Learn Bits
Ir al canal en Telegram
Psychology 🧘♂ | Relationship 👩❤️👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo
Mostrar más1 305
Suscriptores
Sin datos24 horas
-97 días
-4230 días
Archivo de publicaciones
1 305
Hello මගේ රත්තරන් යාළුවනේ..🌝❤️
⚽️Football වලට කැමති Football වලට ආදරේ කරන ලංකාවේ ඔයාලා වෙනුවෙන් Football විස්තර දැනගන්න
⚽️FootballVideo
⚽️Football News
⚽️Football Memes
⚽️Football Fact
⚽️Football players
වගේ තවත් දේවල් දැනගන්න, බලන්න මේ දැන්ම එකතුවෙන්න අපිත් එක්ක🤝 අපි,
♾⚽️❤️𝔽𝕠𝕠𝕥𝕓𝕒𝕝𝕝 𝕃𝕠𝕧𝕖𝕣𝕤 𝕊𝕃❤️🇱🇰♾
ඒ වගේම ඔයාලා ගාන තියන football සම්බන්ධ දේවල් පහළ බොට්🤖 හරහා අපිට එවන්න.
1 305
සම්බන්ධයක් ඉවර උනාම අපිට මහා හිස්බවක් දැනෙන්නෙ ඇයි
ආදර සම්බන්ධයක් කියන්නෙ, ආදරයම විතරක් නෙවෙයි. ඒක ලොකු පැකේජ් එකක්. ඔයාට කතා බහ කරන්න කෙනෙක් ඉන්නව, ඔයාට ප්‍රශ්නයක් උනොත් ඒක කියන්න කෙනෙක් ඉන්නව, ඔයාගෙ රහස් හැමදේම කියන්න කෙනෙක් ඉන්නව, ඔයාට අරමුණක් ඇති කරගන්න හේතුවක් තියෙනව, ඔයාට හීන දකින්න උත්ප්‍රේරකයක් තියෙනව සහ ඔව්... ඔයාට ආදරය කරන්න වගේම ආදරය ලබාගන්නත් කෙනෙක් ඉන්නව.
සම්බන්ධයක් නවතිනව කියන්නෙ මේ හැමදේම නවතිනව කියන එකයි. අපිට ඒ දැනෙන හිස්බවට හේතුවත් අන්න ඒකයි.
අපි පුරුදු වෙලා හිටියෙ, "මම තනියම නෙවෙයි. මට මෙයා ඉන්නව" කියන අදහසින් ජීවත් වෙන්න. හීන මැව්වෙ, "මම මෙයා එක්ක මෙහෙ යනව" ආදිය හිතන ගමන්.
අන්න ඒ අඩුව තමයි, අපිට ලොකූ හිස්තැනක්, හිස්බවක් විදිහට දැනෙන්නෙ.
අවුරුදු දහය විස්ස ඉදිරි අනාගතේ ගැන හීන දැකල, ඒ ගැන සතුටු වෙලා, එක ක්ෂණයෙන් ඒ අනාගතේට පාදම සපයන්න හිටපු කෙනා අපේ ජීවිත වලින් අයින් උනාම, ඇත්තටම අපිට මහා අඩුවක් දැනෙන්න ගන්නව.
ඉතින් මේ දැනෙන හිස්බවට හේතුව, ඇත්තටම අපේ ජීවිතයේ තිබ්බ යමක් නැති උන නිසා දැනෙන දෙයක්. ආදර සම්බන්ධයකට විතරක්ම නෙවෙයි. සුරතලෙක්, හිතවතෙක් එක්ක උනත් අපේ තිබුණ සම්බන්ධයක් නැවතුනාම අපිට ඒ හිස්බව දැනෙන එක සාමාන්‍ය දෙයක්.
විද්‍යාත්මකව නං, අපි ආදරය කරන කෙනෙක් අපි ළඟ ඉන්නකොට අපේ ශරීරයෙන් ඩොපමින්, එන්ඩොෆින් වගේ රසායන ද්‍රව්‍ය මුදාහරිනව. අපිට තෘප්තියක් වගේම, ජවයක් දැනෙන්නෙ මේ රසායන ද්‍රව්‍ය නිසා. නමුත් සම්බන්ධයක් බිඳුනට පස්සෙ කලින් වගේ මේ රසායන ද්‍රව්‍ය ස්‍රාවය වෙන්නෑ.
ඉතින් අපිට කිසිම පිබිදීමක් නැති බවක් දැනෙන්න ගන්නව. මේ කාරණාවෙදි නං හිස්බවක් දැනෙන්න ගන්නව.
බ්‍රේක් අප් එකකට පස්සෙ ජීවිතය ආපහු යතා තත්වයට පත් කරගන්න කරන්න පුලුවන් සුලු සුලු දේවල් ටිකක් මේ පෝස්ට් එකෙන් අපි කලින් සඳහන් කලා.
ඔයත් මේ වෙලාවෙ එහෙම අවස්ථාවක ඉන්නව නං, ඒ දේවල් උපකාරයක් වෙයි කියල හිතනව.
#Relationship_Tips | @LearnBits
1 305
ලොව ප්‍රථම සබ්මැරීනයේ නිර්මාතෘවරයා කවුද?
ලියනාඩෝ ඩාවින්චි විසින්, ඉතාලි පුනරුද සමයේදී, ඒ කියන්නෙ 1515 දි විතර ප්‍රාථමික මට්ටමේ සබ්මැරීනයක සිතුවමක් කරල තියෙනව.
ඊට පස්සෙ 1578 දී, ජලය තුළ ගිල්විය හැකි යාත්‍රාවක් පළමු වරට නිර්මාණය කරල තියෙන්නෙ, ගණිතඥයෙකු සහ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා සෙබලෙක් උන විලියම් බෝර්න් විසිනුයි.
ඒ නිර්මාණයෙන් පසුව, 1620 දි ලන්දේසි ඉංජිනේරුවරයෙක් උන කෝර්නේලියස් ඩ්‍රෙබෙල් විසින්, බ්‍රිතාන්‍ය රාජකීය හමුදාව තුළදි පළමු සාර්ථක සබ්මැරීනය නිර්මාණය කරල, තේම්ස් ගඟ තුළදි අත්හදා බලල තියෙනව. ඒ, සබ්මැරීනයෙන් ගමන් කළ පැය තුනක ගමනකින්.
1775 දී ඇමරිකානු විප්ලවය අතරතුර පළමු මිලිටරි සබ්මැරීනය නිර්මාණය කරල තියෙන්නෙ, ඇමරිකානු නව නිපැයුම්කරුවෙන් උන ඩේවිඩ් බුෂ්නෙල් විසින්.
මේ සබ්මැරීනයේ බොහොමයක් කොටස් අතින් ක්‍රියාත්මක කිරීමට සිදු වෙලා තියෙනව. ඊට අමතරව මේ මිලිටරි සබ්මැරීනයේ ප්‍රධානතම විශේෂාංගය තමයි, මේ සබ්මැරීනය මගින් ජලය මතුපිට තියෙන නැව් වල බඳට පුපුරණ ද්‍රව්‍ය සවි කිරීමට තිබුන හැකියාව.
එතනින් පස්සෙ සබ්මැරීනය බොහෝ විවිධාංගකරණයන්ට භාජනය වෙලා, වත්මන් තත්වයට පත් වෙලා තියෙනව
#Knowledge | @LearnBits
1 305
කියන්න එපා... පෙන්නන්න...!
Ex 01 :
"කාමරය හොඳටම අපිරිසිදු වෙලා"
Ex 02 :
"කාමරේ දිහා බැලුවම මට නං පෙනුනෙ මිනිස් වාසයෙන් තොර තැනක් වගේ. බිම තැන තැන පරණ උන ඇඳුම් ගොඩගැහිලා. කාමරේ කෙලවරේම තිබුණ මේසෙ උඩ කොළ කෑලි විසිරිලා."
උදාහරණය 01 ට අනුව නං, කාමරය අපිරිදු උන බව දැනගත්තට, ඒ සම්බන්ධ රූපයක් ඔයාගෙ හිතේ මැවෙන්නෙ නැතුව ඇති.
නමුත් උදාහරණය 02 කියෙව්වට පස්සෙ ඔයාගෙ හිතේ, මේ කාමරය ගැන සියුම් රූපයක් ඇඳෙන්න ඇති.
අන්න ඒකට තමයි රචනයේදි, Show! Not tell කියන්නෙ.
සමහරු ලේසියට සුලු සුලු වාක්‍යය ඛණ්ඩ යොදාගෙන ලොකු ප්‍රදේශයක භෞතික ස්වරූපය පෙන්නන්න හදනව. ඒත් ඒක එච්චර සාර්ථක නෑ.
හොඳට දිග ඇරලා සියුම් විස්තර පවා ලියනකොට තමයි පාඨකයට අදාළ භෞතික පරිසරය ගැන වැටහීමක් එන්නෙ.
අපි තව උදාහරණයකින් මේ ගැන ගැඹුරින් හිතමුකො.
Ex 03 :
"ඇය බොහොම විශ්වාසයෙන් කාමරයට ඇතුල් උනා"
Ex 04 :
"ඇය කිසිම පැකිළීමක් නැතුව කාමරයට ඇතුළ් උනේ, මුලු ලෝකයම ඇය වෙතට පැමිණියත්, ඇයව නවත්තන්නට නොහැකි බවට කාමරය තුළ හුන් සියලුම දෙනාට පසක් කරමිනුයි."
මේක භෞතික කාරණාවකට වඩා, මානසිකමය වාතාවරණයක්. ඔයාට පේනව ඇති මං උදා: 3 සහ 4 තුළදි ඒ වාක්‍යය කොච්චර වෙනස් කරලද කියල.
රචනාවක් ලියනව වගේ සාරාංශගත කරල ලියනවට වඩා, ඇත්තටම ලේඛකයෙක් විදිහට සවිස්තරාත්මකව රචනයේ යෙදෙන එක, ඔයාගෙ රචනයටත් කොච්චර වැදගත් ද කියල තේරෙනව නේද?
හැඟීම්, භෞතික වටපිටාව, ශරීර ප්‍රතිචාර වලදි, ඔයාගෙ පාඨකයට හැකිතරම් විස්තර ඉදිරිපත් කරන්න.
සමහරුන්ට හිතෙයි එතකොට කතාව බෝරින් වෙනවනෙ කියල. කතාව බෝරින් වෙනවද කියල හිතන්න තියෙන හොඳම උදාහරණය තමයි ශර්ලොක් හෝම්ස් කතා පෙළ.
ඉතින්... කියන්න එපා... පෙන්නන්න...!
Read #writer series now!
#Writer | @LearnBits
1 305
නැපෝලියන් බොනපාර්ට් සහ මුරකරු
නැපෝලියන් කියන්නෙ ඉතිහාසය තුළ කැපී පෙනෙන දක්ශ නායකයෙක් බව හැමෝම දන්න දෙයක්. ඒත් නැපෝලියන් බොනපාට් කියන්නෙ කොහොම නායකයෙක්ද? ඒ ගැන අදහසක් ලබාගන්න, ඉතිහාසයෙන් වාර්තා වෙන නැපෝලියන් සම්බන්ධව ගෙතුන මෙන්න මේ ලස්සන කතාව කියවල බලන්න.
දවසක් නැපෝලියන් තම සෙබළුන්ගෙ ක්‍රියාකලාපය පරීක්ෂා කරන්න කියල හිතාගෙන, තම බලකොටුව තුළ සැරිසැරුවා.
මේ ගමන තුළ නැපෝලියන්ට ඇහැ ගැටුනා, බලකොටුව මුරකිරීමට යොදපු මුරකරුවෙක්, තමන්ගෙ වගකීම පැහැර හැරල, මුරපළ අසල නිදාගෙන ඉන්නව.
සාමාන්‍යයෙන් මේක ලොකු වැරැද්දක්. තමන්ගෙ හමුදා සගයින්ව අනාරක්ෂිත තත්වයට පත් කිරීම කියන ඡෝදනාව යටතේ, මේ සෙබළට මරණ දඬුවම උනත් නියම කරන්න පුලුවන් ඒ කාලෙ.
නමුත් නැපෝලියන් ඒ කිසිම දෙයක් ගණන් නොගෙන, ඒ සෙබළ ගාව තිබුණ තුවක්කුවත් අරගෙන, ඒ මුරපොළ, මුරකරන්න ගත්තා.
ටික වෙලාවකින් ඒ නිදාගෙන හිටපු සෙබළව භාරව සිටින සාජන්ට් කෙනෙක්, අදාළ සෙබළව නිරීක්ෂණය කරන්න එනකංම, නැපෝලියන් විසින් ඒ මුරපොළ මුරකරල තියෙනව.
ඒත් එක්කම, නැපෝලියන්, ඒ ආපු සාජන්ට්වරයට කියල තියෙනව, "මේ සෙබළව ඇහැරවන්න එපා. නිදාගන්න දෙන්න" කියල.
#History
1 305
විවාදයකට ආරක්ෂිතව මුහුණ දෙන්න
විවාදයක් කියන්නෙ දෙපාර්ශ්වයේම හෝ කීප පාර්ශ්වයකම කාලය, ශ්‍රමය සහ ඇතැම් විට පෞද්ගලිකත්වයට පවා හානි පමුණුවන දෙයක්. විවාදයකදි නියමම ජයග්‍රාහකයෙක් නෑ. විවාදය ආරම්භ කරන්නා වගේම ඊට සහභාගි වන අයත් සරලවම පරාජිතයන් බවට පත් වෙනව.
ඉතින් අන්න ඒ නිසයි අපි විවාදයකට ආරක්ෂිතව මුහුණ දීමට අවශ්‍ය වෙන්නෙ.
ඔයා ආරවුලකට පැටළුනොත්, පළමුවෙන්ම කරන්න ඕනෙ දේ තමයි, අනෙකා කියන දෙයට හොඳින් සන්සුන්ව සවන් දීම.
අනෙකාට හොඳින් සවන් දීමෙන් පස්සෙ, ඊළඟ පියවර විදිහට එම විවාදය හෝ ආරවුල බොහොම සෞඛ්‍ය සම්පන්න සන්නිවේදනයක් බවට හරවගන්න.
"ඔව් ඔයා කියන දේ මට ඇහෙනව. මම ඒක තේරුම් ගත්තා. ඔයාට ඇත්තටම කියන්න අවශ්‍ය දේ මොකක්ද? අන්න ඒ දේ කියන්න මට."
උඩ දෙබස් කොටස බැලුවම ඔයාට පේනව ඇති, ඒ අය කියන දේට එකඟ වෙන්නැතුවත් අපිට හොඳ යහපත් ප්‍රතිචාරයක් දක්වන්න පුලුවන් කියල.
ගොඩක් වෙලාවට මිනිස්සු රණ්ඩු කරන්නෙ අසාධාරණ විවේඡනයන් පදනම් කරගෙනයි. ඉතින් ඒ වගේ වෙලාවකට, අපිට කරන්න පුලුවන් සුදුසුම දේ තමයි, ඒ අයත් සමග එකඟ වෙන්නැතුව, රණ්ඩුත් නොකර, ඉහත සඳහන් කළා වගේ දෙපැත්තම බැලන්ස් වෙන පිළිතුරක් ලබාදෙන එක.
#Psycho_Facts | @LearnBits
1 305
ඔයා ඉංග්‍රීසි භාෂාවෙන් යම් දෙයක් ගැන ඔයාගෙ අදහස් ඉදිරිපත් කරනකොට භාවිත කරන්න පුලුවන් ප්‍රකාශන කීපයක්.
1. As far as I know... (මම දන්නා තරමින්)
Ex : As far as I know that name does not exists.
2. I agree with... (මම එකඟ වෙනව)
Ex : In this case I agree with the opinion expressed
3. I could be wrong, But... (මම වැරදි ඇති, නමුත්)
Ex : I could be wrong, but I think the decision had been made.
4. I'd say that.. (මම කියන්නෙ)
Ex : I’d say that he was one of your best friends.
5. I’m absolutely certain that... (මට හොඳටම විශ්වාසයි)
Ex : I’m absolutely certain that the car is still safe to operate.
6. I’m no expert (on this), but... (මම මේ සම්බන්ධව විශේෂඥයෙක් නෙවෙයි, නමුත්)
Ex : I’m no expert on maths, but I think you are doing it great.
7. I’m pretty sure that... (මට හොඳටම විශ්වාසයි)
Ex : I’m pretty sure that you already have enough in the money markets
8. This is just my opinion, but... (මේක මගේ මතය විතරයි, නමුත්)
Ex : This is just my opinion, but your mother got mad at you.
9. Without a doubt... (සැකයකින් තොරව)
Ex : I know I’ll pass the exam tomorrow without a doubt.
10. You probably won’t agree, but... (ඔයා බොහෝ විට එකඟ වෙන එකක් නෑ, නමුත්)
Ex : You probably won’t agree, but it’s not fair what you just said him.
#English | @LearnBits
1 305
"අඳුරට බිය වන දරුවෙක්ට, අපිට පහසුවෙන් සමාව දෙන්න පුලුවන්. නමුත් ජීවිතයේ සැබෑ ඛේදවාචකය වන්නේ, මිනිසුන් ආලෝකයට බිය වීමයි..."
- Plato
#Saying | @LearnBits
1 305
රුධිර කාණ්ඩය තීරණය වෙන්නෙ කොහොමද?
රුධිරය හැදිල තියෙන්නෙ, රතු රුධිරාණු, සුදු රුධිරාණු සහ පට්ටිකා වලින්. මේව අන්තර්ගත වෙන්නෙ රුධිර ප්ලාස්මාව තුළයි. රුධිරය කියන්නෙ මේ සියල්ලගෙම එකතුවට.
රුධිර ප්ලාස්මාව තුළ පවතින ප්‍රෝටීන වලට කියන්නෙ ප්‍රතිදේහ කියල. මේ ප්‍රතිදේහ මිනිස් සිරුරේ ස්වභාවික ආරක්ෂක පද්ධතියේ කොටසක්.
රතු රුධිරාණු හෙවත් රතු රුධිර සෛල මතුපිට තියෙන ප්‍රෝටීන වලට කියන්නෙ, ප්‍රතිදේහජනක කියල.
රුධිර කාණ්ඩයක් තීරණය වෙන්නෙ, මෙන්න මේ කියන ප්‍රතිදේහ සහ ප්‍රතිදේහජනක වල පැවතීම සහ නොපැවතීම මතයි.
#Knowledge | @LearnBits
1 305
ඔයාට ආත්ම විශ්වාසයක් නැති බව හැඟවෙන කරුණු කීපයක්
1. ඔයා හිතන ආකාරය
ඔයාට නිසි ආත්ම විශ්වාසයක් නෑ කියල හිතන එක නවත්තන්න. අපිට ළඟා කරගන්න පුලුවන් ඕනෙම දේක මූලික අඩිතාලම අපේම සිතුවිලි යි. ඉතින් ඒ විදිහටම ආත්ම විශ්වාසයත් අපේම සිතුවිලි වලිනුයි ආරම්භ වෙන්නෙ.
2. ඔයාගෙ අනවශ්‍ය උත්සාහයන්
අනිත් අයව විශ්මයට පත් කරන්න හදන එක නවත්තන්න. ඔයාට ඔයා ගැනම විශ්වාසයක් තියෙනව නං, ඔයා අවධානය දෙන්න ඕනෙ ඔයාගෙ වර්ධනය ගැන මිසක්, අනිත් අයගෙ අවධානය ඔයා වෙතට ලබා ගැනීම ගැන නෙවෙයි.
3. ඔයාගෙ නුසුදුසු සැසඳීම්
කිසිම වෙලාවක වෙනත් කෙනෙකුගෙ ආත්ම විශ්වාසය, තමන්ගෙ ආත්ම විශ්වාසයේ මට්ටම එක්ක සසඳන්න යන්න එපා. ආත්ම විශ්වාසය කියන්නෙ, සෑම ඒකෛකයෙක් සඳහාම අනන්‍ය උන දෙයක්.
4. ඔයා ඇසුරු කරන අනවශ්‍ය පුද්ගලයන්
තත්වයෙන් බාල පුද්ගලයන් ඇසුරු කිරීම, තත්වයෙන් බාල පුද්ගලයෙකුගෙ ලක්ෂණයක්. තමන්ට කිසිම දෙයක් නැති කෙනෙක් ආශ්‍රය කරන්න පෙළඹෙන්නෙත් ඒ වගේම කෙනෙක්වමයි.
ඉතින් හොඳ ආත්ම විශ්වාසයක් තියෙන පිරිසක් තමන් වටේට තියාගන්න.
#Life_Tips | @LearnBits
1 305
සම්බන්ධයක් තුළ හමුවෙන අනාරක්ෂිත පුරුෂයෙක් සතු ලක්ෂණ කීපයක්
1.ද්‍රවයවාදී වීම - ඔහුට චිත්තවේගීය වශයෙන් පිරිනැමීමට කිසිවක් නැති නිසා, ඔහු "තමා සතුව ඇති භෞතික දේවල්" පිළිබඳව පුරසාරම් දොඩනවා.
2. අධික තරඟකාරී වීම - ඔහුගේ මමත්වය ඉහළ නංවා ගැනීමට, සෑම විටම යමක් ඔප්පු කිරීමට සහ තරඟ වැදීමට සැරසෙයි.
3. විශ්වාස කළ නොහැකි වීම - ඔහුට ඔහුගේ වචනය ඉටු කිරීමට නොහැකියාවක් ඇත. නමුත් තමන්ගෙ වගකීම් මගහැරලත්, ඔහුට හිරිහැර කිරීම ගැන ඔයාට දොස් පවරනවා. (ඔහුගෙ කාලය විනාස කලා ආදිය පවසමින්)
4. නිතරම චෝදනා කිරීම - ඔහු තමන්ගෙ වැරදි සහ දුර්වලතා හේතුවක් කරගෙන, ඔයාට ඡෝදනා කරනව. හරියට ඒ දේවල් ඔයා කරපු වැරදි වගේ ඒත්තු ගන්නල.
#Relationship_Tips
1 305
MOODY🌸
мємєѕ🌍🌈
ωαℓℓραρєяѕ⚡️
¢яαƒт ι∂єαѕ💦
ℓιƒє нα¢кѕ🍃
мσтιναтισηѕ☄
ѕтαтυѕ νι∂єσѕ🍄
ගොඩක් දේවල් එකම තැනකින්🤗☘🔥
එකතු වෙන්න අපිත් එක්ක පහල button ඔස්සේ🌝🐾🌈
@M_ooDychannEl🌸
@M_oodygroup🌸
1 305
Google browser එකට ගිහිල්ල
cha cha slide කියල search කරන්න. දැන් search result පේජ් එකේ උඩින්ම, දෙවනි රූපයේ තියෙනව වගේ මයික් එකක ලකුණක් පෙන්නනව.
අන්න එතන click කරන්න. සිංදුවෙ තාලෙට ඔයාගෙ browser screen එක චලනය වෙනව පෙනෙයි.
(මයික් එක ක්ලික් කරාම, පොඩි ඇනිමේශන් එකකට පස්සෙ, එතනම තවත් විවිධ සලකුණු පෙන්නනව. ඒ ඔක්කොම click කරල බලන්න. සහ volume ටිකක් වැඩි කරගන්න)
#Fun | @LearnBits1 305
මේ තියෙන්නෙ මිනිසාගේ ඇතුළු සත්ව සෛලයක වඩාත්ම අංග සම්පූර්ණ ඩිජිටල් රූපයක්. (සත්‍ය සෛලයක් නොවේ)
#Education
1 305
සම්පූර්ණ අවධානයම යම් වැඩකට යොමු කරන්න පුරුදු වීමට පුංචි අභ්‍යාසයක්
ඕනෙම පොතක් තෝරගන්න. නවකතාවක්, අධ්‍යාපනික පොතක් හෝ වෙනයම් පොතක්. ඩිජිටල් මාධ්‍යයන් භාවිත කරන්න එපා හැබැයි.
දැන් ඔයාගෙ ඇඟිලි, පැන්සල් හෝ වෙනත් කිසිම වස්තුවක් භාවිත කරන්නැතුව, ඒ පොතේ තියෙන ඕනෙම පිටුවක් පෙරලගෙන, ඒකෙ ඡේදයක තියෙන වචන ගණන් කරන්න.
ඇස පමණක් යොදාගෙන වචන ගණන් කිරීම සිදු කරන්න. අදාළ වචන ගණන නිවැරදිද කියල බලන්න, තවත් දෙපාරක් විතර ගණන් කරන්න ඒ ඡේදයේම තියෙන වචන ගණන.
මුලදි ඔයාට මේක අමාරු වෙයි ටිකක්. මගක් දුර ගණන් කරන් යනකොට, ගැන ගැන හිටපු වචන ගාණ අමතක වේවි. එතකොට ආපහු පටන් ගන්න.
සතියක් තිස්සෙ දවසට විනාඩි 5-10ක් අරන් මේ අභ්‍යාසය කරන්න. ඔයාගෙ මනස ටිකින් ටික පුහුණු වේවි.
#Psycho_Facts #Life_Hacks
ʟᴇᴀʀɴ ʙɪᴛꜱ
1 305
කිසිම ප්‍රථිඵලයක් නැද්ද? එහෙනං දිගටම වැඩ කරන්න.
ප්‍රථිඵලය එච්චර හොඳ නැද්ද? එහෙනං දිගටම වැඩ කරන්න.
ප්‍රථිඵලය සතුටුදායකද? එහෙනං දිගටම වැඩ කරන්න.
ස්ථාවරත්වය විසින් සාර්ථකත්වය ගොඩනගයි...!
#Life_Tips
1 305
"මම හොඳින් නෙවෙයි" කියල ඉංග්‍රීසි භාෂාවෙන් කියන්න පුලුවන් විධි කීපයක්.
I'm sad
I feel blue
I feel so down
I'm depressed
I feel pathetic
I don't feel well
I feel gloomy
I'm under a cloud
I'm down to the dumps
I'm out of sorts today
I'm in low spirit
I'm sorrowful
I'm a mess
I feel downcast
I feel bummed out
I'm dejected
I'm all gone to pieces
I feel so lugubrious
i feel mopish
I'm all torn up inside
this shatters me.
I'm downhearted
I've been miserable
#English
1 305
නව රැජිණක් පත් කිරීම?
අලුත් රැජිණක් තෝරගන්න හේතු කීපයක් තියෙන්න පුලුවන්. පරණ රැජිණ හදිසියේ මිය යාම, ඇය වයස්ගත වී ෆෙරමෝන ස්‍රාවය අඩාල වීම හෝ මී වදයේ ජනග්‍රහණය වැඩි වීම.
මේ කියන පළමු සහ දෙවන අවස්ථා වලදි, වැඩකාර මී මැස්සියන්ගේ මැදිහත් වීමෙන් නව රැජිණක් පත් කරගන්නව.
හැබැයි තෙවන අවස්ථාවෙ තත්වය වෙනස්. රැජිණකට තේරුනොත්, මී වදයේ ජනග්‍රහණය විශාල බව සහ සමහර මී මැස්සන් තමන්ගෙ පාලනයෙන් තොරව වාසය කරනව කියල, ඇය, තමන්ට අවශ්‍ය වන තරමේ සේනාවක් සමග එම මී මැසි ජනපදයෙන් පිටවෙනව.
ඒ පිටවෙලා අලුත් ස්ථානයක නව මී වදයක් සාදනව.
1 • 2 • 3 • 4 • 5 • 6 • 7 • 8
1 305
බිත්තර දැමීමේ කාර්යය සහ නව රැජිණ?
සංසර්ගය අවසන් වෙලා පැය 48කට පමණ පස්සෙ රැජින බිත්තර දැමීම සිදු කරනව. මීළඟ රැජිණ ලෙස සූදානම් කරන බිත්තර සහ වැඩකාර මැස්සියන් ලෙස සූදානම් කරන බිත්තර වලට, ඇයගේ ඩිම්බ මෙන්ම සංසර්ගයෙන් ලබාගත් ශුක්‍රාණුත් එකතු කරනව.
පිරිමි මැස්සන් සූදානම් කරන බිත්තර සඳහා ශුක්‍රාණු එකතු කිරීමක් කරන්නෙ නෑ.
රැජින දමන බිත්තර ගණන තීරණය වෙන්නෙ ඇයට ලැබෙන ආහාර, බිත්තර දැමීමට සකසන කුටීර, සහ බිත්තර වලින් පිටවන කීටයන් රැකබලා ගැනීමට හැකියාව ඇති සේවක බලකාය මතයි.
මීළඟ රැජිණ ලෙස සූදානම් කරන බිත්තර වලින් පිටතට එන කීටයන්ට "රාජ ජල්ලි" නම් සංයෝගය ලබාදෙනවා. එම කීටයන්ගෙ ලිංගික පරිණතිය සිදු වෙලා, සරු බවට පත් වෙන්නෙ මේ සංයෝගය නිසයි. ඒක ලබා නොදුන්නොත්, සාමාන්‍ය වැඩකාර මැස්සියක් වගේම, නිසරු මී මැස්සියන් තමයි නිපදවෙන්නෙ.
1 • 2 • 3 • 4 • 5 • 6 • 7 • 8
