Learn Bits
Ir al canal en Telegram
Psychology 🧘♂ | Relationship 👩❤️👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo
Mostrar más1 305
Suscriptores
Sin datos24 horas
-97 días
-4230 días
Archivo de publicaciones
1 305
"රසදිය" ස්වභාවික පරිසරය තුළ හම්බෙනවද?
කෙටි පිළිතුර : ඔව්. පිරිසිදු මූලද්‍රව්‍යමය රසදිය, අකාබනික රසදිය සංයෝග සහ කාබනික රසදිය සංයෝග හැටියට ස්වභාවයේ රසදිය පවතිනවා.රසදිය සාමාන්‍යෙන් පෘථිවි පෘෂ්ඨයේ පාෂාණ වල, ගල් අඟුරු නිධිවල ආදියේ ස්වභාවිකව හමුවෙනවා. ඒක පිරිසිදු මූලද්‍රව්‍යමය ස්වරූපයෙන් පවතින්නත් පුලුවන්, එහෙමත් නැත්තං කාබනික හෝ අකාබනික සංයෝග හැටියට පවතින්නත් පුලුවන්. ඉස්සර QuickSilver කියල හඳුන්වපු, ස්වභාවිකව පවතින මූලද්‍රව්‍යමය රසදිය, කාමර උෂ්ණත්වයේ ද්‍රවයක් හැටියට හැසිරෙනවා. මේවටම තමා Metallic Mercury හෝ Elemental mercury කියන්නෙත්. මේ වර්ගයේ තියෙන විශේෂත්වය තමයි, මේව වෙනත් මූලද්‍රව්‍ය එක්ක එකතු වෙලා සංයෝග නොසාදා තිබීම. සරලවම පිරිසිදු රසදිය හැටියට හඳුන්වන්න පුලුවන්. නමුත් ගොඩක් වෙලාවට රසදිය ස්වභාවිකව පවතින්නෙ අකාබනික සංයෝග හැටියටයි. ක්ලෝරීන්, සල්ෆර් වගේ මූලද්‍රව්‍ය එක්ක එකතු වෙලයි, රසදිය මේ වගේ අකාබනික සංයෝග හදන්නෙ. දැනට ස්වභාවයේ හමුවෙන සුලබතම කාබනික රසදිය සංයෝගය වෙන මෙතිල් මර්කරි කියන්නෙ, ක්ෂුද්‍රජීවි ක්‍රියාවලි වලින් (anaerobic bacteria) නිපදවන (හෝ අකාබනික රසදිය, කාබනික රසදිය බවට පරිවර්තනය කරන) දෙයක්. මේ උඩ කිව්ව ආකාර තුනේම රසදිය, විවිධ ක්‍රියාකාරකම්, ප්‍රතික්‍රියාවන් ආදිය නිසා වාතයට විමෝචනය වෙන්නත් පුලුවන්. ඉතින් හරියට ගත්තොත්, වාතයෙත් අල්ප මාත්‍රයක් හෝ ස්වභාවිකව රසදිය අංශු හම්බෙනව. #Knowledge
1 305
ආදර ජීවිතය ගැන තිත්ත උනත් සත්‍ය කරුණු කීපයක්
🌷 අපේ ජීවිතයට සහයෝගිමත් සහකරුවෙක් අවශ්‍යයි. එහෙම නැත්තං සහකරුවෙක් නොසිටිය යුතුයි. චුට්ටක් හොඳ චුට්ටක් නරක කියල ඔප්ශන් එකක් අවශ්‍ය නෑ.
🌷 ඔයාගෙ සහකරුවට ඔහුගේම හෝ ඇයගේම අඩුපාඩු කියන්න තේරෙන්නැත්තං හෝ ඒව ගැන දැනුවත් නැත්තං, ඒ අයට ඔවුන් ගැනවත් නිසි අවබෝධයක් නෑ. එහෙම කෙනෙක්ගෙන් ඔයාව අවබෝධ කරගනී කියල බලාපොරොත්තු වෙන්න එපා.
🌷 හොඳම පළිගැනීමේ ක්‍රමවේදය තමයි, තවදුරටත් පළිගැනීම් ගැන තැකීමක් නොකරන තැනට පත් වීම.
🌷 සම්බන්ධතාවක් දිගු කාලයක් තිබ්බ පමණින් ඒක හොඳ සම්බන්ධතාවක් වෙන්නෙ නෑ. හැමදාම තියේවි කියල කියන්නත් බෑ.
🌷 ආත්මගරුත්වයක් ඇතිවෙන්නෙ ස්වයංපාලනය තුළින්.
🌷 ඔයාට හිතෙනව නං ඔයාගෙ සතුට තියෙන්නෙ වෙනත් තැනක කියල, ඔයා ඒ හිතන සතුට කවදාවත් ඔයා ගාවට එන්නෑ. මුලින් තමන්ගෙ ඇත්ත සතුට හොයාගෙන ඉන්න.
#Relationship_Tips
1 305
ජපානයේ ගොඩක් පාසල් වල, අධ්‍යාපන පද්ධතිය තුළ දෙවන ලෝක යුද්ධය ගැන උගන්නන්නෙ අතිශය සංස්කරණය කරපු තොරතුරු කීපයක් විතරයි.
සරලවම, 'යුද්ධය නරකයි' කියන සංකල්පය උලුප්පල පෙන්වනව මිසක් දෙවන ලෝක යුධ සමයේ ජපානයේ මැදිහත් වීම් බහුතරයක් ඒ රටේ සිසුන්ට පාසල් වලින් ඉගෙන ගන්න හැකියාවක් නෑ.
#Facts
1 305
Psychology facts | 🇱🇰
ආදරය ගැන මනෝවිද්‍යාත්මක කරුණු...❤️
Overthinking කියන්නේ මොකක්ද...🙂💔
ලෝකයේ වැඩිම මානසික අවපීඩනයෙන් පෙළෙන්නේ....💔
Love එකක් නැතුව තනිකඩව ඉන්නේ කොහොමද....😌🔥
ඔබේ ආදරණීයයාට අවශ්‍ය තෑග්ග කුමක්දැයි සොයා ගන්නේ කෙසේද ?....👀❤️🎁
ඔබ දන්නවාද ? චොකලට් මඟින්....😁🍫
මේ වගේ මනෝවිද්‍යාත්මක කරුණු ගොඩක් දැනගන්න ඔයත් කැමතිද 😎❤️
එහෙනම් දැනුම සහ පුදුම දෙවල් ගවේශකනය කරන්න අපිත් එක්ක එකතු වන්න 🧠❤️
කරුණාකර දැනුම සොයන්නන් පමණක් එකතු වන්න 😌🌎🔥
join now 👇👇👇
Psychology facts | 🇱🇰
1 305
මානසිකව සමබර පුද්ගලයන් තුළ දක්නට ලැබෙන ලක්ෂණ කීපයක්
- ඔවුන් අනිත් අයට ගරු කරනව. අන් අයගේ ජයග්‍රහණයන් පිළිබඳව
- ඔවුන්, ඔවුන් ගැනම පුරසාරම් දොඩවන්නෑ.
- ඔවුන් සෑමවිටම සැමටම සිනහවෙන් සංග්‍රහ කරනවා. සහ සතුටින් ජීවත් වෙනවා.
- ඔවුන් අනෙකාට කතා කරන්න ඉඩ ලබාදෙනවා. හොඳ සවන් දෙන්නන්.
- ඔවුන් තමන්ගේ සතුට වෙනුවෙන් වෙන යම් කෙනෙක්ට අගෞරව කිරීම්, පහතට හෙළා කතා කිරීම්, සමච්චල් කිරීම් කරන්නෙ නැහැ.
- ඔවුන් අනිත් අයට උදව් කරනවා. ඔයාට උදව්වක් ඕනෙ උන ඕනෙම වෙලාවක, ඔවුන් ඔයා එක්ක ඉන්නවා.
- ඔවුන් අනිත් අයට දෙන උපදෙසක්, හිතල බලල සැලකිල්ලක් ඇතුව සහ වගකීමක් ඇතුව දෙන උපදෙස්.
- ඔවුන්, ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට අදාළ ගෞරවය ලබා දෙනවා.
- ඔවුන්, සාර්ථකත්වය අත් කරගැනීම සඳහා අනිත් අයවත් පොළඹවනවා.
#Psycho_Facts
1 305
මොකක්ද මේ Intranasal Tooth කියන්නෙ?
සරලවම, මේ කියන්නෙ 'නාස් මාර්ගය තුළ වර්ධන වූ දත්' ගැන. (බ්‍රවුසර් එකක මේ නම ගහල සර්ච් කරල image section එක බලන්න)
සමහරවෙලාවට, සමහර පුද්ගලයන්ගෙ නාස් කුහරය තුළටත් දත් වර්ධනය වෙනව. (සුලබ තත්වයක් නෙවෙයි).
මේ වගේ අසාමාන්‍ය ස්ථානයක දත් වර්ධනය වීමේ ප්‍රතිඵලයන් විදිහට, ස්වසනයට බාධා වීම්, මුහුණේ වේදනාවන්, හිසේ කැක්කුම්, නාසයෙන් රුධිරය ගැලීම්, නිරන්තරයෙන් නාස් කුහරයෙන් දියර ගැලීම් (සොටු ආදිය), වගේ තත්වයන් ඇති වෙන්න පුලුවන්.
සම්පූර්ණ ශල්‍යකර්ම මගින් මේ වගේ වර්ධනය වෙන දත් ඉවත් කිරීමෙ හැකියාවක් තියෙනව.
මේ තත්වයට නිශ්චිතම වන හේතුවක් තාම හොයාගෙන නැති උනත්, වාර්තාගත දත්ත අනුව ඒකට හේතුකාරක කීපයක් අඳුනගෙන තියෙනව.
ඒ, ජානමය ලක්ෂණ, කම්පනයන්, ශරීර පටක තුළින් ඇතිකරන අසාමාන්‍ය ප්‍රතිචාරයන්, දත් වර්ධන කාලසීමා තුළ වන බාධාවීම්, පැතළි තල්ලක් සහිත වීම, සාමාන්‍ය සංඛ්‍යාවට අමතරව වර්ධනය වෙන දත් ආදියයි.
Additional :
- ajnr.org
- edjent.org
- sciencepublishinggroup.com
- pubmedcentral
#Knowledge
1 305
Good morning, Good afternoon, Good evening, Good night. මේවා කියන්න ඕනෙ මොන වෙලාවල් වලටද?
Good morning - මධ්‍යහ්න 12 (දවල් 12) දක්වා භාවිත කරනවා.
Good afternoon - මධ්‍යහ්න 12 ඉඳල ඉර බැසගෙන යන වෙලාව දක්වා භාවිත කරනවා.
Good evening - ඉර බැස ගියාට පසුව භාවිත කරනවා.
Good night * - මේක පිළිගැනීමේ පාඨයක් නෙවෙයි. සමුදීමේ පාඨයක්. ඉර බැස ගියාට පස්සෙ (රෑට) යම් කෙනෙක්ට සමුදෙනකොට, යම් තැනකින් පිටත් වෙනකොට හෝ නිදාගන්න යනකොට භාවිත වෙනවා.
#English
1 305
සම්බන්ධයක් තුළදි, ඔබගේ සහකරුවා ඔබව පාලනය කරන්න හදනවද කියල දැනගන්නෙ කොහොමද?
🦉 එයාලා, ඔයාට දැනෙන වරදකාරී හැඟීම් උපයෝගී කරගෙන ඔයා ලවා විවිධ වැඩ කරගන්නවා.
🦉 එයාලා ඇත්තටම අදහස් නොකරන දේවල් කියලා ඔයාව වර්ණනා කරනවා.
🦉 ඔයා, එයාලා කරපු වැරැද්දක් ගැන ඇහුවම, එයාල ඒකට හේතු දැක්වීමක් හෝ සමාව ගැනීමක් නොකර, ඔයා අතීතයේ කරපු වැරැද්දක් අල්ලන් ප්‍රශ්නය මග හරිනවා.
🦉 එයාලා ඔයා කියන හැමදේම ඔයාට විරුද්ධව පාවිච්චි කරනවා. ඔයාගෙ කටින්, ඔයා ඇත්තටම අදහස් නොකරපු දෙයක් හදිසියේ පිට උනත්, එයාලා ඒ දේ අර්ථය විකෘති කරමින් ඔයාට විරුද්ධව පාවිච්චි කරනවා. අවසානයේ ඔයා වැරදිකාරයා වෙලා සමාව ඉල්ලනවා
🦉 ඔයා එයාලට ඕනෙ දේවල් කලේ නැත්තං එයාල හරි රළු විදිහට ඔයාව පැත්තකට කරනවා. සමහරවිට ඒ දේ දෙනකංම ඒක එහෙමම තියෙනව.
🦉 එයාලා ගොඩක් නරක දේවල් ඔයාට කියනවා. ඒත් පස්සෙ කියනවා විහිළුවට කිව්වෙ කියල. හෝ ඔයාගේ සංවේදිතාවට වැරද්ද පටවනවා. හෝ ඔයා එයාලව වැරදියට තේරුම් අරන් කියනවා.
#Relationship_Tips
1 305
✦ පියයුරු පිළිකා ඇතිවීමට හේතුව මොකක්ද?
මේ තත්වයට නිශ්චිතවම හේතුවක් තාමත් හොයාගෙන නෑ. විවිධ හෝමෝන අසමතුලිතතා, පාරිසරික සාධක, ජාන සැකැස්ම සහ ජීවන රටා ආදිය නිසා පියයුරු පිළිකා ඇතිවීමේ අවධානම වැඩි වෙනව කියල හොයාගෙන තිබ්බත්, ඒ මුකුත් නැතුවත් සමහරුන්ට පෙනහළු පිළිකා ඇතිවෙන්නෙ ඇයි කියන කාරණය ගැන තාම හරියට සඳහන් කරන්න බැහැ.
පියයුරු පිළිකාවක් ආරම්භ වෙන්නෙ, පියයුරු පටකයේ තියෙන සෛල වල DNA අනුක්‍රම වෙනස් උනාමයි. සාමාන්‍ය සෛල වල DNA මගින් ලබාදෙන උපදෙස් වලට වඩා වෙනස් උන උපදෙස්, මේ අසාමාන්‍ය සෛල වල DNA වලින් ලබාදෙනවා.
ඒකෙ ප්‍රථිඵලයක් හැටියට, අසාමාන්‍ය ගුණන වේගයක් සහ අක්‍රමික සෛල ස්කන්ධයක් පියයුරු පටකය තුළ නිර්මාණය වෙනවා. මෙන්න මේ හැදෙන සෛල ස්කන්ධය තමා පිළිකාවක් කියල හැඳින්වෙන්නෙ. මේ ගැන වැඩි විස්තර, අපි කළින් පළ කරපු පිළිකා සම්බන්ධ දීර්ඝ ලිපියෙන් කියවන්න මෙතනින්.
පියයුරු පිළිකාවට හේතු වෙන වෙනස්කම් ගොඩක් වෙලාවට ඇතිවෙන්නෙ, ක්ෂීර නාල වල තියෙන සෛල වලයි.
✦ පියයුරු පිළිකා සඳහා අවදානම් සාධක
1. පියයුරු පිළිකා සම්බන්ධ පවුල් ඉතිහාසයක් තිබීම.
ඔයාගෙ පවුලෙ යම් කිසි කෙනෙක්ට පියයුරු පිළිකාවක් ඇති වෙලා තියෙනව නං, මේ සඳහා ඔයාගෙ අවදානම් තත්වය ඉහළ යනවා. ඒ වගේම ඔයාගෙ පවුලෙ සාමාජිකයන් කීප දෙනෙක්ට මේ තත්වය ඇති වෙලා තියෙනව නං අවදානම තවත් වැඩී.2. පියයුරු පිළිකා පිළිබඳ පෞද්ගලික ඉතිහාසයක් තිබීම.
ඔයාට මීට කලින් එක පියයුරක පිළිකා තත්වයක් ඇතිවෙලා තියෙනව නං, අනික් පියයුරට පිළිකා තත්වයක් ඇතිවීමේ අවදානම සාපේක්ෂව ඉහළ යනවා.3. පියයුරු අසාමාන්‍යතා පිළිබඳ පෞද්ගලික ඉතිහාසයක් තිබීම.
පියයුරු වල ඇතිවෙන සමහර අසාමාන්‍යතා, පිළිකා තත්ව ගැන පෙරදැනුම් දීමක් කරනවා. මීට කලින් LCIS හෝ hyperplasia තත්ව සඳහා මුහුණ දුන් කෙනෙක්ට, පිළිකා ඇතිවීමෙ අවදානම වැඩියි.4. අඩු වයසින් ඔසප් චක්‍රය ආරම්භ වීම
අවු. 12ට කලින් ඔසප් චක්‍රය ආරම්භ වීම, පියයුරු පිළිකා අවදානම ඉහළ දානවා.5. ආර්තවහරණය ප්‍රමාද වීම.
වයස අවු.55න් පසුව ආර්තවහරණය ඇතිවීමත් පියයුරු පිළිකා අවදානම වැඩි කරනවා.6. ස්ත්‍රියක් වීම.
පුරුෂයන්ට වඩා ස්ත්‍රීන්ට මේ තත්වය ඇතිවෙනවා. (සංඛ්‍යා විද්‍යාත්මක සාධක වලට අනුව). කොහොම උනත් ඕනෙම කෙනෙක්ට පියයුරු පිළිකා ඇතිවෙන්න පුලුවන්.7. ඝණ පියයුරු පටක තිබීම.
ඝන පියයුරු පටක තියෙනකොට මැමෝග්‍රෑම් පරීක්ෂාවකින් පිළිකා තත්ව ගැන හොයාගන්න අපහසු වෙනවා. සහ අවදානම ඉහළ දමනවා.8. වැඩි වයසකින් පළමු දරුවාට උපත ලබාදීම.
වයස අවු.30න් පස්සෙ පළමු දරුවා බිහි කිරීම පියයුරු පිළිකාවක් ඇතිවීමට යම් තරමකට දායක වෙන සාධකයක්.9. එක්වරක්වත් ගැබ් නොගැනීම.
එක වරක් හෝ කීප වරක් ගැබ්ගැනීම පියයුරු පිළිකා අවදානම අඩු කරනවා. එක වරක්වත් ගැබ් නොගැනීම එය වැඩි කරනවා.10. අපට ලැබෙන සමහර පාරම්පරික ජාන
සමහර ජානවල ක්‍රියාකාරිත්වය, පියයුරු පිළිකා අවදානම ඉහළ යන්න හේතු වෙනවා.11. වයසට යාම. 12. මත්පැන් පානය කිරීම 13. ස්ථුලතාව 14. විකිරණ වලට නිරාවරණය වීම. 15. හෝමෝන චිකිත්සක ඖෂධ ලබාගැනීම. ✦ පියයුරු පිළිකා අවදානම අඩු කරන්න මොනවද කරන්න පුලුවන්? 1. පියයුරු පිළිකා පරීක්ෂාවන් ගැන දැනුවත් වෙන්න. ඒ පරීක්ෂාවන් සඳහා යොමුවෙන්න. 2. ස්වයං පියයුරු පරීක්ෂාව පිළිබඳ ඉගෙන ගන්න. එතකොට ඔයාටම ඔයාගෙ පියයුරු නිතිපතාම පරීක්ෂා කිරීම කරගන්න පුලුවන්. හදිසි අසාමාන්‍යතාවක් දැනුනොත් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න. 3. මධ්‍යසාර/මත්පැන්/සිගරට් ආදිය හැකිතාක් අඩු කරන්න. හැකි නම් සම්පූර්ණයෙන්ම නවතා දමන්න. 4. මාසෙකට හැකිතාක් ව්‍යායාම වල නිරත වෙන්න. අවම වශයෙන් දිනකට මිනි.30 බැගින් දවස් 20ක් වත් මාසයකට ව්‍යායාම වල නිරත වෙන්න. 5. අත්‍යවශ්‍යම විට ඇරෙන්න, හෝමෝන චික්ත්සාවලින් ඈත් වෙන්න. විවිධ හෝමෝන අසමතුලිතතා වලට නිකරුණේ ලක් වීමෙන් වළකින්න. 6. දේහ බර පාලනය කරගන්න. ස්ථුලතාවට පත් නොවෙන්න වග බලා ගන්න. නිරෝගී ආහාර රටාවක් අනුගමනය කරන්න. 7. පියයුරු පිළිකාවක් ඇතිවීමේ අධික අවදානමක් තියෙනව නං, අදාල ශල්‍යකර්ම සඳහා යොමු වීම හෝ නිවාරණ ඖෂධ ලබාගන්න. #Personal_Care #Knowledge
1 305
පියයුරු පිළිකා, ආශ්‍රිත කරුණු ආදීය ගැන දැනගනිමු
✦ හැඳින්වීම
පියයුරු පිළිකාවක් කියන්නෙ සරලවම, පියයුරු පටක වල ඇතිවෙන අසාමාන්‍ය සෛල වර්ධන තත්වයක්. සාමාන්‍යෙන් පිළිගන්න දේ තමයි, සම ආශ්‍රිත පිළිකා තත්ව වලට පස්සෙ ලෝකෙ වඩාත්ම සුලබ වෙන්නෙ මේ පියයුරු පිළිකා කියන කාරණය.
සහ මේක කාන්තාවන්ට විතරක් සීමා උන තත්වයක් නෙවේ. අපි හැමෝගෙම ලිංග භේදයකින් තොරවම පියයුරු පටක පිහිටනවා. ඉතින් ඕනෙම පුද්ගලයෙක්, පියයුරු පිළිකාවකට ගොදුරු වීමේ අවදානමක් තියෙනවා.
වර්තමානය වෙනකොට පියයුරු පිළිකා වලට දීලා තියෙන සුවිශේෂී අවධානය නිසා, මේ තත්වයෙන් මියයන අයගෙ සංඛ්‍යාව වේගයෙන් අඩු වෙමින් පවතිනවා. ලංකාව ඇතුලු ගොඩක් රටවල් වල, පියයුරු පිළිකා සම්බන්ධව මූලික දැනුවත් කිරීම් කිරීමත් ඒ හරහා රෝගී තත්වය කලින්ම හඳුනා ගැනීමත් යන කාරණා නිසා රෝගීන්ව මරණයෙන් බේරාගැනීමෙ හැකියාව වැඩිවෙලා තියෙනවා.
✦ මේ තත්වය ආශ්‍රිත රෝග ලක්ෂණ
- අවට ප්‍රදේශ වලට වඩා වෙනස් ලෙස දැනෙන ගැටිත්තක් හෝ සමේ ඝන වූ පෙදෙස් පියයුරු ආශ්‍රිතව ඇතිවීම.
- තනපුඩු ගිලාබැසීම හෝ සමතලා තත්වයට පත් වී තිබීම.
- ඇඟේ අනිත් තැන් වල සමට වඩා පියයුරු වල සමේ පාට වෙනස් වී තිබීම. (සුදු සමක් සහිත අයගේ පියයුරු රෝස හෝ රතු පැහැ වීම. දුඹුරු හෝ කළු සමක් ඇති අයගේ පියයුරු, දම් හෝ තද රතු වැනි තද පැහැයට හැරීම.)
- පියයුරු වල හැඩය ප්‍රමාණය හෝ පෙනුම කෙටිකාලයක් තුළ වෙනස් වීම.
- පපුවේ සමෙහි විවිධ ගිලාබැසීම් වැනි පැල්ලම් ඇති වීම.
- පියයුරු වල සම කොරපොතු ආකාර වීම, සම ගැලවී යාම, සම ඝන වීම.
✦ වෛද්‍ය උපදෙස් ලබාගන්න ඕනෙ මොන වගේ අවස්ථාවකදි ද?
ඔයාගෙ පියයුරු වල අසාමාන්‍ය ගැටිති ඇති වෙලා නම් හෝ ඉහත සඳහන් කලා වගේ යම්කිසි වෙනසක් පෙනෙන්නට තියෙන නං, හැකි ඉක්මනට වෛද්‍ය උපදෙස් ලබාගන්න යොමු වෙන්න. අවධානමට පෙර සූදානම කෝකටත් හොඳයි...!
1 305
Bits...!
✦ චැනල් එකේ පෝස්ට් වලට ආපහු comment දාන්න පුලුවන්. ✦ පුලුවන් නං LearnBits QA බොට් ට දාපු ප්‍රශ්න ආපහු පාරක් යොමු කරන්න.- Admin
1 305
ඔයා දන්නවද 1914 දි Charlotte May Pierstorff කියන කුඩා දැරිවියව, ඔවුන්ගේ දෙමව්පියන් විසින් පාර්සල් තැපෑල හරහා ඇයගේ මිත්තනියගේ ගෙදරට යැව්වා කියල..?
මේකට හේතුව ඒ කාලයේ, කෝච්චි ටිකට් එකක් අරන් ඒ ගමන යනවට වඩා පාර්සල් තැපෑල හරහා ඇයව ගමනාන්තයට යවන එක ගොඩක් ලාභදායි වෙලා තියෙනවා.
හැබැයි වැරදියට තේරුම් ගන්න එපා. ඇයව ලොකු පෙට්ටියක දාලා "බඩුවක්" වගේ නෙවෙයි තැපැල් කලේ. ඇය සාමාන්‍ය විදිහටම "ලියුමක්" ලෙස සලකල මුද්දරය ඇයගෙ කබායේ අලවල තියෙනව.
මේ සිදුවීමෙන් පස්සෙ, තැපැල් සේවාව හරහා මිනිසුන් හෝ සජීවි දේවල් මේ විදිහට තැපෑල හරහා ප්‍රවාහනය කිරීම තහනම් කරලා තියෙනවා. ඒත් ඒ කාලෙ කුකුළන්ට සහ මී මැස්සන් තැපෑල හරහා ප්‍රවාහනයට දිගටම අවසර ලැබිලා)
#History
1 305
🇱🇰 𝘼/𝙇 𝘽𝙞𝙤 𝘼𝙥𝙞🧬
25/26 අවුරුද්දේ BIO වලින් AL කරන Studentsල වෙනුවෙන්ම වෙන් වූ එකම Telegram චැනලය✌
23 ,24 A/L කරපු අයියලා අක්කලා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ඔයාලට උදව් කරන්න. ❤
ඒ වගේම ඔයාලට අපේ Channel එකෙන් 👇
▫️️Class notes
▪️Quiz pool
▫️️Past Papers
▪️Resources Book
▫️️Study tips
▪️Motivation
වගේ දේවලුත් අපේ channel එකෙන් ගන්න පුලුවන්.
ඉතින්, ඔයාලත් අපිත් එක්ක Join වෙන්න කැමති නම් පහළ 👇👇තියෙන Linksවලින් Join වෙන්න.
1.Telegram Official Channel Link = https://t.me/+-syw5aJRWJQ2MmY1
2.Telegram Discussion Group Link = https://t.me/Notes_By_Kavee_Discussion_Group
1 305
මොනාද මේ කාළගුණ පුවත් වලින් අපිට කියන අඩුපීඩන කලාප සහ අධිපීඩන කලාප?
මේක ඉතින් විස්තර කරන්න දේකුත් නෑ නේද. අඩු පීඩන කියන්නෙ පීඩනේ අඩුයි, අධි පීඩන කියන්නෙ පීඩනය වැඩි. එච්චරයි 💅...
එහෙම නෙවෙයි. අපි තව ටිකක් ගැඹුරට මේ ගැන කතා කරමු.
සාමාන්‍යෙන් පහළ වායුගෝලීය පීඩනය දවසින් දවස වගේම දවසක් තුළත් නොසෑහෙන්න වෙනස් වෙනව. ඉතින් මේ වෙනස් වීම් තුළ තමයි අඩු පීඩන සහ අධිපීඩන කලාප පද්ධති ඇති වෙලා, ඒකෙන් අපේ කාලගුණයට යම් බලපෑමක් වෙන්නෙ.
අඩු පීඩන කලාප
අඩු පීඩන කලාපයක, ඒ අවට ප්‍රදේශ වලට වඩා, කලාපයේ මධ්‍යයේ පීඩනය සැලකිය යුතු තරම් අඩුවෙලයි තියෙන්නෙ. ඔයාල දන්නවනෙ වායු ගමන් කරන්නෙ පීඩනය වැඩි තැනක ඉඳල පීඩනය අඩු තැනටනෙ.
ඉතින් මේ විදිහට හැදෙන පීඩනය අඩු මධ්‍යය ප්‍රදේශයට, වටෙන්ම වාතය ගලාගෙන ඇවිල්ලා ඒ ඔක්කොම මධ්‍යයේ ඉඳන් ඉහළට ගමන් කරනවා. වාතය මේ විදිහට ඉහළට යනකොට ඒ වාතයේ මුසුවෙලා තියෙන ජලවාෂ්ප ඝණීභවනය වෙලා, වලාකුළු හෝ කෙලින්ම වර්ෂාව ඇති කරනවා.
දැන් මේ මැදට එක එක දිශාවලින් ගලාගෙන එන වාතය, පෘථිවි භ්‍රමණය නිසා ඇති වෙන Coriolis ආචරණයට ලක් වෙලා කැරකෙන්න පටන් ගන්නවා. ඔයාල දැකල ඇති ටීවි එකේ කුණාටුවක් පෙන්නනකොට (අර මැප් එකට උඩින් කැරකෙන එක) ඒක භ්‍රමණය වෙනව කියලයි පෙන්නන්නෙ. ආන්න ඒක තමා මේ උඩ කිව්ව Coriolis ආචරණයෙන් කරන්නෙ.
Coriolis ආචරණය ගැන මේ වීඩියෝ එකේ යම්තාක් දුරට කියල දෙනවා. මේ ආචරණය නිසා අඩු පීඩන කලාප වල සුළඟේ දිශාව, සමකයෙන් උතුරට නං වාමාවර්ථව සහ සමකයෙන් දකුණට නං දක්ෂිණාවර්ථව කියල සකස් වෙනවා.මේ වගේ අඩුපීඩන පද්ධතියක් සාමාන්‍යෙන් නිරූපණය වෙන්නෙ රතු පාට ලේබල් වලින්. අපි අත්විඳින සුළි කුණාටු, වර්ෂා වගේ ගොඩක් දේශගුණික විචලන වලට ගොඩක් වෙලාවට හේතු වෙන්නෙ මේ අඩු පීඩන කලාපයි. අධි පීඩන කලාප අධි පීඩන කලාප කියන්නෙ, අවට ප්‍රදේශ වලට වඩා වායු පීඩනය ගොඩක් ඉහළ මධ්‍යය ප්‍රදේශයක් සහිත කලාප වලට. මෙතනදි වෙන්නෙ පීඩනය වැඩි මධ්‍යයේ ඉඳන්, වටේටම වාතය විසිරිලා යන එකයි. (පීඩනය වැඩි මධ්‍යයේ සිට පීඩනය අඩු අවට ප්‍රදේශ වලට). එතකොට මධ්‍යයේ ඇති වෙන වාතයේ අඩුව සම්පූර්ණ කරන්න, මධ්‍යයට ඉහළින් තියෙන වාතය පහළට ගලාගෙන එනවා. කාලගුණ සිතියමක මේ වගේ කලාප පෙන්නුම් කරන්නෙ නිල් පාටින්. අධි පීඩන කලාප වල සුළං චක්‍ර ඇති වෙන්නෙ අඩු පීඩන කලාප වල ඇති උන ආකාරයට ප්‍රතිවිරුද්ධවයි. සහ, අධි පීඩන කලාප වල වෙන වාත විසිර යාම නිසා, සාමාන්‍යෙන් අධි පීඩන කලාප සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ වළාකුළු වලින් තොර දීප්තිමත් වියළි ස්වභාවයක් ගන්නවා. #Knowledge
1 305
🕊️SeVeNWiNgS🪽
Subscribe to my channel. For those who subscribe to my channel.
මගේ චැනල් එකට සෙට් වෙන්න. මගේ චැනල් එකට සෙට් වෙන ඔයාට.
♥️Tiktok
☺️Whatsapp status
🥰New Romantic Movies
🤗Couple Wallpapers
😇Couple Photos
@SeVeNWiNgS24🪽
පහළ ලින්ක් එකෙන් ජොයින් වෙලා සෙට් වෙන්න.Join and join from the link below.
1 305
ගොඩක් අය සෘණාත්මක අසත්‍ය පුවත්, සත්‍ය කරුණු වලටත් වඩා ඉහළින් පිළිගන්නෙ ඇයි?
දැන් කාලෙ තාක්ෂණය සමග ජීවත් වෙන අපිට Fake News එකක් කියන්නෙ හුස්ම ගන්නව වගේ සාමාන්‍ය දෙයක්. මොකද රටේ ලෝකේ ඒ තරමටම මේ කියන Fake News නිර්මාණය වෙනවා.
ඒත් ඔයා හිතල බැලුවද මේ වගේ බොරු පුවත් වලින් ඔයාගෙ විනිශ්චය කිරීමේ හැකියාවට මොන වගේ බලපෑමක් කරනවද කියල? ඔයා කොච්චර තෝරලා බේරලා ඇත්ත දේවල් කියවන්න හැදුවත්, ඔයාට පුලුවන්ද බොරුවක් බොරුවක් විදිහටම එක පාර දකින්න?
ඉතින් අපි අද කතා කරමු ඒ ගැන. මේ පෝස්ට් එක පදනම් වෙන්නෙ මනෝවිද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද නවතම අධ්‍යයනයක් මතයි.
(දැන් එක පාරම ඒක පිළිගන්න එපා. පොඩ්ඩක් හොයල බලන්න ඒකත්)
මෙතනදි කරල තියෙන්නෙ, මිනිසුන් කීප දෙනෙක්ව කණ්ඩායම් දෙකට බෙදලා, ඒ කණ්ඩායම් දෙකට එකිනෙකට ප්‍රතිවිරුද්ධ (ධනාත්මක හා සෘණාත්මක) කරුණක් දැනුම් දීපු එකයි.
මෙහෙමයි මේ කරුණ සකස් වෙලා තිබ්බෙ. ජර්මන් රෝහලක් "අඩුම මරණ අනුපාතයක් ඇති" රෝහල හැටියට එක කණ්ඩායමකට දැනුම් දුන්නා. (කණ්ඩායම A)
අනිත් කණ්ඩායමට කිව්වා ඒ රෝහලම "ඉහළම මරණ අනුපාතයක් තියෙන ජර්මනියෙ සවුත්තුම රෝහල" කියලා. (කණ්ඩායම B)
දැන් ඔයාලට පේනවා A කණ්ඩායමට ධනාත්මක පුවතක් හා B කණ්ඩායමට සෘණාත්මක පුවතක් පරීක්ෂකයො විසින් ප්‍රකාශ කරල තියෙන්නෙ.
ඊළඟට, මේ කණ්ඩායම් දෙකටම පරීක්ෂකයො කිව්වා, "අපි ඔයාලට කලින් කිව්වෙ බොරු. මේ රෝහලේ ඇත්ත තත්වය, අපි ඔයාලට කිව්ව දේට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුධ දේයි" කියල.
දැන් මොකක්ද උනේ?
මේක හොඳ රෝහලක් කියල හිතන් හිටපු A කණ්ඩායම ඉක්මනට තමන්ගෙ මනස වෙනස් කරගත්තා මේක නරකම රෝහලක් කියල. (ධනාත්මක බොරු පුවතක්, සෘණාත්මක සත්‍ය පුවතක් උනා)
හැබැයි ප්‍රශ්නය උනේ ඊළඟ කණ්ඩායමෙයි. මේක නරකම රෝහලක් කියල හිතන් හිටපු B කණ්ඩායම, මේ රෝහල හොඳයි කියල පිළිගන්න එච්චර කැමති වෙලා නෑ. (සෘණාත්මක බොරු පුවතක්, ධනාත්මක සත්‍ය පුවතක් උනා/උනේ නෑ)
දැන් තේරෙනව නේද...!
සෘණාත්මක අසත්‍ය පුවතක් අපේ මනසට ඇතුළ් උනාට පස්සෙ, කොච්චර සත්‍ය කරුණු හමුවේ උනත් අපි ඒ සෘණාත්මක අදහස වෙනස් කරගන්න එච්චර කැමැත්තක් දක්වන්නෙ නෑ. මේ කාරණය අපේ විනිශ්චය දැක්වීමට සෘජුවම බලපාන දෙයක්.
සෘණාත්මක පුවතක් සාමාන්‍යෙන් ඉලක්ක කරන්නෙ මිනිස්සුන්ගෙ චිත්තවේග ආශ්‍රිත සිතුවිලි. ඒ නිසා, ඇත්ත කරුණු පෙන්නල දුන්නත් අපේම සිතුවිලි නිසා, ඒ සෘණාත්මක පුවතෙ බලපෑම සම්පූර්ණයෙන්ම නැති කරන්න හරි අමාරුයි.
අපිට කරන්න පුලුවන් එකම දේ, හැම දේම බැලන්ස් එකේ දකින අහන එක විතරයි. ඕනෙවට වඩා දේවල් විශ්වාස කරන්නවත්, අවිශ්වාස කරන්නවත් යන්න එපා. මනස ඒ තත්වයට දියුණු කරගන්නව කියන්නෙ, ඒක ලස්සන නිදහස් ජීවිතයකට හොඳ හැරවුම් ලක්ෂ්‍යයක් වේවි...!
#Psycho_Facts
1 305
මොනාද මේ ballistic missile (BM) (බැලස්ටික් මිසයිල) කියන්නෙ?
බැලස්ටික් මිසයිලයක් කියන්නෙ සරලවම, පුපුරණ ද්‍රව්‍ය සහිත යුධ හිසක් (warhead) යම් නිශ්චිත ඉලක්කයක් කරා ගමන් කරවීමට, ප්‍රක්ශේපන චලිතය යොදාගන්නා මිසයිල වර්ගයක්.
බැලස්ටික් මිසයිලය ඉලක්ක කරන දුර අනුව, විවිධ ආකාර වල බැලස්ටික් මිසයිල වර්ග තියෙනවා උදාහරණයකට SRBM නොහොත් Short-range ballistic missiles කියන්නෙ, කෙටි දුර බැලස්ටික් මිසයිල වලට. ඒ වගේම දැනට තියෙන දිගම ඉලක්ක සීමාවක් සහිත බැලස්ටික් මිසයිල වලට කියන්නෙ intercontinental ballistic missile (ICBM) නොහොත් අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල කියලා.
මේ විදිහට පොදුවේ විවිධ වර්ග වල බැලස්ටික මිසයිල තියෙනවා. 1) Tactical ballistic missile (TBM): 300Km ට අඩු ඉලක්ක දුරක් සහිත 2) Short-range ballistic missile (SRBM): 300Km-1000Km ඉලක්ක දුරක් සහිත 3) Medium-range ballistic missile (MRBM): 1000Km-3500Km ඉලක්ක දුරක් සහිත 4) Intermediate-range ballistic missile (IRBM): 3500Km-5500Km ඉලක්ක දුරක් සහිත 5) Intercontinental ballistic missile (ICBM): 5500Km ට වඩා ඉලක්ක දුරක් සහිත. මහද්වීපික තරණයට භාවිත කරනවා.#Knowledge
1 305
ඔයාට කාටවත් කියා ගන්න බැරුව හිතේ හිර කරන් ඉන්න ප්‍රශ්න වලට උත්තර හොයමු🤗
ඔයාගේ පුද්ගලික රහස්‍යභාවය 100% ආරක්ෂිතයි✊
1 305
ශ්‍රී ලංකාවේ නවවන විධායක ජනපති ධූරයට තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතාට අපගේ උණුසුම් සුභ පැතුම්...! පාලන බලය ඔස්සේ ඔබගේ කාර්යභාරය නිසි ලෙස සහ විනිවිදභාවයකින් යුතුව ඉටු කරනු ඇති බවට අප ඔබ කෙරෙහි විශ්වාසය තබන්නෙමු. එමෙන්ම හෙටින් ඇරඹෙන නව අනාගතය, ක්‍රියාවෙන් සේම සිතුම් පැතුම් වලින් ද "පුනරුද සමයක්" බවට පත් කිරීමට ශ්‍රී ලංකා වාසී අප සැම වග බලා ගමු...! - Drg No -@LearnBits
1 305
මොකක්ද මේ දෙවනි මනාපය...?
(හිටපු මැකෝට අනුව)
A, B, C, D, E කියන අපේක්ෂකයො පස් දෙනෙක් ඉන්නවා. මේ පස් දෙනාට ඡන්ද 100ක් බෙදිලා යනවා.
A-40 B-35 C-15 D-6 E-4
දැන් කාටවත් 50% නෑ. ඒ නිස දෙවනි මනාපය ගනිනව. මෙතනදි A B කියන අපේක්ෂකයො දෙන්නව ඉතුරු කරල අනිත් අයව තරඟයෙන් හලනවා.
ඊළඟට එයාලා C අපේක්ෂකයගෙ ඡන්ද ටික ආපහු අරගන්නවා. (තෙවනියට වැඩිම ඡන්ද තියෙන කෙනාගෙ)
දැන් C ට පළමු මනාපය පළ කරල තියෙන ඒවගෙ, දෙවනි මනාපය A හෝ B ලෙස ලකුණු කරල නං, ඒ ඡන්දය Aට හෝ Bට ලැබෙනවා. Cට විතරක් කතිරෙ ගහල නං, දෙවනි තෙවනි මනාප ලකුණු කරල නැති නම්, C ගෙ ඒ ඡන්ද මේ දෙවනි මනාප ගැනිල්ලට ගන්නෙ නෑ.
හදිස්සියෙවත් C ට පළමු මනාපය සහ දෙවන මනාපය D හෝ E ට දීල තියෙනව නං, D හෝ E ට ඒ ඡන්ද ලබා දෙන්නෑ. එයාල තරඟයෙන් අයින් කරල ඉවරයි. හැබැයි ඒ ඡන්ද වල පළමු හෝ දෙවන මනාපය හැර, තෙවන මනාපය ආපහු A ට හෝ B ට දීල තියෙනව නං ඒ තෙවනි මනාපය Aට හෝ Bට ඡන්දයක් ලෙස එකතු කරනව.
මේ සීන් එකෙන් පස්සෙ පළමු, දෙවන තෙවන මනාප වල ඡන්ද එකතුවෙන් 50% ගන්න කෙනා ජනපති වෙනව.
හැබැයි දෙවනි තෙවනි මනාප එකතු කලාට පස්සෙත් 50% ගන්න බැරි උනොත්, වැඩිම ඡන්ද සංඛ්‍යාවක් හිමි කෙනාට ජනාධිපති ධූරය හිමිවෙනවා.
#Social_Mid #Knowledge
@LearnBits
