cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

🅜︎Ⓢ︎ 𝗦𝘁𝗼𝗿𝘆 𝗪𝗼𝗿𝗹𝗱

අපගේ කතා සේරම මෙතනින් කියවගන්න පුලුවන් . කැමතිනම් පමණක් අප සමග එකතුවන්න. අපගේ කතාවන් එක්තැනක රැදවුමට ගන්නා උත්සහයකි ❤ Story partners : Senuri & Malith Thenuka Contact us : @contact_senuri_bot

نمایش بیشتر
پست‌های تبلیغاتی
333
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-57 روز
-930 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

යාලූවෙක් ගෙ චැනල් එකක්.... කට්ටිය සෙට් වෙලා පොඩි සප් එකක් දෙමු..... පූස් ලෝලින්ට විශේෂයි 😉♥️ https://t.me/SLcatchannel
نمایش همه...
පූසන්ගේ ලෝකය

පූසන්ට ආදරය කරන පූස්ලෝලියන්ටම පමණයි ♥️

نمایش همه...
කලු පූසා

12 ( අවසන් කොටස )

1
نمایش همه...
කලු පූසා

මුලින් ම සමාවෙන්න මෙච්චර කාලයක් කතාව නොදුන්න එකට 🥲♥️ මේ පාර ඒලෙවල් නිසා වැඩ වැඩියි 😒🥲 ඒමදිවට ටර්ම් ටෙස්ටුත් තිබ්බා. දැන් තමයි ටිකක් හරි විවේකයක් ගත්තෙ.

نمایش همه...
කලු පූසා

11( අවසානයට පෙර ) කොටස

ආපහු කතා ලියන්නෙ නැහැ කියලා හිතල කට්ටිය කියුව නිසාම ලියුව කතාව 👍 මරු හැබැයි . දෙකයි පණහෙ වැඩ 👍 හිත රිදෙන්න ඕන උපරිම රිදිල අදාල චැනල එක මගෙන් සමාව අරගෙන කතාව අයින් කරගන්න කම් බලං ඉන්න අසරණ කලු පූසා 🫠 ඇතැම් විට නැවත නොඑන්නත් පුලුවන් 👍
نمایش همه...
😢 10
Photo unavailableShow in Telegram
🙀 කලු පූසා 🤫 1 කොටස හාත් පසින්ම ඝන වූ කැලෑවයි..... තැනින් තැන ඇසෙන බකමූනකුගේ හුම් ශබ්දයත් එය පරයා ඇසෙනා උලමකුගේ හඩත් පරිසරයට ගෙන ආවෙ අමුතු මූසල බවකි. බොරැල්ල සුසාන භූමියේ මුරකරු වූ ඔහු ට මෙය සුපුරුදු දසුනක් වුවද අද ඔහුගේ ද සිත මදක් කලබලය. බොරැල්ල සුසාන භූමිය යනු සැබැවින්ම බොහෝ රහස් සගවා ගෙන සිටින අත්භූත ස්ථානයකි. ඇතැමකු පවසන ආකාරයට එහි මළවුන් රජකරන්නේය. එය හොල්මන් රාජධානිය කි. නමුත් එහි මුරකරු වන ජොනතන් පවසන ආකාරයට නම් එහි රජකරනුයේ කුඩු කාරයන් ය. සොහොනේ අඩියක් ගසමින් තරුණයන් ප්‍රීති වන අයුරු ඔහුට අමුතු දසුනක් නොවේ. ඔහුගේ මතය අනුව එය මලගිය ඔවුන්ට සාමදානයෙන් සැතපීමට නොදෙන ශුද්ධ වූ ස්ථාන අපවිත්‍ර කරන නොසණ්ණ්ඩාල නාහෙට නොඅසන රස්තියාදුකාරයන්‍ ය 💥 සම්පුර්ණ සිදුවීම දැනගන්න කැමති අයට පුළුවන් කියවන්න පළමු කමෙන්ට් එක 👊.
نمایش همه...
🤔 2
ඇයි මිනිස්සු මේ තරම් පහත්.... එයාලගෙ මේන් චැනල් එක... නම කියන්න හොද නැති නිසා කියන්නෙ නැහැ 👍 එයාලගෙ ඇඩ්මින් කෙනෙක් ට කියුවා. නෝ රිප්ලයි . එයාලගෙ කමෙන්ට් Box වල දැම්ම නෝ රිප්ලයි 👍 අදාල චැනල් එකෙ කමෙන්ට් Box එකෙ දැම්මා නෝරිප්ලයි 👍 කරන්න දෙයක් නැහැ . මගෙ කතාව.... මගේ අයිතිය.... මගේ කතාව ගියෙ මම මහන්සිවෙලා හදපු චැනල් එකෙ 👍 වෙන කාගෙවත් එකක නෙමෙනෙ 🙂 මේ පිලිබදව ඔබේ අදහස පවසන්න. තවදුරටත් මෙය මෙසේ සිදු විය යුතුද.... කතුවරුන්ගෙ නිර්මාණ මෙසේ කොපි පේස්ට් දමන ජගතුන් නිසා අහිමි වනුයෙ කතුවරුන් සහ පාඨකයන් වන අප සැමගේම නිදහසයි 🙂♥️
نمایش همه...
3👍 1😱 1
Repost from N/a
ඇතැම් දවසක මලවුන්ටත් නින්දක් නොදෙමින් සොහොන් කොත් හාරන උමතු මිනිසුන් ගැන ද ඔහු කියයි. ඔහු පවසන ආකාරයට විවිධ පර්යේෂණ කරන්නවුන් ඒ සදහා භාවිතා කරලිමට අලුත වලදැමූ මිනී රැගෙන යයි. ඔහුට පණ ඇත්තන්ගෙන් පණ නැත්තන් ආරක්ෂා කරලීමට මහත් වෙහෙසක් දැරීමට සිදු වෙයි. අද දිනද සිය දිවි නසාගත් ගැහැනු දරුවකුගේ මිනියක් මිහිදන් කෙරුණි. ඔහු බයිබලයෙ අත තබා දිව්රමින් පවසා සිටියේ අද දිනද මිනි ගොඩ ගන්නන් පැමිණෙන බවය. ඉදින් ඔහු ඔහුගේ පුත්‍රයා වූ දහ අට හැවිරුදි ආරොන් සමග මිනි ගොඩගන්නන් ඇල්ලීමට සූදානම් විය. සිංදු කෑල්ලක් මුමුණමින් ඔහු විදුලි පන්ඩ්දම හා දඩයම් තුවක්කුවද රැගෙන මුර වටය යාමට සූදානම් වූයේ අද කෙසෙ හෝ ඔවුන් අල්ලා ගන්නා බව තරයෙ අදිටන් කරලමිනි. තම පුතු හට මුර කුටියේ රැඳෙන ලෙස පැවසූ ඔහු කරදරයක් නම් ඔහු කතා කරන බවද එවිට පොලිසිය ට ඇමතුමක් ගන්නා ලෙසද පවසා නික්ම ගියේය. පරිසරයේ තිබූ අසාමාන්‍ය ස්වභාවය පිලිබදව ඔහු ගෙ සිතෙහි පැවතුණේ එතරම් යහපත් අදහසක් නොවේ. සුලග සමග දැවටුණු අසාමාන්‍ය සීතල .... දසතින් ගලා ආ ඝන මීදුම ...... මේ කිසිදු දෙයකින් ඔහුගේ රාජකාරිය නතර කල නොහැකිය. ඔහු සුසාන භූමියෙ මුරකරු වුවද නැතිනම් වෙනත් ස්ථානයක රාජකාරි කලද ඔහුගේ එම අදහස නම් වෙනස් නොවේවි. සැබැවින්ම ඔහු තම බඩවියත රැකගන්නා රැකියාව දේවකාරියටත් වඩා උතුම් කොට සැලකීය. ඔහු සොහොන් කොත් පසු කරමින් ඇවිද ගියේ හදිසි අවස්තාවක තුවක්කුව පත්තු කිරීමට හැකිවන පරිදිය. එක්වරම ඔහුට ඇසුනේ යමක් පහුරු ගානා හඬකි. ඔහු ඒ දෙසට පියමැන්නෙ විදුලි පන්දම ද නිවා දමා කරෙහි තිබූ තුවක්කුවද අතට ගනිමිනි. " බලමුකො අද උබලා කොහොමද මේ ජොනතන්ගෙන් බේරෙන්නෙ කියලා.... හහ්... " තමාටම මුමුණාගත් ඔහු ඉදිරියටම ගියේය. පහුරු ගානා ශබ්දය දිගේ ගිය ඔහු නතර වුයේ අලුතින් තැන්පත් කල සොහොන් කොතටය. නමුත් එහි කිසිදු වෙනසක් නොමැත. ඔහුට නැවතත් ඒ ශබ්දය ඇසෙන්නට විය. එය ළඟ ලගම ඇසිනි. නමුත් ඒ ඔහුට පිටුපසිනි. ඔහු තුවක්කුව ද ලෝඩ් කරමින් එක්වරම එදෙසට හැරුනේය. එහි උණ්ඩය පිටවනවාත් සමග බියකරු කෑගෑසීමකින් මුලු සොහොන් භූමියම දෙදරා ගියේය. ***************** බොරැල්ල සුසාන භූමියේ අත්භූත මරණයක්....... ඊයෙ එනම් 15 වන දින බොරැල්ල සුසාන භූමියේ තිබී එහි මුරකරු ජොනතන් සිල්වාගේ මල සිරුර සොයාගෙන ඇත. මල සිරුර සොයාගෙන ඇත්තෙ ඔහුගේ පුත්‍රයා වන අතර ඔහු අප සමග පැවසුවෙ තම පියා අලුතින් වළදැමූ මිනි ගොඩගන්නන් සොයා එසේ රාත්‍රියෙ මුර සංචාරයක නිරත වූ බවය. තම පියා පිටව ගොස් පැයකට පමණ පසුව සොහොන කෙලවරින් වෙඩි හඬක් ඇසුණු බවද අලුතින් වළදැමූ සොහොන ඇත්තෙද ඒ හරියෙ වන බැවින් තමා පොලිසිය ඇමතු විගස පියාගෙ සහයට දිව ගිය බවද සදහන් කලේය. ඒ යනවිටත් ඔහු එහි මැරී වැටි සිටි අයුරු තමා දුටුබව ඔහු සදහන් කලේය. පොලිසිය සැක කරන පරිදි ජොනතන් මිනිගොඩගන්නන් සොහොන් කොත අසල දැක ඔවුන්ට වෙඩි තබා ඇත. නමුත් ඉලක්කය වැරදී අසල තිබූ අනෙක් සොහොනට වදින්නට ඇත. පරිසරයෙ තිබූ මීදුමත් වැසි ස්වභාවයත් නිසා ඔහුට පාර නොපෙනි ගොස් එම සොහොන් කොත උඩට වැටි ඔලුව පැලී මිය යන්නට ඇති බවත් සැකකරයි. නමුත් අප වාර්තාකරුවා සදහන් කරන පරිදි එම සොහොන් කොත වටා වැසිබර කාලගුණයත් සමග මිනිමරුවගෙ අඩිසටහන් තිබිය යුතුමය. නමුත් මෙහි පුදුමයට කරුණ නම් එහි තීබූයේ මිනිස් පා සටහන් නොව පූසකුගේ අඩි සටහන් ය. එපමණක් නොව ජොනතන්ගේ මුහුණ ම පහුරු ගා සූරා දමා ඇත. සැබැවින්ම එහි සිදු වූයේ කුමක්ද ..... මෙය බොරැල්ල සුසාන භූමියෙ සිදුවූ තවත් එක් අභිරහස් මරණයක්ද.... " තවත් එක් මරණයක් ද.... ඇයි මීට කලිනුත් ඒවගෙ මරණයක් සිද්ධ වුනාද.... " පුවත්පත වසා කෑම මේසයෙ සිට මා පැවසූ විස්තරය අසා සිටි මගෙ පියාගෙන් මා විමසුවේ විමතියෙනි . " සමහරවිට .... අමා.... රෙඩීද... මට පරක්කු වෙනවා... බොරැල්ල ට යන්න ඕනා... " ඔහු එසේ කියමින් සපත්තු යුගල දමා ගෙන පොලිස් නිල තොප්පිය අතට ගත්තේය. " තාත්තා .... ඔයා සොහොනටද යන්නෙ... " මම විමසුවේ ඔහුට මෙම අපරාධය ගැන පරීක්ෂණ කටයුතු භාරව ඇත්දැයි යන්න සැකයෙනි. " ඔව්.... එනවද යන්න.... " නොසිතු විරූ එක්වරම ඔහු මාගෙන් විමසුවේ මගෙ මුවෙහි සිනහවක් ඇදීයද්දිය . " ගියාට නම් කමක් නැහැ කෙල්ලෙ.... ඒත් තාත්තා ට ඩිස්ටර්බ් නොකර ඉන්න.... " එසේ පවසමින් අම්මා තාත්තා ගේ කෑම එක ඔහුගේ අතට දුන්නාය. " ඕම්කේ මැඩම්... " " එහෙනම් ඔන්න අලුත් පරීක්ෂණයක්.... බලමු විසදලම... නේද කෙල්ලේ... " එසේ පවසමින් තාත්තා මට ඇසක් ගැසූවේ අම්මා රවද්දිය . " ඔව් කොල්ලො... " මම කැගසා පවසමින් මම මගෙ කාමරයට දිව ගියේ සොහොන වෙත යාමට ප්‍රථම රැගෙන යා යුතු බඩු කිහිපයක් ගැනීමටයි.
نمایش همه...
🤔 2
نمایش همه...
කලු අවුරුදු

කෙටිකතාවකි. #Horror_House_Special දසතින් හමා එන සීතල මදනල .... වසන්තය පැමිණි වග කියන්නට මෙන් මලින් පිරුණි ලිය වැල්.... රතු ඇදුමක් ඇදගත්තාක් මෙන් සැරසුනු එරබදු ගස්.... විටින් විට ඇසෙන කොහො නද.... කියන්නට තන්නනෙ අවුරුදු පැමිණි වගද.... ඔව් මේ අවුරුදු මාසය... සැවොම ප්‍රිය කරන උත්සව සමය.... ඇයි මමත්... ඒත් ඒ මීට අවුරුදු දෙකකට පෙර.... මේ අවුරුද්ද මම ගතකරන අලුත් අවුරුද්ද වනු නිසැකය. ඇතැම් විට මෙය මගෙ ජීවිත කාලයට ම සමරන අවසාන අවුරුද්ද ද විය හැක. ඒ 2022 අවුරුද්දයි. මීට මාස තුනකට පෙර මා මාගෙ…

2
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.