|| Thoughti ✨🪐
رفتن به کانال در Telegram
• Welcome to @ThoughtiLK ❤️😇 කවියේ රස සංස්පර්ශය✨ -Since 2024- Contact : @ThoughtiBot
نمایش بیشتر350
مشترکین
-124 ساعت
-47 روز
-630 روز
آرشیو پست ها
සෙනෙහස වැඩි දා
සිත ද බොළඳ වේ...
ලොවම ආදරෙයි
කියා සිතේ...
මායාවක් දෝ
එහි තනි වූ දා...
අම්මා පමණයි ළඟ ඉන්නේ...! 🥺❤️🩹✨
හෙළයේ "යශෝ රාවය" බැස ගියා...තරු කොතෙක් පිපුණාට කලා ගගනතෙහි විසල් ආලෝකය ම නුඹ ම විය නිතිනි දෙස බසට යුක්තියට හඬ නැඟූ මැතිණී යළිත් ගී නෑසේවි මිහිරි වූ හඬිනී බැස යන්න අවසරය නොඉල්ලා වර ම සුර ලොවට පිය නගා සැනසුමක් පිණිස දැන් ඉතින් හැමෝමත් එක්කලා නිතර ආ ගියපු තතු සියල් විමසනවා ඇතිය...🥺 • පවනක් වී යළිත් වඩිනු මැන, හෙළයාගේ දාහය නුඹේ මිහිරි සංගීතයෙන් නිවාලන්නට...!!!🤍✨🥺 • නිවන් සුව මැතිණියනි...!✨
" මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කළා අහසින් මා මලට කැමති බව දැනගෙන ඔබ මල අයින් කළා නටුවෙන් "Len✍🏼
සිදාදි අකුණු < ගැමි අකුණු🦋✨🌌පැරණි මතක සියල්ල රඳවා ගෙන ට්‍රන්ක පෙට්ටිය තුළ සිදාදියේ විදුලි බුබුළු අතර කළු පාටින් දිවෙන ජීවිතවල අහු මුළු ගවිසමින්...🙂 තැලී පොඩි වූ ගොරකා මද මෙන් කරත්ත රෝදවලට යට වූ ජීවිත මහ පාරේ දියවන යුගයක මම ද එමි නව වැඩවසම් යුගයකට💙 රදළයාගෙන් බැට කන්නට දෛවයෙහි සාක්ෂි ගලින් කෙටූ උගතුන් කම්හල් වල සාප්පුවල දහඩිය මුගුරු හා තරඟයක...🌸 මඳකට දු කවුළුවෙන් ගැමි සුවඳ හදට කාන්දු වන කල ඈත යන බස් රියකට නැංගේ දිශානතිය හඳුනාගත් නිසා ම නොව එහි හුරුපුරුදුකම නිසා බව🥰 ලිපි ගොනු මතට වැටෙනා යෝධ හෙවණැලි කෙඳිරුවේ අහම්බයකිනි ; සැබවින්ම එය පැතූ දිවියෙහි ඇරඹුමයි...!🌌 MiNi☑️
🧚♀🤍✨
+ 1st shy ද ? - ඔව්, ඇයි ? + ආ...හා, හා!- අත් හැරුණු කාර්තුවල අත් හැරපු පරිච්ඡේද... ඇල් මැරුණු උදය වරුවල විසිවෙච්ච යොවුන් හීන...🥺
+ වැඩේ අතෑරිය ද? - නෑ..ආයෙ අලුතින් පටන් ගන්නවා.+ සහෝදරයා , ජීවිතේ උ.පෙ.වගෙමයි ගැඹුර දුටු කල වරින් ගොඩ යයි... ඇතැම්මුන් මේ එකම චක්‍රයේ යළි යළිත් නව පැතුම් අමුණයි...❤️🩹
- ම්ම්... ඔයාගෙ මොන shy එක ද ? + මං third shy...අඬ සඳ කපාට එපා කියද්දියි මං හැරුණෙ පහළට... දෙපාරක් විඳවලා, දනී මං දැන් නුඹට දැනෙන හැටි හරියට...🍂 ආදරෙන් කියන්නෙ , උ.පෙ.දි දුන්නාට ගොඩ යන්න වට කිහිපයක්... ජීවිතේ නම් හෙව්වාට දෙතුන් වරක් නම් හමු නොවේ නුඹට...🌱
+ Sorry...Call එකක් ... - කාගෙන් ද? + ප්‍රථම ප්‍රේමයෙන්...!- තුන් වෙනි පාරටත් , රිද්දගන්න නේ ද යන්නෙ ඔය ? + හරි... Block කරා.
- එන්න,අපි ආයෙ පටන් ගමු.මාත් එක්ක..!🫂❤️Len ✍🏼
දුකට කඳුළු වෙනුවට මුතු
වැටුණා නම් නෙතගින්
මා අද මුතුහර කරුවෙකි
කහවණු නෙක සොයමින්...
අතැර යනෙන සැම පාසා
ගහක් සිටෙව්වෝතින්
මා උයනක හිමිකරුවෙකි
විසල් සෙවණ පිරුණෙන්...😌🙂
Len ✍🏼
ඵලක් වේවි ද තනි වූ කුසුමක් අගාධයට ම අතැර යාමෙන්...?🥀සඳක් අහසේ තනිව හඬමින් තියෙද්දී හිරු ළඟට ඇවිදින් පුදා රැස් නෙක මහත් අදරින් බලා ගත්තා නිමල හැඟුමෙන්... රැයට සඳ දැන් බැබළි බැබළී හිඳිත් හිරුගේ විසල් කිරණින් ලොවක් ඈ සුමුදු වු නිසාවෙන් වනත් රූ සිරි නිතර රහසින්... දිනෙක හිරු හට විඩා වී මේ වෙසතුරු ගෙ ගුණ මඟෙහි යාමෙන් සිසිය අතහැර වෙනත් කෙනෙකුන් සොයා යත් , ඈ අඳුරෙ හෙළමින්... හෙලක් තරණය කෙරුව පසු ඇස් අන්ධ කර වට අසිරි කීමෙන් ඵලක් වේවි ද තනි වූ කුසුමක් අගාධයට ම අතැර යාමෙන්...?🩶 Len ✍🏼
හෙට AL ලියන set එක,දිනලා එන්න… Good luck හැමෝටම.... ඔයාට පුළුවන් ... !🥰❤️ - Thoughti Admins -
+ ලොකූ උසකින් තරුවක් කඩාගෙන වැටුණම,
- හඳ කවදාවත් ඇහුවේ නෑ ඔයා හොඳින් ද කියලාවත් ...+ ගල් වල හැපි හැපි ගඟක් ගලාගෙන ආවට ,
- මුහුද ඇහුවේ නෑ ඔයාට මහන්සි ද කියලාවත්... ❤️🩹🍂+ ගුරු තරු කියලා ගොඩක් අය ගැන පුරසාරම් කිව්වට,
- දැකලා නම් නෑ පැරදෙන උන් ගැන හොයලා බලනවා කවදාවත්...
( පිරවුම )කාලය ගෙවුණි හෙමි හෙමිහිට නොදැනී ම මිනිසුන් නොමිනිසුන් වෙන් කර එළි පිට ම දිවකින් දිවක් ගාගෙන සිටි උන් සැවොම සෙවුම ම දුෂ්කර ය , අද හැර ගොස් ඇති ය... සා.පෙ. නිම ව උ.පෙ.ට ආවේ තුටිනි නව පැතුමනින් මුළු හද යළි පුරවමිනි වසරක්, දෙකක් , තුන හතරක් ගෙවු සැණිනි තනියට සෙවණ සෙවණැල්ල ම පමණ වුණී... ඇතැමුන් හඬා වැළපෙත් පවසා හදට පාසල් ගමන තව යා නොහැකි ව දුකට තව උන් හඬත් මිතුදම් වෙන් වන දුකට මට නම් හිස් බවකි නොහැඟෙන දුක ,සතුට... කලනය , වීජ ගණිතය , නිව්ටන් නියම අභිජනනය ද සමඟින් සත්ත්වයගෙ ගුණ ජ'නල , ගිණුම් , සාහිත රසයත් සමඟ මිනිසුන්, නොමිනිසුන් ලෙස වූ බව නිසැක...🍃 Len ✍🏼
( පිරවුම )කාලය ගෙවුණි හෙමි හෙමිහිට නොදැනී ම මිනිසුන් නොමිනිසුන් වෙන් කර එළි පිට ම දිවකින් දිවක් ගාගෙන සිටි උන් සැවොම සෙවුම ම දුෂ්කර ය , අද හැර ගොස් ඇති ය... සා.පෙ. නිම ව උ.පෙ.ට ආවේ තුටිනි නව පැතුමනින් මුළු හද යළි පුරවමිනි වසරක්, දෙකක් , තුන හතරක් ගෙවු සැණිනි තනියට සෙවණ සෙවණැල්ල ම පමණ වුණී... ඇතැමුන් හඬා වැළපෙත් පවසා හදට පාසල් ගමන තව යා නොහැකි ව දුකට තව උන් හඬත් මිතුදම් වෙන් වන දුකට මට නම් හිස් බවකි නොහැඟෙන දුක ,සතුට... කලනය , වීජ ගණිතය , නිව්ටන් නියම අභිජනනය ද සමඟින් සත්ත්වයගෙ ගුණ ජ'නල , ගිණුම් , සාහිත රසයත් සමඟ මිනිසුන්, නොමිනිසුන් ලෙස වූ බව නිසැක...🍃 Len ✍🏼
