𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
رفتن به کانال در Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
نمایش بیشتر3 506
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
🚫 hacking
📡tech news
📱 phone tech
💻 Pc tech
🎥video edting
📸photo editing
🎮 gaming
📇 app review
🛡️ computer security
📝app informasion
📉 youtube update informasion
🎮gaming pc price
💻gaming pc build
🗃 app update informasion
මේ හැමදේම එකම තැනකින් අප හා අත්වැල් බැද ගන්න 🙂
අපි නිරතුරුවම tenical artical යාවත්කාලින කරනවා 😚
4800 ට අදික පිරිසක් අප සමග අත්වැල් බැදගෙන ඉන්නවා...😚
ඔයාලත් අපත් සමග අත් වැල් බැද ගන්න...🙃
නව ලෝකය සොයා ගෙන ගන්න...😚
අපගේ නවාතැනට 🙂
දැන්ම යට බටන් වලින් join වෙන්න😚
ඔබට සුබ දවසක් ❤️🩹
"Tesla AI Day event එක අතරතුරදී Tesla Bot නමින් මානවරූපී රොබෝවරයෙක් පිළිබඳව අනාවරණයක් සිදු කිරීමට Tesla සමාගම කටයුතු කරයි
AI තාක්ෂණය යම් දිනෙක මිනිසා අභිබවායාවිද යන්න පිළිබඳව ඇතිවී තිබෙන සංවාදාත්මක පසුබිම තුළ AI තාක්ෂණය ඔස්සේ බලගැන්වෙන මානවරූපී රොබෝවරයෙක් පිළිබඳව සංකල්පයක් හඳුන්වාදීමට Tesla සමාගම පසුගියදා කටයුතු කළා.
ඒ 2021 වසරට අදාළ Tesla සමාගමේ 2021 AI Day event එක අවසානයේදීයි.
මෙම හඳුන්වාදීම බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ කාරණාවක් වුණු අතර, එයට හේතුව නම් මිනිසා විසින් ගොඩනැඟූ ලෝකය තුළ මිනිසා අතරින් ඇවිද යන රොබෝවරයකු, එනම් මිනිසුන් සමඟින් මිත්‍රශීලී මෙන්ම ඉතාමත් සහයෝගයෙන් කටයුතු කළ හැකි රොබෝවරයෙකු පිළිබඳ සංකල්පය මේ තුළින් ඉදිරිපත් වීමයි.
AI day event එක අවසානයේදී Tesla Bot මෙන් සැරසුනු කාන්තාවකගේ නර්තනයකින් අනතුරුව Elon Musk විසින්" බොහෝ දුරට ඊළඟ වසරේදී" Prototype එකක් එළිදැක්වෙතැයි අපේක්ෂා කෙරෙන මෙම නවතම Tesla Bot ව්‍යාපෘතිය පිළිබඳව අනාවරණය කළා.
Musk විසින් ප්‍රකාශ කරන පරිදි අඩි 5 යි අඟල් 8 ක් උස, කිලෝග්‍රෑම් 57 ක බරකින් යුත් මෙම මානවරූපී රොබෝවරයා සැහැල්ලු අමුද්‍රව්‍ය යොදාගෙන නිපදවනු ඇති අතර එම "රොබෝ සිරුරේ යම් තැනක" ස්ථානගත කෙරෙන තිරයකින් රෝබෝවරයා පිළිබඳව සම්පූර්ණ දත්ත දැක බලා ගැනීමට හැකියාව ලැබෙනු ඇති.
Tesla සමාගම සිය electric vehicle සඳහා භාවිතා කරන ආකාරයේ ඒ හා සමානම AI තාක්ෂණයක් මෙම රොබෝවරයා වෙනුවෙන් ද භාවිතා කිරීමට නියමිත බවත්, ඊට අමතරව හිස තුළ සවි කරන ලද Autopilot කැමරාවකින් දත්ත ලබා ගෙන අවට පරිසරය සමඟ කටයුතු කරන්නට හැකි වන ආකාරයටත් මෙම රොබෝවරයා නිර්මාණය කිරීමට Tesla හි අරමුණ වෙනවා.
මිනිසා විසින් සිදු කළ යුතු නමුත්, "ආරක්ෂාකාරී නොවන, නැවත නැවත සිදු කළයුතු සහ කම්මැලි සහගත" කාර්‍යයන්, මිනිසා වෙනුවෙන් සිදු කිරීම ඉලක්ක කරගෙන මෙම රොබෝවරයා සකස් කිරීමට නියමිතයි.
Musk විසින් උදාහරණයක් ලෙස "ග්‍රොසරි එකකට ගොස් බඩු රැගෙන ඒම" වැනි ක්‍රියාවක් දෙයක් පෙන්වා දුන් අතර, ඒ අනුව අනාගතයේදී මිනිසා ශාරීරිකව වැඩ කල යුතු වුවත් "එසේ කිරීමට අවශ්‍ය නොවන" පසුබිමක් නිර්මාණය වෙතැයි අපේක්ෂා කල හැකියි.
AI විසින් යම් දිනෙක මිනිසා අභිබවා යනු ඇතැයි Elon Musk විසින් පවා පසුගිය වසරවල විටින් විට අදහස් පළකර තිබෙන නිසා, ප්‍රශ්න විමසීමේ අවස්ථාවකදී Elon musk ගෙන් මේ පිළිබඳව විමසූ විට ඔහු ප්‍රකාශ කළේ "AI පිළිබඳව තවමත් එම අනතුර ඇති නමුත්" සිය අරමුණ වන්නේ AI තාක්ෂණය යහපත් මානව ක්‍රියාකාරකම් වෙනුවෙන් පමණක් යෙදවීම බවයි."
"iPhone සහ iPad සඳහා වන Netflix App එකට Spatial Audio සහාය ලබාදීමට Netflix ආයතනය කටයුතු කරයි
Apple සමාගම විසින් ඔවුන්ගේ Music Streaming platform එක වන Apple Music සඳහා Spatial Audio පහසුකම ඇතුළු වීශේෂාංග කිහිපයක් හඳුන්වාදීමෙන් අනතුරුව බොහෝ පිරිසකගේ අවධානයට Spatial Audio පහසුකම යොමු වුණා.
මේ Spatial Audio පහසුකම මගින් iPhone සහ iPad හරහා 3D Surround sound අත්දැකීමක්, එහෙමත් නැතිනම් Cinematic music experience එකක් ලබා ගැනීමට පරිශීලකයින් හට හැකියාව ලැබෙනවා.
කෙසේ වුවත් මේ දක්වා මේ Spatial Audio තාක්ෂණය සඳහා සහාය දැක්වූයේ Apple සමාගමේ stock apps පමණක් වූ නමුත්, මේ වන විට Netflix ඇතුළු Disney Plus, HBO Max වැනි අනෙකුත් streaming platform වලට ද මෙම පහසුකම එකතු කිරීමට එම සමාගම් කටයුතු කරමින් සිටිනවා.
Netflix ආයතනය මේ වන විටත් ඔවුන්ගේ Netflix app එකට මෙම පහසුකම ලබාදීමට කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් ඔබට Spatial Audio පහසුකම අත්විඳිය හැකි වන්නේ AirPods Pro සහ AirPods Max උපාංගයක් සමඟ හෝ Spatial Audio සඳහා සහාය දක්වන device එකක් භාවිතා කිරිමෙන් පමණක් බවද මතකයේ තබාගත යුතු වෙනවා.
Netflix
Looking for the most talked about TV shows and movies from around the world? They’re all on Netflix. We’ve got award-winning series, movies, documentaries, and stand-up specials. And with the mobile app, you get Netflix while you travel, commute, or just take a break. What you’ll love about Netfl…
App Store
Netflix, Inc.
ඔබට Netflix app එක ඔස්සේ මෙම Spatial Audio පහසුකම අත්විඳීම සදහා ඔබගේ Netflix app එක latest Version එකට යාවත්කාලීන කර තිබිය යුතු වෙනවා.
මෙම Spatial Audio පහසුකම enable කරගැනීමට Control Center එකේ Spatial Audio සදහා වෙනම toggle එකක් දැකගත හැකි වන අතර මෙමගින් ඔබට Netflix ඇතුලු Spatial Audio සඳහා සහය දක්වන ඕනැම platform එකක් මගින් මෙම පහසුකම අත්විඳීමට හැකි වනවා.
තවද ඔබට අවශය වන පරිදි මෙම spatial audio පහසුකම disable කිරීමට ද ඉහත පෙන්වා දී තිබෙන toggle එක මගින් හැකියාව ලැබෙනවා. මේ Spatial Audio පහසුකම iOS සහ iPadOS වලින් ඔබ්බට ගෙන ගොස්, ඉදිරියේදී macOS හා tvOS සඳහා ද ලබාදීමට Apple සමාගම සූදානමින් සිටින බව වාර්තා වෙනවා."
"4K Videos record කිරීමේදී Google Pixel 5a දුරකතනය අධික ලෙස රත්වීමේ ගැටලුවකට මුහුණ දෙන බව වාර්තා වෙයි
Google සමාගම විසින් පසුගියදා ඔවුන්ගේ Pixel series එකෙහි නවතම ජංගම දුරකථනය වන Google Pixel 5a device එක එළිදැක්වීමට කටයුතු කළ අතර එය අගෝස්තු මස 26 වනදා සිට වෙළඳපොලට නිකුත් වීමට නියමිතව තිබෙනවා.
මෙම device එක Qualcomm Snapdragon 765G SoC එකකිනුත්, 6GB RAM එකකින් සහ 128GB internal storage එකකින් සමන්විත වන අතර 765G SoC එකකින් සමන්විත වුවද Pixel 5a device එක මගින් 4K videos record කිරීමේදී දුරකතනය අධික ලෙස රත්වන බව ඇතැම් පරිශීලකයන් විසින් පෙන්වාදෙනවා.
ඔවුන් සඳහන් කරන්නේ, 60 fps rate එකකින් 4K video එකක් විනාඩි කිහිපයක් record කිරීමේදී දුරකතනය අධිකව රත් වී දුරකතනයේ උෂ්ණත්වය සාමාන්‍ය තත්වයට පැමිණෙන තුරු camera එක close කරන ලෙස message එකක් දිස්වන බවයි.
Yup. Tested it myself on my Pixel 5a, 70 degrees inside in the A/C and on 4K @ 60 FPS it just takes a matter of minutes to overheat. This is terrible… pic.twitter.com/Pde8GcL6KU
— TechOdyssey | #TechRejects (@AdamJMatlock) August 18, 2021
මෙම ගැටලුවට දැකගැනීමට හැකියාව ඇති එකම Google smartphone එක Pixel 5a device එක නොවන අතර Android Police වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට Pixel 5 device එකේද එම ගැටලුවම ඇති බව ඇතැම් Reddit පරිශීලකයින් විසින් පෙන්වා දෙනවා.
Software patch එකක් මගින් මෙම ගැටලුව නිරාකරණය කිරීමට තමන්ට හැකියාව තිබේද නැද්ද යන්න පිළිබඳව Google සමාගම විසින් තවමත් ප්‍රතිචාර දක්වා නොමැති අතර ඇතැම් පරිශීලකයන් හට මෙවැනි ගැටලුවක් ඔවුන්ගේ Pixel 5a device වල දැකගැනීමට හැකියාවක් නොමැති බවද වැඩිදුරටත් සඳහන් වෙනවා.
Just hit 16 minutes. Phone is a little warm, but not *hot*. https://t.co/dARjE7XaeU pic.twitter.com/NBBFdLXD3W
— Jason Cipriani (@MrCippy) August 19, 2021
Android Police වෙබ් අඩවිය විසින් වැඩිදුරටත් සපයා ඇති දත්තවලට අනුව, 4K 60fps වලින් video එකක් record කිරීමේදී Pixel 5a ජංගම දුරකතනය විනාඩි 5 තත්පර 5 ක් වැනි කාලයකින් heat warning එකක් පෙන්වා ඇති අතර, Pixel 5 ජංගම දුරකතනය විනාඩි 1 තත්පර 31 ක් වැනි කාලයකින් heat warning එකක් පෙන්වා තිබෙනවා.
4K 30fps සඳහා පමණක් support කරන Pixel 4 ජංගම දුරකතනයෙන් විනාඩි 40ක් පමණ record කළද, කිසිදු ගැටලුවක් දැකගැනීමට හැකියාවක් නොමැති වී තිබෙනවා"
Funny Videos Photos Post ✔️
ඔබෙ සතුට අපේද සතුට වේ.✌️🤝😂🙈
ආතල් Videos සහ Photos media වල තියනවා බලන්න..😁😍
Join Our discussion Group - https://t.me/veryfunnylk
@FunnyDoge_Bot - Our Meme Bot 😂
@slislandBot - Channel Sharing Bot
https://t.me/chhopkl70fgderdfvftcuigaficgdx
🚫 hacking
📡tech news
📱 phone tech
💻 Pc tech
🎥video edting
📸photo editing
🎮 gaming
📇 app review
🛡️ computer security
📝app informasion
📉 youtube update informasion
🎮gaming pc price
💻gaming pc build
🗃 app update informasion
Technology knowledge store 🇱🇰 __________________
We are your technical partner👥.
_________________________________
Group link : @chanel_dp_of
Our Bot : @t_k_s_chanel_bot
Powereby CHAMOD IMANTHA 🇱🇰
Single developer 🤟
Join fast 🥰
5K ගහන්න sup එකක් දෙන්න..🥰
😚
😚
Plx link share 🥺🥺🥺🥺
කතා කියවන්න.✔️
නිසදැස් විදින්න.〰️
චිත්‍ර ඇතුලේ ජීවත් වෙන්න.🔝
News දැනගන්න.🔜
තව හුගක් දේවල් එක්ක... වෙනම ලෝකයක්🇱🇰
t.me/kathalokaya
Click This Buttons 😊💪👇
Technology knowledge store 🇱🇰 __________________________
We are your technical partner👥..
___________________________________________
Group link : @chanel_dp_of
Our Bot : @t_k_s_chanel_bot
Powereby CHAMOD IMANTHA 🇱🇰
Single developer 🤟
මේක හොදයි කියන අය - 🥰
🚫 hacking
📡tech news
📱 phone tech
💻 Pc tech
🎥video edting
📸photo editing
🎮 gaming
📇 app review
🛡️ computer security
📝app informasion
📉 youtube update informasion
🎮gaming pc price
💻gaming pc build
🗃 app update informasion
මේක හොදයි කියන අය - 🤟
කට්ටියම vote කරන්න ...😚
"ඔබ ඊමේල් වංචාවකට හසු වූ විට කුමක් කළ යුතුද?
ඊමේල් වංචාවකට හසු වීම ඕනෑම කෙනෙකුට සිදුවිය හැකි දෙයකි. තතුබෑම් වංචාවක් ලෙසද හැඳින්වෙන ඊමේල් වංචාවකට මුරපද, ක්‍රෙඩිට් කාඩ් අංක, ගිණුම් දත්ත, ලිපින සහ තවත් බොහෝ සංවේදී තොරතුරු සොරකම් කිරීම සඳහා ඊමේල් සහ වංචනික වෙබ් අඩවි භාවිතා කිරීම ඇතුළත් වේ. ඔබේ බැංකුවෙන් ලැබෙන පණිවිඩ හෝ වෙනත් විශ්වාසදායක ප්‍රභවයක් වැනි වංචනික ඊමේල් නීත්‍යානුකූල ලෙස පෙනෙන පරිදි සකසා අපරාධකරුවන් ඔබගේ පුද්ගලික තොරතුරු ඉල්ලා සිටින අතර, පසුව අනන්‍යතා සොරකම් සඳහා භාවිතා කරයි.
ඔබ ඊමේල් වංචාවකට ගොදුරු වූවා නම් ඔබ කළ යුත්තේ කුමක්ද?
මුරපද වෙනස් කරන්න
තතුබෑම් වංචාවකට ප්‍රතිචාර වශයෙන් ඔබ වැරදි සබැඳියක්(Link) කරා ගමන් කර හෝ පුද්ගලික තොරතුරු ලබා දී ඇත්නම්, ඔබගේ මුරපද වහාම වෙනස් කරන්න. මෙය ඊමේල්, බැංකු ගිණුම් සහ PIN අංක ඇතුළුව සියලුම ගිණුම් සඳහා සිදු කරන්න. අංක සහ සංකේත සහිත ශක්තිමත්, සංකීර්ණ, නව මුරපද සාදන්න. එවැනි මුරපද සයිබර් අපරාධකරුවන්ට බිඳ දැමීමට වඩා දුෂ්කර ය.
මූල්‍ය ආයතන වෙත දැනුම් දෙන්න
හැකි ඉක්මනින් මූල්‍ය ආයතන අමතා ඔබේ ගිණුම වංචාවකට ලක්විය හැකි බව ඔවුන්ට දන්වන්න. ගැටළුව විසඳන තුරු ඔබේ ගිණුමේ වංචා අනතුරු ඇඟවීමක් ක්‍රියාත්මක කරන්න.
ණය පත් සමාගම් අමතන්න
ණය පත් සමාගම් දැනුවත් කර තත්වය පැහැදිලි කරන්න. ඔබගේ ණය පත් තවමත් භාවිතා කර නොමැති නමුත් අනාගතයේදී අනවසර ලෙස ඔබෙන් මුදල් අය කර ගනී යැයි ඔබට හැඟේ නම්, ඔබගේ කාඩ්පත් අවලංගු කිරීම අත්‍යවශ්‍ය වේ. සිදු වූ දේ ඔබේ බැංකුවට දැනුම් දීම මගින් ඔබේ ණය පත් තවදුරටත් ආරක්ෂා කර ගත හැකිය.
ඔබේ මෘදුකාංග යාවත්කාලීන කරන්න
ඔබේ මෘදුකාංග නවතම අනුවාදයට යාවත්කාලීන කරන්න. ඉන්පසුව වෛරස් හෝ වෙනත් අනිෂ්ට මෘදුකාංගයකින් (Malware) ඔබේ පරිගණක පද්ධතියට හානියක් වී ඇතැයි ඔබට සිතෙන්නේ නම් පුළුල් වෛරස් පරිලෝකනයක් ක්‍රියාත්මක කරන්න. මීට අමතරව, ඔබ සංකේතනය (Encryption) භාවිතා කළ යුතුය. ඔබ ෆයර්වෝලයක් සක්‍රීය කර ඇති බවට සහතික විය යුතු අතර බාහිර දෘඩ තැටියක පුද්ගලික තොරතුරු නිතිපතා ගබඩා කරන්න. හැකි සෑම විටම පොදු Wi-Fi ජාල භාවිතා කිරීමෙන් වළකින්න. ඔබ පොදු සම්බන්ධතාවයක් භාවිතා කළ යුතු නම්, අතථ්‍ය පුද්ගලික ජාලයක් (VPN) වැනි වඩාත්ම ආරක්ෂිත විකල්පය තෝරා ගන්න. එසේම, භාවිතයේ නොමැති විට ඔබේ පරිගණකය ක්‍රියා විරහිත කිරීමට වග බලා ගන්න. එය ක්‍රියා විරහිතව පවතින විට හැකර්වරුන්ට ප්‍රවේශ විය නොහැක.
ගිණුම් නිතිපතා පරීක්ෂා කරන්න
සැක සහිත ක්‍රියාවක් සිදු නොවන බවට වග බලා ගැනීම සඳහා ඔබේ බැංකු සහ ණය පත් ගිණුම් නිරන්තරයෙන් සමාලෝචනය කරන්න. ඔබ වංචාවෙන් 100%ක් ඉවත් වූ බව සහතික වන තුරු ඔබේ ණය වාර්තාවේ වංචා පිළිබඳ අනතුරු ඇඟවීම නිරන්තරයෙන් පරික්ෂා කිරීමට වග බලා ගන්න.
සම්පත් වාර්තා කිරීම
“ජාතික වංචා තොරතුරු මධ්‍යස්ථානය” ඇතුළු ඊමේල් වංචාවක් වාර්තා කිරීම සඳහා බොහෝ සම්පත් තිබේ. මෙම සමාගම ෆෙඩරල් රජයට වංචනික ක්‍රියාකාරකම් වාර්තා කරන අතර වංචා සිදුවීම් පිළිබඳ සවිස්තර වාර්තා පවත්වාගෙන යයි. ආධාර සඳහා ඔබේ ප්‍රාන්තය තුළ ඔබට සම්බන්ධ විය හැකි සම්බන්ධතා පිළිබඳ විස්තරද ඔවුන් සපයයි.
වෙනත් ප්‍රයෝජනවත් සම්පත්
අන්තර්ජාල අපරාධ පැමිණිලි මධ්‍යස්ථානය: FBI සහ ජාතික වයිට් කරපටි අපරාධ මධ්‍යස්ථානය “අන්තර්ජාල අපරාධ පැමිණිලි මධ්‍යස්ථානය” නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන යයි. ඊමේල් වංචා වළක්වා ගැනීම සහ ඔබ එවැනි දෙයකට ගොදුරු වුවහොත් කුමක් කළ යුතුද යන්න පිළිබඳ බොහෝ ඉඟි සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු එහි අඩංගු වේ. ඔබගේ අනන්‍යතාවය සොරකම් කළ හෝ උත්සාහයක් ගත් තෙවන පාර්ශවයකට එරෙහිව හිමිකම් පෑමක් සඳහා එය සබැඳියක් ද ඉදිරිපත් කරයි.
එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව: එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව ඔබට විද්‍යුත් තැපැල් වංචා පැමිණිලි කිරීමට ඉඩ දෙන වෙබ් අඩවි පවත්වාගෙන යයි. වෙබ් අඩවියේ ප්‍රයෝජනවත් ඉඟි සහ උපදෙස් ද තිබේ.
ජාතික පාරිභෝගික ලීගය: මෙම වෙබ් අඩවියට පැමිණිල්ලක් ගොනු කිරීමට ඔබට හැකි අතර වංචා වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳ තොරතුරු සපයයි.
වඩා හොඳ ව්‍යාපාරික කාර්යාංශය: ඔබට සිදු වූ දේ පිළිබඳව අන් අය දැනුවත් කිරීමට මේ මඟින් හැකි වන අතර එමඟින් ඔවුන් එකම වංචාවන්ට හසු නොවනු ඇත.
වංචා සම්බන්ධ ගැටළු නිරාකරණය වන තෙක් ඔබ ක්‍රියාශීලීව සිටින්න, අනාගතයේ දී සොයා බැලිය යුතු දේ දැන ගන්න. තතුබෑම් සහ වෙනත් අන්තර්ජාල වංචාවන් පිළිබඳව ඔබ වැඩි වැඩියෙන් දැනුවත් වන තරමට එවැනි ගැටළු ඇතිවීමට ඇති ඉඩකඩ අඩුය."
External Display එකක් නොමැතිව Samsung Tab වල Dex භාවිතා කිරීම
කලින් සඳහන් කල සෑම අවස්ථාවකදීම ඔබට extenal display එකක්, එනම් පරිගණක හෝ රූපවාහිනී වැනි අමතර තිරයක් මත Dex භාවිතා කිරීමට හැකියාව තිබෙන නමුත් මෙහිදී ඔබට එවැනි අමතර තිරයක් නොමැතිව tab එක හරහා Dex භාවිතා කිරීමට අවස්ථාව ලබා දෙනවා.
ඔබ සතු සතුව Samsung Tab S4 හෝ S6 වැනි උපාංගයක් ඇත්නම් ඔබේ උපාංගය තුළ Dex option එක pre-install කර තිබෙනවා.
මෙම Tab වල Dex සඳහා shortcut එකක් notification panel එකට ඇතුලත් කර ඇති අතර, notification panel එක පහලට swipe කර DeX click කිරීම මඟින් ඔබට සම්පූර්ණයෙන්ම ඔබේ Tab එක Dex Mode මාරු කර ගැනීමේ හැකියාව තිබෙනවා.
රැහැන් රහිතව, ඔබේ Note 20 5G උපාංගය Samsung රූපවාහිනියකට සම්බන්ධ කිරීම මඟින්
2018 වර්ෂයෙන් පසු නිකුත් කරන ලද සාමාන්‍ය Samsung TV හා Smart TV වල මෙම පහසුකම භාවිතා කළ හැකි අතර මෙය සහය දක්වන්නේ Note 20 හා Note 20 Ultra හි 5G Model එක සඳහා පමණයි.
ඔබේ දුරකථනයේ notification panel එකේ ඇති Dex option එක click කලපසු දුරකථන තිරය මත ඔබේ රූපවාහිනී මාදිලිය පෙන්වනු ඇති අතර එය click කර start now ලබා දීමෙන් පසු, ඔබේ රූපවාහිනියට ලැබෙන instructions, allow කිරීම කළ යුතු අතර අනතුරුව ඔබට ඔබේ දුරකථනය රූපවාහිනිය මත දැකගත හැකිවනු ඇති.
මෙම පහසුකමේ ඇති විශේෂත්වය නම් ඔබට wirelessly, එනම් කිසිදු ආකාරයක cable එකක් භාවිතා කිරීම අවශ්‍ය නොකර විශාල රූපවාහිනී තිරයක ඔබේ දුරකථනය භාවිතා කිරීමට හැකියාව ලැබීමයි.
ඉතින් ඔබ සතුව Dex සඳහා සහාය දක්වන Samsung device එකක් තිබෙනවා නම් ඔබටත් ඉහත ඕනෑම ක්‍රමයකින් මෙම පහසුකම පරික්ෂා කිරීමට හා අත්විඳීමට හැකියාව තිබෙනවා.
ඒ වගේම මෙම Dex පහසුකම සමඟ ඔබට වෙනමම UI එකක් හා Settings menu එකක් ලැබෙන අතර එමගින් Dex සම්බන්ධ වෙනස්කම් සිදු කිරීමට හා Dex Mode එකෙන් ඉවත් වීම වැනි දේවල් කරන්නටත් පුළුවන් කම ලැබෙනවා."
