es
Feedback
Learn Bits

Learn Bits

Ir al canal en Telegram

Psychology 🧘‍♂ | Relationship 👩‍❤️‍👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo

Mostrar más
1 305
Suscriptores
Sin datos24 horas
-97 días
-4230 días
Archivo de publicaciones
"ගැහැණු යහළුවන්ට" වඩා "පිරිමි යහළුවන්" වැඩිපුර ඉන්න ගැහැණුන්ට , මානසීක පීඩන තත්ව සහ කාංසාවන් ඇති වෙන්නේ බොහොම අඩුවෙන්. #Psycho_Facts ♡ @LearnBits

අසාර්ථක වූ රූගත කිරීමක්... මහ දවාලේ සිදු වූ පැහැරගැනීමක්... #Social_Vid ♡ @LearnBits

ඇයි ලෝකෙ සමහර මිනිස්සුන්ගෙ කොණ්ඩය රතු පාට මේ කියන්නෙ නං dio එකකින් ඇවිත් JBL එකෙන් පිපුනාද දුර ඈත සිංදුව දාන් නටන අත්ලොකු ශර්
ඇයි ලෝකෙ සමහර මිනිස්සුන්ගෙ කොණ්ඩය රතු පාට මේ කියන්නෙ නං dio එකකින් ඇවිත් JBL එකෙන් පිපුනාද දුර ඈත සිංදුව දාන් නටන අත්ලොකු ශර්ට් ඇඳගත්තු , රතු පාටින් කොණ්ඩෙ පාට කරගත්ත අය ගැන නං නෙවෙයි. මේ කතා කරන්නෙ හිසකෙස් වල සත්‍ය වර්ණය රතු පැහැ වීම ගැන. හිසකෙස් වල යම් වර්ණයක් දෘශ්‍යමාන වෙන්නෙ , මෙලනොසයිට් කියල හැඳින්වෙන විශේෂ සෛල වර්ගයක් මගින් නිකුත් කරන වර්ණක නිසයි. මේ විදිහෙ වර්ණක දෙකක් තියෙනවා. (මෙලනීන්) ඒ තමයි, 1. Eumelanin 2. Phenomelanin ඉතින් හිසකෙස් රතු පාට වෙන්නේ මේ මෙලනොසයිට් වලින්, Phenomelanin වර්ණක ප්‍රමාණය , Eumelanin වර්ණක වලට වඩා වැඩියෙන් නිකුත් කිරීමෙ ප්‍රතිඵලක් ලෙසයි. #Knowledge ♡ @LearnBits

AnimatedSticker.tgs0.18 KB

A + A + A = 39 B + B - A = 25 6 + C + B = 50 A + B + C = ? ? සඳහා එන අගය සොයන්න. #Fun ♡ @LearnBits

විවාහක පුරුෂයන් ගෙ අත්දැකීමකි 😹🙊 උදේ පාන්දරින්ම අවදි වූ සැමියා බිරිඳගෙන් මෙසේ අසයි. ස්වාමිපුරුෂයා: ඔයා මාත් එක්ක ජොගිං යන්න
විවාහක පුරුෂයන් ගෙ අත්දැකීමකි 😹🙊 උදේ පාන්දරින්ම අවදි වූ සැමියා බිරිඳගෙන් මෙසේ අසයි. ස්වාමිපුරුෂයා: ඔයා මාත් එක්ක ජොගිං යන්න එනවද? බිරිඳ: ඇයි දැන් මං මහතයි කියලද කියන්නෙ? සැමියා: නෑ, ජොගින් කරන එක ශරීර සෞඛ්‍යයට හොඳයි. බිරිද : අනේ ඒ කියන්නේ මං ලෙඩෙක්..? සැමියා : නෑ නෑ නැගිටින්න ඕන නැත්තම් කමක් නෑ.. ඔයා ඉන්න. බිරිඳ : එහෙනම් දැන් ඔයා කියන්න හදන්නේ මම කම්මැලියි කියලා නේද? ස්වාමිපුරුෂයා: දැන් ඔයා මාව වැරදියට තේරුම් අරන් ඉන්නේ, මම එහෙම කිවුවෙ නෑනෙ..! බිරිඳ: ආහා! ඉතින් මම නූගත් නිසා මට ඔයාව තේරුණේ නැහැ නේද? සැමියා: දැන් බලන්න මම එහෙම කිව්වෙත් නෑනෙ..! බිරිඳ: ඉතින් මම බොරුද කියන්නෙ එතකොට? ස්වාමිපුරුෂයා: නෑ නෑ එහෙම නෙවෙයි.. උදේ පාන්දරම අහපු දෙයක් ඔච්චර අල්ලගෙන දගලන්න එපා. බිරිඳ: අනේ දැන් මම රණ්ඩු සරුවල් කරන කෙනෙක්ද? සැමියා: හරි හරි, ඔයා නිදාගන්න, මම තනියම ජොගින් යනවා, ඔයාට සතුටුයිද දැන්? බිරිඳ: බලන්න, ඔයා හරිම ආත්මාර්ථකාමීයි, හැම තිස්සෙම හිතන්නෙ ඔයා ගැන විතරයි.. කවදාවත් මං ගැන බැලුවෙ නෑ... ස්වාමිපුරුෂයා වාඩි වී.. තමාට වැරදුණේ කොතැනද යන්න කල්පනා කරයි.. (උපුටා ගැනීමකී.) #Fun ♡ @LearnBits

උත්තරේ බලාගන්න https://t.me/LearnBitsFun/13

Direct Question from subscriber ඇයි අපි කසනකොට මාර සනීපයක් දැනෙන්නේ? ඔයාටත් සමහර වෙලාවට කොච්චර කැසුවත් ,තවත් කසන්න වෙන අවස්ථාවලට මුහුණ දෙන්න වෙලා තියෙනවද?. ඒ උනාට ඒකෙන් අමුතුම ෆීලින් එකකුත් එනවා. කැසීමට හේතු වෙන සිද්ධි ගොඩක් තියෙනවා. මදුරු දශ්ඨන , ආසාත්මිකතා , සම මතුපිට පලු ඇති වීම , හිරු එලියට සම පිච්චීම වගේ සෑහෙන හේතු තොගයක් තියෙනවා. කොටින්ම කිව්වොත් සමහර වෙලාවට , කැසීම් ගැන කියවනකොට පවා ඔයාට කසන්න ඕනෙ වෙනවා කොහේ හරි. (ඔයාටත් දැන් කසන්න ඕනෙ උනාද?) කැසීම කියන්නෙ , අදාළ සම ප්‍රදේශයේ යම් ගැටලුවක් තියෙනවා කියන එක මොළය විසින් අපිට දැනුම්දෙන සිස්ටම් එකටයි. සම ආසන්නයේ තියෙනවා සෑහෙන තරමෙ කුඩා සංවේදක ප්‍රතිග්‍රාහක. මේ ප්‍රතිග්‍රාහක වලින් යම් කිසි විපර්යාසයක් හෝ අවදානමක් හඳුනගත්තොත් ඒ ගැන අපිට දැනුම් දෙන්න තමා කැසීම ඇති කරන්නෙ. ඉතින් අපි අපේ නියපොත්තක් අරන් සමේ අදාළ ප්‍රදේශය කසනකොට , මේ සම ආසන්නයේ තියෙන සංවේදක ප්‍රතිග්‍රාහක වලටත් හානි වෙනවා. අන්න ඒ නිසා ඒ වෙලාවට මොළයෙන් අණ කරනවා ඒ ප්‍රදේශයට වේදනා නාශක හෝමෝන ස්‍රාවය කරන්න කියල. මේ විදිහට ස්‍රාවය වෙන එක හෝමෝනයක් තමයි සෙරටොනින් කියන්නෙ. සෙරටොනින් වලින් තමයි අපිට සතුටක් ඇති කරන්නෙ. ඉතින් කසන්න කසන්න අපේ දේහයෙන් සෙරටොනින් ස්‍රාවය කරන එකත් සිදු කරනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට අපිට අමුතු සතුටක් දැනෙනවා. හැබැයි ඕනෙවට වඩා කසන්න ගියොත් තුවාල වීම් පවා සිදු වෙන්න පුලුවන්. කසනකොට ඇති වෙන සතුට අවසානයේ රුධිර වහනයන් පවා උන අවස්ථාවන් ඔයත් අත්විඳල ඇති. ඒ නිසා ඔනෙම දෙයක් ඔනෙවට වඩා ඔනෙම නෑ....😉✌ #LearnBits_Q_A ♡ @LearnBits

♨️ Share & Support Get the Photo Template ( Edit as you like. Its just a prototype of Telegram announcement banner)

දිනපතා අලුත් දෙයක් දැනගන්න.... පුළුල් පරාසයක දැනුම ලබාගන්න... විනෝද වෙන්න... එක්වෙන්න @LearnBits සමග...! #Ads ♡ @LearnBits
දිනපතා අලුත් දෙයක් දැනගන්න.... පුළුල් පරාසයක දැනුම ලබාගන්න... විනෝද වෙන්න... එක්වෙන්න @LearnBits සමග...! #Ads ♡ @LearnBits

https://youtu.be/2D83YdOKM_E ඇහුවට පාඩුවක් නැති වෙයි....!

චැනලය තුළ පළ වන ප්‍රධාන Post කාණ්ඩයන්. #Knowledge #Psycho_Facts #Relationship_Tips #Saying #Life_Tips #On_This_Day #Education #Facts #Astronomy_Facts #History #Article #LearnBits_Q_A #Free_Mind #Admin_Tips චැනලය තුළ පළ වන අතිරේක Post කාණ්ඩයන් #Morning_Thoughts #MidDay_Thoughts #Night_Thoughts #Quotes #Fun චැනලයෙහි දැන්වීම් සහ යාවත්කාලීන පිළිබඳව පළවෙන Post කාණ්ඩයන් #LearnBits #Ads #Channel_Log #Notice ඉහත Hashtag (#) යක් මත ක්ලික් (click) කිරීමෙන් එම කාණ්ඩයට අයත් සියලුම Post පහසුවෙන් සොයාගත හැක. ඉදිරියේදී තවත් කාණ්ඩයන් එකතු කරන්නේ නම් ඒවාද මෙම msg එකටම එක් කරනු ලබයි. ˡᵃˢᵗ ᵘᵖᵈᵃᵗᵉ ⁻ ¹⁶ᵗʰ ˢᵉᵖ ²⁰²² #Notice ♡ @LearnBits

අපේ සමහර මතකයන් , සමහර අඳුරු පැල්ලම් විසින් අපි කවදාවත් හිතපු නැති අය බවට , අපිව වෙනස් කරනවා. අපිට ඒ දේවල් මුලිනුපුටා දමන්න බෑ. ඒක අපි පිළිගන්න ඕනෙ. හැබැයි අපිට පුලුවන් එක දෙයක් තියෙනවා. අපිට පුලුවන් අපේ හදවත අඳුරට බිලිවෙන්න නොදී ආරක්ශා කරගන්න. ඔයාටම ආදරය කරන්න. ඔයා ගැන හොයල බලන , ඔයාට ආදරය කරන මිනිසුන්ව ඇසුරු කරන්න. නිරන්තරයෙන්ම හදවත ආලෝකය දෙසට යොමු කරන් ජීවත් වෙන්න. #Life_Tips ♡ @LearnBits

වෙඩි නොවදින කබායක් පරීක්ශා කරමින්... මේ ඇමරිකානු වෙළෙන්දෙන් විසින් , ඇමරිකානු පොලිස් නිලධාරීන්ට වෙඩි නොවදින කබායක් හඳුන්වාදෙන
වෙඩි නොවදින කබායක් පරීක්ශා කරමින්... මේ ඇමරිකානු වෙළෙන්දෙන් විසින් , ඇමරිකානු පොලිස් නිලධාරීන්ට වෙඩි නොවදින කබායක් හඳුන්වාදෙන අවස්ථාවක්. භයානකම දෙය තමයි , ඇමරිකානු පොලිස් නිලධාරීන්ට , මේ කබායේ වටිනාකම පෙන්නන්න කියලා , මේ වෙළෙන්දා ඇත්තටම මනුස්සයෙක්ට මේ කබාය අන්දල ජීව උණ්ඩ සහිත පිස්තෝලයකින් වෙඩි තියලා පෙන්නනවා. « Year 1923 » #History ♡ @LearnBits

ඕසෝන් ස්ථරය සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර දිනය අදයි. « Sep 16 » #On_This_Day

ජපානයේ නාගසාකි නගරයට බෝම්බ හෙලීම « අගෝස්තු 9 , 1945 » #History ♡ @LearnBits
ජපානයේ නාගසාකි නගරයට බෝම්බ හෙලීම « අගෝස්තු 9 , 1945 » #History ♡ @LearnBits

"සමහර වෙලාවට , බොහොම පොඩි දේවල් , අපේ හිතේ ලොකු තැනක් අත්කරගන්නවා." - A. A. Milne #Saying ♡ @LearnBits

💕 ඔයා මාත් එක්ක තරහයි නං , මාත් එක්ක කතා කරන්න ඒ ගැන... හිතේ තද කරන් ඉන්න එපා... 💕 ඔයා මාත් එක්ක ආදරෙන් වෙලිලා නං , ඒ බව කෙලින්ම මට කියන්න... තනියම හිනා වෙවී හීන මවන්න එපා... 💕 ඔයා ප්‍රශ්නෙක නං ඉන්නෙ , ඒකට විසඳුමක් හොයන්න මටත් ඉඩ දෙන්න... ප්‍රශ්නය තනියම හිතට ගන්න එපා... 💕 ඔයා ආස ලස්සන ප්‍රීතිමත් ජීවිතේකට නං , මාවත් ඒකට එකතු කරගන්න... තනියම සතුටු වෙන්න එපා... කෙටියෙන්ම මම කියන්නේ ; අපි එකට ජීවත් වෙමු , ආදරය කරමු , සතුටු වෙමු...! තනියම ඉන්න එපා.... #Night_Thoughts ♡ @LearnBits

පිටසක්වල ජීවින් අතර යුද්ධයක්...! ධීවරයන් 1665 දී දැක්කේ මොකක්ද? 1665 අප්‍රේල් 8 වෙනිදා දහවල් 2ට විතර ධීවරයන් ඔවුන්ගේ බෝට්ටු ,
පිටසක්වල ජීවින් අතර යුද්ධයක්...! ධීවරයන් 1665 දී දැක්කේ මොකක්ද? 1665 අප්‍රේල් 8 වෙනිදා දහවල් 2ට විතර ධීවරයන් ඔවුන්ගේ බෝට්ටු , නැංගුරම් දාල තිබ්බා. හදිසියේම ඔවුන් දැක්කේ අහසේ පැවතෙමින් තිබ්බ යුද්ධයක්. අමුතු ආකාරයේ වස්තු කීපයක්. මුලු අහසෙ තිබ්බ හැම වස්තුවක්ම එකිනෙකාට පහර දීගනිමින් සිටියේ. පර්යේෂකයන් පසුකලක , මේ ධීවරයන් , ඒ සිද්ධිය ගැන පැවසුව දේවල් සොයාගෙන තියෙනවා. "මේ සිදුවීමට පස්සේ අමුතු පීරිසියක් ආකාරයේ වස්තුවක් අහසේ දිස්වෙන්න ගත්තා. ඒක රාත්‍රී අහසටත් වඩා ගොඩක් තද පාටයි. මේ වස්තුව ඊට පස්සෙ සාන්ත නිකොලස් පල්ලිය උඩට පාත් කලා. ඒ වස්තුව රෑ වෙනකංම එතන පාත් කරල තිබ්බා" මේ ධීවරයන් , මේ සිද්ධිය දැකල ගොඩක් බය වෙලා තිබ්බා. ඔවුන් ඔවුන්ගේ අත්වලින් මූණු වසාගෙන ඉඳල තියෙන්නෙ ඒ මුළු වෙලාවෙම. දින කීපෙකට පස්සේ ඒ අවස්ථාවේ එතන හිටපු ගොඩක් අයට හිසරදයක් සහ අමුතු වෙව්ලීමක් ඇතිවෙලා තියෙනවා. පර්යේෂකයන් කියන විදිහට , මේකට හේතුව , ඒ අමුතු වස්තුවෙන් පිට කරපු විකිරණයක් නිසා වෙන්න පුලුවන් ලු. #History ♡ @LearnBits