මේක එක පිරිමි ළමයෙක්ගෙ පොඩි කතාවක්.
මේ පිරිමි ළමයා 5 වසරෙන් පස්සෙ අලුත් පන්තියකට යනවා. මෙයාගෙ අලුත් පන්තියෙ ඉන්න අලුත් ළමයි ඉස්සර හිටපු යාළුවො වගේ නෙවෙයි. ඒත් 6 වසරෙදි 7 වසරෙදි ඒක ඒ තරම් ගාණක් නෑ. ඒත් 8 වසරට ආවම ඒ වෙනස මේ ළමයට හොඳටම දැනෙන්න ගන්නවා, වෙනස මේකයි, එයාගෙ පන්තියෙ එක එක විදියෙ ළමයි ඉන්නවා, සමහර ළමයි හරි දක්ෂයි, සමහර ළමයි ලස්සනයි, සමහර ළමයි ගොඩාක් පෝසත්, සමහර ළමයි ලස්සනට චිත්‍ර අඳිනවා, සමහර ළමයි ලස්සනට සින්දු කියනවා. සමහර අයට යාළුවෝ ගොඩක් ඉන්නවා.
ඒත් අපේ මේ ප්‍රධාන චරිතෙ ළඟ ඔය කියපු එක දෙයක්වත් නෑ. එයා දක්ෂ නෑ බුද්ධිමත් නෑ ලස්සන නෑ විශේෂ හැකියා නෑ පෝසත් නෑ. යාළුවො නෑ. එයා පන්තිය ඇතුලෙ ගොඩක් කොන් වුණා. එයාට ලොකු දක්ෂකමක් තිබුණේ නෑ ඉගෙනගන්න දේ ඉක්මනින් තේරුම් ගන්න. ඉතින් දවසක් එයාගෙ පන්තියට ආපු එක ගුරුතුමියක් මේ ළමයා අතින් වෙච්ච වැරදීමක් නිසා ඒ ළමයට මෝඩයා කියලා බැන්නේ වැඩිපුර හිතන්නෙ නැතුව. ඒත් එදා ඉඳන් පන්තියේ ළමයි එයාට මෝඩයා කියලා කතා කරන්න පටන් ගත්තා. එයාට ලොකු දුකක් දැනුනා. ඒත් ඒ බව පෙන්නුවේ නෑ.
මෙහෙම ඉඳලා අවුරුදු කීපයකට පස්සෙ මේ ළමයා සාමාන්‍ය පෙළ පන්තියට ආවා. සාමාන්‍ය පෙළ විභාගයට පන්තියේ හැම ළමයෙක්ටම වගේ හොඳ ප්‍රතිඵල තිබුණා. මේ පිරිමි ළමයටත් සාමාන්‍ය ප්‍රතිඵලයක් තිබුණා. ලොකූ ප්‍රතිඵලයක් නෙවෙයි.
කොහොමහරි මේ ළමයා උසස්පෙළට තෝරගත්තේ ජීව විද්‍යා අංශය. හැම කෙනෙක්ම කිව්වා එපා කියලා. "මෝඩකමනෙ!" කියලා සමහර අය කිව්වා. මෝඩයා කියලා විහිළු කරපු ළමයින්ගෙන් ගොඩ දෙනෙක් උසස් පෙළ පන්තියෙත් හිටියා, ඒ අය නම් කිව්වෙ "එදා ඉඳන් ඕකා මෝඩයෙක් තමයි" කියලා. නෑදෑයෝ, අම්මා තාත්තා පවා කිව්වා ලේසි නෑ, ඔයාට අමාරු වෙයි වෙන විෂයක් තෝරගන්න කියලා. කලින් උගන්නපු ගුරුවරු කිව්වා ඔයාට දෙයක් ඉගෙනගත්තම ඒක තේරුම් ගන්න හරි අමාරුයි, එහෙම එකේ කොහොමද ඔච්චර ගැඹුරු විෂයක් කරන්නෙ, වෙන විෂයකට යන්න කියලා. කවුරුත් කිව්වේ නෑ උත්සාහ කරලා බලන්න කියලා. ඒත් මේ පිරිමි ළමයා හිටියෙ එකම තීරණයෙ.
කොහොමහරි උසස්පෙළ පන්ති ආරම්භ වුණාට පස්සෙ, අර එයාට නැති දේවල් තිබුණු ළමයි හරිම කාර්යබහුල වුණා. ගොඩක් සල්ලි තියෙන අය ගෙවල් වලින් සල්ලි ඉල්ලගෙන පන්ති මඟ හැරලා චිත්‍රපටි බලන්න, ඇවිදින්න යන්න පටන් ගත්තා. ඒ වගේම ඒ සල්ලි තිබුණු ළමයින්ට හොඳ phone එහෙම තිබුණු නිසා ඒ අය ලොකු කාලයක් phone එකේ ඉන්න පුරුදු වුණා. ලස්සන ළමයි පෙම්වතුන් පෙම්වතියන් හොයාගෙන ආදරය කරන්න පටන් ගත්තා. යාළුවෝ ගොඩාක් හිටපු අය ඒ යාළුවෝ එක්ක එකතු වෙලා පන්ති මඟ හැරලා මත්පැන් පානය කරන්න යන්න පටන් ගත්තා, ක්‍රීඩා කරන්න යන්න පටන් ගත්තා, එහෙම නැත්නම් නිකරුනේ පන්ති මඟ හැරලා ටවුන් එකේ කරක් ගහන්න පටන් ගත්තා. ගොඩාක් දක්ෂයි කියලා සාමාන්‍ය පෙළ පන්තියෙදි ගුරුවරු දෙමවුපියෝ අතින් තක්සේරු වෙලා හිටපු ළමයි, එයාලා දක්ෂයි කියලා හිතාගෙන ඒ තරම් වැඩ නොකර හිටියා. එක එක දක්‍ෂතා තිබුණු ළමයි උසස්පෙළට වැඩි බරක් නොදී රඟපාන්න සින්දු කියන්න පටන් ගත්තා රැකියාවක් විදියටම. ඉතින් ඔය හැමෝම ඔය වැඩ එක්ක බිසී වුණා.
ඒත් මේ ලස්සන, සල්ලි, යාළුවෝ, මේ මුකුත් නොතිබුණු හැමෝම "මෝඩයා" කියලා කියපු අපේ මේ ප්‍රධාන චරිතෙට, ඔය කිසි දෙයක් කරන්න වුණේ නෑ. මෙයා කරපු එකම දේ මහන්සි වෙලා වැඩ කරපු එක. ඇත්තටම අර කිව්වා වගේම එක පාරින් ඉගෙනගන්න දේ තේරුම් ගන්න එයාට බැරි වුණා. ඒත් මහන්සි වෙලා වෙලා ගොඩක් වැඩ කරනකොට ඒ දේවල් එයාගෙ මනසට ධාරණය වුණා.
පලවෙනි වතාවේ නම් වෛද්‍ය පීඨයට යන්න ලකුණු කිහිපයක් මදි වුණා. ඉතින් දෙවෙනි වතාවටත් මේ ළමයා උත්සාහ කළා. උත්සාහය අත් හැරියේ නෑ. ඒත් ගෙදරින් සල්ලි ඉල්ලන්න ලැජ්ජ හිතුනු නිසා පන්ති යන ගමන් රැකියාවක් කරන්න ඔහු පටන් ගත්තා. ඒත් තාත්තට තේරුනා පුතාට ලොකූ උවමනාවක් තියෙන බව ඉගෙනගන්න. ඉතින් තාත්තා කිව්වා රස්සාවට ගිහින් කාලය නාස්ති කරගන්නේ නැතුව ඔයා පාඩම් වැඩ කරගන්න මම කොහොමහරි ඕන කරන සල්ලි හොයලා දෙන්නම් කියලා.
දෙවෙනි වතාවටත් ඔහු උසස්පෙළ ලිව්වා. විශ්වවිද්‍යාලයට යන්නත් පුළුවන් වුණා.
අවුරුදු ගානකට පස්සෙ ආයෙත් එනකොට අර හැමෝම කියපු "මෝඩයා" දොස්තර මහත්තයෙක්!♥️🌎
"ජීවිතේ ගොඩාක් දේවල් තීරනය වෙන්නෙ කැප වීම,උත්සාහය, මහන්සිය, වැඩ කරන ප්‍රමාණය මත ළමයෝ.. උත්සාහ කරන්න!"
ඔයාට පුළුවන් 😊🫂❤️🌻
#COPIED YASHI NOTES ❤️🩹