සිරභාරයට පත්ව ඇත. කෙසේ නමුන් මේ අවස්ථාවේදී  Eivorට Kjotveගේ සෙබලුන්ගෙන් බේරී ඔවුන්ව පරාජය කර තම පිරිසද ගලවාගැනීමට හැකියාව ලැබේ. මෙම සටනේදී Kjotveගේ ප්‍රධාන සෙබලෙකු අත තිබී තම පියාගේ පොරොව ඔහුට හමුවේ. එය අතට ගන්නවාත් සමගම ඔහුට Norse mythologyහි ප්‍රධාන දෙවියන් වූ Odinගේ දර්ශනය(Odin’s sight) හිමිවේ. මේ අවස්ථාවේදී එම සිදුවීම නොසලකා හරින ඔහු තම පිරිසද මුදවාගෙන ඔවුන්ගේ රාජධානිය වූ Raven clan එකට පැමිණේ.ඉන්පසු තමා දුටු දර්ශනයන් පිළිබඳව අදහසක් ලබාගැනීමට ඔහු යන්නේ රාජ්‍යයේ ඉන්ද්‍රජාලික දැනුමැති Valka නම් කාන්තාව හමුවීමටය. Valkaගෙන් දැනගැනීමට ලැබෙන්නේ Eivor යම්දිනක Sigurd හට ද්‍රෝහිවන බව එම දර්ශනයේ අර්ථය බවය. කිසි‌සේත් මෙය පිළිගැනීමට අකැමති වූ Eivor එතනින් නික්මෙයි. බියගුළු රජෙකු වූ  Styrbjorn රජු Kjotve ගේ රාජ්‍යයට Eivor ඇතුළු පිරිස  කළ ආක්‍රමණය පිළිබඳව මැසිවිලි නගමින් සිටියේ Eivor, Kjotveගේ රාජ්‍ය සමග යුද්ධයකට අතවනන බව පවසමිනි. මේ අතරතුර දීර්ඝ දේශ ගවේශණයකින් පසුව Sigurd නැවත Raven clan වෙත පැමිණෙන්නේ Hidden ones නමි වූ සංවිධානයකට බැඳුණු පුද්ගලයන් දෙදෙනෙකු වූ Basim හා Hytham සමගය. Sigurdගේ නැවත පැමිණීම සැමරීමට එදින සාදයක් පැවැත්වුණු අතර assassinවරුන්ගේ signature weapon එක වන Hidden blade එක Eivorට තෑගි ලැබෙන්නේ මේ අවස්ථාවේදීය. සාදය අවසානයේදී Kjotve රාජ්‍යයෙන් තම රාජ්‍යයට එල්ලවන බලපෑම් ගැන දැනගත් Sigurd තම පියාගේ අණ නොතකා Kjotve සතු ප්‍රදේශයකට පහරදීමට තීරණය කරන ලදී. මේ අවස්ථාවේදී ඔවුන්ට හමුවන Harald රජු Kjotve පරාජය කිරීමට ඔහුගේ හමුදා බලය ලබාදෙන බව පවසයි. ඉන්පසු Sigurdගේ නායකත්වයෙන් හා Harald රජුගේ උදව් ඇතිව Kjotve රාජ්‍යයට ආක්‍රමණයක් දියත්කරන ඔවුන්ට සාර්ථක වීමට හැකිවේ. තම දෙමාපියන් ඝාතනයේ පළිය මේ අවස්ථාවේදී Eivor ලබාගන්නේ Kjotveව මරාදැමීමෙනි. ජයග්‍රහණයේ සතුට සැමරීමට පසුදින සාදයක් ලෑස්තිකරන Harald රජු ඔහුගේ රාජධානියට පැමිණ Sigurdට හා Eivorට  එම සංග්‍රහයට සහභාගී වන ලෙස පවසයි. නමුත් සාදයෙන් පසුව ඔවුන්ට දැනගැනීමට ලැබෙන්නේ එතරම් සුභ පුවතක් නොවේ. Harald රජු මුළු නෝර්වේ රාජ්‍යයම තම අණසකට යටත් කරගැනීමට තීරණය කර ඇති අතර එයට Styrbjorn රජුද කැමති වී Harald රජුට යටහත් පහත්ව සේවය කිරීමට කැමති වී සිටින බව ඔවුන්ට දැනගැනීමට ලැබුණි. තම පියාගේ බියගුළු ක්‍රියාකලාපයත්, තම රාජ්‍යයේ කිරුළ තමාට අහිමිවීමත් නිසා  කෝපයට පත් වූ Sigurd තමාට හිතවත් Eivor ඇතුළු පිරිස සමග Raven clan එකෙන් නික්ම නව රාජධානියක් පිහිටුවාගැනීමේ අරමුණින් එංගලන්තයට පිටත්වෙති. ඉතින් එංගලන්තයට පැමිණෙන Vikingවරුන්ගේ අරමුණ ඉටුවේවිද? Valka පැවසූ අනාවැකිය සඵල වේවිද? මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගෙන යෑමේදී Eivorගේ අරමුණට බාධාකරන Order of ancients නම් රහස් සංවිධානයේ සාමාජිකයන්ද පරාජය කිරීමට සිදුවේ. Order of ancients හි ප්‍රධානියා කවුද? යන පැනයට පිළිතුර සොයාගැනීමද ඔබට භාරව ඇත…………… Gameplay ගැන කිවහොත් සුපුරුදු assassin’s creed gameplay style එක එලෙසම පවත්වාගනිමින් යම්තාක් දුරට අපගමනය වී ඇත. සුපුරුදු auto healing system එක මෙම ක්‍රීඩාව තුළ නැත. Heal වීමට නම් විවිධ පළතුරු හා ආහාර වර්ග ගතයුතුය. එය ක්‍රීඩාවට තාත්ත්වික බවක් එක්කර ඇත. Assassin’s creed Odyssey හි නොතිබූ Hidden blade එක use කිරීමට නැවත අපට හැකියාව Assassin’s creed Valhalla තුළින් ලබා දී ඇත. ක්‍රීඩාව ලොව මෙතෙක් බිහිවූ graphics අතින් පරිපූර්ණම ක්‍රීඩාවක් යැයි කිවහොත් නිවැරදිය. Environment, Vegetation, Water details, Weather ඇතුළු අංග රාශියකින් මෙය පරිපූර්ණය. කෙතරම් තාත්ත්වික gameplay එකක් මෙහි තිබේද කිවහොත් සැබෑ Vikingවරයෙකුගේ experience එක මෙහිදී ක්‍රීඩකයාට ලැබෙනු ඇත. නෝර්වේ හා එංගලන්තය වැනි රටවල් ගත්කළ Norse මිථ්‍යාවේ නිජබිම්ය. ඒ බව සනාථ කරමින් මෙහි  Norse mythology එකටද ප්‍රධාන ස්ථානයක් දෙමින් Odin දෙවියන්ගේ ඇසෙන් Asgard දෙව්ලොව දැකීමටද එහි කටයුතු සංවිධානය කිරීමටද  ක්‍රීඩකයාට හැකියාව ඇත. ක්‍රීඩකයාට Eivor ලෙස ක්‍රීඩාකරන අතරතුරම  Eivorගේ සිහින හරහා Odin ලෙස ක්‍රීඩාකිරීමටද හැකිවීම ඉතාමත් හොඳ gaming experience එකකි. එසේම Asgard දෙව්ලොවට අමතරව හිම යෝදයන්ගේ ලොව වන Jotunheimද ගවේෂණය කිරීමට  ක්‍රීඩකයාට හැකිය.

ඔන්න දැන් අලුත්ම Fitbit එකක් ගැන leaks කිහිපයක් දැන් ඇවිල්ල තියෙනවා. මේ අලුත් Fitbit එක Charge lineup එකේ එන්න tracker එකක් වෙනවා.  මේ leak වෙලා තියෙන images වලින් අපිට අනුත් refreshed design එකක් මේ Fitbit එකෙන් බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් මනේ upcoming model එක Charge 5 කියල නම් කරලා තියෙනවා. මේ අලුත් Charge 5 model එක කලින් Fitbit Luxe tracker එකකත් එක්ක design features කිහිපයක්ම share කරගන්නවා. මේ leak වෙලා තියෙන images වලින් පෙන්න විදිහට අපි organic feel එකක් තියෙන curved screen එකක් සහ rounded body එකක් බලාගන්න පුළුවන් වෙනවා.  මේ Charge 5 එකේ දෙපැත්තේ capacitive controls වලට එන්න slim panels දෙකක් බලාගන්න පුළුවන්, ඉතින් මේ controls use කරලා users කෙනෙක්ට tap and slide කරලා tracker එකේ settings navigate කරන්න පුළුවන් වෙනවා. ඉතින් කලින් අව Fitbit devices ( Charge 4 and Fitbit Sense) වල capacitive buttons බලාගන්න පුළුවන් උනා, එත් දැන් මේ feature එක panels වලින්  replace කරලා තියෙනවා. ඉතින් මේ leaks වලට අනුව මේ Charge 5 එකේ වෙන්නස වෙන්නේ මේ tracker එකේ screen එක, දැන් අපිට color screen එකක් මේ Fitbit tracker එකෙන් බලාගන්න පුලුවන්. මේ Charge 5 tracker එක colors තුනකින් බලාගන්න පුළුවන්, ඒ තමයි dark charcoal color,  muted teal සහ beigey-cream. 

අපේ චැනල් එකට පිලිබද ඔබගේ 🌟 review එක ලබා දෙන්න.😚 අදහස් යෝදනා comment කරන්න..😚
Anonymous voting

ඔබ සංචාරයක් ගියොත් ඔබ කොපමණ ඡායාරූප ප්‍රමාණයක් ඔබේ දුරකථනයෙන් ගන්නවද. ඒ ඡායාරූප වල බොහෝ වැදගත් ඒ තිබෙන්නට පුළුවන්. උදාහරණයක් විදිහට ඔබ සීගිරියෙ ඡායාරූපයක් ලබාගෙන තිබෙනවා නම් හා ඔබ එය Google Photos වලින් open කර තිබෙනවනම්, ඔබට කලින් සඳහන් කලා වගේ Google Lens වලට ලබා දී ඇති shortcut එක click කලාම ඔබට, ඔබේ ජායාරූපයේ තිබෙන object එක සීගිරිය ලෙස හඳුනාගන්නට වගේම සීගිරිය පිළිබඳව තවත් තොරතුරු දැනගන්න ඔබව සෘජුවම අදාළ මූලාශ්‍ර වලට යොමුකරන්නටද Google Lens එකට හැකියාව තිබෙනවා. Popular Landmark ගැන දැනගන්න වගේම Menu එකේ තියෙන කෑම වර්ග Scan කරල බලන්න ලෝකයේ තියෙන විවිධාකාර Landmark ගැන ඔබ අසා ඇති. ප්‍රංශයේ අයිෆල් කුළුණ, ඉන්දියාවේ ටජ් මහල,ධවල මන්දිරය වගේ ජනප්‍රිය Landmark ලෝකයේ පුරාවට ම තිබෙනවා. මේ ඓතිහාසික ස්ථාන ගැන වැඩිපුර තොරතුරු දැනගන්න ඔබ කරන්න අවශ්‍ය ඔබ ඉදිරියෙන් තිබෙන landmark එක Lens හරහා scan කරන එක පමණයි. ඒ වගේම ඔබ කෑම Order කරද්දි ඔබ දන්නෙ ඔබට ලැබෙන Menu එකේ තියෙන කෑම වර්ග වල නම් ටික පමණයි. නමුත් ඒ කෑම වර්ග කෑම පිඟානෙ තියෙද්දි මොන වගේද කියල අදහසක් ඔබට Menu එක දිහා බලල ගන්න බැහැ. Google Lens මේකට හොඳම විසඳුමක් වෙන අතර ඔබට පුලුවන් ඔබට ලැබෙන කෑම Menu Card එකේ තියෙන කෑම වර්ග වල නම් Scan කරල ඒව මොනවගේද කියල ජායාරූපවලින් බලලම කෑම Order කරන්න. Google Lens මේ දේවල් කරන්නෙ කොහොමද? මේකෙදි වෙන්නෙ ඔයා select කරන picture එකට වැඩියෙන්ම ගැලපෙන වෙනත් images සහ ඒවායේ තියෙන තොරතුරු එකතු කරගෙන, Google search index එක වගේම index එකක් හදාගන්න Google Lens එකෙන් කටයුතු කරනවා. මේ indexing කරන වැඩේ ලේසි කරගන්න Google Lens එකේ තියෙන neural network, එහෙමත් නැතිනම් AI වැඩසටහන් වලට ඡායාරූප වල තියෙන object හඳුනගන්න පුරුදු කරල‍ා තියෙනවා. මේ විදිහට විවිධ object අඳුරගෙන, ඒවට අදාල වෙනත් සංඥා, වචන, වෙනත් භාශා වලින් තියෙන තොරතුරු වගේ දේවල් අන්තර්ජාලය පුරාම තියෙන images වලින් ලබාගන්න කටයුතු කරනවා. මේ විදිහට එකතු කරගන්න තොරතුරු අදාල image එකේ තියෙන Object එකට ගැලපෙන ප්‍රමාණය අනුව rank එකක් දීලා store කරගන්න මේ bot වලට හැකියාව තියෙනවා. ඊට පස්සේ ඒ විදිහට එකතු කරගත්ත තොරතුරු වලින් හොඳම rank එක තියෙන result set එක ඔයාට ලබාදෙන්න කටයුතු කරනවා. උදාහරණයක් විදිහට කවුරුහරි කෙනෙක් බල්ලෙක්ගේ photo එකක් Google Lens වලට යොමු කලොත්, ඒකේ ඉන්නේ බල්ලෙක් කියන එක අඳුරගන්න මේ neural network එකට හැකියාව තියෙනවා වගේම, මේ බල්ලගේ රූපේ වැඩියෙන්ම ගැලපෙන්නේ, අර කලින් කියපු විදිහට store කරගත්ත බල්ලන්ගේ රූප වලින් මොන විදිහේ තොරතුරු ඇතුලත් බල්ලෙකුටද කියන එක search කරලා බලනවා. හිතන්න අපි upload කරපු photo එකේ ඉන්න බල්ලාගේ පෙනුමට 95%ක් විතර ළඟින්ම යන පෙනුමක් තියෙන්නේ German shepherd කියන වර්ගයට අදාල බල්ලොන්ට නම්, අනිත් results හැම එකක්ම අයින් කරලා අපිට German shepherd කියන බල්ලට අදාල තොරතුරු ලබාදෙන්න Google Lens එකෙන් කටයුතු කරනවා. ඒ කොහොම වුණත් මේ විදිහට එකතු කරන තොරතුරු Google SafeSearch කියන guideline එකට අනුකූල නම් විතරයි පරිශීලකයන් හට ලබාදෙන්න කටයුතු කරන්නේ. ඉතිං මේ විස්තර කියෙව්වම ඔබට Google Lens app එක වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන යම්කිසි අදහසක් ගන්නට හැකි වෙන්නට ඇති කියල අපි හිතනවා. ඉහත දක්වලා තියෙන සෑම දෙයක්ම Lens app එකට තිබෙන හැකියාවන් වලට උදාහරණ පමණයි. එතනින් එහාට ගිහින් ඔබ දකින ඕනම දෙයක් Scan කරල ඒ ගැන තොරතුරු ලබාගන්න වගේම ඒ ආශ්‍රිත වෙනත් සේවාවන් ලබා ගන්නත් Google Lens හරහා ඔබට හැකියාව තියෙනවා. තොරතුරු අන්තර්ජාලයෙනි- 🥰