fa
Feedback
Learn Bits

Learn Bits

رفتن به کانال در Telegram

Psychology 🧘‍♂ | Relationship 👩‍❤️‍👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo

نمایش بیشتر
1 305
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-97 روز
-4230 روز
آرشیو پست ها
කැණීම් කටයුතු වල නිරත පිරිසක් විසින් , විලියම් ෂේක්ස්පියර්ගේ ගෙවත්තේ , පිටුපස කොටසින් , දුම් පයිප්ප හතරක් සොයාගෙන තිබෙනවා. මේ පයිප්ප වල අඩංගු රසායන ද්‍රව්‍ය , ගංජා වලට සමාන බව තමයි විද්‍යාඥයන් පවසන්නේ. කොහොම උනත් , විලියම් ෂේක්ස්පියර් , මේ දුම් පයිප්ප භාවිත කරපු බවට තවමත් සාක්ශි හම්බෙලා නෑ. #History ♡ @LearnBits

ඇත්තම කිව්වොත්, #Nonsense #Nonsense_Chat කියන්නේ හිතෙන හිතෙන දේවල් Share වෙන තේරුමක් නැති Channel එකක් හැබැයි… අහ් දෙයක්, Lin
ඇත්තම කිව්වොත්, #Nonsense #Nonsense_Chat කියන්නේ හිතෙන හිතෙන දේවල් Share වෙන තේරුමක් නැති Channel එකක් හැබැයි… අහ් දෙයක්, Link එක Share කරාට මුකුත් වෙන්නෑහ් හැබැයි.. Join වෙලාම බලමු එහෙනම්… 😌♥️⛓|:😹🔥🥂

🧚‍♂චැප් ලින්🧚‍♂ 🌸ඔයා වැඩියෙන්ම කැමති හිනාවෙලා ඉන්න නේද? 🌼දුකින් ඉන්න කැමති නෑ නේද? 🍄එහෙනම් මෙන්න චැනල් එක.. 🍄එකතුවෙන්න
🧚‍♂චැප් ලින්🧚‍♂ 🌸ඔයා වැඩියෙන්ම කැමති හිනාවෙලා ඉන්න නේද? 🌼දුකින් ඉන්න කැමති නෑ නේද? 🍄එහෙනම් මෙන්න චැනල් එක.. 🍄එකතුවෙන්න අපිත් එක්ක... 🌑Memes බලන්න... 🌘Videos බලන්න... 🌗Comment කරන්න... 🌖යාලුවොත් එක්ක Chat කරන්න. 🌕මේ වගේ තව තව ගොඩාක් දේවල් බලන්න.. එකතු වෙන්න... 😻 https://t.me/chap_lin_sl

යම්කිසි දුකකින් හෝ , සිත් කනස්සල්ලෙන් නින්දට යෑම ඔබගේ ස්නායු පද්ධතිය වෙහෙසට පත් කරන අතර ඊළඟ දිනයේ උදෑසන දැඩි මානසික අවපාතන තත්වයකට මග පාදනවා. (depression). ඒ වගේම අන් අය සමග සිදු කරන අන්තර්ක්‍රියාවලටත් ඒක සෘජුවම බලපානවා. ඒ නිසා හැකිතාක් සිත සන්සුන්ව නින්දට යන්න උත්සාහ කරන්න. #Psycho_Facts ♡ @LearnBits

ඔබ කාටහරි ආදරය කරනවා නම් ඔබේ ඉලක්කය විය යුත්තේ ඒ කෙනා සමග විවාහ වීමයි. ඒ කෙනා සමඟ අලුත් ජීවිතයක් ආරම්භ කිරීමයි. වෙන කරන්න වැඩක් නැති නිසා , බොරුවට කාත් එක්කවත් සම්බන්ධතා ගොඩනගාගන්න එපා. #Relationship_Tips ♡ @LearnBits

යහපත්ම මිනිසුන්ටත් එක්තරා සීමාවක් පවතිනවා. කීයටවත් ඔවුන්ගේ සීමාවන් දැනගැනීමට ඔවුන්ට බලපෑම් කරන්න හදන්න එපා. මොකද යහපත්ම මිනිසුන්ගේ අඳුරු පැත්ත , අප නොසිතූ ලෙස දරුණු වෙන්න පුලුවන්. #Life_Tips ♡ @LearnBits

වෙරළ තීරුවක , පඳුරු ගාලක් අසල ඇති බංකුවක හුන් දෙදෙනෙක් කතා කරනවා ඇසුනා.... තරුණයා : "මට ඔයාට කියන්න දෙයක් තියෙනවා.... මම කියන්නද ඒක?" තරුණිය : "ම්ම්ම්... කියන්න..." තරුණයා : "ඔයාගෙ ඔය හිනාව තමයි , මම මෙච්චර කාලෙකට දැකපු සුන්දරම හිනාව.." තරුණිය : "මටත් ඔයාට කියන්න දෙයක් තියෙනවා.." තරුණයා : "කියන්න..." තරුණිය : "ඒ සුන්දර හිනාව පවතින්නෙ ඔයා ළඟදි විතරයි...!" දෙදෙනා මුවට මුව තබා සිප ගනිද්දී මම එදෙස බැලුවා... ආදරය පවතින්නේ මෙවැනි සරල කතා බස් වල නොවේදැයි මොහොතකට මට සිතුනා... අතෙහි ගුලි කරගෙන හුන් කොළ කැබැල්ල ගෙන , එම දෙපල අසලට විසිකරමින් මම මෙසේ පැවසුවා... "මේ ඕයි සමීර... ඔන්න කවුද එනවා.. කිස් කරන එක නවත්තහං..." ඔත්තුකාරයෙක්මි මම... උන් ලව් කරනකං වටපිට බලනා... #MidDay_Thoughts ♡ @LearnBits Share & Support ♨️

ගැහැණු black widow ( Latrodectus hesperus, )වර්ගයේ මකුළුවන් , ලිංගික එක්වීමකට පසුව තම ලිංගික සගයාව මරාදමා ආහාරයට ගන්නවා. සමහර වෙලාවට මේ ගැහැණු මකුළුවන් දවසකට , ලිංගික සහකරුවන් 20ක් වැනි ප්‍රමාණයක් පවා ආහාරයට ගන්නවා. #Facts ♡ @LearnBits

ඇයි කාලයත් එක්ක පොත් වල පිටු තද කහ / තැඹිලි-දුඹුරු පාටකට හැරෙන්නෙ? අපි දන්නවා මේ කඩදාසි හදන්නෙ ශාකවලින් කියල. ඉතින් ශාක සෛල බ
ඇයි කාලයත් එක්ක පොත් වල පිටු තද කහ / තැඹිලි-දුඹුරු පාටකට හැරෙන්නෙ? අපි දන්නවා මේ කඩදාසි හදන්නෙ ශාකවලින් කියල. ඉතින් ශාක සෛල බිත්තියේ තියෙනවා ලිග්නීන් කියල සංයෝගයක්. කඩදාසිවල වර්ණය වෙනස් වෙන්න හේතුව මේ ලිග්නීන් කියන සංයෝගය. කාලයත් එක්ක , කඩදාසි පිටු වාතයට නිරාවරණය වෙනකොට , කඩදාසි අණු අතර තියෙන ලිග්නීන් , ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරනව. මේක ක්ෂුද්‍ර ප්‍රතිකියාවක්. ඉතින් ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි කඩදාසි වල පැහැය වෙනස් වෙන්නෙ. විශේෂයෙන්ම නිතරම කියවන පොත් ඉක්මනටම මේ වගේ කහ-දුඹුරු පාටකට හැරෙනව. පරණ ශර්ලොක් හෝම්ස් පොත් තියෙන අයනං මේ වෙනස හොඳට දන්නව ඇති.😉 #Knowledge ♡ @LearnBits

#Notice අවශ්‍ය දෙයක් share කරනවනං , LearnBits චැනල් එකට කිසිම credit එකක් අවශ්‍ය නෑ. අන්තර්ගතය විතරක් අරගන්න. ඒකෙ ප්‍රශ්නක් නෑ. @LearnBits

The sweet hour that shapes life #lifie
The sweet hour that shapes life #lifie

කලින් ආදරය කරල වෙන්වුනු දෙන්නෙක් , තාමත් යාලුවො වගේ ඉන්නව නං ඒකට හේතු දෙකක් තියෙනව. 1. දෙන්නම තාම එකිනෙකාට ආදරය කරනව. 2. ඒ දෙන්නම කලින් එකිනෙකාට ආදරය කරල නෑ. #Relationship_Tips ♡ @LearnBits

පේන විදිහට නිහඬතාව හොඳම පිළිතුර වී හමාරය.... (රිසල්ට් එහෙම එනවනේ...) #Quotes ♡ @LearnBits

තවකෙකුට වඩා උසස් වීම ශ්‍රේෂ්ඨ දෙයක් නොවේ. තමන් කලින්ට වඩා උසස් වීමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ.... – Ernest Hemingway #Saying ♡ @LearnBits

ඕගොල්ලො දන්නව ඇති ගණිත ගැටලු සුලු කරනකොට භාවිත කරන මූලික රීතියක් තියෙනව. භාවිතයේ පහසුවට අපි ඒකට කියන්නෙ වන්බෙගුධරි කියල. ව - වරහන් තුළ සුලු කිරීම් න් - "න්" සම්බන්ධ ගුණ කිරීම් බෙ - බෙදීම් ගු - ගුණ කිරීම් ධ - එකතු කිරීම් (ධන) රි - අඩු කිරීම් (සෘණ) මේ පිළිවෙලට තමා ඕනෙම ගණිත ගැටලුවක සුලු කිරීම කරන්න ඕනෙ. 1. ඉතින් මේ ප්‍රශ්නෙදි , ඔයාලට පේනව වරහන් ඇතුළෙ සුලු කිරීමක් තියෙනව කියල. වන්බෙගුධරි නීතියට අනුව මුලින්ම ඒක සුලු කරල ඉන්න ඕනෙ. (5 - 4 + 1) = 2 2. දැන් වන්බෙගුධරි අනුපිලිවෙලට ගියාම අපිට හම්බෙනව "ගු" / ගුණ කිරීමක්. 18 + 3 × (5 - 4 + 1) (5 - 4 + 1) = 2 කියල අපි දන්න නිසා, = 3 × ( 2 ) = 6 3. අවසානයට වන්බෙගුධරි නීතියට අනුව අපිට හම්බෙනවා "ධන / එකතු කිරීමක්". 18 + 3 × (5 - 4 + 1) 3 × (5 - 4 + 1) = 6 කියල අපි දන්න නිසා, 18 + 6 = 24 ඒ නිසා පිළිතුර 24 යි.

ජීවිතය පිළිබඳ සත්‍යයන් කීපයක්... 🧊 ගොඩක් මිනිස්සු කැමති හොඳ පෙනුමකට මිසක් හොඳ සිතුවිලි වලට නෙවෙයි. 🧊 මිනිස්සු ගරු කරන්නෙ සල්ලි වලට. නැතුව පුද්ගලයට නෙවෙයි. 🧊 ඔයා වැඩියෙන්ම ආදරය කරපු පුද්ගලයා , දවසක ඔයාට ලොකුම වේදනාව දෙනවා. 🧊 "ඇත්ත" හරි සරලයි. ඒත් ඒක පහදල දෙන්න අමාරුයි. 🧊 ඔයා සතුටින් ඉන්නකොට ඔයා සංගීතය රසවිඳිනව. හැබැයි ඔයා දුකින් ඉන්නකොට ඔයා ඒ සිංදුවෙන් කියන දේ තේරුම් ගන්නවා. 🧊 මිනිස්සු ගොඩක් යහපත් වෙනවා කිසිවක් නැති වෙලාවට. හැබැයි හැමදේම තියෙන වෙලාවට මිනිස්සු උඩඟුයි. #MidDay_Thoughts ♡ @LearnBits

? සඳහා එන අගය සොයන්න... 18 + 3 × (5 - 4 + 1) = ? පිළිතුර හවසට දාන්නං #Fun ♡ @LearnBits

අපි පොඩි කාලෙ ඉඳන්ම අහල තියෙනව , හරක් ගාවින් යනකොට , විශේෂයෙන්ම මී හරක් සහ කුලු හරකෙක් ගාවින් යනකොට රතු පාට වහන් යන්න කියල. ම
අපි පොඩි කාලෙ ඉඳන්ම අහල තියෙනව , හරක් ගාවින් යනකොට , විශේෂයෙන්ම මී හරක් සහ කුලු හරකෙක් ගාවින් යනකොට රතු පාට වහන් යන්න කියල. මොකද හරක් රතු පාට දැක්කම කෝප වෙලා පහර දෙන්න හදනව කියල අපි අතර මතයක් තිබුන නිසා. ඇත්තටම එහෙම එකක් නෑ. මිනිසුන්ට සාපේක්ශව හරක්ට බොහොම අඩු වර්ණ සංවේදීතාවයක් තියෙන්නෙ. හරක්ට පේන්නෙ කහ , කොළ , නිල් සහ දම් වර්ණයන් විතරයි. ඒ වගේම අපි දැකල තියෙනව ගොන්පොර වලදි , හරක්ට පේන්න රතු පාට කබායක් වනනව කියල. ඇත්තටම ඒ රතු පාට හරකාට පේන්නෙ , අලු කහ මිශ්‍ර පාටක් විදිහට. හරකා කුලප්පු වෙන්නෙ පාට දැකල නෙවෙයි. ඒ කබාය වනන විදිහට , ඒක හරකා දකින්නෙ තමන්ට තර්ජනයක් එල්ලවිය හැකි දෙයක් හැටියට. ඉතින් හරකා ඒකට පහර දෙන්න එලවනවා. ඇත්තටම ඒ ක්‍රීඩාවලට ගන්න හරක් ස්වභාවයෙන්ම කිපෙන සුලුයි. සාමාන්‍ය හරක් එහෙම එලවන්න පහර දෙන්නෙ කලාතුරකින්. ඒ වගේම අපේ අය අතර මතයක් තියෙනව මී හරකා ගොඩක් භයානකයි කියල. මොකද උගෙ අං දෙක , සහ ශරිරයේ විශාලත්වය එක්ක , භයංකර පෙනුමක් ලැබිල තියෙන නිසා. වගකීමෙන් කියන්නෙ , මී හරකා කියන්නෙ බොහොම අහිංසක සතෙක්. ඇත්තටම ඊට වඩා දරුණුයි සාමාන්‍ය හරකෙක්. #Knowledge ♡ @LearnBits

වීඩියෝ ගේම්ස් වල නිරත වීම , සැබෑ ජීවිතය තුළ වඩා නිවැරදි සහ ක්ශණික තීරණ ගැනීමට උපකාරි වෙනව. හැබැයි ඕනෙවට වඩා මේව තුළ කාලය ගත කලොත් , ඔයාට මානසික වගේම කායික හානියක් උනත් වෙන්න පුලුවන්. #Knowledge ♡ @LearnBits

අපිට අපේ අනාගතය පුරෝකථනය කළ හැකි නම් , අපේ ජීවිතයෙන් කිසිම ඵලක් නොවනු ඇත. ජීවිත් වීම සහ ජීවිතය , රසවත්බවකින් තොර වනු ඇත. – Eleanor Roosevelt #Saying ♡ @LearnBits