Learn Bits
Ir al canal en Telegram
Psychology 🧘♂ | Relationship 👩❤️👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo
Mostrar más1 305
Suscriptores
Sin datos24 horas
-97 días
-4230 días
Archivo de publicaciones
1 305
අනෙක් චැනල් වල අන්තර්ගතයන් සොරාගෙන, ඒවා තමන්ගේ චැනල් එකේ පළ කරන කෙනෙක්, එම චැනල් හිමියන්ට ලියන ලද ලිපියක්
ආදරණීය චැනල් හිමියනි,
ඔයාගෙ චැනල් එක මගෙ එකට වඩා ලොකුයි නම්, මම ඔයාගෙ පෝස්ට් හොරකම් කරන්නෙ ඔයාගෙන් පළිගන්න. කුඩා දුර්වල චැනල් එකක් විදිහට ඔයාගෙ ලොකු චැනල් එක පාගන් නැගිටින්න හිතාගෙන.
ඔයාගෙ චැනල් එක, මගෙ චැනල් එකට වඩා පොඩියි නම්, මම ඔයාගෙ පෝස්ට් හොරකම් කරන්නෙ, ඒක ජීවිතයේ සැබෑ ස්වරූපය නිසා. ශක්තිවන්තයා, දුර්වලයගෙ දේවල් බලෙන් ලබාගන්නවා. ඔයාට ඒකට කරන්න පුලුවන් දෙයක් නෑ.
ඔයාගෙ චැනල් එකත් මගෙ චැනල් එකේ තරමම නං, මම ඔයාගෙ පෝස්ට් හොරකම් කරන්නෙ, අපි එකම ලෙවල් එකේ සහෝදරයො වගේ නිසා. අපි හැමදේම බෙදාහදාගන්න ඕනෙ.
මමත් මේ පෝස්ට් එක උස්සල දාපු එකක්!
#Fun 😶🌫 @LearnBits
1 305
ගැටුමකට, 'ආතතියකින්' තොරව මුහුණ දෙමු.
🍓 හයියෙන් කෑගහන්න එපා. උස් ස්වර වලට මාරු වෙනව වෙනුවට, සන්සුන්ව කතා කරන්න උත්සාහ කරන්න.
🍓 අනෙකාට බාධා කරන්න එපා. එයාට එයාගෙ කරුණ නිදහසේ ඉදිරිපත් කරන්න දෙන්න. ඊට පස්සෙ ඒ ගැන මතවාද ඉදිරිපත් කරන්න. නැත්තං මේ ගැටුම, නිකංම නිකං කෝලහලයක් විතරක් වෙනව.
🍓 අනවශ්‍ය වචන (සැරපරුෂ වචන සහ අසභ්‍ය වචන) භාවිත කරන්න එපා.
🍓 ක්ෂණික තීරණ ඔස්සේ, නිසි දත්ත විශ්ලේෂණයකින් තොරව, විනිශ්චයන් ප්‍රකාශ කරන්න එපා. ඒකෙන් වෙන්නෙ ප්‍රතිවාදියව තවත් කුපිත වෙන එක විතරයි.
🍓 මුහුණේ ඉරියව් පාලනය කරගන්න. විශ්වාසය යුතු හැඟීම් පිරුණු මුහුණකින් ගැටුමට මුහුණ දෙන්න.
🍓 ප්‍රතිවාදියා ඔයාව කෝපයට පත් කරන ප්‍රකාශ එල්ල කළොත්, ඒව සාවදානව ඉවසන් ඉන්න. ගැටුම ඔයාට වාසිදායක විදිහට සිද්ධ කරන්න. නැතුව ප්‍රතිවාදියට වාසිදායක විදිහට නෙවෙයි.
🍓 සමහර අනවශ්‍ය හෝ ඵලක් නැතු ගැටුම් වලදි නිහඬව ඉන්න. හෝ එතනින් පිට වෙන්න. විවාදයට වඩා ඒක ඔයාගෙ ජීවිතයට යහපත් දෙයක් වේවි.
#Psycho_Facts 🍓 @LearnBits
1 305
RCW 120 කියන්නෙ පෘථිවියේ ඉඳල ආලෝක වර්ෂ 4300ක් විතර දුරකින් පිහිටල තියෙන, විශ්වයේ මුල් කාලීන තාරකා පිහිටුම් ගැන තොරතුරු සැඟවුන නිහාරිකාවක්. (නෙබියුලාවක්).
මේ නිහාරිකාව, පැයට කිලෝමීටර් 53,000 ක පමණ වේගයකින් විහිදෙනව. සහ මේක වැඩි වශයෙන්ම සමන්විත වෙන්නෙ හයිඩ්‍රජන් වායු වලාවලින් සහ දූලි වලාවලින්.
Additional - blog.nasa.org
X-ray (Chandra): NASA, CXC, Penn State/K. Getman, et al.;
Infrared (Spitzer): NASA, JPL
#Astronomy ✨ @LearnBits
1 305
ජපානයේ, ජාතික නිවාඩු දින දෙකක් අතර තියෙන දිනය හඳුන්වන්නෙ "kokumin no kyjitsu" කියල. ඒකෙ තේරුම තමයි, ජනතා නිවාඩු දිනය කියන එක.
ඒ කියන්නෙ, ඒ විදිහට ජාතික නිවාඩු දින දෙකක් අතර තියෙන තනි දිනයත්, නිවාඩු දිනයක් ලෙසම සලකනවා.
Additional - wikipedia.org
#Facts 💣 @LearnBits
1 305
ඔයාගෙ සිතුවිලි, පිරිසිදුව තියාගන්න. මොකද ඔයාගෙ සිතුවිලි තමයි 'වචන' විදිහට පිටවෙන්නෙ.
ඔයාගෙ වචන, පිරිසිදුව තියාගන්න. මොකද ඒ වචන වලින් තමා ඔයාගෙ 'හැසිරීම' විදහා පාන්නෙ.
ඔයාගෙ හැසිරීම්, පිරිසිදුව තියාගන්න. මොකද ඒ හැසිරීම් තමයි දවසක 'පුරුදු' බවට පත්වෙන්නෙ.
ඔයාගෙ පුරුදු, පිරිසිදුව තියාගන්න. මොකද ඒ පුරුදු තමයි ඔයාට 'වටිනාකමක්' දෙන්නෙ.
ඔයාගෙ වටිනාකම, පිරිසිදුව තියාගන්න. මොකද ඒ වටිනාකම තමයි ඔයාගෙ 'දෛවය' නිර්මාණය කරන්නෙ.
#Life_Tips 🦁 @LearnBits
1 305
ක්වොන්ටම් පැටළුම් සන්නිවේදනය - Quantum Entanglement Communication
සිංහල නම කියවන්න ගියාම විකාර වෙන නිසයි, ඉංග්‍රීසි නම කියවන්න ගියාම දිව පැටලෙන නිසයි, මම සරලව මේ නම, ලිපිය පුරාවට Q.E.C. කියල හඳුන්වන්නං.
Q.E.C. ගැන කතා කරන්න කලින් අපි බලමු ආලෝකයේ වේගය සහ අංශූන් අතර සම්බන්ධය ගැන.
අංශූන්ට ආලෝකයේ වේගයෙන් ගමන් කරන්න බැරිද?
FTL (Faster-Than-Light) කියන්නෙ, ආලෝකයට වඩා වේගයෙන් සන්නිවේදනය කිරීම සම්බන්ධ න්‍යායාත්මක යෙදුමක්. කොහොම උනත් අපි දන්නෙ, අයින්ස්ටයින්ගෙ සාපේෂතාවාදයට අනුව නං කිසිම ස්කන්ධයකට, ආලෝකයේ වේගයට වැඩි වේගයකින් ගමන් කරන්න බැහැ කියලනෙ.
හැබැයි ශුන්‍ය ස්කන්ධයක් විදිහට සලකන ෆෝටෝන වලට විතරක් මේ න්‍යාය වලංගුයි.
ඒත් අංශු භෞතික විද්‍යාඥයයෙක් උන, ජෙරල්ඩ් ෆයින්බර්ග් විසින් 1967 දි, ටැචියොන් (tachyon) කියල හඳුන්වන උපකල්පිත අංශුවක්, ආලෝකයේ වේගය ඉක්මවා යන බවට 'න්‍යායාත්මකව' පෙන්නල දීල තියෙනව.
ඒත් සංසිද්ධියක් විදිහට ඒ අංශුවේ පැවැත්මම, ස්වභාවධර්මයේ හේතුකාරකත්වයට පටහැනි වන නිසා සහ, ඔහුගේ ඒ න්‍යායට අනුව කාල තරණයත් කරන්න පුලුවන් ලේසි දෙයක් වගේ පෙනුන නිසා, විද්‍යාත්මක ප්‍රජාවගෙන් ඒ අංශුවට වැඩි සැලකිල්ලක් ලැබුනෙ නෑ.
ආලෝකයට වඩා වේගවත් කියන අදහස ගැන සරල අදහසක් දැන් ඔයාට ඇති. අපි ඊළඟට යමු අපේ ප්‍රධාන මාතෘකාව උන Q.E.C. දිහාවට.
මොකක්ද ඇත්තටම Quantum Entanglement Communication කියන්නෙ?
සන්නිවේදනයට සම්බන්ධ වෙන්න කලින් ක්වොන්ටම් පැටළුම ගැන සාකච්ඡා කරමු අපි. මේ අදහස (හෝ සිද්ධාන්තය) මුලින්ම ඉදිරිපත් කරන්නෙ අයින්ස්ටයින්, පොඩොලොස්කි සහ රොසන් විසිනුයි. එයාල මේ ක්වොන්ටම් පැටළුම විස්තර කලේ "දුරින් තියෙන භයානක ක්‍රියාවක්" කියල.
සරලවම කිව්වොත් ක්වොන්ටම් පැටළුම කියන්නෙ, එකිනෙකට අධික දුරකින් තියෙන අංශු දෙකක්, ඒ භෞතික දුර නොතකා එකිනෙක සමග බැඳිල තියෙනව කියන එකයි.
මේ විදිහට සම්බන්ධ වෙලා තියෙන (හෝ පැටළිලා තියෙන) ක්වොන්ටම් අංශු, දුර කුමක් උනත්, එක අංශුවකට බලපාන යම් තත්වයක් නිසා අනිත් අංශුවත් ඒකට ප්‍රතිචාර දක්වනවා. ඒක ආලෝකයේ වේගයෙන් වෙන බවට තමා පැවසෙන්නෙ.
සරලවම හිතන්නකො ඇපල් ගෙඩි දෙකක්, එකිනෙකට ගොඩක් ඈතකින් තියෙනව කියල. මම එක ඇපල් ගෙඩියක් එක තැනක ඉඳන් හපනවා. ඒ මොහොතෙම අනිත් ඇපල් ගෙඩියෙත් ඒ ස්ථානයම හැපීමට ලක් වෙනව.
දැන් අපි යමු සන්නිවේදනයට මේ කියන ක්වොන්ටම් පැටළුම භාවිත කරන්නෙ කොහොමද කියල.
ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව සම්බන්ධ නවීන විද්‍යාවේ අවබෝධයට අනුව නම්, අපිට මේ ක්වොන්ටම් පැටළුම, සන්නිවේදනයට යොදාගන්න බැහැ. මොකද සන්නිවේදනය කරනව කියන්නෙ දත්ත හුවමාරු කරන එකට. ක්වොන්ටම් පැටළුම තුළ, මේ අංශු දෙකේ එවැනි දෙයක් සිද්ද වෙන්නෙ නෑ (නූතන දැනුමට අනුව නම් නෑ).
හදිස්සියෙවත්, ක්වොන්ටම් පැටළුම් සන්නිවේදනය කියන සංකල්පය යථාර්ථයක් උනොත්, ඒක ඇත්තටම වඩාත්ම බලවත් සහ ආරක්ෂිතම සන්නිවේදන ක්‍රමයක් වෙනව.
ඇයි මේ ක්වොන්ටම් පැටළුම් සන්නිවේදනය වඩාත් ආරක්ෂා සහිත වෙන්නෙ?
වර්තමානයේ තියෙන බොහොමත් සන්නිවේදන පද්ධති, විවිධ ඇල්ගොරිතම භාවිතයෙන් බිඳ දාන්න හැකි ඒව බව අපි දැනටමත් දන්න දෙයක්.
වර්තමාන සන්නිවේදන පද්ධති වල තොරතුරු හුවමාරු වෙන්න Binary ක්‍රමයට. ඒ කියන්නෙ "0 සහ 1" කියන ද්විමය සංඛ්‍යා වලින්.
හැබැයි ක්වොන්ටම් සන්නිවේදනයට භාවිත කරන්නෙ කියුබිට්ස් (qubits) කියන, ක්වොන්ටම් තත්වයේ කේතකරණ ඒකකයක්. බොහෝ වෙලාවට, මේ සඳහා ෆෝටෝන තමයි භාවිත වෙන්නෙ.
ඊළඟට සලකන්න අවශ්‍ය දෙය තමයි මේ සන්නිවේදන ක්‍රමයේ වේගය. දැනටත් අඟහරු වලට යවපු රෝවර් එකකින් ලැබෙන තොරතුරක්, පෘථිවියට ළඟා වෙන්නෙ දින කිහිපයකට පස්සෙ. ඉතින් මේ ක්‍රමය දිගටම භාවිත කිරීම, විද්‍යාවේ දියුණුව පමා කරනවා.
නමුත් ක්වොන්ටම් පැටළුම් සන්නිවේදනය යොදාගෙන, ඒ සන්නිවේදනය ඇත්තටම ආලෝකයේ වේගයෙන් සිදු උනොත්, ඒ අදාළ දින ගණන මිනිත්තු ගණනකට අඩු කරගන්න හැකියාවක් අපිට තියෙනව.
ඉතින් මෙන්න මේ දේවල් තමයි ක්වොන්ටම් පැටළුම් සන්නිවේදනය සම්බන්ධව තියෙන මූලිකම කරුණු.
Additional : Quantum Entanglement (YT)
(වීඩියෝ එකේ සරලවම මේක පැහැදිලි කරනව. අවශ්‍ය නම් බලන්න / සන්නිවේදනය ගැන නෙවෙයි හැබැයි)
#Knowledge 🎏 @LearnBits
1 305
Repost from N/a
🔴 Sinhala Jokes_😂_ (Official) 🔴
°• Channel's Specials •°👇😌👇
💥 Daily Memes!
💥 New Memes!
💥 Funny Video!
💥 Best Quality!
🔹👆 මේවා අපෙන් විතරයි... 😌 🔹
🔥 දැන් ම අපත් සමඟ එක් වන්න...🔥
▫️☎️▫️Contact - @S_J_C_P
🔴 Sinhala Jokes_😂_ (Official) 🔴
1 305
දන් දෙන්න - හැබැයි ඔයාව භාවිත කරන්න ඉඩ දෙන්න එපා.
ආදරය කරන්න - හැබැයි ඔයාගෙ හදවත රිද්දන්න ඉඩ දෙන්න එපා.
විශ්වාස කරන්න - හැබැයි බොළඳ වෙන්න එපා.
ඇහුම්කන් දෙන්න - හැබැයි ඔයාගෙ හඬට වියැකෙන්න දෙන්න එපා.
#Life_Tips 🌷 @LearnBits
1 305
සම්බන්ධයක් ක්‍රමයෙන් වියැකිලා යන බව පෙන්වන සලකුණු
🍦 දෙදෙනා අතර සන්නිවේදනය ක්‍රම ක්‍රමයෙන් අඩු වෙලා යනව.
🍦 ක්‍රියාවන්, වචන වලට වඩා වෙනස් වෙනවා.
🍦 දෙදෙනාගේ ප්‍රමුඛතාවන් වෙනස් වෙනවා.
🍦 නිදහසට කරුණු ඉහළ යනවා.
🍦 කලින් කරපු නිදහස් කතාබහට වැඩිය, තර්ක කිරීම් වැඩි වෙනව.
🍦 සමීපත්ව හැඟීම වියැකිලා යනව.
🍦 අනෙකාව අගය කිරීමේ ගුණය නැති වෙනව.
🍦 ස්වයං උපකල්පන මත තීරණ ගැනීම ඉහළ යනව.
🍦 පෙරටත් වඩා "නැතිවීම" ගැන බය වෙනවා.
#Relationship_Tips ❤️🩹 @LearnBits
1 305
කොල්ලොන්ට නම් මෙයාගෙන් පරිස්සම් වෙන්නම වෙනවා🥲
මෙයා ගැන විතරක් නෙවෙයි තව ගොඩක් දේවල් ගැන දැනගන්න JOIN වෙන්න😚😌
1 305
Nebula (නෙබියුලා) - නිහාරිකා
නිහාරිකාවක් ˢᵉᵉ කියන්නෙ අභ්‍යවකාශයේ තියෙන යෝධ දූවිලි හෝ වායු වළාවකට. නිහාරිකාවක් නිර්මාණය වෙන ක්‍රම එකකට වඩා තියෙනව. සමහර නිහාරිකා නිර්මාණය වෙන්නෙ, සුපර්නෝවා පිපිරුම් වලින් මියයන තාරකාවලින් පිටතට විසි වෙන දූවිලි සහ වායු වර්ග වලින්.
අනෙක් නිහාරිකා පවතින්නෙ, තාරකා නිර්මාණය වෙන්න පටන් ගන්න දූවිලි සහ වායුමය කලාප ආශ්‍රිතවයි. ඒ දූලි වලාවන් වල ඇති වෙන ගුරුත්වාකර්ෂණික ඝට්ටන නිසා, නිහාරිකා මධ්‍යයේ ඇති ද්‍රව්‍ය වල උෂ්ණත්වය ඉහළ ගිහිල්ල, ඒ ද්‍රව්‍යන් ප්‍රාථමික තරුවක් (proto-star) බවට පත් වෙනව. ඒකෙන් තමා අවසානයට තාරකා නිර්මාණය වෙන්නෙ
නිහාරිකාවක් සාමාන්‍යයෙන් හමුවෙන්නෙ තාරකා අතර අවකාශය තුළයි. මේ අවකාශයට අපි කියන්නෙ interstellar space කියල. දැනට හොයාගෙන තියෙන පෘථිවියට වඩාත්ම ආසන්න නිහාරිකාව තමයි "Helix nebula" ˢᵉᵉ කියන්නෙ. ඒක අපි මුලින්ම කතා කරපු මියගිය තාරකාවකින් ඇති උන සුන්බුන් වලින් හැදුන දූලි වලාවක්.
#Astronomy | @LearnBits
1 305
අපේම මානසික දුර්වලතා නිසා අපිට ගෙවන්න වෙන වන්දිය
ස්වයං විනයක් ගොඩනගාගැනීම, මූලික සංකල්ප දෙකකින් සමන්විතයි. ඒ, දුර්වලකම සහ එයට ලබාදෙන දඬුවම.
ඒක එච්චර පැහැදිලි නැත්තං මම මෙහෙම උදාහරණයක් කියන්නං. හිතන්න ඔයාට ඕනෙ ඔයාගෙ බර අඩු කරගන්න. ඉතින් ඔයා ජිම් එකකට ගිහිල්ල ව්‍යායාම කරනව. හැබැයි, එක දවසක ඔයාට ආසාවක් එනව හොඳ ලොකු කේක් කෑල්ලක් කන්න. අන්න ඒ ඔයාගෙ ආසාව නිසා, ඔයාට සිද්ද වෙනව තවත් අමතර වෙලාවක් ජිම් එක තුළ ව්‍යායාම කරන්න.
තවත් නිදසුනක් ගමු අපි. ඔයාගෙ ඉලක්කය ලොකු වෙලා හොඳ තැනකට යන එක කියල හිතන්න. ඔයා ඒ වෙනුවෙන් මහන්සි නොවී, ඔයාගෙ ආශාවන් නිසා උදේ ඉඳල රෑ වෙනකං මේ වගේ චැනල් වල උඩ පහළ ගිහිල්ල වෙලාව නාස්ති කරනව කියල හිතන්න.
ඔයාට ඔයාගෙ ඒ ආශාව නිසා ගෙවන්න වෙන වන්දිය තමයි, ඔයාගෙ ජීවිතයේ ඉදිරි කාලය ඔයා හිතපු තරම් සතුටුදායක නොවී දුෂ්කර වෙන එක.
ස්වයං විනයක් ගොඩනගාගැනීම කියන්නෙ ඔයාගෙ මේ දුර්වලතා (මානසික ආශාවන්) ඔයාගෙ ජීවිතයට සුදුසු විදිහට පාලනය කරගන්න එකටයි.
ඔයා ඒ දුර්වලතා දිගටම පවත්වගෙන යනවනං, ඔයා හැමදාම එකම ලෙවල් එකක හිරවෙන බව සිහියේ තියාගන්න.
#Psycho_Facts | @LearnBits
1 305
It's been a One Year! ✨
We are delighted to celebrate our first anniversary with you, our valued subscribers. You have been with us through thick and thin, and we appreciate your loyalty and support. You are the reason we exist, and we are committed to providing you with the best content and knowledge possible. Thank you for choosing us and for being part of our journey. We hope to see you around for many more years.
We would appreciate it if you could share your valuable feedback, suggestions and grievances regarding our channel in the comments section.
#LearnBits
1 305
පෘථිවිය මත ජලය පවතින්නෙ මොන ආකාරයෙන්ද? සහ එහි ප්‍රතිශත මොනවද?
පෘථිවි සමස්ථ ජල ප්‍රමාණයෙන්, ආසන්නව 98%ක් විතරම තියෙන්නෙ මුහුදේ, මුහුදු ජලය විදිහට. ඉතින් ගොඩක් වෙලාවට මේ ජලය පානය කරන්න අපහසුයි.
ඉතුරු 2%, පානය සුදුසු නැවුම් ජලය විදිහට තියෙනවා. හැබැයි ඒ අතරිනුත් 1.6%ක් ම ධ්‍රැවාසන්න ප්‍රදේශ වල ග්ලැසියර් ලෙසයි පවතින්නෙ.
ඒ වගේම සමස්ථ ජල ප්‍රමාණයෙන් 0.36% ක්, භුගත ජලය විදිහට පවතිනවා. මේ ජලය පානයට සුදුසුයි. අවසානයට 0.036%ක ජල ප්‍රමාණයක් විල් වල සහ ගංගා වල පවතිනවා.
#Facts | @LearnBits
1 305
වලාකුළු දිවියාගේ භයානක සුන්දරත්වය
වලාකුළු දිවියා, එහෙමත් නැත්තං Clouded Leopard කියන්නෙ, භූතානය, ඉන්දියාව සහ චීනය ආශ්‍රිත ඝන නිවර්තන වනාන්තර වල ජීවත් වෙන, රතු දත්ත පොතට අනුව 'වඳවීයාමේ අවදානමට ලක්විය හැකි' දිවියන් විශේෂයක්.
කාලගුණ විපර්යාස වලටත් වඩා, මේ දිවි විශේෂට ලොකුම තර්ජනයක් ඇති කරන්නෙ මිනිස් දඩයක්කරුවන් විසින්. වළාකුළු දිවියගෙ හම අලංකාර වලාකුළු වැනි රටා වලින් යුක්තයි. ඒ නිසා, සමහර මිනිස්සු මේ වලාකුළු දිවියන්ගෙ හම භාවිත කරල ලෝගු සහ ඇඳුම් නිර්මාණය කරනව.
ඒ වගේම සාම්ප්‍රදායික චීන වෛද්‍ය ප්‍රතිකාර වලට මේ දිවි විශේෂයේ මාංශ භාවිත කරනව.
මියන්මාරය තුළ 1991 ඉඳල 2006 දක්වා ගතවුන කාලය තුළ, මිනිසා විසින් මරා දමපු වලාකුළු දිවියන් 279කට වැඩි ප්‍රමාණයක් හම්බවෙලා තියෙනව.
Scientific classification :
- Domain: Eukaryota
- Kingdom: Animalia
- Phylum: Chordata
- Class: Mammalia
- Order: Carnivora
- Suborder: Feliformia
- Family: Felidae
- Subfamily: Pantherinae
- Genus: Neofelis
- Species: N. nebulosa[1]
Additional - wikipedia.org
#Animalia | @LearnBits
1 305
Repost from 𝗠𝗢𝗩𝗜𝗘𝗦 𝗣𝗟𝗔𝗡𝗘𝗧 〽️✈️
🎭 [ 𝗠𝗼𝘃𝗶𝗲𝘀 𝗣𝗹𝗮𝗻𝗲𝘁 ]™ 🎭
😌 අලුතින් Release වෙන Movies හොය හොය රස්තියාදු වෙනවා ද 🤝
👑 එක ම චැනල් එකකින් ඔයාලට අවශ්‍ය Movies ලබා ගත හැකිය 🐾
🍁 බල බල ඉන්න දෙයක් නැ පහල තීන බොත්තම ඔබලා Join වෙන්න 🌝
🔥 ලංකාවේ මෙහෙම සත්කාරයක් කරන්න චැනල් හදන්න අපි ම ඉන්න ඕන 😎
1 305
ඇයි සමහර මිනිස්සු K-Pop සංස්කෘතියට මෙච්චර ඇලිල ඉන්නෙ?
මේ ලිපිය කියවන ඕනෙම කෙනෙක් k-pop ගැන අහල ඇති. (Korean pop music). ඒක අහල නැත්තං BTS සංගීත කණ්ඩායම ගැන අහල ඇතිනෙ. එයාල අයත් වෙන්නෙත් මේ කියන k-pop කාණ්ඩයට.
ඉතින් අපි කතා කරන්නෙ ඒ සංගීත කණ්ඩායම ගැන නෙවෙයි. සමහර මිනිස්සු, ඇයි මේ තරම් ඒවට ඇලිල ඉන්නෙ කියන කාරණය ගැනයි. විශේෂයෙන්ම සෝශල් මීඩියා වල සංසරණය වෙන සමහර පෝස්ට් දැක්කම, ඒව ඇත්තක්ද බොරුවක්ද කියල හිතාගන්න බැරි තරමටම අමුතුයි. ඇත්ත හෝ බොරු හෝ අපි බලමු මේ වගේ සංසිද්ධි වලට බලපාන මානව මානසික තත්වය ගැන.
මේ තත්වයට කියන්නෙ Parasocial interactions කියල. ඒ කියන්නෙ හරියට ඒක-පාර්ශ්වික ආදරයක් වගේ.
හැබැයි ඊට වඩා වෙනස්. මොකද මෙතනදි මිනිස්සු මානසිකව බැඳෙන්නෙ සහ තමන්ගෙ චිත්තවේගීය ශක්තිය, උනන්දුව යොමු කරන්නෙ "මාධ්‍ය පෞර්ෂයකට" මිසක් ඇත්තම පුද්ගල පෞර්ෂයකට නොවෙන නිසයි. උදාහරණයකට මිනිස්සු කැමති ස්ටේජ් එක උඩ සිංදු කියන පුද්ගලයට මිසක්, ඒ කෙනාම පාරෙ නිදාගෙන ඉන්නවට නෙවෙයි.
K-Pop කියන සංකල්පය ගොඩනැගෙන්නෙ මෙන්න මේ Parasocial interactions කියන මානසික සංසිද්ධිය මතයි. හිතන්න ඔයා youtube එකෙන් fb එකෙන් හෝ වෙනත් ආකාරයකින් නිරන්තරයෙන්ම ඒ ඒ ප්‍රසිද්ධ ගායකයන්ව නරඹනකොට, ඒ අයගෙ සම්මුඛ සාකච්ඡා බලනකොට, ඒ අයගෙ කොන්සර්ට් වල 'Behind-The-Scenes' බලනකොට, ඔයාට හිතෙන්න ගන්නව ඔයා ඒ අයව හොඳට දන්නවා, ඔයාට ඒ අය එක්ක යම් අමුතු සම්බන්ධයක් තියෙනව කියල. කොටින්ම කිව්වොත් brain wash කිරීමක්.
හැබැයි යථාර්ථය තුළ ඒ ගායකයන්, ඔයා ඉන්නව කියලවත් දන්නෑ. අන්න ඒකයි මම කිව්වෙ මේක ඒක-පාර්ශ්වික ආදරයක් වගේ කියල.
මිනිස්සු k-pop ගායකයන්ගෙ සාමාන්‍යය ජීවිතය ගැනවත් හරිහැටි නොදැන ඇයි ඉතින් මෙහෙම මානසිකව ඒ අයට බැඳෙන්නෙ කියන ප්‍රශ්නය අපි ගොඩක් දෙනෙක්ට හිතිල ඇති.
ඒකට හේතු කීපයක් තියෙනව. එකක් තමයි ඒ අයගෙ පෙනුම, අංග චලනයන් සහ කටහඬ. k-pop සංස්කෘතියට වහ වැටිල ඉන්න බහුතරයක් ශ්‍රී ලාංකිකයන් කුඩා වයස් වල ගැහැණු ළමයි. (අවු. 20ට අඩු). මේ වයස තමයි රූපය, හැසිරීම, කටහඬ ආදී බාහිර සාධක අනුව මිනිස්සු මනින කාලය.
අනිත් කාරණය තමයි k-pop සංස්කෘතිය තුළ තියෙන fandom හෝ fan army/fan base කියන විවිධ ප්‍රේක්ෂක කණ්ඩායම්. ලස්සන නමක් තියෙන, ෆෑන් ගෲප් එකකට එකතු උනාම, ඇත්තටම මිනිස්සුන්ට හිතෙනව තමන් ඒ එකතු උනේ අද්විතීය දෙයකට කියල. සහ k-pop ගායකයොත් වරින් වර ඒ ඒ ෆෑන් බේස් වල නම් කියල සෝශල් මීඩියා වල කතා කරනකොට, ප්‍රේක්ෂකයන්ට හිතෙන්නෙ ඔවුන් ඒ කතා කරන්නෙ පෞද්ගලිකව තමන්ට කියල.
ඒ වගේම විවිධ ගායකයන් social media වල live එන එකත් ඇත්තටම ප්‍රේක්ෂකයන්ගෙ ආකර්ෂණය දිනන වැඩක්. පැය පහක විතර live එකක් බැලුවට පස්සෙ ප්‍රේක්ෂකයන්ගෙ හිතට යන්නෙ, ඒ අය දවසම අදාළ ගායකය එක්ක ජීවත් උනා වගේ හැඟීමක්. සාමාන්‍යය ජීවිතයේදි අපි කැමති කෙනෙක් එක්ක චැට් කළොත් හෝ කෝල් එකක් ගත්තොත් අපිට හිතෙනවනෙ ඒ ගෙවපු කාලය 'කෝටියක්' වටිනව කියල. ආන්න ඒ සිතුවිල්ලෙම විකෘතික ස්වභාවයක් ගැන තමයි මම මේ කිව්වෙ.
තවත් බාහිර කාරණා තිබ්බත් අවසාන වශයෙන් මම කතා කරන්නං k-pop ගායකයන් නිකුත් කරන photocards, music posters වගේ අයිතම ගැන. මිනිසා කියන්නෙ කොහොමත් විවිධ දේවල් එකතු කරන්න කැමති කෙනෙක්. ඉතින් මෙතනදි වෙන්නෙත්, k-pop artist ල නිකුත් කරන මේ සුලු සුලු ද්‍රව්‍ය නිසා, ප්‍රේක්ෂකයන් තවත් ඒ දිහාට ඇදෙන එක. අපි ගේම් එකක් ගහනකොට උනත්, coins දීල විවිධ දේවල් අරගන්නවනෙ. අන්න ඒ වගේ හැඟීමක්/අරමුණක් අර ප්‍රේක්ෂකයන් තුළත් ඇතිවෙනව.
Parasocial interactions කියන මානසික සංසිද්ධිය ඇතිවෙන්නෙ ගොඩක් වෙලාවට වැඩි සමාජ ආශ්‍රයක් නැති, දුර්වල පෞර්ෂයක් තියෙන හෝ සමාජයෙන් ප්‍රතික්ෂේප වුන අය. මම කියන්නෑ k-pop lovers ල හැමෝම එහෙමයි කියල. නමුත් බහුතරයක් එහෙමයි.
Parasocial interactions කියන සංසිද්ධිය ගොඩක්ම දරුණු අතට හැරුනම තමයි, ඔය සමහර මිනිස්සු තමන් කැමති ගායිකාව හෝ ගායකයාව පැහැරගන්න උත්සාහ කරනව කියල පුවත් ඇහෙන්නෙ.
ඉතින් ඔයාටත් මේ වගේ සුලු සුලු හැඟීම් පහළ වෙන්න පටන් අරන් නං තියෙන්නෙ වහාම යහපත් සමාජ ආශ්‍රයක් පටන් ගන්න. සංගීතය රසවිඳින ගමන්, ගායකයන්ට ආදරය කිරීමයි, පදනම් විරහිත ලෙස ගායකයන් කෙරෙහි මානසිකව බැඳෙන එකයි අතර ලොකු පරස්පරබවක් තියෙනව. ඒ වෙනස තේරුම් ගන්න පුලුවන් තරමට මනස නිරවුල් කරගන්න.
(කිසිඳු ගායකයෙක්ට, කණ්ඩායමකට, ප්‍රේක්ෂකයෙක්ට හෝ ප්‍රේක්ෂක කොටසකට අපහාසයක් වනු පිණිස රචනා කරන ලද්දක් නොවේ)
#Psycho_Facts | @LearnBits
1 305
ඔපනංවාගත යුතු ස්වයං රැකවරණ කුසලතා තුනක්
1. අනිත් අයගෙ ගැටලු වලට සවන් දෙන්න; හැබැයි ඒ ගැටළු විසඳන එක ඔයාගෙ වගකීමක් නොවන බව සිහියෙ තියාගන්න.
2. උණුසුම් වචන හුවමාරුවකින් පස්සෙ හෝ කාර්යබහුල දිනයක් ගෙව්වට පස්සෙ, ඒ දවස ඉවර වෙන්න කලින් ඔයාගෙ වියැකිලා ගිය මානසික ශක්තිය ආපහු ජනනය කරගන්න හුරුවෙන්න.
3. ඔයාගෙ අභ්‍යන්තර සිතුම් පැතුම් වලට අභියෝග කරන්න; ඔයයි, සිතුම් පැතුම් පාලනය කරන්න ඕනෙ. නැතුව සිතුම් පැතුම්, ඔයාව පාලනය කරන්න නෙවෙයි.
#Life_Tips | @LearnBits
1 305
අවසාන කෙළවරක් නැති මේ අරුම පුදුම අපූරු විශ්වයේ සිදු වෙන, සිදු වුනු විශ්මිත දේවල් ගැන දැනගන්න කැමතියිද?🤓. එහෙනම් ඔයා 🫵 Join වෙන්නම ඕන Channel එකක් තමයි මේක😁.
1000 කටත් වැඩි පිරිසක් සමග ඔබ නොදුටු මේ විශ්වයේ අපූරු දෑ දැන ගන්න📖, අනෙක් අයත් එක්ක බෙදා ගන්න🤝 එන්න මේ පැත්තට☝️.
Astronomy Facts නම් ඉතින් "✨ World is in your hand 🔭" ම තමයි 😎.
t.me/World_is_in_your_hand
t.me/World_is_in_your_hand
t.me/World_is_in_your_hand
