fa
Feedback
Study with CHILL

Study with CHILL

رفتن به کانال در Telegram
2 995
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-157 روز
-5430 روز
آرشیو پست ها
ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් පමණක් පිරිනමන Bachelor of Science in Polymer Science and Industrial Management ගැන 👇
ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් පමණක් පිරිනමන Bachelor of Science in Polymer Science and Industrial Management ගැන 👇

තිරසාර ප්‍රවාහනය සදහා තාක්ෂණය (Technology for Sustainable Transport) යනු ඉතාමත් වේගයෙන් ඉදිරියට එමින් පවතින ක්‍ෂෙත්‍රයක්. තිරසාර සංවර්ධනය යනු ලෝකයේ දියුණු යැයි සැලකෙන රටවල් සියල්ල ම පාහේ සම්පූර්ණයෙන්ම තම සංවර්ධනය යොමු කරන දිශානතියයි. එහි තිරසර ප්‍රවාහනය මූලික අංගයක් වෙනවා. එලෙස පිඹුරුපත් සැකසීමේ දී සිදුවන ක්‍රියාවලියට අවශ්‍ය සියලු ප්‍රදේශ මෙම ක්ෂේත්‍රය යටතේ සකච්ඡා වෙනවා. මෙම ක්ෂේත්‍ර හතරෙහිම වන  Automations, Intelligence Transport Systems, Artificial Intelligence වැනි නව ප්‍රවණතා පිළිබඳ ඉගෙනීමට හා යෙදීමට ඔබට නිසැකවම අවස්ථාව ලැබෙනවා. රැකියා අවස්ථා ගැන සඳහන් කළොත්, ඔයාලට පුළුල් වපසරියකින් යුත් විවිධ ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ වැඩ කරන්න හැකියාවක් තිබෙනවා. පහතින් දැක්වෙන්නේ රැකියා ලබාගත හැකි මූලික ක්ෂේත්‍ර හයයි. 1) Supply Chain Industry (සැපයුම් දාම) 2)Transport Planning Industry (ප්‍රවාහන සැළසුම්) 3) Maritime Industry (නාවික සේවා) 4) Aviation Industry (ගුවන් සේවා) 5) IT Industry (තොරතුරු තාක්ෂණ) 6) නිෂ්පාදන ක්ෂේත්‍රය ( Manufacturing) Engineer, Analyst, Planner, Manager, Designer යන මූලික රැකියා විශේෂණයන් යටතේ එන ඉංජිනේරු හා  කළමනාකරණ ක්‍ෂෙත්‍රයේ ප්‍රධාන පෙළේ රැකියා මේ ඔස්සේ හිමිකර ගැනීමේ අවස්ථාව තියෙනවා. ඒ වගේම විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු සඳහා උනන්දුවක් ඇත්නම් විශ්ව විද්‍යාල විශ්ලේෂණ සහයකයෙකුගේ (Research Assistant) සිට විශ්වවිද්‍යාලයීයේ කතිකාචාර්යවරයෙකු , ආචාර්‍ය්යවරයෙකු හා මහාචාර්යවරයකු දක්වා ම තම ඉගෙනුම් කටයුතු කරගෙන යාමේ හැකියාවත් පවතින අතර අවස්ථාද හිමිවෙනවා. විශේෂයෙන්ම නායකත්ව හා කුසළතා සංවර්ධනය සදහා විශේෂ එළිමහන් පුහුණුවීම් කදවුරකට (OBT - Outbound Training Program) ඔබව යොමුකරනු ලබනවා. ඊට  අමතරව පුද්ගලික අංශය හරහා ලැබෙන ශිෂ්‍යත්ව (Scholarships) සහ විශේෂ මගපෙන්වීමේ (Mentoring Programs) වැඩසටහන් ඔබට ලැබෙන විශේෂ වරප්‍රසාද ලෙස හැඳින්විය හැකිය. ඉතින්  ඉංජිනේරු සිහිනයට අලුත් විදියට පාර කියන මේ නව පාඨමාලාව ගැන මේ දැනගත්ත දේවල් එක්ක ඔයාලගේ කැමත්ත ගැළපෙනවා නම් ඔබත් මේ පාඨමාලාව ඔබේ අනාගත දොරටුවේ යතුර බවට පත් කරගන්න... ඔබ සැමට ජය✌🏻... https://t.me/StudyWithCHILL

*TML Engineering (Transport Management & Logistics Engineering)* කියන්නේ මොකක්ද? දැනට මේ ගැන අවබෝධයක් තියෙන්නේ ඉතාමත්ම සුළු පිරිසකට විතරයි. මොකද මේ පාඨමාලාව අලුත්ම එකක් නිසා. ඒ පිරිසට මේ අවබෝධය තිබුණට සමාජයේ බහුතරයකට මේ පාඨමාලාව සම්බන්ධයෙන් කුතුහලයක් තියෙන්නේ. ඒ නිසා අපි හිතුවා මේ පාඨමාලාව ගැන දැනුවත් කරන්න මේ වගේ විස්තරයක් ගෙන එන්න කියලා. *TML Engineering* කියන්නේ *"Transport Management and Logistics Engineering- BSc Eng.Hons"* නොහොත් *"ප්‍රවාහන කළමනාකරණ සහ කාර්යෝපාය ඉංජිනේරු - ඉංජිනේරු විද්‍යාවේදී ගෞරව"* කියන විශ්ව විද්‍යාලයීය පාඨමාලාව. රාජ්‍ය විශ්ව විද්‍යාලයක මේ පාඨමාලාව මුල්ම වරට හඳුන්වා දෙන්නේ 2020/21 අධ්‍යයන වර්ෂය සඳහා මොරටුව විශ්ව විද්‍යාලයේ පාඨමාලාවක් ලෙසට. එහෙම කිව්වත් මේ පාඨමාලාවට තියෙන්නේ ඉතාමත් දිගු විකාශනයක්. කළමනාකරණය කියන නම යෙදුනත් උසස් පෙළ ගණිත අංශයෙන් සමත් සිසුන් පමණක් ඇතුළත් වීමත්, මොරටුව ඉංජිනේරු පීඨය යටතේ ස්ථාපිත වීමත් මෙය සිසුන් අතර මෙන්ම ප්‍රවාහන ක්ෂේත්‍රය තුල බොහෝ ප්‍රචලිත වීමට කරුණු කිහිපයක්. 2005 වර්ෂයේ දී මෙම දෙපාර්තමේන්තුව *ප්‍රවාහන හා සැපයුම් කළමනාකරණය* විෂය පථය ආවරණය කරන දකුණු ආසියාවේ ප්‍රථම දෙපාර්තමේන්තුව ලෙසට *"ප්‍රවාහන හා සැපයුම් කළමනාකරණ - විද්‍යාවේදී ගෞරව"* උපාධි පාඨමාලාව (TLM) නමින් මොරටුව විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨයේ ස්ථාපිත කරනවා.  එලෙස පිහිටුවන ලද පාඨමාලාව තමා මේ ලෙසට *"ප්‍රවාහන කළමනාකරණ සහ කාර්යෝපාය ඉංජිනේරු - ඉංජිනේරු විද්‍යාවේදී ගෞරව"* ලෙස  2020/21 අධ්‍යයන වර්ෂයේ දී හඳුන්වා දෙන්න තීරණය කරල තියෙන්නේ. මෙය සරළ පරිවර්තනයක් නොවේ. ප්‍රවාහන හා කාර්‍යෝපාය ක්ෂේත්‍රයේ විශ්ව විද්‍යාල තුල හා ඉන් පිටත ප්‍රවීණයන් රැසකගේම අදහස් සහිතව ඉදිරි අනාගතයේ එන තරගකාරී ප්‍රවාහන හා කාර්‍යෝපාය ක්ෂේත්‍රයේ තාක්ෂණික පරිවර්තනයන්ට ගැලපෙන පරිදි ඉංජිනේරු පාඨමාලාවක් ලෙස මෙම පරිවර්තනය සිදුකර තිබෙනවා. මේ පාඨමාලාවට උසස් පෙළ ගණිත අංශයෙන් පෙනී සිටි සිසුන් දිස්ත්‍රික් පදනමෙන් Z අගය මත  තෝරාගැනීම සිදුකරනු ලබනවා. මේ පාඨමාලාව *B.Sc. Engineering* හෙවත් *Bachelor of Science of Engineering* ගෞරව උපාධියක් ලෙස තමා පිරිනැමෙන්නේ. අවුරුදු හතරක පාඨමාලාව, සෙමෙස්ටර (semesters)  අටකින් සමන්විත අතර තෙවන වසරේ දෙවන සෙමෙස්ටරය (Semester 6) කර්මාන්ත ප්‍රායෝගික පුහුණුව (Industrial Training)සඳහා යොමු කෙරෙනවා. අවසන් අධ්‍යයන වර්ෂයේ දී සිසුන්ට ක්‍ෂෙත්‍ර හතරක් ඔස්සේ විශේෂීකරණය වීමේ හැකියාව පවතිනවා. ඒ ක්‍ෂෙත්‍ර පහතින් දක්වා ඇත. 1)Smart Mobility 2)Integrated Logistics 3)Operations & Supply Chain Analytics 4)Technology for Sustainable Transport තමන් කැමති ක්‍ෂෙත්‍රයක් ඔස්සේ අධ්‍යයන කටයුතු කරන්න ලැබෙන අවස්ථාව වගේ ම සියලුම සිසුන්ට තමාගේ පෞරුෂත්වය වර්ධනය කරගැනීමටත් මේ පාඨමාලාවෙන් මහඟු අවස්ථා රැසක් හිමිවෙනවා. Smart Mobility කියලා කියන්නේ දිනෙන් දින වැඩිවන රථවාහන අර්බුදයට කාර්‍යක්ෂමව විසඳුම් සෙවීමේ අරමුණෙන් යුතු ව දිනෙන් දින ඉදිරියට එන සංකල්පයක්. විශේෂයෙන්ම අපිට සුඛෝපභෝගී රථයක සියල්ලන් ගමන් කිරීම සංවර්ධනය ලෙස සිතුනද, සංවර්ධිත යැයි සැළකෙන රටවල් සියල්ල ම පාහේ මේ වන විට පොදු ප්‍රවාහනය මූලික කරගෙන තම රටේ අනාගතය වෙනුවෙන් පිඹුරුපත් සකස්කරමින් සිටිනවා. Ridesharing, Car-sharing, Public Transportation, Walking සහ Biking  මෙම සංකල්පය ක්‍රියාත්මක වන මෙහෙයුම් ප්‍රදේශ ලෙස සැලකිය හැකී.  Logistics යනු "කාර්යෝපාය" වේ. කාර්යෝපාය කළමනාකරණය ශ්‍රී ලංකාව වැනි රටකට ඉතාමත්ම වැදගත්. ලෝකයේ වරායන් අතර පළමු වරායන් 25 අතරට කොළඹ වරාය පැමිණෙන්නේ අපෙ රට නාවික වශයෙන් ඉතාමත් වැදගත් කේන්ද්‍රස්ථානයක පිහිටා ඇති බැවින්. මෙහි උපරිම ඵල නෙළා ගැනීමට නම් අපි අනිවාර්‍ය්යෙන්ම එයට ඔබින දැනුමෙන් හා බුද්ධියෙන් හෙබි තරුණ පරපුරක් බිහිකළ  යුතුයි. Integrated Logistics හරහා කර්මාන්ත (Industry), නිෂ්පාදනය (Production), ගබඩා හැසුරුම් සේවා (Warehousing), ප්‍රවාහනය (Transportation), හා බෙදාහැරීම (Distribution) වැනි සැපයුම් දාම කළමනාකරණයේ මූලික අංග සහ සම්බන්ධ කළ හැකි ආකාර පිළිබඳ ගැඹුරින් විශ්ලේෂණය කරනු ලබනවා. මෙහෙයුම් හා සැපයුම් දාම විශ්ලේෂණය (Operations & Supply Chain Analytics) යනු ඉතාමත්ම වැදගත් ක්ෂේත්‍රයක්. ඕනෑ ම නිෂ්පාදනයකට සැපයුම් දාමයක් පවතිනවා. මෙහි සැපයුම්කරු, නිෂ්පාදකයා හා පාරිභෝගිකයා යන අංශ ආවරණය කරමින් සිදුවන මෙහෙයුම් කළමනාකරණය සිදුවෙනවා. මෙහෙයුම් කළමනාකරණය නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස් ගුවන්, නාවුක හා මාර්ග ප්‍රවාහන මෙහෙයුම් ලෙස ද සිදුවනවා. විශේෂයෙන්ම මෙහිදී නවීන සංකල්ප ප්‍රවාහන ගැටලු හරහා අධ්‍යනයට ලැබීම විශේෂත්වයක්.

photo content

Loan එකෙන් IT Degree එකක් කරන්න ඉන්න නංගිලා මල්ලිලාට තමා මේක වැදගත් වෙන්නෙ Specially අහුවෙන IT Degree එකක් හෝ General degree එකක් කරන්න ඉන්න අයට නෙවෙයි, තමන්ට Software Engineer , cyber security , data science වගේ යන්න හිතන් ඉන්න අයට තමා මේක වැදගත් වෙන්නෙ. It Degree දෙන campus කොටස් දෙකක් තියෙනව. 1) Loan එකෙන්ම තමන් යන Side එක තෝරගන්න පුලුවන් campus 2) Degree එකේ කොටසක් කරාට පස්සෙ තමන්ගෙ GPA එක අනුව තමන්යන Side එක තීරනය කරන campus. Software Engineering degree ලබාදෙන ප්‍රධාන campus එකක් උන SLIIT වගේ කැම්පස් පවා මේ දෙවෙනි ක්‍රමය තමා අනුගමනය කරන්නෙ. මේ ක්‍රමයේ වැරැද්දක් නැහැ. මොකද ඒකෙන් කරන්නෙ ඒ Degree එක කරන්න තරම් හොද හැකියාවක් තියෙන අය වෙන් කරන එක. උදාහරනයක් විදිහට SLIIT එකේ Software Engineering ඇතුලු ප්‍රධාන Degrees (Data Science, Cyber Security ,Networking) කරන්න නම් ඔයාලට අනිවාරෙන්ම GPA එක 2.7 වඩා වැඩි අගයක් ගන්නම වෙනව. ඒක කරන්න බැරි උනොත් එයාට තමන් ආස degree එක කරන්න වෙන්නෙ නැහැ. ඇත්තම කිව්වොත් Campus එකට එන අයගෙන් ගොඩ දෙනෙක්ට තමන් ආස Side එකට යන්න වෙන්නෙ ඉතා සුලු පිරිසකට මොකද GPA එක 2.7ක් ගන්නව කියන්නෙ ලොකු කට්ටක්. Maths ඕන නෑ , English ඕන නෑ , ගියාම හදාගන්න පුලුවන් ගාල එන අයගෙන් ගොඩ දෙනෙක්ට අත්වෙන ඉරණම මේක තමා. හැමෝටම නෙවෙයි ගොඩ දෙනෙක්ටම එහෙමයි. Maths එච්චර ඕන නෑ කියල සමහරු කිව්වට 1st Sem එකේ Mathematic for computing කියලcredit 4ක වෙනම Subject එකක්ම තියෙනව Exam , assignment ඕවගෙන් ලකුනු හදනව gpa හදනව. ඉතින් ඕව බැරි අයගෙ gpa අඩුවෙනව. එන්න හිතන් ඉන්නවන්ම් අනිවාරෙන් maths, english හදාගන්න නිකන් නෙවෙයි හොදටම හදාගන්න. විකාර කියන උන්ට අහුවෙලා බාගෙට කරාම අන්තිමේදි තමන් ආසදේ කරන්න තියෙන chance එකයි නැතිවෙන්නෙ. මේකෙ දරුණු පැත්තකුත් තියෙනව. මෙහෙම කියල නිමකරන්න බැරි තරම් අමාරු වැඩක් Assignment, assessment, exam , lectures, projects, සතිය ගානෙ වැඩ තොගයක් ගොඩ ගැහිල. පාඩම් කරගන්න වෙලාවක් නෑ හරියට. ඒ අස්සෙ subject repeat වෙනව. තියෙනටික කරගන්නත් බැරුව ඉද්දි repeat set උනාම මාරම කට්ටක් මොකද repeat වෙන්නෙ ඒක බැරි නිසානෙ එක repeat එකකට ලොකු ගානක් ගෙවන්න වෙනව. ඒ වගේම දෙතුන්පාරක් repeat උනොත් දරන්න බැරි තරම් වියදම් දරන්න වෙනව. අන්තිමේදි degree එක මග නවත්තල නිකන් ඉන්න වෙනව. මෙහෙම උන අය ගොඩක් ඉන්නව SLIIT එකේනම් විශේෂයෙන් අනිත් IT Degree දෙන campus වලට වඩා. මේක ගැන හොයල බලන්න ඕන නම් SLIIT repeat කියල Search කරල බනන්නකො Campus ලමයි ඉන්න group වල. ඒ ලමයි අන්ත අසරන වෙලා ඉන්න හැටි. සමහරු කියනව හැම campus එකේම මෙහමයි කියල ඇත්තම කිව්වොත් ඒක එහෙම නෑ. මොකද සමහර degrees ගන්න සාපෙක්ෂව ගොඩක් ලේසියි. ඒක දළ වශයෙන් හොයාගන්න පුලුවන් campus එකට ඒ අව්රුද්දෙ ගත්තු ගානයි Degree එක complete කරගත්තු ගානයි හොයල බැලුවොත්. SLIIT නම් 1/5 වගේ කියල තමා ගොඩක් තැන් වල තියෙන්නෙ. පුදුමයි වගේ නම් මම කිව්ව වගේ Group වල ටිකක් හොයල බලන්න. හරි භයානක ටික ඉවරයි. තමන්ට Software engineer, network engineer, වගේ වෙන්න විශේෂ හීනයක් නැති general එකද මොකක්ද degree එක කියල එච්චර හිතන්නෙ නැති අයට මේටික වැඩක් නෑ මේ ටික කියවන් යද්දි ම්ට මේ Side එකට යන්න ඕන, ඒත් මට sure නෑ කරගන්න පුලුවන් වෙයිද කියල වගේ හිතෙන අය ඉන්නවනම් ඔයාට කරන්න පුලුවන් බුද්ධිමත් වැඩ දෙකක් තියෙනව. පලවෙනි එක සහ ආරක්ෂිත විදිහ තමා GPA එක බලල තමන්යන්න ඉන්න side එක තෝරන campus එකකට නොයා අපිට කෙලින්ම යන්න ආස side එක තෝරගන්න දෙන campus එකක degree එකක් කිරීම. මේ විදිහෙන් තමන්ට කිසිම ගැටලුවක් නැතිව ආස පැත්තට යන්න පුලුවන්. ඔයාට මේ විදිහට නම් SLTC ,NSBM වගේ campus වල degree එක කරන්න පුලුවන්. ඒ වගේම මේ degree අතර ලොකු වෙනස්කමක් නැහැ. මොකද ලංකාවෙ හොදම company වල හොයල බැලුවත් මේ හැම degree එකකම කට්ටිය ඒවගෙ ඉන්නව. ඉතින් campus එකට වඩා තමන් කොච්චර දක්ෂද කියන එක මත තමා ඒක තීරනය වෙන්නෙ. ගොඩක් අය අමාරු degree කරන්න ගිහින් තමන්ට ලේසියෙන් degree එක අරන් job එකකට යන්න තිබ්බ අවස්තාවත් නිකන්ම නැතිකරගන්නව. දෙවනි විදිහ නම් ආරක්ෂිත විදිහක් නෙවෙයි. මොකද මේක කරල තමන් ආස එක ලැබෙනව වගේම ඒක නොලැබෙන්නත් ඉඩ වැඩියි. ඉතින් ඔයාට තියෙන්නෙ GPA එක බලල තෝරන campus එකකට යන්න පුලුවන්. ඒකෙ තියන ගැටලුවනම් තමන්ට ආස පැත්තට නිකන්ම යන්න නම් ලැබෙන්නෙ නැහැ. මේ වෙනකම් තිබ්බ Semester වල exam වල ලකුනු බලල තමා ඔයාව ඒකට තෝරගන්නෙ. අන්න ඒක තමයි මම මුලිනුත් කිව්වෙ maths English campus ඇවිත් හදාගන්න වෙන්නෙ ඉතාමත් අඩුවෙන්. මේ කොහොම උනත් අවසාන තීරණය ගන්න ඕන ඔයාම තමයි. ගොඩක් අය මේ මොකුත් දන්නෙ නැතුව loan එක ලැබුන කියන්නෙ degree එක ලැබුන වගේ මානසිකත්වෙකින් ඉන්න නිසා තමා මේක දැම්මෙ. මේ post එක මතම ඉදන් තීරණ ගන්නෙ නැතුව තවත් හොයල බලන්න. දැනටමත් ඒ campus වල 2nd,3rd years වල ඉන්න අයි

photo content

Repost from Science Panthiya
🛑මේ Bio Paper එකෙන් රචනා කොටස තමයි අද සාකච්ඡා කරන්නෙ. ඒ නිසා 4ට discussion එකට එන්න කලින් Bio රචනා paper එක කරන්න හැමෝම. Medical Student ලගෙන්ම Medicine එන්නනම් විභාගයට හරියට මුහුණ දෙන්නේ කොහොමද, Bio රචනා , ව්‍යුහගත paper එකට හරියට උත්තර ලියන්නෙ කොහොමද , කාල කලමණාකරණය කරගන්නෙ කොහොමද වගේ වැදගත් කරුණු ගණනාවක් ගැන හොඳ අවබෝදයක් ඔයාලට ගන්න පුලුවන් වේවී. මේ පාර විභාගයට මුහුණ දෙන මල්ලිලා නංගිල වගේම ඊලඟ අවුරුද්දේ විභාගයට මුහුන දෙන මල්ලිලා නංගිලටත් මේක ගොඩක් වැදගත් වේවී

Repost from Science Panthiya
Athwela - Biology Essay.pdf2.75 KB

Repost from Science Panthiya
Athwela - Biology Structure Essay.pdf4.48 KB

Repost from Science Panthiya
Athwela- Biology MCQ Marking Scheme.pdf0.31 KB

Repost from Science Panthiya
Athwela- Biology MCQ.pdf6.99 KB

Repost from Science Panthiya
*අත්වැල 2023*📚 රජරට වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍ය සංගමය මගින් සිව් වන වරටත් 2022 අ.පො.ස උසස් පෙළ සිසුන් උදෙසා සංවිධානය කරනු ලබන
*අත්වැල 2023*📚 රජරට වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍ය සංගමය මගින් සිව් වන වරටත් 2022 අ.පො.ස උසස් පෙළ සිසුන් උදෙසා සංවිධානය  කරනු ලබන අත්වැල 2023 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ ජීව විද්‍යාව දෙවනි කොටස ජනවාරි 11 වන බදාදා එනම් අද දින සවස 4 සිට zoom තාක්ෂණය  ඔස්සේ පැවැත්වේ ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍රය  පහතින් Download කරගන්න, (Zoom link එක අද සවස් වන විට ලබා දේ ) වැඩි විස්තර ලබා ගැනීමට පහත Whatsapp හෝ Telegram Group වෙත එක්වන්න 🔴Bio Paper & Marking scheme Download 👇, 🟠 Bio Mcq https://t.me/sciencepanthiya/5710 🟠 Bio Mcq Marking https://t.me/sciencepanthiya/5711 🟠 Bio Structures Essy https://t.me/sciencepanthiya/5712 🟠 Bio Essay https://t.me/sciencepanthiya/5713 🟢 Whatsapp , https://chat.whatsapp.com/DwTucpLHGENLtl6qLpXtgz 🔵 Telegram , https://t.me/+1-tJMRKkyJ9mMTZl

Repost from Science Panthiya
🔴🔴🔴🔴🔴🔴🔴🔴 මේ පාර A/L ලියන නංගිල මල්ලිල හරි ඊලඟ පාර A/L ලියන්න ඉන්න නංගිල මල්ලිල පුලුවන් නම් අනිවාර්යයෙන්ම මේකට සහභාගී වෙලා බලන්න. මොකද මේක කරන්නෙ රජරට වෛද්‍ය පීඨයේ ඉගෙන ගන්න සහෝදර සහෝදරියො විසින්මයි. (මමත් ගිය අවුරුද්දේ මගෙ යාලුවොත් එක්ක මේ සම්මන්ත්‍රණ මාලාවම කරන්න මහන්සි උනා. ඒකට ගිය අවුරුද්දේ සහභාගී උන නංගිල මල්ලිල නම් මේකේ වටිනාකම දන්නවා ). ඒකෙදි අපි ගොඩක් දෙනෙක් වැඩ කරපු හැටි ,කෙටි ක්‍රම , මතක තියාගන්න කෙටි ක්‍රම , ප්‍රශ්නෙකට හරියට ලියන හැටි වගේ ක්‍රම ගොඩක් කියල දුන්නා. ගියපාරමේ සහභාගී උන නංගිල මල්ලිලා නම් කීවෙ එයාලට ඒකට කලින් සහභාගී වෙන්න ලැබුනනම් ඒකෙ වටිනාකම කියල නිමකරන්න බෑ කියල. ඒ නිසා පුලුවන් නම් ඊලඟ අවුරුද්දෙ විභාගෙට මුහුන දෙන මල්ලිලා නංගිලත් මේකට සහභාගී වෙන්න ❤️ ( සම්මන්ත්‍රණ පැවැත්වෙන කාලසටහන සහ Zoom සබැඳිය නුදුරේදීම ලබාදෙන්නෙමු. )           මේ සඳහා සහභාගී වීමට බලාපොරොත්තුවන්නේ නම් පහත සබැඳිය ඔස්සේ 'අත්වැල' Whatsapp Group  හෝ Telegram Group වෙත සම්බන්ධ වන්න. 🟢 Whatsapp Group , https://chat.whatsapp.com/DwTucpLHGENLtl6qLpXtgz 🔵 Telegram Group https://t.me/+1-tJMRKkyJ9mMTZl ❤️ sciencepanthiya

Repost from Science Panthiya
රජරට වෛද්‍ය ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලබන ' අත්වැල ' අ.පො.ස උසස් පෙළ සම්මන්ත්‍රණ මාලාව ජීව විද්‍යාව,රසායන විද්‍යාව,භෞත
රජරට වෛද්‍ය ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලබන ' අත්වැල ' අ.පො.ස උසස් පෙළ සම්මන්ත්‍රණ මාලාව ජීව විද්‍යාව,රසායන විද්‍යාව,භෞතික විද්‍යාව විෂයන් තුන ආවරණය කෙරෙන පරිදි Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. මේ සඳහා කිසිදු මුදල් අය කිරීමකින් සිදු නොකරන අතර සම්මන්ත්‍රණ පැවැත්වෙන කාලසටහන සහ Zoom සබැඳිය නුදුරේදීම ලබාදෙන්නෙමු. මේ සඳහා සහභාගී වීමට බලාපොරොත්තුවන්නේ නම් පහත සබැඳිය ඔස්සේ 'අත්වැල' Whatsapp Group හෝ Telegram Group වෙත සම්බන්ධ වන්න. 🟢 Whatsapp Group , https://chat.whatsapp.com/DwTucpLHGENLtl6qLpXtgz 🔵 Telegram Group https://t.me/+1-tJMRKkyJ9mMTZl ❤️ sciencepanthiya

👨🏻‍⚕👩🏻‍⚕ සහෝදරත්වයේ අත්වැල👩🏻‍⚕👨🏻‍⚕ 🩺2021 අ.පො.ස. උසස්පෙල විභාගයට පෙනීසිට වෛද්‍ය විද්‍යාව හැදෑරීමට තේරීපත්ව සිටින ඔබ සියලු දෙනාට _වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව_ ලෙස අපගේ සුබපැතුම් පුදකරමු. 🩺 _වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව_ ලෙස අප ශ්‍රී ලංකාවේ සියලුම වෛද්‍ය පීඨ (පීඨ 11)*🥼 වල සහයෝගීත්වයෙන් වෛද්‍ය පීඨයන්ට තේරී පත්වූ සිසු සිසුවියන් වෙනුවන් වාර්ෂිකව පවත්වන්නා වූ *පූර්ව වෛද්‍ය (Pre Medicine)* 💊පාඩම් මාලාව මේ මෙවරත් online ක්‍රමයට *ZOOM* මාධ්‍ය ඔස්සේ *නොමිලේ* පැවැත්වීමට බලාපොරොත්තු වෙමු.*(අදාල Zoom Link ඉදිරියේදී ලබා දෙනු ඇත.)* 🩺සියලුම පාඩම් *Medical Faculty Students Action Committee* you tube ගිණුමට පටිගත උඩුගත කරනු ලැබේ. 🩺 *2022 ඔක්තෝබර් මස 09 වෙනි ඉරිදා* සිට ආරම්භ වන අතර , එදින සිට සෑම *සෙනසුරාදා සහ ඉරිදා* දෙදින *ප.ව. 6.00 සිට 8.00* දක්වා⌚ පැවැත්වීමට කටයුතු යොදා ඇත. 🩺එම පාඩම් මාලාව ඉදිරි අනාගතයේ වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීමට එළඹෙන ඔබ සියලු දෙනාට මහඟු උපකාරයක් වන බව අපගේ විස්වාසයයි. 🩺ඒ සඳහා සහෝදරත්වයේ දෑත් සමඟ අත්වැල් බැඳගැනීමට සහෝදර ඔබ සියලු දෙනාටම ආරාධනා කර සිටිමු. 🩺 Medical Faculty Students Action Committee නිල Facebook ගිණුම ඔස්සේද ඉදිරි කටයුතු පිළිබද දැනුවත් කරනු ඇත. _වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව_ 🔵Facebook page :- https://www.facebook.com/MFSACsl/ 🔴🔴🔴Youtube Channel https://youtube.com/c/MedicalFacultyStudentsActionCommittee (Subscribe now)

🔵Facebook page :- https://www.facebook.com/MFSACsl/ 🔴🔴🔴Youtube Channel https://youtube.com/c/MedicalFacultyStudentsAction
🔵Facebook page :- https://www.facebook.com/MFSACsl/ 🔴🔴🔴Youtube Channel https://youtube.com/c/MedicalFacultyStudentsActionCommittee (Subscribe now)

🥺
🥺

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සුනඛයන් කිහිපදෙනෙකුට මාරාන්තික Parvo රෝගය නිසා අසාධ්‍යයයි ! 😥 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යා
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සුනඛයන් කිහිපදෙනෙකුට මාරාන්තික  Parvo රෝගය නිසා අසාධ්‍යයයි ! 😥 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය පිරිමි නේවාසිකාගාරයේ සිටින එක් සුනඛයෙක්ට Parvo රෝගලක්ෂණ පෙන්වීමත් සමග අපි කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන්නා. තවමත් ප්‍රතිකාර කරමින් පවතිනවා.නමුත් මේ වන විට එහි තව සුනඛයන් තිදෙනෙකු මේ මාරාන්තික තත්ත්වයට මුහුණ පාලා. අධික වමනය, පාචන තත්වය, මලපහ සමග රුධිරය අධික ලෙස පිටවීම නිසා මේ සුනඛයන් ඉන්නෙ ඉතාමත් කණගාටුදායක තත්වයක. තවත් parvo රෝගී සුනඛයන් ඉදිරියේදී විශ්වවිද්‍යාලයීය පරිශ්‍රය තුල සිටීවිද නැද්ද යන්න සැක සහිතයි . අපි අද තවත් සුනඛයෙක්ට ප්‍රතිකාර කිරීම ආරම්භ කලා. නමුත් මේ වෙලාවෙ අපි සියලුම සුනඛයන්  සදහා අවශ්‍ය කරන බෙහෙත් සපයාගැනීමේ විශාල අපහසුතාවයකට මුහුණ පාලා ! කාරුණික ඔබට හැකියාවක් තිබේ නම්, පහත සදහන් බෙහෙත් කඩිනමින් අප වෙත ලබාදෙන්න කටයුතු කරන්න ! 😥🙏 Cefuroxime injection Metronidazole Pantaprazole injection B12 injection Ondansetron injection Dextrose (25% or 50%) Saline Cannula 071-0342046- ජිනාලි Please Share 🙏