es
Feedback
Learn Bits

Learn Bits

Ir al canal en Telegram

Psychology 🧘‍♂ | Relationship 👩‍❤️‍👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo

Mostrar más
1 305
Suscriptores
Sin datos24 horas
-97 días
-4230 días
Archivo de publicaciones
ඔයාට අවශ්‍ය කරන ජීවිතය ලබා ගැනීම සඳහා , දැන් ඔයා කාලය වෙන් නොකළහොත්... අනාගතයේදී , ඔයාට අවශ්‍ය නැති ජීවිතයක් වෙනුවෙන් විශාල කාලයක් වැය කිරීමට සිදු වෙනු ඇත. - Kevin Ngo #Saying

අපි වෙන අයව , අපිට කැමති කරවගන්නෙ කොහොමද? වෙන අයගෙ හිතේ අපි ගැන පැහැදීමක් ඇති කරන්න , තියෙන හොඳම ක්‍රමයක් තමයි "දර්පණ ක්‍රමවේදය". ඒ කියන්නෙ , ඒ පුද්ගලයගෙ හැසිරීම් රටාවට අනුවම , අපිත් අපේ හැසිරීම් රටාව වෙනස් කරගන්න එකටයි. උදාහරණ විදිහට මේ දේවල් සලකන්න. යමෙක් විහිළු කරනව නම් , ආපහු එයාටත් විහිළු කරන්න ඕනෙ. යමෙක් දුකෙන් නං , විහිළු කරන එක නවත්තල සහයෝගීව කතාබහ කරන්න ඕනෙ. ඒ වගේම යමෙක් ඔහුට/ඇයට ඉතාමත් වැදගත් දෙයක් හෝ ප්‍රවෘත්තියක් බෙදාගන්න හදිසියෙන් ඉන්නව නං , වහාම අපි සවන් දෙන්නෙක් වෙන්න ඕනෙ. ඒත් සමගම සැලකිය යුතු දෙයක් තමයි , ඔහු/ඇය ඔයා එක්ක කතාබහ කරන්න මැලිකමක් දක්වනව නම් හෝ , දුරකථනය දිහා බලන් ඕනෙවට එපාවට කතා කරනව නම් , ඒකෙන් කියවෙන්නෙ ඔහුට/ඇයට ඔයා එක්ක කතාකරන්න අවශ්‍යතාවක් නැති බවයි. ඒ වෙලාවට ආයෙ ආයෙ කතා කරන්න ගියාම තමා ඔයත් "මල ඇණයක්" වෙන්නෙ. #Psycho_Facts

ඔයාගෙ ලේඛන විලාසය වැඩිදියුණු කරගන්න මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. 1. සෘජු ලේඛන විලාසයක් පවත්වගන්න සෘජු ලේඛන විලාසයක් කියන්නෙ
ඔයාගෙ ලේඛන විලාසය වැඩිදියුණු කරගන්න මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. 1. සෘජු ලේඛන විලාසයක් පවත්වගන්න සෘජු ලේඛන විලාසයක් කියන්නෙ සංක්ෂිප්ත බව සහ පැහැදිලි බවටයි. එකම දේ ආයෙ ආයෙ නොලිවීමත් , ලිවීමට අවශ්‍ය දේ නිරවුල්ව ඉදිරිපත් කිරීමත් මෙතනදි සැලකෙනව. 2. වචන භාවිතයේදී ප්‍රවේසම් වෙන්න හැමතිස්සෙම සරල වචන භාවිත කරන්න උත්සාහ කරන්න. එතකොට පාඨකයන්ට ඔයා ලියන / අදහස් කරන දේ තේරුම් ගන්න ලේසි වෙනව. 3. කෙටි වාක්‍ය ලියන්න පුරුදු වෙන්න වාක්‍ය දිගු වෙන තරමට , පාඨකයන්ට ඒ වාක්‍යය එක්ක තියෙන බැඳීම අඩු වෙනව. ඕනෙවට වඩා විශාල වාක්‍යය නිර්මාණය කරන්න එපා. (අදහස් කීපයක් එකම වාක්‍යයකට අන්තර්ගත කළ වාක්‍ය) 4. කෙටි ඡේද ඉදිරිපත් කරන්න ඔයා ලියන දේ , හැමතිස්සෙම කෙටි සහ මනා කලමණාකරනයකින් යුතුව ඡේද වලට වෙන් කරගෙන ලියන්න. ඡේද හැම එකක්ම , එකකට එකක් ගැලපෙන විදිහට ලියන්නත් වග බලාගන්න. (කලින් ඡේදයෙන් අදහස් කළ දෙයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ දෙයක් , ඊළඟ ඡේදයේ ආරම්භයට ලියන්න) #Writer

GIT Exam එක සඳහා වැදගත් වන pdf කීපයක් group එකට එකතු කරල තියෙනව. අවශ්‍ය කෙනෙක් ඉන්නව නං අරගන්න. (Saved msg වලට ෆෝවඩ් කරගන්න. හොයාගන්න පහසුයි එතකොට) Link : https://t.me/LearnBits_D/578 #Education #LearnBits

A couch potato තේරුම : යම් කිසි පුද්ගලයෙක් , ඉතාම අලසකමින් ජීවත් වෙනව නම් , ඒ පුද්ගලයව හඳුන්වන්න මේ යෙදුම භාවිත කරන්න පුලුවන්. Example : Since he lost his job, Mahinda has become a couch potato. #English

New hashtag - #Writer රචකයන්ට සහ ලේඛකයන්ට වැදගත් වන විවිධ tips , උපදෙස් සහ ඒ සම්බන්ධ post පළ කිරීමට මෙම ටැග් එක භාවිත කරනු ඇත
New hashtag - #Writer රචකයන්ට සහ ලේඛකයන්ට වැදගත් වන විවිධ tips , උපදෙස් සහ ඒ සම්බන්ධ post පළ කිරීමට මෙම ටැග් එක භාවිත කරනු ඇත. Blog Post | All Tags | LearnBits

දකුණු කොරියාවෙ වයස අවු. 19ත් - 39ත් අතර සමස්ථ කාන්තා ප්‍රජාවෙන් තුනෙන් එකකට (⅓) ආසන්න ප්‍රමාණයක් , ඔවුන්ගේ ජීවිත කාලය තුළ එකද
දකුණු කොරියාවෙ වයස අවු. 19ත් - 39ත් අතර සමස්ථ කාන්තා ප්‍රජාවෙන් තුනෙන් එකකට () ආසන්න ප්‍රමාණයක් , ඔවුන්ගේ ජීවිත කාලය තුළ එකදු හෝ ප්ලාස්ටික් සැත්කමකට භාජනය වෙනව. #Facts

ඒකෙ සයිස් එක වැදගත්ද...? යම්කිසි රූපයක් මතක තියාගන්න , ඒ රූපයේ ප්‍රමාණය බලපාන බව මෑතකදී විද්‍යාඥයන් විසින් පර්යේශණ මාර්ගයෙන්
ඒකෙ සයිස් එක වැදගත්ද...? යම්කිසි රූපයක් මතක තියාගන්න , ඒ රූපයේ ප්‍රමාණය බලපාන බව මෑතකදී විද්‍යාඥයන් විසින් පර්යේශණ මාර්ගයෙන් පෙන්වල දීල තියෙනව. මිනිසුන් පිරිසක් යොදාගෙන කරපු මේ පර්යේෂණයේ , හැමකෙනෙක්ටම විවිධ පින්තූර නිදහසේ දකින්න සලස්වල තියෙනව. ඒ එයාලට , ඒ පින්තූර මතක තියාගන්න කියල කියන්නැතුව. පර්යේෂණය අවසානයේ , ඒ සහභාගි උන මිනිසුන්ට , කුඩා පින්තූර වලට වඩා විශාල පින්තූර වඩාත් හොඳින් මතකයේ රැඳිල තියෙන බව සනාථ වෙලා තියෙනව. ඒකට හේතුව , විශාල රූප සඳහා වැඩි දෘශ්‍ය සැපයුම් සම්පත් අවශ්‍ය වීමත් , ඒ නිසා ඒ පින්තූර වඩාත් හොඳින් සවිස්තරාත්මකව මතකයේ ලියාපදිංචි වීම බවත් , මේ විද්‍යාඥයන් පවසනවා. #Knowledge

සමාජ උගුලට අහු වෙන්න එපා... සමාජයෙන් ඇති වන බලපෑම් නිසා අපි ගොඩක් දෙනෙක්ගෙ මනසේ තියෙන්නෙ මේ වගේ දේවල් සහ පණිවිඩ 🪵 සෘණාත්මක පුවත් 🪵 ක්‍රීඩා තරඟ සහ විනෝදය 🪵 ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ගොසිප් 🪵 සමාජ මාධ්‍යය 🪵 නොවෙනස්වන සුලු මානසික මට්ටම් 🪵 සැපපහසුව ඒත් මේ හැමදේම සමාජයෙන් අපේ ඔලුවට දාන උගුල් බව ඔයා තේරුම් අරන්ද ඉන්නෙ? අපි ඇත්තටම අපේ මනසට දාගන්න ඕනෙ සහ සිදු කරන්න ඕනෙ, 🌱 හැකියාවන් සහ විනෝදාංශ ඇති කරගැනීම 🌱 දැනුම නිරන්තරයෙන් ලබාගැනීම 🌱 වර්ධනය වන සුලු මානසික මට්ටමක් ඇති කරගැනීම 🌱 දිගු කාලීන සතුට වෙනුවෙන් කැපවීම 🌱 ගණුදෙනු කිරීමේ හැකියාවන් ප්‍රගුණ කිරීම සමාජ උගුලේ ගොදුරක් වෙන්න එපා. සමාජයෙන් අපිට ධනාත්මක දෙයක් ලබාදෙනව නං ඒ ඉතාමත් කලාතුරකින්. බුද්ධිමත්ව කටයුතු කරන්න... #Life_Tips

Telegra.ph බොට් හරහා log වීම සහ telegraph එකක් හදන හැටි සරලව. (පළවෙනි animated vid එක නිසා colouring , sizing වල ප්‍රශ්න ඇති.) #Telegraph #LearnBits

මිනිසා විසින් නිර්මාණය කරපු ආදිතම දෙමුහුන් සත්වයන් කවුද? කැණීම් වලට අනුව දැනට හමුවෙන පැරණිම දෙමුහුන් සත්ව කොට්ඨාසය වාර්තා වෙන
මිනිසා විසින් නිර්මාණය කරපු ආදිතම දෙමුහුන් සත්වයන් කවුද? කැණීම් වලට අනුව දැනට හමුවෙන පැරණිම දෙමුහුන් සත්ව කොට්ඨාසය වාර්තා වෙන්නෙ මෙසපොතේනියානු රාජ්‍ය සමයෙනුයි. ඒ , රාජ්‍ය ත්‍රාන්තික කටයුතු , උත්සව සහ යුධ කටයුතු වෙනුවෙන් නිර්මාණය කරපු "කුන්ගා/කුංගා" (Kunga) නම් දෙමුහුම් සත්වයයි. කුංගා කියන්නෙ , ගැහැණු ගෘහස්ථ බූරුවන් සහ , සිරියානු වල් බූරුවන් අතර මුහුමකින් ජනිත උන සතුන් කණ්ඩායමක්. කොහොම උනත් මේ කුංගාව නිරවද්‍යව වර්ගීකරණය කරන්න තවමත් හැකිවෙලා නෑ. 2000 වසරේ මුල් භාගයේදි විතර , ක්‍රි.පූ. 2600 දී පමණ නිර්මාණය උන රාජකීය සුසාන සංකීර්ණයකින් තමයි මේ "කුංගා" කියල හැඳින්වෙන සත්ව කොට්ඨාසයේ ඇටසැකිලි දුසිමක් විතර හමුවෙලා තියෙන්නෙ. දැනට දන්නා කිසිම අශ්ව විශේෂයක භෞතික ලක්ශණ නොමැති වීමත් , පැහැදිලිවම සත්ව උප විශේෂ දෙකක දේහ පිහිටීම් පෙනෙන නිසාත් තමයි මේ ඇටසැකිලි "කුංගා" සත්වයාගෙ බව නිගමනය කරල තියෙන්නෙ. කොහොම උනත් , කුංගා ගැන වාර්තා වෙන අතීත ලේඛන වල අවසන් අර්ධයන් විනාශ වෙලා තියෙන්නෙ දැනටමත්. ඒ නිසා කුංගා හැදුන විදිහක් ගැන අපට හොයාගන්න පුලුවන් වෙන එකක් නෑ. #Knowledge #History

ගිජුලිහිණියන්ගේ සිරුර වියෝජක බැක්ටීරියාවන්ගෙන් ආරක්ශා කරන ප්‍රතිශක්තිකරණ යාන්ත්‍රනයක් ඔවුන්ගේ සිරුරේ තියෙනවා. ඒ නිසා අතිශය දිරාපත් උන මාංශමය ආහාරයක් උනත් , එයාලට කිසිදු ගැටලුවකින් තොරව අනුභව කරන්න පුලුවන්. #Knowledge #Social_Mid

තනිකම මකනා ලෙන්ගතු කමක හිත නිවනා අසපුවක දැහැන් ගතව ගැළපූ කවියක වචන අමුණා කියවන්නට එන්න මේ අපූරු නවාතැනට මේ ඔබටම වෙන්වුණු වේදීකාවයි..    ❤️:Don't Copy Secret Society:☘️         🌻 වදන්                   🌻 නිසදැස්                    🌻කෙටි කතා           🌻නව කතා           🌻 මෝටිවේෂන්           🌻 ෆැක්ට්ස් 🌻 ස්ටේටස් වීඩියෝ      Telegram👇 https://t.me/secretbest

Get new plp files for free - https://t.me/LearnBitsF/211

ලෝකයේ ගොඩක් මිනිසුන් නින්දට යාමට කලින් , තමන්ට සිදු වීමට අවශ්‍ය දේවල් ගැන සිහින මවනව/දකිනව. මේ දකින හීනෙ ඉන්නයි ආසා.. පුද්ගලයාගෙන් පුද්ගලයාට කාලීනව වෙනස් වෙනව. ප්‍රසිද්ධම උදාහරණයක් විදිහට , ගොඩක් ඇක්ශන් ෆිල්ම් බලන කෙනෙක් මේ වගේ වෙලාවට දකින්නෙ , එයා තනියම හෙන ආමි එකකට පහර දෙනව වගේ හීන. ඔයාටත් අත්දැකීම් ඇති මේ වගේ සිහින මැවීම් ගැන. දිගටම හීන මවන්න... ඒක හැබෑකරගන්න උත්සාහ කරන්න... (වැඩිපුර කාටුන් බලන අය නං දකින්නෙ මේ ආත්මෙදි හැබෑ කරගන්න පුලුවන් ඒව නෙවෙයි... ඒව පස්සෙ එච්චර දුවන්න එපා...) #Facts

අපි හැමදේම දැනගෙන ඉන්න ඕනෙද? හැමදේ ගැනම දැනගන්න ඕනෙද?
Anonymous voting

මේ දසුනෙන් පේන්නෙ NGC 6090 ලෙස හඳුන්වන , එකිනෙක මධ්‍යයෙන් අතිච්ඡාදනය වන සර්පිලාකාර මණ්දාකිනි යුගලක් සහ , එම මණ්දාකිනි දෙකෙහි
මේ දසුනෙන් පේන්නෙ NGC 6090 ලෙස හඳුන්වන , එකිනෙක මධ්‍යයෙන් අතිච්ඡාදනය වන සර්පිලාකාර මණ්දාකිනි යුගලක් සහ , එම මණ්දාකිනි දෙකෙහි ගුරුත්වාකර්ෂණ අන්තර්ක්‍රියාවන් නිසා එකිනෙකින් ඉරා දැමුණු ද්‍රව්‍ය වලින් හැදුනු දිගු වලිග දෙකයි. මේ මණ්දාකිනි දෙකේ දෘශ්‍ය හරයන් එකිනෙකට , ආලෝක වර්ශ 10,000ක් පමණ දුරිනුයි පිහිටල තියෙන්නෙ. ඒ වගේම පෘථිවියේ ඉඳන් ආලෝක වර්ශ මිලියන 400ක් දුරින් පිහිටල තියෙන්නෙ. Image credits : NASA, ESA, the Hubble Heritage (STScI/AURA)-ESA/Hubble Collaboration, A. Evans (University of Virginia, Charlottesville/NRAO/Stony Brook University), and G. Ostlin (Stockholm University) #Astronomy

මානව මොළය 75%ක් පමණම ජලයෙන් හැදිල තියෙන්නෙ. ඒ වගේම අපේ ශරීරයේ සිදුවන කුඩා හෝ විජලනය තත්වයක් ඇති උනොත් ඒක මොළයට ඉතාම අහිතකර විදිහට බලපාන්න පුලුවන්. වෛද්‍යවරුන් කියන විදිහට ශරීරයේ 2%ක පමණ සුලු විජලනතාවක් ඇති වීමෙන් , මතකය , අවධානය ආදී මොළයේ මැදිහත් වීමෙන් වන ක්‍රියා කිහිපයකටම සෘණාත්මක බලපෑමක් ඇති වෙනව. ඒ නිසා හැකි තරම් නිතරම වතුර බොන්න. විශේෂයෙන්ම මේ වගේ උණුසුම් කාලවල , අපේ දේහයට ඇතිවෙන අපහසුකාරී ගතියටත් , විජලන තත්වයන් හේතු වෙනව. ඒ නිසා හැමනිතරම වතුර පානය කරන්න. (සිසිල් බීම පානය කරන්න එපා...!) #Knowledge

සතුට කියන්නෙ කෘතඥය වීමට ඇති හැකියාවටයි... ඔයා අද උදේ ඇහැරෙනකොට සමහරවිට හිතෙන්න ඇති , මේක නං මොන මල වදයක්ද කියල. ජීවිතේ කිසිම
සතුට කියන්නෙ කෘතඥය වීමට ඇති හැකියාවටයි... ඔයා අද උදේ ඇහැරෙනකොට සමහරවිට හිතෙන්න ඇති , මේක නං මොන මල වදයක්ද කියල. ජීවිතේ කිසිම සතුටක් නෑ කියල. ඒත් ඔයා ඊයෙ රෑ නිදාගන්න යනකොට , ඔයාට නිදාගන්න හොඳ ඇඳක් තිබිලත් , උණුසුම වැඩි නං කූල් එකේ ඉන්න ෆෑන් එකක් දාල තිබිලත් , ඔයාට නිදාගන්න කලින් හිතුනද ජීවිතේ කිසිම සතුටක් නෑ කියල? සතුට කියන්නෙ තෝරාගත යුතූ දෙයක්. නැතුව ඉබේ පහළ වෙන හෝ ලැබෙන්න ඕනෙ දෙයක් නෙවෙයි. ඔයාට ඊයෙ රෑ හිතුන නං ජීවිතේ සතුටක් නෑ කියල , අද උදේ කොහොමත් ඔයාට සතුටක් දැනෙන්න විදිහක් නෑ. ඒ වගේම හෙට ඔයාට අලුත්ම ෆෝන් එකක් හම්බුනත් , ඒකෙන් ඔයාට තාවකාලික සතුටක් ලැබුනත් , ආපහු සති දෙක තුනකින් ඔයාට හිතෙන්න පටන් ගනී 'ජීවිතේ කිසි සතුටක් නෑ' කියල. සතුට කියන්නෙ නිතරම වර්තමානයට. සතුටට අනාගතයක් නෑ. හෝ අතීතයක් නෑ. අපිට කියන්න බෑ හෙට අහවල් වෙලාවට මම සතුටු වෙනව , ඊයෙ මම සතුටු උනා කියල. ඔයා සතුටු වෙන්න ඕනෙ "දැනුයි." ඔයාට තියෙන දේ ගැන හිතන්න. ඔයාගෙ ආදරණීයන් ගැන හිතන්න. හිතල සතුටු වෙන්න. සතුට තෝරගන්න. හැමදේකටම කෘතවේදී වෙන්න. #Psycho_Facts

ලෝකය පුරා සිටින මිනිසුන් , තම ජීවිත කාලය තුළ එකඳු සිහිනයක් හෝ දැකල තියෙනව. ඒ අතරින් , පොදුවෙ ගොඩක් මිනිසුන් දැකපු හීන විදිහට
ලෝකය පුරා සිටින මිනිසුන් , තම ජීවිත කාලය තුළ එකඳු සිහිනයක් හෝ දැකල තියෙනව. ඒ අතරින් , පොදුවෙ ගොඩක් මිනිසුන් දැකපු හීන විදිහට මේ හීන පහ දක්වන්න පුලුවන්. 1. උසක සිට බිමට වැටීම 2. තමන්ව කෙනෙක් ලුහුබැඳීම 3. ශරීරය සෙලවීමට නොහැකි ලෙස අඩපණ වීම. 4. ප්‍රමාද වී තැනකට යාම. 5. සමීපතයෙකුගේ මරණය. ඒ වගේම ශ්‍රී ලංකාවට විතරක් බලපාන භාරහාර ඔප්පු නොකිරීමේ පැක් එකට අනුව පහත හීන කීපයත් ගන්න පුලුවන්. 1. සුදු නයෙක් පෙනීම 2. අලියෙක් තමන්ව පෑගීම. 3. ඇඟ දිගේ කලු කුහුඹුවන් ගමන් කරනවා දැකීම. #Facts