cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

සංසාරෝගා මහබ්බයා

බුද්ධෝහං බෝධ ඉස්සාමි මුත්තෝහං මෝචයේ පරේ තිණ්ණෝහං තාර ඉස්සාමි සංසාරෝගා මහබ්බයා යනුවෙන් තමා බුදු බව ලබා සෙසු අයටද ධර්මාවබෝධය ලබා දෙමි.තමා දුකින් මිදී ලෝක සත්වයාද දුකින් අත මුදා ගන්නෙමි.සංසාරය නම් වූ භයංකාර මහා සයුරෙන් තමා එතෙර වී සෙසු අයද එතෙර කරවන්නෙමි

Mostrar más
Publicaciones publicitarias
194
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Photo unavailableShow in Telegram
මේක සරල වගේම සංකීර්ණ වදනක්🖤 කොල්ලෙක්ගෙ වටිනාකම මනින්නෙ උඹේ පෙනුමෙන්වත් ,උඹේ දැනුමෙන්වත් නෙමේ😌😁.කොල්ලෙක්ගෙ වටිනාකම මනින්නෙ උඹේ ගට් එකෙන්,උඹ කොච්චර පිලිවෙලකට ඉන්නවද කියන එකෙන්,උඹ කොච්චර සතුටෙන් ඉන්නවද කියන එකෙන්,උඹ උඹ ගැන හිතල කොච්ර වැඩ කරනවද කියන එකෙන්.😍🖤 ඉතින් උඹ උඹේ වටිනාකම අඩු කරගන්න මොහොතක් ගානෙ උඹට උඹවම නැති වෙලා යනව😌😏උඹේ ඇඟේ ගැහැණු ගති මතු වෙනව.ඒත් එක්කම උඹේ හිතේ උඹට ලැබෙන්න ඕන තැන උඹ වෙන කෙනෙක්ට නැත්නම් වෙන අයට ලබා දෙනව😌🖤ඒක හින්ද තමා උඹට ලැබෙන්න ඕන කෙල්ල වෙන එකෙක්ට ලැබිල තියෙන්නෙ,උඹට ලැබෙන්න ඕන ආදරහ ගව්රවය වෙන අයට ලැබිල තියෙන්නෙ😌🖤🙏
Mostrar todo...
"ඉතිං මම දෙකයිනේ පාඩම් කරන්න කීවේ." "මම පහක් පාඩම් කළා." මේන් මම මේකෙනුත් තුනක් පාඩම් කළා. ධම්මපදයෙන් දෙකකුත්, වරණැගිලි වලින් එකකුත් පාඩම් දෙන්න කී විට, වැඩිපුර පාඩම් දී, කරපු වීරකම ගැන අහිංසකව හිනා වෙලා කී අවුරුදු නවයේ පොඩිහාමුදුරුවෝ, අද අවුරුදු විසි හයක තරුණ රාජකීය පණ්ඩිත නායක ස්වාමීන්වහන්සේ නමකි. "ලොකුස්වාමින් වහන්ස, මගේ බඩ හොඳටම රිදෙනවා. හොඳටම අමාරුයි නේ. මොකද කරන්නේ." පසුගිය දිනකදී පොඩිහාමුදුරුවෝ කථා කර කීවේ ඉවසන්න බැරිම තැනදී ය. කළාතුරකින් කැස්සක් හෙම්බිරිස්සාවක් හැදුණොත් ඇරෙන්න ඉතා නිරෝගී පොඩිහාමුදුරුවෝ එහෙම කියන්නේ අමාරුම වුණොත් බව හොඳින්ම දන්නා අපි වහා ක්‍රියාත්මක වූයෙමු. කොළඹ රෝහලකට ඇතුළත් කළෙමි. විෂබීජයක් ශරීරගත වී අද පොඩිහාමුදුරුවෝ රෝහලේ ප්‍රතිකාර ලබයි. ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත සූරියවැව සුවිජාන අප ශිෂ්‍ය පණ්ඩිත ස්වාමීන්වහන්සේට, තුණුරුවන්ගේ සරණින් ඉක්මන් නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා !
Mostrar todo...
https://t.me/biyakarugroup01 මේ තියෙන්නෙ චැට් ගෲප් එක ඒකටත් සම්බන්ද වෙන්න🥰🙏
Mostrar todo...
චැනල් එකේ වීඩියෝ 200කට වැඩිය තියෙනව.ෆොටෝ එක්දාස් ගානක් තියේ.mp3 බණ ගොඩාක් තියේ..media එකට ගිහින් ඒව බලන්න🥰🌼🙏💛
Mostrar todo...
Mostrar todo...
ඉපදීම දුකක් නම් ඇයි බෞද්ධයො දරුවො හදන්නෙ? - Ven. Thapowanaye Rathana Thero

Amashanthi Thapownaya Youtube :-

https://www.youtube.com/channel/UCnRjougx501-eR6SEod8ZJA

Email :- [email protected] Facebook :-

https://www.facebook.com/minipuraamashanthithapowanaya

බුදු රජාණන් වහන්සේගේ පිය මහරජු වූ සුද්ධෝදන රජතුමාගේ සහෝදරයෙක් වූයේ අමිතෝදන ශාක්‍ය රජතුමායි. ඔහුගේ පුතාවන පණ්ඩු ශාක්‍ය රජුට දරුවන් සත් දෙනෙක් විය. ඔවුනගෙන් දුවණිය වූ භද්දකච්චානා කුමරිය ලංකාවට පැමිණියා ය. ඇය පණ්ඩුවාසදේව රජුගේ අගමෙහෙසිය වී පිරිමි දරුවන් දස දෙනෙක් සහ එක් දියණියක් වැදුවා ය. එම දියණිය උන්මාද චිත්‍රාවයි. දීඝගාමිණී කුමරු සහ උන්මාද චිත්‍රාගේ දරුවා පණ්ඩුකාභය ලෙස රජ විය. එම පණ්ඩුකාභය රජුගෙන් පසු ඔහු පුත් මුටසීව රජුත්, ඔහුගෙන් පසුව ඔහු පුත් දේවානම් පියතිස්ස රජුත් රජකමට පත් විය. ඒ දේවානම්පියතිස්ස රජු කළ අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළ සේක. සිංහල ජාතියට අතීතයේ පටන් ආවේණික උත්සව තිබුණි. සිංහල හින්දු අළුත් අවුරුද්ද ගණන් ගන්නේ ඉන්දියාවේ ශක රාජවංශිකයන්ගේ ශකරාජ ක්‍රමයෙන් වූවත් එය කාලිංගමාඝ ආක්‍රමණයෙන් ඇති වූවක් නොවේ. බුදු දහම ව්‍යාප්ත වූ සියළුම රටවල් වල ඒ ඒ ජාතීන්ට ආවේණිකව මෙම වසන්ත සමයේ නව අවුරුදු උත්සව පැවැත්වීම අනාදිමත් කාළයක සිට පැවත එන බව, ඒ ඒ රටවල ඉතිහාස අධ්‍යනයෙන් දැන ගත හැකි ය. ඒ සෑම රටක්ම කාළිංග මාඝ ආක්‍රමණය කළ රටවල් නොවේ. සම්බුද්ධත්වයෙන් පසුව බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුර නුවරට වැඩම කිරීමට ආරම්භ කළේ මැදින් පොහෝ දිනක ය. වෙසක් පොහෝ දින ගමනාන්තයට වැඩම කළහ. ඒ අතර මැද ඇති පොහොය බක් පොහෝ දිනයි. කාළුදායි මහරහතන් වහන්සේ ඉතා විචිත්‍රවත් ලෙස වර්ණනා කළේද මේ කාළසීමාවයි. අතීතයේ සිට මේ වසන්ත සමය උත්සව කාළයක් විය. එය කාළිංග මාඝ බලහත්කාරයෙන් ඇති කරන ලද්දක් නොවේ. ඔවුනගේ ආක්‍රමණයෙන් ඇති වූ බලපෑම් සමඟ හින්දු සම්බන්ධතා එක් වූවත්, ශකරාජ වර්ෂ ක්‍රමය අනුව ගණන් හැදුවත් සිංහල අවුරුද්ද සිංහලයින්ගේ ජනාවාස වීමත් සමඟම සෑම වසන්ත කාළයක් සමඟම පවතින ජාතික උත්සවය යි. එය වසන්තයේ සැණකෙළිය යි. බෞද්ධයින් නැකතට කටයුතු කිරීම බෞද්ධ විරෝධී යැයි ඇතමෙක් කිවුවත්, කිසිවෙක් තුණුරුවන් අතහැර නැකැත් සරණ යන්නේ නැත. නැකැත් බැලීම එක් විද්‍යාවකි. එය අසම්පූර්ණ නමුත් බොහෝ දෙනා ප්‍රයෝජන ගන්නා විද්‍යාවකි. මම සසර දුකින් එතෙරවීම පිණිස නව සඳ බැලීම, පරණ අවුරුද්ද සඳහා ස්නානය, අලූත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, හිස තෙල් ගෑම, රැකී රක්‍ෂා සඳහා පිටත්ව යෑම සරණ යමි කියා සරණ ගියොත් වැරදි ය. මේ සිදු වන්නේ එසේ සරණ යෑමක් නොවේ. එමනිසා මෙතරම් දීර්ඝ කාළයක් බුදු දහම සහ සිංහල ජාතිය අතර අන්‍යෝන්‍ය වශයෙන් බැදී පවතින සිංහල අළුත් අවුරුද්ද හෙළා දැක, තමන්ගේ ජනප්‍රිය වීම උදෙසා කථා මවන, ගිහි පැවිදි සාම්ප්‍රදායික විරෝධි මතධාරීගේ බොරුවලට රැවටී අවුරුද්ද වර්ජනය නොකළ යුතු ය. තම තමන්ගේ සංස්කෘති වල ජීවත් වන ඕනෑම වර්ගයක ජාතියක උපාදානයන් දුර්වල වී, සම්මා දිට්ඨියේ පිහිටවිය හැකි අවශ්ථාව එනතෙක් සිටිනා බුදු දහමේ කළ්‍යාණමිත්‍ර දෑත දිගු කරන ක්‍රමය, ජනප්‍රියත්වය උදෙසා බොරු කියන්නන්ට විනාශ කිරීමට ඉඩ නොදෙන්න. ඔබ සැමට සතුට සෞභාග්‍ය සැනසිල්ල සහිත ප්‍රීතිමත් සුභ අළුත් අවුරුද්දක් වේවා! තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ. මිණිපුර අමා ශාන්ති තපෝවනය පැල්වාඩිය - රත්නපුර.
Mostrar todo...
බෞද්ධයින් සිංහල අවුරුදු සැමරීමේ කිසිදු වරදක් නැහැ. බෞද්ධයින් සිංහල අළුත් අවුරුද්ද සැමරීම වැරදියි කියාත් එය මිථ්‍යා දෘෂ්ඨියක් කියාත්, සාම්ප්‍රදායික ජන සමාජය විවේචනය කිරීමෙන් ජනප්‍රියත්වය සොයන ගිහි පැවිදි කිහිප දෙනෙක් කියන බවත්, ඒ ගැන පැහැදිලි කරන ලෙසත් අපෙන් ඉල්ලා තිබිණි. එම නිසා මෙම ලිපිය ලියනු ලැබේ. බුදු රජාණන් වහන්සේ ලොව පහළ වූයේ චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය දේශනා කරන්නට ය. භාග්‍යවතුන් වහන්සේ එදා 119 ක් පමණ භාෂා කථා කළ විවිධ ජන වර්ග අතරින් සසුන්ගත වූ පැවිදි උතුමන්ටත්, ගිහි උපාසක උපාසිකාවන්ටත් අනුගමනය කරන්නට ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්ගය දේශනා කළ සේක. ඒ උතුම් මධ්‍යම ප්‍රතිපදාව පිළිපැද්ද ගිහි පැවිදි පිරිස සතර මග සතර ඵලයන්ට පත් වූහ. බුදු රජාණන් වහන්සේ කොයි මොහොතකවත් වප් මගුල් උත්සව, නව වර්ෂයක් පටන් ගැනීම, සහ විවිධ රාජ්‍යන්ගේ උත්සව, ආදී ඒ ඒ රාජ සම්මත, සමාජ සම්මත කුළසිරිත් ආදිය ප්‍රතික්ෂේප කළේ නැත. කුලසිරිත් ආරක්ෂා කළ යුතුය. බුදු දහම කිසිවිටෙකත් සමාජ සම්මත දේවලට පෙරළ පෙරළා පහර දෙන්නේ නැත. බුදු දහම අන්තවාදී නැත. විවිධ මති මතාන්තර අදහස් උදහස් ඇති අයගේ උපාදානයන් දුර්වල වූ පසු හෝ දුර්වල කරගෙන හෝ සත්‍ය අවබෝධ කරවනු ලබයි. පවතින සියළුම කාය කර්ම වචී කර්ම මනෝ කර්මයෝ කුසල් බවට පත් කරයි. විශාඛා මහෝපාසිකාව පවා එකළ සිරිත් විරිත් අනුව උත්සව උපෝසථාදිය අනුගමනය කළහ. සමාජයක පැවැත්මට ඇති කුලසිරිත් උත්සව ක්‍රීඩා ආදී සමාජ ක්‍රියාකාරීත්වයන් නවතා දමා බලහත්කාරයෙන් ධර්මාවබෝධය කරවිය නොහැක. බුදු රජාණන් වහන්සේ නොකළ ඒ දෙය වර්තමානයේදී බොහෝ දෙනා කරන්නට උත්සහ කරයි. ඉන් සිංහල ජාතිය සහ බුදු දහම අතර ඝට්ටනයක් නිර්මාණය කරන්නට උත්සහ කරයි. සිංහල ජාතිය පමණක් නොවේ. වෙනත් ඕනෑම ජාතියක් සතු නව අවුරුදු උදාවීම්, සහ ඔවුනගේ ජාතික උත්සව ක්‍රීඩා ආදිය සමඟ, ඒ රටවලවලදී බුදු දහමේ ගැටීමක් නැත. ලංකාවේද මෙතෙක් පැවති තත්වය එය වූවත්, මෑතක සිට සිංහල අවුරුද්ද කාළිංග මාඝගෙන් පැමිණීමක් ලෙස හුවා දක්වා එයට විරුද්ධ වන ලෙස සිංහල ජනතාව පොළඹවමින් සිටී. මේ නොබෙදී එකට බැදී තිබෙන ජාතිය සහ බුදු දහම බෙදා වෙන් කිරීමකි. එය දුර දිග නොහිතා කරන මහා මෝඩ වැඩකි. අපරාධයකි. සියළුම සිංහලයින් අළුත් අවුරුදු ක්‍රීඩාදිය නොකර, තරහා අමනාපකම් අත් හැර නෑගම් නොයා, නිවාස ආදිය පිළිසකර නොකර, වෙසක් පෝයට සිල් සමාදන් වන්නට පමණක් කැමති වන්නේ නැත. එය කළ නොහැක්කකි. සිදු වන්නේ එයට කැමති වන පිරිස තමන්ගේ ගොඩට එකතු කරගෙන ගොඩ තර කර ගැනීමක් පමණී. විය යුත්තේ සමාජයේ උත්සව ආදී, සමාජ යහපතට ඇති ක්‍රියාකාරකම් වෙනස් කිරීමට උත්සහ කිරීම නොවේ. උපාදාන දුර්වල වන තැන ධර්මාවබෝධයට මඟපෙන්වීමයි. ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්ගයම පිළිපදින්නට මගපෙන්වීමයි. ජනප්‍රියත්වය උදෙසා සහ තම හොඩ තර කර ගැනීමට සමාජ ක්‍රියාකාරකම් වලට පහරදීම නොවේ. බෞද්ධයාගේ අවසාන බලාපොරොත්තුව නිවන වූවත් ඉන් මෙහා ඇති සමාජ ක්‍රියාකාරකම් නිවන් දැකීමට අවශ්ථාව සළසාළන ප්‍රභල අවශ්ථා ද වේ. ජීවිතයම පින්කමක් කර ගත හැකිය. බෞද්ධයින් අතරේ සිවුවනක් පිරිසේ උපාසක උපාසිකාවන් ගිහි පාර්ශවය නියෝජනය කරයි. අෂ්ඨාර්‍ය්‍ය පුද්ගල උතුමන් නියෝජනය කරන සංඝරත්නයට විනය නීති පැන වූවාට, භග්‍යවතුන් වහන්සේ විසින් ගිහි පින්වතුනට එවැනි විනය නීති පැනවීමක් කළේ නැත. ඔවුනගේ නුවණ මුහුකුරා ගොස් කැමතිනම් විනය නීති ඇති පැවිදි ජීවිතයට ඇතුළත් විය හැකිය. එතෙක් උපාසක උපාසිකාවන් ලෙස නොකළ යුතු දේවල් නොකර කළයුතු දේවල් කර ගත යුතුය. බුදු දම කිසි විටෙකත් සමාජ පැවැත්මට සහ එහි විවිධත්වයට ඇති දේවල් ප්‍රතික්ෂේප කරන්නේද නැත. විවිධ ජාතීන්ට ජනවර්ගවලට අයත් පුද්ගලයින් සසුන් ගත වූ පසුව, එම භික්ෂු භික්ෂුණීන්ට රකින්නට වෙනම හික්මීමේ ශික්ෂා පද තිබුණාට, ඒවා එම ජන වර්ග වලට ජාතීන්ට ඔවුන් නියෝජනය කරන සංස්කෘතීන් වලට පනවා නැත. නමුත් පිළිපැදිය යුත්තේ ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්ගය යි. ශාක්‍යන්ගෙන් පැවත එන සිංහල ජාතිය සහ බුදු දහම ඉන්දියාවෙන් ආ රාජ්‍ය පෙළපතේ පළමුවැන්නා වන විජය කුමරුට පඬි රජුගේ දියණියට දාව දරුවන් ලැබුණේ නැත. විජය කුමරුට කුවේණිට දාව ලැබුණ දරුවන් දෙදෙනාගෙන් වැදි පරම්පරාව ආරම්භ විය. විජය රජුගෙන් පසුව ලංකාවේ රජකමට රාජකීයයෙක් නොමැති නිසා, විජය රජුගේ ඉල්ලීමෙන් සිංහපුරයෙන් ආ පඬුවස්දෙවු කුමරු ලංකාවේ රජ විය. ඔහු රාජකීය අගමෙහෙසියක් නොමැතිව අභිෂේක කරන්නට අකමැති විය.
Mostrar todo...
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.