¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete 👈
Nisadas Akuru 🍃
❤️කවිකාර හිත් මවන 🧡යොවුන් හැඟුමන් ගොතන 💛තෙලිතුඩින් නෙත් පිනන 💚සිනහ කැන් පුබුදුවන 💙අහඹු මිතුදම් ගෙනෙන 💜සොඳුරු සිත් නතරවන 🖤රස ගෙනෙන රසවිඳින 💛අරුම පුදුම නැවතුම 💚 ♡ නිදහස් අකුරු ♡ 💚
Mostrar más📈 Análisis del canal de Telegram Nisadas Akuru 🍃
El canal Nisadas Akuru 🍃 (@nisadasakuru) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 13 551 suscriptores, ocupando la posición 23 790 en la categoría Erótico y el puesto 155 en la región Sri Lanka.
📊 Métricas de audiencia y dinámica
Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 13 551 suscriptores.
Según los últimos datos del 26 agosto, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de -2 113, y en las últimas 24 horas de -98, conservando un alto alcance.
- Estado de verificación: No verificado
- Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 20.55%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 6.84% de reacciones respecto al total de suscriptores.
- Alcance de las publicaciones: Cada publicación recibe en promedio 2 796 visualizaciones. En el primer día suele acumular 931 visualizaciones.
- Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 13.
📝 Descripción y política de contenido
El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
“❤️කවිකාර හිත් මවන
🧡යොවුන් හැඟුමන් ගොතන
💛තෙලිතුඩින් නෙත් පිනන
💚සිනහ කැන් පුබුදුවන
💙අහඹු මිතුදම් ගෙනෙන
💜සොඳුරු සිත් නතරවන
🖤රස ගෙනෙන රසවිඳින
💛අරුම පුදුම නැවතුම
💚 ♡ නිදහස් අකුරු ♡ 💚”
Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 27 agosto, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Erótico.
Carga de datos en curso...
| Fecha | Crecimiento de Suscriptores | Menciones | Canales | |
| 27 agosto | 0 | |||
| 26 agosto | 0 | |||
| 25 agosto | 0 | |||
| 24 agosto | 0 | |||
| 23 agosto | 0 | |||
| 22 agosto | 0 | |||
| 21 agosto | 0 | |||
| 20 agosto | 0 | |||
| 19 agosto | 0 | |||
| 18 agosto | 0 | |||
| 17 agosto | 0 | |||
| 16 agosto | 0 | |||
| 15 agosto | 0 | |||
| 14 agosto | 0 | |||
| 13 agosto | 0 | |||
| 12 agosto | 0 | |||
| 11 agosto | 0 | |||
| 10 agosto | 0 | |||
| 09 agosto | 0 | |||
| 08 agosto | 0 | |||
| 07 agosto | 0 | |||
| 06 agosto | 0 | |||
| 05 agosto | 0 | |||
| 04 agosto | 0 | |||
| 03 agosto | 0 | |||
| 02 agosto | 0 | |||
| 01 agosto | 0 |
| 2 | ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
අවර සඳින් ආකාසෙට
එළිය දිදී
කලු ගල් කුලු යකඩ කඳන්
කුලුණු වෙතී
සිසි පායා බැස යන්නට
තිස් පැයකී
පිපෙනා මල් බුදු අබියස
පරව යතී
💔💔💔💔
හැමදේම අස්තීරයි පොඩ්ඩක් මේකෙ තේරුම ගැඹුරින් හිතල බලන්න 🙂🙂
🔥🔥🔥🔥🔥🔥🔥🔥 | 826 |
| 3 | ✨✨✨✨✨✨✨✨
ඔබ පැමිණී… ඔබම ගියා… නැවතුණ තැන මම ඉන්නම්…!! 🩷 ! ඔබ ආවේ මගේ ජීවිතේට හැමදාම ඉන්න කියලා නෙවෙයි කියලා මං දැනගෙන හිටියා නම්… සමහරවිට මගේ හිත මෙච්චර දුරට ඔබට හුරු කරන්නේ නෑ… ඔබ ආවේ පුංචි මතකයක් වෙන්න ඇති… ඒත් මට ඔබ මතකයක් විතරක් වුණේ නෑ… ඔබ මගේ දවසේ පුරුද්දක් වුණා… මගේ හිනාවේ හේතුවක් වුණා… මගේ නිහඬකමේ තේරුමක් වුණා… ඒ නිසාම ඔබ ගිය දවසේ ඔබ විතරක් ගියේ නෑ… ඔබත් එක්ක මගේ දවසේ කොටසක් ගියා… මගේ හිනාවේ කොටසක් ගියා… මට මම වගේ දැනුණු කාලයක්ම ගියා… ඔබට ඒක සමහරවිට සාමාන්‍ය සමුගැනීමක් වෙන්න ඇති… ඒත් මට… ඒක හුරු වූ හදවතක් හදිසියේම හිස් වීමක් වුණා… ඔබ යනකොට මං ඔබව නවත්තන්න උත්සාහ කළේ නෑ… “යන්න එපා” කියලා ඔබේ අත අල්ලගෙන ඉන්න කිව්වේ නෑ… මොකද ආදරේ කියන්නේ කෙනෙක්ව බලෙන් තමන් ළඟ තියාගන්න එක නෙවෙයි කියලා මං තේරුම් අරගෙන හිටියා… ඔබට යන්න ඕනේ නම් යන්න දෙන්න ඕනේ… ඒකයි මං කළේ… ඒත් ඔබ ගියාට පස්සේ මං ඉන්න තැන වෙනස් වුණේ නෑ… ඔබ එක්ක හිටපු ඒ මතක තියෙන තැනම මං තාමත් ඉන්නවා… ඔබ කතා කළ ඒ දවස් මතක් කරගෙන… ඔබ හිනාවුණු ඒ මොහොතවල් මතක් කරගෙන… ඔබ මට “මං ඉන්නවා” කියපු ඒ වචන මතක් කරගෙන… අද ඒ වචන කොහේදෝ දුරක අතීතයක් වෙලා… ඒත් මගේ හිතට ඒවා තාමත් ඊයේ වගේ… සමහර රෑවල්වල හදිසියේම ඔබව මතක් වෙනවා… හිත කියනවා “එයාට message එකක් දාමුද?” කියලා… ඒත් ඇඟිලි නවතිනවා… මොකද දැන් ඔබට මාව අවශ්‍ය නැති බව මං දන්නවා… ඔබේ නිහඬකම මට ඒක කියලා ඉවරයි… ඒ නිසා මං තවත් ඔබව මගේ ජීවිතේට ආපහු ගන්න උත්සාහ කරන්නේ නෑ… ඔබ ගිය පාරට මං තවත් ඇවිදින්නේ නෑ… ඔබට අමතක වුණ මාව මංම අමතක කරගන්න උත්සාහ කරනවා… ඒත්… කෙනෙක්ව අමතක කරන එක කියන තරම් ලේසි නෑ… මොකද අමතක කරන්න ඕනේ මනුස්සයෙක් විතරක් නෙවෙයි… ඔහු එක්ක බැඳුණු මතක… පුරුදු… බලාපොරොත්තු… හීන… වචන… හැඟීම්… ඒ හැමදේම… ඔබ මගේ ජීවිතේට ආවෙත් ඔබේ කැමැත්තෙන්… ගියෙත් ඔබේ කැමැත්තෙන්… ඒත් ඔබ ගිය පස්සේ ඔබව අමතක කරන එක මගේ කැමැත්තෙන් වෙන්නේ නෑ… හිතට තමන්ගේම නීති තියෙනවා… ඔබ ගියා කියලා මට ඔබ ගැන දැනුණු දේ එකපාරටම නැති වෙන්නේ නෑ… ඒ නිසා… ඔබට සතුටින් ඉන්න පුළුවන් නම් මං ඈතින් ඉඳගෙන ඒ සතුටට හිතෙන් සුබ පතන්නම්… ඔබට මාව මතක නැති වුණත් මං ඔබව නරක මතකයක් කරගන්නේ නෑ… ඔබ මට දුන්න හොඳ දවස් ටික ඔබ ගිය එක නිසා නරක වෙන්නේ නෑ… ඒ මතකවලට මං තාමත් ගරු කරනවා… ඔබ මගේ නොවුණත්… ඔබ මගේ ජීවිතේ එක කාලයක හරි ලස්සන කොටසක් වුණා… ඒක වෙනස් කරන්න ඔබ ගිය එකටවත් බෑ… ඒ නිසා… ඔබ පැමිණී… ඔබම ගියා… ඔබට යන්න තිබුණා… ඔබ ගියා… මං නවත්තන්න තිබුණේ නෑ… මං නවත්තන්නේත් නෑ… ඔබ ගිය පාර දිහා බලාගෙන ඉන්න එක වෙනුවට ඔබ නැවතුණු තැන මං මගේ මතකත් එක්ක ටිකක් ඉන්නම්… කවදාහරි මේ මතකත් මට බරක් නොවෙන දවසක් එයි… ඔබව මතක් වුණත් හිත නොරිදෙන දවසක් එයි… ඔබේ නම ඇහුණත් ඇස් තෙත් නොවන දවසක් එයි… ඒ දවස එනකම්... ඔබ පැමිණි තැනත්, ඔබ නැවතුණු තැනත්, ඔබ ගිය පාරත් මං අමතක නොකර ඉන්නම්… ඔබ ආපහු එනවාද නැද්ද මං බලාපොරොත්තු වෙන්නේ නෑ… ඔබ ආවත් මං පෙර වගේම ඉන්නවා කියලා පොරොන්දු වෙන්නෙත් නෑ… ඒත් එක දෙයක් නම් ඇත්ත… ඔබ මට ආදරේ කියන වචනයේ ලස්සන පැත්තක් පෙන්නුවා… ඒ වගේම අහිමිවීමේ වේදනාවත් ඉගැන්නුවා… ඒ දෙකටම මං ඔබට ස්තූතිවන්ත වෙන්නම්… මොකද… සමහර මිනිස්සු අපේ ජීවිතේට එන්නේ අපි එක්ක ජීවිතේ පුරාවට ඉන්න නෙවෙයි… අපේ හදවතේ කිසිදා මැකෙන්නේ නැති මතකයක් වෙලා යන්න…!! 🤍🥺 ඒ නිසා යන්න… ඔබට යන්න ඕනේ නම් නිදහසේ යන්න… මං ඔබව නවත්තන්නේ නෑ… ඔබ පැමිණී… ඔබම ගියා… නැවතුන තැන මම ඉන්නම්… ඔබේ මතකයක් එක්ක නෙවෙයි… ඔබ මට ඉගැන්නුව අහිමිවීම් එක්ක මං මාවම හොයාගන්න ඉගෙන ගනිමින්…!! 🤍🥀
❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥 | 919 |
| 4 | ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
"ළඟින් ඉන්න කාලෙ මදි නොකියන්න ආදරේ දෙන්න..." ❤️🩹 ඇත්තටම... අපි හිතන තරම් ජීවිතේ දිග නෑ... අද හිනා වෙලා කතා කරන කෙනා, හෙටත් ඒ විදිහටම අපි ළඟ ඉඳී කියලා කියන්න කාටවත් බෑ... 🥺 ඒ නිසා... තරහා වෙලා නිහඬ වෙන්න එපා... ආදරේ හිතේ හංගගෙන ඉන්නත් එපා... ආදරේ තියෙනවා නම්... ඒක අදම දැනෙන්න දෙන්න. 🤍 මොකද... මිනිස්සු හරි ඉක්මනින් මැරෙනවා... ඒත් කියාගන්න බැරි වුණ වචන, ජීවිත කාලෙම හිත ඇතුළෙම ඉතුරු වෙනවා... 🌙💔
❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥 | 649 |
| 5 | ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
🥺ඇත්තටම... "ආදරේ කරන්න බැරිනම්, ආදරෙයි කියලා කියන්න එපා..." 🥺 ඒක සෙල්ලමක් නෙවෙයි. මනුස්සයෙක්ගේ හිතක් එක්ක සෙල්ලම් කරන එක තරම් ලොකු පවක් තවත් නෑ. 🥺 ඔයාට කෙනෙක්ව මඟඇරලා යන්න, මඟදි දාලා යන්න ලේසි ඇති. 🚶♂️💨 ඒත් ඒ රැවටීම අස්සේ තව කෙනෙක් තමන්ගේ මුළු ජීවිතයම, හීන ගොඩක් විනාශ කරගෙන විඳවනවා කියලා ඔයාට කවදාවත් තේරෙන්නේ නැහැ. 🌧 හදවතින්ම ආදරේ කරපු කෙනෙක්ට විතරයි ඒ වේදනාව දැනෙන්නේ. 🥀 ආදරේ කියන්නේ වචනයක් විතරක්ම නෙවෙයි... 💍 ඒක කැපවීමක්, විශ්වාසයක්, සහ ගෞරවයක්! 👩❤️💋👨 කෙනෙක් තමන්ගේ හුස්ම තරමට ඔයාව විශ්වාස කරද්දී, ඔයා ඒ හිත පෑරුවා. 💔 බොරු බලාපොරොත්තු දීලා පස්සේ කාලෙක "අපි නොගැලපෙන දෙන්නෙක්" කියලා අතහැරලා යන්න හිතුවා නම්, ඇයි මුලින්ම ඒ වචන මට කිව්වේ? 🤔 කෙනෙක්ගේ අවංක ආදරේකට පිටුපාලා, ඒ හදවත කෑලිවලට කඩලා දාලා ඔයාට කවදාවත් සතුටින් ඉන්න ලැබෙන්නේ නැහැ. කාලය හැමදේටම උත්තර දෙයි! ⌛ ආදරේ කරන්න බැරිනම්, කරුණාකරලා ඒ පිරිසිදු හැඟීමට නිග්‍රහ නොකර මුලින්ම ඈත් වෙලා ඉන්න. 🚶♀ ඒක බොරුවට රවටනවාට වඩා දහස් වාරයක් වටිනවා! 🥀🍃 . . . 🥀"
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ | 730 |
| 6 | ජීවිතේ හරිම අමාරුයි,
අපිට තියෙන්නෙත් හරිම පොඩි කාලයක්...
ඒත් ඒ කාලය ඇතුළෙ රැකගන්න දේවල් ගොඩයි,
හරියට මට ඔයාව වටිනවා වගේ.
ඒකද ආදරයේ නීතිය?
එක පැත්තකින් ආවත්, දෙපැත්තෙන්ම දැනුණත්,
ආදරේ කියන්නේ ජීවිතේ ඇතුළේ ලොකු සටනක්.
.
ඉතින් මම නවතිනවා,
යළි ඉක්මනින්ම හමුවෙන
බලාපොරොත්තුවෙන්.
__kawee❤️🎀____ | 648 |
| 7 | ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සමහර වෙලාවට මට ඔයාට කියන්න ඕනෙ වුනා මං ඉන්නෙ හොදින් නෙවී කියලා, මට හරි පාළුයි කියලා.
ඒත්,
ඒ කිසිම වෙලාවක ඔයාට මාව අහන් ඉන්න ඕන කමක් තිබුනෙ නෑ.
ඉතිං මං ඒ හැමදේම දරාගෙන නිහඩ වුනා.
ඔව්,
ඔයාට පිං සිද්ද වෙන්න
මම අද ඕනම දෙයක් දරාගෙන ලෝකෙට පේන්න ලස්සනට හිනාවෙන්න පුළුවන් මනුස්සයෙක්....
ඔයාට ගොඩක් ස්තූතියි...!
මට හැමදේම දරාගන්න ඉගැන්නුවට....
▕🤍🌻🕊️ | 633 |
| 8 | ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥👎
🥺ජීවිතේට මිනිස්සු ඕන තරම් එනවා යනවා. හැමෝම එක්කම හිනාවෙලා, කතා කරලා හිටියට හැමෝමවම අපේ හිතට දැනෙන්නේ නැහැ. මුළු හදවතින්ම, කිසිම කොන්දේසියක් නැතුව අපිට දැනුනෙ එකම එක කෙනයි. ඒත්... අපි බලාපොරොත්තු නොවුණු මොහොතක, කිසිම වරදක් නැතුව, හරිම අසාධාරණ විදිහට ඒ කෙනා මගෙන් ඈත් වෙලා ගියා. ඒ අතහැර යාම දරාගන්න එක ලේසි නැහැ. මොකද හිත තවමත් හිරවෙලා තියෙන්නේ ඒ කෙනා ළඟම විතරක් නිසා! 💔 අපේ ජීවිතේ හැමෝටම දෙන්න බැරි තැනක් අපි එකම එක කෙනෙකුට දෙනවා. මුළු හිතින්ම ඒ කෙනාව විතරක්ම දැනෙනවා. හැබැයි රිදෙන්නේ එහෙම දැනුණු එකම කෙනත්, කිසිම හේතුවක් නැතුව හරිම අසාධාරණ විදිහට අපේ ජීවිතෙන් සමුගෙන යද්දී. අන්තිමට ඉතුරු වෙන්නේ ඒ අතීතය විතරයි. 🥀 හිතට දැනෙන මිනිස්සු හරි අඩුයි. එහෙම දැනුණු එකම කෙනා ළඟ අපි අපේ මුළු ලෝකයම නතර කරනවා. ඒත් කාලය හරි නපුරුයි. අපිට වඩාත්ම දැනුණු, අපි පණ වගේ ආදරය කරපු ඒ කෙනා, අන්තිමට කිසිම සාධාරණත්වයක් නැතුව අපිව තනිකරලා දාලා ගියා. හිත හුරු වෙන්න උත්සාහ කරද්දී, ඒ කෙනා හිටපු විදිහ මතක් වෙද්දී දැනෙන පාලුව වචන කරන්න බැරි තරම්. 🥺🥺🥺🥺
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ | 635 |
| 9 | හුදෙකලා පියවර
අහන්නවත් අකමැතිම වචනය
"මට කවුරුත්ම නෑ" කියන හුස්ම පොදයි...
පවුල කියන්නේ අහසක් නම්
ඒ අහස කඩා වැටීම තරම්
තවත් ශාපයක් නැහැ මේ පොළොවට.
තාත්තා නැති අඩුව,
ගෙදරින් ලැබෙන අසීමිත පීඩනය,
පපුව හිරවෙන තරම් රිදවද්දී...
ජීවත් වෙලා ඉන්න දෙමාපියන්ගෙන්
විඳින වද වේදනා,
මියගිය අය වෙනුවෙන් හඬන කඳුළටත් වඩා බරයි.
ඒ හුදෙකලා තැන්වලදී
"මටත් කෙනෙක් හිටියා නම්..." කියලා
හිත අසීමිතව තනි වෙනවා.
සැනසෙන්න එක වචනයක්වත්
අහන්න කෙනෙක් නැති බව මතක් වෙද්දී,
පිස්සියක් වගේ හැඬවෙනවා.
ඉඳලත් නැති වුණා නේද කියලා දැනෙද්දී,
මගේ හිත් රිදවුමේ මායිම
මටවත් හිතාගන්න බැහැ...
🥺🎀❤️
_kawee_ | 1 312 |
| 10 | ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
මට ඔබව දැනෙන්න
වශියක් වත් කරාද හොර රහසේ මේ හිතට
අත්හරින්න බැරි තරම්ම
මොකක්ද උනේ මම අහන්නේ මගෙන්නම....🥺🥺
ස්පර්ශයක් වත් නැතිවම
මම බැදුනේ ඔය හිතට
ඉතින් හිතවත මම විශ්වාස කරන්නේ
ආදරෙ හරි පුදුමයි ඔයා මට මෙතරම්ම දැනෙන්න...🥺🥺
මට ඔයාව කෙතරම් දැනුනත්
මා දනිම් ඔබට නෑ හැගෙන්නේ බිදක් වත්...🥺🥺
සමහරවිට උරුම නැතිව ඇති උණුහුම විදින්න ඔය පපුවේ පොඩ්ඩක් වත්...💝💘
❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥 | 1 479 |
| 11 | ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මොන දේ උනත්
අන්තිමට හැමෝම හෙව්වේ,
වාරු නැති හිතක් ළග
පැය ගානක් කතා කරන
ඒ හැමදේම අහන් ඉන්න
වාරු දෙන්න පුළුවන් හිතක්
මිස... 💔
අයාලේ යන හැගීම් වලට
තෝතැන්නක් දෙන්න
ආපු හිතක් නෙවෙයි ......🥺🥺
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ | 1 673 |
| 12 | ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
ඇසින් දකින ප්‍රේමයද ආදරය....❔
හැමදාම ඔයා එක්ක ඔට්ටුවෙලා
ආදරෙ දි මට ඔයාගේ හිතේ තියෙන තැන අහලා
දැන් නම් මට මහන්සි ...🥺
ලෝකේ මිනිස්සු මෙච්චර ඉද්දෙන්
හිතට තදින් ම දැනුනේ ඔයා නිසයි
මම මෙච්චර ඔයාට ආදරෙ කරන්නේ ...🌻🥺
ඉතින් විඩාබර හෝරා අපිටත් හොරෙන් ගමන් කරලා
මට දැන් හති ඔයාගේ ජීවිතේ මට තියෙන තැන හොයලා
ඉතින් හිතවත මම දැන් නවතින්නම්...🥺🥺
දවසක දි ඔයාට තේරුම් යයි සුවද විහිදන්නේ ලස්සන රෝස මල් උනාට තනි උන වෙලාවට තනි රකින්නේ වත්තේ පිපෙන සුදු මල් බව......🤍🕊
❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥 | 1 464 |
| 13 | ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
දවසක් අහම්බෙන් දැක්කා ලස්සන ඇස් දෙකක්..
එක දවසමයි දැක්කේ ආයි දැක්කේ නෑ කවදාවත් ...
මම හිතුවේ මට අමතක වෙයි කියලා එයා..
ඒ ඇස් ලස්සනයි පිස්සුද අමතක වෙන් නෑ කවදාවත් ...🤔😘
පිස්සු වට්ටන ඒ ඇස් වලට මම හරි ආදරෙයි
එක දවසක් අහම්බෙන් දැක්කා පලියට එය විය හැකිද ආදරය ම...😘
ඒක මට වැඩක් නෑ එයාව තව සැරයක් දකින්න මම හරි ආසයි ..
මම හිතනවා මම වාසනාවන්ත ඇති ඒ මොහොත ට කවදාහරි ..😭😭
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ | 1 508 |
| 14 | ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මොන දේ උනත්
අන්තිමට හැමෝම හෙව්වේ,
වාරු නැති හිතක් ළග
පැය ගානක් කතා කරන
ඒ හැමදේම අහන් ඉන්න
වාරු දෙන්න පුළුවන් හිතක්
මිස... 💔
අයාලේ යන හැගීම් වලට
තෝතැන්නක් දෙන්න
ආපු හිතක් නෙවෙයි ......🙂🙂
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ | 1 304 |
| 15 | ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
වචන දාහක නොකිව්ව දේ සමහරුන්ගේ එක බැල්ලමකින් අත්දැක්කා....💝
දවසක එහෙම හිතක් මුන් ගැහුනම සෙල්ලක්කාර හිත් හේතු නැතිව හීලෑ උනා...🥺
උන් ආදරෙ කියන දේ පින් කාර හිත් තුලින් අත්දැක්කා.....🥺
එහෙවු හිත ළග ගොඩක් අසරණ උනා🥺
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ | 1 166 |
| 16 | ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
අයිති කරගන්න ත් බැරි
ළගට ගන්නත් බැරි උබේ ආදරෙ ළග මම හරි අසරණයි ..🥺
ළගින් යනකොට ඇස ගැටෙන ඒ රූපෙට මම හරි ලෝබයි ..🥺
වෙන කෙල්ලෝ ඔයා දිහා බලනකොට මට හරි ඉරිසියයි..🥺
හැබැයි මම දන්නවා ඔව් ඔයාට දැනෙනවා මම ආදරෙ කරනවා ඔයට..
ඉතින් ළමයෝ ... 🌈🌻
එක අහසක් යට
ආගන්තුකයි අපි
අයිති කරගන්න පින් නැති තරමට.....🥺💔
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ | 1 194 |
| 17 | ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
🥺එකම හිතක් මත්තෙ නැහෙනකොට දැනෙන දුක වැඩියි
මොකද පුංචිම හරි වෙනසක් දැනුනොත් ඒක මහ මෙරක් වගේ
විසඳගන්නකන් හිතට සැනසීමක් නෑ
ඇහෙන් කඳුලක් වැටෙන්න තරම් හේතු වෙන කෙනෙක් ඔයාගෙ හිතේ ඉන්නවනම් කවදාවත් එයාව දුකින් තියන්න එපා
ආදරෙන් බලාගන්න
මොකද
ඔයාටත් වඩා ඔයාට ආදරේ කරන ඒ වගේ කෙනෙක් ලැබෙන ජීවිතේ අන්තිම අවස්ථාව ඒක උනොත්
ඔයාට මතක් වෙන වාරයක් ගානෙ ලොකු දුකක් දැනෙයි
අහිමි උනේ ආදරෙන් පිරුණු හදවතක් කියල...🥺⭐️
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ | 1 267 |
| 18 | ගෑනු ආදරේ කරද්දි හරි ලෝභයි,
තමන්ගේ කියන පිරිමියාව
ලෝකෙටම බෙදලා දෙන්න ලෝභයි...
ආදරේ මහ පෙරේතකමකින්
ඒ පපුව අස්සේ තනිවෙන්න ආසයි.
පුංචි ඊර්ෂ්‍යාවකින් නෙවෙයි ඒ,
මුළු ආත්මයෙන්ම අයිති කරගන්න තියෙන
අහිංසකකම නිසයි...
හැමදේම ඉල්ලන්නේ නෑ උන්,
නළලත තියන එකම එක උණුසුම් හාදුවකින්,
පපුවට තද කරගන්න එකම එක වැළඳගැනීමකින්...
සංසාරෙම මහන්සිය නිවාගන්න
ඒ ගෑනුන්ට පුළුවන්!🎀🎀❤️
_kawee_💞 | 1 180 |
| 19 | නිසදැස් ලියලා කැමති අය එවන්න ⭐️මතක ඇතුව නමත් එක්කම එවන්න | 1 |
| 20 | මට දෙන්න ලෝභයි
ඒත් මොනා කරන්නද
අපි අපිට අයිති නැත්නම්
🎀 | 1 863 |
Contenido disponible para usuarios mayores de 18 años
Al iniciar sesión en el servicio, confirmas que tienes 18 años o más.
