cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

🧬 BIO Paper HUB ⚕️

Official Channel of Bio Paper Hub

نمایش بیشتر
پست‌های تبلیغاتی
1 474
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-27 روز
-1630 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

00:47
Video unavailableShow in Telegram
نمایش همه...
vaidy_vidyaavtt_ektu_vun_lnkaavee_leddee_kqliz2ned8_ec394d9c.mp45.34 MB
🙉 1
Repost from Study with CHILL
نمایش همه...
Morning routine

©️මේ දවස් වල A/L විභාගය වගේම O/L විභාගයටත් ළමයි සූදානම් වෙනවා.. ඉතිං මං මේ මං දාන පෝස්ට් A/L වගේම O/L කරන සහෝදර සහෝදරියො ඉන්නවනම්, එයාලටත් වැදගත් වෙනවා.. ඒ නිසා දන්න අය ඉන්නවනම් කොහොමහරි එයාලටත් පේන්න සලස්වන්න කියල ඉස්සෙල්ලම ඉල්ලනවා... උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග ලග ලගම එන නිසා මේ දවස් වල ගොඩක් අය මහන්සි වෙලා පාඩම් කරනව ඇති.. මං අද කියන්න යන්නේ උදේම නැගිටලා පාඩම් කරන්න පටන් ගන්න කොට ඔයාලා කරන්න ඕන දේවල් කීපයක් ගැන.. 🌸Study morning routine... 1) කල්පනා කර කර ඉන්නේ නැතුව නැගිට්ට පළවෙනි අවස්ථාවෙම ඇදෙන්…

6
මෙඩි සීන් - කඩල
Dr. Sahan anjana අයිය විසින් අඩයාලමට ලියන ලද්දකින් උපුටාගන්නා ලදි
https://telegra.ph/Medi-Scene-04-23 @BiologyEssays
نمایش همه...
Medi Scene

මෙඩි සීන් - කඩල මේකයි. සති දෙකක අනුයුක්ත කිරීමක් තිබ්බා උගුර කන නාසය වාට්ටුවේ. ගියා ඉතින්. යන්නැතුව බෑනේ. විශේෂඥ ශල්‍ය වෛද්‍ය උගුර කන නාසය සර් හරි හොදයි.මනුස්සය හරිම සැහැල්ලුවෙන් ජීවිතේ ගත කරන කෙනෙක් . සුද්ද සිංහලෙන් කිව්වොත් ආතල් එකේ ඉන්න පොරක් ! . ඒ ආතල් එක කොච්චර ද කියනව නම් මනුස්සය ශල්‍යාගාරය ඇතුලේ ශල්‍යකර්ම කරනකොට වැඩිම වෙලාවක් ගත කරන්නෙ ශල්‍යකර්ම වෙලාවෙ දාන සින්දුව මොකද්ද කියල තෝරන්න. ඊට පස්සෙ අන්තිමට හැමදාම එකම සින්දුව. හැටේ දසකෙ කලු සුදු චිත්‍රපටියක සින්දුවක්ලූ. සර් ආසම සින්දුවලු.මනුස්සයගෙ…

ඔක්කොටම හපන් තමන්ගේ සල්ලි වලින් රට ගිහින් ස්පෙශල් එක කරලා එන දොස්තරලටත් බැනලා පෝස්ට් දාලා ස්පෙශල් කරලා තියෙන්නෙත් එයාලගේ සල්ලි වලින්ලු. මොකටද අප්පා මෙච්චර මහන්සි වෙලා මෙහෙම කතා අහගන්නේ කියලා හිත අන්තිම බිංදුවට වැටෙද්දි මැසේජ් එකක් ආවා මගේ පීඩියැට්‍රික් වෝඩ් එකේ නංගි කෙනෙක්ගෙන්. "අක්කේ කොහොමද ඔයාට? කාලද ඉන්නේ ඔයා?" විනාඩියකට හදවත නතර උනා. "මගේ පුතා හොදට ඉගෙන ගෙන හොද දොස්තර කෙනෙක් වෙන්න ඕනේ" අත අල්ලගෙන එහෙම කිව්ව orthopedic එකේ අම්මව මතක් උනා. "කෙසෙල් වගයක් හම්බුනා ගෙදරින්, කට්ටිය බෙදාගෙන කන්න" අපිටත් කෑම උස්සන් ආපු සොයිසා එකේ අක්කව මතක් උනා. "උදේට මලක් වගේ මගේ දූ.. ඔයා එනකම් බලාගෙන ඉන්නෙ පුතේ උදේට.." ඔලුව අතගාලා එහෙම කිව්ව neurology වෝඩ් එකේ ආච්චීව මතක් උනා. "මිස්ලාව අමතක වෙන්නේ නෑ කවදාවත්. පරිස්සමෙන් ඉන්න ඕනේ" ඩිස්චාර්ජ් වෙද්දි එහෙම කිව්ව සර්ජරි වෝඩ් එකේ අක්කව මතක් උනා. "ඔයාලා කතා කලත් ලෙඩ හොද වෙනවා දරුවෝ" cardiology එකේ හිටිය තාත්තා කෙනෙක්ගේ මූන මතක් උනා. "චූටි, ඔයාලා හම්බකරන්නෙ සල්ලි නෙමේ මිනිස්සු..." එහෙම කිව්ව අම්මව මතක් උනා❤️
-තාරු- උපුටාගැනීමකි
نمایش همه...
2
Repost from N/a
Photo unavailableShow in Telegram
මේ පාර O/L ලියන අයට Admission card එක download කරගන්න පහත link එකට යන්න 👇 https://apps.exams.gov.lk/individuals @OL_Supportive_seminar
نمایش همه...
Repost from N/a
තව අවුරුදු 6,7 කට පස්සේ accident එකක් එහෙම කරගන්න එපා කවුරුත් 😏 තමන් දන්නෙවත් නැතුව සිහිය නැතුව hospital admit කරලා A&E එකට දාලා එතන ඉන්නෙ ලංකාවේ හන්ඳියක් ගානේ දාපු කිසිම quality එකක් නැති pmc එකකින් ආව Dokek නම් , ඔයාලටම එයාලගේ skills චෙක් කරගන්න පුළුවන්.😗 (පල්ලෙහා ෆොටෝ එක නිකන් දැම්මේ.ඒකේ සම්බන්ධයක් නෑ 😂) රජයේ කැම්පස් වලයි පිට රට quality medical college
(ලංකාවේ අය යන පිටරට medical college අති බහුතරයක් (90%) private නොවන බවත් අති බහුතරය එම රටවල රාජ්‍ය විශ්වවිද්‍යාලය වන බවත් සලකන්න.දන්නෙ නැතිනම් අදවත් දැනගන්න 😏)
වලිනුයි ආවට ගියාට degree දෙන්නේ නෑ.සායනික කාලෙ පුරාම ලෙඩ්ඩු 1000 ක් 2000 කටත් වඩා පරීක්ෂා කරන්න ලැබිල, සියගානක් පොත් කියවලා පුළුවන් තරම් එක්සෑම් වලින් ටෙස්ට් වෙලා අන්තිමට මුලු රටටම දෙන එකම එක්සෑම් එකකින් rank වෙලා එළියට එන product එකකයි... සල්ලි බලේට දේශපාලන ඇඟිලි ගැහිලි වලට යට වෙලා,final common exam එකවත් නොලියා උන්ට ඔනේ එක්සෑම් එකක් ලියාගෙන, patient ලා අතේ ඇඟිලි ගානටවත් නැති hospital වලින් සායනික පුහුණුව අරන් එළියට එන බාල product එකකයි වෙනස අහසට පොලොව වගේ මචං. ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ ඕන කෙනෙක්ට💔. colombo medical faculty එකෙත් 1st clz 6,7 ක් වෙනකොට Saitm එකේ 1st clz 100 ක් විතර දාල pass presentage එකත් ලංකාවේ කිසිම gov faculty එකක් නැති තරම් වෙනකොටවත්, ERPM ලියන්න බෑ කියලා නඩු දාද්දි අපේ රටේ ඉහල පුටුවල ඉන්න උන්ට ඇස් ඇරුනේ නෑ saitm එකේ quality එක ගැන.අන්තිමට GMC (uk) වලින් පවා ban උනාට පස්සෙ තමා අපේ ඉහල පුටුවල උන්ගේ ඇස් ඇරුනේ.එහෙව් පාලකයො ඉන්න රටකයි ඉන්නෙ කියල මතකතියාගන්න.💔 දැන් කට්ටිය ඩොකාලගෙ මොනොපොලි එක ගැන කිය කිය උන්ට පාඩමක් උගන්නන්න කියල ඩොකාලට බැන බැන තමන්ට සමහරවිට යන්න තියා හිතනවත් බැරි PMC වලට කඩේ ගියාට අන්තිමට තව අවුරුදු 6,7 කින් තමන්වම,තමන්ගේ අම්ම තාත්තව දාගන්නේ මොන වගේ Situation එකකටද කියල සමහරවිට ගොඩක් උන් දන්නෑ 😏 ( හරියට උනුවෙන වතුර හැලියේ ආතල් එකේ පීන පීන ඉන්න කකුලුවො වගේ 😂) අනික campus එකෙන් out උනාට පස්සේ ඩොකෙක්ව ආය චෙක් වෙන්නෙ නෑ කොහෙන්වත්.එතකොට කැම්පස් එකේ උගන්නන එක quality නැත්තං උන් හොරාට පාස් කරලා එව්වොත් උබලට අපිට තියා සක්කරයටවත් ආය ඒක හොයාගන්න වෙන්නෑ මචං 😏
نمایش همه...
Show comments
Repost from N/a
Photo unavailableShow in Telegram
Show comments
01:33
Video unavailableShow in Telegram
හැමවෙලේම තමංගෙ game එක ඇතුලේ ඉන්න 🔥 වැටුනට අතහරින්න එපා ✌️ https://t.me/BiologyEssays
نمایش همه...
IMG_5342.MP421.31 MB
2
අපෙ අය්යල ඒකාලෙ කිව්වෙ මචන් උබට අන්තිම exam එකේදි ගෞරි අම්ම set උනොත් අනිවාර්යයෙන් උබ exam pass. කියලා. ඉතින් සරස්වතී වාගෙ ගෞරි අම්මව දකිද්දි මාව කිලිපොලා ගියා සතුටට. මැඩම් - ඉදගන්න මම - ඉස්තූතියි මැඩම් මැඩම් - කියන්නකො බලන්න එහෙනම්. මම සායනික ඉතිහාසය කියවන්න ගත්තා.මට කිසිම බාධාවක් නොකර මැඩමුයි එහා පැත්තෙ හිටිය ස'රුයි අහගෙන හිටිය.විනාඩි 10කට පස්සෙ මැඩම් මගෙන් ප්‍රශ්න අහන්න ගත්ත. මමත් පුලු පුලුවන් විදියට උත්තර දුන්නා.අන්තිමට වෙලාව ඉවරයි කියලා බෙල් කරාට පස්සෙ මම මැඩම් දිහා ඇස් ලොකු කරලා ඔලුව ඇල කරලා අහිංසක පූස් පැටියෙක් වගේ බැලුව.මැඩම් හිනා වෙලා "ආ..එහෙනම් ඔයා යන්න" කියලා කිව්වා. මමත් දහසින් බැදි පියල්ලක් බිම වැටිල අහුලන අදින්නපුබ්බක වාගෙ වේගෙන් මේසෙ උඩ තිබ්බ ලියකියවිලි ටිකයි මගේ වෙද නලාවයි ඇරන් ඒ කාමරෙන් කෙලින්ම දිව්වෙ හොස්ටල් එකේ මගේ කාමරේට. ඒ මගෙ අන්තිම විභාගෙ.හවස් වරුවෙ කාමරෙට වෙලා කහට කෝප්පයක් රසවිදිද්දි ඇඳ උඩ වෙදනලාවක් තියෙනවා මේන්. මම බැලුව මගේ එක මම එල්ලලා තියෙන්නෙ කොක්කෙ.! එතකොට මේක මොකද්ද. මා එක්ක දුවගෙන ආව අනික් කොල්ලගෙ වෙන්න ඇති කියලා හිතල මම ඒක ඇරන් අනික් කොක්කෙ එල්ලුව මතක් උනාම ඇරන් යන්නෙ නැතෑ කියලා . පහුවෙනිදට එලි වෙද්දිත් කාටවත් ගානක් නෑ වෙදනලාව ගැන. මම බැරිම තැන ෆොටෝ එකක් ගහල ගෘප් එකෙ දැම්මා අයිතිකාරයා ඇවිත් ඇරන් පලෝ කියලා. පස්සෙ මටත් ඒක අමතක වෙලා ගියා. තවත් දවස් දෙකකට පස්සෙ අපේ batch group එකේ පණිවිඩයක් වැටිලා තිබ්බා. ගෞරි අම්මගෙ වෙදනලාව දවස් තුනක් තිස්සෙ ආගිය අතක් නෑ. .ඔත්තුවක් දෙන කෙනෙක්ට paracitamol කාඩ් එකක් තෑගි දෙනව කියල. ඒ මොහොතේදි එකපාරම මගෙ මොලේ උත්තරධ්‍රැවයට ගිහින් දැම්මා වගේ හීතල වෙලා ගියා. "බැරි වෙලාවත් මේක මැඩම්ගෙද "මම මටම කියා ගත්ත. " නෑ වෙන්න බෑ මට එච්චර අවසිහියක් නෑ " "කවද ඉදන්ද දන්නෑ ඒක නැති වෙලා තියෙන්නෙ." අහල බලන්න ඕනෙ කියලා හිතලා මැසේජ් එක දාපු කොල්ලගෙන් ඇහුවා. ඌ කියපි පෙරේද උදෙ ඉදන් මචන් කියලා. දෙයියෝ සාක්කී..!!! ඒ මම ගිහින් ආපු වෙලාවෙන් පස්සෙනේ මට කෑ ගැස්සුනා. වෙද නලාව තාම කොක්කෙ එල්ලෙනවා.මම ඉක්මනින් දෝත පුරෝලා ඒක අරගත්තේ ධාතු කරඬුව වඩම්මන්න වාගෙ අත් දෙකෙන්ම. කරකල බැලුවට නමක් ගමක් දන්නෑ හැබැයි වෙදනලාවක් ! දැන් කොහොමද රෙද්දක් ඇදන් මේක ගිහින් දෙන්නෙ මැඩම්ට . දෙන්නත් එපැයි. කමක් නෑ වතුර පාර නහය උඩින් ගියාට පස්සෙ ඔලුව උඩින් ගියත් එකයි වහල උඩින් ගියත් එකයි කියලා මම ධෛර්යය අරන් මැඩම්ට වෙදනලාව බාර දෙන්න ගියා. යනකොට ඒක හොයාගෙන registar අක්ක එනවා හොස්ටල් එක පැත්තට.ඒක තියෙන්නෙ හොස්ටල් එකේ කියලා ආරංචි වෙලා.!! මම ගිහින් වෙච්චි දේ කියලා නලාව අක්කගෙ අතින් තිබ්බ.මනුස්සය හිනා වෙලා හුස්ම හිරකරගත්තෙ නැති ටික විතරයි. තාම අනික් exam ඉවර නෑනෙ මල්ලි ඒනිසා ඔයාට ඉස්පිරිතාලෙ ඇතුලට යන්න බෑ.මමම ගිහින් දෙන්නම් කියලා අක්කා ඒක ඇරන් මගෙන් ඈතට මැකිල ගියා. වෛද්‍ය ශිෂ්‍යයින්ට උගන්නන්න පටන් ඇරන් මේ යන 38 වසරක කාලේ තුල මගෙ වෙදනලාව ගෙදර ගෙනිච්ච පලවෙනිය මෙයා තමා කියලා මැඩම් කට්ටියට කිව්ව කියලා මට පස්සෙ ආරංචි උනා. මේ කතාවෙ දැනුමට දෙන්න යමක් නම් නෑ හිනා වෙන්න තමා තියෙන්නෙ. ආ..මම සීයා කිව්ව විදියටම මම විභාගේ පාස් වෙලා තිබ්බා.
https://www.facebook.com/share/p/8CnJpTJnRbq67a52/?mibextid=oFDknk Dr. Sahan anjana අයිය විසින් අඩයාලමට ලියන ලද්දකින් උපුටාගන්නා ලදි
نمایش همه...
6👍 1