Learn Bits
رفتن به کانال در Telegram
Psychology 🧘♂ | Relationship 👩❤️👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo
نمایش بیشتر1 305
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-97 روز
-4230 روز
آرشیو پست ها
1 305
Repost from N/a
දැන් අපි කොහොමද Telegraph එකට පොටෝ එකක් එකතු කරගන්නෙ...?
පළවෙනි කමෙන්ට් එක බලන්න
1 305
මොනාද Homophones කියන්නෙ?
Homophone කියන්නෙ, එකම ආකාරයට ශබ්ද වෙන හෝ උච්ඡාරණය වෙන, ඒත් වෙනස් අර්ථයන් සහිත හා වෙනස් විදිහට ලියවෙන වචන වලට.
උදාහරණයකට:- » Knew (නිව්) - දැනන් හිටියා » New (නිව්) - අලුත්ඉංග්රීසි භාෂාවෙන් වාක්‍ය ලියනකොට මේ වගේ වචන ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනෙ. මොකද වචනයක් මාරු කරල ලිව්වට පස්සෙ, එකම උච්ඡාරණය තිබ්බට එයින් අදහස් වෙන දේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුලුවන්.
උදාහරණයකට :- » He gave a presentation in front of the bored members. > (ඔහු කම්මැලිකමේ හිටපු සාමාජිකයන් ඉදිරියේ ඉදිරිපත් කිරීමක් කලා) » He gave a presentation in front of the board members. > (ඔහු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ඉදිරියේ ඉදිරිපත් කිරීමක් කලා)Board වෙනුවට Bored පාවිච්චි කරපු නිසා, වාක්‍යයේ අර්ථය සම්පූර්ණයෙන්ම වෙනස් උනා. #English
1 305
මොකක්ද මේ "Website is not secure" කියන එකෙන් ඇඟවෙන්නෙ?
මේක කියවන ගොඩක් දෙනෙක්, ජීවිතේ එක පාරක් හරි සමහර වෙබ්සයිට් වලට යන්න හදනකොට, ඔයාගෙ බ්‍රවුසර් එකෙන් ඒක වළක්වලා ඔන්න ඔය උඩ කියන මැසේජ් එක පෙන්නල ඇති.
ඔයාගෙ බ්‍රවුසර් එකෙන් ඒ මැසේජ් එක පෙන්නනව කියන්නෙ, ඒ අදාළ වෙබ්සයිට් එකට SSL සහතිකයක් නෑ කියන එක හෝ වෙබ්සයිට් එක සහ බ්‍රවුසර් එක අතර සම්බන්ධය ආරක්ෂිත ක්‍රමලේඛනයක් (Encrypt) තුළ වෙන්නෑ කියන එකයි.
ඉතින් සරලවම, ඔයා ඒ අදාළ වෙබ්සයිට් එකට ලබා දෙන ඕනෙම තොරතුරක්, තුන්වන පාර්ශ්වයක් අතට පත් වෙන්න පුලුවන්.
උදාහරණයකට, යම් කිසි කෙනෙක් එකම පාස්වර්ඩ් එකක් හැම දේටම පාවිච්චි කරනව කියල හිතන්නකො. ඉතින් මේ වගේ අනාරක්ෂිත වෙබ්සයිට් හරහා ඒ පාස්වර්ඩ් එක තුන්වන පාර්ශ්වයක් අතට පත් උනාම, ඒ කෙනාගෙ ගූගල් එකවුන්ට්, සෝශල් මීඩියා එකවුන්ට්, බෑන්ක් ඩීටේල්ස් වගේ හැම අංශෙකටම විශාල තර්ජනයක් එල්ල වෙනව.කොහොම උනත්, මේ පෙන්නන අනතුරු සංඥාව හැමතිස්සෙම 100%ක් වලංගුයි කියල කියන්නත් බෑ. ඔයා මීට කලින් ඕනෙ තරන් පාවිච්චි කරල තියෙන, ප්‍රසිද්ධ වෙබ්සයිට් එකකට යන්න හදනකොටත් ඔය අනතුරු සංඥාව පෙන්නනව නං, ඒකෙන් කියවන්නෙ ඒ අනතුරු ඇඟවීම නිවැරදි එකක් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි කියන එක. හැබැයි ඔයා මීට කලින් ගිහිල්ල නැති අමුතු ලින්ක් එකක් තියෙන වෙබ්සයිට් එකකට යන්න හදනකොට ඔය අනතුරු ඇඟවීම ඔයාට පෙන්නනව නං, ඒක නිවැරදි අනතුරු ඇඟවීමක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. කොහොම උනත්, ප්‍රසිද්ධ හෝ ප්‍රසිද්ධ නැති වෙබ්සයිට් වලට යනකොට, website is not secure කියල බ්‍රවුසර් එකෙන් අනතුරු අඟවනවා නං, වඩාත්ම උචිත දේ තමයි ඒ වෙබ්සයිට් එක මග ඇරල ඉන්න එක. #Tech #Personal_Care
1 305
ජීවිතයේ සමහර අවස්ථා එනවා තමන්ට තමන්වත් නැතුව අසරණ වෙන....☺️, ඒ වගේම හිතේ හිර කරන් ඉන්න හැඟීම් අහන්න කෙනෙක් නැතුව, කියන්න කෙනෙක් නැතුව අසරණ වෙන..🙃😇
අන්න ඒ වෙලාවට කාටවත්ම කියන්න බැරි සතුටක්...😊 දුකක්..😔 හෝ වෙන ඕනම හැඟීමක්,🙃 ඔලුවට බර ප්‍රශ්නයක් අනිත් අය එක්ක බෙදාගන්න තැනක් ඕනද...?🥰
ඔයාගෙ අදහස් තීරණ ගැන අනිත් අයගෙ අදහස දැනගන්න තැනක් නැද්ද??😕
එහෙම නැත්නම් ඔයා අනික් අයට සවන්දෙන්න ,අනික් අයගේ ප්‍රශ්න වලට විසඳුම් හොයල දීල සතුටක් ලබන්න කැමති කෙනෙක්ද..🍃💫
එහෙනම් ඔයා ඉන්නම ඕන චැනල් එකක් මේක.. 😇
එන්න.. අපිත් එක්ක නිදහසට මාවත හොයාගන්න.. ✨
අනික් අයට මග පෙන්නන්න..💫💐
දැන්ම එකතු වෙන්න අපිත් එක්ක👇✨ https://t.me/Give_way2Freedom
GIVE WAY TO FREEDOM 💌
1 305
ටෙලිග්‍රෑම් නිර්මාතෘ පවෙල් දුරොව් අත්අඩංගුවට ගත්තෙ ඇයි...?
(මෙය TGinfo සමූහයෙන් ලද තොරතුරක සිංහල සංස්කරණයක් පමණි)
"Novaya Gazeta Europe" කියන ප්‍රංශ අභිචෝදක කාර්යාලයෙන්, පවෙල් ගෙ සිද්දිය සම්බන්ධව නිකුත් කරපු මාධ්‍ය නිවේදනයට අනුව, පවෙල් වෙත ඡෝදනා කීපයක් එල්ල වෙලා තියෙනව. එයින් සමහරක් ඒව පහතින් දක්වල තියෙනව.
• සංවිධානාත්මක කණ්ඩායම් විසින් සිදු කරන නීති විරෝධි ගණුදෙනු කිරීම් වලට හවුල් වූ අන්තර්ජාල වේදිකාවක් (ටෙලිග්‍රෑම්) පරිපාලනයට සම්බන්ධ වීම.
• නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට, විමර්ශනයන් හා නඩු පැවරීම් කටයුතු සඳහා අවශ්‍ය තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම.
• ළමා කාමුක දර්ශන ගබඩා කරන කණ්ඩායම් වලට හවුල්කරුවෙකු ලෙස සම්බන්ධ වීම. (Child pornography)
• මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ කණ්ඩායම් වලට හවුල්කරුවෙකු ලෙස සම්බන්ධ වීම.
• සයිබර් අපරාධ වලට හවුල්කරුවෙකු ලෙස සම්බන්ධ වීම.
• සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් විසින් සිදු කරන වංචාවලට හවුල්කරුවෙකු ලෙස සම්බන්ධ වීම.
• සංවිධානාත්මක කණ්ඩායමක සමාජිකයෙක් ලෙසට, අපරාධ ක්‍රියා වලින් උපයන මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ වීම.
• රහස්‍යභාවය සහතික කිරීමට අදහස් කරන චැට් සේවාවන්, නිසි දැනුම් දීමකින් තොරව සිවිල් පුරවැසියන්ට සැපයීම.
TASS කියන රුසියානු ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරන්නෙ, පවෙල් සම්බන්ධ විමර්ශන ආරම්භ වෙලා තියෙන්නෙ ජූලි 8 වෙනිද කියලයි. ඒ ඒජන්සියට අනුව, විධිමත් ඡෝදනාවක් එල්ල වෙන්නෙ නැත්තන්, පවෙල්ට අගෝස්තු 28 දක්වා අත්අඩංගුවෙ ඉන්න වෙන්න පුලුවන්.
ඒ වගේම Emmanuel Macron විසින්, ප්‍රංශ රජය වෙනුවෙන් නිල ප්‍රකාශයක් මේ සම්බන්ධව කරල තියෙනව. ඒකට අනුව පවෙල් ව අත්අඩංගුවට ගැනීම පිටිපස්සෙ දේශපාලන අභිප්‍රායක් නැති බවත්, තම පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නීතිමය රාමුවට අනුකූලව කල දෙයක් පමණක් බවත් සඳහන් වෙනව.
සාරාංශයක් විදිහට, තාම පවෙල්ට අධිඡෝදනා ගොණු වෙලා නෑ. ඒ නිසා වරදකරුවෙක් වෙලත් නෑ. දැනට පවෙල්ව අත්අඩංගුවට අරගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කරනවා විතරයි. සමහර විට, ප්‍රශ්න කිරීම් වලින් පස්සෙ පවෙල්ට එරෙහිව ඉහත ඡෝදනා වලට අදාළව අධිඡෝදනා ඉදිරිපත් කරන්න බැරි උනොත්, පවෙල්ව අගෝ. 28 වෙනිදට නිදහස් කරන්න ඕනෙ. එතකොට ඔහු මේ විමර්ශනය තුළ, 'සැකකරු' කියන ස්ථානයේ සිට 'සාක්ෂිකරු' කියන ස්ථානයට මාරු වෙනවා.News Source : TGinfo (en) #Telegram
1 305
ගැටුමකට මුල් වෙන්නෙ මොන වගේ දේවල්ද...?
සමහර මිනිස්සු අතරෙ ගැටුමක් ඇති වෙන්න නං මැස්සෙක් වැහුවත් ඇති. ඒ වගේ නයි නහර තියෙන මිනිස්සු ඇතිකරගන්න ගැටුම් ගැන නම් නෙවෙයි මේ කතා කරන්නෙ.සාමාන්‍ය සිවිල් සමාජයක ගැටුමකට මුල් වෙන හේතු සාධක කීපයක් තියෙනව. එයින් ප්‍රධානම හේතු කීපයක් නම්, 1. පමණට වඩා තමන් උසස් බව සිතීම. 2. විරුද්ධ මතවාදීන් කෙරෙහි ආක්‍රමණශීලි වීම. 3. නොහඳුනන පුද්ගලයන්, පෞද්ගලිකව අකමැති පුද්ගලයන් ආදිය කෙරෙහි රළු හැසිරීමක් පෙන්වීම. 4. සමාජ විරෝධී හැසිරීම් සහ පුරුදු. 5. අන් අයට තර්ජනය කිරීම. 6. දුර්වලතා සහිත හෝ අඩුපාඩු සහිත පුද්ගලයන්ට සමච්චල් කිරීම. 7. පමණට වඩා පුරසාරම් දෙඩවීම. (බොන සෙට් එක ගහගන්න මූලිකම හේතුව) 8. තර්කනශීලී නොවන සහ නුසුදුසු උපදෙස් පැනවීම්. ඉතින් සාමාන්‍ය සිවිල් පුරවැසියෙක් විදිහට, ගැටුම් රහිත ජීවිතයක් ගත කරන්න ඕනෙ නං, අනිත් අයව වෙනස් කරන්න කලින් තමන් වෙනස් වෙන්න. උඩ කිව්ව කරුණු සැලකිල්ලට අරගෙන ඒව අනුව තමන්ගෙ සිතීමේ රටාවන්, හැසිරීම් රටාවන් වෙනස් කරගන්න උත්සාහ කරන්න. #Psycho_Facts
1 305
චරිතයේ භෞතික ලක්ෂණ ගොඩනගන්න
ඔයා කතාවක් ලියනකොට, ඔයාගෙ කතාව ඉන්න චරිතෙකට තියෙන්නෙ උස දේහයක්ද, මිටි දේහයක්ද කියන එක එච්චර වැදගත් නෑ තමයි. හැබැයි, වෙනත් චරිත, ඒ චරිතය සමග ගැටෙන ආකාරයට ඒකෙ බලපෑමක් තියෙනව.
රචකයෙක් විදිහට, චරිතයක සූක්ෂම ලක්ෂණ පාඨකයාගෙ මනසට ටිකෙන් ටික ඇතුල් කරන එකේ වාසිය අන්න ඒකයි. කතාව ඇතුළෙ වෙන දේවල් ගැන, නිරවද්‍ය චිත්‍රයක් පාඨකයගෙ ඔලුවෙ මැවෙන්නෙ, ඊට අදාළ පසුබිම (චරිත වල ලක්ෂණ) හරියට සකසල තියෙනකොටයි.
ඒ නිසා, අත්හදාබැලීමක් වශයෙන් ඔයාගෙ අලුත් කතාවෙ මුල් කාලීන චරිත ගොඩනැංවීමෙදි, මේ කරුණ සලකල බලන්න. එතනදි විශේෂ අවධානයක් යොමු කරන්න, ඔයාගෙ කතාවෙ ප්‍රධාන චරිත කීපයට.
ඒ වගේම ඔයා තීරණය කරන්න ඕනෙ ඔවුන්ගේ පහත දේවල් කතාවට බලපෑමක් කරනවද නැද්ද කියල. මොකද අනවශ්‍ය කරුණු පිරවීම කතාවට හානියක් වෙන්නත් පුලුවන්.
1. බාහිර පෙනුම - ඔවුන් කොහොම අයද? එයාලගෙ බාහිර පෙනුම කතාවට ලොකු බලපෑමක් කරනවද? අනිත් චරිත එක්ක ක්‍රියා කරන්න ඒක බලපායිද?
2. උච්ඡාරණය - ඔවුන් කතා කරන්නෙ කොහොමද? එයාලට වෙනම කථන ස්වරූපයක් තියෙනවද? හැමතිස්සෙම ලැජ්ජාවෙන් කතා කරන කෙනෙක්ද? ඔවුන්ගේ උච්ඡාරණය ඔවුන්ගේ බාහිර ස්වරූපයට ගැලපෙනවද?
සැලකිය යුතුයි ! මේ කරුණ ගොඩක්ම වෙලාවට වලංගු වෙන්නෙ, ප්‍රධාන චරිත 10ක් 20ක් වගේ ලොකු ගණනක් වටා පාදක වෙන කතාවලට. ප්‍රධාන චරිත 5කට අඩු කතාවලදි ඒ ගැන වැඩිය සැලකිලිමත් වෙන්න දෙයක් නෑ. මොකද චරිත පොඩි ගණනක් අතරෙ වෙන ගැටුම් එක්ක, ඒ චරිත වලට අදාළ රූපයන් පාඨකයගෙ හිතේ නිකංම ඇති වෙනවා. ඔයා අමුතුවෙන් අනවශ්‍ය කරුණු කතාවට එකතු කරලා, පරස්පර බවක් ඇති කරන්න අවශ්‍ය නෑ. මම රචකයෙක් හැටියට පෞද්ගලිකව ලියන්නෙ ඉතාමත් සුළු චරිත ගණනක් ඉන්න කතා. ඒකට හේතුව මම කෙටි නවකතා ලියන නිසා. ඒ නිසා මම සාමාන්‍යෙන් කිසිම චරිතයක බාහිර රූප ලක්ෂණ කතාව තුළින් විස්තර කරන්නෑ. ඒකෙ ප්‍රථිඵලයක් විදිහට පාඨකයාට පූර්ණ නිදහස හම්බෙනවා, ඔවුන්ගේ පෞද්ගලික සීමා තුළ කතාවේ චරිත වල රූපයක් ඇති කරගන්න.Additional - WikiHow #Writer
1 305
🤏 ඔවුන් එහෙමනං සහ ඔබ මෙහෙම කරන්න පුරුදු වෙන්න 👊
🌱 ඔවුන් අනවශ්‍ය ලෙස සතුටු වෙනකොට, ඔබ හික්මීමෙන් සිටින්න.
🌱 ඔවුන් නොසෑහෙන්න පරිභෝජනය කරන විට, ඔබ අලුත් දෙයක් නිර්මාණය කරන්න.
🌱 ඔවුන් අසීමාන්තිකව තෘප්තිය සොයන විට, ඔබ එයින් වැළකී සිටින්න.
🌱 ඔවුන් ඕනෙම දේකට එසැනින් එකඟ වෙන විට, ඔබ සෑම දෙයක් ගැනම සිතා බලන්න.
🌱 ඔවුන් සියල්ලන්වම සැක කරන විට, ඔබ විශ්වාසවන්ත සබඳතා ගොඩනගාගන්න.
🌱 ඔවුන් පාලනයකින් තොරව වියදම් කරන විට, ඔබ අනාගතය සඳහා එම මුදල් ආයෝජනය කරන්න.
🌱 ඔවුන් සමාජ මාධ්‍ය වල රස්තියාදු වෙන විට, ඔබ අධ්‍යාපනික කටයුතු වල නියැලෙන්න.
🌱 ඔවුන් කැමති කැමති විදිහට නිදාගන්න විට, ඔබ නින්ද පාලනය කරමින් වැඩ කරන්න.
🌱 ඔවුන් මන්දගාමීව වැඩ පැහැර හරින විට, ඔබ වැඩියෙන් පුහුණුවීම් කරන්න.
🌱 ඔවුන් අන් අයට රිදවන විට, ඔබ අන් අයව සුව කරන්න.
🌱 ඔවුන් ජීවිතය ක්ෂය කරගන්නා විට, ඔබ ඔබේ ජීවිතය දියුණු කරගන්න.
#Life_Tips
1 305
ඔයා පිවිසෙන වෙබ් අඩවියක් 100%ක්ම ආරක්ෂිතයිද කියල බලන්න විදිහක් තියෙනවද?
ඇත්තටම, මේ ලෝකෙ තියෙන හැම වෙබ් අඩවියක්ම 100%ක් ආරක්ෂිතයිද කියල හොයන්න විදිහක් නෑ. සහ ඒක කරන්න බැරි වැඩක්. ඉතින් වැඩි හොඳට, ඔයා වෙබ් අඩවියකට පිවිසෙනකොට පහත කරුණු වලට අවධානය යොමු කරන්න.
1. "HTTPS" ලකුණ තියෙනවද බලන්න.
වෙබ් අඩවියේ ලින්ක් එකේ, HTTP වෙනුවට HTTPS තියෙනවද කියල බලන්න. මේකෙ මේ S අකුරෙන් පෙන්නන්නෙ, ඔයාගෙ බ්‍රවුසර් එක සහ වෙබ් අඩවිය අතර දත්ත හුවමාරු වෙන්නෙ encrypted data විදිහට කියන එකයි.
HTTPS = Hypertext Transfer Protocol Secure2. පෑඩ්ලොක් අයිකන් එක පෙන්නනවද බලන්න ඔයා යම්කිසි වෙබ් අඩවියකට යනකොට, ඔයාගෙ බ්‍රවුසර් එකේ ඇඩ්‍රස් බාර් එකේ 🔒 ලකුණක් පෙන්නනවද කියල හොයල බලන්න. එහෙම පෙන්නනව නං, ඒ වෙබ් අඩවියට SSL සහතිකයක් තියෙනව.
SSL = Secure Sockets Layer3. වෙබ් අඩවියේ අනන්‍යතාව තහවුරු කරගන්න. ප්‍රසිද්ධ නම් අරමුණු කරගෙන හදන, ඇත්ත වගේ පේන බොරු වෙබ් සයිට් ඕනෙ තරන් තියෙනව. ඉතින්, ඔයා වෙබ් සයිට් එකකට යන්න කලින් හොයල බලන්න, ඒ ඔයාගෙ අවශ්‍යතාවට අදාළ නිවැරදිම වෙබ් සයිට් එකද කියල. 4. වෙබ් අඩවියේ Privacy Policies වලට අවධානය දෙන්න. පුදපු ගමන් කාපි යකා වගේ වෙබ් අඩවියකට ගියාම, හිතු මනාපෙට ඔයාගෙ දත්ත බෙදාගන්න යන්න එපා. මුලින් හොයල බලන්න, අදාළ වෙබ් අඩවිය ඔයාගෙන් දත්ත ලබාගන්න ආකාරය, ඒ දත්ත ඔවුන් භාවිත කරන ආකාරය සහ ඔයාගෙන් ගත්ත දත්ත ඔවුන් ආරක්ෂා කරන ආකාරය වගේ දේවල් ගැන. 5. ශක්තිමත් passwords යොදාගන්න. වෙබ් සයිට් එකක එකවුන්ට් එකක් නිර්මාණය කරනකොට, ඒ ඒ වෙබ් සයිට් එකට විශේෂ උන වෙනමම ශක්තිමත් පාස්වර්ඩ් එකක් යොදාගන්න මතක තියාගන්න. ඔයාට පාස්වර්ඩ් ගොඩක් මතක තියාගන්න බැරි නං, password manager එකක් භාවිත කරන්න. 6. Software අප්ඩේට් එකේ තියාගන්න. ඔයා පාවිච්චි කරන බ්‍රවුසර් එක, OS එක සහ antivirus සොෆ්ට්වෙයාර් ආදිය නියමිත කාලෙට අප්ඩේට් එකේ තියාගන්න. මොකද 99%ක් වෙලාවට, ඒ ඒ සමාගම් වලින් කාලීනව මතුවෙන අවදානම් තත්ව වලට අනුරූපව security patches මුදා හරිනවා. 7. වෙබ් අඩවියෙන් අනතුරුදායක දත්ත ඉල්ලීම් කරනවද කියල හොයල බලන්න. (Phishing Attempts) ඔයා දැකල ඇති සමහර වෙබ් සයිට් වලට ගියාම, පොප් අප් මැසේජ් ආදියෙන් ඔයාට බොරු තොරතුරක් දීලා, ඔයාගෙ ෆෝන් නම්බර් එක, ඊමෙල් එක හෝ වෙනත් පෞද්ගලික තොරතුරු ඉල්ලන්න හදන අවස්ථාවන්. නීත්‍යානුකූල වෙබ් අඩවි වලින් සාමාන්‍යෙන් ඔයාගෙ පෞද්ගලික තොරතුරු නිකරුනේ ඉල්ලන්නෙ නෑ. එහෙම ඉල්ලනව නං, ඒ ගැන සැලකිල්ලෙන් වැඩ කරන්න.
උදා:- ඔයා ඇපල් 14 ultra pro legendary max mythic ෆෝන් එකක් දිනාගෙන තියෙන්නෙ...! වාසනා...! ඔයාගෙ ෆෝන් නම්බරේ අපිට එවන්න ඔයාව කන්ටැක්ට් කරගන්න8. හැකි සෑම විටම Two-Factor Authentication (2FA) පහසුකම සක්‍රීය කරගන්න. එකවුන්ට් එකක් හදාගෙන ලොග් වෙන්න තියෙන ගොඩක් වෙබ් සයිට් වල, 2FA පහසුකම දැන් ඔයාට ලබාදෙනවා. ඉතින් ඒක සක්‍රීය කරගන්න. 2FA කියන්නෙ ඔයාගෙ එකවුන්ට් එකට ලැබෙන අමතර ආරක්ෂක ස්ථරයක්. 9. සංවේදී ක්‍රියාකාරකම් වලට පොදු WiFi ජාල භාවිත කරන්න එපා. වෙබ් සයිට් හරහා කරන Online banking, Shopping වගේ වැඩ වලදි, පොදු wifi ජාල වලට සම්බන්ධ වෙලා ඉන්න එපා. ඒක ඔයාගෙ උපාංගයේ තියෙන දත්ත වල ආරක්ෂාවට තර්ජනයක් වෙන්න පුලුවන්. #Personal_Care #Tech
1 305
අන්නාසි ගොඩක් කෑවොත් හෝ අන්නාසි යුෂ ගොඩක් බිව්වොත්, ශුක්‍ර තරලයේ රස වෙනස් වෙනවද?
සරලම පිළිතුර ඔව් සහ නැහැශුක්ර තරලයේ රස ගැන කතා කරන්න කලින්, අපි මුලින්ම මේ ශුක්‍ර තරලය කියන්නෙ මොකක්ද? මේකෙ සංයුතිය මොකක්ද? කියන දේවල් ගැන අවබෝධ කරගෙන ඉමු. ශුක්‍ර තරලයේ සංයුතිය හඳුනගමු ශුක්‍ර තරලය කියන්නෙ නිකංම ශුක්‍රාණු ගොඩකට නෙවෙයි. සංක්‍යාත්මකව, ශුක්‍ර තරලයේ පරිමාවෙන් 1% - 3% අතර ප්‍රමාණයක් විතරයි ශුක්‍රාණු තියෙන්නෙ. ශුක්‍රාණු වලට අමතරව, ශුක්‍ර තරලයේ වැඩි හරියක්ම තියෙන්නෙ ජලය, ශ්ලේෂ්ම, ප්ලාස්මා වගේ තරලයන්. ශුක්‍රාණුවක්, කාන්තා යෝනි මාර්ගය තුළින් ඇතුල් වෙලා, ඩිම්බයක් සංසේචනය කරන්න ගොඩක් දුර පිහිනගෙන යන්න ඕනෙ. ඉතින් මේ දුර ගමන යන්න, ශුක්‍රාණුවට පෝෂණය සහ සුදුසු වාතාවරණයක් තියෙන්න ඕනෙ. මෙන්න මේ කෘත්‍යන්ට අදාළව තමයි ශුක්‍ර තරලයේ සංයුතිය සකස් වෙන්නෙ. ශුක්‍ර තරලයේ අඩංගු වෙන්නෙ මොනවද? ශුක්‍ර තරලයේ ශුක්‍රාණු, ක්ශේල්මල, ජලය, ෆෘක්ටෝස් (සරල සීනි), කැල්සියම්, මැග්නීසියම්, සිට්‍රේට්, ලැක්ටික් අම්ලය, ප්‍රෝටීනමය සංයෝග සහ වෙනත් ඛණිජ ලවණ ආදිය අඩංගු වෙනව. ශුක්‍ර තරලය වැදගත් වෙන්නෙ ඇයි? ශුක්‍ර තරලයෙන් කාර්යයන් කීපයක්ම ඉටු කරනව. ප්‍රධානම කාර්යය තමයි, චලනය වෙන ශුක්‍රාණු වලට අවශ්‍ය ශක්තිය සපයන එක. (ෆෘක්ටෝස්). ඒ වගේම ශුක්‍ර තරලය භාෂ්මිකයි. (pH අගය 7.2 - 7.4). කාන්තා යෝනි මාර්ගයේ තියෙන ආම්ලික පරිසරය නිසා ශුක්‍රාණු විනාශ වෙන එක මේ හින්ද වැළකෙනව. ඒ වගේම ශුක්‍ර තරලය, ශුක්‍රාණු වලට චලනය වීමට මාධ්‍යයක් සපයනව. ශුක්‍ර තරලයට ඇත්තටම රසක් තියෙනවද? ඔව්. ගොඩක්ම වෙලාවට පිළිගන්න දෙයක් තමයි ශුක්‍ර තරලයට යම් කිසි ආකාරයේ ලුණු රසක් තියෙනව කියන එක. මේ රස එකිනෙකාට අනන්‍ය දෙයක්. (කාන්තාවන්ටත් වලංගුයි). ඒ වගේම ෆෘක්ටෝස් සහ ඇතැම් විටමින් වර්ග නිසා, ශුක්‍ර තරලයට යම් කිසි ආකාරයේ පැණි රසක් තියෙන්න පුලුවන්. එතකොට අන්නාසි කෑවම, ශුක්‍ර තරලයේ රස වැඩි වෙනවද? දොඩම්, අන්නාසි වගේ සමහර කෑම වර්ග නිසා, ශුක්‍ර තරලයේ සංයුතිය වෙනස් වෙලා, ඒකෙ රස හා සුවඳ වෙනස් වෙන්න පුලුවන්. හැබැයි නිශ්චිතවම එහෙම වෙනව කියන්න සාක්ෂි නැහැ. මූලික වශයෙන්ම මෙහෙම හිතන්න. ශුක්‍ර තරයේ සංයුතිය සකස් වෙන්නෙ ඔයා කන කෑම අනුව. ඉතින් ඔයා ගොඩක් අන්නාසි කාලා, ගොඩක් අන්නාසි යුෂ බිව්වොත් ඔයාගෙ ශුක්‍ර තලයේ ෆෘක්ටෝස් ප්‍රතිශතය වැඩි වෙන්න පුලුවන්.
ෆෘක්ටෝස් කියන්නෙ කාබෝහයිඩ්‍රේටයක්. සරල සීනි කියල හඳුන්වනව. ෆෘක්ටෝස් තමයි පළතුරු වර්ග වල පැණි රසට හේතුවෙන්නෙ.ෆෘක්ටෝස් ප්‍රතිශතය වැඩි වෙනව කියන්නෙ, ශුක්‍ර තරලයේ තියෙන පැණි රස ගතියත් වැඩි වෙන්න පුලුවන් කියන එක. හැබැයි වැරදියට හිතන්න එපා. අන්නාසි ගොඩක් කෑව කියල, ශුක්‍ර තරලය සීනි වගේ පැණි රස වෙන්නෑ. යාන්තමට පොඩ්ඩක් පැණි රස වේවි. සහ ඕනෙවට වඩා පැණි රස පරිභෝජනය කරන එක ඔයාගෙ ශරීරයට හොඳ නෑ. ශුක්‍ර තරලයේ රස වෙනස් කරන්න පුලුවන් වෙනත් කෑම මොනවද? දොඩම්, අන්නාසි වගේ පළතුරු කෑවම ශුක්‍ර තරලයේ පැණි රස වැඩි වෙන්න හැකියාවක් තියෙනව. ඒ වගේම සැල්දිරි වගේ ආහාර වලින්, ශුක්‍ර තරලයේ තියෙන ලුණු ගතිය අඩු කරනව. සහ කුරුඳු, සාදික්කා වගේ කුළුබඩු වලින් ශුක්‍ර තරලයේ පැණි රස ගතිය වැඩි කරනව. ඒ වගේම, හොඳට ජලය පානය කරල සජලනය වෙන එකත්, ශුක්‍ර තරලයේ ලුණු රසය අඩු කරන්න උපකාර වෙනව. දුම්පානය, අධික මත්පැන් පානය, මත්ද්‍රව්‍ය, රතු මස් වර්ග සහ ක්ෂණික ආහාර වලින් ශුක්‍ර තරලයේ ලවණ ගතිය වැඩි කරලා අප්‍රියජනය රසයක් ගෙනදෙනව. වැඩේට බහින්න කලින් අන්නාසි කාල හිටියම එයාට ආස හිතෙයිද? නැහැ. ඔයා කන දෙයක් ඇඟට අවශෝෂණය වෙලා, ඒකෙන් ශුක්‍ර තරලයේ සංයුතිය වෙනස් කරන්න සෑහෙන කාලයක් යනව. (සති කීපයක්). ඔයා මහන්සි වෙන්න ඕනෙ හොඳට සමබර ආහාර වේලක් ලබාගන්න. මොකද ශුක්‍ර තරලයෙ පැණි රස වැඩි කරන එක විතරක් නෙවෙයි ලිංගික ජීවිතයට අවශ්‍ය වෙන්නෙ. හොඳ ටෙස්ටොස්ටෙරෝන් මට්ටමක් පවත්වගන්න එකත් අනිවාර්යයි. #LearnBits_Q_A
1 305
Epidemic, Endemic සහ Pandemic - වෙනස මොකක්ද?
Endemic
Endemic කියන්නෙ, "යම් කිසි නිශ්චිත ප්‍රදේශ කීපෙකට සීමා වෙලා තියෙන" අදහසකට. ඒ කියන්නෙ උදාහරණෙකට මොකක් හරි වෛරස් එකක් ගත්තොත්, ඒ වෛරස් එක නිශ්චිත ප්‍රදේශ කීපෙක ව්‍යාප්ත වෙලා තියෙනව. හැබැයි වෙන තැන් වලට ව්‍යාප්ත වෙන්නෑ වගේ අදහසක්. සරලවම කිව්වොත් "ප්‍රජාවක් තුළ ව්‍යාප්ත වෙලා තියෙන" දෙයක්/රෝගයක්.
Ex: Malaria is endemic to parts of Africa.Epidemic Epidemic කියන්නෙ, "යම් කිසි නිශ්චිත ප්‍රදේශයක අපේක්ෂා කරන මට්ටමට වඩා ව්‍යාප්ත වෙමින් පවතින හදිසි රෝගයක්" කියන අදහසට. උදාහරණයකට, වෛරස් එකක් නං, ඒක එක්තරා නගරයක මේ වෙනකොට ව්‍යාප්ත වෙමින් පවතිනවා. අපි දන්නෑ ඒක කොච්චර ව්‍යාප්ත වෙයිද නැද්ද කියල.
Ex: In recent weeks an epidemic of measles broke out.Pandemic Pandemic කියන්නෙ, රටවල් කිහිපයකට හෝ මහද්වීපිකව පැතිරුන දෙයකට/රෝගයකට. සාමාන්‍යෙන් පිළිගන්න දේ තමා epidemic කියන තත්වයෙන් ආරම්භ වෙලා pandemic කියන තත්වයට එනව. හරියට කොරෝනා වගේ. එක තැන පැතිරිලා ලෝකෙටම ව්‍යාප්ත උනා.
Ex: The results may have been skewed by an influenza pandemic.#English
1 305
බව්වෙක්ගෙ සාමාන්‍යය ජීවිත කාලය කොච්චරද?
බව්වෙක්ගෙ ජීවිත කාලය තීරණය කරන ප්‍රධානම සාධක තමයි, බව්වගෙ වර්ගය සහ දේහ ප්‍රමාණය.
Chihuahuas, Yorkies, Maltese හෝ Shih Tzus වගේ කුඩා දේහයන් දරන බව්වො සාමාන්‍යයෙන් අවු. 10-15 ක් වගේ කාලයක් ජීවත් වෙනව. ඒ වගේම golden retrievers, French bulldogs සහ cocker spaniels වගේ මධ්‍යම ප්‍රමාණයේ දේහ දරන සුනඛ වර්ග අවු. 10-12 ක් ජීවත් වෙනව.
අවසානයට Great Danes, Irish wolfhounds සහ Saint Bernards වගේ විශාල දේහ දරන බව් වර්ග, ජීවත් වෙන්නෙ අවු. 10කට අඩු කාලයක්.
මේ කාල පරාස තීරණය කරල තියෙන්නෙ බහුතර සිදුවීම් පදනම් කරගෙන. ඒ නිසා ඕනෙම සුනඛයෙක්ට මේ කාල පරාසයන්ට පිට කාලයක් ජීවත් වෙන්න ඉඩකඩක් තියෙන්නත් පුලුවන්.
#Knowledge
1 305
SoulFuel❗
*Motivational Posts 📝
*Motivational Quotes 💯
*Business Tips & Tricks 💸
*Life Hacks 🪜
පාඩම් කරන්න හිතෙන්නෙ නැද්ද ?
කිසිම වැඩක් කරන හිතෙන්නෙ නැද්ද ?
නවත්තපු වැඩ පටන් ගන්න හිතෙන්නෙ නැද්ද ?
පොඩි Motivation එකක් අරන් ආයෙත් වැඩේට බහින්න.
Mindset එක වෙනස් කරගන්න.
To Refuel Your Mind
1 305
විවිධ Phobia වර්ග
Iatrophobia - වෛද්‍යවරුන්ට ඇති බිය
Ichthyophobia - මත්ස්‍යයන්ට ඇති බිය
Ideophobia - නව අදහස් සහ සිතුවිලි වලට ඇති බිය
Illyngophobia - කරකැවීමට/කරකැවිල්ලට ඇති බිය
Insectophobia - කෘමීන්ට ඇති බිය
Iophobia - විශ වලට ඇති බිය
Isolophobia - හුදකලා වීමට ඇති බිය
Ithyphallophobia * - ශිෂ්ණය සෘජු වේයැයි දක්වන බිය
Japanophobia - ජපන් මිනිසුන්ට ඇති බිය
Judeophobia - යුදෙව්වන්ට දක්වන බිය
Ithyphallophobia යනු, සෘජු වූ ශිෂ්ණයක් දැකීමට, දැරීමට හෝ ඒ ගැන සිතීමට දක්වන බිය. මේ බය කාන්තාවන්ට වගේම පුරුෂයන්ටත් තියෙන්න පුලුවන්. ස්ත්‍රීන්ට විශේෂයෙන්ම කුඩා කළ ලිංගික අතවරයන්ට ලක් වූ අයට සහ, පුරුෂයන්ට කුඩා කල ශිෂ්ණය පිළිබඳ ලැජ්ජා වීමට සිදු වූ අයට මේ තත්වය ඇති වීමේ සම්භාවිතාවක් තියෙනව. මේ ගැන වැඩිදුර විස්තර මේ ලින්ක් එකෙන් දැනගන්න.#Phobia
1 305
ස්වභාවික සහ සංවාදාත්මක ස්වරයක් භාවිත කරන්න
ඔයාගෙ ලේඛන විලාසය රඳා පවතින්නෙ, ඔයාගෙ අනන්‍ය අද්විතීය කථන විලාසයට අනුව බව ඔයා දන්නවද? සමහරු කතාවක් ලියනකොට බොහොම අමාරුවෙන් සාහිත්‍යානුකූලව ලියන්න හදනව.
සහ වචන හොය හොය, උපමා හොය හොය කතාවට එකතු කරනව.
හැම රචකයෙක්ම සම්මත ලේඛන විලාසයක් අනුගමනය කරන්න ඕනෙ කියන අදහස ඇතුවයි සමහරු එහෙම කරන්නෙ. ඒත් ඇත්තටම සම්මත ලේඛන විලාසයක් කියල දෙයක් නෑ.
ඔයා කතාව ලියන්න ඕනෙ ඔයාට සුවපහසු සීමාවක ඉඳල මිසක්, ඔයාට දරාගන්නවත් බැරි පරාසයක් අල්ලගෙන නෙවෙයි. ඔයාගෙ හිතට එන අදහස්, ඔයාගෙම වචනයෙන් අකුරු කරන්න. නැතුව හිතට එන අදහස වෙන විදිහකට ලියන්න ගියොත් ඒකෙන් ඔයාට හානියක් වෙන්න පුලුවන්.
ඒ වගේම ලේඛනය තුළ හම්බෙන cliches මගහරින්න උපරිම උත්සායක් ගන්න ගමන්ම, ලේඛනයේ නිරත වෙන්න උත්සාහ කරන්න.
ඔයාගෙ ලේඛන විලාසය තුළින්, ඔයාගෙ පෞර්ෂය පිළිබිඹු කරන එකට තමයි, "තමන්ටම අනන්‍ය වූ ලේඛන විලාසයක්" පවතිනව කියල කියන්නෙ.
#Writer
1 305
ගිනිකෙළි සංදර්ශන, විශාල ගිණිමැල වගේ දේවල් රෙකෝඩ් කරන්න යන්න එපා. ඔයා එහෙම අවස්ථාවක් රෙකෝඩ් කරනකොට ඔයාට පේන්නෙ ඔයාගෙ ෆෝන් එකේ හෝ කැමරාවෙ තිරයෙන් පේන දේ මිසක් ඇත්තම ස්වභාවික දසුන නෙවෙයි.
ඒ නිසා ඒ වගේ දෙයක් ස්වභාවිකව ඔයාගෙ ඇස් දෙකෙන්ම දකින එක, රෙකෝඩින් එකක් බලනවට වඩා සුදුසුයි. සහ අපි කවුරුත් ගොඩක් වෙලාවට එහෙම දේක රෙකෝඩින් එකක් පස්සෙ කාලෙක බලන්න තියෙන ඉඩකඩ අඩුයි.
#Life_Hacks
1 305
Telegra.ph සයිට් එකේ ලින්ක් වල preview, සමහර වෙලාවට load වෙන්නැද්ද?
මම මේ poll එකෙන් ඇහුව වගේ, සමහරුන්ට ඒ ගැටළුව තිබිල තියෙනව. Link preview නැතුව instant view බට්න් එකක් ගන්නත් බැහැ, සහ ලින්ක් එක එබුවම අපිව browser එකට අරන් යන්න.
මේ ගැටළුවට විසඳුම් දෙකක් තියෙනව.
1. te.legra.ph ඩොමේන් එක භාවිත කරන්න.
ඔයාගෙ වැඩ කරන්නැති telegra.ph ලින්ක් එක, te.legra.ph කියල වෙනස් කරල ආයෙ උත්සාහ කරන්න.
උදා :-
-
https://telegra.ph/Link කියන එකේ preview එක එන්නෑ කියල හිතන්න.
- මේ ලින්ක් එක,
https://te.legra.ph/link කියල වෙනස් කරන්න. එතකොට preview එක ලැබේවි.
2. මගේ Instant view template එක භාවිත කරන්න.
සංකීර්ණ කරන්න ඕන්නැති නිසා මම සරලව මෙහෙම කියන්නං. ඔයාගෙ ඒ වැඩ කරන්නැති telegra.ph ලින්ක් එක, පහළ ෆෝමැට් එකේ අදාළ තැනට ආදේශ කරන්න.
https://t.me/iv?url=(https://telegra.ph/HBwL-05-13-2)&rhash=85d93c787156e6
ඔය වරහන් ඇතුළෙ තියෙන ලින්ක් එක වෙනුවට ඔයාලගෙ වැඩ නොකරන ලින්ක් එක දාලා ආයෙ බලන්න. (වරහන් දෙක අයින් කරගන්න. හොයාගන්න ලේසි වෙන්න දැම්මෙ.)
#Tele_Tips