cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

ධර්ම දේශනා

نمایش بیشتر
کشور مشخص نشده استزبان مشخص نشده استدسته بندی مشخص نشده است
پست‌های تبلیغاتی
135
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

⭕️ එහෙමනම් කැමතිනේ, හෙට උතුම් වෙසක් පොහොය දිනයේ අම්මා තාත්තා ආච්චි සීයා නංගි මල්ලි එකතු කරගෙන හිමිදිරි උදේම භාවනාවට සම්බන්ධ වෙන්න..26/27/28 දවස් තුනම පැවැත්වේ https://us02web.zoom.us/j/2159245043?pwd=NzZwTTMwSVpGTUx1dkM1eVdwVkZYdz09 passaword 757575 conducted by Ven G.Sugatavihari Vipassana M.C. Dikhena
نمایش همه...
Join our Cloud HD Video Meeting

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, conference, huddle, and training rooms, as well as executive offices and classrooms. Founded in 2011, Zoom helps businesses and organizations bring their teams together in a frictionless environment to get more done. Zoom is a publicly traded company headquartered in San Jose, CA.

*꧁මිණිපුර අමා ශාන්ති තපෝවනය꧂* *🌼මිණිපුර අමාශාන්ති තපෝවන ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති ත්‍රිපිටකවාගීෂ්වර සද්ධර්ම ශිරෝමණී විපස්සනා කම්මට්ඨානාචාර්ය අතිපූජනීය තපෝවනයෙ රතන ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවන,* *☸️ වෙසක් පොහෝ දින වැඩසටහන්හි කාලසටහන☸️* 🔵සජීවීව මිණිපුර අමා ශාන්ති තපෝවන youtube නාලිකාව මගින් දවස පුරා විකාශනය කෙරේ. Link : https://youtu.be/PPLQQDm_LWQ පින්වත් ඔබත් අප වැඩසටහන් හා සම්බන්ධව නිවසේ සිට සිල් සමාදන් වන්න. කාළ සටහන 🔰පෙ: ව: 5. 30 සිල් සමාදන් කරවීම සහ 🔰පෙ: ව: 6. 00 කිරිපිඬු සහිත සම්බුද්ධ බුද්ධ පූජාව පැවැත්වීම. 🔰පෙ: ව: 7. 30 හීල් දානය වැළදීම. 🔰පෙ: ව: 8. 00 වෙසක් පොහෝ දිනයෙහි වැදගත්කම. 🔰පෙ: ව: 9. 00 භාවනා කමටහන්. 🔰පෙ: ව:10. 00 ගිලන් පස සහ දහවල සම්බුද්ධ පූජාවට සූදානම් වීම. 🔰පෙ: ව:11. 00 දහවල දානය වැළදීම. මධ්‍යහ්න: 12. 00 කෙටි විවේකය 🔰ප:ව: 1. 00 සම්මා දිට්ඨි සූත්‍ර ධර්ම ග්‍රන්ථය පූජාකිරීම සහ 🔰ප:ව: 1. 30 ධර්ම සාකච්ඡාව. 🔰ප: ව: 2. 00 සබ්බාසව සූත්‍ර ධර්ම දේශනය 🔰ප: ව: 4.00 ගිලන්පස 🔰ප: ව: 4.15 භාවනා කමටහන් 🔰ප : ව: 5.30 සවස සම්බුද්ධ පූජාව සඳහා සූදානම් වීම. 🔰ප: ව: 6.00 සම්බුද්ධ පූජාව සහ ඤාණ වන්දනාව සහ සිල් පවාරණය කිරීම (අවශ්‍ය අයට පමණී.) 🔰රාත්‍රී 8.00 මහා පරිනිබ්බාන සූත්‍ර ධර්මදේශනය. 🔰රාත්‍රී 10.00 ධර්ම සාකච්ඡාව. අලුයම 4.00 භාවනා 🔰පෙ: ව: 5.30 සම්බුද්ධ වන්දනාව සහ සිල් පවාරණය කිරීම. 🔴පින්වත් ඔබ නිවසේ සිට සූදානම් විය යුතු ආකාරය🔴 🔰පෙ: ව: 6.00 ට කිරිපිඬු සහිත සම්බුද්ධ බුද්ධ පූජාව සඳහා ඔබ නිවසේ බුදු මැඳුර අසළ කිරිපිඬු ආහාර තැන්පත් කරගෙන, මල් පහන් සුවඳ දුම් දල්වා සූදානම් වන්න. 🔰පෙ:ව:10.00 දහවල සම්බුද්ධ පූජාවට ව්‍යංජන තිස් දෙකක් සහිතව හෝ තමන්ට පහසු ආකාරයට දහවල දානය සූදානම් කර ගන්න. 🔰ප : ව: 5.30 සවස සම්බුද්ධ පූජාව සඳහා අෂ්ටපාන සහ චතුමධුරද (කල් ඇතිව සූදානම් කර ගන්න) මල් පහන් සුවඳදුම් ද සූදානම් කර ගන්න. 🔰රාත්‍රී 8.00 ට මහා පරිනිර්වාන සූත්‍ර ධර්මදේශනය. දහම් කරුණු සටහන් කර ගන්නට පොතක් ළඟ තබා ගන්න. 🔰පෙ: ව: 5.30 ට සම්බුද්ධ වන්දනාව සහ සිල් පවාරණය කිරීම. මල් පහන් කිරිපිඬු සහිතව සම්බුද්ධ පූජාව සූදානම් කර ගන්න. _සියළුම වැඩසටහන් සජීවීව මිණිපුර අමා ශාන්ති තපෝවන යූ ටියුබ් නාලිකාව මගින් දවස පුරා විකාශනය කෙරේ._ Link : https://youtu.be/PPLQQDm_LWQ සියලුම විමසීම් : 045 2229458 / 0776490489 💫 තෙරුවන් සරණයි
نمایش همه...
වෙසක් පොහෝ දින වැඩසටහන් - 2021 06 26 දින උදෑසන 5.30 සිට

පින්වත් ඔබත් අප වැඩසටහන් හා සම්බන්ධව නිවසේ සිට සිල් සමාදන් වන්න.කාළ සටහනපෙ: ව: 5. 30 සිල් සමාදන් කරවීම සහ පෙ: ව: 6. 00 කිරිපිඬු සහිත සම්බුද්ධ බුද්ධ පූ...

☸තථාගත කාය බලය. තථාගතයන් වහන්සේට ඥානබල පමණක් නොව ලෝකයෙහි අන් කවරකුටවත් නැති පුදුම කායබලයක් ද ඇති බව අටුවාවල දක්වා තිබේ. ඒ මෙසේ ය:- ‘කාළාවකඤ්ච ගංගෙය්‍යං - පණ්ඩරං තබ්බ පිංගලං, ගන්ධමංගල හෙමඤ්ච - උපොසථ ජද්දන්තිමෙ දස’ යනුවෙන් දැක්වෙන ඇත්කුල දශයක් ඇත්තේ ය. ඒ ඇත් කුල වලින් කාළාවක ඇතකුට පුරුෂයන් දශ දෙනෙකුගේ කාය බලය ඇත්තේ ය. කාළාවකයන් දසදෙකුගේ බලය එක් ගංගෙය්‍ය ඇතකුට ඇත්තේ ය. ගංගෙය්‍යන් දසදෙනකුගේ බලය එක් පණ්ඩර ඇතකුට ඇත්තේය. පණ්ඩරයන් දසදෙනුකුගේ බලය එක් තම්බ ඇතකුට ඇත්තේ ය. තම්බයන් දස දෙනෙකුගේ බලය එක් පිංගල ඇතකුට ඇත්තේය. පිංගලයන් දෙනෙකුගේ බලය එක් ගන්ධ ඇතකුට ඇත. ගන්ධයන් දෙනෙකුගේ බලය එක් මංගල ඇතකුට ඇත්තේය. මංගල ඇතුන් දස දෙනෙකුගේ බලය හේම ඇතකුට ඇත්තේය. හේමයන් දෙනෙකුගේ බලය උපෝසථ ඇතකුට ඇත. උපෝසථයන් දස දෙනකුගේ බලය ජද්දන්තකුලයේ ඇතකුට ඇත්තේ ය. ජද්දන්තයන් දසදෙනකුගේ බලය බුදුනට ඇත්තේ ය. ඒ බලයට නාරායනසංඝාත බලය යි ද කියනු ලැබේ. මේ චක්‍රය අනුව කියන බුද්ධකායබලය සාමාන්‍ය ඇතුන් අනුව කියත හොත් කෝටි දහසක් ඇතුන්ගේ බලය ය. පුරුෂගණනින් කියතහොත් පුරුෂයන් කොටිදහසක බල ය. #dasabalagnana
نمایش همه...
☸️දශවන තථාගත බලය. ආශ්‍රවක්ෂය ඥානය. ‘පුන ච පරං සාරිපුත්ත තථාගතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුක්තිං දිට්ඨෙ ව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ජිකත්වා උපසම්පජ්ජ විහරති. යම්පි සාරිපුත්ත තථාගතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මේ සයං අභිඤ්ඤා සච්ජිකත්වා උපසම්පජ්ජ විහරති, ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්මා තථාගතො අසහං ඨානං පටිජානාති පරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචක්කං පවත්තෙති.’ (මහාසීහනාද සුත්ත) තථාගතයන් වහන්සේ කාමාදි ආශ්‍රවයන් ක්ෂය වීමෙන් ආශ්‍රව රහිත වු අර්හත්ඵලසමාධිය අර්හත්ඵල සම්ප්‍රයුක්ත ප්‍රඥාව වර්ථමාන ආත්මභාවයේ ම අධික වූ ප්‍රඥාවෙන් තමන් වහන්සේ ම ප්‍රත්‍යක්ෂ කර ගෙන සම්පාදනය කරගෙන වාසය කරන්නාහ. එය තථාගතයන් වහන්සේගේ තථාගත බලයක් ය යන බව ඉහත දැක්වූ පාඨයෙන් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේට වදාළ සේක. දශබලඥාන සංග්‍රහ ගාථා ඨානාඨානෙ විපාකෙ ච - මග්ගෙ සබ්බත්ථ ගාමිනා, නානාධාතුම්භි ලොකස්මිං - අධිමුත්තිම්හි පාණිනං, පරොපරියන්තේ ඤාණං - ඉන්ද්‍රියානඤ්ච ජන්තුනං ක්‍ධනාදීසු ඤාණං පුබ්බෙ - නිවාසේ දිබ්බචක්ඛු ච, ආසවක්ඛයඤාණකන්ති - දසඤාණබලං මතං #dasabalagnana
نمایش همه...
☸️නවවන තථාගත බලය. සත්ත්වයනගේ ච්‍යුති උත්පත්ති දන්නා නුවණ. ‘පුන ච පරං සාරිපුත්ත, තථාගතො දිබ්බෙන චක්ඛුනා විසුඬෙන අතික්කන්තමානුසකෙන සත්තේ පස්සති චවමානෙ උපපජ්ජමානේ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ යථාකම්මුපගේ සත්තෙ පජානිති, ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙත සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිචිඡාදිට්ඨීකා මිච්ඡාදිට්ඨීකම්ම සමාදානා තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගිතිං විනිපාතං නිරයං උප්පන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨී කම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නාති, ඉති දිබ්බෙන චක්ඛුනා විසුඬෙන අතික්කන්ත මානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෝ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථා කම්මුපගෙ සත්තෙ පජානාති. යම්පි සාරිපුත්ත තථාගතො-පෙ-බ්‍රහ්මචක්කං පවත්තෙති.’ ඒ ඒ භවයෙන් ව්‍යුත ව ඔවුන් කළ පින් පව් අනුව සත්ත්වයන් සුගති දුර්ගති දෙක්හි උපදනා හැටි තථාගතයන් වහන්සේ දක්නාහ. ඒ ඥානය නව වන තථාගතබලය යයි මේ පාඨයෙන් දැක් වේ. තථාගතයන් වහන්සේට එකිනෙකට මුහුණ ලා පිහිටි ගෙවල් දෙකක් සමීපයේ බලාසිටින්නකුට ඒ ගෙයින් මේ ගෙයටත් මෙ ගෙයින් ඒ ගෙයටත් යන එන අය පැහැදිලි ලෙස පෙනෙන්නාක් මෙන් ලෝකයෙහි ඒ ඒ සුගති දුර්ගති භව වලින් ච්‍යුත ව කර්මානුරූප ව සුගති දුර්ගති දෙක්හි උපදනා සත්තවයන් පෙනෙන බව දේවදූත සූත්‍රයෙහි ද දක්වා තිබේ. මේ චුතූපපාතඤාණය ශ්‍රාවකයනට ද සාධාරණ ඥානයෙකි. වර්තමාන භවයේ ච්‍යුතිය පමණක් දකින අනාගතෝත්පත්තිය නො දක්තා පුද්ගලයන් සත්ත්වයා මරණික් කෙළවර වන්නේය යන උච්ජේද දෘෂ්ටිය ගන්නා බවත්, අතීතභවයේ ච්‍යුතිය නො දැක වර්‍තමානොත්පත්තිය පමණක් දක්නවුන් අලූත් සත්ත්වයෝ පහළ වෙති ය යන දෘෂ්ටිය ගන්නා බවත්, ච්‍යුති උප්පත්ති දෙක ම දැකීම දෘෂ්ටිවිශුද්ධීය පිණීස පවත්නා බවත් විශුද්ධිමාර්ගයේ කියා ඇත්තේ ය. #dasabalagnana
نمایش همه...
☸️අටවන තථාගතබලය. අතීත ජාති දන්නා නුවණ “පුන ච පරං සාරිපුත්ත, තථාගතො අනෙක විහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්‍යථීදං? එකම්පි ජාතිං ද්වෙ’පි ජාතියො තිස්සො’පි ජාතියො චතස්සො’පි ජාතියො පඤ්ච’පි ජාතියො දස’පි ජාතියො වීසම්’පි ජාතියෝ තිංසම්’පි ජාතියෝ චත්තාර්සම්’පි ජාතියෝ පඤ්ඤාසම්’පි ජාතියෝ ජාතිසතම්’පි ජාති සහස්සම්’පි ජාතිසතසහස්සම්’පි අනෙකෙ’පි සංවට්ටකප්පෙ අනෙකෙ’පි විවට්ටකප්පෙ අනෙකෙ’පි සංවට්ටවිවට්ටකප්පේ අමුත්‍රාසිං එවං නාමො එවං ගොත්තො එවං වණ්ණො එව’ මාහාරො එවං සුඛදුක්ඛපටිසංවේදී එව’ මායුපරියන්තො, සො තතො චුතො අමුත්‍ර උදපාදිං තත්‍රාපාසිං ඒවං නාමො එවං ගොත්තො එවං වණ්ණො එවමාහාරො එවං සුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො ඉධුපපන්නොති, ඉති සාකාරං සඋද්දෙසං අනෙක විහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්‍යථිදං? එකම්පි ජාතිං ද්වෙපි ජාතියෝ -පෙ - ඉතිං සාකාරං සඋද්දෙසං? අනෙකවිභිතං පුබ්බෙනිවාසං අනුස්සරති ඉදම්’ පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං හොති-පෙ- පවත්තෙති. ” මේ පාඨයෙන් දැක්වෙන්නේ තමන් වහන්සේගේ අතීත භව පරම්පරාව දක්නා නුවණ තථාගතයන් වහන්සේගේ එක් ඥානබලයක් බව ය. තමන් වහන්සේ අතීතයෙහි මෙබඳු නාමයකින් මේ නම් ගෝත්‍රයක් ඇති ව මෙ බඳු ආහාර පාන ඇති ව මෙ බඳු සුව දුක් ඇති ව මෙ පමණ ආයු ඇතිව විසුවෙමි ය. ඉන් චුත ව අසවල් තැන උපන්නෙමි ය. එහි මෙ බඳු ශරිරයක් විය. මෙ බඳු පැහැයක් ඇත්තේ වීමි ය. මෙ බඳු නමක් විය. අසවල් ගෝත්‍රය විය. මේ මේ දේ ආහාර කොට ගතිමි ය. මෙ බඳු සුව දුක් ලැබීමි ය. මේ පමණ ආයුෂ විය මෙසේ පිරිසිදු ලෙස ම අනේකකල්පකොටීන්හි තමන් වහන්සේ උපන් අතීත ජාතීන් භාග්‍යවතුන් වහන්සේලා දන්නා සේක. පර්‍ය්‍යන්ත පරිච්ජේදයක් නැති ව කැමති පමණක් අතීත ජාතීන් දැකිය හැකි නුවණක් ලොවුතුරා බුදුනට ඇත්තේ ය. එක්තරා ප්‍රමාණයක්න් අතීතජාති දැකීමෙහි සමත් පුද්ගලයො ඇතහ. ඔවුන්ගෙන් ඇතමෙක් වර්තමාන ජාතියට සමීප වු අතීත ජාතිය පමණක් දකිති. ඇතමෙක් ජාති දෙක තුනක් සතරක් පසක් දකිති. ධ්‍යානාභිඥා ලබා ඇති ඇතැම් බාහිර තවුසෝ සතළිස් කපක අතීත ජාති දකිති. නාමරූප පරිච්ඡෙදයක් නැති බැවින් ඔවුන්ගේ නුවණ දුබල ය. ඒ බැවින් ඔවුහු සතළිස් කපින් ඔබ අතීතය දක්නට සමත් නො වෙති. ඔවුනට වඩා අධිකව නුවණ ඇති බැවින් තථාගතයන් වහන්සේගේ ඇතැම් ශ්‍රාවකයෝ කල්ප සියයක දහසක අතීතය දකිති. ඔවුනට වඩා නුවණැති බැවින් අසූ මහාශ්‍රාවකයෝ කල්ප ලක්ෂයක අතීතය දකිති. අග්‍ර ශ්‍රාවක දෙනම එකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් අතීතය දකිති. පසේ බුදුහු කල්ප අසංඛ්‍ය දෙකක් හා ලක්ෂයක් අතීතය දකිති. #dasabalagnana
نمایش همه...
☸️සත්වන තථාගත බලය. ධ්‍යානාදීන්ගේ සංක්ලේශාදිය දන්නා නුවණ. ‘පුන ච පරං සාරිපුත්ත තථාගතෝ ක්‍ධාන විමොක්ඛ සමාධි සමාපත්තිතං සංකිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං පජානාති. යම්පි සාරිපුත්ත තථාගතො ක්‍ධාන විමොක්ඛ සමාධි සමාපත්තීනං සංකිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං පජානාති ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසහං ඨානං පටිජානාති. පරිසාසු සීහනාදං නදති. බ්‍රහ්මචක්කං පවත්තෙති.’ ප්‍රථමධ්‍යානාදි ධ්‍යානයන්ගේ ද රූපී රූපානි පස්සති යනාදින් දේශිත අෂ්ට විමෝක්‍ෂයන්ගේ ද සවිතර්කසවිචාර සමාධ්‍යාදි තෙවැදෑරම් සමාධීන්ගේ ද ප්‍රථමධ්‍යානසමාපත්‍යාදි නව වැදෑරුම් සමාපත්තීන්ගේ ද සංක්ලේශ - ව්‍යවදාන - ව්‍යුත්ථාන දන්නා නුවණ තථගත බලයක් බව එයින් දැක්විණ. ධ්‍යානභාවනා කරන්නා වු ඇතැම්හු එය ගැන හොඳ දැනුමක් නැති බැවින් ධ්‍යානය ලබා ද තවම ධ්‍යානයක් ලැබී නැත යයි සිතති. තමන් වඩන කර්මස්ථානය නියම කර්මස්ථානයක් වුව ද අකර්මස්ථානයකැයි සිතති. ඇතමෙක් ධ්‍යාන නො ලැබ ම තමන් ධ්‍යාන ලබා ඇත ය යි සිතති. තමන් අකර්මස්ථානයක් වඩමින් එය කර්මස්ථානයකැ යි සිතති. සමහර විට භාවනාවෙහි යෙදී සිටිනා අතර ඇතැම්හු නිද්දට වැටෙති. ධ්‍යානය නො ලැබම ධ්‍යාන ලදිමුය යි සිතන්නවුන් එසේ සිතන්නේ නින්ද ධ්‍යානය යි සිතා ගැනීමෙනි. මෙකල ඇතමුන් සමාධි වීමු යි කියන්නේ ද මේ නින්දට වැටීමෙනි. තථාගතයන් වහන්සේ සෑම දෙනාගේම ධ්‍යානාදිය පිළිබඳ නියම තත්ත්වය දන්නාහ. එය සත්වන තථාගත බලය ය. #dasabalagnana
نمایش همه...
කවි බන සුදුසු ද? Ven.kirulapana dhammavijaya thero
نمایش همه...
www_endchannel_com_කවි_බන_සුදුසු_ද_ven_kirulapana_dhammavijaya_thero.mp49.20 KB
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.