Learn Bits
رفتن به کانال در Telegram
Psychology 🧘♂ | Relationship 👩❤️👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo
نمایش بیشتر1 305
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-97 روز
-4230 روز
آرشیو پست ها
1 305
🎀..𝙳𝚁𝙴𝙰𝙼 𝚉𝙾𝙽𝙴..🎀
සුන්දර හදවතට
දැනෙන සිතුවිලි
හීනිවට ගෙත්තම් කර
ලොවක් නහවන්න..
සිහින ඇහැරෙන
සතුට ගෙන එන
තනිකම මකාලන්නට
එක්වන්න අපත් සමඟ 💫
🖤🎀...සිහින එකතුව...🎀🖤
1 305
ඔයාගෙ බල්ලා , ඔයාගෙන් ඈතට දුවනව නං , එයා පස්සෙ එලවන්න එපා. එහෙම කලොත් එයා තවත් දුර දුවනවා.
ඔයා එතකොට , ඉන්න තැනම පාත් වෙන්න. ඉඳගන්න පුලුවන් තැනක් නං ඉඳගන්න.
ඔයා වාඩිවෙනව හෝ පාත්වෙනව දැකපු ගමන් ඔයාගෙ බව්වා ආපහු ඔයා ගාවට එනවා...! ᴿᵉᵃᵈ
#Life_Hacks
1 305
බුධ ග්‍රහයාගේ දිනයක් , පෘථිවි දිනයක් වගේ නෙවෙයි. අපිට නං හැමදාම ඉර පායල , ඉර බැහැල යනවනෙ. ඒ උනත් බුධ ග්‍රහයාගෙ මන්දගාමී භ්‍රමණය සහ , කෙටි වසරක් තියෙන නිසා තත්වය ඊට වඩා වෙනස්.
ඇත්තටම පෘථිවි දින 176කට පාරක් තමයි , බුධ ග්‍රහයාගෙ යම් නිශ්චිත ස්ථානයකට හිරු උදාවක් සිදු වෙන්නෙ.
#Astronomy
1 305
ඔයා ඕනෙවට වඩා කරුණාවන්තයිද කියල හොයාගන්න පුලුවන් ලක්ශණ කීපයක්...!
👒 ඔයා නිතරම "සමාවෙන්න/sorry" කියන වචනය භාවිත කරනව. ඕනේම සුලු දේකට උනත්.
👒 ඔයාට අවශ්‍යතාවක් ආවම , ගොඩක් වෙලාවට ඔයාට ඒ අවශ්‍යතාව සපුර ගන්න වෙන්නෑ. ඒ වෙනුවට ඔයා වෙන කෙනෙක්ගෙ අවශ්‍යතාවකට ප්‍රමුඛත්වය දෙනවා.
👒 "ඔව්" යැයි පැවසීමෙන් පසු හෝ යම් දේකට එකඟ වීමෙන් පසු ඔයාට ආතතියක් දැනෙනවා.
👒 ඔයා , ඔයාගෙම අදහස් ඉවත දමන්න උත්සාහ කරනවා.
👒 මිනිසුන් ඔයාට ඉතා නරක විදිහට කතා කරත් , ඒකෙන් ඔයාටම ඔයා වැරදිකාරයෙක් කියන හැඟීම ඇති වෙනවා.
👒 ඔයාගෙ ප්‍රතිරූපය ඔයාගෙ චරිතය සමග ගැලපෙන්නෙ නෑ.
👒 ඔයා ගාවට "අවශ්‍යතාවන් ඇති" පුද්ගලයන් ආකර්ශණය වෙනව. ඒ ඔවුන්ගේ අවශ්‍යතාවන් ඔයා මාර්ගයෙන් සපුර ගන්න පහසු නිසා.
👒 හුඟක් වෙලාවට , ඔයාට අදාළම නැති දේවල් වලට , ඔයා සම්බන්ධ වෙනවා.
#Psycho_Facts
1 305
සමහරු මගෙන් අහල තිබ්බා, #LiveWar එකට මොකද උනේ කියල. මුලදි මමත් හිතන් හිටියෙ යුධමය තත්වයක් කිව්වම , ප්ලෑන් ගැන , නිව්ස් ගැන වගේ සුලු සුලු ඒව විතරක් දාන්න. ඒව සාමාන්‍ය දේවල් නිසා.
ඒත් මම තොරතුරු ලබාගන්න මූලාශ්‍රයක තිබ්බ එක වීඩියෝ එකක් නිසා මම තීරණය කලා යුධමය තත්වය හෝ ඒ ගැන ආපහු සඳහන් කරන්නෑ කියල. මොකද ඒක මම/අපි එදිනෙදා දකින ෆිල්ම් එකක් හෝ ජවනිකාවක් වගේ නෙවෙයි. ඒ ඉල්ලපු කීප දෙනාට මම අදාළ මූලාශ්‍රයන් වල links ටික යැව්වා. ඒ ඒ තැන් වලින් බලාගන්න පුලුවන්.
LearnBits තුළින් ආපසු #LiveWar යටතේ කිසිඳු post එකක් පළ නොවන බවට සලකන්න.
#Notice
1 305
Monkeypox රෝගය ගැන ඔබ දැනුවත්ද ? - විශේෂ දැනුම්දීමක් මෙන්න
Monkeypox ආසාදිතයෙන් ශ්‍රී ලංකාවෙන් වාර්තාවීමත් සමඟ මේ සම්බන්ධයෙන් සමාජයේ දැඩි අවධානයක් යොමුවී ඇති අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
Monkeypox මෑතකදී සීග්‍ර ව්‍යාප්තියක් පෙන්වූ අතර එය අද වනවිට රටවල් 109කට ව්‍යාප්ත වෙමින් ආසාදිතයින් බවට පත්කර ඇති බවට තහවුරු කල පුද්ගලින් සංඛ්‍යාව 78,000කට ආසන්න අතර දැනට ලොවපුරා වාර්තාවී ඇති මරණ සංඛයාව 36ක්.
ආසාදිත පුද්ගලයෙකු සමඟ ඉතා සමීප ආශ්‍රයක් මඟින් නිරෝගී පුද්ගලයෙකුගේ සිරුරට මෙම වෛරසය ඇතුලු වීමට ඉඩ තිබෙන අතර රෝගය නිසා ඇතිවන බිබිලි හා තුවාලවල , අනෙකුත් ශාරීරික තරලවල, අසාදිත ශ්වසන බිඳිතිවල මෙන්ම ආසාදිතයා මෑතක දී භාවිතා කල ඇඳ ඇතිරිලි වැනි දෑ වලත් වෛරසය අඩංගු විය හැකි බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කළේ.
සාමාන්‍යෙයෙන්, වෛරසය ශරීරගත වී දින 5 - 21 කාලයක් රෝග ලක්ෂණ පහළවීම සිදුවන අතර, සුලබ රෝග ලක්ෂණ ලෙස උණ, වසාගැටිති ඉදිමීම, මස් පිඩු වේදනාව, ශරීරයේ දැඩි විඩාපත්බව සමග ඇතිවන බිබිලි සඳහන් කල හැකියි. සාමාන්‍යෙයෙන් උණ ඇති වී දින 1-3 ගත වනවිට බිබිලි හටගැනීම සිදුවන අතර ප්‍රධාන වශයෙන් මුහුණත් දෑත් සහ පතුල්වලත් මේවා දකින්නට ලැබෙනවා. ඊට අමතරව මුඛය, ලිංගික ප්‍රදේශ සහ ඇස් ආශ්‍රිත ශ්ලේෂ්මල වලත් වේදනාකාරී බිබිලි / තුවාල හටගන්නා අවස්ථා තිබෙනවා.
රෝගය තහවුරු කරගැනීම සඳහා විවිධ රුධිර පරීක්ෂාවන් සහ PCR පරීක්ෂණ යොදා ගනු ලැබෙන අතර හටගත් කුෂ්ට සියල්ල සුව වී ඒවායින් ඇතිවන කබොලු සියල්ල ද හැලී ගොස් සුව වන තෙක්ම , මංකිපොක්ස් ආසාදිතයෙකුට රෝග-වාහකයෙකු වීමේ හැකියාව තිබෙන අතර මෙය සාමාන්‍යයෙන් සති 2-4 කාලයකින් ඉබේ සුවපත්වන (Self limiting) රෝගයක් වුවත් , ප්‍රතිශක්ති ඌණතා සහිත පුද්ගලයින්ට සහ කුඩා දරුවන්ට සංකූලතා ඇති වීමේ යම් අවදානමක් පවතිනවා.
රෝගය වලක්වාගැනීම සඳහා මෙවැනි රෝග ලක්ෂණ සහිත, තහවුරු කල හෝ සැක සහිත පුද්ගලයින් සමඟ ( විශේෂයෙන්ම සමට සම ස්පර්ශ වන පරිදි ) සමීප ශාරීරික සබඳතා පැවැත්වීමෙන් වැළකීම සහ එම පුද්ගලයා භාවිතා කල උපකරණ යනාදිය ස්පර්ශයෙන් වැලකී සිටීම නිර්දේශ කරන බවත් ඉහත කී සැක කටයුතු රෝග ලක්ෂණ පවතී නම් නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගැනීමත්, සම්පූර්ණ සුවය ලබන තෙක් අන් අය සමඟ සමීප ශාරීරික සම්බන්ධතාවලින් වැළකී සිටීමත් වැදගත් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය ජනතාවට දැනුම් දෙන්නේ.
Via :- Citizen news
#Social_Mid
1 305
John Edward Smith
එහෙම කිව්වට නං ගොඩක් අය දන්නෑ. මේ තමයි Titanic නැවේ කපිතාන්වරයා..!
#History
1 305
ටිබෙටයේ කළු ඇපල්
කළු පාටට පෙනුනට ඇත්තටම මේ තියෙන්නෙ ඉතාමත් තද දම්පාට ඇපල් ගෙඩියක්. මේ වර්ගයේ ඇපල් වැවෙන්නෙ ලෝකයේ එකම තැනක විතරයි. ඒ ටිබෙටයේ කඳුකර නගරයක් වන Nyingchi නම් ප්‍රදේශයේ.
ඇපල් වල වර්ණය මෙහෙම වෙනස් වෙන්න හේතු කීපයක් තියෙනව. මේ ඇපල් වැවෙන්නෙ මීටර් 3500ක් පමණ උස කලාපයක. ඉතින් පාරජම්බුල කිරණ වලට නිරාවරණය වීම සාපේක්ෂව වැඩියෙන් සිදු වෙනවා. ඒ වගේම දිවා කාලයේ සහ රාත්‍රී කාලයේ සිදුවන විශාල උෂ්ණත්ව විචලනයත් , ඇපල් වල මේ තද දම් පැහැය ඇති වෙන්න හේතුවක්.
වෙළඳපලේ Black diamond apple කියල හැඳින්වෙන මේ ඇපල් ගෙඩියේ ඇතුළත අනිත් ඇපල් වගේම සුදු පාටයි. සහ රසයේ වෙනසකුත් නෑ.
#Knowledge
1 305
We Are 𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒 ❤️
පුදුමාකාර වූ සත්ව ලෝකයේ අසිරිමත් තොරතුරු දැනගන්න ......
ලාංකීය ටෙලිග්‍රෑමය තුල සතුන් වෙනුවෙන් ආරම්භ කල දැනට පවතින මුල්ම චැනලය 𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒 අප සමග එක් වන්න 😌
CoPy කල හැක සම කල නොහැක 😁
සියලුම සත්වයෝ සුවපත් වේවා🙏
1 305
මනෝවිද්‍යාත්මක කරුණු කීපයක්
🍬 බොහොම සුළු දේවල් වලටත් කේන්ති ගන්න අය , අනිත් අයගෙන් ආදරය ලබන්න ගොඩක් ආස කරනව.
🍬 ඔයා කෙනෙක්ට ගොඩක් සමීපයි නම් , ඒ කෙනාගෙ මැසේජ් එකක් කියවනකොට , එයාගෙ කටහඬින්ම ඒ මැසේජ් එකේ තියෙන දේ ඔයාගෙ හිත ඇතුලෙන් ඇහෙනව.
🍬 සාමාන්‍යෙන් කෙනෙකුට හොඳම යාලුවන් 3 සිට 5 දක්වා ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම තමන්ගෙ කණ්ඩායමේ ඉන්න කාට හෝ කෙනෙක්ට වෛර කිරීමට වැඩි සම්භාවිතාවක් පවතිනවා. (හොඳම යහලුවන් හැර වෙනත් කෙනෙක්ට)
🍬 කාන්තාවන් හැමතිස්සෙම හැමදෙයක් ගැනම අවදානයෙන් පසුවෙනවා. නමුත් ඔවුන් එහෙම නැති ආකාරයට හැසිරෙනවා.
🍬 අඩු ආත්ම අභිමානයක් ඇති පුද්ගලයන් , අනිත් අයට අවමන් කිරීමට ඉතා ඉහළ නැඹුරුවක් දක්වනවා.
🍬 බොරු කියන්න ඉහළ මානසික ශක්තියක් තිබිය යුතුයි..!
#Psycho_Facts
1 305
"Global warming isn't a prediction. it is happening"
ගෝලීය උණුසුම යනු අනාවැකියක් නොවේ. එය දැනටමත් සිදුවෙමින් පවතී...
- There is no Planet B -
#Social_Mid
1 305
කැනඩාව තුළ එක පුද්ගලයෙකුට , ශාක 9000ක අනුපාතයක් තියෙනවා. (1:9000)
නමුත් ඉන්දියාව තුළ මෙම අගය , එක පුද්ගලයෙකුට ශාක 28ක් පමණයි. (1:28)
(වත්මන් තත්වය මීට වඩා වෙනස් විය හැක. විශේෂයෙන්ම ඉන්දියාව තුළ ශාක අනුපාතය අඩු වී තිබිය හැක)
#Facts
1 305
ඒයි මේ හලෝ 🌚
➢ ඔයත් ටීවි එකේ විකාශනය වුණු බෝයිස් ඕවර් ෆ්ලවර්ස්, ෆුල් හවුස්, හිමන්තරා, හිම තුහින, අග්‍රා, සසර කින්නරාවී, අභීත දියණිය, චංගුමී, ඉසිවර වෙදදුරු වගේ කොරියානු කතා බලලා තියෙනවද 😚💗!?
➢ එහෙනම් ඉතින් අනිවා ඔයත් කොරියන් රසිකයෙක් වෙන්න ඕනි 😍✨
➢ අපි හැමෝටම අපි ආස කරන ප්‍රසිද්ධ පුද්ගලයෙක් ඉන්නව වගේ, ඔයාලත් ආස කරන කොරියානු පුද්ගලයෙක් ඇතිනෙ 😌🔥
➢ කැමතිද තමන් ආස කරන කොරියානු නලු නිළියන්, කොරියානු ɪᴅᴏʟs ලා වගේම කොරියාව සම්බන්ධ සියලුම දේවල් දාන චැනල් එකකට ජොයින් වෙන්න 😉🖤 ?
➢ ඔන්න එහෙනම් ඔයාට අපේ චැනල් එකෙන් හැමදාම කොරියාව සම්බන්ධ විවිධ දේවල් ලබාගන්න පුලුවන් 😝💋
➢ ඒ විතරක් නෙවෙයි, ඔයාලට අපේ චැනල් එකෙන් කොරියානු පුද්ගලයින් මූලික කරගනිමින් ලියවුණු කෙටි කතාත් කියවීමටද හැකියාව ඇත 🤓🦋
1 305
සත්ව ලෝකයේ මේ කරුණු කීපය ඔයා දැනගෙන හිටියද?
1. ලේනුන් වෙනත් ලේන් පැටවුන්ව දරුකමට හදාගන්නවා. ᴿᵉᵃᵈ
2. ඩොල්ෆින් මසුන්ට වෙන වෙනම නමක් ඇත. (ඔවුන් විසින්ම නිර්මාණය කරගනු ලැබූ)
3. හරක්ට "හොඳම යාලුවො / යාලුවෙක්" ඉන්නව.
4. බෝදිලිමට , ඔවුන්ගෙ ඇස් එකවර දෙදිශාවකට කරකවන්න පුලුවන්. ᴿᵉᵃᵈ
5. වැම්පයර් වවුලන්ගේ , ඛේටයට රුධිරය කැටි ගැසීම නවත්තන්න පුලුවන්.
6. බත්කූරෙක් සාමාන්‍යෙන් ලිංගිකව එකතු වෙනකොට , එම සත්වයන් දෙදෙනාගේ දේහයන් , හදවතක හැඩයකට පිහිටිනවා. ˢᵉᵉ
7. පූසො "ම්යෑව්" ශබ්දය නිකුත් කරන්නෙ මිනිස් අවධානය ගන්න විතරයි. නැතුව අනිත් පූසො එක්ක පණිවිඩ හුවමාරු කරගන්න නෙවෙයි.
8. අධ්‍යයන වලින් හෙලිවෙලා තියෙනව කැළෑ ආශ්‍රිතව ජීවත් වන චිම්පන්සියන් , පැසුණු පාම් යුෂ බොනව කියල. මේ යුෂයේ ඇල්කොහොල් සංයුතිය 3%ක් අඩංගු වෙනවා.
9. මානව උපත් පාලන පෙති , ගෝරිල්ලන්ටත් ක්‍රියා කරනව.
10. පැස්බරාගෙ ඇසක් , එයාගෙ මොළයට වඩා විශාලයි.
#Facts
1 305
මිනිස්සු හිතන් ඉන්නෙ ශක්තිමත් පුද්ගලයන්ට කවදාවත් වේදනාවක් දැනෙන්නෑ කියල.
නමුත් යතාර්ථය තුළ , ශක්තිමත් මිනිසුන් අනිත් අයට වඩා වේදනා විඳල තියෙනව. එකම වෙනස ඔවුන් ඒ වේදනාවන් විඳගෙන ඒවා ජයගෙන තිබීම.
#Quotes
1 305
ඔයාගෙ ඉලක්කයන් සපුරා ගන්න තියෙන හොඳ ක්‍රමයක් තමයි , හීන , ඉලක්ක සහ අභිලාෂයන් ඇති පුද්ගලයන්ව සමීපව ඇසුරු කිරීම.
ඔයා ආස්‍රය කරන්නෙත් , හීනයක් , ඉලක්කයක් නැති පුද්ගලයන්ව නම් , ඔයාට කිසිම උත්තේජනයක් එන්නෑ ඔවුන්ගෙන්. ඒ වෙනුවට ඔයත් හීනයක් රහිත පුද්ගලයෙක් බවට පරිවර්තනය වෙනවා.
#Life_Tips
