Learn Bits
Ir al canal en Telegram
Psychology 🧘♂ | Relationship 👩❤️👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo
Mostrar más1 305
Suscriptores
Sin datos24 horas
-97 días
-4230 días
Archivo de publicaciones
1 305
DAY 02 - Facts
අද දිනය තුළ #Facts සහ #Psycho_Facts කාණ්ඩ වලට අයත් Post පමණක් පල වනු ඇත.
Time ;
4.00am - 11.00pm
Featuring : Itachi Uchiha
#Sharingan2022 #Facts #Psycho_Facts
1 305
ඔයාට දවසක ශේරෂ්ඨ කෙනෙක් වෙන්න ඕනෙ නං , හැමෝගෙන්ම අවසර ගන්න එක නවත්තන්න...
#Life_Tips ♡ @LearnBits
1 305
"බය" කියන වචනෙට ඉංග්‍රීසියෙන් අපි කියනවා fear කියල. මේ කෙටි ඉංග්‍රීසි වචනය ආකාර දෙකකින් දිගහරින්න පුලුවන්.
F.E.A.R.
Forget
Everything
And
Run
හෝ..,
Face
Everything
And
Rise
Forget everything and run කියන්නේ , "ඔක්කොම අමතක කරල දාල දුවන්න" කියන එක. කෙටියෙන්ම ප්‍රශ්නෙන් පැනල යන්න කියන එක.
Face everything and rise කියන්නේ , "හැමදේටම මුහුණදීලා නැගීසිටින්න" කියන එකයි. ඒ කියන්නෙ ප්‍රශ්න වලට සහ බයට නොසැලී මුහුණ දෙන්න කියන එකයි.
මේ දෙකෙන් , ඔයා අනුගමනට කරන ක්‍රියාමාර්ගය අනුව ඔයාගෙ අනාගතය තීරණය වේවි. ඔයාගෙ සිහිනයට තියෙන දුර වෙනස් වේවි.
#Life_Tips ♡ @LearnBits
1 305
🦄 ඔයා වරදක් කලා නම් සමාව , ඉල්ලන්න.
🦄 ඔයාට උදව්වක් කලා නම් , ස්තූති කරන්න.
🦄 ඔයාට ගැටලුවක් ඇති උනොත් , ඒ ගැන විමසන්න.
🦄 ඔයා දෙයක් ඉගෙන ගත්තා නම් , ඒක වෙන කාටහරිත් උගන්නන්න.
🦄 ඔයා හිර උනා නං , උදව් ඉල්ලන්න.
🦄 ඔයා වැරදි නං , ඒක පිළිගන්න.
🦄 ඔයා ආත්මාර්ථකාමීත්වයෙන් තොර නම් , ඔයාගෙ දේවල් ලබා දෙන්න.
🦄 ඔයා කාටහරි ආදරය කරනව නං , දැන්ම ගිහින් එයාට ඒ බව කියන්න.
#Life_Tips ♡ @LearnBits
1 305
ඔයාගෙ සතුටට බාධා කරන දේවල් කීපයක්
- තමන්ටම වෛර කරගැනීම
- අතීතය තුළම ජීවත් වීම
- සමාව දීමට නොහැකි වීම
- තමන්ව අගය නොකිරීම
- ඔයාව වෙන අයට පාලනය කරන්න ඉඩ දීම.
- ඔයා ගැන අනිත් අය කියන දේවල් පිළිගැනීම
- 100% පරිපූර්ණ මිනිසෙක් වෙන්න උත්සාහ කිරීම.
#Life_Tips ♡ @LearnBits
1 305
අතීතය දෙස බලා ඒ වෙනුවෙන් කෘතඥ වෙන්න.
අනාගතය ගැන සිතා බලාපොරොත්තු ඇති කරගන්න.
හැබැයි....,
වර්තමානයේ ජීවත් වෙන්න...
#Life_Tips ♡ @LearnBits
1 305
ඔයා අසමත් උනොත් , උත්සාහය අතහරින්න එපා.
F.A.I.L. කියන්නෙ ;
"First Attempt In Learning" කියන එකයි.
(ඉගෙනීමේ පළමු උත්සාහය)
අවසානය කියන්නෙ කිසිම වෙලාවක නැවතුමක් නෙවෙයි.
E.N.D. කියන්නෙ ;
"Effort Never Dies" කියන එකයි.
(උත්සාහය කිසිදා මිය නොයයි)
ඔයාට කාගෙන් හරි No කියන පිළිතුර ලැබුනොත් මතක තියාගන්න,
N.O. කියන්නේ;
"Next Opportunity" කියන එකයි.
(ඊළඟ අවස්ථාව)
ඉතින් අපි ධනාත්මක වෙමු.
#Life_Tips ♡ @LearnBits
1 305
ඔයා හොඳ ජීවිතයක් ගත කෙරෙන බවට ඇඟවෙන දේවල් කීපයක්.
- ඔයාට ඉන්න ගෙදරක් තියෙනවා.
- ඔයා අද කෑම කෑවා.
- ඔයාට හොඳ හදවතක් තියෙනවා.
- ඔයා අනිත් අයගේ සාර්ථකත්වය ගැනත් ප්‍රාර්ථනා කරනවා.
- ඔයාට බොන්න පිරිසිදු වතුර තියෙනවා.
- ඔයා ගැන හොයල බලන්න අය ඉන්නවා.
- ඔයාට හොඳ ඇඳුම් පැළඳුම් තියෙනවා.
- ඔයාට හීනයක් තියෙනවා.
- ඔයා නිදහසේ හුස්ම ගන්නවා.
අපිට හිතෙයි මේව නං මොනාද , හෙන පොඩි පොඩි ඒවනෙ කියල. නමුත් අපි හැමෝම දැනගන්න ඕනෙ , ලෝකෙ සමහර මිනිසුන්ට මේ දේවල් වත් නැහැ කියල. ඔයාට දැනටමත් තියෙන දේවල් ගැන සතුටු වෙන්න. ඔයාට තවම ලබාගන්න බැරි උන දේවල් ලබාගන්න මහන්සි වෙන්න.
#Life_Tips ♡ @LearnBits
1 305
ඔයා ගමන් කරන්නෙ කිසිම බාධාවක් නැති ගොඩක් සුන්දර මාර්ගයක නම් , ඒ මාර්ගයේ අවසානය හිස් තැනකි. ඒ මාර්ගයේ ගමන් කලා කියල ඔබට කිසිවක් ලැබෙන්නෑ.
ඔයා ගමන් කරන්නෙ ගොඩක් බාධක තියෙන කටුක මාර්ගයක නම් , පිළිගන්න... ඒ මාර්ගය අවසානයේ තියෙන්නෙ ඔයාගෙ ලොකුම හීනයක්.
- Frank A. Clark -
#Life_Tips ♡ @LearnBits
1 305
මේ දේවල් වලට ඔයා සමාව ගත යුතු නෑ.
1. කෙනෙකුට ආදරය කිරීම.
2. කෙනෙකුට "එපා" හෝ "බැහැ" කීමට.
3. ඔයාගෙ හීනය හඹා යෑමට.
4. ඔයා එක්කම කාලය ගත කිරීමට.
5. ඔයාගෙ ප්‍රමුඛතාවන්ට මුල් තැන දීමට.
6. නුසුදුසු සබඳතා අත්හැරීමට.
7. ඔයාගෙ අඩුපාඩු සහ දුර්වලතා වලට.
8. ඔයාගේ මතයේ රැඳී සිටීමට.
9. පිළිතුරු දිමට ප්‍රමාද වීමට.
10. සත්‍ය කතාබහ කිරීමට.
#Life_Tips ♡ @LearnBits
1 305
1. ඉලක්කයක් හිතාගන්න.
2. හැමදාම උදෙන්ම කොළයක් අරන් ඒක ඒ කොළයේ ලියන්න.
3. හැමදාම ඒ ඉලක්කය වෙනුවෙන් වැඩ කරන්න.
4. ඔයාගෙ ප්‍රගතිය දිනපතා විශ්ලේෂණය කරන්න.
#Life_Tips ♡ @LearnBits
1 305
ලෝකයේ ලාභම සහ හොඳම වෛද්‍යවරුන් හත් දෙනෙක් ;
- හිරු
- ජලය
- ව්‍යායාම
- භාවනාව
- ගැඹුරු නින්ද
- ප්‍රීතිමත් පවුල
- පෝෂ්‍යදායී ආහාර
#Life_Tips ♡ @LearnBits
1 305
ඔයාට විනෝදාංශයන් පහක් අවශ්‍යයි !
1. මුදල් ඉපයීමට එකක්
2. යහපත් සෞඛ්‍යයක් පවත්වාගැනීමට එකක්
3. නිර්මාණශීලීත්වය විදහා දැක්වීමට එකක්
4. දැනුම එක්රැස් කිරීමට එකක්
5. මනස සංසුන් කිරීමට එකක්
වර්තමානයේ ගොඩක් මිනිස්සු මේ අතරින් සිදු කරන්නේ 1 හෝ 5 පමණයි. සමහර විට අතරමැද එකක් කරනවා වෙන්න පුලුවන්. නමුත් ජීවිතයකට මේ පහම අවශ්‍යයි.
#Life_Tips ♡ @LearnBits
1 305
මානසිකව ශක්තිමත් වීම තුළින් ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද?
1. තනිකමට බය වෙන්න එපා. තනියම ඉන්න එක ඔයාගෙ දියුණුවට ලැබුණු අවස්ථාවක් හැටියට සලකන්න.
2. අතීතය ගැන ඕනෙවට වඩා හිතන්න එපා. අතීතය තුළ ජීවත් වෙන්නත් එපා.
3. ලෝකයා ඔයාට ණයගැතියි කියල හිතන් ඉන්න එපා. ලෝකයා මත යැපෙන්න හදන්නත් එපා.
4. ක්ශණික ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා.
5. සැලසුම් කරපු අවදානම් ගන්න බය වෙන්න එපා.
6. පළමු අසාර්ථක වීමෙන් පස්සෙ , සටන අතහරින්න එපා. විවේකයක් ගන්න. ඊට පස්සෙ ආපහු සටනට අවතීර්ණ වෙන්න.
7. වගකීම් පැහැර හරින්න එපා.
8. ඔයාගෙ වටේ ඉන්න සියලුම දෙනාව සතුටු කරන්න යන එක ගැන වදවෙන්න එපා.
9. අනිත් අයගේ සාර්ථකත්වය ගැන ඊර්ශ්‍යා කරන්න එපා. ඒක උත්තේජනයක් කරගන්න. ඔවුන්ට පුලුවන් නං මටත් පුලුවන් කියල හිතන්න.
10. අනිත් අයට ඔයාගෙ හැඟීම් වලට බලපෑම් කරන්න ඉඩ දෙන්න එපා.
11. ඔයා ගැනම දුක් වෙවී කාලය නාස්ති කරන්න එපා. මානසික පීඩනයකින් ඉන්නව නං මනෝවෛද්‍යවරයෙක් හම්බෙලා උපදෙස් ගන්න. කාලය නාස්ති කලා කියල ඒක හොඳ වෙන්නෑ.
12. ඔයාට පාලනය කරන්න බැරි දේවල් වලට බොරුවට ශක්තිය වැය කරන්න එපා.
#Life_Tips ♡ @LearnBits
1 305
ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්න උපදෙස් කීපයක්
1. ඔයා , ඔයාටම අවංක වෙන්න.
2. වෙන අය ඔයාට ආදරය කරන්න කියල කියන දේ නෙවෙයි , ඇත්තටම ඔයා ආදරය කරන දේ කරන්න.
3. ඔයාට ගැලපෙන වටපිටාවක් සහ පරිසරයක් නිර්මාණය කරගන්න.
4. ඔයාගෙ ආශ්‍රයට ඉන්න මිතුරන්ව පරිස්සමින් තෝරගන්න.
5. ධනාත්මක පුරුදු වර්ධනය කරගන්න. (පොත්පත් කියවීම , ඉගෙන ගැනීම)
6. සෘණාත්මක පුරුදු අතහරින්න. (සමාජ මාධ්‍යයන් තුළ හිස් දේවල් නැරඹීම)
7. අවිනිශ්චිතභාවය අඩුකරගන්න.
8. අනාගතයේ පසුතැවිලි නොවන ආකාරයේ තීරණ ගැනීමට පුරුදු වන්න.
#Life_Tips ♡ @LearnBits
1 305
ජීවිතේ අසාර්ථක වෙන්නේ කොහොමද?
ප්‍රශ්නයක් ආවම,
- පැමිණිලි කරනවා
- පසුතැවෙනවා
- කනස්සල්ලට පත් වෙනවා.
හැබැයි ඒ ප්‍රශ්නය විසඳීමට කිසිම උත්සාහයක් ගන්නැතුව ඔහේ බලන් ඉන්නවා.
ඒකට අපි කියනවා "අසාර්ථකත්වය" කියල.
#Life_Tips ♡ @LearnBits
1 305
ඔයා වෙන කාවහරි අනුගමනය කරල ඒ පුද්ගලයා වගේ වෙන්න යනව නං , යථාර්තය තුළ දවසක ඔයාගේ පැවැත්ම නැත්තටම නැතිවෙලා යනවා.
ඒ නිසා වෙන කවුරුත් වෙන්න යන්න එපා. ඔයා ඔයාම වෙන්න.
#Life_Tips ♡ @LearnBits
1 305
පෝසත් වෙනවා කියන්නෙ කියන්නෙ මුදල් වලින් විතරක්ම නෙවෙයි. තවත් ගොඩක් දේවල් වලින් පෝසත් වෙන්න පුලුවන්.
- සෞඛ්‍යය
- පවුල
- මානසිකත්වය
- සිනහව
- කුසලතාවන්
- නිදහස
- මතකයන්
- මිතුරන්
- අත්දැකීම්
- අවස්ථාවන්
- මානසික නිදහස
- සමීප පුද්ගලයන්
මුදල් වලින් වගේම , මේ දේවල් වලිනුත් පොහොසත් වෙන්න ඕනෙ. නියමම සාර්ථකත්වය කියන්නෙ අන්න ඒකටයි.
#Life_Tips ♡ @LearnBits
1 305
ඔයාට ඔයාගෙ සිහිනයන් ජයගැනීමට අත්‍යවශ්‍ය නම්,
1.තනිව සිටීමට සූදානම් වෙන්න. ළඟින්ම ඉන්න අයගෙන් පවා වෙන් වීමට සූදානමින් සිටින්න.
2. අන් අයගේ සැකයන් වලට භාජනය වෙන්න සූදානම් වෙන්න.
3. අන් අයගේ විවේඡනයන් වලට ලක් වීමට සූදානම් වෙන්න.
4. අන අය ඔයාට හිනාවෙනවා බලන්න සූදානම් වෙන්න.
5. අන් අයගේ හිත් තුළ ඔයා ගැන වැරදි මත ඇතිවෙනවා බලන්න සූදානම් වෙන්න.
6. බොහෝ මිනිසුන් අහිමි කරගැනීමට සූදානම් වෙන්න.
කැපකිරීමක් නොමැති තැනක සාර්ථකත්වක්ද නොමැති බව සිහියේ තියාගෙන , ඔයාගෙ හීන පසුපස හඹා යන්න.
#Life_Tips ♡ @LearnBits
