fa
Feedback
Learn Bits

Learn Bits

رفتن به کانال در Telegram

Psychology 🧘‍♂ | Relationship 👩‍❤️‍👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo

نمایش بیشتر
1 305
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-97 روز
-4230 روز
آرشیو پست ها
"Wi-Fi" කියන්නෙ මොකක්ද? HTML කියන්නෙ HyperText Markup Language කියන නමේ කෙටි නාමය බව අපි ගොඩක් අය දන්න දෙයක්. මේ හා සමානවම, අපි දැනට පහසුවට භාවිත කරන ගොඩක් පද වලට, වඩාත් දිග තේරුමක් තියෙනව. (උදා: CSS, JS, RAM, ROM, WLAN) ඉතින් ඔයාල හිතල බැලුවද, අපේ එදිනෙදා ජීවිතයේ අපිට වඩාත්ම සමීප දෙයක් උන මේ Wi-Fi කියන කෙටි පදයෙන් ඇත්තටම හැඟවෙන්නෙ මොකක්ද කියල? Wi-Fi කියන්නෙ, "wireless fidelity" කියන නමේ කෙටි නාමය කියල ගොඩක් අය හිතුවට, ඇත්තටම ඒක වැරදී. ඇත්තටම කතාව නං, Wi-Fi කියන්නෙ භාවිතයේ පහසුවට ගොඩනගපු, කිසිම නිශ්චිත තේරුමක් නැති කෙටි පදයක්. Wi-Fi කියන්නෙ, IEEE 802.11x ප්‍රමිතීන්ට යොමු කරන, වෙළඳ ලකුණු සහිත වාක්‍ය ඛණ්ඩයක් විතරයි. #Facts 📡 @LearnBits

මම, පියාසර කරන්න අසමත් උනොත්? අපි ගොඩක් දෙනෙක්ට, අපි මේ ජීවත් වෙන ලෝකය ගැන තියෙන්නෙ යම් තරමක අශුභවාදී අදහසක්. අපි සමහරක් අය, අපිට එහෙම අදහසක් තියෙන බවවත් තාම දන්නෑ ඒ උනත්. එක අතකට ඒකෙ පුදුමෙකුත් නෑ, මේ ඇහෙන දකින දේවල් එක්ක. ඒ අශුභවාදී අදහස් නිසා, අලුත් යමක් කරන්න හදන හෝ තරමක අවදානමක් තියෙන යමක් කරන්න හදන හැම අවස්ථාවකම අපිට හිතෙන්නෙ, "මට මේක කරගන්න බැරි උනොත් මොකද වෙන්නෙ?" , "මේක හරිගියෙ නැත්තං මොකද වෙන්නෙ" , "මම කරන කිසි දෙයක් හරියට වෙන්නෑ" වගේ දේවල්. ඒත් හිතල බලන්න... ඔයා ඒ කරන්න හදන වැඩේ හරිගියොත්? ඒක අන්තිමට ඔයා හිතපු විදිහටම ඉවර කරගන්න පුලුවන් උනොත්? ඔයා මින් පස්සෙ කරන හැම වැඩක්ම ඔයා හිතන විදිහටම උනොත්? පියාඹන්න අවශ්‍ය වෙන්නෙ ශක්තිමත් පියාපත් යුගලක් බව ඇත්ත. ඒත් ඔයාට ඒ පියාපත් යුගල ගැන තියෙන විශ්වාසය හීන වෙන තරමට, ඒ පියාපත් වලට යොදන්න පුලුවන් වෙන ශක්තිය අඩු වෙනව. ඉතින් හිතන්න... ඔයාට අසාර්ථක නොවී පියාඹන්න පුලුවන් උනොත්... #Life_Tips 🪽 @LearnBits

ටෙලිග්‍රෑම් වල 'last seen' වර්ග හතරෙන් කියවෙන්නෙ මොනවද? ඔයගොල්ලො බහුතරයක් දෙනා දැනටමත් දන්නව ඇති, privacy settings වලින් last seen hide කරපු කෙනෙක්ගෙ online status එක අනිත් අයට පෙන්නන්නෙ ආකාර හතරකට. 1. last seen recently 2. last seen within a week 3. last seen within a month 4. last seen a long time ago (Settings > Privacy and security > last seen and online) මේ හතරෙන් කියවෙන නිශ්චිතම කාල පරාසයන්ට අයත් කණ්ඩායම් තමා පහතින් දක්වල තියෙන්නෙ. (ඒ ඒ කාල පරාස වලංගු වෙන පුද්ගලයන්) » Last seen recently තත්පර 1ත්, දින 2-3 අතර කාලසීමාවක Online හිටපු අයට » Last seen within a week දින 2-3 ත්, දින 7ත් (සතියක) අතර කාලසීමාවක Online හිටපු අයට » Last seen within a month දින 6-7ත්, දින 30ත් (මාසයක) අතර කාලයක Online හිටපු අයට » Last seen a long time ago මාසයකට වඩා වැඩි කාලයක් Online හිටපු නැති අයට, සහ ඔයාව block කරපු අයට #LearnBits_Q_A 🕔 @LearnBits

ගේම් ගහන එක අපිට නරක විදිහට බලපානවද? ගේම් සම්බන්ධව දැනුත් විවිධ අය විවිධ මත පල කරනවා. අපේ අම්මලට අනුව නං, අපිට උණ හැදුනත්, ඒ ගේම් ගහපු නිසා. සහ සමහරු හිතන් ඉන්නව ගේම් ගහන එක වැඩි වෙන තරමට, අපේ තර්කන හැකියාව වගේ ඒව වැඩිදියුණු වෙනව කියල. ඉතින් අද අපි කතා කරමු මේ ගේම් වලින්, ඇත්තටම අපිට කරන අහිතකර බලපෑම ගැන. කොටස් කීපයක් ඔස්සේ ඒ ගැන බලමු අපි. ගේම් පිටිපස්සෙ තියෙන මනෝ ව්‍යුහය ගේම් එකක් නිර්මාණය කරන්නෙම, අපිව ඒකට ඇබ්බැහි කරගන්න. මානව චර්යා පර්යේෂකයො, මනෝ විද්‍යාඥයන්, UX ඩිසයිනර්ල වගේ ගොඩක් අයව යොදාගෙන තමයි ඒක සිදු කරන්නෙ. ගේම් ඇතුලෙ තියෙන instructions, වර්ණ සංකලන, විවිධ tasks සහ ගේම් එකෙන් අපි ලබන අත්දැකීම් වගේ හැමදෙයින්ම, අපි ඒ ගේම් එකට ඇබ්බැහි වෙන බවට එයාල වගබලාගන්නව. ගේම් වල හැසිරීමට ආසන්නම හැසිරීමක් තමයි, සූදුව කියන්නෙ. ප්‍රතිලාභ රාශියක් තිබුණත් ත්‍යාග අනපේක්ෂිතයි. ඒත් මිනිස්සු නිරන්තරයෙන්ම ඒ ත්‍යාග පසුපස හඹා යනවා. 'මට ඒක ලැබුනොත්' කියන සංකල්පය නිසා, 'මට මේව නැතිවෙනව' කියන සංකල්පය යටපත් වෙලා යනව. ගේම් වල වෙන්නෙත් අන්න ඒ දේමයි. මොළයේ ත්‍යාග පද්ධතිය සක්‍රීය කරනවා ඩොපමින් කියන්නෙ හොඳ ස්නායු සම්ප්‍රේෂකයක් වගේම, අපිට සතුට ඇති කරන හෝමෝනයක්. අපිට සමහර වෙලාවට හොඳ හැඟීමක් ඇති වෙන්නෙ මේ සතුටු හෝමෝන වල ක්‍රියාකාරීත්වය නිසයි. මේකට තමා මොළයේ ත්‍යාග පද්ධතිය කියන්නෙ. ගේම් ගහනකොට, අපේ මොළයෙන් මේ කියන ඩොපමින් ශ්‍රාවය කරනව. මොකද ගේම් ගහන එක අපිට සතුටක් ඇති කරන දෙයක් නිසා. ඒ නිසයි අපි නැවත නැවතත් ඒ සතුට ලබාගන්න, ගේම් වලටම යොමු වෙන්නෙ. යම් කිසි කෙනෙක්, ගේම් ගහනවට අමතරව, එයා කැමති තවත් විනෝදාංශත් සමතුලිතව කරගෙන යනව නං, ගේම් ගහනව කියන දෙයින් එයාට මහා ලොකුවට ඩොපමින් ශ්‍රාවය වෙන්නෑ. මොකද මොළයෙන් ගේම් ගහන එක හඳුනගන්නෙ තවත් එක ක්‍රියාකාරකමක් කියල විතරයි. එතකොට ඒ ශ්‍රාවය වෙන ඩොපමින් වලට ප්‍රතිචාරයක් විදිහට ඒ කෙනාට සතුටක් ඇති වෙනව. (සාමාන්‍යය විදිහට) හැබැයි යම් කිසි කෙනෙක් කන්නෙ බොන්නෙවත් නැතුව වරු ගණන් ගේම් ගහනව නං, අන්න එයාගෙ මොළයෙන් ඩොමපින් විශාල මාත්‍රාවන් නැවත නැවත මුදා හරිනව. අපි පිස්සු කෙලියට මොළයෙන් එහෙම පිස්සු කෙලින්න දෙන්නෑ. ඒ නිසා මොළයට මේ අධික ඩොපමින් ශ්‍රාවය ගැන තේරිලා, මොළයෙන් ඩොපමයින් ලබාගන්න එක නවත්තල දානව. ඒ මොළයට සමතුලිතව ඉන්න අවශ්‍ය නිසා. මේ ක්‍රියාවලිය දිගින් දිගටම චක්‍රයක් වගේ පැවතුනොත්, මොළයෙන් අවශ්‍ය ප්‍රමාණයටවත් ඩොපමින් ලබාගන්න එක නවත්තනවා. මේ තත්වය අන්තිමට ඩොපමින් ඌනතාවක් දක්වා වර්ධනය වෙනව. ඊට පස්සෙ තමා කනස්සල්ල, තෙහෙට්ටුව, පීඩාකාරී බව, කලින් රසවත් උන දේවල් වලට අකමැති වීම, ප්‍රබෝධමත් නොවීම වගේ ලක්ෂණ පෙන්නන්න පටන් ගන්නෙ. මේ අඩු ඩොපමින් ප්‍රමාණය නිසා, ඒ වගේ අය තව තවත් ගේම් ගහන්න යොමු වෙනව. (ඇබ්බැහි වෙනව). ඒ, එයාලට අවශ්‍ය කරන ඩොපමින් ප්‍රමාණය ලබාගන්න, වෙනත් ක්‍රියාකාරකමක නිරත වීමෙන් කරන්න බැරි නිසා. සාරාංශයක් විදිහට ගේම් වලට වැඩිපුර කාලය යොදන තරමට, අපේ මොළය ඩොපමින් වල බලපෑමට තියෙන සංවේදි බව අඩු වෙනව. එතකොට සාමාන්‍ය ප්‍රමාණයේ සතුටක් දැනෙන්නත් වැඩි ඩොපමින් ප්‍රමාණයක් අවශ්‍ය වෙනව. හැබැයි, ආපහු කාලයත් එක්ක නැවත මොළයේ නිසි ක්‍රියාකාරීත්වය යථාතත්වයට පත් කරන්න හැකියාවකුත් තියෙනව. පහර දීමේ හෝ පළායාමේ ප්‍රතිචාර පහර දීමේ හෝ පලා යාමේ ප්‍රතිචාර කියන්නෙ, ශරීරයේ සාමාන්‍යය ආරක්ෂක උපක්‍රමයක්. මේ ප්‍රතිචාර නිසා සමහර වෙලාවට අපේ අවධානය සහ ක්‍රියාකාරීත්වයත් වැඩි වෙනව. ගේම් ගහනකොටත්, විශේෂයෙන්ම ප්‍රචණ්ඩකාරී ගේම් සෙල්ලම් කරනකොටත් මේ කියන පහරදීමේ හෝ පලායාමේ ප්‍රතිචාර ඇතිවෙනව. සමහරුන්ට හිතෙයි මේක හොඳ තත්වයක් කියල. ඒත් ඇත්තටම දිගු කාලීනව යම් කෙනෙක් ගේම් ගහල, දිගින් දිගටම පහරදීමේ හෝ පළායාමේ ප්‍රතිචාර වලට ලක් වෙනකොට, ඒ කෙනා ආක්‍රමණශීලී වෙන්න හැකියාවක් තියෙනව. සහ ඇත්තටම හදිසි අවස්ථාවකදිත්, මොළයේ තාර්කික කොටසට ප්‍රවේශ වෙන්න බැරි වෙලා, ඒකටත් පහරදීමේ හෝ පළායාමේ ප්‍රතිචාර දක්වන්න ඉඩකඩක් තියෙනව. වෙනත් අතුරුඵල? මේවට අමතරව, අනාරක්ෂිත ලෙසට ගේම් ගැසීමෙ ප්‍රථිඵල කීපයක් තියෙනව. 1) වර්ධනය වෙමින් පවතින මොළයක තීරණ ගැනීමෙ හැකියාවට සහ ස්වයං පාලනයට අහිතකර තත්ව ඇති වීම. 2) කෝටිසෝල් වගේ ආතති හෝමෝන වල අධික ශ්‍රාවය නිසා, සෙරටොනින් වගේ ස්නායු සම්ප්‍රේෂක වල ක්‍රියාකාරීත්වයට බාධා වීම. 3) මානසික ආතති තත්ව ඇතිවීම 4) කායික ආබාධ ඇති වීම. 5) සමාජ දුරස්ථර බව සහ තනිකම 6) අනෙකුත් ක්‍රියාකාරකම් වලට රුචියක් නොමැති වීම. සාරාංශය ගේම් ගහන එක ලොකු බලපෑමක් වෙන්නෑ ඒක සීමාවකට කරනව නං. හැබැයි සීමාව ඉක්මවා ගේම් ගැහුවොත් ඒක ඉතාමත් අහිතකර තත්වයන් ඇති කරනවා. #Personal_Care #Psycho_Facts #Knowledge

හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න🖐😌 ඔයත් දුකින් ඉන්න කෙනෙක්ද🥺 එහෙමත් නැත්තන් සතුටෙන්,ආදරෙන් ,පාලුවෙන් ඉන්න කෙනෙක්ද😜 ඔය එකී මෙකී නොකී හැම කෙනෙක්ටම හරි යන එකම තැන😁 ꕤ⋆𝔸𝕓❁𝕕𝕖 𝕠𝕗 𝕗𝕣𝕖𝕖𝕕𝕠𝕞⋆ ꕤ මොකද අනේ බල බල ඉන්නෙ ඉක්මනට ජොයින් වෙන්න😌😉 ලමයො

Hello, channel subscribers. We have some exciting news for you. You can now support our channel by giving us boosts. Your boosts will help us to create stories as LearnBits channel and reach a wider audience. We appreciate your generosity and loyalty. To boost, please click on the link window below and follow the instructions. Thank you for being part of our community. #LearnBits #Notice  

හොඳ නින්දක් ලබාගන්න අවශ්‍ය නම් මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න - දිනපතාම එකම වෙලාවකට නිදාගන්න උත්සාහ කරන්න. (නින්ද යාමේ චක්‍රයක් පවත්ව ගන්න, රාත්‍රියටම නිදාගන්න උත්සාහ කරන්න) - නිදාගන්න යනකොට වටපිටාවේ ශබ්ද, ආලෝකය හැකි තරම් අඩු කරගන්න. - නිදන කාමරයේ උණුසුම වැඩි නම්, ඒක පාලනය කරන්න උපක්‍රම යොදන්න. - හදිසියෙවත් රෑට ඇහැරුනොත්, ෆෝන් එකෙන් හෝ ඔරලෝසුවකින් වෙලාව බලන්න යන්න එපා. එහෙමම නිදාගන්න. (එලාම් එකක් තියාගන්න) - නිදාගන්න පැය 4-6කට පෙර කැෆේන් හෝ ඇල්කොහොල් අඩංගු බීම ජාති බොන්න එපා. - නින්දට යන්න කිට්ටු වෙලා චොකලට් හෝ අධික ලෙස සීනි සහිත ආහාර කන්න එපා. - හැන්දෑ වරුවෙ අනවශ්‍ය විදිහට විවිධ බීම වර්ග (සිසිල් බීම ආදිය) බොන්න එපා. අවශ්‍ය නම් ජලය විතරක් බොන්න. #Personal_Care 🛌 @LearnBits

විද්‍යාඥයන් පෙන්නල දෙන විදිහට, අපි සැහැල්ලුවෙන්, රිලැක්ස් එකේ ඉන්න වෙලාවට, අපේ මොළය "incubation period" එකකට යොමු වෙනව. විද්‍යාත්මකව, "Incubation" කියන්නෙ, "process of development" නොහොත් සංවර්ධන ක්‍රියාවලිය කියන එකට. මොළය, මේ කියන "incubation" අවධියට ඇතුළ් උනාට පස්සෙ, අපේ යටිසිතෙන් විවිධ දේවල් සඳහා අපේ අවධානය යොමු කරනව. අපි සමහරු නානකොට, පූල් එකක බැහැල නිකං ඉන්නකොට, හිතට දැනෙන සිංදුවක් අහනකොට, භාවනා කරනකොට, අපේ ගැටළු විසඳීමේ හැකියාව සහ නිර්මාණශීලිත්වයේ වර්ධනයක් දැනෙන්නෙ අන්න ඒ නිසයි. #Psycho_Facts 🥷 @LearnBits

වෙබ්සයිට් එකක් වැඩ කරන්නෙ කොහොමද? මොකක්ද එතනදි වෙන්නෙ? ඔයා google වගේ browser එකකින්, PH වගේ webpage එකක් ඕපන් කරනකොට, ඇත්තටම වෙන්නෙ මොකක්ද කියල දන්නවද? (PH = Public Health. අනිත් එකටත් මේක වලංගුයි) තේරුම් ගන්නත් පහසු වෙන විදිහට අපි, විවිධ මාතෘකා ඔස්සේ මේ ගැන කතා කරමු. Clients සහ Servers පිළිබඳ අවබෝධ කරගැනීම Clients කියන්නෙ, වෙබ් පේජ් එකක තොරතුරු ඉල්ලන අන්තයට. Servers කියන්නෙ, ඒ වෙබ් පේජ් එකේ තොරතුරු ලබාදෙන අන්තයට. සරලවම, වෙබ් පේජ් එකක් ඕපන් කරනකොට වෙන්නෙ, ඒ අදාළ වෙබ් පේජ් එකේ තොරතුරු ටික, Client විසින් Server එකෙන් ඉල්ලන එකට. අපි පාවිච්චි කරන chrome, safari වගේ browser තමා clients ල වෙන්නෙ. වෙබ් පේජ් එකේ තොරතුරු තියාගෙන ඉන්න, servers වලට උදාහරණ වෙන්නෙ, NGINX සහ Apache HTTP Server වගේ ඒව. සේවාලාභියෙක් (client), යම් තොරතුරක් (මෙතනදි නං වෙබ් පේජ් එකක් ඕපන් කරනවා) ඉල්ලනකොට, සේවාදායකයා (server) විසින් ඒ අදාළ සේවාලාභියට, ඒ ඉල්ලපු දත්ත ලබාදෙනව. අන්න එතකොට තමා, අපි මේ දකිනව වගේ, 'වෙබ් පේජ් එකක් ඕපන් වෙන්නෙ'. Resources සහ Uniform Resource Locators (URLs) (URL කියන්නෙ සිංහලෙන්, 'සම්පත් ස්ථානගත කරන්නා' කියන එකට) වෙබ් පේජ් එකක් ඕපන් කරනව සියන සංසිද්ධියෙදි, සම්පත් හැටියට සලකන්නේ, text files, ඡායාරූප සහ අනෙකුත් මාධ්‍ය වර්ගයි. සාමාන්‍යය වෙබ් පේජ් එකක, එකිනෙකට වෙනස් වර්ගයේ files 70ක් විතර ලෝඩ් වෙනව. Client කෙනෙක්, server එකකින් යම් දත්ත ගොණුවක් ඉල්ලනකොට, ඒ 'දත්ත ගොණුවෙ නිශ්චිත නාමය', දත්ත ගොණුව පිහිටල තියෙන ස්ථානය සහ මොන server එකෙන්ද ඒව ඉල්ලන්නෙ කියන එක විශේෂයෙන් දක්වන්න ඕනෙ. සහ ඒ ඉල්ලීම සිදු කරන්න භාවිත කරන ප්‍රොටොකෝල් එකකුත් දක්වන්න ඕනෙ. මේ හැම තොරතුරක්ම එකතු කරල හදන තනි වෙබ් ලිපිනයට තමා අපි URL එකක් කියන්නෙ. උදාහරණයකට මගෙ website එකේ පේජ් එකක් සලකමුකො. https://drgno.eu.org/p/site-history.html අපිට පුලුවන් මේ url එක කොටස් හතරකට බෙදන්න. 1) https:// - දත්ත ඉල්ලීම සිදු කරන්න භාවිත කරපු ප්‍රොටොකෝල් එක 2) eu.org - Domain එක (වසම් නාමය) 3) drgno - Sub Domain එක (උප වසම) 4) /p/site-history.html - අදාල දත්ත ගොණුව තියෙන තැන. (දත්තයේ පිහිටුම) සහ එහි නිශ්චිත නාමය (HTTP සහ එහි ක්‍රියාකාරීත්වය වෙන දවසක පැහැදිලි කරන්නම්) Server එක ලබාදීපු දත්ත, එකලස් කරල වෙබ් පේජ් එකක් හැටියට දිස් වීම Servers වලින් ප්‍රධාන දත්ත වර්ග හතරක්, client අන්තයට එවනව. ඒ, 1. HTML 2. CSS 3. JS 4. IMAGES HTML, CSS, JS කියන්නෙ වෙනම භාෂාවන්. මේ භාෂා කියවල, ඒ තොරතුරු අපිට තේරෙන විදිහට පෙන්නන එක තමා client අන්තයෙන් සිදු කරන්නෙ. HTML කියන්නෙ වෙබ් පේජ් එකක දළ ආකෘතියට. Server එකකින් ඒ ලබාදෙන HTML දත්ත, client අන්තයෙන් කියවල, වෙබ් පේජ් එකේ දළ සැකැස්ම හදනව. (Hyper Text Markup Language) වෙබ් පේජ් එක ලස්සන කරල, styles එකතු කරන්නෙ CSS වලින්. ඔය පාට පාට හැඩතල, පාට පාට අකුරු හදන්නෙ CSS වලින්. (Cascading Style Sheets) JS වලින් තමා වෙබ් පේජ් එකේ යාන්ත්‍රික වැඩ කොටස කරන්නෙ. (Java Script) උදාහරණයකට, මගෙ සයිට් එකේ Vault පිටුවට ගිහිල්ල, username එකටයි, password එකටයි දෙකටම admin කියල ටයිප් කරල, submit කරන්නකො. (ඕන්නං වැරදි එකක් ටයිප් කරලත් බලන්න?) එතකොට ඔයාට පෙනේවි ලොක් එකක් ඇරිලා, අනං මනං වෙනව. ඒ හැමදේම වෙන්නෙ js වලින්. මෙන්න මේක තමා වෙබ් පිටුවක් ඕපන් කරනකොට ඇත්තටම වෙන්නෙ. If there are any mistakes that I have made here, please do not hesitate to point them out. #Knowledge 💻 @LearnBits

විදුලි ආඳන් කොහොමද විදුලිය ජනනය කරන්නෙ? විදුලි ආඳන්ට තියෙනව විද්‍යුත් අවයව තුනක්. ඒ, Main organ, Hunter's organ සහ Sachs' organ. මේ අවයව මගින්, ආකාර දෙකක විද්‍යුත් විසර්ජනයන් ජනනය කරන්න හැකියාවක් තියෙනව. ඒ, අඩු වෝල්ටීයතා විසර්ජන සහ වැඩි වෝල්ටීයතා විසර්ජන. විදුලි ආඳෙක්, යම් ගොදුරක් අඳුරගත්තට පස්සෙ එයාගෙ මොළයෙන් මේ විද්‍යුත් අවයවයන් වලට ස්නායු සංඥාවක් යවනව. මේ යවන සංඥාවල, ස්නායු සම්ප්‍රේෂකය විදිහට ක්‍රියාකාරන්නෙ, ඇසිටයිල් කෝලීන්. විද්‍යුත් අවයවයන්ට ඒ අදාළ සංඥාව ලැබුණට පස්සෙ, ඒව තුළ තියෙන 'විද්‍යුත් සෛල' (Electrocyte) වල අයන නාලීකා විවෘත වෙනව. ඒකෙ ප්‍රථිඵලයක් විදිහට, සෝඩියම් අයන විද්‍යුත් සෛල තුළටත්, වෙනම අයන නාලිකා කට්ටලයකින් පොටෑසියම් අයන ඉන් පිටතට ගලා ඒමත් සිදු වෙනව. විද්‍යුත් විභවයේ මේ වෙන හදිසි වෙනස්වීම නිසා, ඉන් ධාරාවක් හටගන්නවා. (බැටරියක වෙනව වගේ). සාමාන්‍ය පරාසයක විභව වෙනස් වීමක් නිසා, සාමාන්‍යයෙන් වෝල්ට් 10ක විද්‍යුත් විසර්ජනයක්, 25Hz ක සංඛ්‍යාතයකින් සිදු වෙනව. උඩදි අපි කතා කරපු ඉන්ද්‍රියයන් තුනෙන්, වෙන වෙනම වෝල්ටීයතා සහිත විසර්ජනයන් නිකුත් කරන්නෙ. උදාහරණයක් විදිහට, main organ (ප්‍රධාන අවයවය) එකෙන් වෝල්ට් 600ක පමණ ඉහළ වෝල්ටීයතාවක් උත්සර්ජනය කරන්න පුලුවන්. හැබැයි අනිත් අවයව වලට එතරම් ලොකු වෝල්ටීයතාවක් ජනනය කරන්න බෑ. Hunter's organ එකෙන් ජනනය කරන්න පුලුවන් වෙන්නෙ වෝල්ට් 38.5 - 56.5 ත් අතර වෝල්ටීයතාවක් විතරයි. ඇස්තමේන්තු කරල තියෙන විදිහට, විදුලි ආඳෙක්ට හැකියාවක් තියෙනව, අශ්වයෙන් වැනි විශාල සත්වයෙක්ව පළවා හරින තරමෙ ලොකු කම්පන සහිත විද්‍යුත් විසර්ජනයන් සිදු කරන්න. විදුලි ආඳන්ගෙ, විද්‍යුත් අවයව නොවන දේහයේ අනිත් කොටස්, මේද ස්ථර වලින් ආරක්ෂා වෙලා තියෙන නිසා, මේ නිපදවෙන විද්‍යුත් විසර්ජන වලින් ඒවට බලපෑමක් වෙන්නෑ. කොහොම උනත්, ජලයෙන් පිටතදි, එයාල එයාලගෙම විද්‍යුත් විසර්ජන වලට හසුවෙන්න ඉඩකඩක් තියෙනව. #Knowledge ⚡️ @LearnBits

විදුලි ආඳා (Electric eel) විදුලි ආඳා කියන්නෙ, Electrophorus වර්ගයට අයත්, දකුණු සහ මධ්‍යම ඇමරිකාව නිජබිම කරගත්, Gymnotidae පවු
විදුලි ආඳා (Electric eel) විදුලි ආඳා කියන්නෙ, Electrophorus වර්ගයට අයත්, දකුණු සහ මධ්‍යම ඇමරිකාව නිජබිම කරගත්, Gymnotidae පවුලේ මිරිදිය මත්ස්‍යයෙක්. විදුලි ආඳන් ගොඩක්ම ප්‍රසිද්ධ වෙලා ඉන්නෙ, ගොදුරු වෙතට වෝල්ට් 860ක් පමණ දක්වා වූ තීව්‍ර විදුලි කම්පනයක් එල්ල කිරීමට ඔවුන්ට ඇති හැකියාව නිසයි. මෙයාලගෙ මේ විද්‍යුතය නිපදීමේ හැකියාව මුලින්ම 1775 වසරෙදි අධ්‍යනය කරල තියෙනව. සහ 1800දි විද්‍යුත් බැටරිය සොයා ගැනීමටත් දායක වෙලා තියෙනව. Scientific classification Domain: Eukaryota Kingdom: Animalia Phylum: Chordata Class: Actinopterygii Order: Gymnotiformes Family: Gymnotidae Genus: Electrophorus #Animalia ⚡️ @LearnBits

ඔයාගෙ සම්පූර්ණ අවධානය සහ කාලය, ශ්‍රේෂ්ඨ අරමුණක් වෙනුවෙන් කැප කරන්න. එතකොට ඔයාට වේදනාවක් දැනෙන්නෑ. ඔයාට වේදනාවක් දැනෙන්නෙ, ඔයා ඒ වේදනාවට සම්පූර්ණ විවෘත මනසකින් නිරාවරණය වෙන නිසා. ඔයා ඒ වේදනාවට අවධානය දෙන නිසා. ඉතින් ඇයි ඔයා තවදුරටත් ඔහේ කාලය ගෙවන්නෙ? ඔයාට රිද්දන වේදනාවකට, අනවශ්‍ය අවධානයක් දෙන්නෙ? යම්කිසි වටිනා දෙයකට, අරමුණකට ඔයාගෙ මනස, කාලය, අවධානය කැප කරන්න. එතකොට මේ සියලුම රිදීම්, තැලීම්, සීරීම් ඔයාට තවදුරටත් කරදරයක් වෙන එකක් නෑ. ජීවිතය වේදනාවක් වෙන්නෙ, රිදුම් දෙන්නෙ, අරමුණක් නැති, වගකීමක් නැති, නිකමුන්ට. ඉතින් ඇයි ඔයා නිකමෙක් වෙන්න හදන්නෙ? එච්චරයි....👄 #Life_Tips 🤫 @LearnBits

📍📍📍📍📍📍📍 ꕤ⋆𝔸𝕓❁𝕕𝕖 𝕠𝕗 𝕗𝕣𝕖𝕖𝕕𝕠𝕞⋆ ꕤ අපි කෙටි කතා තරගයක් තියන්න හිතුවා 😌 ඔයාලගේ නිර්මාණ් සැප්තැම්බර් 17 වනතෙක්
📍📍📍📍📍📍📍 ꕤ⋆𝔸𝕓❁𝕕𝕖 𝕠𝕗 𝕗𝕣𝕖𝕖𝕕𝕠𝕞⋆ ꕤ අපි කෙටි කතා තරගයක් තියන්න හිතුවා 😌 ඔයාලගේ නිර්මාණ් සැප්තැම්බර් 17 වනතෙක් එවන්න පුලුවන්☺️ ජයග්‍රාහකයින්ට ඩේටා කාඩ්,සහතික පත්,නේම් ආට් ඇතුලු තවත් බොහෝ තෑගි 🎉 වැඩි විස්තර ඉදිරියේදි අපගේ චැනලය හරහා දැනුම් දෙනු ලැබේ🌷 ඔබගේ නිර්මාණ එවීම සිදුකල යුත්තේ:-@Silent_tone13 📍📍📍📍📍📍📍

ඩිජිටල් ගබඩා දත්ත ධාරිතාව ආරෝහණ පිළිවෙලට. (Byte වලින්) B - Byte 1 KB - KiloByte 1 000 MB - MegaByte 1 000,000 GB - GigaByte 1 000,000,000 TB - TeraByte 1 000,000,000,000 PT - PetaByte 1 000,000,000,000,000 EB - ExaByte 1 000,000,000,000,000,000 ZT - ZettaByte 1 000,000,000,000,000,000,000 YT - YottaByte 1 000,000,000,000,000,000,000,000 HB - HellaByte  1 000,000,000,000,000,000,000,000,000 #Tech 💾 @LearnBits  

දිගටම post වලට යටින් අදාළ කාණ්ඩය අඩංගු #hashtag එක,
Anonymous voting

ඔයා දන්නවද? දුම්වැටියක් පානය කිරීමෙන් පසුව, ජානමය හානි සිදුවීමට පටන් ගන්නෙ මිනිත්තු කිහිපයකින් මිසක්, අවුරුදු කිහිපයකින් නෙවෙයි. ජනතාව අතර තාමත් අසත්‍ය මතවාදයක් තියෙනව, දිගු කාලීනව සිගරට් දුම පානය කරන අයට විතරක්, ජානමය හානි සිදු වෙනව කියල. මීට පස්සෙ සිගරට් ගහන කෙනෙක්ව දැක්කොත් හිතාගන්න, "මම මෝඩයෙක් නෙවේ. මට වඩා අල මෝඩයෝ මේ ලෝකෙ තාම ඉන්නවනෙ" කියල. #Facts 😮‍💨 @LearnBits  

ගොම කුරුමිණියා / Dung Beetle කියන්නෙ ලොව ශක්තිමත්ම කෘමීන්ගෙන් කෙනෙක්. පිරිමි Onthophagus taurus විශේෂයේ ගොම කුරුමිණියෙක්ට පුලුවන්, තමන්ගෙ දේහ ස්කන්ධය වගේ 1141 වාරයක විශාල ස්කන්ධයක්, ඇදගෙන යන්න. මිනිහෙක් තමන්ගෙ දේහ ස්කන්ධය වගේ 1141 වාරයක් ඇදගෙන යනව කියන්නෙ සාමාන්‍යයෙන්, 'දම් රැජින' වගේ බස් හයක් එකපාර ඇදීමකට. Scientific classification Domain : Eukaryota Kingdom : Animalia Phylum : Arthropoda Class : Insecta Order : Coleoptera Infraorder : Scarabaeiformia Superfamily : Scarabaeoidea Additional - wikipedia #Animalia 🐞 @LearnBits

ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම දෙය තමයි, තමන් තමන්ටම අයිති වෙන්නෙ කොහොමද කියල දැනගන්න එක... සෑහෙන මිනිස්සු ඉන්න කෝච්චි පෙට්ටියක, අපිට අපේ අතපයවත් හරියට පේන්නෙ නෑ වගේම, හුදෙකලාවෙන් තොර පරිසරයක, අපිට අපේ පරිකල්පනය දියුණුකරගන්න ලැබෙන්නෙත් නෑ. (හුදෙකලාව සහ තනිකම පටලානොගන්න. සෝශල් මීඩියා වල පෙන්නන 'තනිකම' ජීවිතයට එච්චර සුදුසු නෑ) අපිට පුලුවන් පියවර තුනක් ඔස්සේ, හුදකලා පරිසරයක් තුළ අපේ සෘණාත්මක හැඟීම් ආදියත් උපයෝගී කරගෙන, අපේ ඇතුල් සිත හරියටම තේරුම් ගන්න. පළමු පියවර තමයි, ආක්‍රමණශීලී සිතුවිලි පිළිගැනීම. හිතන්න ඔයාට එනව, "මට නං මේ පාඩමේ මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ අනේ" වගේ නරක සිතුවිල්ලක්. ඔයා, ඒ නරක සිතුවිල්ල එක්ක පොර බදින්නැතුව, ඒ සිතිවිල්ල දියුණු කරගන්න උත්සාහ කරන්න. "ඔව් මට මේ පාඩම බෑ තමයි. ඒ නිසා ඒකට මම මොකක්ද කරන්න ඕනෙ?" වගේ. දෙවනි පියවර තමයි සන්සුන් වීම. කායික වගේම මානසික සන්සුන්බව නැතුව ඔයාට කීයටවත් ඔයාගෙ සැබෑ හැඟීම් දැනගන්න වෙන්නෑ. තුන්වෙනි පියවර තමයි, හිතේ තියෙන අධික "ප්‍රශ්න" තොගය ජයගැනීමත්, ඒ තුළින් ඔයා ඔයා ගැනම සිතීමට පටන් ගැනීම. ප්‍රශ්න වලට මුහුණ දෙන්න විධි ගොඩක් තියෙනව වගේම, ඒ ප්‍රශ්න නිසා වෙන මානසික බලපෑම අඩු කරගන්නත් විධි ගොඩක් තියෙනව. ඔය කවි ලියන, කතා ලියන, සිංදු ලියන සමහරු, ඇත්තටම ඒ දේවල් කරන්නෙ එයාලගෙ ප්‍රශ්න නිසා දැනෙන අසීමාන්තික පීඩනයට මුහුණ දෙන්න තියෙන විකල්පයක් විදිහටයි. අනිත් අයව දැන අඳුනගන්න කලින්, ඔයා ඔයාව අඳුරගෙන ඉන්න. අනිත් අයව අයිතිකරගන්න කලින්, තමන් තමන්ටම අයිති බව දැනගෙන ඉන්න... #Psycho_Facts 🐺 @LearnBits

තමන්ගෙ වැරදි වලට, වෙන අයට දොස් කියන අයව අපි ඕනෙ තරන් දැකල තියෙනව. ඔයත් සමහර විට එහෙම කෙනෙක් වෙන්න ඇති. මේ තත්වය තමයි, ඕනෙම පු
තමන්ගෙ වැරදි වලට, වෙන අයට දොස් කියන අයව අපි ඕනෙ තරන් දැකල තියෙනව. ඔයත් සමහර විට එහෙම කෙනෙක් වෙන්න ඇති. මේ තත්වය තමයි, ඕනෙම පුද්ගලයෙකුගේ සිතුවිලි වල පළමු අවධිය. දෙවන අවධිය තමයි, තමන් අතින් වෙන වැරදි හැම එකටම තමන්ටම දොස් පවරගන්න එක. ඒක හැම අවස්ථාවටම සාධාරණ වැඩක් නෙවෙයි. තුන්වන අවධිය, එහෙමත් නැත්තං, චිත්තවේගීය පරිණාමයේ අවසන් අවධිය තමයි, වැරදි හමුවේ, තමන්ටවත් අනිත් අයටවත් බනින්නැතුව, ප්‍රථිඵලය දරාගෙන, ඉදිරියට යන එක. අපි හැමෝටම ජීවිතයේ මේ අවධි තුන පහු කරන්න කාලයක් එනව. අපි අතින් වැරදි වෙන්න හේතු ගණනාවක් තියෙන්න පුලුවන්. සමහර ඒව අපේම නොසැලකිල්ල නිසා වෙන්න පුලුවන්. සමහර ඒව වෙන අයගෙ වැඩ නිසා වෙන්න පුලුවන්. කොහොම උනත්, එහෙම තත්වයකදි, වෙන අයට බනින එක ඇත්තටම ප්‍රාථමික වැඩක්. ඒ වගේම තරුණ වයස් වලදි අපි ගොඩක් දේවල් වලට, අපිටම බැනගන්නව. ඒකත් තමන්ට තමන්ව අවිශ්වාස නිසා සහ මානසිකව අස්ථාවර නිසා සිදු වෙන දෙයක්. කොහොම උනත් ඔයා තෙවනි අවධියට වැඩිදියුණු උන කාලෙක, ඔයාට දැන් දැනෙන පරාජිත හැඟීම නැතිවෙලා යාවි. ඒ නිසා හැකි ඉක්මනට ඔයාගෙ සිතුවිලි වැඩිදියුණු කරගන්න. ඒක ඔයාටත්, අනිත් අයටත් ලොකු වාසියක් වේවි. Image Link #Psycho_Facts

#PartnerChannel ෆේස්පුක් නොයා ෆේස්පුක් යන්න @SinhalaJoke ජොයින් වෙන්න 🌝
#PartnerChannel ෆේස්පුක් නොයා ෆේස්පුක් යන්න @SinhalaJoke ජොයින් වෙන්න 🌝