Study with CHILL
رفتن به کانال در Telegram
🟦Telegram channel https://t.me/StudyWithCHILL 🟩Facebook https://www.facebook.com/Study-With-CHILL-104053341778974/ 🟥Youtube https://youtube.com/channel/UCByDgPI4jhu1l9O495pa3KA
نمایش بیشتر2 995
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-157 روز
-5430 روز
آرشیو پست ها
2 995
‼️Guys ,
අද ඉඳන්,
📌️අපි ගාව තියෙන උපාධි පාඨමාලාවල් පිළිබඳ විස්තර
සහ
📌️අන්තර්ජාලය තුල අනෙක් විද්‍යාර්ථීන් ඔවුනගේ උපාධි පාඨමාලා පිළිබඳ පලකරලා තියෙන විස්තර
මේ Channel එකේ පලකරනවා
කැම්පස් යන්න බලන් ඉන්න යාලුවොන්ට මේ channel එක ගැන කියන්න.Channel 👇 https://t.me/StudyWithCHILL ⚕️
2 995
පාඩම් කරන්න ලේසිම තරු කැලැන්ඩර් ක්‍රමය...
ඔන්න අද ආටිකල් එක ලියන්නෙ පාඩම් කරන්නෙ කොහොමද.. කොහොමද ආසාවක් ඇති කරගන්නෙ කියලා..
ඔයාලට දැනටම ටයිම් ටේබල් එකක් තියනවා වෙන්න පුලුවන් නොවෙන්නත් පුලුවන්. හිතන හිතෙන සබ්ජක්ට් එක පාඩම් කරනව වෙන්නත් පුලුවන් .. ඕන ක්‍රමයක් ඔයාට පහසු විදියට මේ ක්‍රමයට ඇප්ලයි කරල බලන්න..
මේකට පොඩි බඩු දෙකක් ඕන වෙනවා..
1) ලොකු අංක සහිත කොටු තියන කැලැන්ඩර් එකක්
2)තරු ස්ටිකර් කාඩ් එකක්
ඔයා විනඩි 5 ,10 වගෙ එක තැනකට වෙලා ඉන්න බැරි කෙනෙක් නම් ඔයා දවසට පොඩ්ඩ පොඩ්ඩ පාඩම් කරල ලොකු කාලයක් පාඩම්කරා වගෙ ෆීලිං එකක් එනව ඇති.. මටත් ආවා😂 අනේ එත් බලනකොට මහ බොරුවක්.දවසට අවම පැය දෙකක් වත් ඵලදායි දෙයක් කරල නෑ.. මෙහෙමයි.. මුලින්ම ඔයා හෙට ඉදන් පටන් ගන්න ඉන්නවනම් මේක හෙට මොනාද පාඩම් කරන්නෙ කියාල අද රෑ නිදාගන්න කලින් කල්පනා කරලා තියලා ඒ අදාල නෝට්ස්,පේපර්ස් ලග තියාගෙන( මේසෙ උඩ) නිදාගන්න පුලුවන් නම් වැඩේ ලේසි. ආයෙ නෝට් හොයන්නයි මොකක්ද අද කරන්නෙ කියලයි තීරනය කරන්න වෙලාව යන්නෙ නෑ. ‼️ දැන් පටන් ගමු.. ඔයා ලග තියන ෆෝන් එකෙ ටයිමර් එක තියාගන්න පැයකට. (60min)පස්සෙ ටයිමර් එක ස්ටාට් කරපු වෙලේ ඉදන් හිමින් ඔයගෙ අදාල කොටස පාඩම් කරන්න.. හැබැයි ඔයා මෙ පැය අනිවාරෙන් පාඩමට ෆෝකස් වෙන්න ඕන.. හිතන්න ඔයාට 20 වෙනි විනාඩියෙදි වොශ් රූම් යන්න ඕන වෙනවා කියලා.. එහෙම වුනොත් අර ටයිමර් එකක් ස්ටොප් කරල අදාල වැඩේකරගෙන ඇවිල්ල ආයෙ ස්ටාර්ට් කරල පටන් ගන්න.. ඔන්න ඔය වගෙ පැයක් ඔයා ඔයාගෙ පාඩම හෝ ගනන් හදන එක හරියටම කරන්න.. ඔයාට දැන් ටයිමර් එක වදින්න ගනි. ඒ කියන්නෙ ඔයා පැයක් සාර්තකව පාඩම් කරලා.. දැන් ඔයා ඉන්න තැනින් ටිකක් නැගිටල අර තරු කාඩ් එකෙන් තරුවක් අරන් අද දවසට අයිති කැලන්ඩර් කොටුවෙන් අලවන්න.. ඒ කියන්නෙ අද ඔයා පැයක් පාඩම් කලා.. ඔයාට මුල කාලෙ ඕකෙ ඇලවෙයි තරුවක් දෙකක් තුනක්.. කමක් නෑ කරන්න. ඔයා තරු 6 පාස් කරනවමයි අද කියල හිතන්න..මම මුල් දවසෙ ඇලෙව්වෙ තරු දෙකයි😂 එදා මම හිතුවා " දෙයියනෙ මෙච්චර පැය 24න් පැය දෙකද වැඩ කලේ මම මොන අපතයෙක්ද " කියලා.. පස්සෙ මම සතියෙන් පැය 6+ කරන්න ගත්ත. ඇත්තටම පාඩම් කරලා හුරු නැති අයට මේක ලොකු කට්ටක් වගෙ.. එත් බලන්න කැලැන්ඩර් එකෙ තරු ගාන වැඩි වෙන්න වැඩි වෙන්න ආස හිතෙන තරම.. අත්දැකිමෙන් කියන්නෙ.. ඔයාලත් එ ෆීලිං එක ගන්න.. පැයෙන් පස්සෙ විනඩි 5ක් 10ක් රෙස්ට් එකක් අරන් ආයෙම කන්ටිනිව් කරන්න. ඔයා පේපර්ස් කරනවනම් ෆුල් පේපර්ස් ඒකට පැය 5ක් ගන්නවනම් ඒ පැය පහටම ටයිමර් සෙට් කරලා අවසානයෙ පැය පහට තරු පහක් අලවන්න..මේක හරිම ලේසි වගෙම මේක සැගවුන මෝටිවේශන් එකක් වෙයි අනිවාරෙන්ම.. පාඩම් කරන අතර අනිවාරෙන් හොදට වතුර බොන්න මතක ඇතුව.. ලග අනිවාරෙන් වතුර බෝතලයක් තියාගන්න.. මොලේට ගොඩක් ඔක්සිජන් ඕන.. එව්ව අපිට වතුරෙන් ගන්න පුලුවන් . ඒ වගෙම හොදට නාන්න.. අපිට නානකොට ලොකු රිලැක්ස් එකක් දැනෙනවා.. පැය හයක් අනිවාරෙන් නිදාගන්න.. බොරුවට දවසට පැයක් දෙකක් නිදාගන්න එපා..එක්සැම් ලං වෙලා ලෙඩෙක් වෙයි.. අම්මල එක්ක කතා කරන්න .. කුස්සියට ටිකක් ගිහින් පොල් ටිකක් එහෙම ගාල දෙන්න.. පොතේම ඉන්න එප පොත් ගුල්ල වගේ.. අපිට රිලැක්ස් එකක් ඕන දවසට හොදට වැඩ කලා කියල ඔයාට තෘප්තිමත් නම් ෆිල්ම් එකක් බලන්න .. කිසිම අව්ලක් නෑ.. හොද පෝශ්‍ය ආහාර ගන්න.. අනිවාරෙන් ඒක කරන්න.. ඒලෙවල් කාලෙ තමා ගැස්ට්‍රයිටිස් එන්නෙ.මටත් ආවා.. ගැස්ට්‍රයිටිස් ආවම රෑට වැඩක් කරන්න බෑ වමනෙ එනවා. පරිස්සමින් වැඩ කරගන්න.. ජය වේවා!! ✌🙂 #Study_with_CHILL #Motivation #learning methods
2 995
Repost from Science 𝐇𝐔𝐁 ❤️
හැමවෙලේම තමංගෙ game එක ඇතුලේ ඉන්න 🔥
වැටුනට අතහරින්න එපා ✌️
https://t.me/BiologyEssays
2 995
Calendar method for study well ❤️
@studyWithCHILL
https://telegra.ph/CCalendar-method-for-study-well-11-29
2 995
නිදිමත නැති කරගන්න tips
🟢 පුලුවන් තරම් වතුර බොන්න.
වතුර බොන එකෙන් ගොඩක් වෙලාවට නිදිමත අඩු කරගන්න පුලුවන්.හැබැයි ක්ලාස් එකක වගේ ඉද්දිනම් වතුර ගොඩක් බීවොත් නිතර toilet යන්න වෙයි 🙂 ඒ නිසා ගෙදරදි පාඩම් කරද්දි ලීටරේ ලොකු වතුර බෝතලයක් මේසෙ උඩ තියාගෙන නිතරම වතුර බොන්න.මේක නිදිමත නැතිකරගන්න විතරක් නෙමේ ගෑස්ට්‍රයිටිස් හැදෙන එක අඩු කරගන්නත් ලොකු උදව්වක් වෙනවා
🟢 චුයින්ගම් වගේ දෙයක් හපන්න.
මන් ක්ලාස් වල ඉද්දි එන නිදිමත නැතිකරගන්න කරපු වැඩක්.දෙයක් හපනවා කියන්නේ ඊට අදාල මාංශපේශී නිතරම වැඩ කරනවා.ඉතින් අපි එකම විදිහට ඉන්නෙ නැතුව ඇඟ මොකක් හරි ක්‍රියාශීලි දෙයක් කරනවා කියන්නෙ නිදිමත අඩුවෙනවා.
🟢 එක දිගට පාඩම් නොකර පැය බාගෙකට විනාඩි 5 ක interval එකක් ගන්න.
Promodoro technique එකෙන් මේක හරි අපූරුවට කරගන්න පුලුවන් .මොකද එකම දේ ගොඩාක් වෙලා කරනකොටත් අපිට බෝරින් වෙන්න පුලුවන් .ඒක නැති කරගන්න පුලුවන් මේ වගේ පොඩි විවේකයකින්.මේ වෙලාවෙදි මේසෙ ගාවම ඉඳගෙන ඉන්නෙ නැතුව නැගිටලා ඇවිදින්න.කුස්සියට යන්න.අම්ම එක්ක කතා කරන්න.ගෙදර ඉන්න බලු පැටිය පූස් පැටියව පොඩ්ඩක් හුරතල් කරන්න.ඔයාලගෙ නිදිමත අනිවාර්යයෙන්ම නැති කරගන්න පුලුවන් .
🟢 පාඩම් කරන Subject එක මාරු කරන්න.
එක දිගට එකම subject එක පාඩම් කරොත් අනිවාර්යයෙන්ම ඔයාට බෝරින් වෙලා නිදිමත එන එක නවත්තන්න බෑ.ඒනිසා එකම subject එකක් එක දිගට කරගෙන යන්න එපා.නිදිමත එද්දි කම්මැලි හිතෙද්දි subject එක මාරු කරලා බලන්න
🟢 නිදිමත වෙලාවට Theory ම පාඩම් නොකර ගණන් වගේ දේවල් හදන්න.
නිදිමත එන වෙලාවට අලුත්ම තියරියක් ඔලුවට දාගන්න අමාරුයි.අනිවාර්යයෙන්ම නිදිමත වැඩි වෙනවා..ඒ වෙලාවට Maths , Physics වගේ ගානක් හදන්න ගන්න.ගානක් හදද්දි මොලේ වෙහෙසෙන නිසා ඊට අදාල මොලේ ප්‍රදේශ උත්තේජනය වෙලා නිදිමත අඩුවෙනවා
🟢 Coffee , Tea බොන්න
ගොඩක් වෙලාවට නිදිමත එන්නේ රෑ 9 ත් 10 ත් අතර.ඔයාල අත්දැකීමෙන්ම දන්නව ඇති ඔය වෙලාව පාස් කරගත්තොත් පාන්දර 1,2වෙනකල් උනත් ඇහැරන් ඉන්න පුලුවන් කියල. ඒකට තේ ,කෝපි වගේ බොන එකෙන් ලොකු උදව්වක් වෙනවා.මොකද coffee වල එහෙම තියෙන Caffeine ට පුලුවන් අපේ Brain එකේ තියෙන sleep-promoting receptors වෙන adenosine receptors block කරලා දාන්න.ඉතින් Tea , coffee වගේදෙයක් බොන එක මාරම effective .
හැබැයි මතක තියාගන්න දවසට coffee cup 5 කට වඩා බොන්න එපා.ඒකත් හොඳ නෑ. සාමාන්‍යයෙන් coffee cup 2,3 ක් බොන්න.
🟢 නිදිමත වෙලාවට මූන හෝදන්න
ඔයාලට නිදිමත එන වෙලාවට මූන හෝදගන්න, ඇඟ හෝදන්න පුලුවන් නම් තෙහෙට්ටු ගතිය අනිවාර්යයෙන්ම නැතිවෙලා fresh වෙලා එයි.එතකොට නව ප්‍රබෝධයකින් වැඩ කරන්න පුලුවන්.
මමනම් A/L කාලෙ නිදිමත එද්දි රැ 11,12 ටත් ඇඟ හෝදලා , නාලා නිදිමත නැතිකරන් 1,2 වෙනකල් පාඩම් කරලා තියේ 🙂 හැබැයි මේකහැමෝටම හොඳ වෙන්නෙ නෑ.විශේෂයෙන් අසනීප තියෙන අය එහෙම රෑට නාන්න යන්න එපා.😐
🟢 පාඩම් කරද්දි ගොඩක් comfortable තැන් හොයන්න එපා.
ගොඩක් comfortable තැනක් නම් සමහරවිට පාඩම් කරනවට වඩා නිදාගන්නයි වැඩි chance එකක් තියෙන්නෙ.කුශන් පුටු,කැරකෙන පුටු, AC ,Fan වගේ ඒවම හොයන්න එපා.අනික ඇඳේ ඉඳන් පාඩම් කරන්න යන්නත් එපා.සෝෆා එකක් නිදාගෙන වගේ පාඩම් කරන්නත් යන්න එපා.
ඇඳ පෙනි පෙනී පාඩම් කරන්නත් එපා.ඇඳට පිටුපාල ඉන්න විදිහට මේසෙ හදාගෙන පේන්නෙ නැති වෙන්න පාඩම් කරන්න.
කාමරේ ජනේල ගාවට මේසෙ ගන්න.මොකද පාඩම් කරලා ඇහැ මහන්සි වෙද්දි ජනේලෙන් ඈත බලන් ඉන්න පුලුවන් නම් ඇහේ පේශි වල විඩාව අඩු වෙනවා ඒව relax වෙන නිසා.ඒකෙන් නිදිමත ඔලුව රිදෙන එක අඩු කරගන්න පුලුවන් .
🟢 රෑට ගොඩාක් කන්න එපා
රෑට ලොකූ බත් පිඟානක්ම බෙදාගෙන කන්න එපා.මොකද කෑම ජීර්ණය කරන්න ලොකු ශක්තියක් වැය වෙනවා.එතකොට වෙන්නෙ ඇඟේ මුලු ශක්තියම කෑම ටික ජීර්ණය කරවන්න යෙදවුනම අනිත් කාර්‍යන් ව්ලට ශක්තිය මදි වෙන එක.ඒකෙන් වෙන්නෙ ලොකු නිදිමතක් එන එක තමා.
https://t.me/StudyWithCHILL
2 995
මේක ගොඩක් හොඳ Physics short note එකක්❤️
පුලුවන් හැමෝම බලන්න.Print කරගත්තත් පාඩු නෑ🙂😇
#Share
https://t.me/StudyWithCHILL
2 995
😄MLS කරන්න කැමති /දැනගන්න කැමති හැමෝම ඉවරවෙනකන් කියවන්න😆
😃මේ පෝස්ට් එකෙන් කතා කරන්න බලාපොරොත්තුවෙන්නෙ
1)වෛද්‍ය රසායනාගාර විද්‍යාඥවරෙයෙක් වෙන්නෙ කොහොමද?
2) Z අගය පිළිබද?
3) රැකියා අවස්තා?
4) වැටුප ?
5) රසායනාගාර බලපත්‍රය
6) පොදු ගැටලු?
7)විශේෂ කරුනු
😃1) UGC පිලිගත් MLS උපාධිය සමග ලංකා වෛද්‍ය සභා ලියාපදිංචිය( slmc)ඇති අයෙකුට වෛදය රසායනාගාර විද්‍යාඥ වරයෙකු ලෙස සේවය කල හැක.
😃😃😃😃😃😃😃😃😃😃😃😃😃
😃2) Z අගය
ගිය වර (2019 a/l )නව නිර්දේශයේ සමසෞක්‍ය පාඨමාලා ( mls /physio/ pharmacy /nursing /radio) වලින් ඉහලම z අගය වන 1.9451 ට හිමිකම් කියයි.
( කොළඹ දිස්ත්‍රික්කයේනම් පශු වෛද්‍ය විද්‍යාවටත් වඩා වැඩි z අගයක් )
සාමන්‍යෙන් 1.9-1.6 අතර z අගයක පවතී.
උ.ගැ-2021 ugc handbook(2019 උ/පෙ cutoff)
Unicode පිලිවලෙ 3 වන / 4 වන මනාපය ලෙස අයදුම් කිරීමට ඉතා සුදුසු පාඨමාලාවක්
😃😃😃😃😃😃😃😃😃😃😃😃😃
3) රැකියා අවස්ථා
😃Medical Laboratory Technologist(පෞද්ගලික අංශය)
😄Medical Laboratory Scientist( රාජ්‍ය අංශය+ විදේශ)
😄Chemical Analyst (රාජ්‍ය අංශය+ පෞද්ගලික)
😄Food and water analyst ( රාජ්‍ය MRIබොරැල්ල / NIHS කලුතර+පෞද්ගලික)
😄Laboratory Manager
😄Quality Manager/safety manager
😆 Laboratory owner
😄 Laboratory Equipment importer( company manager)
😄 Research assistant( රාජ්‍ය)
😄university demonstrator ( රාජ්‍ය)
😄University lecturer ( පෞද්ගලික හා රාජ්‍ය අංශ,,/මුලික උපාධියෙන් පසුව gpa අගය ඉහලනම් සෘජුවම සමසෞක්‍ය හා වෛද්‍ය පීඨ වල ආචාර්‍ය වරයෙකු ලෙස සම්බන්ධ විය හැක)
මේවාට අමතරව ශ්‍රීලංකා පොලීසිය ශ්‍රිලංකා රේගුව ආදි විවිධ පුලුල් පරාසයක රැකියා අවස්තා ඇත
😄😄😄😄😄😄😄😄😄😄😄😄😄
4) වැටුප(වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ- ශ්‍රි ලංකාව තුල 2021 )
(වැටුප රාජ්‍ය/පෞද්ගලික ආයතනයේ ස්භාවය අනුව වෙනස් වේ..ආසන්න මාසික අගයන් සඳහන් කර ඇත)(රාජ්‍ය සේවයට බැඳුන ගමන්මනම් මිට වඩා අඩුයී)
රාජ්‍ය සෙවය -ආසන්නව 90 000/100 000 LKR
රාජ්‍ය + පෞද්ගලික අංශ දෙකේම නිරතවන්නන්ට - 120 000 / 160 000 LKR
තමා රසායනගාර හිමිකරුවෙකු නම්
මාසිකව 500 000 LKR පමන සිට ඉහලට( රසායනාගර ස්භාවය අනුව)
(😄දිනක ආදායම පමණක් 200 000 LKR පමන වන ප්‍රසිද්ධ රසායනාගාර ද ශ්‍රී ලංකාව තුල පවතී)
😄😄😄😄😄😄😄😄😄😄😄
4)බලපත්‍රය
MLS උපාධි ය අවසන් කිරිමෙන් පසු රසායනගාර බලපත්‍රයක් හිමිවේ.
ශ්‍රි ලංකාව තුල වෛද්‍ය රසායනාගාරයක් ආරම්භ කල හැක්කේ මෙම බලපත්‍රය හිමි MLS උපාධිදාරින්ට පමණි.
රසායනාගාර උපකරණ ආනයනය සම්බන්ද ව්‍යාපාරයක් උවද ආරම්භ කල හැක.
(තමන්ගේම bussiness එකක් කරන්න කැමති අයටත් ඉතාමත් ගැලපෙනවා)
😄😄😄😄😄😄😄😄😄😄😄😄😄
6)පොදු ගැටලු
😄MLT කියන්නෙ MLS මද--
MLT යනු සෞක්‍ය අමාත්‍යංශය විසින් අතිතයෙ පිරිනැමු උසස් ඩිප්ලෝමාවකි.අවසන් වරට 2017 සිසුන් බඳවාගත්තද වර්තමානයෙ බල නොපැවැත්වෙන ඩිප්ලෝමාවකි.
😄අතීත ඩිප්ලොමා සිසුන් හා උපාධි සිසුන් අතර රාජ්‍ය සේවයේ වැටුප සමානද?---
නැත,උපාධි සිසුන්ට වැටුප් වර්ධක 4 ක් ඉහලින් වැටුප ආරම්භ වේ.
😄OT කරන්න පුලුවන්ද?-- ඔව් සමසෞක්‍ය වෛද්‍ය රසායනාගාර විද්‍යාවට පුලුවන්,කැමතිනම් night duty ත් තියනවා
😄 උසස් අධ්‍යාපනය ගැන කියනවනම්--
මූලික උපාධියෙන් පසු msc mphill pHD දක්වාම සහ අමතරව කළමනාකරන පාඨමාලා , දැනටමත් PHD නිමකරලා ආචාර්‍ය වරුන් ලෙස සේවය කරන අය ඉන්නවා
😄පිටරට රැකියා අවස්තා තියනවද? -
ඔව දැනටමත් austraila uk india newzlnd වගෙ රටවල් වල රසායාගාර වල සේවය කරන අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් out උන ළමයි ඉන්නවා.
😄උපාධිය හදාරනගමන්ම රැකියාවක් කරන්න පුලුවන්ද---ඔව් තෙවන වසර ඉදන් පෞද්ගලික රසායනාගාර වල සේවය කරමින් උපාධි හදාරන සිසුන් අපෙ රාජ්‍ය විශ්වවිද්‍යාල වල ඉන්නවා
😄😄😄😄😄😄😄😄😄
7) විශේෂ කරුණු
මූලික උපාධියෙන් පසු රාජ්‍ය සේවයට බඳවාගන්නකම්,,,, රැකියාවක් සොයාගැනීම තමයි අදකාලෙ ගොඩක්ම උපාධි වල තියන ගැටලුව(විශේශයෙන්ම නාගරික නොවන සිසුන්ට).. නමුත් වෛද්‍ය රසායනාගාර විද්‍ය උපාධිදාරියෙකුට ,,පෞද්ගලික රසායනාගාර වල ඉතාමත් ඉහල ඉල්ලුමක් පවතින නිසා රැකියාවක් නොමැති කෙනෙක් නැත.
ඉතිං out උන ගමන් රැකියා ස්ථීරයි.
Out වෙලා govt job ලැබෙනකන් බලාගෙන සිටිය යුතු නැත.රජයේ රැකියාව අනිවාරයෙන් ලැබෙන අතර ලැබෙනකන් , නාගරික මෙන්ම රටේ ඔනැම ප්‍රදේශයක උවද රැකියා අවස්තා පවතී.
ජනාකිර්ණ දිස්ත්‍රික්ක වලට පමණක් රැකියා සිමාවී නැත.
😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄
ඉහල ලියා ඇති සියලුම කරුණු 100% ක් නිවැරදි හා සත්‍ය වන අතර ඕනෑම අයෙකුට ඕනෑම කරුණක් වැඩිදුර අධ්‍යනයෙන් තහවුරු කරගත හැක.
2 995
Labs, Facilities
නවතම විද්‍යාගාර පහසුකම් හා පුස්තකාල පහසුකම් පවතී. සියලු සිසුන් හට සීමා රහිත Wi-Fi පහසුකම් ලබාදී ඇති එකම ඉංජීනේරු පීඨයයි. ඉදිරි අනාගතයේදී අඩුවක්ව පවතින අධි වෝල්ටීයතා පර්යේෂණාගාරයක් ඉදිකිරීමට යෝජිතය.
Hostels
පළමු වසර හා අවසන් වසර සිසුන් සඳහා නේවාසිකාගාර පහසුකම් සපයනු ලැබේ. නමුත් ගැහැණු ළමුන් සදහා වසර 4ම නේවාසිකාගාර පහසුකම් ඇත. මෙම නේවාසිකාගාර කිලිනොච්චි විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළම ස්ථාපනය කර ඇත. දෙවන වසර හා තුන්වෙනි වසර සිසුන් පිටත බෝඩින්/කුලී නිවාස වල තම වියදමෙන් රැදිය යුතු වේ.
Foods,Water
Faculty Canteens, Hostel Canteens, Common Canteens මගින් දමිළ ක්‍රමයට අපූරු ආහාර වේලක් මෙන්ම සිංහල ආහාරද ගතහැකි අතර වෙනත් විශ්වවිද්‍යාල හා සසඳන කල මිලෙහි යම් වැඩිකමක් පවතී. පීඨයේ ආපන ශාලාව සඳහා ස්ථීර ගොඩනැගිල්ලක් මේ වන විට සකසමින් පවතී. අතිවිශාල වියදමක් දරා මුළු කිලිනොච්චි විශ්වවිද්‍යාල පරිශ්‍රයටම පිරිපහදු කළ පානීය ජල පද්ධතියක් (RO Water Filer System) මගින් පානීය ජලය ලබාදෙනු ලැබේ.
Note : Campus යනු සුරපුරයක් නොවේ. අපේ ඒවගෙත් අඩුපාඩු නැතුව නෙවේ. තමන් වපුරන තරමට අස්වැන්න. යන්නේ මොන කැම්පස් එකද කියලත් බලන්න. තමන් තමන්ගේ වැඩේ කරගන්නත් plan එකක් ගහගන්න මොන E Fac එකට ගියත්.
සටහන : Supun Chinthaka Ranathunga, Former Secretary, Engineering Students' Union, Student Representative for the Faculty Board for year 2019/20, Faculty of Engineering, University of Jaffna.
වැරදි මොනවහරි තියේනම් කියන්න. හොදයි නම් share කරන්න අනිත් අයට මේකේ ඇත්ත නැත්ත දැනගන්න.
මූලාශ්‍ර : www.eng.jfn.ac.lk
https://iesl.lk/index.php?option=com_content&view=article&id=50&Itemid=169&lang=en#four-year-engineering-degrees-conducted-in-sri-lanka
https://iesl.lk/index.php?option=com_content&view=article&id=126&Itemid=170&lang=en#four-year-full-time-engineering-degrees-conducted-in-sri-lanka
සියලු ගෞරවය - සුපුන් චින්තක රණතුංගට
2 995
යාපනය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය පිළිබඳ සටහනක්.
තැන තැන කතා වෙන IESL, Engineering Degrees එක්ක මේ ටික කියන්න හිතුනා. මේ පාර කැම්පස් යන්න ඉන්න මල්ලිලා නංගිලා වේවා අපේම ජුන්නෝ ජුන්නියෝ වේවා මේක වටියි.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල අතරින් ඉංජිනේරු පීඨ පවතින්නේ මොරටුව, පේරාදෙණිය, රුහුණ, යාපනය, ජයවර්ධනපුර හා අග්නිදිග යන විශ්වවිද්‍යාල වල පමණි. මේ අතරට 2013දී රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඉංජීනේරු පීඨ අතරට 5 වැනි ඉංජිනේරු පීඨය ලෙස එක්වූ යාපනය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය 2012 උසස් පෙළ කණ්ඩායම සමගින් ආරම්භ විය.
මෙය යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය පරිශ්‍රයේ පිහිටුවා ඇත. කිලිනොච්චිය නගරයෙන් 7KM පමණ වව්නියාව දෙසට වන්නට මුරුකණ්ඩි ප්‍රදේශයේ අරිවියල් නගර් ගම්මානයේ මෙම යාපනය විශ්වවිද්‍යාල කිලිනොච්චි පරිශ්‍රය පිහිටා ඇත. මහනුවර-යාපනය මාර්ගයේ 245KM කණුව පසුකරනවාත් සමගම විශ්වවිද්‍යාල හන්දිය හමුවේ. එතැනින් ඇතුලට පා ගමනින් කුඩා දුරකින් Ariviyal Nagar Station, Cargills Factory, MAS Garment පසු කළ පසු විශ්වවිද්‍යාලය පරිශ්‍රය හමුවේ.
වර්තමානය වන විට සිසුන් 200කට වැඩි පිරිසක් ( 2012AL - 39 Students , 2013AL - 54 Students , 2014AL - 48 Students , 2015AL - 75 Students ) පාඨමාලාව නිමකර රැකියා හා ව්‍යාපාරවල වල නිරත වන අතර වසරකට ගන්නා සිසුන් ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි කරමින් මේ වන විට වාර්ශිකව දළ වශයෙන් සිසුන් 200 දෙනෙකු ඇතුලත් කරගන්නා මෙහි විශේෂ ක්ශේත්‍ර 4ක් ඔස්සේ ඉගැනුම් කටයුතු සිදුකරනු ලබයි. පීඨය මගින් වසර හතරක ඉංජිනේරු විද්‍යාවේදී ගෞරව (BSc Eng Hons) උපාධියක් ලබාදෙයි. මෙය CREDIT 153 කින් හා සෙමෙස්තර 8ක් මාස 6ක ක්ශේත්‍ර පුහුණුවකින් සමන්විත වේ.
සෙමෙස්තර දෙකක් සහිත පලමු වසර හා දෙවන වසර පළමු සෙමෙස්තරයේ ඔබ ලබා ගන්නා ලකුණු ප්‍රමානය (GPA අගය) මත 4වන සෙමෙස්තරයේ සිට විශේෂ ක්ශේත්‍ර (Field Specialization) හැදෑරීමට අවස්තාව ලබා දෙයි. ( එම කාලයන්හිදී හදාරන විශයන් 18න් අවම වශයෙන් විශයන් 14ක් සමත්වී තිබීම අනිවාර්ය වේ.) සෙමෙස්තරයක අවසන් විභාගයට පෙනී සිටීම සදහා දේශන සඳහා පැමිණීම 80% අනිවාර්ය වන අතර විද්‍යාගාර පර්යේෂණ සදහා 100% පැමිණීම අනිවාර්ය වේ.
#සිවිල් ඉංජිනේරු
#විදුලි හා විද්‍යුත් ඉංජිනේරු
#පරිගණක ඉංජිනේරු
#යාන්ත්‍රික ඉංජිනේරු
මෙම ක්ශේත්‍ර 4 පිලිවෙළින් පහත දෙපාර්තමේන්තු මගින් ප්‍රදානය කරනු ලබයි.
#DEPARTMENT
01) DEPARTMENT OF CIVIL ENGINEERING
02) DEPARTMENT OF ELECTRICAL & ELECTRONIC ENGINEERING
03) DEPARTMENT OF COMPUTER ENGINEERING
04) DEPARTMENT OF INTERDISCIPLINERY STUDIES ( Department of Mechanical & Process Engineering )
IESL
IESL Recognition
2013 පළමු කණ්ඩායම සිට 2022 කණ්ඩායම (2021 AL) දක්වා IESL Recognition ලැබී ඇත. එය ඉදිරියේදී තවත් දීර්ඝ කෙරේ( IESL Website එකේ 2017 intake කියලා තියෙන්නේ. ඒ වුණාට අපි IESL Apply කරපු බැජ් 10ක් තියෙනවා කියලා තමා මට බලධාරීන් කිව්වේ) . ශ්‍රී ලංකාව තුළ ඉංජීනේරුවෙකු වශයෙන් කටයුතු කිරීමට අවශ්‍ය IESL Associate Membership හා ECSL Memberships හා ඉන්පසු Charted Engineer ඇතුළු ඉදිරි වෘත්තීය ගමන්මග IESL Recognition තුලින් උදාකර ඇත. මේ වන විට පීඨයෙන් පිට වී ඇති කණ්ඩායම් 4හි උපාධිධාරීන් (2012 AL, 2013 AL , 2014 AL) IESL Associate Membership ලබාගෙන ඇත. 2015AL Batch යනු මේ වන විට ලංකාවේ ඉංජිනේරු පීඨ 6හිම 2015AL කණ්ඩායම් අතරින් ප්‍රථම සහ එකම Passed Out ( Degree Completed & awaiting for the degree certificate ) කණ්ඩායම වේ. Degree certificate නොමැති නිසාම පමණක් ඔවුන් තවමත් Associate Membership ලබාගෙන නැත.
IESL Accreditation
මේ කියන්නේ Washington Standard වලට අනුකූලව Degree එක කරන අයට මේ IESL එකෙන් ලබාදෙන පිළිගැනීම. වොෂිංටන් ගිවිසුම කියන්නේ ඉංජිනේරු උපාධි වැඩසටහන් යම් Standard එකකට අනුගත කිරීම සඳහා වගකිව යුතු ආයතන අතර ජාත්‍යන්තර ගිවිසුමක්. මේ ගිවිසුමට අනුගත වෙලා ඉන්න රටවල් අතර ඉංජිනේරුවෙකුට ගිහින් වැඩ කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. හැබැයි ඕක නැති උනත් ඒ අදාළ රටේ Engineering Institute එකේ අදාළ Exam එක ලියලා ඒ රටේ ඉංජිනේරුවෙකු විදිහට වැඩ කරන්න පුලුවන්. සමහර රටවල් වල නම් exams අවශ්‍ය වෙන්නෙත් නෑ ලංකාවේ IESL Associate Membership තියෙනවා නම් ( Ex :- Singapore )
දැනට මෙය ඇත්තේ මොරටුව, පේරාදෙණිය හා රුහුණ විශ්වවිද්‍යාල වල පමණක් වන අතර ජ'පුර, යාපනය, ඔලුවිල් ඉංජිනේරු පීඨවල කිසිදු පාඨමාලාවක් සඳහා තවමත් IESL Accreditation ලැබී නොමැත. එය සදහා අයැදුම් කිරීමට පීඨය පටන්ගෙන අවමයෙන් වසර 5ක් ගතවිය යුතු අතර එසේ බලන විට එය ලැබීමට පීඨය පටන්ගෙන අවම වසර 8ක කාලයක් ගතවේ.
