Learn Bits
رفتن به کانال در Telegram
Psychology 🧘♂ | Relationship 👩❤️👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo
نمایش بیشتر1 305
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-97 روز
-4230 روز
آرشیو پست ها
1 305
ඔයා, ඔයාගෙ ජීවිතය හොඳින් ගෙවන බවට හැඟවෙන ලකුණු
- ඔයාට ඔයා ගැන සතුටුයි.
- ඔයා අවශ්‍ය වෙලාවට අවශ්‍ය වෙනස්කම් පිළිගන්නවා.
- ඔයා ඔයාගෙ ගැන සැලකිලිමත් වෙනව. ඔයාවම බලාගන්නව.
- ඔයා වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න සූදානම්.
- ඔයා යමක් ඉගෙන ගන්න විවෘතයි.
- ඔයාට ඔයාගෙ ක්‍රියාවන් වල හොඳ නරක තේරුම් ගන්න පුලුවන්.
- ඔයා ජීවිතය ගැන කෘතඥ වෙනව.
#Life_Tips
1 305
මම මා වෙනුවෙන් නොසිටින්නේ නම්, මා වෙනුවට සිටින්නේ කවුද? මම අන් අය වෙනුවෙන් නොසිටින්නේ නම්, මම මොකෙක්ද? සහ දැන් නොවේ නම් කවදද?If I am not for myself, who will be for me? If I am not for others, what am I? And if not now, when? - Rabbi Hillel (මෙම කියමන, ඒක පුද්ගල වගකීමේ වැදගත්කම, පරාර්ථකාමීත්වය සහ ධනාත්මක ක්‍රියාමාර්ග සඳහා අවස්ථා ලබා ගැනීමේ වැදගත්කම අවධාරණ කරයි) #Saying
1 305
සතුට කියල සංකල්පයක් ලෝකය තුළ පවතිනවද?
අපි හැමෝම කැමතියි සතුටින් ඉන්න. තමා සමග වගේම ලෝකය සමගත් එකඟත්වයකින් ජීවත් වෙන්න.
හැබැයි සතුට කියන සංකල්පය, මේ ලෝකෙ සෑම කෙනෙක්ටම අනන්‍ය උන දෙයක්. ඒක එකිනෙකාට අනුව තරමක් වෙනස්, වියුක්ත, නොපැහැදිලි දෙයක්.
ඒත් සතුට කියන සංකල්පයට යම් නිශ්චිත ආකෘතියක් තියෙනව. මේකට කියන්නෙ "PERMA" ආකෘතිය කියල. ආචාර්‍ය Martin Seligman තමයි මේ ආකෘතිය නිර්මාණය කරල තියෙන්නෙ.
P.E.R.M.A.
Positive emotions (ධනාත්මක හැඟීම්)
Engagement (නිරත වීම්)
Relationships (සබඳතා)
Meaning (අර්ථයන්)
Achievements (ජයග්‍රහණ)
මේ කරුණු පහම එකිනෙකින් ස්වායක්තව අපේ සතුට වෙනුවෙන් දායක වෙනව.
Additional - Perma model
#Psycho_Facts
1 305
අයිසැක් නිව්ටන්ට ගුරුත්වාකර්ෂණය පෙන්නල දීපු ඇපල් ගහ කොහෙද තියෙන්නෙ?
තරුණ අයිසැක් නිව්ටන්, ඇපල් ගහක් යට වාඩිවෙලා ඉන්නකොට, එයාගෙ ඔලුවට ඇපල් ගෙඩියක් වැටීම නිසා, තරුණ අයිසෙක් නිව්ටන්ගේ මානසික මට්ටම වෙනස් උන ජනප්‍රවාදය ඔයාල අහල ඇති.
ඒත් ඇත්තටම අදාළ ඇපල් ගෙඩිය එයාගෙ ඔලුවට වැටුනද නැද්ද එහෙමත් නැත්තං වෙනත් තැනකට වැටුනද කියල කියන්න කිසිම සාක්ෂියක් නෑ. ඒත් ඇපල් ගෙඩිය වැටෙන එක ඔහු නිරීක්ෂණය කරපු නිසා, එයා විශ්ව ගුරුත්වාකර්ෂණ නියමය එළිදැක්වීමට පෙළඹුව කතාව බොහෝ දුරට ඇත්තක්.
ප්‍රවීණයන් කියන විදිහට, අයිසැක් නිව්ටන් 1665 සිට 1667 කාලය තුළ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් ඉඳල තියෙනව. ඒත් විශ්වවිද්‍යාලය තුළ පැතිරුණ වසංගත තත්වයක් නිසා ඔහු නැවත එංගලන්තයේ Lincolnshire හි ඔහුගේ නිවසට ඇවිල්ල තියෙනව.
අන්න ඒ කාලය තුළ තමා මේ සිදුවීම වෙලා තියෙන්නෙ. ඒ වගේම සමහරු කියන්නෙ, ඒ සුවිශේෂ ඇපල් ගස, අදටත් අන්න ඒ නිවස අසල තියෙනව කියලයි.
(ගුරුත්වාකර්ෂණය සොයා ගැනීමට පෙර මිනිසුන් අහසේ පාවෙමින් සිටි බවට පැතිරෙන කටකතා අසත්‍යයක් වේ.)
#History
1 305
ෆෝන් එක වැස්සට අහුවෙලා හෝ, වතුරකට වැටිලා, ෆෝන් එක ඇතුළට වතුර ගියොත් ඒකට මොනවද කරන්න පුලුවන්?
ඕනෙම කෙනෙක් නිර්දේශ කරන පළවෙනිම දේ තමයි, හැකි ඉක්මනින් ෆෝන් පිළිබඳ ප්‍රවීණයෙක්ව හමුවෙලා උපදෙසක් ගන්න. නැත්තං වහාම අලුත්වැඩියාවකට යොමු කරන්න.
ෆෝන් පිළිබඳ ප්‍රවීණයක් කියල කිව්වෙ, local බයියොන්ට නෙවේ. ඇත්තටම ෆෝන් repair කරන හෝ ඒ සම්බන්ධ ලොකු දැනුමක් තියෙන අයට. සහ මමත් ඒ සම්බන්ධව local බයියෙක්ඔයාට එහෙම කරන්න බැරි නං, මේ පෝස්ට් එකේ තියෙන පහත කරුණු වලට අවධානය යොමු කරන්න. 1. ෆෝන් එකට වතුර ගිය බවට සැකයක් තියෙනව නං හෝ, ගිය බව දන්නව නං, ඒ මොහොතෙම ෆෝන් එක ඕෆ් කරන්න. මොකද ෆෝන් එක ඇතුළෙ තියෙන සියුම් පරිපථ ජලයට නිරාවරණය උනොත් පිළිස්සෙන්න පුලුවන්. 2. දැන් ෆෝන් එකේ පිටත හොඳට පිහිදන්න. හීරෙන්නැති විදිහට ටිශූ එකක් අරන් පිහිදාන්න. 3. ඊළඟට, චාජර් පෝට්, හෙඩ් ෆෝන් පෝට් වගේ කුහර වලින් ජලය එලියට එනවද කියල බලන්න, ඉතාමත් සියුම් විදිහට, සිනිදු පෘෂ්ඨයකට ෆෝන් එකෙන් තට්ටු කරන්න. 4. කවදාවත් ෆෝන් එක හාල් බෑග් එකක ගහල තියන්න එපා. ඒකට හේතුව අපි මේ පෝස්ට් එකෙන් කතා උනා. 5. හාල් එකක ඔබනව වෙනුවට, හොඳට ආවරණය උන වියළි ස්ථානයක හෝ මල්ලක, පැය 24-48 අතර කාලයක් ෆෝන් එක තියන්න අරින්න. හැබැයි මතක ඇතුව ෆෝන් එක ඕෆ් එකේම තියන්න. 5. මේ හැමදේම කරලත්, ෆෝන් එක වැඩ කරන්නැත්තං, හිත හදාගෙන ඉවර වෙලා ikman.lk ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. #LearnBits_Q_A
1 305
'අසාර්ථක' වීමකට සාර්ථකව මුහුණ දෙන්නෙ කොහොමද?
1. මුළින්ම වැරදුණු තැන, වැරදුන විදිහ තේරුම් ගන්න.
2. වෙනස් ආකාරයකට ඔයාගෙ අරමුණට ළඟා වෙන්න පුලුවන්ද කියල හොයල බලන්න.
3. කළ යුතු දේ කැපකිරීමෙන් සිදු කරන්න.
4. කාලය සහ මහන්සිය ඒ වෙනුවෙන් යොදවන්න.
5. අත් කරගන්න පුලුවන් හොඳම ප්‍රථිඵලයට ළඟා වෙන්න.
6. සටන අත නොහරින්න.
7. ඔයා අසාර්ථක කෙනෙක් නොවන බවට තීරණය කරන්න. සිහි තබාගන්න.
#Life_Tips
1 305
ඇයි හිම පියළි වල හැඩය එකිනෙකට වෙනස් වෙන්නෙ?
හිම පියළි කියන්නෙත් ඝනීභවනය උන ජල අංශුම බව ඔයාල දන්නව ඇති. ඉතින් හිම පියළි හැදිල තියෙන්නෙ ඔක්සිජන් සහ හයිඩ්‍රජන් පරමාණු වලින්මයි. ඒ නිසා මේ ලෝකෙ තියෙන හැම හිම පියළ්ලක්ම පරමාණුක මට්ටමින් සමානයි.
හැබැහි හිම පියළ්ලේ සමස්ථ හැඩය එකකට එකක් වෙනස් වෙනව. හිම පියළ්ලක තියෙන අද්විතීය හැඩය වෙනස් කරන්න බලපාන එක සාධකයක් තමයි, හිම පියළ්ල වටා තියෙන වායුගෝලයේ අස්ථායී උෂ්ණත්වය.
හිම පියළ්ල ඉහළ වායුගෝලයේ නිර්මාණය වෙලා පහළට එන අතරෙත්, ඒක විශාල වෙනව. ඒ අතරතුරේදී හිම පියළ්ල අවට වායුගෝලියේ වෙන උෂ්ණත්ව වෙනස් වීම නිසා, හිම පියළ්ලේ හැඩයත් ඒ අනුව වෙනස් වෙනව.
ගොඩක් විශේෂඥයන් කියන විදිහට, මේ ලෝකෙ තියෙන, තිබුණු කිසිම හිම පියළි දෙකක්, හැඩයෙන් සර්වසම නෑ.
ඒ වගේම විද්‍යාඥයන් පෙන්නල දෙන්නෙ, ලෝකය තුළ එකිනෙකට වෙනස් ආකාරයේ හිම පියළි හැඩ, 10¹⁵⁸ ප්‍රමාණයක් තියෙන්න පුලුවන් බවයි.
#Knowledge
1 305
සෘණාත්මක සිතුවිලි එක්ක ගණුදෙනු කරන්නෙ කොහොමද?
1. ඇඟ උණුසුම් කරන සුලු ව්‍යායාම වල යෙදෙන්න.
2. සංසුන්, ප්‍රසන්න සංගීතයකට හෝ ස්වභාවධර්මයේ ශබ්ද වලට සවන් දෙන්න.
3. ආතති පාලනයට සකස් කළ සෙල්ලම් බඩු හෝ උපකරණයක් භාවිතය.
4. හිතේ තියෙන අමනාපකම්, නරක සිතුවිලි සහ දුක්ගැනවිලි ආදී සියල්ලම, හිස් කොළයක ලිවීම.
5. ගායනය හෝ වාදනය පුහුණු වීම.
6. ස්වසන අභ්‍යාස වල නිරත වීම.
#Psycho_Facts
1 305
මොනවද Abortion, miscarriage සහ stillbirth කියන්නෙ?
Abortion කියන්නෙ ගබ්සා කිරීම කියල අපි දන්නවනෙ. ඒ කියන්නෙ ගැබ් ගත් කෙනෙක් යම් යම් උපාය මාර්ග භාවිත කරල තමන්ගෙ කුස තුළ තියෙන කලලය විනාශ කරන එකට.
Miscarriage කියන්නෙත ගබ්සාවටම තමයි. හැබැයි මේක හඳුන්වන්නෙ "ස්වයංසිද්ධ ගබ්සාවක්" කියල.
ඒ කියන්නෙ ගැබ් ගැනීමකින් පසුව පළමු සති 20 තුළදී, ගැබිනිබව අනපේක්ශිත ලෙස අවසන් වෙන එකට. තවත් ගැඹුරට කිව්වොත්, කුස තුළ තියෙන කලලයේ වර්ධනය, උඩ කිව්ව කාල සීමාව තුළ නතර වෙන එකට.
"මළ දරු උපත" හෙවත් stillbirth එකක් කියන්නෙ, ගැබ්ගැනීමෙන් සති 20කට පසුව, යම් කිසි හේතුවක් නිසා කුස තුළ ඉන්න ළදරුවා මිය යන එකටයි.
#Knowledge
1 305
ශිෂ්ණයේ ප්‍රමාණය බලපානවද? සහ සාමාන්‍යය ශිෂ්ණ ප්‍රමාණය මොකක්ද?
✦ කොහොමද ශිෂ්ණයේ ප්‍රමාණය හරියටම මනින්නෙ?
ශිෂ්නයේ ප්‍රමාණය කියනකොට අපි පරාමිතීන් දෙකක් ගැන කතා කරනව. ඒ තමයි දිග සහ මහත. හෝ විශ්කම්භය. ˢᵉᵉ
ශිෂ්ණයේ දිග මනින්න නං, මිනුම් දණ්ඩක් අරගෙන (30cm රූල ප්‍රමාණවත්) ඒකෙ ආරම්භය "pubic bone" හෙවත් "සෘජු අස්ථිය" හමුවෙන තැනට අරන් යන්න. මෙතනදි ඇත්තටම හමේ තැන්පත් වෙලා තියෙන මේද තට්ටුව නිසා මිණුම් දණ්ඩ හමේ මද දුරක් ගැඹුරට ගමන් කරන්න වෙනව. ඊට පස්සෙ අපි එතන ඉඳල ශිෂ්ණ හිසට තියෙන දුර ගමන් කරනව. ශිෂ්ණ හිස කියනකොට ඒකට පෙර සම ඇතුළත් නෑ.
ඒ වගේම ශිෂ්ණයේ මහත/විශ්කම්භය මැනගන්න අවශ්‍ය නං, නැවෙනසුලු මිණුම් රේඛාවක් (ටේප් එකක්) අරගෙන, ඒකෙන් ශිෂ්ණයේ වඩාත්ම මහත තැන, එබෙන්නැති විදිහට මැනගන්න.
✦ ශිෂ්ණයේ ප්‍රමාණය වැදගත්ද?
ලිංගික කටයුතු ගැන සලකනකොට ඇත්තටම ශිෂ්ණයේ ප්‍රමාණය එච්චර වැදගත් දෙයක් නෙවෙයි. ශිෂ්ණයේ ප්‍රමාණය කියන එක, ලිංගික ආශාවන්ට, සෞඛ්‍යය හෝ ක්‍රියාකාරීත්වයට බලපාන්නෑ. ඒ වගේම මූත්‍ර කරන්න, ප්‍රජනනයට හෝ ලිංගික කටයුතු වලදි ශිෂ්ණය ප්‍රමාණයෙන් ලොකු වෙන්න අවශ්‍යත් නෑ.
තමන්ගෙ ලිංගේන්ද්‍රිය පිළිබඳව හොර රහසේ කලකිරීමකින් ඉන්න පුද්ගලයන්, ගැහැණු පිරිමි දෙවර්ගයම අතර ඉන්නව.
ඒ විදිහට තමන්ගෙ ශිෂ්ණය, සාමාන්‍යය ප්‍රමාණයට වඩා පොඩියි කියල හිතන එකෙන්, කෙනෙක්ගෙ විශ්වාසය නැති වෙලා ලිංගික සුවය විඳින්න තියෙන හැකියාව නැති කරල දානව. ඒ වගේම ආතතිය සහ කාන්සාව නිසත් ශිෂ්ණය සෘජු වීමේ ගැටළු ඇති වෙනව.
ශිෂ්ණයේ ප්‍රමාණය පැත්තකට කළොත්, ශිෂ්ණය සෘජු නොවීම කියන එක වර්තමානයේ ගොඩක් සුලබව ඇහෙන දෙයක්. ඒකට මානසික ආතතිය, සිගරට් පානය වගේ සාධක බලපානව.
✦ මොකක්ද සාමාන්‍ය ශිෂ්ණ ප්‍රමාණය (දිග)?
පර්යේෂණ සහ සමීක්ෂණ වලට අනුව, විවිධ රටවල් වල සාමාන්‍ය ශිෂ්ණ ප්‍රමාණයන් එකිනෙකට වෙනස්. කොහොම උනත් පහතින් දක්වල තියෙන්නෙ සමස්ථ ලෝකයම සලකල ඉදිරිපත් කරන කරුණු කීපයක්.
» දිග අනුව බලනකොට සෘජු නොවන ශිෂ්ණයක සාමාන්‍ය දිග අඟල් 3.61 යි. සහ සෘජු වූ ශිෂ්ණයක සාමාන්‍යය දිග අඟල් 5.16 යි.
» 2015 දි කරපු සමීක්ෂණයකට අනුව, ගොඩක් අය හිතන් ඉන්න ශිෂ්ණයේ සාමාන්‍යය ප්‍රමාණය, සත්‍ය අගයට වඩා විශාල විදිහටයි. ඒ වගෙම බහුතරයක් අය හිතන් ඉන්නෙ සාමාන්‍යය ශිෂ්ණයක ප්‍රමාණය අඟල් 6කට වඩා වැඩි විය යුතුයි කියල.
» මිනිසුන් 100 දෙනෙක්ගෙන් මිනිසුන් 5 දෙනෙක්ට, අඟල් 6.3කට වඩා දිග ශිෂ්ණයක් තියෙන්න පුලුවන්.
» ඒ වගේම මිනිසුන් 100 දෙනෙක්ගෙන් මිනිසුන් 5 දෙනෙක්ට, අඟල් 3.94 කට වඩා වඩා කුඩා ශිෂ්ණයක් තියෙන්න පුලුවන්.
» ඒ අනුව 90%ක පුද්ගලයන්ට තියෙන්නෙ, අඟල් 5ක පමණ සාමාන්‍යය ප්‍රමාණයක ශිෂ්ණයක්. (මධ්‍යය අගය)
» පහුගිය දශකය තුළ, සාමාන්‍යය ශිෂ්ණ ප්‍රමාණයේ අගය යම් තරමකට ඉහළ ගිහිල්ල තියෙනව. ඒකට හේතු විදිහට, පුරුෂයන් අඩු වයසින් වැඩි වියට පත් වීම, ශරීර ප්‍රමාණයන් ලොකු වීම සහ හෝමෝන සාන්ද්‍රණයන්ගේ සිදුවූ වෙනස්කම් බලපානව.
✦ ශිෂ්ණයේ ප්‍රමාණය, කෘතීම ක්‍රම වලින් විශාල කරන්න පුලුවන්ද?
ඔව් පුළුවන්. හැබැයි දැනට තියෙන ගොඩක් ක්‍රම වලින් කරන්නෙ තාවකාලික හෝ ආන්තික වැඩි කිරීමක් ශිෂ්ණයට ලබා දෙන එකයි. ඒ වගේම විවිධ කූට තෙල් වර්ග සහ මිල අධික පෙති වර්ග වලින් වැළකිලා ඉන්න එක සෞඛ්‍යයට හිතකරයි.
ශිෂ්ණය විශාල කිරීම සම්බන්ධ ජනප්‍රියම ක්‍රම කීපයක් තමයි,
1. ශිෂ්ණ පොම්පය - චූශණය මගින් ශිෂ්ණයට ගලන රුධිර ප්‍රමාණය වැඩි කිරීම.
2. ශිෂ්ණ වළලු - ශිෂ්ණය තුළ රුධිරය සිර කිරීමෙන්, වැඩි කාලයක් රුධිරය රැඳී හිටින්න උපකාර වෙනව.
3. කම්පන උපාංග - ශිෂ්ණයේ විකෘතිතා නිවැරදි කරන්න බහුලවම භාවිත වෙනව.
4. ව්‍යායාම - ශිෂ්ණයේ පටක සහ සම නිවැරදි ලෙස හැසිරවීම සිදු කරන සම්බාහන සහ ව්‍යායාම ඇතුළත් සංකීර්ණ ක්‍රියාකාරකම් වල එකතුවකි.
5. ප්ලාස්ටික් සැත්කම්
#Knowledge #Education #Youth #Personal_Care
1 305
Valak / Valac (වැලැක්)
Valak කියන නම හම්බෙන්නෙ මොන වගේ පුරාවෘත්ත වලද?
Valak කියන නම, මධ්‍යකාලීන මන්ත්‍ර ගුරුකම් පොත් හෙවත් ඉංග්‍රීසියෙන් grimoires කියල හඳුන්වන මන්ත්‍ර සූත්‍ර ඇතුළත් පොත් වල සඳහන් වෙනව.
Grimoire - (ග්‍රිම්-වාර්) මේ පොත් වල සඳහන් වන්නේ බොහෝ විට යක්ෂයන් සම්බන්ධ ගුරුකම්, විවිධ මන්ත්‍ර සහ එම ක්ශේත්‍රය සම්බන්ධ පුරාතණ තොරතුරු. මධ්‍යකාලීන යුගයෙන් පස්සෙ කිතුනු බැතිමතුන් සහ විශේෂයෙන්ම ක්‍රිස්තියානි ආගමික නායකයින් හා ක්‍රිස්තියානි පල්ලි වලින් මෙවැනි යක්ෂයන් හා සම්බන්ධ ලේඛන ආදිය "තහනම් ලේඛන" ලෙස වර්ග කරල තියෙනව. එවැනි ලේඛන සහ ඒවායෙ අත්පිටපත් "ආගමික නොවන" හුදු මිත්‍යාදෘෂ්ටික දේවල් බවත් බොහෝ ක්‍රිස්තියානුවන් විශ්වාස කරනව. කොහොම උනත් තවමත් සමහර කතෝලික පූජකවරුන්, විශේෂයෙන්ම යුරෝපය ආශ්‍රිත පූජකවරුන් මෙවැනි පොත් පත් ළඟ තබාගෙන ඉන්නව. සහ ඒවගෙ සඳහන් වෙන දේවල් අධ්‍යනය කරමින් ඉන්නව.Valak කියන්නෙ කොහොම ආත්මයක්ද? Valak කියන්නෙ ඇත්තටම The Nun කියන ෆිල්ම් එකේ පෙන්නනව වගේ කන්‍යා සොහොයුරියකගෙ පෙනුමක් තියෙන කෙනෙක් නෙවෙයි. ඒක එයාගෙ තවත් එක වෙස්මාරුවක් විතරයි. ලිපි ලේඛන වල සඳහන් වෙන විදිහට, Valak කියන්නෙ කෲර පෙනුමක් තියෙන පියාපත් සහිත ළමයෙක් වගේ කෙනෙක්. ඒ වගේම තවත් සමහරු දරන මතයක් තමයි, කිතුනු බැතිමතුන්ව, ඔවුන්ගේ ආගමටම සම්බන්ධ වේශයකින් බිය වද්දන්න කියල හිතාගෙන, Valak මේ විදිහට කන්‍යා සොයුරියකගෙ වෙස් අරන් ඉන්න බව. Valak ගැන පළමු වරට සඳහන් වෙන්නෙ මොන ලේඛනයේද? දැනට දන්න විදිහට, "Valak" කියන නම මුල් වරට සඳහන් වෙන්නෙ "Clavicula Solomonis Regis" නොහොත් "The key of solomon" කියන grimore එකේ.
Solomon (සොලමන්) මෙතනදි solomon කියල අදහස් වෙන්නෙ, ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදි වාර්තා උන, සොලමන් රජු ගැන කියන එක තමයි දැනට පිළිගන්න ප්‍රභලම මතය.ඉතින්, Solomon රජතුමා රචනා කලා කියල සැක කරන මේ grimore එකේ තියෙන්නෙ, එතුමගෙ පාලන කාලය තුළ එතුමා විසින් පරාජය කරපු යක්ෂ ආත්ම 72ක් පිළිබඳව විස්තරයි. ඒ යක්ෂ ආත්ම වල තොරතුරු වලට අමතරව, ඔවුන්ගේ නම්, සහ ඔවුන්ව නැවත වරක් කෙනෙක්ට මුණගැසුනොත්, ඒ යක්ෂ ආත්ම පළවා හැරීමට උපදෙසුත් මේ ග්‍රන්ථයේ අඩංගු වෙනව. සමහර වෙලාවට Ualac, Valu, Volac, Doolas හෝ Volach කියල කියවෙන, අපේ කතා නායකයා උන Valak කියන යක්ෂ ආත්මය, මේ ග්‍රන්ථයේ 62වෙනි යක්ෂයා හැටියට සඳහන් වෙනව. මේ grimore එකට අනුව Valak, තවත් යක්ෂයන් 30 දෙනෙක්ගෙ හමුදාවකට නායකත්වය දෙනව. සහ එයාගෙ විශේෂ හැකියාව තමයි සර්පයන්ව සහ සැඟවුනු නිධාන හොයාගන්න එක. ශුද්ධ වූ බයිබලය තුළ, සොලමන් විසින් සඳහන් කළ මේ යක්ෂ ආත්ම 72 ඇතුළත් grimore එක ගැන සටහනක් නෑ. ඒත් වතිකානුවේ, දර්ශක පුස්තකාලයේ (index librorum), තහනම් පොත් අතරෙ මේ grimore එක ගැනත් සඳහන් වෙනව. Film එකේ ඉන්න "The Nun" ව හැදුනෙ කොහොමද එතකොට? ඔයාල දන්නව ඇති මේ conjuring කතා මාලාවෙ ඉන්න Ed සහ Lorraine Warren කියන්නෙ ඇත්ත පුද්ගලයන් දෙදෙනෙක්. ඔවුන් යක්ෂ/භූත ආත්ම විමර්ශකයන් විදිහට ලොකු ප්‍රසිද්ධියක් උසුලල තියෙනව. මේ දෙපළගෙ දුව සමග විවාහ උන පුද්ගලයා වරක්, Ed සහ Lorraine Warren විසින් ඔහුට පවසපු දෙයක් ගැන හෙළිදරව්වයක් කරල තියෙනව. ඒ, මේ දෙපළ 1970දි විතර, දකුණු එංගලන්තයේ තිබ්බ Borley පල්ලියේ විමර්ශන සංචාරයක යෙදිල ඉන්නකොට, ඔවුන්ට හම්බෙලා තියෙනව අත්භූත කන්‍යා සොයුරියකගෙ ආත්මයක්. පුරාවෘත්ත වලට අනුව, මේ කන්‍යා සොයුරිය ඒ කාලෙ ජීවත් වෙලා ඉන්නකොට, පල්ලියේ අනියම් සම්බන්ධයක් පවත්වල, ඒකට දඬුවමක් විදිහට ඇයව පණපිටින් ගඩොල් බිත්තියක වළලල තියෙනව. ලොරේන් වොරන්, එක දවසක මධ්‍යම රාත්‍රියෙදි, පල්ලියේ සොහොන් පිටියේදි ඒ අවතාරය සමග මුහුණට මුහුණ හම්බෙලා තියෙනව. ලොරේන් වොරන් ගෙ, කිතුනු දහමට තිබ්බ අධික බැඳීම නිසා, ඇයට මේ හමුවුන ආත්මය ඇයගෙ ජීවිත කාලය පුරාවටම හිතේ හොල්මන් කරල තියෙනව. ඉතින් තමන්ගෙම ආගම තමන්ට විරුද්ධව භාවිත උන සිද්ධියක් හැටියට මේ කතාව ගොඩක් ප්‍රසිද්ධ උනා. අන්න ඒ නිසයි ෆිල්ම් එකේ අපි දකින Valak කියන යක්ෂ ආත්මයටත් කන්‍යා සොයුරියක්ගෙ පෙනුම ලබාදීලා තියෙන්නෙ. #Knowledge #History #Horror
1 305
ඔයාල Conjuring II හෝ The Nun කියන ෆිල්ම් බලල තියෙනව නං, ඒ ෆිල්ම් දෙකේම හිටපු "Valak" කියල හඳුන්වන ආත්මය ගැන දන්නව ඇති.
ඒත් ඔයාල දන්නවද, Valak කියන ඒ ආත්මෙ සම්බන්ධ විස්තර, පුරාවෘත්ත වල පවා සඳහන් වෙන බව? වෙනත් විදිහකට කිව්වොත්, Valak කියන්නෙ නිකංම නිකං ෆැන්ටසියක් නෙවෙයි. සත්‍ය පුරාවෘත්තයක් පදනම් කරගෙන මේ ෆිල්ම් එකට එකතු කරපු ආත්මයක්.
Valak ගැන සවිස්තරාත්මක ලිපියක් අවශ්‍ය නම් රිඇක්ශන් එකක් දාල තියන්න.
#Facts
1 305
චීනයේ සමහර ඇතුලත්වීමේ විභාග (Entrance exams) වලදි, සිසුන් විභාග වංචාවක් කරල අහු උනොත්, එයාලට හම්බෙන දඬුවම, විභාග ලකුණු අත්හිටුවීමෙ ඉඳල - අවුරුදු 7ක සිර දඬුවමක් දක්වා වෙනස් වෙනව.
#Facts
1 305
මානසිකව උමතු රෝගින්ට, ගොඩක් වෙලාවට වෙනත් අයට දැනෙන ශෝකාකූල බව දැනෙන්නෑ. බහුතරයක් අය දුකට පත් වෙන දේවල්, එයාලට සාමාන්‍යය දේවල් විතරයි.
සහ, ඒ වගේ රෝගින්ව තිගැස්මකට පත් කරන්න හරි අමාරුයි. එයාලගෙ සංවේදනය වගේම, සමායෝජනයත් ඉතාමත් දුර්වල තත්වයක තියෙන්නෙ.
#Psycho_Facts
1 305
ඇයි සමහර වෙලාවට අපේ ඇහි පිල්ලමක් එකපාරටම ගැහෙන්න පටන් ගන්නෙ? (ක්ෂණික ගැස්සීම්, Eyelid Twitch)
ඔයාටත් සමහර වෙලාවට මේ අත්දැකීමට මුහුණ දෙන්න වෙලා ඇති. සමහර වෙලාවට අපේ එක ඇහැක හෝ දෙකේම, ඇහි පිල්ලම සැරින් සැරේට ගැහෙන්න පටන් ගන්නව.
අපිට ඒක ලොකු චලනයක් වගේ දැනුනත්, වෙන අයට ඒක නිරීක්ෂණය කරන්න තරන් ඒ චලනයක් ලොකුවට වෙන්නෑ.
ඉතින් ඇයි එහෙම වෙන්නෙ? ඒක භයානක තත්වයක්ද?
ගොඩක් වෙලාවට මේ තත්වය පොදු සාමාන්‍ය දෙයක්. ඒ කියන්නෙ හානිකර නැති, සුලබ දෙයක්. ඇහි පිල්ලමක පේශි මේ විදිහට ගැහෙන්න පටන් ගන්න හේතු ගණනාවක් තියෙන්න පුලුවන්.
ආතතිය වැඩි වීම, අධික කැෆේන් පරිභෝජනය, තෙහෙට්ටුව, ප්‍රමාණවත් නින්දක් නොමැතිකම, දිගු වෙලාවක් තිරයක් දෙස බලාගෙන සිටීම වගේ හේතු, මේ තත්වයට හේතු වෙනව. (නියමම හේතුව නිශ්චිතවම කියන්න බෑ)
සරලවම, ඇහි පිල්ලම් ගැහෙනව (Eyelid Twitch) කියන්නෙ ඔයාගෙ ඇස් වලට විවේකයක් නෑ කියන එක. මේ තත්වය තත්පර කිහිපයක ඉඳල සති කීපයක් දක්වා පවතින්න පුලුවන්.
ගොඩක් වෙලාවට සාමාන්‍ය දෙයක් හැටියට සැලකුවත්, කලාතුරකින් මේ තත්වය වෙනත් ආබාධයක රෝග ලක්ෂණයක් වෙන්න ඉඩකඩක් තියෙනව. උදාහරණයකට, පේශි චලන සංකූලතාවන් තියෙන පුද්ගලයන්ට, ඇහි පිල්ලම් ගැහෙන එක පූර්ව රෝග ලක්ෂණයක් කියල සලකනව. ඔයාටත් මේ තත්වය දීර්ඝ කාලයක් තිස්සෙ තියෙනව නං වෛද්‍ය නිර්දේශයක් ලබාගන්න එක වඩාත් සුදුසුයි.
#Personal_Care #Health #Knowledge
1 305
ඇයි අපිට දහඩිය දාන්නෙ?
අපි සමහරු හිතන් ඉන්නව, අපිට දහඩිය දාන්නෙ මහන්සි උනොත් විතරයි, එහෙමත් නැත්තං ගොඩක් රස්නෙ වෙලාවට විතරයි කියල. ඒත් ඇත්තටම, මිනිස් ශරීරයෙන් හැමතිස්සෙම දහඩිය පිට කරනව. අපි නිදාගෙන ඉන්නකොටත් ඒක වෙනව.
ඉතින් ඇයි මේ විදිහට අපේ ශරීරයෙන් දහඩිය පිටවෙන්නෙ?
දහඩිය කියන්නෙ ඇත්තටම වතුර. යම් යම් වෙනත් සංයෝග කිහිපයක් අඩංගු, වැඩි ප්‍රතිශතයක් ජලය අඩංගු ද්‍රාවකයක්.
මිනිස් සිරුරෙන් හා වෙනත් සතුන්ගෙන් දහඩිය පිටවෙන එකේ මූලිකම අරමුණ තමයි දේහ උෂ්ණත්වය පවත්ව ගැනීම. දහඩිය කියන්නෙත් ජලයමයි කියල උඩ අපි කතා උනානෙ.
ඉතින් ජලය කියන්නෙ, උෂ්ණත්වය නියත මට්ටමක තියාගන්න වැදගත් වෙන හොඳම ද්‍රවයක්. ඒ, ජලයෙ තියෙන ඉහළ විශිෂ්ට තාප ධාරිතාව නිසා.
යම් ද්‍රව්‍යයක විශිෂ්ට තාප ධාරිතාවය (c) යනු එම ද්‍රව්‍යයේ ඒකක ස්කන්ධයක උෂ්ණත්වය ඒකක එකකින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණයයි.අපේ ශරීරයේ සිදුවෙන විවිධ පරිවෘත්තීය ක්‍රියා නිසා අපේ ඇඟේ උෂ්ණත්වය, සාමාන්‍යය පරිසර උෂ්ණත්වයට වඩා වැඩියෙන් පවතින්නෙ. හැබැයි දේහ උෂ්ණත්වය ඕනෙවට වඩා වැඩි වෙන එක අපිට ගොඩක් අහිතකරයි. මොකද එතකොට එන්සයිම, හෝමෝන හා වෙනත් සංඝටක වල රසායනික සංයුතියට ඒකෙන් බලපෑමක් වෙන නිසා. අන්න ඒ නිසා, දේහයෙන් හැමතිස්සෙම, සමේ පිහිටල තියෙන ස්වේද ග්‍රන්ථි වලින් ස්වේදය/දහඩිය පිටකරනව. (අපි උඩදි කතා කරපු ජලයේ ඉහළ විශිෂ්ඨ තාප ධාරිතාව නිසා, පොඩි ජල ප්‍රමාණයකින් ලොකු තාප ප්‍රමාණයක් අවශෝෂණය කරගන්න පුලුවන්. දහඩියේ ජලය නැතුව, වි.තා.ධා. අඩු වෙනත් ද්‍රවයක් තිබ්බොත් එහෙම, උෂ්ණත්වය පාලනය කරන්න දහඩිය ගොඩක් ස්‍රාවය කරන්න වෙනව) හැබැයි අපි ව්‍යායාම කරනකොට හෝ මහන්සි වෙනකොට හෝ දේහ උෂ්ණත්වය සාමාන්‍යය මට්ටමට වඩා ඉහළ යනව. එතකොට, කලින් දහඩිය ස්‍රාවය උන සීඝ්‍රතාවටම දහඩිය ස්‍රාවය උනොත්, දේහ උෂ්ණත්වය පාලනය කරන්න බැරි වෙනව. ඒ නිසා ඒ වගේ අවස්ථාවලදි දහඩිය ගොඩක් ස්‍රාවය වෙනව. සමෙන් දහඩිය ස්‍රාවය කරන සීඝ්‍රතාව, දහඩිය වායුගෝලයට වාෂ්ප වෙන සීඝ්‍රතාවට වඩා වැඩි වෙන නිසා, හමේ අපිට පේන්නම දහඩිය බිඳිති ඇති වෙනව. සමහරු දාඩිය දානව කියන්නෙ අන්න ඒකට. ඉතින් ඇත්තටම වෙන්නෙ දහඩිය දාන ප්‍රමාණය වෙනස් වෙන එක විතරයි. නැතුව දහඩිය දාන එක නවතින්නෑ. ඒක අනිවාර්‍ය සහ සෑම විටම සිදුවෙන දෙයක්. Additional - BetterHealth #Knowledge
1 305
අනිත් අය අපිව අගය කරන්න අවශ්‍ය බව සිතීම වැරැද්දක්ද?
විලියම් ජේම්ස් නම් මනෝ වෛද්‍යවරයා විසින් මෙහෙම ප්‍රකාශයක් සිදු කරල තියෙනව
මිනිසාගෙ මනසෙ ගැඹුරින්ම තියෙන ආශාවක් තමයි, අන් අය තමන්ව අගය කරන බවට සිතීම. තමන් අනිත් අයට අනවශ්‍ය බව දැනීම මනසට ගොඩක් හානිකරයි. මිල අධික මැණිකක් කියන්නෙ සැබෑ තෑග්ගක් නෙවෙයි. ඒක යම් අඩුපාඩුවක් සඳහා සමාව අයැදීමක්. යම් පුද්ගලයෙක්ව 'අවංකව අගය කිරීම' කියන්නෙ, ඒ පුද්ගලයට ලබාදෙන්න පුලුවන් ශ්‍රේෂ්ඨතම තෑග්ගයි. ඒකෙන් කෙනෙක්ට වැදගත් හැඟීමක් ඇති වෙනව.බහුතරයක් දෙනාට වගේම, ඔයාටත් මටත් මේ ආශාව තියෙනව. අපි හැමෝම කැමතී අනිත් අය අපේ හැකියාවකට, චරිතෙට හෝ වෙනත් සාධකයක් අගය කරනව දකින්න. විශේෂයෙන්ම කුඩා ළමයින් තුළ මේ හැසිරීම ප්‍රසිද්ධයි. ගොඩක් ළමයි කැමතී, තමන්ගෙ ගුරුවරයා හෝ දෙමාපියන් තමන්ව අගය කරනව බලන්න. අපිට සමාජෙන් වෙන් වෙලා තනියම ඉන්න අමාරුත් අන්න ඒකයි. ඩිජිටල් ලෝකය තුළ ඔයාට කවුරු මුණ ගැසුණත්, කවුරු ආශ්‍රය කළත්, කවුරු ඔයාව අගය කළත්, ඒ කිසිම දෙයක් ස්වභාවික භෞතික ලෝකයේ වෙන දේකට සමාන කරන්න බෑ. හැබැයි මේ ආශාව අපිව දිරිමත් කරනව වගේම, අපිට බාධාත් කරනව. සමහරු, වෙන අයගෙ අගය කිරීම් බලාපොරොත්තුවෙන් ඵලකට නැති නිශ්ඵල දේවල් වල යෙදිල, එයාලගෙ අනාගත ජීවිතය අනතුරක දාගන්නවා. තවත් සමහරු, ලෝකයාගෙ අගය කිරීම් ලබාගන්න ඕනෙ නිසා, බොහොම භයානක දේවල් කරලා ජීවිතයෙන් වන්දි ගෙවපු අවස්ථාත් ඕනෙ තරම් තියෙනව. ඉතින් අවසානයට, ඔයාටත් අවශ්‍ය නම් වෙන අය ඔයාව අගය කරනව දකින්න, ඒක බොහොම සාමාන්‍යය මිනිස් ආශාවක් බව මතක තියාගන්න. හැබැයි ඒ අගය කිරීමට ඔයාව පාලනය කරන්න ඉඩ දෙන්න එපා. ඔයාටත්, ලෝකයටත් වැඩකට ඇති දෙයක් නිසා ඒ අගය කිරීම් ලබාගන්න මහන්සි වෙන්න. #Personal_Care #Psycho_Facts
1 305
ඔයා යම් කිසි දෙයක් ගැන අධිකව හිතමින් (overthinking) නින්දට ගියොත්, ඔයා ඇහැරිලා ඉන්න වෙලාවට වගේම, ඔයාගෙ මනස විවේක ගන්නැතුව සක්‍රීයව පවතිනවා. ඒ නිසයි ඒ වගේ නින්දකට පස්සෙත් ඔයාට වෙහෙසක් දැනෙන්නෙ.
#Psycho_Facts
1 305
ලොම් නැතුව, වලහෙක්ව පේන්නෙ මේ විදිහටයි.
(සමේ වර්ණය වලස් විශේෂය අනුව රෝස පාටෙ ඉඳල දුඹුරු/අළු හෝ කළු පැහැය දක්වා විචලනය වෙන්න පුලුවන්)
#Facts 🐻 @LearnBits
1 305
මෝඩයොත් එක්ක විවාදයට යන්න එපා. මෝඩයො මුලින්ම කරන්නෙ, ඔයාවත් ඔවුන්ගේ පහත් මට්ටමට ඇදල දාන එක. ඒක වචනයෙන් හෝ ක්‍රියාවෙන් වෙන්න පුලුවන්.
ඒ පහත් මට්ටම, ඔයාට අලුත් දෙයක් උනත්, එයාලට ඒ පහත් මට්ටම ගොඩක් පුරුදුයි. ඉතින් එයාලට අත්දැකීම් සහිත මට්ටමක් තුළ, ඔයාගෙ බල හීන වෙනව.
සරලවම, මෝඩයො විවාදය ජයගන්නවා. ඔවුන්ගේ කාලය, වෙහෙස සියල්ලම කැප කරල, ඔවුන්ට වාසිදායක මට්ටමක් දක්වා ඔයාව පහතට ඇදල දාල, ඔවුන් ඔයාව පරද්දනවා.
කවදාවත් ඒ තැනට වැටෙන්න එපා. විවාද වලට පැටලෙන්නෙම ගොඩක් වෙලාවට මෝඩයොම විතරයි. ඒ නිසා බුද්ධිමත් වෙන්න...
- George Carlin ගේ සුප්‍රකට වදනක් ඇසුරින්
#Saying 😮💨 @LearnBits
