WidoxLK
رفتن به کانال در Telegram
Instant Technology News In Sinhala Contact us at @widoxnews For ads visit https://telega.io/c/WidoxLK
نمایش بیشتر2 191
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-167 روز
-6730 روز
آرشیو پست ها
2 191
Android හි release schedule එක වෙනස් කරමින් Android 16 හි පළමු Developer Beta යාවත්කාලීනය නිකුත් වේ...
#Android16
#Google
Team Widox
2 191
Telegram වල මේ වෙද්දී ගොඩක් අයට OTP requesting code එන්න පටන් අරගෙන.. මේ දේ මට උනේ මීට මාස 4කට විතර කලින්.. Channel එක බේරගන්න පුලුවන් උනෙත් නුලෙන්.. ඔයා telegram use කරනවනම් 2factor verification enable කරලා තියාගන්න.. Telegram කොච්චර secure කියල හිතුවත් මේක තරම් data breach වෙන app එකක් තවත් නැ.. එක breach එකකට අහු වෙලා නවතින්නේත් නැ.. එක දිගට breach වෙන්න ගන්නවා. ඔයාලා channel owners ලනම් channel එක පරිස්සම් කරගන්න.. එකට කරන්න් තියෙන හොදම දේ 2FA enable කරන එක.. මටත් එක පාරක් උන නිසා මේක කිව්වේ 💀.. මේ ගැන article එකක් සාක්ෂිත් එක්ක දෙන්න බලාගෙන ඉන්නව.. තියෙන වැඩත් එක්ක කවද දෙන්න පුලුවන් වේවිද කියලනම් දන්නේ නැ..
කොහොම උනත් ඔයාලගේ personal details වල ආරක්ෂාව තියෙන්නේ ඔයාලගේ අතේ.. 2FA enable කරලා නැති කෙනෙක්නම් ඒක අනිවාර්යෙන් enable කරන්න.. ඔයලට tg register කරලා තියෙන number එකට whatsapp වගේ app එකකින් ඔයාලා request නොකර දන්නෙවත් නැති acc එකකින් verification code එකක් ඇවිල්ල තියෙනවනම් ඔයාගේ email leak වෙලා තියෙන්න සම්භාවිතාවය ගොඩක් වැඩි..
ඔයාලගේ account එකේ ආරක්ෂාව තියෙන්නේ ඔයාලගේ අතේ 🙂🙌
ඔයාලගේ email leak වෙලාද කියල වගේම leak වෙලා තියෙන්නේ කොහොමද කියල මේ site එකෙන් බලාගන්න පුලුවන්... 🤩
#telegram
#widoxlk
2 191
අපි use කරන devices වල වගේ ම අපේ data වලත් safety එක දිනෙන් දින අඩු වෙන කාලයක් කිව්වොත් නිවැරදියි. මොකද ඒ තරම්ම security issues වැඩි වෙලා තියෙනවා. ඒ අතරේ ම scams වගේ ම pornography contents අනවශ්‍ය විදිහට අපේ devices වලට share වීමත් එක්තරා විදිහක විශාල ගැටලුවක් වෙලා තියෙනවා.
ඉතින් මේ ගැන research වගේ ම විවිධ විදිහට testing කටයුතු කරපු අන්තර්ජාල අවකාශයේ දැවැන්තයෙකු වන Google සමාගමට මේ සඳහා විසඳුම් ලබා දීමට මේ වෙද්දී හැකියාව ලැබිලා තියෙනවා. ඒ අනුව scam calls හඳුනා ගැනීමට හා ඒවා පරිශීලකයා වෙතට ළඟා නොවී block කිරීමේ හැකියාව Android 10+ Pixel devices සඳහා මේ වෙද්දී ලබා දීලා තියෙනවා. ඒ වුණත් මේ feature එක අනෙක් Android devices සඳහා ලබා දෙන දිනයක් නම් මෙතෙක් නිවේදනය කරලා නෑ.
ඒ වගේම Pornography based content අපිට අනවශ්‍ය විදිහට share වීමත් වළක්වා ගැනීමේ පහසුකම සියලු ම Android 9+ devices සඳහා ලබා දෙන්න Google සමාගම කටයුතු කරලා තියෙනවා. ඒ අනුව ආරම්භයක් විදිහට Google messages හි share වෙන pornography content ඉක්මණින් හඳුනා ගැනීමටත් ඒවා පරිශීලකයාගේ hide කර දැමීමටත් මේ feature එක හරහා අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම මේක අපේ Age groups අනුව parental controls හරහා අවශ්‍ය පරිදි සකසා ගැනීමටත් හැකියාව තියෙනවා.
#Google
#Android
Team Widox
2 191
Do you believe in the existence of extraterrestrial life?👀
පිටසක්වල ජීවයක් පවතින බව ඔබ විශ්වාස කරනවාද?🗣️
2 191
ඔන්න Guys Google ලා Android devices වල වගේ ම Android පරිශීලකයන්ගේත් safety එක වැඩි කිරීමේ අභිප්‍රාය ඇතිව අලුත් protection features කිහිපයක් release කරලා තියෙනවා. මේ තියෙන්නෙත් ඒ වගේ එකක්.
ඉක්මනින් ම මේ ගැන Article එකකින් ම කියන්නම්...
#Google
Team Widox
2 191
ඉදිරියේ දී නිකුත් වීමට නියමිත Xiaomi සමාගමේ Global devices සඳහා වන HyperOS 2 යාවත්කාලීනයේ පළමු batch එක...
#HyperOS2
#Xiaomi
Team Widox
2 191
Samsung සමාගමේ මීළග ප්‍රධාන software update එක වන Android 15 based One UI 7 යාවතකලිනයේ Beta version එක ඉදිරි සතියේ දී release වීමට නියමිත බව වාර්තා වෙලා තියෙනවා. කොහොම වුණත් මේ අවුරුද්දේ නම් මෙතෙක් සිදු වුණු විශාල ම One UI upgrade එක සිදු වෙයි කියලා තමයි One UI 7 ගැන leak වුණු තොරතුරු අනුව නම් වාර්තා වෙන්නේ. කොහොම වුණත් වෙනදාට වඩා මාස 2කටත් වැඩිය ප්‍රමාද වීමෙන් ම ලොකු upgrade එකක් දේවි කියලා පුරෝකථනය කරන්න පුළුවන්.
#Samaung
#OneUI7
#Android15
Team Widox
2 191
ඔන්න Guys Google සමාගම මේ වෙද්දී Google Gemini Application එක Apple iOS සඳහාත් සමහර regions සඳහා rolling out කිරීම ආරම්භ කරලයි තියෙන්නේ.
#Gemini
#Google
#Apple
Team Widox
2 191
ඔයත් Photography වගේ ම Editing වල නියැලෙන කෙනෙක් නම් RAW image format එක ගැන අනිවාර්යයෙන් ම දන්නවා ඇති. ඔන්න Google සමාගම Ultra HDR compatibility එක ලබා දුන්නා වගේ ජංගම දුරකථන සඳහා RAW image compatibility එකත් වැඩි පරිශීලක පිරිසකට ලබා දෙන්න සූදානමින් සිටින බව තමයි වාර්තා වෙන්නේ.
මොකද්ද මේ RAW image format එක? ඔව් ඇත්තට ම ඔයගොල්ලෝ photo එකක් capture කරාම එක විවිධ file format වලින් save කරගන්න පුළුවන්. ඒක අපි use කරන Camera software එකත් එක්ක වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට අපි capture කරන photo එකක් save වෙන්නේ jpeg විදිහට. මේක ගොඩක් lossy type file format එකක්. ඒ වුණත් RAW format එකේ දි නම් අපිට Quality එක loss නොවී photo එකක් capture කිරීමේ අවස්ථාව ලැබෙනවා. හැබැයි ඉතින් ඒ වගේ ම photo එකේ file size එකත් වැඩි වෙනවා කියලා නම් අමතක කරන්න එපා.
කොහොම වුණත් RAW file එකකින් අපිට photo එක edit කිරීමේ දී වගේ නම් ගොඩක් පහසු වෙනවා. මොකද detailed picture එකක් අපිට ලැබිලා තියෙන නිසා. මේ හේතුව නිසා ම Google සමාගම මේ RAW format compatibilty එක වැඩි කරන්න තීරණය කරලා තියෙනවා. ඒ කියන්නේ ඉදිරියේ දී අපිට ගොඩක් camera software එක්ක RAW file විදිහට photos capture කිරීමේ අවස්ථාව උදා වේවි.
#Google
#RAW
#Photography
Team Widox
2 191
ඔයත් Photography වගේ ම Editing වල නියැලෙන කෙනෙක් නම් RAW image format එක ගැන අනිවාර්යයෙන් ම දන්නවා ඇති. ඔන්න Google සමාගම Ultra HDR compatibility එක ලබා දුන්නා වගේ ජංගම දුරකථන සඳහා RAW image compatibility එකත් වැඩි පරිශීලක පිරිසකට ලබා දෙන්න සූදානමින් සිටින බව තමයි වාර්තා වෙන්නේ.
මොකද්ද මේ RAW image format එක? ඔව් ඇත්තට ම ඔයගොල්ලෝ photo එකක් capture කරාම එක විවිධ file format වලින් save කරගන්න පුළුවන්. ඒක අපි use කරන Camera software එකත් එක්ක වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට අපි capture කරන photo එකක් save වෙන්නේ jpeg විදිහට. මේක ගොඩක් lossy type file format එකක්. ඒ වුණත් RAW format එකේ දි නම් අපිට Quality එක loss නොවී photo එකක් capture කිරීමේ අවස්ථාව ලැබෙනවා. හැබැයි ඉතින් ඒ වගේ ම photo එකේ file size එකත් වැඩි වෙනවා කියලා නම් අමතක කරන්න එපා.
කොහොම වුණත් RAW file එකකින් අපිට photo එක edit කිරීමේ දී වගේ නම් ගොඩක් පහසු වෙනවා. මොකද detailed picture එකක් අපිට ලැබිලා තියෙන නිසා. මේ හේතුව නිසා ම Google සමාගම මේ RAW format compatibilty එක වැඩි කරන්න තීරණය කරලා තියෙනවා. ඒ කියන්නේ ඉදිරියේ දී අපිට ගොඩක් camera software එක්ක RAW file විදිහට photos capture කිරීමේ අවස්ථාව උදා වේවි.
#Google
#RAW
#Photography
Team Widox
2 191
Samsung සමාගම One UI 6.0 update එකත් එක්ක release කරපු feature එකක් විදිහට Auto Blocker කියන එක හඳුන්වන්න පුළුවන්. මේ හරහා අපිට virus, malwares වලින් වගේ ම unauthorised accesses, opening unrecognised links වගේ දේවල්වලින් Galaxy devices ආරක්ෂා කරගන්න අපිට අවස්ථාව උදා වෙලා තියෙනවා. ඉතින් මේ Auto blocker feature එක ඉදිරියේ දී නිකුත් වෙන One UI 7 update එකත් එක්ක තවත් advanced විදිහට භාවිතා කිරීමට පරිශීලකයන්ට අවස්ථාව සලසන්න Samsung සමාගම කටයුතු කරමින් සිටින බව තමයි වාර්තා වෙන්නේ. ඒ අනුව ඉදිරියේ දී මේ Auto blocker feature එක මගින් 2G connections, USB connections, automatic reconnection to non-secure Wi-Fi networks වගේ දේවලුත් disable වේවි. ඒ වුණත් ඒ හරහා Galaxy devices වලට පෙරට වඩා වැඩි ආරක්ෂාවක් ලබා දීමට හැකියාව පවතින බව තමයි Samsung සමාගම පවසන්නේ.
#Samsung
#AutoBlocker
#OneUI7
Team Widox
2 191
සුප්‍රසිද්ධ ජංගම දුරකථන සමාගමක් වන OnePlus සමාගම මේ වන ඔවුන්ගේ OnePlus devices සඳහා stable Android 15 based OxygenOS 15 යාවත්කාලීනය නිකුත් කර තිබෙනවා. මේ යාවත්කාලීනය හරහා ඔවුන් අලුත් features වගේ ම කෘත්‍රිම බුද්ධිය (AI) මත පදනම් වූ features රැසක් ද ලබා දෙන්න OnePlus සමාගමට හැකියාව ලැබිලා තියෙනවා. ඒ අනුව a redesigned Home screen with new icons, new themes, new floating window gestures, resizable Split View windows, separate Quick Settings and notification drawer, redesigned Quick Settings, and new wallpapers ආදී පහසුකම් මේ හරහා අපට අත්විඳින්න පුළුවන්. වැඩි දුරටත් අදහස් දක්වමින් OnePlus සමාගම සඳහන් කරන්නේ AI based features තවමත් testing කරන බවත් බොහෝ විට මේ මස අවසානයේ නව යාවත්කාලීනයක් සමඟ මේ AI features ලබා දෙන බවත් ය.
#OnePlus
#OxygenOS15
#Android15
Team Widox
2 191
Android eco-system එකෙයි Apple eco-system එකෙයි දෙකේ ම වැඩ කරන්න පුළුවන් cross platform එකක් තිබුණොත් මොකද හිතෙන්නේ? ඇත්තට ම මාරයි නේද? එහෙනම් අද ඒ මාර වැඩේ ගැන දැනගමු...
අපිට මෙච්චර කල් අපේ Android device එකට Windows OS එකත් එක්ක seamless වැඩ කරන්න හැකියාව තිබුණත් Apple eco system devices එක්ක seamless වැඩ කරන්න හැකියාව තිබුණේ නෑ. ඒකට apple ලගේ security restrictions ප්‍රධාන හේතුවක් වුණා. ඒ අතරේ ම Xiaomi ලා මේක වෙනස් කරන්න කටයුතු කරලා තියෙනවා කියලා ඇහුවොත් සමහර විට ඔයගොල්ලෝ පුදුමත් වෙයි.
ඔන්න මේ වෙද්දී Xiaomi ලා HyperOS 2.0 එකත් එක්ක Apple eco-system system devices එක්ක seamless විදිහට connect වෙලා වැඩ කිරීමේ හැකියාව ඔවුන්ගේ HyperOS 2.0 compatible devices සඳහා ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ඒ කියන්නේ HyperOS එකේ interconnect feature එක හරහා Xiaomi devices වලට Apple iPhones, iPads, Macs ආදී සියල්ල සමග ම connect වීමේ හැකියාව තියෙනවා. ඒ වගේ ම Apple devices එක්ක direct file sharing, screen mirroring, cross device input ලබා දීම වගේ දේවල් සිදු කරන්නත් පුළුවන්.
මේ feature එක මේ වෙද්දී Beta testing සිදු කරමින් තියෙන්නේ. ඒ වුණත් මේ වෙද්දිත් මේ feature එක ගොඩක් සාර්ථක විදිහට ක්‍රියා කරනවා. ඒ කියන්නේ නුදුරේ දී ම HyperOS 2.0 එකත් එක්ක මේ feature එක launch වේවි. ඒ වගේම කියන්න ඕන Apple devices එක්ක Android device එකක් use කරන්න කැමති කෙනෙක්ට නම් මේ feature එක ගොඩක් වැදගත් වෙයි.
#Xiaomi
#Apple
#HyperOS
Team Widox
2 191
👋💬💬💬💬💬💬⚡️⚡️⚡️⚡️⚡️⚡️
🤯 ඔයා අලුතින් රිලීස් වෙන මූවීස් බලන්නේ රිලීස් වෙලා මාස ගානකට පස්සේ ද? 💪
😭 HOW SAD 😭
😎 Movies රිලීස් වෙච්ච ගමන් බලන්න ඕනා නේද? 🍷
🚫ඔයාලා SINHALA Sub Movies Try කරේ නැද්ද..?
🤔මේ ලින්ක් එක ක්ලික් කරලා..
📱 https://t.me/mrmuvieslk
🆗 Try කරලා බලන්න ආස හිතෙයි..
😆 අවවාදයයි මෙය තදින්ම ඇබ්බැහිවන සුළු channel එකකි 😀
❤️ සිංහල උපසිරැසි සමඟ මූවීස් MR™ ✅
2 191
ඔබ දන්නවාද International Space Station (ISS) එකේ ඉන්න ගගනගාමින් තම තමන්ගේ මුත්‍රා සහ දහඩිය නැවත පානය කරන බව?
ඉතින් මේක විහිළුවක් වගේ පෙනුනට ඇත්තටම මේක සිද්ද වෙනවා. මේ තාක්ෂනය නිසා අපිට පුළුවන් වෙනවා අවුරුද්දකට කිලෝග්‍රෑම් 2760 කට වඩා වැඩි ජල ප්‍රමාණයක් ඉතුරු කරගන්න. මේක තිබ්බේ නැත්තන් අපිට සිද්ද වෙනවා පෘතුවියේ ඉදන් මේ ජලය ඒ ගගනගාමීන්ට යවන්න. හැබැයි ISS එකට වතුර බෝතලයක් යවන්න NASA එකට ඩොලර් 18,000 (රුපියල් ලක්ෂ 53ක්) විතර වැය වෙනවා. ඉතින් කොහොමද මේ මුත්‍රා නැවත මේගොල්ලෝ බාවිතයට ගන්නේ?
මේකෙදි ගගනගාමීන්ගෙන් පිටවන මුත්‍රා container එකකට එකතු වෙනවා.ඊට පස්සේ මේ මුත්‍රා ටික සංකීර්ණ පෙරහන් සමුහයක් සහ රසායනික ද්‍රව්‍ය බාවිතා කරලා පිරිසිදු පානීය ජලය නිපදවනවා. මේ system එකට කියන්නේ ජල ප්රතිසාධන පද්ධතිය (water recovery system) කියල. එත් එක්කම ගගනගාමීන්ගෙන් පිටවන ප්‍රශ්වාස වාතය හා දහඩිය අල්ලගන්න මේ system එකේ Dehumidifier එකකුත් තියෙනවා.
ඉතින් සමස්තයක් ලෙස මේ System එකට පුළුවන් පිටවන අප ජලයෙන් 98% නැවත පිරිසිදු පානීය ජලය බවට පත් කරන්න. NASA ආයතනයනම් කියන්නේ මේ ජලය පෘතුවියේ ඉන්න අපි බොන ජලයටත් වඩා පිරිසිදුයි කියල.
Fun Fact : අපි බොන ජලය අවුරුදු බිලියන 4.5ක් විතර පරණයි. ඒ කියන්නේ අපි බොන්නෙත් ඩයිනෝසෝර්ල බිව්ව වතුරම තමයි.
Would You Drink THIS To Go To Space?
#SPACE
#SCIENCE
🌐 WidoxLK | Facebook 🌐
2 191
X හරහා Youtube සමාගම විසින් වෙනස් කල අලුත් home page එකක් සහිත photo එකක් මේ දිනවල සංසරණය වනවා.එහි ඇති විශේෂත්වය වන්නෙ එම home page එකේ suggest වී ඇති videos වල viewcount හා upload date එකක් සඳහන් නොවීමයි.එහි සඳහන් වෙන්නෙ video එකෙහි thumbnail image එක හා video එකේ title එක පමණි.මේ පිලිබඳව users ල හොඳ හා නරක ලෙසින් දෙවිදියකින් අදහස් දක්වල තියනව.එක් පිරිසක් news වගේ videos වල date suggest නොවීම මඟින් මහත් අපහසුතා සිදුවන බවයි.ඒවගේම තවත් පිරිසක් පවසන්නෙ මෙය upcoming creators සඳහා මහත් අනගි අවස්ථාවක් බවයි.කෙසේනමුත් youtube සමාගම මෙය update එකක් ලෙසින් පරිශීලකයින්ට ලබාදෙන බවට නිශ්චිත තීරණයට ඇවිත් නැති බවයි පවසන්නෙ.
#Youtube
🌐 WidoxLK | Facebook 🌐
2 191
විද්යාඥයන් කණ්ඩායමක් විසින් Real Life Tractor Beam එකක් නිර්මාණය කරලා තියෙනවා. Tractor Beam එකක් කියන්නේ Sci-fi Movies වල තියෙන දේවල් ඇදල ගන්න පුළුවන් ආලෝක කදම්බයක්. UFO Scenes වල එහෙම ඔයගොල්ලෝ මේක දැකල ඇති.
ඉතින් මේ විද්යාඥයන්ගේ Tractor Beam එකෙන් මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා සෛලයක් Sensor එකකට ඇදල ගන්න සහ ඒ වගේම Biopsy එකකදී සෛලයක් සත්වයෙක්ගේ ශරීරයෙන් වේදනාවක් රහිතව ඇදල ගන්න. ඉතින් මේක වැඩ කරන්නේ කොහොමද?
අදොරක්ත කිරණ (IR) සහිත Laser එකක් තුනී සිලිකන් Sheet එකක් අතරින් යැව්වට පස්සේ මේ රේඛීය Laser කිරණය, Coil එකක හැඩයක් ගන්නවා. මේ හැඩේට කියන්නේ ත්‍රිත්ව හෙලික්සීය සොලෙනොයිඩ්යක් (Triple Helix Solenoid). මේ හැඩේට පුළුවන් විකිරණ පීඩනය කියන සංසිද්ධිය නිසා ඇදගැනීමේ බලයක් ඇති කරන්න.
මේ තාක්ශනේට දැනට පුළුවන් මිනිස් කෙස් ගහක ප්‍රමාණයක දෙයක් ඇදගන්න. හැබැයි ඉස්සරහට මේ තාක්ශනේ Sci-fi Films වල විතරක් නෙමෙයි ඇත්ත ජීවිතෙත් බලාගන්න පුළුවන් වෙයි.
#Scifi
#Science
🌐 WidoxLK | Facebook 🌐
2 191
Apple සමාගම එහි නවතම Apple M4 chip launch කරල තියනව.ඒ වගේම මේකට Thunderbolt 5 support කිරීමටත් සමාගම කටයුතු කරල තියනව.මේ Thunderbolt 5 හරහා ඔයාලට 80 Gbps ඉදල 120 Gbps baseline speed එකක්,dual 6k screens support කිරීම වගේ දේවල් කරගැනීමේ හැකියාව තියනව.ඒ වගේම Apple සමාගම මේ chips දැනට ලොව පවතින වේගවත්ම cpu core එක බව පවසනවා.(Apple says this is currently "The world's fastest CPU core, delivering the industry's best single-threaded performance")මේ chips සඳහා වේගවත් cores හා ray-tracing engine එකක් සවි කිරීමට Apple සමාගම සමත් වී තියනව.ඒ වගේම M1 series එකට වඩා තුන් ගුණයක වේගයක් මෙයට හිමි බවත් සමාගම පවසනවා.ඒ වගේම මෙයට 20 core GPU හා dynamic caching ඇතුලත්.
#Apple
@Widoxlk
