Learn Bits
Ir al canal en Telegram
Psychology 🧘♂ | Relationship 👩❤️👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo
Mostrar más1 305
Suscriptores
Sin datos24 horas
-97 días
-4230 días
Archivo de publicaciones
1 305
ඊතල වල ඇයි පිහාටු සවිකරන්නෙ?
ඊතල වල පිටුපස පිහාටු සවි කරන්නේ , ඊතලයට ස්ථාවරභාවයක් ලබා දෙන්න. ඒ කියන්නෙ , ඊතලය විදින දිශාවටම ඊතලය ගමන් කරවන්න අවශ්‍ය වන ස්ථායිකරණය ලබා දෙන්න.
දිගු දුර ඉලක්ක වලට විදිනකොට මේ පිහාටු අත්‍යවශ්‍යයි. ඊතලයේ ගමන් මග වඩාත් නිරවද්‍ය කිරීමට මේ පිහාටු උපකාරි වෙනවා.
#Knowledge ♡ @LearnBits
1 305
අහම්බෙන් දවසක අපිට හම්බුනු කෙනෙක් , මාස කීපෙකින් අපේ ජීවිතේම කොටසක් වෙන එක හරිම අමුතුයි නේද?
ඒ පුද්ගලයා නොමැති ජීවිතයක් ගැන හිතාගන්නවත් බැරි තරමට ඒ ආගන්තුකයා අපේ ජීවිතේට ළං වෙන හැටි පුදුමයි නේද?
අපි නොහිතන වෙලාවක , දෛවය විසින් අපිට ගැලපෙනම කෙනා මුනගස්සනවා.....
ඒක හරි සුන්දරයි නේද?
#Night_Thoughts ♡ @LearnBits
1 305
ඇයි වැඩ කරන්නැති රිමෝට් එකකට දෙතුන් පාරක් හයියෙන් ගැහුවම ඒක වැඩ කරන්න ගන්නෙ?
සාමාන්‍යෙන් මේ රිමෝට් එකක බැටරියක් මාස කීපයක් හෝ ඇතැම් විට අවුරුදු දෙක තුනක් පවා මාරු නොකර තියනව අපි. දීර්ඝ කාලයක් මෙහෙම තියෙනකොට බැටරිවල පෘෂ්ඨයේ ඔක්සිකරණ ක්‍රියාවක් මගින් ඔක්සයිඩ් පටලයක් බැඳෙනවා.
මේ ඔක්සයිඩ් පටලයේ ප්‍රතිරෝධය ගොඩක් වැඩී. ඉතින් බැටරිය ස්පර්ශ වන තැන්වල ඇතිවෙන මේ ඔක්සයිඩ් පටලට නිසා විද්‍යුත් ධාරාව ගලාගෙන යෑමට බාධා වෙනවා.
අපි හයියෙන් රිමෝට් එකට ගැහුවම වෙන්නේ , ඒ ගැස්මට රිමෝට් එකේ බැටරි පොඩ්ඩක් හෙල්ලිලා , නැවත සකස් වෙලා විද්‍යුත් ධාරාව ගලාගෙන යන්න අවස්ථාවක් සැලසෙන එක. ඒ වගේම , බැටරිය හෙල්ලෙන නිසා අර ඔක්සයිඩ් පටලයත් සීරීමට ලක් වෙනවා. ඒකෙන් ධාරාවට තිබ්බ ප්‍රතිරෝධය අඩු වෙලා , රිමෝට් එක ආපහු වැඩ කරන්න ගන්නව.
ඉතින් වෙන අභ්‍යන්තර ගැටලුවක් නැති රිමෝට් එකක් වැඩ කරන්නැතුව ගියාම , පවුලෙ හැමෝම එකතු වෙලා මුලු ධෛර්‍යය දාල රිමෝට් එකට තඩිබාන්නැතුව බැටරි දෙක පොඩ්ඩක් හොලවල , කරකවල හෝ ගලවල ආපහු දාල බලන්න.
#Knowledge ♡ @LearnBits
1 305
මේ තියෙන්නෙ සුදු පාට දේදුන්නක්. වැස්ස නොමැති නමුත් මීදුම පැතිරුනු වෙලාවට තමා මේ වගේ දේදුන්නක් ඇති වෙන්නෙ.
#Knowledge ♡ @LearnBits
1 305
චුටි කාලේ ඉදලා බලන් ඉන්නේ අාතල් පොස්ටි බලන්න😂🌔🔅
එක් වෙන්න අපේ නිවහනට සුපිරිම අාතල් ටිකක් මෙතන දෙන්නේ😂😂
බුකියේ අාතල් පොස්ටි ඉලලා හිනාව තද වෙලා මැරැනොත් වග කියනු නොලැබෙි😂
🔔 🔔📛
අපි තමයි හොදට ම කලේ!
අා කමක් නැ😶😂
1 305
Argyroxiphium
Silversword හෝ greensword කියල හඳුන්වන මේ මල ඉවසීමේ පුෂ්පය හැටියටත් හඳුන්වනවා. ඒකට හේතුව සමහර වෙලාවට මේ මලක් පිපෙන්න අවුරුදු 7ක් වගේ දීර්ඝ කාලයක් ගත වීමයි. පිපෙන්න එච්චර කල් ගත්තත් , දවස් හතක් වගේ කෙටි කාලයක් ඇතුලත මේ මල පරවෙලා යනවා.
#Knowledge ♡ @LearnBits
1 305
ධනාත්මක තත්වයකට මොළය යොමු කරන්නේ කොහොමද?
අපි හැමෝම පුරුදු වෙලා ඉන්නෙ , සෘණාත්මක සිතුවිලි ඇති කරගන්න. මේක සාමාන්‍ය මිනිස් ස්වභාවය. මේකට කියන්නෙ සෘණාත්මක නැඹුරුතාව කියල.
සෘණාත්මක නැඹුරුව කියන්නෙ , මානව මනෝභාවයේ පවතින , පැවැත්ම සඳහා වැදගත් අනුවර්තන ලක්ශණයක්. කොහොම උනත් වර්තමානයේ නං සෘණාත්මක නැඹුරුව අපිට ගොඩක් අහිතකර තත්වයකට උත්සන්න වෙලා තියෙනවා.
කොහොම උනත් අපේ මොළය , සිතුවිලි සම්බන්ධව ගොඩක් නම්‍යශීලී යි. ඉතින් අපිට පුලුවන් මේ සෘණාත්මක නැඹුරුව , අපිට අවශ්‍ය විදිහට නැවත වින්‍යාසගත කරගන්න.
ඒකට සරල නමුත් බලපෑමක් ඇති කල හැකි ක්‍රියාමාර්ගයක් තියෙනවා.
🃏 මුලින්ම ඔයාට බය , කාංසාව , සැකය අනියත බිය වගේ සෘණාත්මක සිතුවිලි ඇතිවන මොහොතකදි ඒ බව හඳුන ගන්න.
🃏 දැන් ඔයා ක්ශණිකව ප්‍රසන්න මතකයන් වෙතට මනස යොමු කරන්න.
🃏 ටිකක් වෙලා ඒ සිතුවිලි වල සැරිසරන්න. නැවතත් පැරණි සෘණාත්මක සිතුවිලි සිහි කිරීමෙන් වැළකී සිටින්න.
මේ ක්‍රමයෙන් අපිට පුලුවන් වෙනවා තාවකාලිකව සෘණාත්මක සිතුවිලි වලින් ඈත් වෙන්න.
#Psycho_Facts ♡ @LearnBits
1 305
සාර්ථක වෙන්න අමාරුයි. ඇත්තටම ඒක අමාරුයි. ඒක අමාරු විය යුතුයි. ඒක ලේසි උනොත් හැමෝටම සාර්ථක වෙන්න පුලුවන් වෙනවා. ඒක අමාරු නිසා තමයි සාර්ථකත්වය කියන දේට එච්චර ඉහළ වටිනාකමක් තියෙන්නෙ.
#Morning_Thoughts ♡ @LearnBits
1 305
4/4 , 6/6 , 10/10 , 12/12 කියන දිනයන් , එක අවුරුද්දක් තුල , එකම දවසකට වැටී ඇති බව ඔබ දන්නවාද?
උදා :- 2022 වසරේ මෙම දිනයන් ඔක්කොම සඳුදා දවස්
2021 වසරේ මෙම දිනයන් ඔක්කොම ඉරිදා දවස්
#Facts ♡ @LearnBits
1 305
ඔයාලට A/L , O/L වගේ විභාග කරන්න උදව් වෙන Study Tips , Tricks ටිකක් එක දිගට කියවලා යාලුවොන්ටත් ශෙයා කරන්න අමතක කරන්න එපා😊👇🍃
තව මේ වගෙ ටිප්ස් ඕනි නම් අපෙ @littlesecretsl චැනල් එකේ සර්ච් කරන්න ඔයාලට ඕනි දේවල් ගොඩක් දේවල් හම්බෙයි ඉගෙන ගන්න උදව් වෙන♥😊.
1 305
ඔයා ආදරය කරන කෙනෙක් ළඟින් නිදාගන්නකොට ඔයාගෙ මානසික ආතතිය නිකංම අඩු වෙනවා. ඒ වගේම ඔයාගේ ජීවිත කාලය දීර්ඝ වෙනව සහ ඉක්මනින් නින්දට වැටීමට උපකාරි වෙනවා.
#Facts ♡ @LearnBits
1 305
සුප්‍රකට Iron man කතාවේ , රොබෝ සූට් එකේ හිටපු J.A.R.V.I.S. ව මතකද?
JARVIS කියන්නෙ,
Just A Rather Very Intelligent System කියන එකේ කෙටි යෙදුම.
සිංහලෙන් කියනව නං,
"ඉතාමත් බුද්ධිමත් පද්ධතියක් පමණි...! "
#Facts ♡ @LearnBits
1 305
කවදාවත් මේ දේවල් කරන්න ලැජ්ජා වෙන්න එපා.
- තනියම කල් ගෙවන්න.
- ඔයාගෙම සීමාවන් දාගන්න.
- අනවශ්‍ය පුද්ගලයන් ජීවිතෙන් අයින් කරන්න.
- තේරුමක් නැති කටකතා සෙවිමෙන් වළකින්න.
- ඔයාගෙ විදිහකට ජීවිතය ගත කරන්න.
- ඔයා කැමති දෙයක් ඉගෙන ගන්න.
මෙච්චර කාලෙකට වෙනත් මිනිස්සු ඔයා ගැන හිතන්න ඇත්තෙ ඔයා පරණ කෙනාමයි කියල.
ඒත් ඔයා වෙනස් වෙන්න. ඔයාගෙ විදිහට , ඔයාගෙ ජීවිතේ පාලනය කරගන්න.
ඔයා අලුත් වෙයි. ඔවුන් ඉලක්කයක් නොමැති පුද්ගලයන් වෙයි.
#Life_Tips ♡ @LearnBits
1 305
ආදරයේ සංකේතය වශයෙන් අපි භාවිත කරන හදවත , සැබෑ හදවතේ හැඩයට සම්පූර්ණයෙන්ම වෙනස්. ඒත් , ඇත්තම හදවත් දෙකක් මෙහෙම එකතු කලාම , ආදරයේ සංකේතය නිර්මාණය වී තිබෙනවා ඔයාට පේනවා ඇති !
#Facts ♡ @LearnBits
1 305
තාම උත්තරේ ආපු විදිහ හිතාගන්න බැරි නං,
https://t.me/LearnBitsFun/5
ගිහින් බලන්න.
(Join වෙන්න අවශ්‍ය නෑ.)
1 305
🐢 ඔලු දෙකේ කැස්බෑවා
සාමාන්‍යයෙන් හිස් දෙකක් සහිත සත්වයන්ගේ ආයුශ බොහොම කෙටියි. ඉපදිලා බොහොම ටික කාලෙකින් මරණයට පත් වෙනවා. නමුත් සමහර වෙලාවට මේ වගේ සතුන්ට දිගු කාලයක් ජීවත් වෙන්න පුලුවන් වෙලා තියෙනව. සහ ප්‍රජනන කාර්යන් පවා සිදු කරන්න පුලුවන් වෙලා තියෙනව. මේ ඉන්නෙත් ඒ වගේ හිස් දෙකක් සහිත කැස්බෑවෙක්.
#Knowledge ♡ @LearnBits
