Learn Bits
رفتن به کانال در Telegram
Psychology 🧘♂ | Relationship 👩❤️👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo
نمایش بیشتر1 305
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-97 روز
-4230 روز
آرشیو پست ها
1 305
පේටන්ට් (Patent) බලපත්‍ර සහ පිටපත් අයිතිය (Copy Right) අතර වෙනස මොකක්ද?
පේටන්ට් එකක් ලැබෙන්නෙ නව නිපැයුමක් සඳහා. ඒ කියන්නෙ ලෝකෙට අලුත් දෙයක්, අලුත් සංකල්පයක් ඉදිරිපත් කිරීමේ අයිතිය තහවුරු කිරීම වෙනුවෙන්.
හැබැයි පිටපත් අයිතිය වලංගු වෙන්නෙ, කලාත්මක ක්‍රියාවක් වගේ අදහසකට. ඒක පොතක්, චිත්‍රයක්, සිංදුවක් හෝ ඒ හා සමාන දෙයක් වෙන්න පුලුවන්.
මේ වර්ග දෙකේදිම, ඒ ඒ පනතට අයත් වෙනස් නීති රීති තියෙනව.
Patent Regulations
CopyRight basics from Aus AG Dep.
#Knowledge
1 305
Telegra.ph කරපු කතාවක හෝ ලිපියක, Link preview එක එන්නැති ගැටළුවක් තියෙනවද? (නිකංම ලින්ක් එක විතරක් වැටෙන)
1 305
👹️ රෑට නින්දක් නැතුව ඉන්න ඔයාලට අලුත්ම 👹️
👻සත්‍ය , බිහිසුණු
හොල්මන් ,මිනීමැරුම්
අභිරහස් සහ බියජනක කතාමාලා 👹️
සියල්ලම එකට 🎃
කියවන්න කැමති අයට වගේම
HORROR , THRILLER ෆිල්ම් බලන්නත් 👻
👹️අපිත් එක්ක එකතු වෙන්න👹️
JOIN WITH US ❤️
1 305
ලියන්න බැරි වෙලාවට හිතන්න...
අපි කතා ලිව්වට, අපිට හැමතිස්සෙම කතාවම ලිය ලිය ඉන්න පුලුවන් කමක් නෑනෙ. වෙන වැඩත් තියෙනවනෙ. ඉතින්, ඔයාට කතාව ලියන්න බැරි වෙන වෙලාවල් වලට, ඔයාට පුලුවන් ඔයාගෙ කතාවෙ අනාගතය ගැන හිතන්න.
අනාගතය ගැන හිතනව කියන්නෙ, කතාවෙ ඉස්සරහට වෙන සිදුවීම්, චරිත වල වැඩි දියුණු වීම්, අලුත් චරිත එකතු වෙනවද නැද්ද, අලුත් සිද්ධි දාමයක් ආරම්භ කරන්නෙ කොහොමද වගේ දේවල් වලට.
ඔයාට පුලුවන් ඔයාගෙ ෆෝන් එකේ voice recorder එකෙන් ඔයාට ඒ හිතෙන හිතෙන දේවල් රෙකෝඩ් කරගන්න. එහෙමත් නැත්තං පොඩි නෝට් බුක් එකක, එවෙලට හිතෙන හිතෙන අදහස්, දෙබස් වගේ දේවල් ලියාගන්න.
මතක තියාගන්න. ඔයාගෙ ඔලුවට එන මේ සමහර ක්ෂණික අදහස්, ඇත්තටම ඔයාගෙ ලේඛන කලාවට ගොඩක් වැදගත් දෙයක්. කතාවක් ලියන වෙලාවට අපි කොච්චර හිතුවත් අපිට හිතෙන්නැති දේවල්, අපි වෙන වැඩක නියැලෙනකොට එකපාරටම හිතෙන්න පුලුවන්. ඒක අවට පරිසරය, දකින දේ, ඒ වෙලාවෙ මානසික මට්ටම වගේ දේවල් අනුව වෙනස් වෙන දෙයක්.
#Writer
1 305
පෞද්ගලික අවකාශය සහ සන්නිවේදන කලාපයන්
අපි හැමෝටම තියෙනව අපේ මනසට අනුව ගොඩනැගුන අවකාශ තුනක්. මේ අවකාශ වල වපසරිය ගැන භෞතිකව කිව්වත්, ඇත්තටම මේව මානසික සීමාවන්.
1. පුද්ගලික සීමාව (46cm - 1m)
2. සමාජීය සීමාව (1.2m - 3.6m)
3. පොදු සීමාව (3.6m ට වඩා වැඩි)
මේ සීමා ගැන ඔයාට නොදැනුවත්වම උනත්, ඔයාගෙ ඔලුවෙ මේ ගැන යම් කිසි දළ අදහසක් ඇති. උදාහරණයකට ඔයාගෙ අම්ම හෝ තාත්තා ඔයාට ගොඩක් කිට්ටුවට ආවට, ඔයාට ඒකෙ ගැටළුවක් නෑ. හැබැයි පොදු පරිසරයේ යම් ආගන්තුක කෙනෙක් ඒ විදිහට ඔයා ළඟට එන්න හැදුවොත්, ඔයා සෘණාත්මක ප්‍රතිචාරයක් ඒකට දක්වනව.
ඉතින් ඔයාට ඒ සීමාවන් තියෙනව වගේම අනිත් අයටත්, (සියල්ලටම වගේ) එහෙම සීමාවන් තියෙනව. මේ සීමා එකිනෙකාට වෙන්න පුලුවන්. සමහරුන්ගෙ පෞද්ගලික සීමාවත් මීටර් 2ක් හෝ 3ක් වෙන්න පුලුවන්. ඒ කියන්නෙ එයාගෙ ආදරණීයන් ගොඩක් ළඟට එනවට වත් එයා කැමති නෑ.
සමාජය තුළ ජීවත් වෙනකොට මේ සීමා තුන ගැන සහ ඒ සීමාවන්ට වලංගු වෙන අය තෝරා බේරා ගන්න එක ගැන සැලකිලිමත් වෙන්න. මනසින් හිතල කටයුතු කරන්න.
#Psycho_Facts
1 305
අන් අයගේ අදහස් සහ මතයන් සලකා බැලීමට දක්වන උදාසීන කම
අපි සාමාන්‍යයෙන් කතා කරන වෙලාවට එහෙම, එකිනෙකාගෙ මත සහ අදහස් නොගැලපෙන වෙලාවට කියනවනෙ "Don't care" එහෙමත් නැත්තං "මම ඒ කියන ඒව ගණන් ගන්නෑ" කියල.
හැබැයි "Don't care" කියන එකෙන් අදහස් වෙන්නෙ, ඔයා යම් මතයක් හෝ අදහසක් ගණන් ගන්නැති උන පළියට ඔයා අනිත් හැමෝටම වැරදි විදිහට ප්‍රතිචාර දක්වන එකට නං නෙවෙයි. "ගණන් නොගැනීම" කියන කාරණාව, උඩඟුකම, මෝඩකම සහ අගෞරව කිරීම එක්ක පටලව ගන්න එපා.
තමන් වෙන කෙනෙක්ගෙ මතයක් හෝ අදහසක් "ගණන් ගන්නෑ" කියන්නෙ, 'එයාගෙ මතය වැඩක් නෑ, ඔයාගෙ මතය විතරයි හරි' කියන එක නෙවෙයි.
තමන් යම් කිසි මතයක් "ගණන් ගන්නෑ" කියන්නෙ, ඔයාගෙ වටේ ඉන්න හැමෝම වෙනත් මතයක් නිවැරදියි කියල කිව්වත්, ඒ අයගෙ අදහසටත් ගරු කරගෙන ඔයාගෙ මතේම හෝ අදහසේම රැඳිල ඉන්න එකට සහ ඔයාගෙ ප්‍රතිපත්ති වලට අනුව ක්‍රියා කරන එකට.
"Don't care" කියන්නෙ, ඔයාගෙ වටේ ඉන්න අයව පහත් නොකර, ඔයාගෙ අදහස් සහ මතයන් ගැන තෘප්තිමත් වීමේ බලයටයි.
#Psycho_Facts
1 305
ඔයා කාර්යබහුල නැතත්, අසංවිධානාත්මක බව හැඟවෙන කරුණු කීපයක්
1. ඔයා ඔයාගෙ දවස හරියට සැලසුම් කරගන්නේ නැත.
2. ඔයාට නිශ්චිත චර්‍යා රටාවක් නැත.
3. ඔයා නිතරම වැඩ කල් දානව.
4. ඔයාගෙ ෆෝන් එකේ, ලැප් එකේ හෝ කම්පියුටර් එකේ screen on time එක ඉතාමත් ඉහළයි.
5. ඔයා අනවශ්‍ය විදිහට එක පාර වැඩ කීපයක් කරන්න යනව.
6. ඔයා ඔයාගෙ බඩු හැමතැනම ඔහේ දාල තියනව. පිළිවෙලකට අදාළ තැනින් තියන්නෙ නෑ.
7. ඔයා වෙලාවට වැඩක් කරන්නෙ නැහැ.
#Life_Tips
1 305
පොඩි මනෝමය සත්‍යතාවක්...!
ඔයා ඔයාගෙ කාමරේ අස් කරන්න, 'තත්පර 30ක්' වෙන් කළොත්, ඔයා අඩුම තරමෙ දවස් 30ක් වත් තිස්සෙ ඒ කාමරේ අස් කරනව.
හැබැයි ඔයා ඔයාගෙ කාමරේ අස් කරන්න, පැය 3ක් හෝ 4ක් වෙන් කළොත්, ඔයාට ඔයාගෙ කාමරේ අස් කරන්න යන්නෙත් පැය 3ක් හෝ 4ක්ම තමයි.
අවසානයට ඔයා ඔයාගෙ කාමරය අස් කරන්න දවස් 30ක් වෙන් කළොත්, ඔයා දවස් 30ම යොදාගෙන ඒ කාමරය අස් කරනව.
මේ කාරණාව ඔයාගෙ ඉලක්ක, සැලසුම්, හීන, හැම දේකටම බලපානව.
එක ලිමිට් එකක් තියෙනව, අපිට ඒ ලිමිට් එකෙන් පිට පනින්න බැහැ. කායිකව වගේම මානසිකවත් අපිට ඒ හැකියාව නෑ. ඔයා ඔයාගෙ හීන, ඉලක්ක, සැලසුම් සකස් කරගන්න ඕනෙ වෙන්නෙ ඔයාට කායිකව සහ මානසිකව 'හැකි' සීමාවෙ ඉඳගෙනයි. එහෙම නැති උනොත් වෙන්නෙ, ඔය මුලින්ම කිව්ව අවස්ථාව වගේ වැඩක්.
#Psycho_Facts
1 305
5. ලැප් එක දාන්න පුලුවන් විදිහෙ ආරක්ෂිත බෑගයක් තියාගන්න. (ලැප් බෑග් එකක්)
කලිනුත් කිව්ව වගේ ඕනෙවට වඩා ආරක්ෂාකාරී වෙන කවදාවත් නරක දෙයක් නෙවේ. ඒ නිසා ලැප් එක සීරුම් වලින්, ඝට්ටන වලින් හෝ අත්වැරදීමකින් වෙන්න පුලුවන් හානි වලින් රැකගන්න නං, ඔයාට කරන්න පුලුවන් හොඳම ආරක්ෂක උපක්‍රමයක් තමයි, ලැප් එකට සුදුසු බෑග් එකක් අරගෙන තියාගන්න එක.
ලැප් බෑග් එකක් ගන්නකොට, හොඳ පැඩින් එකක් තියෙන සහ ලැප් එකට සහ චාර්ජින් කෝඩ් එක, මවුස් එක වගේ අමතර උපාංග වලට අවශ්‍ය තරමට ඉඩ තියෙන බෑග් එකක් ගන්න.
6. වැඩක් නැති වෙලාවක ලැප් එක තියන්නෙ කොහෙද කියන එක ගැන සැලකිලිමත් වෙන්න.
සමහරු ඉන්නව ලැප් එකේ වැඩක් නැති වෙලාවට ලැප් එක ඕෆ් කරල මේසෙ උඩින් තියල, ඊට පස්සෙ ලැප් එක උඩින් පොත්, ෆයිල්, කොළ ගොඩ ගහල ලැප් එක වහලම දානව.
ඒක ඇත්තටම ලැප් එකට, විශේෂයෙන්ම ලැප් එකේ ස්ක්‍රීන් එකට හානිකරයි. ඔයා වැඩක් නැති වෙලාවකට, ලැප් එක ආරක්ෂිතව බෑග් එකකට දාල හෝ නොදා හෝ, චාර්ජින් කේබල් ගලවල ලැප් එක ඕෆ් කරල, ලැප් එකේ පියන වහල පරිස්සම් ඇති තැනකින් තියල තියන්න. ඔයාගෙ මේසෙ උඩ උනත් කමක් නෑ ඒක උඩ බඩු ගොඩ ගහල කෑම හලල චොර කරන්නෙ නැත්තං.
සහ කවදාවත් ජනේලයක් ගාව, ඉර එළිය වැටෙන තැනක හෝ ජලය, ජලවාෂ්ප අධික තැනක ලැප් එක තියල තියන්න එපා.
ලැප් එක ගොඩ කාලයක් (සතියක් විතර) පැත්තකට කරල තියනව නං ලැප් එකේ බැට්‍රිය 50%කට විතර අඩු කරල තියන්න. 100% ක් හෝ 30%ට වඩා අඩුවෙන් බැට්‍රිය තිබියදී, ගොඩ කාලයක් තිස්සෙ ලැප් එක ඔන් නොකර තියන්න එපා.
ඒ වගේම මීයො, හූනො, කූඹි වගේ සත්තු එන්නැති තැනක ලැප් එක තියන්න වග බලාගන්න.
7. ලැප් එකේ Softwares නිතිපතාම අප්ඩේට් එකේ තියාගන්න
ලැප් එකේ සොෆ්ට්වෙයාර් කාලයත් එක්ක පරණ වෙනකොට ලැප් එක ස්ලෝ වෙන්න ගන්නව. ඒත් එක්කම වෙන වෙන ප්‍රශ්නත් මතුවෙන්න ගන්නව. ඒ නිසා හැමතිස්සෙම ලැප් එක අප්ඩේට් එකේ තියාගන්න.
ඒකෙන් ලැප් එකේ කාර්යක්ෂමතාව වැඩි වෙනව සහ ලැප් එකේ වෙනත් භෞතික ගැටළුත් අඩු වෙන්න ඉඩ කඩක් තියෙනව. (Zenbook S 13 Flip OLED ලැප් එක රිලීස් කරපු කාලෙ බැට්‍රිය බහින වේගෙ වැඩී කියල කම්ප්ලේන් ආව. එක සොෆ්ට්වෙයාර් අප්ඩේට් එකකින් ඒ ප්‍රශ්නෙ විසඳුනා)
8. ලැප් එකේ අනවශ්‍ය ෆයිල්ස්, ඇප්ස් වගේ දේවල් අයින් කරල හොඳ virus guard එකක් දාගන්න.
ලැප්ටොප් එකක ඉඩ පිරෙන්න පිරෙන්න ඒක ස්ලෝ වෙනව කියල ඔයාල අත්දැකීමෙන්ම දන්නව ඇතිනෙ. ඉතින් හැම කුණුගොඩම ලැප් එකේ පුරවන් ඉන්නැතුව, අනවශ්‍ය ෆයිල්ස්, ඇප්ස්, සිංදු, වීඩියෝ, පොටෝ වගේ දේවල් අයින් කරල දාන්න
හොඳ වයිරස් ගාඩ් එකකුත් දාගෙන ඉඳියම ලැප් එකේ ආරක්ෂාවත් තහවුරු වෙනව. ඒ, සැකසහිත ෆයිල්ස් වගේ දේවල් වයිරස් ගාඩ් එකෙන්ම ඉවත් කරන නිසා.
ලැප් එකක ඇප්ස් සම්බන්ධව අනිත් වැදගත්ම පරාමිතිය තමයි ඇප්ස් වල Auto-Launch වීමේ හැකියාව. ඔයා ලැප් එක ඔන් කරනකොට, මේ ඇප් ගොඩක් එකපාර රන් වෙන්න ගන්නව. එතකොට ලැප් එකේ boot ටයිම් එකත් වැඩි වෙනව.
ලැප් එකේ task manager එක හරහා, අනවශ්‍ය ඇප් මේ විදිහට ස්වයංක්‍රීයව වැඩකරන එක නවත්තල දාන්න පුලුවන්.
9. ලැප් එක හරියට Shut Down කරන්න.
සමහරු කම්මැලිකමට, ලැප් එක ඕෆ් වෙනකං බලන් ඉන්නැතුව, පවර් බට්න් එක ඔබාගෙන ඉන්නව ලැප් එක එකපාරම ඕෆ් වෙනකං.
මේක ලැප් එකේ මෙමරියට හොඳ නෑ වගේම ලැප් එකේ පරිපථ වලටත් හොඳ නෑ. මොකද forced shutdown කියන්නෙ, ලැප් එක ඕෆ් කරගන්න බැරිම උන අවස්ථාවක විතරක් භාවිත කරන්න හදපු ඔප්ශන් එකක්. නැතුව දිනපතා පාවිච්චියට නෙවේ.
ඒ වගේම බැට්‍රිය බැහැල ඕෆ් වෙලා යනකං බලන් ඉන්නත් එපා. 30% ත් 80% ත් අතර බැට්‍රිය තියාගෙන, ලැප් එක ඕෆ් කරන්න.
අවසානයට, අලුත් ලැප් එකක් ගන්න හිතන් ඉන්නව නං ඔයාගෙ වත්මන් අවශ්‍යතාවට වඩා පොඩ්ඩක් ලොකු ඊට වඩා පවර්ෆුල් ලැප් එකක් ගන්න. උදාහරණයකට ඔයා බලාපොරොත්තු වෙන්නෙ 8GB ක RAM එකක් තියෙන ලැප් එකක් නං, 16GB ක RAM එකක් තියෙන ලැප් එකක් අරගන්න. ගාන වැඩි වෙනව තමයි. ඒත් අනාගතේ ගැන හිතල, දීර්ඝ කාලයක් අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන් විදිහට ලැප් එකක් ගන්න.#Gadget
1 305
Laptop එකක් කල්පවතින විදිහට, හරියට පාවිච්චි කරන්නෙ කොහොමද?
වර්තමානයේ තියන ගොඩක් ලැප්ටොප්, රළු පරිහරණයට භාවිත කරන්න පුලුවන් උපාංග නොවන බව ගොඩක් අය දන්නව ඇති. ඒ වගේම, ලැප් එකක් කියන්නෙ සාමාන්‍යයෙන් ගොඩ වෙලාවක් පරිහරණය කරන උපාංගයක්. ඉතින් අපි බලමු ලැප් එකක් හරියට පාවිච්චි කරල, ලැප් එකේ ජීවිත කාලය දික් කරගන්නෙ කොහොමද කියල.
1. දියර වර්ග සහ ආහාර ගැනීම හෝ සිගරට් පානය කිරීම ලැප් එක අසලදි කරන්න එපා.
මේක ඉතින් රොකට් සයන්ස් නෙවේනෙ. අමුතුවෙන් කියන්න ඕනෙත් නෑ. කෑම ජාති, දියර වර්ග හෝ සිගරට් අලු ලැප් එකට වැටිල, ලැප් එක ඇතුළට ගියොත් ඒකෙන් අභ්‍යන්තර පරිපථ වලට හානි වෙනව. ඒ නිසා කල්පනාකාරීව ලැප් එකක් පාවිච්චි කරන්න.
මේසයක් උඩ ලැප් එකක් පාවිච්චි කරනව නං, තේකයි, මුරුක්කු පැකට් එකයි, වතුර බෝතලෙයි ඔක්කොම මේසෙ උඩ ලැප් එක කිට්ටුවට ගන්න එපා. එක්කො ලැප් ටේබල් එකක් හෝ ලැප් ස්ටෑන්ඩ් එකක් පාවිච්චි කරන්න. නැත්තං ලැප් එකට සෑහෙන ඈතකින් අදාළ කෑම වර්ග තියාගන්න.
"සුළු අත්වැරදීම් වලට වඩා කලින්ම ආරක්ෂාකාරී වෙන එක හොඳයි"
2. ලැප් එක නිතරම පිරිසිදුව තියාගන්න.
ලැප් එක නිකං උඩින් රෙදිකෑල්ලකින් පිහිදල දාන එකට නෙවේ මෙතනදි පිරිසිදුව තියාගන්න කියල කිව්වෙ.
ලැප් එකේ ඇතුළෙ, කී බෝඩ් අස්සෙ, ටච් පෑඩ් එකේ දාර වල වගේ තැන්, ඩස්ට් එක ගිහිල්ල හෝ වෙනත් දේවල් නිසා කාලයත් එක්ක අපිරිසිදු වෙනව. සමහරු නං හොඳ ප්‍රෙශර් එකක් තියෙන හුළං පාරක් කී බෝඩ් එකට වගේ අල්ලල ඒවගෙ තියෙන දූවිලි අයින් කරල දානව.
ඒත් ලැප් එක ඇතුළට ඒකෙන් කිසිම බලපෑමක් වෙන්නෙම නැති තරම්. ඉතින් සාමාන්‍යයෙන් මාස දෙකකට තුනකට පාරක්වත් ලැප් එක ගලවල, ඇතුළෙ කොටස් පිරිසිදු කරන එක ලැප් එකේ දීර්ඝකාලීන පාවිච්චියට සුදුසුයි.
Youtube එකෙත් ඕනෙ තරන් වීඩියො ඇති ලැප් එකක් අපිම පිරිසිදු කරගන්නෙ කොහොමද කියල, කියල දෙන. ඔයාට එහෙම බැරි නං හොඳ ආයතනයකට දීලා ඒක කරගන්න.
ලැප් එකේ ස්ක්‍රීන් එක පිරිසිදු කරන්න වෙනම සිනිඳු මයික්‍රොෆයිබර් රෙදි කෑල්ලක් තියාගන්න. කී බෝඩ් අස්සෙ සහ දාර පිරිසිදු කරන්න, සියුම් බ්‍රශ් එකක් සහ කොට්න් රෙදි කැබැල්ලක් පාවිච්චි කරන්න. සන්ලයිට් වගේ සබන් ජාති පාවිච්චි නොකර, මේ වැඩ වලට 75%ක ඇල්කොහොල් මිශ්‍රණයක් පාවිච්චි කරන්න.3. ලැප් එකේ බැට්‍රියෙ ජීවිත කාලය දිගු කරගමු කොච්චර පවර් එකක් තිබ්බ බැට්‍රියක් උනත්, කාලයත් එක්ක ඒකෙ ධාරිතාව අඩු වෙනව. අපිට ඒක නවත්තන්න බෑ. හැබැයි අපිට පුලුවන් ලැප් එකේ බැට්‍රියෙ ධාරිතාව අඩු වෙන සීඝ්‍රතාව අඩු කරගන්න. හරි... මේ දැන් කියන කතාව ඔයා ගාව තියෙන ලැප්ටොප් එක අනුව වෙනස් වෙනව. ඔයා ලැප් එකේ වැඩක් කරනකොට, ඒක දිගටම චාජ් එකට ගහගෙන නේද වැඩ කරන්නෙ? ඉතින් එහෙම චාජ් එකට ගහල 100% ක් උනාට පස්සෙත් ලැප් එක චාජ් වෙලා රත් වෙලා සල ලල ලා වෙලා යනව කියල හිතුනද ඔයාට? පරණ ලැප් වල නං, ගොඩක් අය යෝජනා කරන්නෙ බැට්‍රිය 40% - 80% ත් අතර තියාගෙන වැඩ කරන්න කියල. දිගටම චාජ් කරනව වෙනුවට. හැබැයි නූතන ලැප්ටොප් ගොඩක් වෙලාවට "bypass" ක්‍රමයක් යොදාගන්නව. ඒ කියන්නෙ ලැප් එක චාජ් එකට ගහල තියෙන වෙලාවට, ලැප් එක බැට්‍රියෙන් කරන්ට් එක ගන්නව වෙනුවට, කෙලින්ම චාජරෙන් කරන්ට් එක ගන්නව. මෙතනදි බැට්‍රිය පාවිච්චි වෙන්නෙ නෑ. ඉතින් ඔයා ගාව තියෙන්නෙ පරණ ලැප් එකක් නං, දිගටම චාජ් එකට ගහගෙන වැඩ කරන එක බැට්‍රියට හොඳ නැති වෙන්න පුලුවන්. ඔයා ගාව තියෙන ලැප් එක අලුත්ම එකක් නම් සහ උඩ කිව්ව "bypass" පහසුකම තියෙන එකක් නං, එහෙම කරන එකේ ගැටළුවක් නෑ. බැට්‍රියෙ ජීවිත කාලය දික් කරගන්න වැදගත් වෙන අනිත් කාරණය තමයි උෂ්ණත්වය කියන්නෙ. ඔයා ලැප් එකෙන් බර වැඩ ගොඩක් කරනකොට ජනනය වෙන අධික තාපය ඇත්තටම බැට්‍රියට වගේම අභ්‍යන්තර පරිපථ වලටත් හොඳ නෑ. ලැප් වලට කූලින් සිස්ටම් එකක් තිබ්බත්, මීට පස්සෙ ලැප් එකේ උෂ්ණත්ව වෙනස්වීම් ගැන සැලකිල්ලෙන් ඉන්න. 4. ලැප් එකේ උෂ්ණත්වය ගැන සැලකිලිමත් වෙන්න කලින් බැට්‍රිය ගැන කතාකරනකොට කිව්ව වගේම ලැප් එක ඕනෙවට වඩා රත් උනොත් ඒක ලැප් එකේ දීර්ඝකාලීන භාවිතයට හානිකර වෙනව. ඒ නිසා අනිවාර්යෙන්ම ලැප් එකේ උෂ්ණත්වය ගැන සැලකිලිමත් වෙන්න. සාමාන්‍යයෙන් ගොඩක් ලැප් වල මේ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට cooling ඔප්ශන් එකක් තියෙනව. ෆෑන්, දියරමය කූලින්, ග්‍රැපයිට් තහඩු වගේ දේවල්. ඒව තිබ්බත්, ලැප් එක දිගු වෙලාවක් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනව නං ලැප් එක මේසයක් උඩ වගේ දෘඩ පෘෂ්ඨයක් උඩ තියන්න. ඇඳක මෙට්ටයක් උඩ වගේ ලැප් එක තියාගෙන වැඩ කලාම, ලැප් එකේ හීට් එක විසුරුවා හරින්න බැරි වෙනව. සහ ඔයා ලැප් එක බෑග් එකකට වගේ දාගන්නව නං අනිවාර්යෙන්ම ලැප් එක ඕෆ් කරල දාන්න. නැත්තං බෑග් එක ඇතුළෙ වායු හුවමාරුවක් නැති නිසා ලැප් එක රන් වෙවී තියෙනකොට නිකංම රත් වෙනව.
1 305
පුරුෂයෙක්, තමන්ට වඩා වැඩිමල් කාන්තාවක් සමග පෙම් සබඳතාවක් ඇති කරගැනීම හෝ විවාහයක් සිදු කර ගැනීම හොඳ දෙයක්ද? නරක දෙයක්ද?
සමාජයේ වැඩිය කතා බහට ලක් උන්නැතත්, මෑතකාලීන ලංකාව තුළ මේ තත්වයේ සම්බන්ධතා වල යම් ප්‍රවණතාවක් පෙන්නුම් කලා. ඒ, සාමාන්‍ය සමාජ සම්මතය උන "කොල්ලා වයසින් වැඩි හෝ සමවයස්" කියල සම්මතයෙන් බැහැරව, "කෙල්ල වයසින් වැඩි හෝ සමවයස්" කියන සංකල්පයට එළඹුන එක.
ඉතින් මේ වගේ සම්බන්ධතාවක් ඇති කරගැනීම, කාන්තාවක් හෝ පුරුෂයෙක් වශයෙන් ඔයාට බලපාන්නෙ නරක විදිහටද, එහෙමත් නැත්තං හොඳ විදිහටද?
අපි කතා කරමු ඒ ගැන...
සාමාන්‍ය වයස් පරතරය සහ අසාමාන්‍ය වයස් පරතරය
හිතන්න යම් පුරුෂයෙක් තමන්ට වඩා අවුරුදු 1 - 4ක් පමණ වයසින් වැඩි කාන්තාවක් සමග සම්බන්ධකමක් ඇති කරගන්නව කියල. ඒක බොහොම සාමාන්‍යය වයස් පරතරයක්. දේහ ලක්ෂණ වලින් වත් ඒක පිටතට පේන්නෑනෙ. ඒ නිසා එහෙම සම්බන්ධකමක් ඇති කරගන්න එකේ කිසිම අවුලක් නෑ. අඩු ගානෙ මේ පෝස්ට් එක කියවන්න ඕනෙත් නෑ.
ඒ වගේම තමයි වයස අවුරුදු 10ක හෝ ඊට වැඩි වයස් පරතරයකින් යුත් වැඩිමහල් කාන්තාවක් සමග සම්බන්ධකමක් ඇති කරගන්නකොට, අන්න ඒක බාහිර ලෝකයට අසාමාන්‍ය දෙයක් හැටියට පේන්න පුලුවන්. ඒකට හේතුව බාහිර දේහ ලක්ෂණ, කායික වෙනස්කම් වගේ ඒවා අවුරුදු 10ක පරතරයක් ඇතුළෙ මද වශයෙන් හෝ කැපිල පේන නිසා.
දෙන්නත් එක්ක අවබෝධයෙන් ආදරයෙන් ඉන්නව නං වයස අවුරුදු 20ක පරතරයක් තිබ්බත් කමක් නෑ. බාහිර ලෝකයට ඕනෙ විදිහට ලව් කරන්න කියල නීතියක් නෑනෙ.තමන්ට වඩා වැඩිමහල් කාන්තාවක් සමග සම්බන්ධකමක් ඇති කරගැනීම තුළ මොන වගේ අභ්‍යන්තරයක්ද තියෙන්නෙ? කවුරු හරි ඒ වගේ දෙයක් සාමාන්‍ය සම්බන්ධයක් විදිහටම සලකනව නං ඇත්තටම මෙතන මුකුත් වෙනස් වෙන්නෑ. හැබැයි යම් කිසි කෙනෙක්ට පැකිළීමක් තියෙන්න පුලුවන් තමන්ට වඩා වයසින් වැඩිමහල් කාන්තාවක් සමග හෝ තමන්ට වඩා වයසින් අඩු පුරුෂයෙක් එක්ක සම්බන්ධයක් ඇතිකරගන්න. ඉතින් එහෙම සම්බන්ධයක අභ්‍යන්තරය තේරුම් ගන්න ඕනෙ නිසා, අපි බලමු මේ ආකාරයේ සම්බන්ධයක් ඇතිකරගැනීමෙන්, අදාල පාර්ශ්වයන්ට ලැබෙන වාසි සහ අවාසි මොනවද කියල. ලැබෙන වාසි මොනවද? 1. සම්බන්ධය තුළ අනවශ්‍ය 'Drama' අඩු වෙනව. ඉතාමත් සරල විදිහට සම්බන්ධය රසවිඳින්න පුලුවන් වෙනව. 2. ශක්තිමත් සන්නිවේදනයක් හටගන්නවා. (සමහර නංගිල බලන් ඉන්නෙ තමන්ගෙ පෙම්වතා තමන්ගෙ හිතේ තියෙන ඒවා හොයාගන්නකං) 3. සම්බන්ධය තුළ, දෙපාර්ශ්වයටම අදාළ පරිබාහිර ගැටළු වලට ශක්තිමත්ව මුහුණ දෙන්න පුලුවන් වෙනව. 4. සම්බන්ධය තුළ ජීවිත අත්දැකීම් බහුල වෙනව. 5. සම්බන්ධය තුළ දෙදෙනාම නම්‍යශීලී තීරණ ගැනීමේ නැඹුරුවක් පෙන්නුම් කරනවා. 6. සම්බන්ධය තුළ එකිනෙකා කෙරෙහි පවතින ගෞරවය නිසා, සම්බන්ධය යහපත්ව ගලාගෙන යනවා. 7. දෙදෙනාගේම පරිණතබාවය නිසා සම්බන්ධය තුළ හටගන්න ප්‍රශ්න වලට ක්ෂණික වගේම ගැලපෙනම විසඳුම් හොයාගන්න පුලුවන් වෙනව. 8. මේ වගේ සම්බන්ධයක කාන්තාවකට සාමාන්‍යයෙන් ස්වාධීනව තීරණ ගන්න හැකියාවක් තියෙනව. ඒක 'සාමාන්‍ය' සම්බන්ධයක ගොඩක් වෙලාවට දකින්න නොලැබෙන දෙයක්. 9. මෙවැනි සම්බන්ධයක් ඇතුළෙ එකිනෙකාව අගය කර ගැනීම් බහුල වෙන්න පුලුවන්. ඒකත් යහපත් සම්බන්ධයක ලක්ෂණයක්. 10. අවසාන වශයෙන්, ශාරීරික පරිණතබව නිසා මානසික වගේම කායික සුවයත් මේ වගේ සම්බන්ධයක් තුළ දෙදෙනාටම ඉතාමත් ඉහළින් අත් විඳින්න පුලුවන්. ලැබෙන අවාසි මොනවද? පළමුවෙනිම දේ තමයි, අපි කලින් උඩදි කතා උනා වගේ, කාන්තාව, පුරුෂයට වඩා අවුරුදු 1 - 4 වගේ වැඩිමල් නම්, මේ අවාසි ගොඩක් ඒවා එහෙම අයට වලංගු වෙන්නෑ. මොකද ඒක බොහොම සුළු වයස් පරතරයක් සහ නොසලකා හැරිය හැකි දෙයක්. මේ අවාසි කීපය වලංගු වෙන්නෙ වයස අවු. 10 හෝ ඊට වඩා වැඩි වයස් පරතරයක යුත් දෙදෙනෙක්ට. 1. බාහිර ලෝකයේ විනිශ්චය කිරීම් වලට බහුලව ලක් වෙන්න වෙනව. 2. දෙදෙනා ජිවිත කඩයිම් දෙකක පසුවන නිසා, සමහර ගැටළුකාරී අවස්ථා වලට මුහුණ දෙන්න සිදු වෙනව. (කායිකව හෝ මානසිකව) 3. දෙදෙනාගෙන් එක්කෙනෙක් ගෙ හිතේ හෝ, මේ වගේ සම්බන්ධයක් ඇති කරගැනීමට පැකිළීමක් තියෙනව නං, ඒක සම්බන්ධයට රතු සලකුණක් වෙන්න පුලුවන්. 4. වයසින් වැඩිමහල් කාන්තාවකට, තම ජීවිත කාලය තුළ අත්විඳින්න උන අමිහිරි සිදුවීම් වල වැඩිබවක් තියෙන්න පුලුවන්. නිවැරදිව කළමනාකරණය කර නොගත්තොත් ඒකත් සම්බන්ධයට අහිතකර විදිහට බලපානවා. 5. ඇය, තම වයසින් බාල පෙම්වතාගෙන් හෝ සැමියාගෙන් පමණට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න පුලුවන්. අවසාන දර්ශනය සහ යෝජනාව 'වයස' කියන දේ ඉලක්කමක් විතරක් බව වර්තමානයේ අපිට ඇහෙන දකින සමහර දේවල් නිසා ඔයා දැනටමත් තේරුම් අරගෙන ඇති. ඔයත්, තමන්ට වඩා වයසින් අඩු කෙනෙක් එක්ක සම්බන්ධකමක් ඇතිකරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කාන්තාවක් හෝ, තමන්ට වඩා වයසින් වැඩි කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇතිකරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න පුරුෂයෙක් වෙන්න පුලුවන්. දෙන්නට දෙන්නා ගැළපෙනව කියල හිතෙනව නං, සහ අදහස් වල පරස්පර බවක් නැත්තං හෝ අඩුයි නං, තවත් කල් ඇර ඇර බලන් ඉන්න එපා. චාන්ස් එකක් දීලා බලන්න...! #Relationship_Tips
1 305
සරල සංසන්දනය හා සාරාංශය
1. බාහිර සංසේචනය වෙන්නෙ ස්ත්‍රී දේහයෙන් පිටත, ඒත් අභ්‍යන්තර සංසේචනය වෙන්නෙ ස්ත්‍රී දේහය තුළ.
2. බාහිර සංසේචනයේදි ඩිම්බ සහ ශුක්‍රාණු යන දෙවර්ගයම බාහිර පරිසරයට මුදා හරිනව. ඒත් අභ්‍යන්තර සංසේචනයෙදි ඩිම්බ හෝ ශුක්‍රාණු බාහිර බරිසරයට මුදාහරින්නෑ. ඩිම්බ ස්ත්‍රී දේහය තුළම පවතිනව සහ පුරුෂයා විසින්, ශුක්‍රාණු ස්ත්‍රී දේහය තුළටම මුදා හරිනවා.
3. බාහිර සංසේචනයේදි සමහර විශේෂ ඔවුන්ගේ ඩිම්බ, බාහිර කවචයකින් හෝ නානුමය ද්‍රව්‍යකින් වහල තියනව. ඒ අමතර ආරක්ෂාවට. ඒත් අභ්‍යන්තර සංසේචනයේදි එහෙම ආවරණ නැහැ. සහ අවශ්‍යත් නැහැ.
4. බාහිර සංසේචනයෙදි ශුක්‍රාණු වගේම ඩිම්බත් විශාල ගනණක් නිපදවනව. ඒත් අභ්‍යන්තර සංසේචනයෙදි ශුක්‍රාණු විශාල සංඛ්‍යාවක් නිපදවුවත්, ඩිම්බ නිපදවන්නෙ සීමිත සංඛ්‍යාවක් විතරයි.
5. බාහිර සංසේචනයෙදි, සංසේචනය වීමෙ සම්භාවිතාව, අභ්‍යන්තර සංසේචනයෙදි, සංසේචනය වීමේ සම්භාවිතාවට වඩා අඩුයි.
6. බාහිර සංසේචනය, බොහෝ උභය ජීවින් (ඇම්ෆිබියාවන්) හා ගොඩක් මත්ස්‍ය විශේෂ අතර සුලබයි. අභ්‍යන්තර සංසේචනය පක්ශීන්, උරගයින් සහ ක්ෂීරපායින් අතර පවතිනව.
Additional
- Study.com
- BiologyLibreText.com
- LumenLearning
1 • 2
(ඔයාලට දැනගන්න අවශ්‍ය දෙයක් තියෙනව නං ඒක @DN_WFbot ට හෝ ඒකෙ menu button එකෙන් anonymous විදිහට එවන්න පුලුවන්)
#Knowledge
1 305
අභ්‍යන්තර සංසේචනය සහ බාහිර සංසේචනය
අභ්‍යන්තර හෝ බාහිර කියන කොටසට එන්න කලින් අපි මුලින් බලමු මොකක්ද 'සංසේචනය' කියන්නෙ කියල.
සංසේචනය - Fertilization
සංසේචනය කියන්නෙ සරලවම පුරුෂ ශුක්‍රාණුවක් සහ ස්ත්‍රී ඩිම්බයක් එක් වීම මගින් 'සංසේචිත ඩිම්බයක්' සෑදීමේ ක්‍රියාවලියටයි. මෙන්න මේ ක්‍රියාවලිය සිදුවෙන නිශ්චිත ස්ථානය අනුව තමා මේ සංසේචනය, බාහිර හෝ අභ්‍යන්තර කියල වර්ග දෙකකට බෙදෙන්නෙ.
බාහිර සංසේචනය - External fertilization
බාහිර සංසේචනය කියන්නෙ අපි මේ උඩ කිව්ව සංසේචන ක්‍රියාවලිය, පිරිමි හෝ ස්ත්‍රී සත්වයාගෙ ශරීර වලින් පිටතදි, සිදු වෙන එකට. ඒ කියන්නෙ සරලවම, ශුක්‍රාණුවක් ශරීරයෙන් පිටතට නිකුත් කරනව වගේම ඩිම්බයත් ශරිරයෙන් පිටතට නිකුත් කරනව. එතකොට බාහිර පරිසරය තුළදි ඒ ශුක්‍රාණුව සහ ඩිම්බය එකට එකතු වෙලා සංසේචිත ඩිම්බයක් නිපදනව.
ගොඩක් වෙලාවට (99%) බාහිර සංසේචනය සිදු කරන්නෙ සහ සිදු වෙන්නෙ ජලීය හෝ තෙත් පරිසරයක් තුළ. ඒකට ප්‍රධාන හේතු දෙකක් තියෙනව. ශුක්‍රාණුව සහ ඩිම්බය කියන්නෙත් සාමාන්‍ය ප්‍රජනක සෛල දෙකක්. බාහිර පරිසරයේ වියළි බව නිසා මේ සෛල විජලනය වෙලා ප්‍රජනක හැකියාව නැති වෙන්න ඉඩකඩක් තියෙනව. ඒ නිසා තෙත් හෝ ජලීය පරිසරයකට ශුක්‍රාණු සහ ඩිම්බ මුදාහරින එකෙන් ඒ සෛල වල පැවැත්ම තහවුරු වෙනව.
අනිත් හේතුව තමයි, ශුක්‍රාණුවකට සාමාන්‍යයෙන් ටික දුරක් හෝ ඩිම්බය කරා ගමන් කරන්න සිද්ද වෙනව. මොකද ඩිම්බයට සචලතාවක් (චලනය වෙන්න බෑ) නෑ. ශුක්‍රාණුවකට ජලීය පරිසරයක් ඇතුළෙ පිහිනල යන්න පුලුවන් බව ඔයා අහල තිබ්බත්, ශුක්‍රාණු පියාඹනව හෝ ඇවිදිනව කියල ඔයා අහල තියෙනවද? ඉතින් අන්න ඒක තමා, ශුක්‍රාණු සහ ඩිම්බ ජලීය හෝ තෙත් පරිසරයකට මුදා හරින එකේ දෙවනි හේතුව. ශුක්‍රාණුවට පහසුවෙන් තෙත් හෝ ජලීය පරිසරය හරහා පිහිනල ගිහින් ඩිම්බය සමග එකතු වෙන්න පුලුවන් වෙන නිසා.
බාහිර සංසේචනය හා සබැඳි උපාය ලක්ෂණ
දැන් සමහරුන්ට හිතේවි, ඩිම්බ සහ ශුක්‍රාණු දෙකම බාහිර පරිසරයට නිදහස් කලාම, ශුක්‍රාණුවක් දුර කතර ගෙවාගෙන හෙන කට්ටක් කාලා ඩිම්බයක් සංසේචනය කරන එක ප්‍රායෝගික නෑනෙ කියල.
ඒත් බාහිර සංසේචනය පෙන්නන සත්තු ගොඩක් වෙලාවට ඒ දේටත් සූදානම් වෙලා ඉන්නෙ. ගොඩක් වෙලාවට වෙන දේ තමයි, එකම ප්‍රදේශයක ඉන්න එකම විශේෂයක ජීවින් දෙවර්ගයම (ස්ත්‍රී-පුරුෂ) තම ප්‍රජනක සෛල (ඩිම්බ හෝ ශුක්‍රාණු) එකම වෙලාවක නිදහස් කරනව. එතකොට ඩිම්බ සහ ශුක්‍රාණු එකිනෙක මුන ගැසීමෙ සම්භාවිතාව වැඩි වෙනව.
ඒත් සමහර විශේෂ ඉන්නව, තමන්ගෙ විරුද්ධ ලිංගිකයන් ඔවුන්ගේ ප්‍රජනක සෛල මුදාහැරල තියෙන බවට රසායනික සංඥා වලින් දැනගත්තට පස්සෙ තමයි, ඒ ප්‍රදේශයට ගිහිල්ලා තමන්ගෙ ප්‍රජනක සෛල මුදාහරින්නෙ. මේ ආකාර දෙක මගින්ම, නිශ්චිත කාලයක, නිශ්චිත ප්‍රදේශයක අදාළ සංසේචනය සිදු වෙන බවට යම් තරමකට තහවුරු කිරීමක් සිදුවෙනව.
අභ්‍යන්තර සංසේචනය - Internal fertilization
බාහිර සංසේචනයෙදි, ඩිම්බය සහ ශුක්‍රාණුව කියන දෙකම පිටතට නිදහස් කරල, සංසේචන ක්‍රියාවලිය දේහයෙන් පිටත සිදු වෙනව කියල අපි දැන් කතා උනානෙ.
අභ්‍යන්තර සංසේචනයෙදි, ශුක්‍රාණු පිටතට නිදහස් කළත් ඩිම්බ පිටතට නිදහස් කරන්නෑ. ඒ කියන්නෙ ඩිම්බය ස්ත්‍රී ජීවියාගෙ දේහය තුළම පවතිනව සහ සංසේචන ක්‍රියාවලිය වෙන්නෙත් ස්ත්‍රී දේහය තුළමයි. එහෙමත් නැත්තං, සංසේචනය සිදු වෙන්නෙ අභ්‍යන්තරව.
අභයන්තර සංස්චනයෙදි, පුරුෂයා සහ ස්ත්‍රිය අතර වෙන ලිංගික සංසර්ගයක් අතරතුරේදි, පුරුෂයා විසින් ස්ත්‍රී ශරීරය තුළට ශුක්‍රාණු මුදා හරිනව. (හැබැයි දැන් කාලෙ ට්‍රෙන්ඩ් එක නං පපුවට හෝ මූණට මුදාහරින එක💀)
මේ ශුක්‍රාණු ඊට පස්සෙ ස්ත්‍රී ප්‍රජනක විවරය අසල ඉඳල, පරිණත ඩිම්බය තැන්පත් වෙලා තියෙන ස්ථානය දක්වා පීනගෙන යනව. හැබැයි දැන් අපිට තෙත ජලීය පරිසරයක් කොහොමත් තියෙනව. මොකද ස්ත්‍රී හදවත් වියළි උනාට, ශරීර අභ්‍යන්තරය කියන්නෙ කොහොමත් තෙත ජලීය පරිසරයක්. මේ විදිහට පීනගෙන යන ශුක්‍රාණු ගොඩක් අතරින්, වඩාත් ක්‍රියාශීලී සහ වේගවත්ම ශුක්‍රාණු එකක් විතරක් ඩිම්බය සමග එකතු වෙනව.
ශුක්‍රාණුත් ස්ත්‍රී ශරීරය තුළටම නිදහස් කරන නිසා සහ අභ්‍යන්තර පරිසර තත්ව වල උචිත බව නිසා, මේ සංසේචන ක්‍රමයේදි, ඩිම්බයක් සංසේචනය වීමේ සම්භාවිතාව වැඩී. ඒ නිසා ස්ත්‍රීන් විසින් නිපදවන්නෙත් අඩු ඩිම්බ සංඛ්‍යාවක්.
සාමාන්‍යයෙන්, පවතින සීමිත ඩිම්බ සංඛ්‍යාව සහ අධික ශුක්‍රාණු සංඛ්‍යාව නිසා ඩිම්බ වෙනුවෙන් ශුක්‍රාණු අතර තරඟයක් පවතිනවා. නමුත් අවසානයේ එක ශුක්‍රාණුවක් ගිහිල්ල ඩිම්බය සංසේචනය කලාට පස්සෙ, අනිත් ශුක්‍රාණු මිය යනවා. (රටේ ලෝකෙ වෙන්නෙත් ඕකම තමා)
1 • 2
1 305
මේ දේවල් අඩුවෙන් කරන්න
1. අන් අයට පැමිණිලි කිරීම
2. අන් අයව විනිශ්චය කිරීම
3. අන් අය සමග අමනාප වීම.
4. අන් අයව විවේඡනය කිරීම.
5. අන් අයව පාලනය කිරීම.
6. අන් අයව හිතාමතා කෝප කිරීම.
මේ දේවල් වැඩිපුර කරන්න
1. අන් අයට ගරු කිරීම.
2. අන් අයගෙ යහපත ගැන සිතීම.
3. අන් අයව පිළිගැනීම.
4. අන් අයට ඇහුම්කන් දීම.
5. අන් අයට උපකාර කිරීම.
6. අන් අය සමග සුහදශීලී වීම.
ලෝකය ලස්සන කරන එක තනි පුද්ගලයෙක්ට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි....
#Positive
1 305
අපේ ෆෝන් එක හරියට පාවිච්චි කරමු
ෆෝන් එකක් කියන්නෙ අපි හැමෝ ගාවම වගේ තියෙන, අපේ ජීවිතේටත් ගොඩක් ළං වෙච්ච දෙයක්. ඉතින් ඔයා ඒ තරමටම ෆෝන් එකට ළං උනාට, ඔයා ෆෝන් එක පාවිච්චි කරන විදිහ හරිද කියල හිතල බැලුවද?
අපි මේ පහළින් කතා කරන්න යන්නෙ, ඔයාගෙ ෆෝන් එකට සුදුසු සහ ෆෝන් එක දීර්ඝකාලයක් පාවිච්චි කරන්න උපකාර වෙන සුළු සුළු "යහපත් පුරුදු" කීපයක් ගැන.
1. අලුත් ෆෝන් එකක් උනත් පරණ ෆෝන් එකක් උනත්, ඔයාගෙ ෆෝන් එකට බැක් කවර් එකක් සහ Tempered glass එකක් අනිවාර්යෙන්ම දාගන්න. අමතර ආරක්ෂාව කවදාවත් නරක දෙයක් වෙන්නෑ.
2. ෆෝන් එක රළු විදිහට හසුරවන්න එපා. (නිතරම බිම වට්ටන්න එපා, එහෙ මෙහෙ වද්දන්න එපා, ෆෝන් එක උඩ වාඩි වෙන්න එපා, ෆෝන් එක වතුරට දාන්න එපා)
3. මාස තුනකට පාරක්වත් ෆෝන් එක පිරිසිදු කරන්න. ඔයාට ඒක තේරෙන්නැත්තං, කඩේකට ගිහිල්ලා ඒක කරගන්න. චාජින් පෝට් එක, හෙඩ්පෝන් පෝට් එක වගේ තැන් විශේෂයෙන්ම පිරිසිදු කරගන්න.
4. ෆෝන් එක ගොඩ වෙලාවක් තිස්සෙ එකදිගට පාවිච්චි කරන එක ඔයාට වගේම ෆෝන් එකටත් හොඳ නෑ. ඒ නිසා හැකිතරම් ෆෝන් එක අධිකව එකදිගට පාවිච්චි කරන එකෙන් වැළකෙන්න උත්සාහ කරන්න.
5. ෆෝන් එකේ අනවශ්‍ය ඇප්ස්, ෆයිල්ස්, පොටෝස්, ආදිය ඉවත් කරන්න. නැත්තං බැකප් කරල ඉවර වෙලා ෆෝන් එකෙන් අයින් කරන්න. ෆෝන් එකේ ඉඩ පිරෙන තරමට ෆෝන් එකේ කාර්යක්ෂමතාව අඩු වෙනව.
6. ෆෝන් එක අව්වෙ වේලෙන්න දාල යන්න එපා. කාමරේක ජනේලයක් ගාව, වාහනේක ඩෑශ්බෝඩ් එක උඩින් වගේ තැන්වල ෆෝන් තියන්න එපා. අව්වට රත් වෙලා ෆෝන් එකට බරපතළ හානි වෙන්න පුලුවන්.
7. ඔයා ගාව තියෙන ඔය ෆෝන් එක, අධික සීතලට හෝ අධික උෂ්ණත්වයට කැමති නෑ. ඒ නිසා සාමාන්‍ය කාමර උෂ්ණත්වයක් තියෙන තැනකට පමණක් ෆෝන් එක නිරාවරණය කරන්න.
8. ෆෝන් එක චාජ් එකට ගහගෙන වැඩ කරන්න එපා. ඒකෙන් ඔයාගෙ ෆෝන් එකේ බැට්‍රියට හානි වෙනව වගේම, ජනනය වෙන අධික තාපය නිසා අභ්‍යන්තර පරිපථ වලටත් හානි වෙනව. පුලුවන්කමක් තියෙනව නං චාජ් කරන වෙලාවට ෆෝන් එක ඕෆ් කරන්න. එහෙම බැරි නං ෆෝන් එක පැත්තකට කරල පාඩුවෙ චාජ් වෙන්න දෙන්න.
ඔයාගෙ ෆෝන් එකේ බැට්‍රිය, නැවත නැවත ආරෝපණය කරන්න පුළුවන් යම් වාර ගාණක් තියෙනව. ඒ වාර ගාන අඩු වෙනකොට තමා බැට්‍රිය සවුත්තු වෙලා කියල අපි කියන්නෙ. සාමාන්‍යයෙන් ෆෝන් එකක බැට්‍රියකට 600-800 පමණ වාර ගණනක් තියෙනව. ෆෝන් එකක් 0% - 100% ක් දක්වා චාජ් කරන එක පාරකට එයින් එක වාරයක් වැය වෙනව.9. ඔයාගෙ ෆෝන් බැට්‍රියෙ ආරෝපණ වාර ගණන දික් කරගන්න අවශ්‍ය නම්, ෆෝන් එකේ බැට්‍රිය 20% ක් විතර බහිනකොට, ආපහු 80%ක් හෝ 85%ක් දක්වා චාජ් කරන්න. කවදාවත් ෆෝන් එක 0ටම බහින්න දෙන්න එපා. සහ 100%ක් චාජ් කරන්න එපා. (අවම වශයෙන් 90% දිවත් චාජ් කරන එක නවත්තන්න). 10. චාජ් කරන වෙලාවට ෆෝන් එක රත් වෙනව නං, බැක් කවර් එක ගලවල දාන්න. සහ තාපය අවශෝෂණය කරන ද්‍රව්‍යකින් සමන්විත පෘෂ්ඨයක් උඩින් තියන්න. 11. අකුණු ගහල වෙලාවට ෆෝන් එක චාජ් එකට ගහන්න එපා. 12. ෆෝන් එක චාජ් එකට ගහල නිදාගන්න යන්න එපා. එතකොට ඔයාට 80%දි චාජ් කරන එක නවත්තන්න බැරි වෙනව වගේම, ෆෝන් එක රත් වෙන්න පටන් ගත්තොත් ඒකත් නවත්තන්න බැරි වෙනව. 13. කඩේ තියෙන ලාබ චාජර් හෝ කේබල් යොදාගෙන ෆෝන් එක චාජ් කරන්න එපා. ෆෝන් එකට සුදුසුයි කියල අනුමත වර්ගයක චාජර් සහ කේබල් පමණක් යොදාගන්න. 14. Fast charging පහසුකමක් නැති ෆෝන් එකකට fast charger යොදාගන්න එපා. ඒකෙන් බැට්‍රියට හානි වෙනව. 15. ෆෝන් එකට එන අප්ඩේට්ස්, ඇප්ස් වල අප්ඩේට්ස් නිසි වෙලාවට සිදු කරන්න. 16. අනවශ්‍ය සයිට් වලට යන්න එපා. ෆෝන් එකට වෛරස් ආදිය ඇතුල් වෙන්න පුලුවන්. ඒ වගේම අනවශ්‍ය ඇප්ස් ෆෝන් එකට ඉන්ස්ටෝල් කරන්න එපා. 17. හැකි සෑම විටම ෆෝන් එක දාගෙන යන්න සාක්කුවක් හෝ බෑග් එකේ නම් වෙනමම පොකට් එකක් වෙන් කරල තියාගන්න. ඒකට ෆෝන් එක පමණක්ම ඇතුළ් කරන්න. 18. ෆෝන් එකට පාස්වර්ඩ් එකක් හෝ fingerprint lock එකක් දාගන්න. 19. ෆෝන් එකේ පෙන්නන warning ගැන සැලකිලිමත් වෙන්න. එහෙම දෙයක් දැක්කොත් ඊට සුදුසු ක්‍රියාමාර්ග ගන්න. නැත්තං ඒ ගැන දන්න කෙනෙක්ගෙන් උපදෙස් ලබාගන්න. 20. අවසානයට, ෆෝන් එක ඔයාගෙ ජීවිතයට උපකාරයක් කරගන්න. බාධාවක් කරගන්න එපා. #Personal_Care #Youth #Knowledge
